text
stringlengths 1
589k
|
---|
කිව්වොත් අද වන විට අනූෂාගේ අත ගන්න ඉන්න ප්‍රේමවන්තයා පවා ඉන්නේ මූණ නරක් කරගෙනලු.
|
ඇත්තද මේ කතාව..?
|
අනූෂා මුණගැසුණු වෙලාවක අපි ඇහුවා.
|
ඒක ඇත්ත..මේ ඡායාරූපය දැක්ක බොහෝ අය හිතුවේ මමයි රන්ජන් අයියයි ඇත්තටම විවාහ වෙලා කියලයි...කොහොම හරි මේ ඡායාරූපය ගැන මගේ පෙම්වතාගෙනුත් බොහෝ දෙනා අහල තිබුණා.. ඒක ඇත්තටම එයාට කරදරයක් වෙන විදිහට දුරදිග ගිහින්..
|
සමහර අය පත්තරවල ගිය මේ පින්තූරය කපල ලියුම් පවා එවල තිබුණා. ඇත්තටම මේක ඉවසගන්නම බැරි තැන ඔහු මට කතා කරල කිව්ව, ඒක මේ විදිහේ පින්තූරයක් වෙන බව මුලදී දන්නව නම් එයාල ඔයාට ගෙවපු මුදලට වඩා වැඩි ගාණක් දීල මම ඔයාව ගෙදර නවත්ත ගන්නවා කියලා..
|
මේ ඡායාරූපය නිසා අනූෂත් මුහුණ දීල තියෙන්නේ සුළු පටු ප්‍රශ්න වැලකට නමෛයි. බොහෝ අය අනූෂටත් නිකම් ඉන්න දීල නැහැ.
|
පින්තූරය දැක්ක හැටියේ මට කතා කළ බොහෝ දෙනෙක් අවංකවම සුබ පතන්න ගත්තා. සමහරු “අනේ ඔය දෙන්න එකතු වෙච්ච එක කොයි තරම් හොඳද කියල කිව්වා.. තවත් අය මොකක්ද මේ කර ගත්තේ ඇයි රන්ජන් වගේ කෙනෙක්ව බඳින්න තීරණය කළේ කියලා ඇහුවා. විශේෂයෙන්ම ඒ විදිහට ප්‍රශ්න කළේ රන්ජන් අයියා කරන දේශපාලනයට විරුද්ධ මට හිතවත් අය බව මට වැටහුණා.. මොකද දේශපාලනික වශයෙන් මම ඉන්නේ රන්ජන් අයියා කරන පක්ෂ දේශපාලනයට විරුද්ධ පැත්තේනේ..
|
ඊළඟට සමහරු ඔය තීරණේ ගත්තේ හොඳට හිතල බලලද කියලත් ඇහුවා..
|
ඇත්තටම මේ වගේ ප්‍රශ්න එක දිගට ආවා. සමහරු මම කියන දේ විශ්වාස කළේම නැහැ. අන්තිමට මට මේකට උත්තර දීලම එපා වුණා.. දැන් කියලත් වෙනසක් නැහැ.. දන්නේ නැති අය තවම අහනවා..
|
අනූෂට විතරක් නමෛයි . මේ පින්තූරය නිසා රන්ජන්ටත් උත්තර බඳින්න සිදු වුණා. ඒත් අනූෂා තරම් රන්ජන් ඒක ගැටලුවක් කරගත්තේ නැහැ.
|
රන්ජන් අයියා මේ පින්තූරයට පෙනී ඉන්න කොටත් මහ පිස්සු වැඩ ගොඩක් කළා.. ඇත්තටම මම බොහොම අමාරුවෙන් තමයි ඒ ෆොටෝ ෂූට් එක ඉවර කළේ.. එයාට හැම වෙලාවෙම හැම එකක්ම විහිළු.. බොරු දේවල් කරල මාව බය කළා. හිනැස්සුවා. අන්තිමට, 'අනේ ප්ලීස් අයියේ මට මේක හරියට කරන්න උදව් කරන්න කියල පිංසෙන්ඩු වෙන්න පවා මට සිද්ධ වුණා..
