text
stringlengths 1
589k
|
---|
අද (02) උදෑසන 18 කණුව පිවිසුම් මාර්ගයෙන්කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට අනවසරයෙන් යතුරුපැදිකරුවෙකු ඇතුළු වී තිබෙනවා. මොහු රුසියානු ජාතිකයෙක්. මොහු කොළඹ දෙසට සිය යතුරුපැදිය ධාවනය කර තිබෙනවා. මේ පිළිබඳව වාර්තාවීමත් සමග ක්‍රියාත්මක වූ බලධාරින් අදාළ යතුරුපැදිකරුව කිලෝමීටර් 6 කණුව අසළ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
|
ප්‍රසංග වේදිකාවේදී අපිට නිතරම දකින්න ලැබෙන ගායිකාවක්නේ සුප්‍රියා අබේසේකර.ඇය අලුතින්ම කරපු ගීත කිහිපයක් අරගෙන මුලින්ම ආවේ හිරු එකට.ඒ වෙලාව සුප්‍රියා එක්ක කරපු කතා බහේදී අලුත්ම විස්තර වගේම මෙච්චර කාලෙකට ඇය ගැන අපි දැනගෙන හිටපු නැති දේවලුත් කතා කලා. ප්‍රශ්නය -: සුප්‍රියා අබේසේකරගේ ජනප්‍රියත්වයට හේතුව ගායන ශිල්පිනි වසන්තා සන්දනායකද? සුප්‍රියා -: අනිවාර්යයෙන්ම.ආච්චි තමයි පලවෙනි තැන මගේ ජනප්‍රියත්වයට.මම ගීත ගායනයට එන්න නෙමේනේ හිටියෙත්.කොහොමහරි ආච්චිගේ ගීත ඉස්සරහට ගෙන්න තමයි මගේ ආසාව තිබුනේ.මොකද අනුන්ගේ සින්දු පිට අයගායන කරන කාලෙකදි මට හිතුනා ආච්චිගේ ගීත මමවත් ගායනා කරලා එන්න ඕනේ ඉදිරියට කියලා.මොකද පවුලේ අය ඕන තරම් ඉන්නවා.එත් හැමෝම උනන්දුවෙන් එන්නේ නැති පාටක් දැනුනා. එනිසා මං ඒ ගීත ගායන කරලා ආවේ.මගේ අනන්‍යතාවයක් තියාගෙන නෙවෙයි.ආච්චිගෙයි, අම්මගෙයි ගීත රැකගන්නයි මං එහෙම කලේ.ඉතින් අන්තිමට මං ජනප්‍රියත්වයට පත්වුණා.දැන් මං මගේ ගීතත් කරලා තියෙනවා.බලමු ඉදිරියේදී මට මගේ අනන්‍යතාවය ගොඩනගාගන්න පුළුවන් වෙයිද කියලා.මොකද මං තාමත් ඉතින් ටිකක් කොටුවෙලා ඉන්නවා පරම්පරාවේ ගීත වලට.හැබැයි මං සංගීත ප්‍රසංගවලදී නම් එහෙම නැ.ආච්චිගේ,අම්මාගේ වගේම මගේ ගීතත්, nonstop වගේ ඒවත් ගායනා කරලා මං වේදිකාව අල්ලන් තියෙනවා. ප්‍රශ්නය -: ඔය කියන විදිහට ඔයා කැමති නැ ආච්චිගෙයි අම්මාගෙයි ගීත පවුලේ අය ඇර වෙන කවුරුවත් කියනවට? සුප්‍රියා -: ඇත්තටම කියනවනම් පවුලේ දේ පවුලටනේ අයිති.දැන් අපි ගෙයක් හැදුවොත් පිට කවුරුත් ඇවිත් පදිංචි වෙන්නේ නැ නේ.පවුලටමනේ ඕක යන්නේ.මං හිතනවා පවුලේ අයට තමයි ඒ හඬවල් එන්නේ ,ගායන කරන ඒ ආර එන්නේ.පිට කාට හරි එක ගායනා කරන්න ඕනෙමනම් ඒ අදාළ කට්ටියගෙන් අවසර අරගෙන කාගේත් හිත රිද්දන්නේ නැතුව ගායනා කරනවානම් ඒකට කිසි ප්‍රශ්නයක් නැ. ප්‍රශ්නය -: ඔයාගෙන් පස්සේ,ආච්චිගේ ගීත,අම්මගේ ගීත වගේම ඔයාගේ ගීතත් තියෙනවා.කවුද ඊළඟ කෙනා? සුප්‍රියා -: පවුලේ අය ගොඩාක් ඉන්නවා.චුටි දුවෙකුත් ඉන්නවා.ඒ හැමෝටම ගායන කිරීමේ හැකියාව හොඳටම තියෙනවා.කවුරුත් sing කරන්න එනවද නැද්ද කියන එකනම් තාම දන්නෙ නැ.හැබැයි ගායන කරන්න දක්ෂතාවය තියෙන නිසා කවුරුහරි ඇවිල්ලා ඒවා ගායනා කලාට මගේ කිසිම විරුද්ධත්වයක් නැ. ප්‍රශ්නය -: ප්‍රසංග වේදිකාව කියන්නේ තරඟකාරී තැනක්.ඔබ කොහොමද ඒ අභියෝගය භාරඅරගෙන තියෙන්නේ? සුප්‍රියා -: මුල් කාලේදී නම් මගේ performing art එක තිබුනේ නැ.මං එක තැනක හිටගෙන තමයි ගීත ගායන කලේ.එක හේතුවක් හුරු නැතිකම.අනික ආච්චිගේ බොදු ගීත ගායනා කරද්දී එක ගැලපීමක් නැතිකම.විශේෂයෙන්ම පිට රටකට ගියාම ඒ අය බලාපොරොත්තු වෙන්නේ ගායනයත් එක්කම අපේ ප්‍රසාංගිකත්වය.එතැනදී තමයි මං ඒකට නබුරුවුනේ.perform කරන එක පැත්තෙන් මං මගේම කියල දෙයක් හදාගත්තා.ඒ තුල මං දැන් තැනක ඉන්නවා කියල හිතනවා. ප්‍රශ්නය -: ඔය හැමදේම වගේම බාහිර පෙනුමත් ගායිකාවකට වැදගත්නේ.ප්‍රේක්ෂක අවදානය දිනා ගන්න මොනවද කරන්නේ? සුප්‍රියා -: මං ගොඩාක්ම උනන්දු වෙන්නේ කොන්ඩේ ගැන.මං අමුතු අමුතු දේවල් කරනවා කොණ්ඩයට.එකත් ඇත්තටම් අවදානය ගන්න තමයි.මගේ පෙනුම,ඇඳුම් මේ හැමදේම ගැන හිතනවා.මොකද artist කෙනෙක්ට වැදගත්වෙන්නේ ඒ ටික තමයි.අනිත් එක ඔය ඔක්කොටම වැඩිය හිත හොදකම තමයි බලපාන්නේ. ප්‍රශ්නය -: ඔය ප්‍රසංග වලින් ලැබෙන මුදල් ඔබ වැඩිපුරම වියදම් කරන්නේ මොනාටද? සුප්‍රියා -: මාර ප්‍රශ්නයක් ඇහුවේ.වැඩිපුරම කියලා නැ..පිටරට ගියාම shoping කරන්න chance එකකෙකක් ලැබුනම ඒකට වියදම් කරනවා. හැමදේටම වියදම් කරනවා.විශේෂයෙන් මේකට මේකට කියලා නැ.මං ගෙයක් හදනවා.ඒකට තමයි මේ දවස්වලනම් වියදම් කරන්නේ. ප්‍රශ්නය -: සුප්‍රියා ඔන්න අන්තිම ප්‍රශ්නය.ඔයාගේ පුද්ගලික ජීවිතේ විස්තර ටිකකුත් කියමුකෝ? සුප්‍රියා -: බැරෑරුම් ප්‍රශ්නේ ,කඩයිම් ප්‍රශ්නය..මං විවාහ වෙලා ඉන්නේ.ඔහුගේ නම චාලිංග හේවගේ.ගෙදර ඉන්නවා අම්මා තාත්තා ,නංගිලා දෙන්නෙක් ඉන්නවා.පොඩි දුවෙක් ඉන්නවා.එයා මගේ දුව තමයි.මං තමයි එයාව හදන්නේ.එයාගේ නම ස්නේහා ඉෂාරා.එයා කියලා තියෙන්නේ වෙන බබ්බු එපා මම තමයි ඔයාගේ දුව කියලා. ප්‍රශ්නය -: ඒ කියන්නේ එයාගේ ඉල්ලීම මත සුප්‍රියා අම්මා කෙනෙක් වෙන්නේ නැ? සුප්‍රියා -: අනේ නැ..මේ ඉන්නවනේ.කොහොමත් එකයිනෙ.මගේ දුව එයා.
|
සුප්‍රියා අබේසේකර ගයනා කරපු සින්දු Download කරගන්න ෙමෙතනින්
|
www.hirufm.lk/musicdownloads
|
ලොව ධනවත්ම පොප් ගායිකාව වු මැඩෝන පවසන පරිදි දිනක් ඇය නිව්යොක් නගරයේ පාළු ගොඩනැගිල්ලක් අසලින් ගමන් කරන විට තරුණයකු විසින් පිහිතුඩක් පෙන්වා තමාව බිය වද්දා දුෂණය කල බවත් ඒ වන විට තමන්ට වයස අවුරුදු 19 ක් පමණ බවය.
|
වැඩි දුරටත් අදහස් දක්වන ඇය කියා සිටියේ කුඩාකලම තමාන්ට මව් පිය සෙනහස අහිමි වීම නිසා තමන්ට ජිවත් වීම සදහා නිළියක් ලේඛිකාවක් ගායිකාවක් ලෙස පමණක් නොව නිරුවත් ඡායාරූපවලටද පෙනි සිටිමින් මුදල් සෙවීමට සිදු වු බවයි.
|
අද වන විට ලොව ධනවත්ම පුද්ගලයන් අතර තමන් සිටියත් එ තත්වයට එම සදහා තමන් තරම් දුක් කම් කටලු රුසකට මුහුන දුන් තවත් කාන්තාවක නොමැති තරම් බවයි.
|
අනියම් ප්‍රේම සබඳතා අපට නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙනවා. ඒ වගේම එම අනියම් සබඳතා ඇත්ත ස්වාමි පුරුෂයාට හෝ බිරිඳට අහුවුනොත් නම් ඉතිං සොරිම තමා. ඒකට මූලික හේතුව අනියම් ප්‍රේම සබඳතා වලදි වැඩිපුරම තිබෙන්නේ ශාරිරක සුවය විඳීමේ අවශ්‍යතාවයක් බවයි සමාජයේ බොහෝදෙනෙක් පවසන්නේ. නමුත් වෙන වෙන කාරණත් තියෙන්න පුළුවන්. අපි ඒවා ගැන කතා නොකර දැන් අපේ කතාවට බහිමුකෝ.... අපි දැන් ඔයාලට කියන්න යන්නේ කාලයක් තිස්සේ කතාබහින් පමණක් අනියම් ප්‍රේම සබඳතාවයක් පත්වාගෙන ගොස් ඉන් විපාක විඳි පුද්ගලයෙකු පිළිබඳවයි. මේ සිද්ධිය වෙලා තියෙන්නේ එසේ මෙසේ රටක නෙවේ, සෞදි අරාබියේ. මෙලෙස ඵල විපාක විඳීමට සිදුවුනේ ආසියානු කාලපයට අයත් පුද්ගලයෙකුටයි. ඔහු කාලයක් තිස්සේ සෞදි අරාබියේ මුස්ලිම් ජාතිකයෙකුගේ බිරිඳත් සමග අනියම් ප්‍රේම සබඳතාවයකි නියලී තිබෙනවා. කොහොම වුණත් මේ සිද්ධිය අර කියපු බිරිඳගේ ඇත්ත ස්වාමි පුරුෂයාගේ අතටම අසුවුණා. ඇත්ත ස්වාමි පුරුෂයාට අසුවුනු මොහුට ලැබුනේ එසේ මෙසේ දඬුවමක් නෙමේ, බෙල්ට් පටියකින් හා කම්මුල් පාරවල් වලින්. කොහොම වුණත් මේක වීඩියෝ කරලා යූටියුබ් එක මාර්ගයෙන් ද මහජනතාවට පල කරලා තිබුණා. මේක දැකපු මහජනතාව සෞදි අරාබියේ මානව හිමිකම් ආයතනයට ද පැමිණිලි පිට පැමිණිලි කළා. නීතිය ක්‍රියාත්මක කිරීමට දැඩි බලපෑම් ආපු නිසා අදාළ ඇත්ත ස්වාමි පුරුෂයාට ද කල කල දේ ඵල ඵල කියා නීතියට යටත්ව දඬුවම් විඳින්න සිදුවුණා.
