text
stringlengths
1
589k
කවදහරි පුතාව ඉදිරියට ගෙන එන්න එයාගේ ලොකු බලාපොරොත්තුවක්‌ තිබුණා. පුතා කැමැති වුණේ වෘත්තියෙන් ගුවන් නියමුවෙක්‌ වෙන්න. ඒ නිසාම විජය පුතාව පිටරට යවලා ඒ ගුවන් නියමු අධ්‍යාපනය ලබා දීලා අවශ්‍ය කරන බලපත්‍රයත් අරන් දුන්නා. පුතාට ඕන වෙලාවක පිටරටක රස්‌සාව කරන්න පුලුවන්. ඒත් දුව ඉන්නෙත් පිටරටමනේ. ඒ නිසා විජය හිතුවා පුතාට ලංකාවේ ගුවන් සේවයක රැකියාව ලබා දීලා අපි ළඟම තියාගන්න. පුතා ඉතින් ඉදිරියේදී රැකියාවෙත් කාර්ය බහුල වේවි. ඒත් අපේ නිර්මාණ නිසා පුතාට හැකි දින වකවානු සකස්‌ කරගන්න හැකි වේවි.
පුතා මීට කලින් රඟපාලා තියෙනවාද?
ඔව්. වෘෂභ රාජ, කුස පබාවතී මීට කලින් රඟපෑවා. අනෙක පුතාට රඟන්න, ගී ගයන්න, නර්තනය, බෙර වාදනය, විදුලි ආලෝකය, වේදිකා පරිපාලනය, හැම දෙයක්‌ම කරන්න පුලුවන්. වයස අවුරුදු අටේ ඉඳලාම පුතා තමයි පිටරට දර්ශනවලදී විදුලි ආලෝකය, වේදිකා පරිපාලනය කළේ. විජයගේ හැම නාට්‍යයකම වගේම විජය රඟපාන සමහර පිටස්‌තර නාට්‍යවලත් වේදිකාව පසුපස ඉඳගෙන බෙර වාදනය කළේ පුතා. තාත්තාගේ හැකියාවන් ඒ විදිහටම පුතාට පිහිටලා තියෙනවා. විජය මේ තරම් දුරක්‌ ආවේ අත්දැකීම් වලින්. පුතාත් අත්දැකීම් ලබමින් ඉදිරියේදී පරිණත වේවි.
විජය නන්දසිරිගේ රසිකයන්ට යමක්‌ කියන්න තියෙනවද?
ඔව්. එයාට ආදරය කළ රසිකයන් හුඟාක්‌ හිටියා. අදත් ඒ ආදරය ඒ විදිහමයි. විජයවත් හිතුවේ නෑ මෙතරම් රසික පිරිසක්‌ එයාට ඉන්නවා කියලා. ඒ වගේ රසික පිරිසක්‌ හිටියා විජය කුමාරතුංගයන්ටත්. විජයගේ රසිකයන්ට වයස්‌ බේදයක්‌, ජාති බේදයක්‌, බුද්ධි මට්‌ටම් බේදයක්‌ නෑ. වැඩිහිටියාගේ සිට පුංචි දරුවා දක්‌වාම, කම්කරුවාගේ සිට සිවිල් නිලධාරියා දක්‌වාම විජයට ඇලුම් කළා. ඒත් කනගාටුයි කියන්න විජය නන්දසිරි වගේ දක්‍ෂයෙකුට ලැබිය යුතු ගරුත්වය නම් බොහෝ අවස්‌ථාවල ලැබුණේ නෑ. නොලැබුණු දේට දුක්‌වෙලා ඵලක්‌ නෑනේ. විජය අභියෝගවලට හරියට මුහුණ දුන්නු කෙනෙක්‌. දැඩි ආත්ම ශක්‌තියකින් හිටියේ. විනයානුකූල හැසිරීමක්‌ තිබුණා. කලාව ඇදහුවේ දේවත්වයෙන්. වෙලාවට වැඩ කළා. පුදුමාකාර පෞරුෂයක්‌ තිබුණා. ඒක පෙර පිනක්‌.
දැන් ඔබ අධ්‍යක්‍ෂවරියක්‌ වෙලා. මේ අත්දැකීම කොහොමද?
විජයගෙන් මම ලබාගත් අත්දැකීම් හා ගුරුහරුකම් එයාගේ හැම නාට්‍යයකටම මම යනවා. ඒ පැය දෙක එයා ළඟටම වෙලා මම ඉන්නවා. එයා රඟපාන හැම නාට්‍යයක්‌ම බලමින් මම අධ්‍යයනය කරනවා.