|
රන්ජන් අයියා එක්ක සීරියස් වැඩ කරන එක හිතන තරම් ලෙහෙසි නැහැ..කොයි වෙලාවේ බැලුවත් ඉවරයක් නැහැ ජෝක් කරනවා..
|
අනූෂා කියන්නේ ඇය කවදාවත් මේ වගේ මංගල ඡායාරූපයකට පෙනී සිට නැති බවයි.
|
මේක තමයිලු ඇය මනාලියක් විදිහට පෙනී ඉඳල ගත්ත මුල්ම ඡායාරූපය.
|
ඒක නිසා වෙන්න ඇති මේක මේ තරම් ප්‍රසිද්ධ වෙන්න ඇත්තේ..ඇය සිනාසී කිව්වා.
|
දැන් එතකොට අනූෂා කවද්ද ඇත්තටම මනාලියක් වෙන්නේ ..මේ උණුසුමත් එක්ක ඒකත් වුණා නම් හොඳයි නේද..? අපේ ප්‍රශ්නයට ඇය නැවත වතාවක් මහ හයියෙන් සිනාසුණා.
|
හොඳයි තමයි...ඒත් මගේ මනාල මහත්තයා ඉන්නේ ටිකක් මුරණ්ඩු වෙලා.. ඒ නිසා අපේ මංගල්‍ය ආපහු ටිකක් විතර කල් යන ලකුණු ඇවිල්ලා ...
|
සමන් ප්‍රියංකර නම්මුනිගේ
|
ගරාජය සිට ක්‍රිකට් ක්‍රීඩාව ගැන සිහින මවන ‘දෙවෙනි ඉනිමේ’ අනුහස් , සැබෑ ජිවිතේදී ඔහු රවීන්
|
කනිෂ්කයි.මේ හැඩකාර තරුණයා ගේ පළමු රංගනය මේ දිනවල ප්‍රේක්ෂකයන්ගේ ආදරය මැද දිගහැරෙන අයුරු ඔහුගෙන්ම විමසීමට අපි අදහස් කළා. මේ ඔහුත් සමඟ ගෙවුණු සුන්දර මොහොතක වූ කතාබහයි.
|
කොහොමද රවීන් ?
|
හොඳින් ඉන්නවා.
|
මොනවද මේ දවස්වල වෙන්නේ ?
|
මේ දවස්වල දෙවෙනි ඉනිමේ සෙල්ලම් කරනවා. ඒ වගේම star city එකේ නටනවා, සිංදු කියනවා, රඟපානවා, හැමදේම කරනවා. ඒ දෙක ඇරෙන්න වෙන මුකුත් කරන්න වෙලාවක් නැහැ.
|
කොහොමද ‘දෙවෙනි ඉනිමේ’ රඟපාන්න අවස්ථාව ලැබුණේ ?
|
මේ අවස්ථාව ලැබුණේ මට සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂකතුමයි,දෙරණේ සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා නිසායි. ඒ දෙන්න තමයි මේ වැඩේට මට කතා කළේ. මගේ විෂය ක්ෂේත්‍රය සංගීතය. තාමත් කැමරාව ඉස්සරහට ගියහම මොකද්දෝ මොකද්දෝ වගේ.ඉතිං ඒ දෙන්න මට කතා කළා.දැන් වැඩේ ටික ටික කරගෙන යනවා.
|
මේ ඔබගේ පළමු රංගනය. කොයි විදියටද දැනෙන්නේ ?