|
ජනප්‍රිය නිළි ආක්ෂා සුදාරි සහ හංසි සිතාරා කියන නිරූපිකාව අතර ඇතිවුණු ප්‍රශ්නයේ ඇත්ත නැත්ත හරියටම ඉස්සෙල්ලාම ඔබ දැනගත්තේ හිරුගොසිප් තුළින්...ඒවගේම කාටත් හොයාගන්න බැරිවුණු හංසි සිතාරාගේ photos එක්කමයි අපි ඒ සිද්දිය වාර්තා කලේ.නමුත් මේ සිද්දිය විකෘති කරලා වාර්තා කරපු අනිත් වෙබ්අඩවි සහ පුවත්පත් සිද්දියට සම්බන්ද ඇත්ත හංසි සිතරාගේ photos වෙනුවට පල කරලා තිබුනේ වෙනත් කෙනෙක්ගේ photos.ඒ ජීව්‍යා හංසි පෙරේරා.පෞද්ගලික හේතුවක් නිසා මීට අවුරුද්දකට එකහමාරකට කලින් ජීව්‍යා නිරුපන ක්‍ෂේත්‍රයෙන් ටිකක් ඇත්වෙලා තියෙනවා.කොහොම වුනත් වගකීමකින් තොරව කටයුතු කරන සමහර මාධ්‍ය නිසා ජීව්‍යා පහුගිය දවස් වල සැහෙන්න අපහසුතාවයට පත්වෙලා.ඇය ඒ ගැන අපිට කිව්ව කතාවයි මේ......
|
මං ඉස්සෙල්ලාම හිරු ඒකට ස්තුතිවන්ත වෙනවා මට කතා කලාට.මොකද මේ සිද්දිය නිසා පහුගිය දවස්වල මං ලොකු ප්‍රශ්නයකට මැදි වෙලයි හිටියේ.ඇත්තටම ඔය රණ්ඩුව මොකද්ද කියලා විතරක් නෙමේ හංසි සිතාරා කියන්නේ කවුද කියලවත් මං දන්නේ නැ.එයාව මං දැකලවත් නැ.එයා වෙනුවට සමහර මාධ්‍යවලින් හොයන්නේ බලන්නේ නැතුව දාලා තිබුනේ මගේ photos.මගේ නම ජීව්‍යා හංසි පෙරේරා.මේකට මාව කොහොම සම්බන්ද වෙලා මගේ photos වැටුනද කියන්න මම දන්නෙ නැ.මෙහෙම වැරදීමක් සුළුවෙන් වෙන්න විදිහක් නැනේ.මේගොල්ලෝ එච්චර හොයන්නේ බලන්නේ නැතුව එක එක sites වලින් photos අරන් දාලා.මං පුද්ගලික ජීවිතේදී කොහොමටත් ඔය වගේ ප්‍රශ්න ඇතිකරගත්ත කෙනෙක් නෙමේ.එනිසා මගේ ලඟින්ම ඉන්න අයනම් මෙහෙම දෙයක් වෙන්න බැ කියල දන්නවා.එත් මේ වැරැද්ද නිවැරදි කරගන්න,කවුද මේ හංසි සිතාරා කියන්නේ කියලා දැනගන්න මං එයාගේ ෆොටෝ එකක් හොයා හොයා හිටියේ.එතකොට පුළුවන්නේ මොකද්ද මේ මගෙයි එයාගෙයි තියෙන සම්බන්දෙ කියල දැනගන්න.එතකොට තමයි මං දැක්කේ හිරු website එකේ සිද්දියට සම්බන්ද හංසිගේ photos තියෙනවා.ඕගොල්ලෝ විතරයි ඇත්ත photos දාල තිබුනේ.
|
මාධ්‍ය කියන්නේ වගකීමෙන් වැඩකරන්න ඕනේ පිරිසක්.මට මේ සිද්දිය දුරදිග ගෙනියන්න ඕනේ නැ.මේ රණ්ඩුවට මගේ සම්බන්දයක් නැ කියලා වෙච්ච වැරැද්ද නිවැරදි කරනවනම් මට ඒ ඇති.මීට පස්සෙවත් ඔයවගේ දෙයක් දාද්දි හොයල බලලා ඇත්ත සිද්දිය වාර්තා කරන්න කියලා මං ඒ අයගෙන් ඉල්ලනවා.
|
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව නියෝජනය කළ ක්‍රිකට් පරිපාලන නිලධාරියෙකු වන ඒ.ආර්.එම්. අරූෂ් මහතා හට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහනම් කළා. ඒ, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගෙන් කොමිස් ලබා ගැනීම හේතුවෙන්. නමුත් ශ්‍රී ලංකා අල්ලස් නීතියට අනුව අල්ලස් ලබා ගැනීම, අල්ලස් ලබාදීම ද වරදක් බැවින් අදාළ ක්‍රීඩිකාවට එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීම ක්ෂේත්‍රයේ කතා බහට ලක් වනවා.
|
කාන්තා ක්‍රිකට් පිලේ නායිකා ශෂිකලා සිරිවර්ධන හට ලැබුණු අනුග්‍රාහක ගෙවීමකින් මෙම කොමිස් මුදල අරූෂ් මහතා ලබාගත් බවටයි චෝදනා එල්ල වුණේ. මෙම තත්ත්වය මත ශෂිකලා සිරිවර්ධනට එරෙහිව ක්‍රියා මාර්ග නොගත්තේ මන්දැයි ප්‍රශ්න කරන නිලධාරීන් කිහිප දෙනෙකු ඉදිරියේදී මෙම තත්ත්වය හේතුවෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවටද තොරතුරු වාර්තා වනවා.
|
එසේම මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අරූෂ් මහතා සූදානම් වන අතරතුර අරූෂ් මහතා තවදුරටත් වරදකරුවෙකු බව ඔප්පු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරියෙකු, නිලධාරිනියක ලහි ලහියේ කටයුතු සිදුකරන බවටද තොරතුරු වාර්තා වනවා.
|
ආදරය, විරහව ගැන හිතට දැනෙන ගීත රැසක් ගයපු ජනප්‍රිය ගායිකවක්නේ නිරෝෂා විරාජිනී.පහුගිය කාලේ නිරෝෂාගේ ජීවිතේ සිදුවුණු හැලහැප්පීම් දිහා බලද්දී අපිට හිතෙන්නේ ඇය මේ ගයන්නේ ඇගේ ජීවිතයමද කියලා.ජීවිතය,ආදරය වගේම සංගීතය ගැනත් නිරෝෂා විරාජිනී අපි එක්ක කරපු කතා බහයි මේ.... ප්‍රශ්නය -: නිරෝෂා මුලින්ම කියන්නකෝ මේ දවස් වල ඔබ මොනවද කරන්නේ කියලා? නිරෝෂා -: මේ දවස්වල මං අලුත් නිර්මාණ ගොඩක් කරනවා.රෝහණ වීරසිංහ,මහින්ද අයියා,කැලුම්,සුරේෂ් වගේ ප්‍රවිනයොත් එක්ක.මොකද මං පහුගිය ටිකේ වැඩිපුරම වැඩ කලේ නවපරපුරේ අයත් එක්ක.ඉතින් වෙනසක් කරන්න හිතුවා. ප්‍රශ්නය -: මේ දවස්වල ගොඩක් ගීත නිර්මාණය වෙන්නේ ringin tone වෙනුවෙන්.ඒක ඉලක්ක කරගෙන.ඔබත් එහෙමද? නිරෝෂා -: මං ringin tone පස්සේ ගොඩක් යන ගායිකාවක් නෙමේ.ඒගැන හිතල නෙමේ අලුත් ගීත කරලා තියෙන්නේ.කොහොමටත් මං උපයල තියෙන්නේ මගේ රසිකයෝ ගන්න ticket එකකින් ලැබෙන මුදලින්.මට ඕනේ රසිකයෝ තුල පවතින නිර්මාණ කරන්න.ringing tone කියන්නේ උපයන තවත් එක ක්‍රමයක් විතරයි.මං එකෙන් ගොඩක් දේවල් කරලා නැ. ප්‍රශ්නය -: පරණ ගායක ගායිකාවන්ගේ ගීත ආපහු කියන එක,remake කරන එක දැන් රැල්ලක් වෙලානේ.සමහරු මේකට දොස් කියනවා,තවත් සමහරු හොඳ කියනවා.වෙනත් කෙනෙකුගේ ගීයක් ඔබත් කියල තියෙනවා. නිරෝෂා -: මං එහෙම කියල තියෙන්නේ මාලනී බුලත්සිංහල මහත්මියගේ හිමි නැති පෙමකට ගීතය විතරයි.මේකෙන් මං එක රුපියලක්වත් උපයල නැ.මේ ගීතයේ පද රචකයා ඉතා අසීරු මට්ටමකයි ඉන්නේ.ඔහුට ජීවත් වෙන්න පහසු කරන්නයි මේක කලේ.මේ ගීයේ සංගීතය රෝහණ විරසිංහයන්ගේ.ඔහුට ඕන උනේ මං ලවාම මේක කරන්න.මට තව මාලනී බුලත්සිංහල කෙනෙක් වෙන්න ඕනඋනෙ නැ.මං නිරෝෂා විරාජිනී හැටියටයි ගැයුවේ.මං හිතනවා මං මගේ උපරිමය කලා කියලා.පරණ ගීතය අහන්න ඕන අයට එක එහෙම්මම තියෙනවා.මේගැන සමාජයේ විවිධ මත පළවුනත් මගේ චේතනාව හොඳ හින්දා මට ප්‍රශ්නයක් නැ. ප්‍රශ්නය -: කවදා හරි නිරෝෂා වයසට ගිය දවසක ඔබේ ගීතයක් වෙන කවුරුහරි ගැයුවොත්,අකමැති වෙනවද? නිරෝෂා -: අනේ ඇත්තටම නැහැ.හේතුව මේ සියලු දේ සමාජයට දුන්නට පස්සේ එක මගේ නෙමෙයි.මට මාවවත් අයිති නැතිකොට මං කොහොමද මගේ සින්දු,මගේ වාහනය,මගේ ගේ කියල බදාගන්නෙ.ඒ නිසා මං හිතනවා මං වයසට ගිය කාලෙක නෙමේ තරුණ කාලෙක හරිඑහෙම කිව්වට කමක් නැ.දැන් බලන්නකෝ ජිප්සීස් සුනිල්ගේ සින්දු ඔය ඕනතරම් වෙනඅය කියන්නේ. සුනිල් පෙරේරා සින්දු කියන්න බැරුව වයසට ගිහින් ගෙදරට වෙලා ඉන්නවා නෙමේනේ.ඔහු තාම නිර්මාණශීලි පුද්ගලයෙක්.සංගීතඥයාට හරි ගී පද රචකයට හරි ඕන නම් කරන්න.