ඒ අත්දැකීම තමයි මට මෙහිදී පිටුවහලක්‌ වුණේ. ඒක මට අලුත් දෙයක්‌ නෙවේ. මගේ ලේවල ඒක තියෙනවා. ප්‍රථම රූපවාහිණි නිළිය කියමින් මම මගේ ගමන විතරක්‌ ගියේ නෑ. මම මගේ පවුල වෙනුවෙන් විශේෂයෙන් විජය වෙනුවෙන් කැපවීම් කළා. මල් ඇතිරු යහනාවක්‌ නොවේ විවිධ අභියෝග අපිට තිබුණා.
ඔබ ප්‍රථම රූපවාහිනි නිළිය. අද රූපවාහිනි නළු නිළියන් ගැන මොනවද හිතෙන්නේ?
අද බොහෝ ටෙලි නාට්‍යවල ගුණාත්මක භාවය නම් අඩුයි. ඒකාකාරි රටාවකට යන්නේ. මේකට හේතුව නාලිකා අතර තිබෙන තරගකාරීත්වය. එක නාට්‍යයක්‌ ජනප්‍රිය වුණාම ඒ තේමාවටම තවත් එකක්‌ හදනවා. අද තාක්‍ෂණය දියුණුයි. ඒත් එදා අපි වැඩකළේ හුඟාක්‌ අපහසුකම් මැද. රසිකයාට අද තෝරා බේරා ගන්න අවස්‌ථාව තියෙනවා. අද පරපුරේ අය කැප වෙනවා අඩුයි. ඒකටත් බාධාව තමයි තාක්‌ෂණික මෙවලම්. විශේෂයෙන්ම ජංගම දුරකථනය. ජංගම දුරකථනය සමඟයි ජීවත් වෙන්නේ. තමන්ගේ කොටස රඟපාලා ජංගම දුරකතනය එක්‌ක වැඩ පටන් ගන්නවා. එහෙත් තමන්ගේ වෘත්තියට සාධාරණය ඉටු කළ යුතුයි. විජය නන්දසිරිලා ඒක කළා. අන්තර්ජාලය, තාක්‌ෂණය මතු ප්‍රයෝජනයට අවශ්‍යයි. ඒත් වහල් විය යුතු නෑ. හැමදෙයකටම කාලය බෙදා වෙන්කර ගත යුතුයි.
යළි කුස පබාවතී ගැන කතා කළොත් -
විජයට ආදරය කළ රසිකයන්ට ආරාධනා කරනවා කොළඹ බිෂොප් රඟහලට ඇවිත් නාට්‍යය බලන්න. අඩුපාඩු පෙන්වලා දෙන්න කියලා. මගේ දුරකථන අංකය - 0777363627
විජය දේවිකා යුවළගේ එකම පුතු රසාංජන ද සාකච්ඡාවට එක්‌ව මෙසේ කීය.
තාත්තා ජීවත්ව සිටිද්දි ඔබේ රංගන හැකියාවන් දැක තිබුණා. එදා ඔහුගේ ප්‍රතිචාර කොහොමද?
තාත්තා මට බල කිරීමක්‌ කළේ නැහැ. මම හිතනවා එදා බල කිරීමක්‌ කළා නම් හො`දයි කියලා. එහෙම නම් මම තාත්තව සතුටු කරනවනේ මීටත් වඩා කියලා හිතෙනවා. මම බලෙන්ම තමයි විදුලි ආලෝකය කරන්න ඉල්ලා ගත්තේ. මොකද පොඩි ළමයින්ට විදුලි ආලෝකය කරන්න දෙන්නේ නැහැ අවදානම් වැඩක්‌ නිසා.
තාත්තා නළුවෙකු වීම ගැන ආඩම්බරයිද ?
අනිවාර්යයෙන්ම.. තාත්තා මුලදී ගුවන් තොටුපොළේ වැඩ කළා. එක්‌ අවස්‌ථාවකදී තාත්තට තීරණය කරන්න වෙනවා රස්‌සාවද., කලාවද කියලා. තාත්තා කලාව තෝරා ගන්නවා. එවන් කැප කිරීමක්‌ තාත්තා කලාව වෙනුවෙන් කළා. තාත්තට තවමත් ලැබෙන ප්‍රතිචාර පුදුමයි. ප්‍රේක්‍ෂකයින් තවමත් තාත්තව ජීවමානව දකිනවා..ඒක සතුටක්‌. ඒ ලැබෙන ආදරය වචනවලට සීමා කරන්න බැහැ.
අම්මා අපේ රටේ ප්‍රථම රූපවාහිනී නිළිය. ඒ ගැන ...?
ඇත්තටම ඒක හීනයක්‌ වගේ. තාත්තා රටේ ශ්‍රෝෂ්ඨතම නළුවෙක්‌. අම්මා රටේ පළමු රූපවාහිනී නිළිය. මම මේ බලන්නේ මගේ තැන.. කොතැනද මම ඉන්නේ කියලා. ප්‍රේක්‍ෂකයාගේ උනත් බලාපොරොත්තු තියෙනවා තාත්තා මෙහෙම නම් අම්මා මෙහෙම නම් පුතා කොහොම වෙයිද කියලා.