|
මම රංගනය ගැන කිසිම අත්දැකීමක් නැති ගායකයෙක්. පළමුවැනි අත්දැකීම විදියට මේ වගේ ප්‍රවීණ, දක්ෂ,ප්‍රේක්ෂක ආදරය දිනා ගත් දැවැන්තයෝ කිහිප දෙනෙක් එක්කම තමයි මට මගේ රංගනය කරන්න ලැබුණේ. ඒක මං මගේ වාසනාවක් විදියට සලකනවා.
|
ඔබට රංගනය සඳහා ආරාධනා ලැබුණේ මොන හේතුවක් නිසා වෙන්න ඇතිද ?
|
ඇත්තටම මටත් එයට දෙන්න උත්තරයක් නැහැ. මොනවා නිසා මට මේ සඳහා කතා කළාද කියන එක මටත් ප්‍රශ්නාර්ථයක්. සමහරවිට ඉතිං දෙරණත් එක්ක අපි සැහෙන්න කාලයක් වැඩ කළා. ඉතිං ඒ ඉන්න කාලය ඇතුළත මාව අධ්‍යයනය කරලා මං ගැන විශ්වාසය තියන්න ඇති කියලා මම හිතනවා.
|
මේ යෝජනාව ගෙනෙද්දී ,රවීන්ට බයක් දැනුණේ නැද්ද?
|
ඒ යෝජනාව ගෙනෙද්දී, ඇත්තටම මම බය වුණා . මොකද ප්‍රධාන චරිතය නිසා. මට එච්චර ලොකු වගකීමක් භාර ගන්න පුළුවන් වේවිද , කවදාවත් අත නොගහපු විෂයක් කියන බය මට ආවා. ඇයි මෙය ලොකු වගකීමක් නේ. ඉදිරියේදී ආධුනික රංගනයෙන් මිදිලා, මිට වඩා හොඳ රංගනයක් බලාගන්න පුළුවන් වේවි.
|
දැන් රවීන්ට වැඩිපුරම ලේසි ගායනයද, රංගනයද?
|
මගේ ඇඟෙන් එන, ආයාසයකින් තොරව එන දේ සංගීතය.මට උපතින් ,දෙවියෝ මට හොඳටම දීලා තියෙන්නේ සංගීතය.
|
ඔබ රියැලිටි වැඩසටහනකින් පැමිණි තරුවක්. මතක් කරමු නේද ඒ අතීතය.
|
ඔව්,පොඩි කාලයේ ඉඳන් සංගීතය ඇඟේ තිබුණ දෙයක්. තනියම කාමරයට වෙලා සිංදු කියපු මම ,මට ඒ හැකියාව කොයි වගේ තැනකද තියෙන්නේ කියල බලන්න හිතුණා. ඒ ගිය ගමනේදී මට දෙවැනියා වෙන්නයි පුළුවන් වුණේ. දෙවැනියා වුණාට,මම හිතනවා මම පරාජිතයෙක් නෙමෙයි කියලා.
|
ඔබ අද ඊට වඩා ජයග්‍රහණයක් ලබලා තියෙනවා?
|
ඔව්. මම මගේ ජිවිතේ අඩියක් පස්සට තියලා නැහැ. කල් ගත වුණත් ,හෙමින් හෙමින් ඉදිරියට ආව මිසක් පස්සට හිහින් නැහැ. මම අවංකව සතුටු වෙනවා ඒ ගැන.
|
රවීන් සංගීතය කියන දේ තුළින් ඈත් වෙලාද?
|
සංගීතය කියන විෂය තුළදී , එක තැනකදී මම පුදුම විදියට කල කිරෙනවා. මොකද මම විශ්වාස කරන්නේ, මම ඉපදුණේ වැරැදි තැන,වැරැදි වේලාවේ කියලා. මොකද අද කාලේ සංගීත ක්ෂේත්‍රයේ ගමන් කරන දිශාව ගැන කොහෙත්ම පැහැදීමක් නැහැ. මම මොන ලෝකේ ගියත් සංගීතයටමයි එන්නෙත්. ඒක ඉතිං හොඳ අතකට හැරෙයි කියන බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්නවා.