මං ඒකට ෆයිට් කරන්නැ.මිල නිර්මාණය මගේ කියන දේ මිනිස්සුන්ට මතකයිනේ.අනික එක සමාජයට දුන්නට පස්සේ මගේ නෙමේනේ.මට තණ්හාවක් නැ කිසිම දේක. ප්‍රශ්නය -: ආදරය විවාහය වගේ දේවල් වලදී එකපාරක් දෙපාරක් වැරදුනාම ඒ ගැන ආපහු හිතන්න සමහරු බයයි.ඔබේ හිතෙත් දැන් එහෙම බයක් තියෙනවද? නිරෝෂා -: බයවෙන්න දෙයක් නැනේ.වයසට ගියත් අපිට ආදරය ඕනේ.කාටවත් ඒකට වැරැද්දක් කියන්න බැ.ඒ ඒ කාලෙට අනුව හෝමෝන වෙනස් වීමත් එක්ක දැනෙන හැඟීම්,ලබන සහ ලබන්න කැමති දේවල් වෙනස් වෙනවා.නමුත් ආදරය තමයි ඕනෑම දෙකට මුල්වෙන්නේ.ඉතින් ඒ ආදරය ගැන කාටවත් වැරැද්දක් කියන්න බැ.මං ආදරේ කරලා විඳලා විඳවලත් තියෙනවා.මං හිතනවා මගේ නිර්මාණ වලින් කියවෙන්නේ මගේ ජීවිතේ වින්ඳ අත්දැකීම්.ඒ නිසා මං මගේ නිර්මාණත් එක්ක ජිවත් වෙනවා.එක එක්කෙනාට උරුම දේවල් වෙනස්නේ.ඔයාට උරුම දේ මට උරුම නැ කියල මං දුක්වෙලා වැඩක් නැ.ඒක බලෙන් ලබාගන්නත් බැ.ජිවිතේට ඔහේ ගලාගෙන යන්න දෙන්න ඕනේ.එතකොට අපි වයසට ගිහින් හරි ආපස්සට හැරිලා බලද්දී,අපි ජිවිතේ සතුටුවෙන්න පුළුවන් දේවල් කරලා තිබ්බම අපි සතුටින් මැරෙයි. ප්‍රශ්නය -: අපි ඇහුවොත් නිරෝෂා මේ දවස්වල ආදරේ කරනවද,පෙම්වතියක්ද කියලා? නිරෝෂා -: මං කාටවත් ආදරෙකරන්නෙත් නැ.පෙම්වතියකුත් නෙමෙයි මේ දවස්වල. ප්‍රශ්නය -: මේ ක්ෂේත්‍රයේ ඔයාට යාළුවො ඉන්නවද? නිරෝෂා -: ක්ෂේත්‍රයේ මං ලඟින් ඇසුරුකරන කවුරුත් නැ.හැබැයි මං කා එක්කවත් තරහ නැ.හැමෝම එක්ක මං සුහදයි.යාළුවො කියල ඉන්නේ ක්ෂේත්‍රයෙන් පිට අය. ක්ෂේත්‍රයේ අය යාළුවො ගොඩට දන්නා බැ.හැබැයි කාගෙන් ඇහුවත් කියයි මං කා එක්කවත් තරහ නැ කියල. ප්‍රශ්නය -: ලඟදි දවසක් සමිත යි නිල්මිණි යි කියල තිබුණා ඔය තුන් දෙනා එකම බෝට්ටුවේ අය කියලා ? නිරෝෂා -: මෙහෙමයි එකම බෝට්ටුවේ කියන්නේ එක දෙයක් සම්බන්දව විතරයි.ඒකත් එහෙම කියන්න බැ.හේතුව දික්කසාද වෙලා තියෙන්නේ මමයි සමිතයි නිල්මිනියි විතරක් නෙමේනේ.දික්කසාදය කියන එකත් එක එක්කෙනාට උරුම දෙයක්.කවුරුවත් දික්කසාද වෙන්න බලාගෙන කසාද බඳින්නැනේ.හැමෝම කසාද බඳින්නේ හම්බවෙන මනුස්සයත් එක්ක සතුටින් ජිවත් වෙන්න.හැබැයි ඔය කවුරුවත් මමවත් සමිතාවත් නිල්මිනිවත් වෙලා නැති නිසා,අපි තුන්දෙනා අපි තුන්දෙනා හැටියට කෙලින් කටින් ජීවත් වෙනවා.ඒ ගැන මං සතුටු වෙනවා.ජිවිතේ හැමෝම සතුටින්ද ජීවත් වෙන්නේ?කසාද බැඳපු හැමෝම සතුටින්ද සහ සෑහීමකට පත් වෙලාද ඉන්නේ කියල ඇහුවොත්, මං හිතන්නැ ලක්ෂයකට එක්කෙනෙක් අත උස්සයි කියලා.මගේ ජීවිතේ මට ලැබිච්ච දේවල් ගැන මං ඉතා සතුටු වෙනවා.මේ රටේ මේ සමාජයේ තව නිරෝෂා කෙනෙක් බිහිවෙලා නැති නිසා මගේ ආත්ම ගරුත්වය එක්ක ආත්ම ශක්තිය ඇතුව මං ජීවත් වෙනවා. ප්‍රශ්නය -: නිරෝෂා ඔයාට හඳහනක් තියෙනවද?ඔයාගේ ජිවිතේ මේ සිද්දවුණු දේවල් ගැන එකේ කියල තියෙනවද? නිරෝෂා -: මම ඉපදිච්ච කාලේ අපේ අම්මා මටත් හඳහනක් හදලා තියෙනවා.ඒ හඳහනේ තිබුණු දේවල් වලින් මේ වෙනකොට සීයයට අනුවක් විතරම හරි ගිහින් තියෙනවා.සමහර අය අවුරුද්දෙන් අවුරුද්දට,ග්‍රහයා වෙනස් වෙනකොට හඳහන අරන් ගිහින් බලනවනේ.ඒවා නම් මගෙන් වෙන්නේ නැ.ලොකු විශ්වාසයක් නෙමේ.යම්කිසි තරමක විශ්වාසයක් තමා ඒ ගැන තියෙන්නේ.එකේ යම් සත්‍යතාවක් තියෙනවා.මං ගායිකාවක් වෙනවා කියල එකේ තිබුනේ නැ.නමුත් කවදා හරි මං ජනප්‍රිය,රටේ පිළිගන්න චරිතයක් වෙනවා කියලා තියෙනවා.
|
රුපියල් ලක්ෂ 70 ක වටිනාකමකින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් මාළඹේ ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. ලැබුණු තොරතුරකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (27) මෙම මුදල් තොගය සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. සොයාගත් මුදල් නෝට්ටු සියල්ලම රුපියල් 2000 ව්‍යාජ නෝට්ටු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා. මෙම එක් නෝට්ටුවක අනුක්‍රමික අංකයක් වන්නේ P 677 99 159. මෙම අංකය සහිත 2000 මුදල් නෝට්ටුවක් හමුවුවහොත් එය ව්‍යාජ මුදල් නෝට්ටුවක් විය හැකි බැවින් ළඟම ඇති පොලිසියට දැනුම් දෙන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
|
බුදු දහම විකෘති කළ පිරිසක් කහවත්තේදී පොලිස් භාරයට. බුදුදහමට එරෙහිව වෙනත් මතයක් පැතිරවීමට උත්සාහ ගත් බව කියන කණ්ඩායමක් රත්නපුර - කහවත්ත - වැල්ලදුරේ - ආගරේගම දී ගම්වාසීන් විසින් අල්ලා ඊයේ (27) පොලීසියට භාර දී තිබෙනවා. ප්‍රදේශවාසීන් සදහන් කළේ බෞද්ධ යැයි පවසා ගත් කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් පිරිසක් බුදුදහමට එරෙහිව විවිධ දේශනා ගම්වාසීන් අතර ප්‍රචලිත කිරීමට උත්සාහ කර ඇති බවයි. විහාරස්ථානවල සිටින භික්ෂූන් වහන්සේලාට දානය නොදෙන ලෙසත් පාංශු කූලයට භික්ෂූන් වහන්සේලා වැඩම නොකරන ලෙසත් ඔවුන් විසින් ප්‍රදේශවාසීන් දැනුවත් කර තිබෙනවා. කෙසේ වෙතත්, ඒ පිළිබදව දැනගත් ප්‍රදේශවාසීන් එම පිරිස අල්ලා බිම දණගස්වා පොලීසිය එනතුරු රදවා ගෙන සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් භාරයේ සිටි එම පිරිස් කහවත්ත පොලීසියට භාරදී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි කහවත්ත පොලීසිය සඳහන් කළේ. බුදුදහමට එරෙහිව වෙනත් මතයක් පැතිරවීමට උත්සාහ ගත් බව කියන කණ්ඩායමක් රත්නපුර - කහවත්ත - වැල්ලදුරේ - ආගරේගම දී ගම්වාසීන් විසින් අල්ලා ඊයේ (27) පොලීසියට භාර දී තිබෙනවා. ප්‍රදේශවාසීන් සදහන් කළේ බෞද්ධ යැයි පවසා ගත් කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් පිරිසක් බුදුදහමට එරෙහිව විවිධ දේශනා ගම්වාසීන් අතර ප්‍රචලිත කිරීමට උත්සාහ කර ඇති බවයි. විහාරස්ථානවල සිටින භික්ෂූන් වහන්සේලාට දානය නොදෙන ලෙසත් පාංශු කූලයට භික්ෂූන් වහන්සේලා වැඩම නොකරන ලෙසත් ඔවුන් විසින් ප්‍රදේශවාසීන් දැනුවත් කර තිබෙනවා. මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රදේශවාසියෙක්
|
කෙසේ වෙතත්, ඒ පිළිබදව දැනගත් ප්‍රදේශවාසීන්එම පිරිස අල්ලා බිම දණගස්වා පොලීසිය එනතුරු රදවා ගෙන සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් භාරයේ සිටි එම පිරිස් කහවත්ත පොලීසියට භාරදී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි කහවත්ත පොලීසිය සඳහන් කළේ.