රසාංජන , ඔබේ ජීවිතයේ පරමාදර්ශී චරිතය කවුද.?
අනිවාර්යයෙන්ම තාත්තා..
(අජිත් අලහකෝන් -දිවයින)
පසුගිය දිනවල කථාබහට ලක්වූ වික්ටර් හෂිනි ආන්දෝලනාත්මක පෙම් කතාව තවත් තීව්ර කරමින් හෂිනි වරින්වර පුවත්පත් අමතමින් විවිධ දේ හෙළි කරමින් සිටී.
සිළුමිණ පුවත්පතට ඇය
පසුගිය සතියේ කියා තිබුනේ වික්ටර්ගේ නව විවාහයෙන් ඇය දියණියක අපේක්ෂා කරන බවයි.
ඒ මෙසේය.
“යුග දිවියට එළඹ බිරියක වූවාට පසු ඕනෑම කාන්තාවක් බලාපොරොත්තුව මවක වීම. ඔව්. මගේ සි‍තේත් ඒ ‍බලාපොරොත්තුව තදින් ම තියෙනවා. මගේ වැඩි කැමැත්ත දුවකට. ඒත් පුතකු වේවා දුවක වේවා මම බොහොම සෙනෙහසින් ඒ දරුවා පිළිගන්නවා වික්ටර්ගේ තම ගෙනියන්නට දරුවෙක්. ඒ දරුවා ගැන මම ඇත්තෙන්ම සිහින මවනවා.”
මේ දිනවල වික්ටර්-හෂිනි සිය පළමු විදෙස් සංචාරය සඳහා තායිලන්තයට යාමට සූදානමින් පසුවන බවද එහිදී ඇය කියා සිටියා.
ඉරාජ් සද්ද බද්ද නැතුව හිටිහැටියේම පෙරළියක් කරනවා. මොකද්ද මේ මාර්කටිං තියරි එක?
මම කරන දේවල් ගොඩක් කතා බහට ලක් වෙන්නේ හැම තිස්සෙම අලුත් දෙයක් කරන හින්දා. නැතුව මේක මාර්කටිං තියරි එකක් නෙමෙයි.
මොකද්ද එහෙනම් ඔබේ මාර්කටිං තියරි එක?
මට තියෙන්නේ Accounting & Finance Degree එකක්. මම මාර්කටිං කියන දේ ඉගෙන ගෙන තියෙනවා. . මාර්කටිං කියන දේ මම දකින්නේ පොතේ තියරිය තිබුණට ප්‍රායෝගිකව apply කරන්න ගියහම වෙනස්වෙන දෙයක් හැටියට. ඇත්ත ජීවිතේ මාර්කටිං අපි apply කරන්න ඕනේ අපට අවශ්‍ය විදිහටයි...
ඒ ආභාසය ලැබුණේ ඔබේ පියාගෙන් වෙන්න ඇති ?
මගේ පවුලේ කවුරුත් මාර්කටිංවලට සම්බන්ධ නැහැ. තාත්තා ව්‍යාපාරවලට සම්බන්ධයි. හැබැයි එහෙම කියලා අභාසයක් පවුල් පසුබිමේ නැහැ.
ඔබ හඳුන්වන්නේ සංගීතඥයෙක් ලෙසයි. නමුත් ගී ගායනයට හැකියාවක් නැති, තාක්ෂණයෙන් තොර සංගීත නිර්මාණයට හැකියාවක් නැති අයෙකි යන ඔබට නඟන චෝදනාවට ඔබේ පිළිතුර ?
දැන් මට සින්දු කියන්න බැහැ කියලා කියනවනේ. නමුත් මිනිස්සු ආදරය කරන සින්දු කීයක් මම හදලා තියෙනවද. මුකුත් බැරුව මෙහෙම නිර්මාණ කළා නම් දක්ෂකම තිබුණොත් මම කොහොම සින්දු හදයිද? කොම්පියුටර් එකේ බටන් එකක් ප්‍රෙස් කළාට සින්දු හැදෙන්නේ නෑ. එහෙනම් කොම්පියුටර් තියෙන ඕන කෙනෙක් සින්දු හදන්න ඕනේ. බනින අයගෙන් මම අහන්නේ මෙච්චරයි...ඇයි මුකුත් කරන්නේ නැත්තේ ? මේක අපේ සිංහල මිනිස්සුන්ගේ විතරක් තියෙන ප්‍රශ්නයක්. සිංහල ජාතිය අපේ රටේ පිරිහිලා තියෙන්නේ අනිත් මිනිස්සුන්ට ඉරිසියාම කරලා. රටක් හැටියට ඉදිරියට යන්නත් බැරි ඒ ඉරිසියාව නිසාමයි. ඒ හින්දා හැමදාම පිටි පස්සෙන්. මම කවුරු කියන දෙයක්වත් අහන්නේ නැහැ. මගේ වැඩේ මම කර ගෙන යනවා. කාටවත් මාව නවත්තන්න බැහැ. ඒ තමයි මගේ සාර්ථකත්වය.