|
සංගීත ක්ෂේත්‍රය තුළ අලුත් රැල්ලක් බිහිවෙලා නේද?
|
වෙනස්ම රැල්ලක් බිහිවෙලා තියෙනවා. මේ රැල්ලේ නිර්මාතෘ කවුද කියන්න මං දන්නේ නැහැ. ඔය කතන්දර කියන්න ගියාට පස්සේ හුඟක් අය මම එක්ක තරහ වෙන නිසා,මම හතුරෝ ඇති කරගන්න කැමති නැහැ. කවුරු හින්දා හරි, මොන හේතුව නිසා හරි මේ ඇති වෙලා තියෙන ගීත සංස්කෘතිය ඉක්මනටම නැති වෙන්න ඕන කාරණාවක්. නැත්නම් අපේ අනාගත පරම්පරාවේ ගීත රසවින්දනය කියන එක පහත් රසවින්දනයක් දක්වා යන තත්වයකට දැන් පටන් අරගෙන ඉවරයි.
|
ඔබව කවුරු විදියට හදුන්වනවටද කැමැති?
|
මම පෞද්ගලිකව කැමැති මම ගායකයෙක් කියනවට. මගේ කනට සමීපතම නම ඒක.
|
මේතාක් පැමිණි දුර ගැන ?
|
මම ඉතාමත් දුප්පත් පවුලක කෙනෙක්.පුංචි තැන ඉඳන් පටන් ගෙන, අද වෙනතුරු මේ ආව දුර ගැන මට පුදුම සතුටක් තියෙනවා. මගේ පොඩි කාලේ තිබුණ හීන එකින් එක සැබෑ කරගෙන යනවා. ඉදිරියේදීත් සැබෑ කර ගන්න තියෙන හීනත් අනිවාර්යෙන්ම මේ වෙනතුරු හීන සැබෑ කරගත්තා වගේ, ඒවත් මම සැබෑ කරගන්නවාමයි.
|
රවීන් ඉදිරියට යද්දී කාලයත් එක්ක මුල අමතක වෙයිද ?
|
මෙහෙමයි, මුල අමතක වෙන මනුස්සයෙක් නම් මේ වෙද්දී මම ලබාගත්ත දේවල් වලිනුත්, මට මගේ මුල අමතක වෙන්න ඕන. එහෙම වුණා නම් ඒ අමතක වෙච්ච ගමන්ම මම කඩාවැටෙනවා මිසක් මම එතැනින් එහාට ඉදිරියට එන්න විදියක් නැහැ. එහෙම අමතක වුණ මනුස්සයකුට ඉදිරි ගමනක් නැහැ. නමුත් මම දවසින් දවස ඉදිරියට ආව මිසක් පස්සට ගියේ නැහැ.ඒකෙන් කියන්නේ මට මුල මතකයි කියන එක.
|
තනිකඩ ජිවිතයෙන් දැන්ම ඇත් වෙන්න අදහසක් නැද්ද ?
|
ඒක ගැන දැන්ම නිශ්චිත යමක් කියන්න අමාරුයි. නිශ්චිත කෙනෙක් හම්බ වුණු ගමන්ම අනිවාර්යෙන්ම මුලින්ම කියනවා.
|
සාකච්ඡාව නිලුපුලි නිසංසලා සඳකැලුම් (සිළුමිණ)
|
ඡායාරූප - මංජුල පෙරේරා
|
ඉතිං ගයේෂා කීයටද ගෙදර ආවේ?
|
අද හවස
|
එතකොට බබා හම්බ වුණේ?
|
මාර්තු දා හත දවල් දොළහ පැයේ
|
ගයේෂා දරු ප්‍රසූතිය සඳහා තෝරා ගත්තේ මොන රෝහලද?
|
නයින් වෙල්ත්ස් රෝහලේදි තමයි බබා හම්බවුණේa
|
තාම නමක් දැම්මේ නැද්ද පුතාට?