|
ප්‍රවීන රංගන ශිල්පියෙක් වගේම දේශපාලඥයෙක් වන සනත් ගුණතිලක කියන්නේ කාලෙන් කාලෙට විවිධ හේතු නිසා හැමෝගෙම කතා බහට ලක්වෙන පුද්ගලයෙක්නේ.පහුගිය දවස් වලත් ඔහුගැන ලොකු ආන්දෝලනයක් ඇතිවුනා.හැබැයි ඒ සනත් ගුණතිලකගේ රංගන ජීවිතය ගැනවත් දේශපාලන ජීවිතය ගැනවත් නෙමෙයි.ඔහුගේ තාවකාලික පැවිදි ජීවිතය ගැන.සමහරු ඒ ගැන හොඳ කිව්වා වගේම තවත් සමහරු ඒ ගැන විවේචනය කලා.කොහොමවුනත් ඒ හැමෝටම තිබුන ප්‍රශ්නයක් තමයි සනත් ගුණතිලකට හදිස්සියේම මහණවෙන්න හිතුනේ ඇයි කියන එක.ඒ ගැන වගේම සනත් ගුණතිලකගැන තවත් දේවල් දැනගන්න අපි ඔහුට කතා කලා. ප්‍රශ්නය -: ඔබේ තාවකාලික පැවිදි ජීවිතය ගැන එක එක්කෙනා විවිධ අදහස්පලකලා.අපිට ආරංචිවුන විදිහටනම් චිත්‍රපටයක චරිතයක් සඳහා අත්දැකීම් ලබගන්නයි ඔබ මේ තීරණය අරන් තිබුනේ.ඇත්තටම ඒකද ඇත්ත? සනත් -: ඔව්,චිත්‍රපටය සඳහා පමණයි.හැබැයි පොඩිකාලේ ඉඳන් බුද්ධාගමට මගේ හිතේ කැමැත්තක් තිබුනා.10 පන්තිය වෙනකම් බුද්ධධර්මය වෙනුවෙන් දෙන තෑග්ග හැමදාම දිනපු කෙනෙක් මං.ඒ කැමැත්ත මගේ හිතේ තැන්පත් වෙලා තියෙන්න ඇති.කුඩා කාලයේදී නැත්තන් සමහරවිට පෙරභවයේ ඉඳන් එන කැමැත්තක් වෙන්නැති කියලා මං විශ්වසකරනවා.ඒවා නවතවතාවක් සංවේදී වෙන අවස්ථාවල් එනවා.එවෙනි අවස්ථාවලදී සංවේදීව කටයුතු කරනවා.මං පහුගිය කාලේදී බන භාවනා කටයුතුවල යෙදුනා.ඒවා මාධ්‍යට කිව්වේ නැත්තේ කියා කියා කරන්න ඕන දේවල් නෙමේ නිසා.මට ඕනනම් තිබුනා මේ චිත්‍රපටයෙ පැවිදි චරිතය වෙනුවෙන් උදේට සිවුරක් දාගෙන හවසට ගලවල දාන්න.එත් මට එහෙම උවමනාවක් තිබුනේ නැ.විශේෂයෙන්ම මව පැවිදි කරපු නාලන්දරමේ පාලිත ස්වාමින්වහන්සේ කියාසිටියා,මහත්මයා හොඳ බෞද්ධයෙක්,මගේ දායකයෙක් එනිසා මේ කටයුත්ත තාවකාලික පැවිද්දතුල කරමු කියලා.ඉතින් මං ඒ විදිහට කළා. ප්‍රශ්නය -: ඒ තීරණය ගැන කවුරුත් දොස්කිව්වේ බැන්නේ නැද්ද? සනත් -: මට බැන්නේ ඕකට විතරද?මොකටද මට බැනලා නැත්තෙ.මම මෙහෙම කියන්නම්.චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ කාලේ මම මාධ්‍ය උපදේශක වෙලා ඉන්නකොට සිද්ද වෙච්ච හැමදේකටම සනත්.එක දෙයයි මම නෙමේ.චන්ද්‍රික මැතිනියට බෝම්බ වැදුනනේ.ඒක එයාම කරගත්ත දෙයක් කියලයි ඔය ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් කිව්වේ.ඉතින් මේවගේ දේවල්වලින් මාව වට්ටන්න,සලිත කරන්න බැ.මේ පිළිබඳව විචාර විවේචන වෙනයි.උපහාස අපහාස වෙනයි.මම ඒවා ඉවසනවා.මම මගේ වැරදී හදාගන්න උත්සහකරනවා.නිවැරදිවෙන්න උත්සහකරනවා.මාව පැවිදි තත්වයට පත්කරපු සංඝරත්නයම ඒවාට පිලිතුරු හෝ එකඟවීම් කරයි.නමුත් අපේ ගිහි සමාජයේ එක එක මත තිබුනා.විවිධ මත පිළිබඳව සංවේදීව බලපු අයත් හිටියා.එලොවටත් මෙලොවටත් නැතිකාටහරි මොනවා හරි කියන අපතයොත් හිටියා. ප්‍රශ්නය -: දැන් අහන්නේ වෙනස්ම ප්‍රශ්නයක්.ඔබට wedding cake පෙන්නන්න බැරිද? සනත් -: පෙන්නන්න බැරි කමක් නැ.ඒවැ සීනි තියෙන නිසා මම කන්න එච්චචර කෙමති නැ.ඕන කෙනෙක් ඇවිල්ලා ඕන දෙයක් පෙන්නලා ගියාට මට කමක්නැ.මොන දේට උනත් එච්චචර බැදිල්ලක් නැ.ඒ උනාට chocolate වලටනම් මම ටිකක් ප්‍රියයි. ප්‍රශ්නය -: කැමරාව ඉදිරියේදී ඔබ දහස්වතාවක් පෙම්වතා වෙලා ඇති.ඒවගේමයි විවාහවෙලත් ඇති.එත් සැබෑ ජීවිතේදී ඔබ තනිකම තෝරගෙනද ඉන්නේ? සනත් -: තනිකම තෝරාගෙන නැ.ඒඋනාට ලැබිල තියෙනවා.තනිකම කියන එකෙත් මම විශාල ආශ්වාදයක් ලබනවා.මට ගැටළුවක් නොවුණු තනිකම ගැටළුවක් කරගෙන තියෙන්නේ ඔබයි මේ ප්‍රශ්නේ අහන අනිත්අයයි.කොහොම උනත් මේ තනිකමින් මං මිදෙනවානම් මිදෙන්නේ, මං දැන් ගෙවන සරල නිදහස් ජීවිතයට වගේම මගේ සිතුම් පැතුම් වලට බාධා නොකරන කෙනෙක් මුණ ගැසුනොත් විතරයි. ප්‍රශ්නය -: ඒ කියන්නේ ඔබේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවා? සනත් -: බලාපොරොත්තු කාටද නැත්තේ?එකම දේ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්නේ නැ. ප්‍රශ්නය -: ඒ කාලේ ඔබත් එක්ක දක්ෂ ඒවගේම ලස්සන නිලියෝ ගොඩක් රඟපැවනේ.සමහර අයගේ නම් එක්ක ඔබේ නමත් සම්බන්ද වෙච්ච අවස්ථා තිබුනා.එත් ඒවාට මොකද වූනේ?ඒගොල්ලෝ සනත්ට අකමැති උනාද,සනත් ඒගොල්ලන්ට අකමැති උනාද? සනත් -: ඔයා වෙලාවක කතාකරලා ගිහින් ඒගොල්ලන්ගෙන්ම අහන්නකෝ.විශේෂයෙන්ම ඔය වගේ නිවේදිකාවක් අහපුවම කියයි.නිළියන්ට පැහැදිලිව උත්තර දෙන්න පුළුවන් වෙයි. ප්‍රශ්නය -: ඔබ ඒගොල්ලන්ට අකමැති වුනාද? සනත් -: අනේ පිස්සුද?මම අකමැති වෙනවද කවදාවත්.එයාල මගේ කැමතිම අය. ප්‍රශ්නය -: ඒ අතර විශේෂ කෙනෙක් හිටියේ නැද්ද? සනත් -: ඔක්කොමල විශේෂයි මට. එක එක ආකාරයට. ප්‍රශ්නය -: ඔබ චිත්‍රපටි රැසක රඟපාල තියෙනවා.ඒ අතරින් ආපහු ආපහු බලන්න කැමති චිත්‍රපටයක් තියෙනවද? සනත් -: එහෙම චිත්‍රපට කිහිපයක්ම තියෙනවා.ඒ උනාට ගොඩක් අය කතාකරන්නේ විරාගය ගැන.එකත් මට විශේෂයි.නමුත් පාලම යට,කැඩපතක චායා,සිසිල ගිනිගනී,එකමත් එක රටක,සුජාතා වගේ චිත්‍රපටි රැසක් තියෙනවා.ඇත්තටම මං රංගනයට අහම්බෙන් අවේ.ඒකට මං මුල් කාලෙම අවංක උනේ මට වෙන කරන්න දෙයක් තිබුනේ නැති නිසා.මං රංගන ශිල්පියෙක් උනේ ජීවත්වෙන්න ඕන නිසා.නැතුව මගේ පෞර්ෂයවත්, පෙනුමවත් ,ආකර්ශනයවත් පෙන්නන්න නෙමේ.මේක මගේ රැකියාව උන හින්දත් මගේ එදිනෙදා ජීවිතය උන හින්දත් මං කැපවීමෙන් කලා.වාණිජ කලාත්මක කියල මං චිත්‍රපට බෙදුවේ නැ.මගේ ඉදිරි ගමනට ඒක වැදගත් වුනා.ඒ හින්ද මං ඕනෑම චිත්‍රපටයක් දෙස ආපහු හැරිලා බලයි.සතුටුවෙයි. ප්‍රශ්නය -: මේ දවස් වල ඔබ මොනවගේ නිර්මාණ කටයුතුවලද නිරතවෙලා ඉන්නේ? සනත් -: මගේ සිනහව අතරින් කියන චිත්‍රපටයේ කටයුතු තමා කරන්නේ.සංස්කරණ කටයුතු ඉවරයි.එතනින් එහාට කරන්න තියෙන වැඩවලට මත සුනිල් ටී. මහත්මයත් එකතුවෙලා වැඩ කරගෙන යනවා.මේක ටිකක් බැරෑරුම් චිත්‍රපටයක්.ඒකට අමතරව ඊළඟ කතාවේ තිර රචනය කරගෙන යනවා.ඒ වගේම තව යම් යම් දේවල් ටිකක් ලියාගෙන යනවා.ඒ මොනාද කියල මං හිරුට පස්සේ දවසක කියන්නම්. ප්‍රශ්නය -: ඔබ පොතක් ලියන්නද යන්නේ? සනත් -: පොතක් ලියන්න උවමනාවක් නැ.සමහර අවස්ථාවල මට හිතෙන දේ,මගේ වැඩිහිටි පරම්පරාවේ මං ගරුකරන ටෝනි රණසිංහ,අයිරාංගනී සේරසිංහ,තිස්ස අබේසේකර වැනි ය පිළිබඳව විටින් විට මං ලියනවා.මේක සමහරවිට මටත් සම්බන්ද යම් ආකාරයක කරුණු පැහැදිලි කිරීමක් වෙන්න පුළුවන්.
|
නව අයවැය සකස් කිරීම උදෙසා විවධ පාර්ෂවයන්ගෙන් දත්ත එක්රැස් කිරීමට සාකච්ඡා වට ගණනාවක් පසු ගිය දිනවල අරලිය ගහ මන්දිරයේදී පැවැත්වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව පසුගිය 22වැනිදා පැවැත්වූයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වරුන්ගේ රැස්වීමයි. එහිදී,රටේ වියදම් වෙන්කළ යුතු අකාරය පිළිබඳ විවධ කෂේත්‍ර මට්ටමින් වෙන වෙනම අවධානයට ලක්කරමින් සිටින අතරේ අපූරු සිද්ධියක් වාර්ථා වුනා. කොළඹ දිස්ත්‍රික්කයේ තොරතුරු පිළිබඳ ජනාධිපතිතුමා විමසා සිටිය අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් එකවර නැගී සිටියා. ඒ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන ආර්. දුමින්ද සිල්වා මහතා සහ තිලංග සුමතිපාල මහතායි. දෙදෙනා දෙසම එකවර බැලූ ජනාධිපතිවරයා “ඔව් දුමින්ද කියන්න....” යැයි පැවසුවා. කිසිවක් නොවූවා සේ හෙමිහිට වාඩිවුනු තිලංග මන්ත්‍රීතුමාගේ හැකිලුණු මුහුණ දුටු පැමිණ සිටි අනෙකුත් මන්ත්‍රී වරුන්ගේ මුවගට සිනහවක් නැගුනේ නිතැතින්මයි....