සංගීතය පිළිබඳ ඔබේ වෘත්තිමය සුදුසුකම් ගැන මා ඇසුවොත් ?
මම ඉලෙක්ට්‍රොනික් කීබෝර්ඩ්ස් ඉගෙන ගත්තා. පාසල් කාලේ දෙපාරක්ම් ඕල් අයිලන්ඩ් චැම්පියන් වෙලා එංගලන්තේ ශිෂ්‍යත්වයක් පවා ලැබුණා. නමුත් අවාසන­ාවකට පසු කාලීනව සංගීතය හදාරන්න බැරි වුණා. ගෙදරින් වැඩි පුර යොමු කළේ ගිණුම්කරණයට. මියුසික් වලට ගෙදරින් උනන්දුවක් නොතිබුණු තරම්
නවකයන්ගේ හැකියාව යොදා ගෙන ඔබේ ජනප්‍රියතාව හෝ සාර්ථකත්වය ගොඩ නඟා ගන්නවා යන්න ඔබට එල්ල වන තවත් චෝදනවක් ?
මම සංගීතඥයෙක් විදිහට නවකයන් සෑහෙන පිරිසක් මෙරටට හඳුන්වා දිලා තියෙනවා. රොමේෂ්, ඉන්ෆාස්, පේෂල මනෝජ් දැන් අතිශය ජනප්‍රියයි. රැප් ආර්ටිස්ලා සීයයට අනූවක්ම මමයි එළියට දැම්මේ. ඔවුන් දැන් තනියම දැන් වැඩ කරගෙන යනවා. මම ඔවුන්ව ෆ්ලැට්ෆෝර්ම් එකක් ඉස්සරහට අරන් දුන්නා පමණයි. මේ රටේ කොච්චර පිරිසක් ඉන්නවාද අවස්ථාවක් නැතිව... මගේ ගීතයකින් මම නවකයකුට අවස්ථාව දුන්නාම ඔවුන් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත යුතුයි. එතන යූස් කිරිල්ලක් නැහැ. අපිට එහෙනම් ඒ. ආර්. රහමන්ටත් චෝදනා කරන්න පුලුවන් අනිත් අයව යූස් කරනවා කියලා. මොකද ඔහු සිංදු කියන්නේ නැහැ නේ. ඕකටත් කියන්න තියෙන්නේ කුහක කම කියලා තමයි. කවුරුහරි දෙයක් කරද්දි අනෙක් කෙනා බලන් ඉන්නේ ඒකට බනින්න.
ඒ අවස්ථාව ඔවුන්ට ලැබෙන්නේ ලොකු මිලකට, ඔබ එතරම් මිල අධිකයි ?
ඔව්. මම අනිවාර්යෙන් මිල අධික පුද්ගලයෙක්. මගේ නිර්මාණ කෙරෙන්නේ මිලියන ගාණක ලොකු ඇඩ්වටයිසිං බජට් එකකින්. හැබැයි ඔය අන්තීමට ආපූ ‘ආශාවරි‘ ගීතයට ගායකයාගෙන් සත පහක් වත් වියදම් නොකර මමයි මුළු ප්‍රඩක්ෂන් එකම අරගෙන කළේ. එහිදි පද රචකයාට පවා ගෙවන්නෙත් මම. ඉතින් මම ගායකයෙක් හඳුන්වා දුන්නහාම ඊට පස්සේ ඒ ගීතයේ ගායන අයිතිය හා වෙනත් තැන් වල ගිහින් ගායනා කරන්න අවස්ථාවත් ඔවුන්ට ලැබෙනවා.
ඒ කියන්නේ ගීතයට අදාළ රූප රාමු හෝ පසුබිම් කතාව හැදෙන්නේ ඔබේ තනි මතයට?
ඔව්. මගේ තනි මතයට අනුව තමයි කොන්සෙප්ට් එක හදන්නේ. හැබැයි වීඩියෝ අධ්‍යක්ෂවරු මම හදා ගත්ත ටීම් එකක් එක්කයි වැඩ කරන්නේ. එහිදි ඔවුන්ගේ ඉන්පුට් එකත් ලැබෙනවා.
නිර්මාණකරණයේදී සංස්කෘතිය, සභ්‍ය අසභ්‍යත්වය හෝ සීමා මායිම් ගැන ඔබ තැකීමක් නැද්ද?