|
තාම නෑ... වෙලාව බලලා අකුරක් බලලා එහෙම දාන්න ඕන
|
ඉස්‌සෙල්ලා පුංචි පුතාගේ මූණ දැක්‌කම මොකද හිතුණේ?
|
ඇත්තටම
|
ඉතිං පුතා හම්බවෙන්න ඉන්දැද්දි හැම අම්මා කෙනෙක් වගේම මමත් පුතා එනකං හිටියේ නොඉවසිල්ලෙන්, මඟ බලාගෙන. ඉතිං ලොකු සතුටක් වගේම ජීවිතේ සම්පූර්ණයි වගේ හැඟීමක් මගේ හිතට දැනුණා.
|
හිතේ කැමැත්තක් තිබුණේ ඉස්‌සෙල්ලා දුවකගේ මූණ බලන්නද? පුතෙකුගේ මූණ බලන්නද?
|
එහෙම හිතුවේ නෑ අපි දෙන්නම... පුතා හම්බවෙන්න ඉන්නවා කියලා දැනගත්තම මහත්තයයි මමයි දෙන්නම සතුටු වුණා ඒ ගැන.
|
ආයෙත් කලා කටයුතු පටන් ගන්න හිතං ඉන්නේ කවදා විතරද? ෂුටිං එහෙම?
|
මං රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍ය 11ක් විතර එන්න තියෙනවා. ඒත් එක්‌කම චිත්‍රපට තුනක විතර වැඩ ඉවර කළා. චිත්‍රපටවල වැඩ නං සම්පූර්ණයෙන් අවසන් කරපු නිසා ගැටලුවක් නැහැ. නමුත් අලුත් වැඩ නං පුතාට අවුරුද්දක්‌වත් යනකං මං භාරගන්න හිතන්නේ නැහැ.
|
ගයේෂා ෂූටිං ගියොත් කවුද පුතාව බලාගන්නේ?
|
ඇත්තටම හදිසියේ ඒ වැඩ වලට යන්න හිතුවේ නැහැ. දින වකවානුවක් ගැන අදහසක් නෑ. පුතාට මාස තුනක්‌වත් වෙනකං ෂූටිං තියා කොහාටවත් යන්න අදහසක් නැහැ.
|
හසන්ජිත් මොකද කිව්වේ?
|
අපි දෙන්නගේ ජීවිතේ වැදගත්ම දවස එදා. එයා හුඟක් සතුටු වුණා. ඉතිං මේ ලෝකේ මගේ සැමියා තරම් සතුටුවෙන කෙනෙක් නෑ. එයා පුතා වෙනුවෙන් කරන්න තියෙන, කරන්න පුළුවන් හැමදේම කරනවා. අපේ ජීවිතේ වාසනාවන්තම දවස තමයි එදා.
|
පුතා කවදාහරි ගායකයෙක් වෙනවටද රංගන ශිල්පියෙක් වෙනවටද අම්මයි තාත්තයි වැඩිය කැමති?
|
අපි දෙන්නගෙම බලාපොරොත්තුවක් නෑ පුතා අසවල් වෘත්තියේ නියෑළෙන්න ඕන කියලා. පුතාට හොඳ අධ්‍යාපනයක් ලබන්න ඕන, හොඳ පාසලකට යන්න ඕන, හොඳ ජීවිතයක් ගත කරන්න ඕන, හොඳ පුරවැසියෙක් වෙන්න ඕන කියන හැඟීම අපි දෙන්නටම තියෙනවා.
|
බබා ලැබුණට පස්‌සේ ගයේෂාගේ දේශපාලන ජීවිතය කොයි විදිහට වෙනස් වේවිද?
|
පසුගිය කාලයේදීත් දේශපාලන ජීවිතේ නං නැවතුණේ නැහැ. මාර්තු මාසයේ පැවැත්වුණු දේශපාලන වැඩසටහන්වලට පවා මං සහභාගි වුණා. මට හිතෙන්නේ ඉදිරියේදී කලාවටත් වැඩිය දේශපාලනයට මම යොමු වේවි කියලා.