|
රොෂාන් පිලපිටිය සහ චතුරිකා පීරිස්, කලා ලෝකයේ හිටපු ජනප්‍රිය පෙම්වතුන් යුවලක්. හැබැයි මේ දෙන්නගේ ආදර කතාවටත් කනකොකා හැඬුවා. චතුරිකා - රොෂාන්ගෙන් වෙන්වෙලා දැන් ටික කාලයක් වෙනවා. හැබැයි මේ සිද්ධියෙන් පස්සේ ටික කාලයක් යනකම් රොෂාන්ගේ කිසි සද්දයක් තිබුණේ නෑ. ඒත් එක පාරටම ඔහු කරළියට ආවේ අළුත් කතාවකුත් එක්ක. ඒ තමයි රොෂාන් පෙනී ඉන්න රූප රචනය. ඒක දැකපු ගොඩක් අය කියනවා, රොෂාන්ගේ ජීවිත කතාව තමයි ඒකේ තියෙන්නේ කියලා. ඒක ඇත්තක්ද කියලා දැන ගන්න අපි රොෂාන් පිලපිටියට කතා කළා.
|
ප්‍රශ්නය :- රොෂාන් ඇත්තටම මේ විෂුවල් එකේ තියෙන්නේ ඔයාගේ කතාව නේද ?
|
රොෂාන් :- නෑ මේ විෂුවල් එක මගේ ජීවිතයට කිසිම සම්බන්ධයක් නෑ. පළවෙනි වතාවට මං රූපරචනයකට සහභාගී වුණා. ඒකත් පූර්ණිකාගේ හස්බන්ඞ් සහන්ගේ බලවත් ඉල්ලීම මත. මං අනුකම්පාවක් බලාපොරොත්තුවෙන්වත්, කාගේවත් හිත් රිදවීමකටවත් නෙමෙයි මේක කළේ. මං කියවලා, ලියලා කරපු දේකුත් නෙවෙයි. අනික ගායකයාව හම්බවුණෙත් රූගත කරපු දවසේ. විෂුවල් එකේ සමහර තැන්වල මගේ නමම යොදලා තිබුණා. සමහර විට ඒක හින්දා වෙන්න ඇති කට්ටිය මෙහෙම හිතන්නේ.
|
ප්‍රශ්නය :- ඒ විෂුවල් එක පස්සේ හරි දකිද්දි හිතුණේ නැද්ද ඒ තියෙන්නේ ඔයාගේ කතාව කියලා....?
|
රොෂාන් :- මුකුත් හිතුන් නෑ, මං ඒක බැලූවෙත් එක පාරයි. මං ටෙලිවිෂන් බලනවා හරි අඩුයිනේ. මං ගායකයාට සුබපතනවා. ඇත්තටම මේ විෂුවල් එකත් මගේ සම්බන්ධයක් නෑ.
|
ප්‍රශ්නය :- පසුගිය කාලේ අපිට ඔබව නිර්මාණවලින් වැඩිපුර දකින්න ලැබුණේ නෑ.
|
රොෂාන් :- ඔව් ඒකට හේතුව මං දීර්ඝ ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණේ නැති එක. පළවෙනියටම මං මෙගා නාට්‍යයකට සම්බන්ධ වුණේ හිරු ටීවී එකේ යන සඳසාවී නාට්‍යයට. අනික ව්‍යාපාරයකටත් සම්බන්ධ වෙලා ඉන්න නිසා තමයි මාව වැඩිය දකින්න නොලැබුණේ.
|
ප්‍රශ්නය :- චතුරිකා ඔබෙන් වෙන්වුණු එක ගැන, ඒ ඇතිවුණු ප්‍රශ්න ගැන ඔබේ හිතේ දුකක් පසුතැවීමක් නැද්ද ?
|
රොෂාන් :- මගේ හිතේ නම් පසුතැවීමක් නෑ. ඕක රසිකයන්ට තියෙන ප්‍රශ්නයක් ඇරෙන්න, එයාටවත් - මටවත් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. එයත් හොඳින් ඇති කියලා හිතනවා. මාත් හොඳින් ඉන්නවා, ඒ ගැන අපි කතා කරන්නේවත් නෑ. අනික මගේ ජීවිතේට ඒක ලොකු දෙයක් නෙවෙයි. මිනිස්සුන්ට දේවල් ලැබෙනවා, නොලැබෙනවා. මං හිතන විදියට ජීවිතය කියන්නේ එක්ස්පිරිමන්ට් එකක්. ඒක හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. ඒක එච්චර දෙයක් නෙවෙයි, මගේ ජීවිතය සුපුරුදු විදියට සතුටින් ගෙවිලා යනවා.
|
ප්‍රශ්නය :- ඔයාට දැන් හිතනවද චතුරිකාට ආදරය කරපු එක, එයාව ජීවිතයට එච්චර ළං කරගත්ත එක අපරාදේ කියලා...?
|
රොෂාන් :- එහෙම දෙයක් නෑ....ආදරය, විරහව මේ හැමදේම හැඟීම් දැනීම් විතරයි. මාව ඇසුරු කරන ඕනේ කෙනෙක්ට මං ළඟ නිදහස තියෙනවා. නිදහස කියන්නේ යුතු දේ කිරීම මිස අයුතු දේ කිරීම නෙවෙයි. යුතු අයුතු දේ තමන්ගේ බුද්ධි මට්ටම අනුවයි තීරණය වෙන්නේ. ඒ වෙලාවේ හරි කියලා තව පාර්ශවයක් ගත්ත තීරණය ඒක ඇයට හරි ඇති. ජීවිතයේ බැඳීම් ඇති වෙනවා, නැති වෙනවා. ඇත්තටම මගේ ජීවිතයේ ලොකු දෙයක් වුණේ නෑ.
|
ප්‍රශ්නය :- දැන් කොහේදී හරි ඇයව මුණ ගැසුණොත්.....?
|
රොෂාන් :- එයාගේ නංගිගේ හස්බන්ඞ් තමයි ඔය විෂුවල් එකත් කළේ, ඒ සම්බන්ධකම් තියෙනවා....එහෙම ප්‍රශ්නයක් වෙන එකක් නෑ, ඇයටත් මාව හමුවුණොත්.
|
ප්‍රශ්නය :- රොෂාන් තාම තනිකඩ ද ?
|
රොෂාන් :- ඔව්....දන්නේ නෑ, ජීවිතේ කොයි විදියට ගෙවෙයිද කියලා..නමුත් මේ මොහොතේ නම් මගේ වැඩකටයුතු කරගෙන යනවා, එහෙම කිසිම දෙයක් ඔළුවේ නෑ...
|
ප්‍රශ්නය :- ඊළඟට පෙම්වතියක් තෝරා ගනිද්දී මොනවද හිතන්නේ ?
|
රොෂාන් :- ඇත්තටම එහෙම කොහොමද කියලා ඔළුවේ නෑ, මං ජීවිතේ ඒ විදියට තීරණයක් අරන් නෑ. හොඳ දෙයක් වෙන්නත් ඉඩ තියෙනවා, නොවෙන්නත් ඉඩ තියෙනවා. එහෙම බඳින්නම කියලා නියමයකුත් නෑ ලෝකේ. නොබැඳ ඉන්න කියලා නියමයකුත් නෑ..එන විදියට මූණ දෙනවා.
|
ප්‍රශ්නය :- එතකොට කලා ජීවිතයේ බලාපොරොත්තු මොනවද ?
|
රොෂාන් :- ෆිල්ම් එකක් කිරීමේ ලොකු අදහසක් තියෙනවා. දැන් තිර පිටපතේ මූලික අඩිතාලම සකස් කරගෙන යනවා. මගේම අධ්‍යක්ෂණයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. පිටපතේ වැඩ ඉවර වුණාම තාම කොයි කාලේද කරන්නේ කියලා හිතන්නේ.
|
ප්‍රශ්නය :- ඔබත් ඒකේ රඟපායිද ?
|
රොෂාන් :- හරි තීරණයක් නෑ ඒ ගැන....පිටපත අවසන් වුණාම තමා ඒ ගැන තීරණය වෙන්නේ....
|
මේ දවස්වල හැමෝගේම කථාබහට ලක්වුණු කෙනෙක් ගයේෂා පෙරේරා. ඒකට ලොකුම හේතුව ඉගිලෙන මාළුවෝ චිත්‍රපටයේ ඇගේ රඟපෑම. කොහොම වුණත් අද ගයේෂාට විශේෂ දවසක්. මොකද අද ඇය 26 වෙනි උපන් දිනය සමරනවා. ඉතින් උපන් දිනයට සුබපතන අතරවාරයේ ගයේෂා පෙරේරා එක්ක අපි කරපු කථා බහ තමයි මේ.
|
ප්‍රශ්නය :
|
ගයේෂා අවුරුදු 26 ක් කියන්නේ ගැහැණු ළමයෙක් කසාද බඳින්න ඕන හොඳම වයස.
|
ගයේෂා :
|
25 න් කසාද බඳින්න ඕනේ, 30 න් ළමයි හදන්න ඕන, ඊට පස්සේ 60 දී මැරෙන්නත් ඕනේ. එහෙම ද කියන්නේ? ගොඩක් දේවල් වෙන්නත් ඕනේ හැබැයි ඒකටත් වෙලාවක් තියෙනවා. ඒ වෙලාවේදි හැම දේම සිද්ධවෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. මටත් ඇත්තටම කියන්න බෑ අද හෙට වෙයිද කියලා. අපි තවම තීරණය කරලා නැහැ. කවදා කොයි වෙලාවෙද කසාද බඳින්නේ කියලා. හැබැයි ඉතින් අනපේක්ෂිත අයුරින් සිද්ධවෙන්නත් හැකියාව තියෙනවා. අපිට හිතුනොතින් දැන් හොඳයි ඒකට කාලය අවශ්‍යයි කියලා සමහරවිට එහෙම වෙලාවකදී මාසයක් ඇතුලත හෝ තීරණයක් ගන්නවා. ඒක නිසා කොයි වෙලාවේ හරි ලැහැස්ති වෙලා ඉන්න මගේ වෙඩින් එකට එන්න.
|
ප්‍රශ්නය :
|
ජනප්‍රිය ගායකයෙක් වෙන හසන්ජිත් ගයේෂාගේ පෙම්වතා කියලා මුළු රටම දන්නවා. ඒත් ඔයා ඒ ගැන කියන්නේ නැහැ. ගයේෂා :
|
ඉතින් දෙයියනේ මුළු රටම දන්නවානම් මම ඕක කියන්නේ මොනවටද? නිර්මාණයක්. කළාම, එතකොට මේ හැම දෙයක්ම කළාම අපි කථා කරන්න ඕන නෑ.ඇත්තමට අපේ පෞද්ගලික ජීවිතේ දේවල් දැන් ස්ථිර වෙන්න ළඟයි. ඔය ස්ථීර වෙනකං ඉතින් ඔහොම තිබ්බදෙන් කියල තමයි හිතන්නේ. විශේෂයෙන්ම මුලින් කියද්දී කිසි අගයක් නැහැනේ. විවාහයෙන් කෙළවර වුණාම කියද්දි තමයි ඒ දේවල්වල අගය වැඩි. මටනං ඉතිං එහෙම විශේෂයෙන් හංගන්න කිසිම දෙයක් නැහැ. මගේ ෆේස් බුක් එකේ ගිහිල්ලා බැලූවත් අපි දෙන්නාගේ පින්තූර ඕන තරම් බලාගන්න පුළුවන්.
|
ප්‍රශ්නය :
|
ඉගිලෙන මාළුවෝ චිත්‍රපටයේ ඔයාගේ රඟපෑම් ආන්දෝලනයට ලක්වුණා. ඔය වගේ චරිතයක් භාරගන්න, ඒ වගේ තීරණයකට එන්න සමහරවිට නළු නිළියන්ට මුළු ජීවිත කාලෙම මදි. හැබැයි ඔයා ඒ තීරණය ගත්තා. දැන් ඒ ගැන පසු තැවෙනවාද?