මට සීමා මායිම් නැහැ. බොරුවට කොටු කරගෙන ඉන්න දේවල්. වැඩිපුරම ඇල්කොහොල් බොන්නේ අපේ රටේ, සියදිවි නසා ගැනීමෙන් වසර ගණනක් පළමු තැන තිබුණේ අපේ රට. අවුරුදු පහක ඉඳලා ගූගල් එකේ වැඩිපුරම සෙක්ස් කියන වචනේ ස්ර්ච් කරන ලෝකෙන්ම අංක එක අපේ රට.. ඉතින් මෙහෙම වෙන්නේ පුදුම අසහනකාරයෝ ටිකක් ඉන්න නිසා නේ. ඒ කියන්නේ අපේ සංස්කෘතියේ තියෙන්නේ ලොකු අවුලක්. අන්න ඒ අවුල්වලට තමයි මම හැම තිස්සේම කතා කර කර ගහන්නේ.. අපේ මිනිස්සු හොරෙන් කරන දේවල් එළි පිට දැම්මාම ඒවා දරා ගන්න බැහැ. ඒ නිසානේ මට බැන බැන මට චෝදනා කරන්නේ.
ඉරාජ් ඉන්නේ ලංකාව ගැන කලකිරීමකින් වගේ?
ඔව්. අපේ සමාජය ගැන නම් මම ලොකු කලකිරීමකින් ඉන්නේ. අපේ මිනිස්සු එක්කෙනකුට එක්කෙනෙක් උදව් කර ගන්නේ නැහැ. ඒ නිසාමයි අපි ලෝකෙටම ණය වෙච්ච රටක් වෙලා තියෙන්නේ. පැත්තකින් දේශපාලඥයෝ පිස්සු කෙළිනවා. මෙහෙන් මිනිස්සු පිස්සු කෙළිනවා. මට නම් දැනෙන්නේ තවමත් දූපත් මානසිකත්වයකින් ඉස්සරහට යන්න බැරිව ජිවත් වෙන වහල්ලු වගේ පිරිසක් ජිවත් වෙන රටක් විදිහටයි. ඔවුන්ගේ ඔලු හදන්න වෙන්නේ අපිට දැන් ඉන්න තරුණ පිරිස අලුතෙන් හිතන අය බවට පරිපවර්තනය වෙලා.
ඒ කියන්නේ ඉදිරියේදි විදෙස්ගත වෙන්නත් පුළුවන්?
දැනටත් වැඩි කාලයක් මම ගත කරන්නේ අමෙරිකාවේ. අවුරුද්දෙන් මාස දෙක තුනයි ලංකාවේ ඉන්නේ. මෙහෙ රැඳෙනවා බොහොම අඩුයි.
ඉරාජ් ජාත්‍යන්තරයට ගියා කියනවා. නමුත් දන්න කෙනෙක් නැති තරම්?
මම ඉන්දියානු දෙමළ චිත්‍ර‍පට ගණනාවක් සහ හින්දි ,නේපාල් භාෂාවෙන් සංගීතයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. යු ටියුබ් ගිහින් ඉරාජ් කියලා ටයිප් කළොත් මගේ ජාත්‍යන්තර නිර්මාණ සියල්ල ඕනෑම කෙනකුට බලා ගන්න පුළුවන්. ඉස්සරහට අමරිකාවේ ඒ - කෝන් එක්ක වැඩ කරනවා. දැනටත් එහේ ආර්ටිස්ලට මම සිංදු ප්‍ර‍ඩියුස් කරනවා. ෂෝන් කිංස්ටන් වැනි බිල්බෝර්ඩ් ගීත දර්ශකයේ ලෝකේන්ම අංක එක වෙච්ච ආර්ටිස්ලා කී දෙනෙක් මා එක්ක වැඩ කළාද මගේ මියුසික් විඩියෝ වල පවා ඔවුන් ඉන්නවා නම් තවත් මොනවද? ඕකත් ඉතින් දරා ගන්න බැරි එක්තරා මානසිකත්වයක් තමයි.
මේ තරම් මහා පරිමාණයෙන් නිර්මාණ කරන්න මුදලක් සංගීතයෙන් ලැබෙනවාද?
ඔව්. ඊට අවශ්‍ය මගේ මාර්කටිං, මගේ අලුත් ක්‍ර‍ම සහ විදි තියෙනවා. සෝෂල් මිඩියා , යූ ටියුබ් මගේ තනි ටීවී චැනල් එකක් වගේ තැනකට දැන් හදා ගෙන ඉවරයි. මම විඩියෝ එකක් දැම්මොත් අපේ රටේ විතරක් බලන්න ලක්ෂ හතළිහ පනහ ඉන්නවා. ඉන් මට විශාල මුදල් ප්‍ර‍මාණයක් ලැබෙනවා. ඉතින් මේවා මම තනියෙන් හදා ගත් දේවල්.
ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට ඉරාජ් කියන්නේ හුදෙකලා චරිතයක්?
හැමෝම එක්ක ගනු දෙනු කරන්න මම කැමැති නැහැ. බොහොම සීමිත පිරිසක් එක්කයි මම වැඩ කරන්නේ. මගේ ස්පිඩ් එක වෙනස්. ඒ ලෙවල් එකට වැඩ කරන්න බැරි අය මඟදි හැළෙනවා.