|
මෙතුවක් ගෙවපු ජීවිතය පුංචි පුතා ආවට පස්‌සේ වෙනස්‌වෙලා තියෙන්නේ කොහොමද?
|
මෙච්චර කල් ගෙවපු ජීවිතය පොඩි හරි වෙනසක් වුණා. ඒ වෙනස වෙලා තාම වැඩි දවසක් නැහැ. ඒත් ඒ දවස් කිහිපය මට මහමෙරක් වගේ.
|
කවදා හරි පුතා කිව්වොත් අම්මේ අම්මා රඟපානවට මම කැමති නෑ, දේශපාලනය කරනවට මම කැමති නෑ කියලා ගයේෂා මොකක්‌ද ගන්න තීරණය?
|
සමහරවිට පුතා එහෙම කිව්වොත් මම මේ දේවල් වලින් ඈත් වේවි. නමුත් මම මෙහෙමත් හිතනවා, පුතා ලැබෙන්න ඉන්න කොටත් මම රඟපෑවා, දේශපාලනය කළා. අනික අම්මගෙයි තත්තාගෙයි දෙන්නගෙම කලාව ගැන තියෙන රසය ඒ දේවල් එයාටත් ඇති. ඒ නිසා එයා එහෙම තීරණයක් ගන්න එකක් නැහැ කියලා මම හිතෙනවා.
|
ගයේෂාත් පසුගිය කාලේ වෙනස් වුණු රූපේ රැකගන්න කරදර වෙනවද?
|
මගේ පෙනුමේ මුහුණේ නං ලොකු වෙනසක් වුණේ නැහැ. හැබැයි හමේ පාට නං හුඟක් වෙනස් වුණා. හුඟක් අඳුරු පැහැයක් වුණා. නමුත් දරුවා ලැබෙන්න ඉන්න කාලේදි මම ඒ කිසිම දෙයක් ගැන හිතුවේ නෑ. පුතාගේ ආරක්‌ෂාව, සෞඛ්‍යය ගැනමයි හිතුවේ. මම කොණ්‌ඩේ කපන්නවත් ෆේෂල් එකක් තරම් දෙයක් කරන්නවත් උනන්දු වුණේa නෑ මේ කාලේ පුරාවට, පුතා හම්බවෙන්න හිටපු නිසා. නමුත් දැන් එතැනින් මිදෙන්න කාලේ හරි. දැන් පුතාටත් එක්‌ක අපි හොඳින් ලස්‌සනට ඉන්න ඕන කියලයි මං හිතන්නේ. මම ලස්‌සනට ඉන්නවා නං අනිත් කාටත් වඩා මගේ පුතා සන්තෝෂ වේවි.
|
කොහොමද හසන්ජිත් පුතා එක්‌ක ගෙවන ජීවිතේ?
|
සාමාන්‍යයෙන් හසන්ජිත් පුංචි අයට එතරම් ක්‌ලෝස් වෙන කෙනෙක් නෙමයි. ඒත් දැන් වෙනස්‌වෙලා වගේ. එයා බබත් එක්‌ක හුඟක් කිට්‌ටුවෙන් ආදරෙන් දවස ගෙවනවා. ඒ දෙන්නා හරිම ආදරෙන් ඉන්නවා හිනාවෙනවා, කතා කරනවා, අපිට හිනා ඒ දෙන්නගේ විකාර වැඩ දැක්‌කම...
|
දැන් ඉස්‌සරහට රඟපාන්නේ අම්මාගේ චරිතය විතරද?
|
එහෙම නෑ ඉතිං බලමුකෝ නේද...
|
--------
|
යුගන්ති යශෝදරා (දිවයින)
|
කුස පබාවතී නව නිෂ්පාදනයක් ලෙසද මේ කරළියට එන්නේ..