|
ගයේෂා :
|
නැහැ. මං ඇත්තටම මගේ ජීවිතයේ ගත්ත තීරණය ගැන වැරදියට හිතන්නේ නැහැ කොයිම වෙලාවකදිවත්. මම ඇත්තටම රටේ ඉන්න අනික් නිළියන් විවේචනය කිරීමට අකමැති මනුස්සයෙක්. මොකද ඒ ඒ අය ඒ අයට සුදසු විදිහට තමයි තම කාර්යයේ නිරතවෙන්නේ. ඉතින් ඔවුන්ට මම කරන දේ කරන්න කියලවත්, මට ඔවුන් කරන දේ කරන්නවත් උවමනාවක් නැහැ. ඉතින් මම හැම තිස්සේම මගේ ආදරණීය කලා ක්‍ෂේත්‍රයේ ඉන්න ප්‍රවීනයන්ව අගය කරනවා. ඔවුන් මාව අගය කරනවා හැම තිස්සේම. ඔවුන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා මට. හැබැයි ඒ අයටත් කරන්න පුළුවන් සීමාවල් තියෙනවා. මට කරන්න පුළුවන් සීමාවල් තියෙනවා රංගන ක්‍ෂෙත්‍රය තුළ. ඉතින් ඒ ඒ අය ඒ ඒ විදහට තමයි වැඩ භාරගන්නේ. ඉතින් මම කොයිම වෙලාවකදිවත් හිතන්නේ නැහැ මම ගත්ත තීරණය වැරදියි කියලා. මෙම නිර්මාණ අතුරින් මිනිසුන්ගේ සහ හැමෝගේම ග්‍රහණයට මම ලක්වුණා. ඉතින් මම හිතනවා මේ කිසිම පාලනයක් නැති වෙබ් සයිට් තම අරමුණු ඉදිරිපත් කරගත්තා කියලා. ඉතින් ඒ දිහා බුද්ධිමත් ප්‍රේක්ෂක ඇහෙන් බලන ප්‍රේක්ෂකයන්ට තමයි මම නිර්මාණ දායාද කළේ. ඉතින් ඒ දිහා වැරදි ඇහෙන් බලන ප්‍රේක්ෂකයන් වැරදි ඇහෙන් බැලූවට කිසි අමනාපයක් නැහැ. හැබැයි මම ඉදිරියට කියන්න තියෙනවා මේ රටේ ඉන්න පීඩිත පාන්තික ජනතාවගේ, පීඩිත පාන්තික කතාව, ඔවුන්ගේ හඩ වෙන්න පුළුවන් කියලා ගයේෂා පෙරේරාට ඉදිරියේදි. ඉතින් මම ඒ අරමුණින් වැඩ කරනවා. ගොඩක් අසරණ වෙච්ච ඒ කාන්තාවන් වෙනුවෙන් ඉදිරියේදී මම පෙනී හිටින්න ගොඩක් වෙලාවට ඉඩකඩ තියෙනවා කියන එක තමයි ඉතින් කියන්න තියෙන්නේ.
|
ප්‍රශ්නය :
|
ඡන්දේ ඉල්ලන්න බලාපොරොත්තුවක් තියෙනවාද?
|
ගයේෂා :
|
හොඳ රාජ්‍ය නායකයෙක් යටතේ එහෙම ඡන්දේ ඉල්ලන්න අවස්ථාවක් ලැබුනොත් ඒ පිළිබඳව සළකා බලනවා.
|
ප්‍රවීණ රංගනශිල්පි ජයසේකර අපෝන්සු අධ්‍යක්ෂණය කරපු ”සීතා මං ආවා” චිත්‍රපටය සිනමා ශාලාවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ අදහස් හිරු එන්ටර්ටෙයින්ට්මන්ට් ප්ලස් තුළින් අපි ඊයේ ඉදිරිපත් කළා.
|
මේ කතා බහේදී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක ගැනත් සදහන් වුණා.
|
ජයසේකර අපෝන්සු කියන විදිහට දින එකසිය ගානක් තිරගත වුණු සිරපැරකුම් අධ්‍යක්ෂණය කරපු ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකට තිබුණලූ සහෝදර කලාකරුවෙකු විදිහට තමන්ගේ ”සීතා මං ආවා” වෙනුවෙන් ඉඩක් ලබාදෙන්න.
|
ඉතිං මේ ගැන සෝමරත්න දිසානායකගේ අදහස් දැන ගන්න අපි ඔහුටත් කතා කළා.
|
ප්‍රශ්නය:-
|
රංගන ශිල්පි ජයසේකර අපෝන්සුගේ මේ ප්‍රකාශය ගැන ඔබතුමාගේ අදහස මොකක්ද?
|
සෝමරත්න:-
|
මගේ චිත්‍රපටය අයින් කලා කියලා, ඊළඟ චිත්‍රපටවලට සෙනඟ එන්නෑ. සෙනඟ එන්නේ චිත්‍රපටයේ තියන ආකර්ශනය සහ ඒක බලන්න ප්‍රේක්ෂකයෝ තීරණය කරන එක හෝ නැති එක මත. මගේ චිත්‍රපටය ඉවත් කරන එක තීරණය කරන්නෙත් ප්‍රේක්ෂකයෝ. දින එකසිය ගානක් පෙන්නුවා වුණත් ඔවුන් කැමතිනම්, අපේ යුතුකම තමා ඒක බලලා ඉවර වෙනකං පෙන්වන එක. චිත්‍රපටයෙන් චිත්‍රපටයට මේක වෙනස්. ඒ හින්දා දුවන චිත්‍රපටයක් අයින් කරලා, දුවන්නැති එකක් දැම්මට වැඩක්නෑ. අපෝන්සු මහත්තයා එහෙම කියනවානම්, ඒක වැරදියි. වෙන කිසිම චිත්‍රපටයක් නැතුව ඒක විතරක් තිබුණත්, ප්‍රේක්ෂකයෝ බලන්නේනෑ, බලන්න දෙයක් නැත්නම්. ඒ හින්දා මං මගේ මිත්‍ර ජයසේකර අපෝන්සු මහත්තයාට කියන්නේ දුවන චිත්‍රපටවලට දොස් කියන එක නෙවෙයි කරන්න ඕනේ, ප්‍රේක්ෂකයෝ ආකර්ශනය වන චිත්‍රපට හදනඑක. අපි ගණුදෙනු කරන්නේ ප්‍රේක්ෂකයෝ එක්ක මිසක්, සිනමාකරුවෝ එක්ක නෙවෙයි. තවත් සිනමාකරුවෙකුගේ නිර්මාණයක් තමන්ගේ නිර්මාණයට බලපානවා කියලා චෝදනා කරනවා නම්, ඒකෙන් පේන්නේ තමන්ගේ නිර්මාණය දුර්වලයි කියන එක. ඒකේ වැරැද්දවෙන කාගෙවත් නෙවෙයි, තමන්ගෙමයි. මෙන්න මේ සත්‍යය අවබෝධකර ගැනීමට මගේ මිත්‍ර ජයසේකර අපෝන්සු මැතිතුමාට සිහිබුද්ධිය පහළ වේවායි කියා මම ප්‍රාර්ථනා කරනවා.
|
ප්‍රශ්නය:-
|
ඔහු මේවගේ දේකුත් කිව්වා. මේ ක්ෂේත්‍රයට එන්න ඉන්න අලූත් අයට මේ සිනමා මාෆියාවෙන් එන්න ඉඩක් දෙන්නේ නෑ. මේක එක්කෙනෙක්ගේ බූදලයක් නෙවෙයි කියලා. ඔබතුමා හිතන විදිහට, මේ ක්ෂේත්‍රයට නවකයන්ට එන්න ඉඩක් නැද්ද?
|
සෝමරත්න:-
|
අපෝ ඇයි නැත්තේ. අපිත් අලූත් අයනේ... අපි ඉතින් උපදිනකොටම චිත්‍රපටිකරුවෝ නෙවෙයිනේ... අලූත් අයට එන්න ඕන තරම් අවස්ථාව තියනවා. අලූත් අය එන්නත් ඕනේ. කවුරු හරි කියනවා නම්, ඒ අයට බාධාකරනවා කියලා, ඒක වැරදියි. අපිටත් කියන්න කවුද එහෙම කරන්නේ කියලා. හැබැයි මෙහෙම පිරිසකුත් ඉන්නවා. අලූතින් චිත්‍රපට හදනවා. ප්‍රේක්ෂක ආකර්ශනයට ලක් වෙන්නේ නැහැ. ඉතින් ප්‍රතික්ෂේපවෙනවා. එතකොට සාර්ථක චිත්‍රපට හදන ප්‍රවීණයන්ට දොස් කියනවා. ඒක නම් එච්චර හොඳ ගතියක් නෙවෙයි. මගෙත් තිබුණා පළමුවැනි චිත්‍රපටය කියලා එකක්. ඉතිං මටත් කියන්න තිබුණා, අනිත් අය හින්දා මට එන්න ලැබුන් නැහැ කියලා. හැබැයි මගේ පළමුවැනි චිත්‍රපටයටත් සෙනඟ ආවා. මම මේ මොහොතෙත් අලූත් නිර්මාණයකට උදව්කරනවා. මම දන්න සාස්තරේ කියලා දෙනවා. කවුරු හරි එහෙම අලූත් ළමයින්ට අවහිර කිරීමක් කරනවා නම්, ඒක වැරදියි. මටත් කියන්න කවුද එහෙම කරන්නේ කියලා. මම ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන්න පියවර ගන්නවා.
|
ප්‍රශ්නය:-
|
ඔබේ අති සාර්ථක වුණු සිරිපැරකුම් චිත්‍රපටයෙන් පස්සේ ඔබ ඊළඟට මොකක්ද කරන්නේ කියලා ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්නවා. ඔබේ හිතේ අදහසක් එහෙම තියෙනවද?
|
සෝමරත්න:-
|
මගේ හිතේ ගොඩක් අදහස් තියෙනවා. නමුත් ඊළඟට චිත්‍රපටයක් කරනවදනැද්දකියනඑකත්, මටප්‍රශ්නයක්. දැනටඅපේ චිත්‍රපට ක්ෂේත්‍රයේප්‍රශ්න තියෙනවා. ප්‍රේක්ෂකයෝ, මාධ්‍යවේදීන් මේ කාරණා දන්නවා. චිත්‍රපට සංස්ථාවේ නීතියක් පනවලා තියෙනවා, පිටපත් 35 කට වැඩියෙන් මුදාහරින්න බැහැ කියලා. හැබැයි මට මේ නීතියයටතේ චිත්‍රපට හදන්න බැහැ. මම හදන්නේ දැවැන්ත වියදමක් දරලා, දැවැන්ත ප්‍රේක්ෂක ආකර්ශනයක් තියන චිත්‍රපටි. මගේ චිත්‍රපටි පිටපත් 35ට සීමාකරන්නබැහැ. ඉතින් මේ පිටපත් 35 හේසීමාව දිගටම තියනවානම්, මට මම හදන ආරේ චිත්‍රපටි හදන්නබැහැ. ඉතින් මම ඒ නීතිය වෙනසක් වෙනකං චිත්‍රපටි හදන්නේ නැහැ, කණගාටුවෙන් වුණත් ඒක මම කියනවා. මම ආදරය කරපු, මම ඉගෙන ගත්ත සිනමාවෙන් මට සමුගන්න වෙනවා, මේ නීතිය පවතින තාක්කල්. පුළුවන් නම් මගේ ප්‍රේක්ෂකයෝ, අසන්නෝ මේ අසාධාරණ පිටපත් සීමාවේ නීතියට එරෙහිව කතා කරන්න.