අඩන ගීත රැල්ල, රිංගිං ටෝන් රැල්ල ලාංකේය සංගීතය විනාශ කරනවා නම් ඔබේ සෙක්ස් මාර්කටිං රැල්ලෙන් සිදු වන්නෙත් සංගීතයට බලපෑමක් නෙමෙයිද?
‘තොල් සිප ගැනීමක්‘ කියන්නේ සෙක්ස් මාර්කටිං නෙමෙයි නේ. සිංගප්පුරුව මැලේසියාව වගේ රටවල මිනිස්සු ආදරය කරන විදිහ හරිම සුන්දරයි මාර නිදහස්. මගකදී වුණත් යුවළක් ආදරය ප්‍ර‍කාශ කර ගැනීම, වෙන් වෙලා යන කොට සිප ගැනීම හරිම ආදරණීයයි.. මිසක් වෙනත් දෙයක් නැහැ.. මෙහෙ ඒවට හරිම බයයි. ඔක්කොම හොරෙන් කරන්නේ .
අපේ රටේ ගෑනු ළමයකුට හතෙන් පස්සේ එළියට යන්න පුළුවන්ද? විසිල් ගහයි. අමුතු විදිහට බලයි. අපේ මේ බෞද්ධ රටේ මිනිස්සුන්ට එළියට බැහැල යන්න නිදහසක් නැහැ. ඉතින් මම මේ දේවල් දාන්නේ අපේ ඊළඟ ජෙනරේෂන් එකවත් වෙනස් කරන්නයි. අපේ අයට බොලිවුඩ් චිත්‍ර‍පට බලන්න පුළුවන් නම් උඩ දාගෙන. අපේ දේවල් වලට සිප ගැනීමේ දර්ශනයක් දාන එක ලොකු දෙයක් නෙමෙයි. 60, 70 දශකයේ චිත්‍ර‍පට වල මීට වඩා නිදහස තිබුණා. දැන් තමයි මේ බොරු බෞද්ධ කමක් අරගෙන කෑගහන්නේ. දේශපාලඥයන්ගේ ප්‍රයෝජනය සඳහා හැදිච්ච රාමු වලට අපි මේ කොටු වෙලා. මම කරන්නේ ඒ සීමාවන් කඩන එක.
ඔබ පොරක් වෙන්නද හදන්නේ?
පොරක්ද කියලා දන්නේ නැහැ. මම නිර්මාණයක් කළාම ඒ ගීත විවේචනය කරන්නම සමහර චැනල් වලත් රෙඩියොවල් පැය ගණන් වෙන් කරගෙන මට බැනලා බැනලා ඒ අයම මාව පොරක් කරගෙන. ඉතින් ඒකට මට කරන්න දෙයක් නැහැ.
ලංකාවේ මාධ්‍ය ඔබට කොතරම් වැදගත් ද?
මම කාලයක් මාධ්‍ය එක්ක වැඩ කළා. දැන් නම් මාධ්‍ය පස්සේ යන්නේ නැහැ. වරක් මම මාධ්‍ය එක්ක රණ්ඩු කළා. ඔවුන් සල්ලි අරන් ආර්ටිස්ලට කරන ජරා වැඩ ගැන.. ලංකාවේ සමහර විද්‍යුත් මාධ්‍ය තමයි තීරණය කරන්නේ මොන සිංදුද හිට් වෙන්නේ මොනවද නැත්තේ කියලා. ඉතින් මට ලොකු කලකිරීමක් ඇති වුණා මේ මාධ්‍ය සංස්කාතිය ගැන. මට මගේ අලුත් නිර්මාණවලට උදව් කළ චැනල්ස් තියෙනවා. ඔවුන් එක්ක මම ඉන්නවා. සමහර පුවත් පත් ඔවුන්ගේ ආර්ටිකල් එක මාර්කට් කර ගන්න මම නොකියපු දේවල් හෙඩ් ලයින් වල දාලා තිබුණා. ඉතින් කාටත් කරදරයක් නොවි මම මාධ්‍යයෙන් හිමින් අයින් වුණා. දැන් මාධ්‍යට එන්නේ හරිම අඩුවෙන්.
ටානියා මෝසස් (සිළුමිණ)
මෙවර Slim Nielsen Peopels Award ජනප්‍රියම ටෙලි නිළිය සම්මානය දිනා ගත්තේ ඔබ. ජනප්‍රිය නිළි සම්මාන එකපිට එක ලැබෙද්දී ආඩම්බරයෙන්ද ඉන්නේ?
නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ඔළුව උදුම්මා ගත්ත ආඩම්බරයක් නම් නැහැ. මම එහෙම හිටියා නම් මට මේ සම්මානය ලැබෙන්නෙත් නැහැ. මගේ වටේ ඉන්න ප්‍රේක්ෂකයෝ නිසා තමයි මට මේ සම්මානය ලැබුණේ.
එයාලගේ ආදරේ අඩුවෙලා නැති එක ගැන සතුටුයි.