|
ඔව් විජය නන්දසිරිගේ නාට්‍ය නිර්මාණය තමයි මම නව නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් කරන්නේ
|
නාට්‍යයේ වෙනස්‌කම් කළාද?
|
නෑ... කිසිම වෙනස්‌කමක් නෑ. විජය නන්දසිරි නමැති කලාකරුවාගේ සොඳුරු කාර්යභාරය අද වගේම හෙට පරපුරටත් තිළිණ කළ යුතුයි. විජය අපිව දාලා ගියාට එයාගේ නම හැමදාමත් පවතිනවා.
|
ඒ කියන්නේ විජය නන්දසිරි කළ කාර්යභාරය නතර වෙන්නේ නෑ...?
|
ඔව් විජය කළ සොඳුරු කාර්යභාරය
|
ඔහුගේ පුතා......
|
රසංජන ඉදිරියට ගෙන යාවි. පුතාව ඉදිරියට ගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා.
|
රසංජන වේදිකාවට එන්නේ පියා කළ චරිතයෙන්
|
ඔව්. කුස පබාවතී 'ජයම්පති' චරිතයෙන්. මම මේ චරිතයට කීප දෙනෙක් ගැනම හිතුවා. නමුත් අන්තිමේ තීරණය කළා පුතාත් නන්දසිරිනේ. විජයගේ බොහෝ දේ දන්නේ අපි. එයා හැරුණත්, එක බැල්මක් හෙලුවත්, හැම ඉරියව්වක්‌ම අපට තේරුම් ගන්න පුලුවන්. පුතා එයාට හුඟාක් සමීප වෙලා හිටියා. පුතා පිටරට ඉඳලා ආවාට පස්‌සේ නිතරම හිටියේ තාත්තා එක්‌ක. නාට්‍ය කරන්න ලංකාව පුරාම යද්දි එයා පුතාව තමයි අරගෙන ගියේ. පුතාට සමහර විට එකවරම තාත්තා කළ ආකාරයටම රංගනය කරගන්න බැරි වේවි. නමුත් සියයට පනහක් හෝ හැටක් එයා කරයිනේ. පුතා දැකලා තියෙනවා ඒ කාලේත් විජය පුතාට පුරුදු පුහුණු කළා. ඒ නිසා මම හිතුවා, පුතා තමයි, මේ චරිතයට එකම සුදුස්‌සා කියලා.
|
එක්‌වන ශිල්පීන් ගැන කතා කළොත්
|
පුතා හැර අනෙක් හැම කෙනෙක්‌ම පරණ ශිල්පීන්මයි. ඔක්‌කොම අලුත් අය යොදාගෙන කළොත් ඒක පැරැණි ශිල්පින්ට කරන අසාධාරණයක්‌නේ. කුස චරිතය කරන්නේ රොජර් සෙනෙවිරත්න. රොජර් හරිම සහයෝගයෙන් තමන්ගේ වැඩක් වගේ තමයි, මේ කටයුත්තට දායක වෙන්නේ. පුතාට පුරුදු පුහුණු කරන්න ලොකු මහන්සියක් දරනවා. කුස චරිතයට මුලිsන්ම හිටියේ ඩග්ලස් රණසිංහ. ඉන් පස්‌සේ ගිහාන් ප්‍රනාන්දුත් කාලයක් ඒ චරිතය කළා. ඩග්ලස් සහ ගිහාන් දෙදෙනා කුස චරිතය ඉතාම ප්‍රශස්‌ත විදිහට කළ දෙදෙනෙක්. ජයනාත් බණ්‌ඩාරත් මේ නාට්‍යයේ රඟපානවා. ඉන්දික ජයසිංහත් ප්‍රධාන චරිතයක් කරනවා.
|
පුතා රංගන ක්‍ෂේත්‍රයට ගෙන එන්න විජය නන්දසිරිගේ අදහසක් තිබුණද?
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.