|
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක සමගින් කල සංවාදය පහතින්
|
ආන්දෝලනයකුත් එක්කනේ ආවෙ.ඒ ආවා වගේම වැඩිකල් නොගිහින්ම චිත්‍රපටය ඉවත්වෙලා.මේ ගැන දැනගන්න අපි කතාකළා ජයසේකර අපොන්සුට. අපොන්සු-මං හරිම කණගාටුවෙන් කතා කරන්නේ.හැබැයි ඔබ කතාකරන වෙලාවෙත් මං නුවරඑළියේ තරු සොබා කියන මගේ අලූත්ම චිත්‍රපටිය රූගත කරමින් ඉන්නේ.මං වගේම තව අලූත් අයත් ෆිල්ම්ස් හදනවා.ඒ ඉන්න අයට මේ මාෆියාවෙන් එන්න දෙන්නෙ නෑ.මේක එක්කෙනෙක්ට අයිති බූදලයක් නෙවෙයි.මගේ සීතා මං ආවා චිත්‍රපටිය නිෂ්පාදනය කළේ චමින්ද රණසිංහ.ඔහු හිතාගෙන හිටියේ චිත්‍රපටි සංස්ථාව යටතේ මේ ෆිල්ම් එක ප්‍රදර්ශනය කරන්න.නමුත් ඒගොල්ලො කිව්වා රන් කෙවිට ෆිල්ම් එකෙන් පස්සේ පෙන්නන්නම් කියලා.නමුත් අපේ නිෂ්පාදකට MPI සිනමා ශාලා 20 ක් හම්බවුණා.මගේ සීතා මං ආවා ප්‍රදර්ශනය කරනකොට සිරි පැරකුම් චිත්‍රපටිය අති සාර්ථකව ප්‍රේක්ෂකයො නරඹන ෆිල්ම් එකක් වෙලා ඉවරයි.එතකොට රන් කෙවිටත් ප්‍රේක්ෂකයො පැමිණෙන චිත්‍රපටියක් වෙලා ඉවරයි.මෙතනදි ෆිල්ම් 3ක් බලන්න ප්‍රේක්ෂකයන්ට සල්ලි නෑ.ඉතිං හුගාක් අය සිරි පැරකුම් බලන්න ගියා.තවත් අය රන් කෙවිට බලන්න ගියා.තව සමහර අය අපි මේක බලන්නම් කිය කියා හිටියා.ඒ අවස්ථාවේ රාවණා බලය කුලප්පු වෙලා අපිට කරපු ආන්දෝලනයත් එක්ක හුගාක් අය මේක ෆිල්ම් හෝල් වල තියෙනවනෙ කියලා අනිත් ෆිල්ම් බලන්න ගියා.ඒත් සිනමාහල් වල Housefull නොවුණත් සදුදා පවා හුගක් පිරිස් ඇවිත් හිටියා ෆිල්ම් එක බලන්න.හැබැයි හවස 4.30 ට සෙනග අඩුවුණා.ඔය සිනමාහල් වල අධිපති නිෂ්පාදකට කියලා තිබුණා දවසට 50,000ක් ඕනි මේවා පවත්වා ගෙන යන්න.නැත්නම් ෆිල්ම්ස් ගලවනවා කියලා.හැබැයි ලක්ෂ 3ක් දුන්නොත් මාස 10 ක් තියාගන්නවා කියලත් කිව්වා.කිරිබත්ගොඩ හිමාලි සිනමාශාලාවේ මැනේජර් කිව්වා දවසට 11,000 ක් ඇති කියලා.නමුත් අපේ චිත්‍රපටිය දවසට 15,000 ක් කරලා තිබුණා.කැතම වැඬේ මහරගම අනූෂා සිනමාශාලාවේ දින එකසිය ගාණක් සිරි පැරකුම් චිත්‍රපටිය පෙන්නුවා.ඒත් අපේ අහිංසක චිත්‍රපටිය උඩට එද්දිම ඒක ගලවලා දැම්මා.මොකද්ද මේ අසාධාරණය?අපිට ගොඩනැගෙන්න පුලූවන්ද? මේ අසාර්ථක වෙලා සෙනග එන්නෙ නැතුව හෝල් වේලි වේලි තිබුණා නම්,ගැලෙව්වට කමක් නෑ. ප්‍රශ්නය-ඔබට හිතෙන විදියට මෙහෙම කරන්න හේතුව කුමක්ද? අපොන්සු-ජයසේකර අපොන්සු සිනමාකරුවෙක් විදියට ඔලූව උස්සනවට කවුරුත් කැමති නැතුව ඇති.හුගක් අය ෆිල්ම් එක පටන්ගන්න කාලෙ කිව්වා අධ්‍යක්ෂ කෙනෙක් නැතුවද ඔය මිනිහට දෙන්නෙ කියලා.මං පාතාලේ සොල්දාදුවෝ නාට්‍යයට සම්මාන 12 ක් අරගත්තා.මගේ තටු නාට්‍යයත් අති සාර්ථක වුණා.ඉතිං සමහරු අකමැති ඇති මං වගේ කෙනෙක් මේ ක්ෂේත්‍රයේ ඔලූව උස්සනවට. ගොඩාක් අය මගෙන් ඇහුවා සීතා මං ආවා ෆිල්ම් එක ගලවලා තිියෙන්නේ ඇයිකියලා.ඉතිං මම මඩුවක් ගහලා පෙන්නන්නද? සංස්ථාවෙ සභාපතිතුමාට මං මේක කිව්වා.ඒ ගමන සභාපතිතුමා සංස්ථාව යටතේ තියෙන හොල් කිහිපයකට මේක ගලවන්න එපා කියලා.ඒත් ඒගෙල්ලො ගලවලා දාලා තිබුණා. මේක වෙන්නේ මගේ ප්‍රේක්ෂකයෝ 300 ක් විතර චිත්‍රපටි සංස්ථාව ඉස්සරහට ගිහිල්ලා උද්ඝෝෂණයක් කරන්න හිටියා.ඒත් ඒකට නිෂ්පාදක චමින්ද කැමති වුණේ නෑ. ප්‍රශ්නය-එතකොට සීතා මං ආවා චිත්‍රපටයෙන් පාඩුයිද? අපොන්සු-ඒක චමින්ද රණසිංහගෙන් තමයි අහන්න ඕනි.හොදට ආදායම් ලබමින් එද්දි කපලා දැම්මහම ආදායම් ලබන්නේ මොකෙන්ද?දැන් අපි හිරු ටී.වී එකට දුන්නා ෆිල්ම් එක.ඒත් ටෙලිවිෂන් එකෙන් පෙන්නනවා වගේම මේක ගැන ක්‍රියාත්මක වෙලා අපිට ආපහු හෝල් ටිකක් දෙනවානම්,අන්න එතනයි සාධාරණේ.අන්න එතනයි මනුෂ්‍යත්වය.මේ එක බස් එකේ ගිය සෝමරත්න දිසානායක මහත්මයාට තිබුණා අපි දැන් ආදායම් ලබලා ඉවරයි,මේ ෆිල්ම්එකට ඉඩදෙනවා කියලා නැගී හිටින්න.මං දැක්කා පත්තරේ තියෙනවා චිත්‍රපටයක් හොද නම් සෙනග එනවා කියලා. හොද නම් නෙවෙයි අපිට තිබුණ ආන්දෝලනයේ හැටියට පුටු මේස පෙරළගෙන සෙනග එන්න ලෑස්තිවෙලා හිටියේ.මං හිතන්නේ මේ සිනමාකරුවො ඒකට ඉඩදුන්නෙ නෑ. ප්‍රශ්නය-ඔබ දැන් මේ ප්‍රශ්නෙන් නොසැලී තවත් චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරනවා. අපොන්සු-තරු සොබා කියන මේ චිත්‍රපටයට මමමයි සල්ලි වියදම් කරන්නේ. මං මහලොකු සල්ලිකාරයෙක් නෙවෙයි.ඒත් මං මේක ලස්සනට කරනවා. මේක විනෝදාත්මක හොද චිත්‍රපටියක්.ඒකටත් මේ වගේ බාධා නොපැමිණේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා. ප්‍රවීණ රංගන ශිල්පී ජයසේකර අපොන්සු අධ්‍යක්ෂණය කරපු සීතා මං ආවා තිරගත වෙන්නත් කලින්ම ආන්දෝලනයක් ඇති කරපු චිත්‍රපටියක්නේ.රාවණාට අපහාසයක් වන දර්ශන මේකෙ තියෙනවා කියලා චිත්‍රපටිය තිරගත කරන එක තහනම් කරන්න රාවණා බලය කටයුතු කළා.ඒත් රැගුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබුණු නිසා,සීතා මං ආවා තිරගත කරන්න පුඵවන් වුණා.ඒත් හදිස්සියෙම අපිට ආරංචි වුණා සීතා මං ආවා ෆිල්ම් හොල් වලින් ඉවත් කරලා කියලා.ඉතිං මේ ගැන දැනගන්න අද අපි කතාකළේ ජයසේකර අපොන්සුට. සීතා මං ආවා චිත්‍රපටය ලොකුආන්දෝලනයකුත් එක්කනේ ආවෙ.ඒ ආවා වගේම වැඩිකල්නොගිහින්ම චිත්‍රපටය ඉවත්වෙලා.මේ ගැන දැනගන්න අපිකතාකළා ජයසේකර අපොන්සුට. අපොන්සු-මං හරිම කණගාටුවෙන් කතා කරන්නේ.හැබැයි ඔබ කතාකරන වෙලාවෙත් මං නුවරඑළියේ තරු සොබා කියන මගේ අලූත්ම චිත්‍රපටිය රූගත කරමින් ඉන්නේ.මං වගේම තව අලූත් අයත් ෆිල්ම්ස් හදනවා.ඒ ඉන්න අයට මේ මාෆියාවෙන් එන්න දෙන්නෙ නෑ.මේක එක්කෙනෙක්ට අයිති බූදලයක් නෙවෙයි.මගේ සීතා මං ආවා චිත්‍රපටිය නිෂ්පාදනය කළේ චමින්ද රණසිංහ.ඔහු හිතාගෙන හිටියේ චිත්‍රපටි සංස්ථාව යටතේ මේ ෆිල්ම් එක ප්‍රදර්ශනය කරන්න.නමුත් ඒගොල්ලො කිව්වා රන් කෙවිට ෆිල්ම් එකෙන් පස්සේ පෙන්නන්නම් කියලා.නමුත් අපේ නිෂ්පාදකට MPI සිනමා ශාලා 20 ක් හම්බවුණා.මගේ සීතා මං ආවා ප්‍රදර්ශනය කරනකොට සිරි පැරකුම් චිත්‍රපටිය අති සාර්ථකව ප්‍රේක්ෂකයො නරඹන ෆිල්ම් එකක් වෙලා ඉවරයි.එතකොට රන් කෙවිටත් ප්‍රේක්ෂකයො පැමිණෙන චිත්‍රපටියක් වෙලා ඉවරයි.මෙතනදි ෆිල්ම් 3ක් බලන්නප්‍රේක්ෂකයන්ට සල්ලි නෑ.ඉතිං හුගාක් අය සිරි පැරකුම් බලන්න ගියා.තවත් අය රන් කෙවිට බලන්න ගියා.තව සමහර අය අපි මේක බලන්නම් කිය කියා හිටියා.ඒ අවස්ථාවේ රාවණා බලය කුලප්පු වෙලා අපිට කරපු ආන්දෝලනයත් එක්ක හුගාක් අය මේක ෆිල්ම් හෝල් වල තියෙනවනෙ කියලා අනිත් ෆිල්ම් බලන්නගියා.ඒත් සිනමාහල් වල Housefull නොවුණත් සදුදා පවා හුගක් පිරිස් ඇවිත් හිටියා ෆිල්ම් එක බලන්න.හැබැයි හවස 4.30 ටසෙනග අඩුවුණා.