ප්‍රේක්ෂක ආදරය සම්මානයකින් මේ සැරෙත් ලබාගන්න බලාපොරොත්තුවක් තිබ්බද?
සම්මානයක් කොහෙත්ම බලාපොරොත්තු වුණේ නැහැ. දුලිකා මාරපන, යශෝධා විමලධර්ම, උදාරි වර්ණකුලසූරිය වගේ මට වඩා ප්‍රවීණ අය එක්ක මම මේ සම්මානයට නිර්දේශ වුණේ. සම්මාන උළෙලට යන්නෙ සම්මානයක් ලැබෙයි කියලා නෙවෙයි. සම්මානයක් ලැබුණොත් සතුටක් තියෙනවා.
තමන්ට සම්මානයක් නොලැබුණත් දුකක් නැතිව ගෙදර යන්න පුළුවන්ද?
ඔව්. සම්මානයක් නොලැබෙන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. සම්මාන නොලැබුණත් ප්‍රේක්ෂකයන්ගේ ආදරේ මට ලැබෙනවා.
ශලිනි ජනප්‍රිය නිළි සම්මානය ලබන්නේ තුන්වැනි වතාවට. හැබැයි ශලනිගේ හීනය තියෙන්නේ වෙන තැනක නේද?
ඔව්. මම කැමැති හොඳම නිළිය වෙන්න.
ඒ හීනෙ හැබෑ කරගන්න තව දුර වැඩිද?
ඒක කොයි කාලේ ලැබෙයිද කියලා කියන්න බෑ. ඒක ලැබෙන නිර්මාණ එක්කත් තීරණය වෙනවනේ. සමහරු නම් නිර්මාණයක් කරද්දි කියනවා මේකට සම්මානයක් ලැබෙයි කියලා. විනිශ්චය මණ්ඩලය අතේනෙ ඒ තීරණය තියෙන්නේ. ලැබෙන කාලෙට ඒ සම්මානය මට ලැබෙයි. මම කැමැතියි පහුවෙලා ඒ සම්මානය ලැබෙනවට. මොකද පහුවෙලා ලැබෙන දේ අගය වැඩියිනේ.
මේ දවස්වල නියැළෙන රංගන වැඩ කටයුතු මොනවද කියලත් කියමු?
මුතුමලී ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. ඒ නාට්‍යයට හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා. තවත් ටෙලි නාට්‍ය දෙකක් ලබන මාසේ විකාශය වෙන්න තියෙනවා. අලුත් ටෙලි නාට්‍ය දෙකක ෂූටින් ළඟදී පටන් ගන්නවා.
සිනමා නිර්මාණවලට සම්බන්ධ වුණේ නැද්ද?
බෙනට් රත්නායකගේ නෙලා චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඒක ඉදිරියේදී තිරගත වෙන්න තිබෙනවා. මම චිත්‍රපටයේ නිරූපණය කරන්නේ විරූපී චරිතයක්. ඒක මගේ ප්‍රේක්ෂකයන්ට වෙනස් අත්දැකීමක් වෙයි.
ක්‍ෂේත්‍රයට ආපු කාලයේ රියැලිටිවල දැකපු ශලනි දැන් නම් රියැලිටිවල දකින්න නෑ. රියැලිටි වැඩසටහන් මඟ හරින හේතුව මොකද්ද?
රියැලිටි වැඩසටහන්වලට ගියාම අපේ අනෙක් වැඩ කරගන්නත් කාලය මදි. එහෙම වුණාම කරන එක වැඩකටවත් හරියට දෙයක් කරන්න බෑ. ක්‍ෂේත්‍රයට ආපු ගමන් රියැලිටි කළාට කමක් නෑ. ස්ථාවරයක් ගොඩනඟා ගෙන එද්දි රියැලිටිවලට යන්න ඕන කියලා මම හිතන්නේ නෑ. ඒක මගේ අදහස. ඉතිං මට රියැලිටි වැඩසටහන් අවශ්‍ය නැහැ. ඒ නිසා ඒ වැඩසටහන්වලින් සම්පූර්ණයෙන්ම අෑත්වෙලා ඉන්න මම තීරණය කළා.
පසුගිය කාලේ කතාවක් පැතිරුණා ශලනිට හේමාල් එක්ක ප්‍රේම සම්බන්ධතාවක් තිබුණා, ඒ ප්‍රේම සම්බන්ධය දෙදරලා ගියා කියලා. මොනවද මේ කතා?
හේමාල්, මගේ හොඳ යාළුවෙක්. අපි ඉස්සර නිතර හම්බුණා. දැන් අපි දෙන්නම කාර්ය බහුලයි. ඉතිං නිතර හම්බෙන්න බෑ. හැබැයි අපි ඉඳල හිටලා කෝල්, මැසේජ් කරනවා. කොහේ හරි දැක්කොත් වෙනදා වගේම කතා කරනවා. අපිට කතා කරන්න බැරි ප්‍රශ්නයක් නැහැ. නිතර හමු නොවුණත් මිතුරුකමක් අපේ හිත්වල තියෙනවා.