ඔය සිනමාහල් වල අධිපති නිෂ්පාදකට කියලා තිබුණා දවසට 50,000ක් ඕනි මේවා පවත්වා ගෙන යන්න.නැත්නම්ෆිල්ම්ස් ගලවනවා කියලා.හැබැයි ලක්ෂ 3ක් දුන්නොත් මාස 10 ක්තියාගන්නවා කියලත් කිව්වා.කිරිබත්ගොඩ හිමාලි සිනමාශාලාවේ මැනේජර් කිව්වා දවසට 11,000 ක් ඇති කියලා.නමුත් අපේ චිත්‍රපටිය දවසට 15,000 ක් කරලා තිබුණා.කැතම වැඬේ මහරගමඅනූෂා සිනමාශාලාවේ දින එකසිය ගාණක් සිරි පැරකුම් චිත්‍රපටියපෙන්නුවා.ඒත් අපේ අහිංසක චිත්‍රපටිය උඩට එද්දිම ඒක ගලවලා දැම්මා.මොකද්ද මේ අසාධාරණය?අපිට ගොඩනැගෙන්න පුලූවන්ද?මේ අසාර්ථක වෙලා සෙනග එන්නෙ නැතුව හෝල් වේලි වේලි තිබුණා නම්,ගැලෙව්වට කමක් නෑ. ප්‍රශ්නය-ඔබට හිතෙන විදියට මෙහෙම කරන්න හේතුව කුමක්ද? අපොන්සු-ජයසේකර අපොන්සු සිනමාකරුවෙක් විදියට ඔලූව උස්සනවට කවුරුත් කැමති නැතුව ඇති.හුගක් අය ෆිල්ම් එක පටන්ගන්න කාලෙ කිව්වා අධ්‍යක්ෂ කෙනෙක් නැතුවද ඔය මිනිහට දෙන්නෙකියලා.මං පාතාලේ සොල්දාදුවෝ නාට්‍යයට සම්මාන 12 ක් අරගත්තා.මගේ තටු නාට්‍යයත් අති සාර්ථක වුණා.ඉතිං සමහරු අකමැති ඇති මං වගේ කෙනෙක් මේ ක්ෂේත්‍රයේ ඔලූව උස්සනවට.ගොඩාක් අය මගෙන් ඇහුවා සීතා මං ආවා ෆිල්ම් එක ගලවලාතියෙන්නේ ඇයිකියලා.ඉතිං මම මඩුවක් ගහලා පෙන්නන්නද?සංස්ථාවෙ සභාපතිතුමාට මං මේක කිව්වා.ඒ ගමන සභාපතිතුමාසංස්ථාව යටතේ තියෙන හොල් කිහිපයකට මේක ගලවන්න එපා කියලා.ඒත් ඒගෙල්ලො ගලවලා දාලා තිබුණා. මේක වෙන්නේ මගේප්‍රේක්ෂකයෝ 300 ක් විතර චිත්‍රපටි සංස්ථාව ඉස්සරහට ගිහිල්ලාඋද්ඝෝෂණයක් කරන්න හිටියා.ඒත් ඒකට නිෂ්පාදක චමින්ද කැමතිවුණේ නෑ. ප්‍රශ්නය-එතකොට සීතා මං ආවා චිත්‍රපටයෙන් පාඩුයිද? අපොන්සු-ඒක චමින්ද රණසිංහගෙන් තමයි අහන්න ඕනි.හොදට ආදායම් ලබමින් එද්දි කපලා දැම්මහම ආදායම් ලබන්නේ මොකෙන්ද?දැන්අපි හිරු ටී.වී එකට දුන්නා ෆිල්ම් එක.ඒත් ටෙලිවිෂන් එකෙන් පෙන්නනවා වගේම මේක ගැන ක්‍රියාත්මක වෙලා අපිට ආපහුහෝල් ටිකක් දෙනවානම්,අන්න එතනයි සාධාරණේ.අන්න එතනයිමනුෂ්‍යත්වය.මේ එක බස් එකේ ගිය සෝමරත්න දිසානායක මහත්මයාට තිබුණා අපි දැන් ආදායම් ලබලා ඉවරයි,මේ ෆිල්ම්එකටඉඩදෙනවා කියලා නැගී හිටින්න.මං දැක්කා පත්තරේ තියෙනවා චිත්‍රපටයක් හොද නම් සෙනග එනවා කියලා. හොද නම්නෙවෙයි අපිට තිබුණ ආන්දෝලනයේ හැටියට පුටු මේස පෙරළගෙන සෙනග එන්න ලෑස්තිවෙලා හිටියේ.මං හිතන්නේ මේසිනමාකරුවො ඒකට ඉඩදුන්නෙ නෑ. ප්‍රශ්නය-ඔබ දැන් මේ ප්‍රශ්නෙන් නොසැලී තවත් චිත්‍රපටියක් අධ්‍යක්ෂණයකරනවා. අපොන්සු-තරු සොබා කියන මේ චිත්‍රපටයට මමමයි සල්ලි වියදම් කරන්නේ.මං මහලොකු සල්ලිකාරයෙක් නෙවෙයි.ඒත් මං මේක ලස්සනටකරනවා. මේක විනෝදාත්මක හොද චිත්‍රපටියක්.ඒකටත් මේ වගේබාධා නොපැමිණේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.
|
ප්‍රවීණ රංගන ශිල්පී ජයසේකර අපොන්සු කල චෝදනාව ගැන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක දැක්වු අදහස්
|
සීතා මං ආවා චිත්‍රපටියේ trailer පහතින් බලන්න
|
අලූත් පෙම්වතාට තමන් ගැන බොරු කේළාම් කිව්වා කියලා ආක්ෂා සුදාරි නිරූපිකාවක් එක්ක පැටලිලා.මේ ආරංචිය ලැබුණු ගමන් අපි ආක්ෂාට කතාකළා.ඇය කිව්වේ මේක තමන්ට ඉරිසියා කරන කවුරුහරි හදපු බොරු කතාවක් කියලයි.ඉතින් ඒකට විරුද්ධව ඇය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවලූ. ඒවගේම කාවිංග පෙරේරාගෙන් පස්සේ තමන් කාගෙවත් පෙම්වතියක් වුණෙත් නෑ කියලයි ආක්ෂා අපිත් එක්ක කිව්වේ. ඒත් ආක්ෂාගෙන් ගුටිකෑවයි කියන නිරූපිකාව හංසි කියන්නේ නම්,මීට වඩා වෙනස්ම කතාවක්.
|
ප්‍ර‍්‍රශ්නය - හංසි ආක්ෂයි ඔයයි අතරෙ ඇතිවුණු ප්‍රශ්නෙ ගැන අපි ආක්ෂාගෙනුත් ඇහුවා.එයානම් කියන්නේ මේක බොරුවක් කියලා.
|
හංසි - නෑ ඒක ඇත්ත.නිලූ කොඩිකාරගේ සැලූන් එකෙන් බ්‍රයිඩල් ෂෝ එකකට මට එන්න කිව්වා.මුලින්ම ෆිටෝන් එකට එන්න කිව්වා.ඉතිං මං 10 වෙනිදා හවස 4 ට විතර සැලූන් එකට ගියා.නිලූ මට බ්‍රයිඩල් ෆ්‍රොක් එකක් ඇන්දුවා.ඒක ගොඩක් බර එකක්.හරි අමාරුයි ඇඳගෙන ඉන්න.ඊට විනාඩි 10 කට විතර පස්සේ,ආක්ෂායි,එයාගෙ අම්මයි, මේනකායි මං හිටපු රූම් එකට ආවා.ඒගොල්ලො ආවෙ දොරත් වහගෙනමයි. විනාඩි 5ක් විතර ආක්ෂා මං දිහා බලාගෙන ඉඳලා ඇහුවා එයාගෙ බෝයිෆ්‍රෙන්ඞ්ට මං මොනවද කිව්වෙ කියලා.මං කිව්වා මං කාටවත් කිසිදෙයක් කිව්වෙ නැහැ,කවුරුහරි එහෙම කියනවානම් එයාව ගෙනල්ලා අහමු කියලා.
|
ඒත් මං කියපු දේවල් ගණන් ගන්නේ නැතුව ආක්ෂා මගෙ කනට හතර පස් වතාවක් ගහලා මගේ අත හපලා ෆෝන් එක උදුරගෙන පොළොවෙ ගැහුවා.ආක්ෂාගේ අම්මා මට නරක වචනෙන් බැන්නා.ඒගොල්ලොත් එක්ක ආපු මේනකා මේ හැමදේටම එයාලට උදව් කළා.එතන හිටපු නිලූ කොඩිකාර මට ගහන එක නවත්තන්න කිසිම දෙයක් කළේ නෑ.මං එතනින් එළියට දුවන්න හැදුවත් ඒගොල්ලො මාව ඇදලා අරගෙන තමයි ගැහුවේ.ගහපු පාරවල් නිසා දැන් මගේ වම් කන ඇහෙනවා අඩුයි.දකුණු කකුලටත් අමාරුයි.එතකොට මගෙ දකුණු අත හපලා ලොකු කැළලකුත් තියෙනවා.මගෙ ෆොන් එකයි,රත්තරන් මාලෙයි දෙකම නැතිවුණා.මේ ගැන මම මිරිහාන පොලිසියේ පැමිණිල්ලකුත් දාලයි තියෙන්නේ.හැබැයි දැන් ඒගොල්ලො හැසිරෙන්නේ එහෙම දෙයක් සිද්ධ නොවුණු ගානට.ඒත් මට පොලීසියෙන් අද කතා කරලා කියපු විදියට එයාලට හෙට පොලිසියට එන්න කියලයි තියෙන්නේ.
|
ප්‍ර‍්‍රශ්නය - ඔයයි,ආක්ෂයි මීට කලින් යාළුවොද?
|
හංසි - ඔව් අපි යාළුවෝ.ඒත් මම ආක්ෂාව ටිකෙන් ටික ඈත්කළා.මොකද
|
එයා මගේ මූණට එකක් කියලා මං නැති තැන තව එකක් කියන්නේ.ඒගොල්ලො කිසිම තේරුමක් නැති ලයිෆ් එකක් ගෙනියන මිනිස්සු.
|
ප්‍ර‍්‍රශ්නය - එතකොට ඔයා ආක්ෂාගෙ අලූත් බෝයි ෆ්‍රෙන්ඞ්ව අඳුරනවද?
|
හංසි - ඔව් ආක්ෂා මගේ යාළුවෙක් වෙලා ඉන්න කාලෙ තමයි මං එයාව අඳුනගත්තේ. මම නම් එයාට ආක්ෂා ගැන කිසිදෙයක් කියන්න ගියේ නෑ.ඒත් එයා ආක්ෂා ගැන ඇත්ත දැනගෙන දැන් කතා කරන්නෙත් නැහැ.
|
හංසි කියන විදියට ආක්ෂා පොඩි දේටත් ගොඩාක් කලබල වෙන කෙනෙක්.ඒ වගේම ඇය දැන් හොයනවලූ,නිලූ කොඩිකාර ඇයට කතාකළේ ඇත්තටම බ්‍රයිඩල් ෂෝ එකකටද කියලා.මොකද හංසි හිතන විදියට මේ ප්ලෑන් කරලා කරපු දෙයක්.අනිත් එක ඔය රණ්ඩුව වෙලාවෙදි මේ ගැන පොලීසියට පැමිණිලි කළොත්,ඇසිඞ් ගහනවා කියලා වගේම හංසිගේ ෆෝටෝස් වෙනස් කරලා දානවා කියලත් ආක්ෂා ඇයට තර්ජනය කරලා.
|
ඔය අතරෙදි අපිට තව ආරංචියක් ලැබුණා.ඒ ආක්ෂාගෙ ඇත්ත නම ගැන.සමහරු කියන විදියට ආක්ෂා සුදාරි කියන්නේ,ඇය ක්ෂේත්‍රයට ආවට පස්සේ දාගත්ත නමලූ.ඒත් ඇගේ ඇත්ත නම ආශා කුමාරි කියලයි සමහරු කියන්නේ.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.