ඒ කියන්නේ දෙන්නා අතරේ තිබ්බෙත් මිත්‍රකමක් විතරද?
ඔව්. අපි යාළුවෝ විතරයි.
එහෙනම් විශේෂ කෙනෙක් ඇතිනේ?
එහෙම කෙනෙක් ඇත්තටම නැහැ. මම බොහොම නිදහසේ ඉන්නවා. මගේ නිදහස නැති කරන්න අම්මලා නම් මට කෙනෙක්ව හොයනවා.
හැබැයි ක්‍ෂේත්‍රයේ තරුණයෝ නම් ශලනි වටේ කැරකෙනවා කියලා ආරංචියි?
කැරකෙන අය ඇති. හැබැයි ඒක මම ඔළුවට දාගන්නේ නෑ. ආදර යෝජනාත් ඇවිත් තියෙනවා. මම ඒවා හිමින් සීරුවේ ප්‍රතික්ෂේප කරනවා. මට අවශ්‍ය නැති නිසා. හැබැයි ඒ අය තාමත් මාත් එක්ක හිතවත්.
තිළිණි කෞශල්‍යා විජේසිංහ (mawbima)
පසුගිය දවස්වල සමනලී ගොඩක් කාර්යබහුලවෙලා හිටියා නේද?
ඔව්. ITN Youth with Talent වැඩසටහන නිසා කාර්යබහුල වුණා. මීට දවස් කීපයකට කලින් අවසන් තරගයත් තිබුණා. ඒ නිසා ඒ වැඩකටයුතු නම් ඉවරයි. 'රූමස්සල' කියන ටෙලි නාට්‍ය රූගත කිරීම් වගේම 'ප්‍රේමය නම්' චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලටත් සහභාගි වෙන නිසා ටිකක් කාර්යබහුලයි.
රියැලිටි ෂෝවල විනිශ්චය මණ්ඩලයට සමනලී කියන්නේ අලුත් මුහුණක්. මේ වගේ අවස්ථාවක් ලැබුණේ කොහොමද?
ඔව්. ඒ විනිශ්චය
මණ්ඩලයට එකතු වෙන්න මට ධ්ඊව් එකෙන් කතා කළා. මම මෙගා නාට්‍ය කරන්නෙත් තෝරා බේරාගෙන. ඉතින් ඒ නිසා මේ වැඩේට සම්බන්ධ වෙන්න මට වෙලාවක් තිබුණා. ඒ වගේම මේ තරගය සින්දු කියන නර්තන අංගවලට සීමා වෙන්නැති තරගයක් නිසා මම කැමති වුණා.. චිත්‍රපටයක් කරනවා තරම් මම මේක රස විඳින්නෙ නැහැ. ඒත් මම මේ
වැඩේට කැමතියි.
සමනලීව මේ දවස්වල කතාබහට ලක් වෙන්නේ ‘ප්‍රේමය නම්' චිත්‍රපටය නිසා?
ඔව්. ඇත්තටම ප්‍රෙමය නම් චිත්‍රපටය ලංකාවේ ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වෙයි. මානසික ව්‍යාකූලත්වයකින් පෙළෙන පුද්ගලයෙක් ගැන ලියැවුණු චිත්‍රපට ලංකාවෙ හරිම අඩුයි. මේක හරිම සරල කතාවක්. ප්‍රේක්ෂකයාව ලොකු ව්‍යාකූලත්වයකට ගෙනියන්නේ නැහැ. ඒත් චිත්‍රපටයේ චරිත සංකීර්ණයි. ඒ සංකීර්ණත්වය තියෙන්නේ ඇතුළෙයි.
ඒ සංකීර්ණත්වය එක්ක සමාධිගේ චරිතය ප්‍රේක්ෂකයන් අතරට ගෙනියන්න ඔබ මහන්සි වෙන්න ඇති?
ඔව්. මං කලින් කිව්වා වගේ කතාව සරල වුණත් ඒක ඇතුළෙ සංකීර්ණ බව පෙන්නන්න රංගනයෙ යෙදෙන්න මහන්සි වුණා. මනෝභාවයන් පෙන්නන සියුම් අවස්ථා නිරූපණය කරන්න ටිකක් මහන්සි වුණා. ඩයලොග්ස් වැඩිය තිබුණෙ නැහැ. ඉරියව්වලින් ඒවා පෙන්නන්න වුණ නිසා ඒ චරිතය මට අභියෝගයක් වුණා. මම තනියමත් මගේ චරිතයේ රංගනය ගැන හිතුවා. අධ්‍යක්ෂවරයාගෙන් වගේම අනෙක් අයගෙනුත් මට හොඳ සහායක් ලැබුණා.