text
stringlengths 1
589k
|
---|
ගොඩාක් මහන්සිවෙලා කැපවීමෙන් කෙනෙක් දෙයක් කළාම ඒකට ඇගයීමක් ලැබෙද්දී ලොකු සතුටක් හිතට දැනෙනවානේ. රංගන ක්ෂේත්රයේ ඉන්න අපි හැමෝටමත් සම්මානයක් ලැබෙද්දී දැනෙන්නේ ඒ වගේ සතුටක්. තව තවත් හොඳ නිර්මාණවලට සහභාගී වෙලා උපරිම කැපකිරීමෙන් රංගන කටයුතුවල නිරත වෙන්න සම්මානයකින් ලොකු උත්තේජනයක් ලැබෙනවා. ඒ නිසා කලාකරුවෙක් සම්මානයක් සඳහා නිර්දේශ වීම වගේම, කලාකරුවෙක්ට සම්මානයක් ලැබීමත් මුළු ක්ෂේත්රයම දිරි ගැන්වීමක් කියලයි මම හිතන්නේ.’’ බොහෝ දෙනෙක් අතර අතිශයින් ජනප්‍රිය, දක්ෂ රංගන ශිල්පිනියක් වන දිනිති වල්ගමගේ තමයි මෙහෙම කියන්නේ. මෙවර පැවැත්වූ 21වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළිය සඳහා ඇයගේ නමත් නිර්දේශ වෙලා තිබුණා. ඒ ස්වර්ණවාහිනියේ විකාශය වූ ‘සුසුම් රස්තියාදුව’ ටෙලිනාට්‍යයේ ගිම්හානිගේ චරිතය වෙනුවෙන්.
|
සුසුම් රස්තියාදුව ටෙලිනාට්‍යය වගේම ගිම්හානිගේ චරිතයත් ප්‍රේක්ෂකයන් අතර අතිශයින් ජනප්‍රිය වුණා. බොහෝ දෙනෙක් ඒ ටෙලිනාට්‍යයේ ගිම්හානිගේ චරිතයට පණ පෙවූ දිනිති වල්ගමගේගේ රංගන කෞශල්‍යයන් අගය කළා. ඇත්තටම දිනිති ඒ ටෙලිනාට්‍යයේ ගිම්හානිගේ චරිතයට උපරිම සාධාරණයක් කළ බව අවිවාදයෙන් පිළිගත යුතු කාරණාවක්. ඒ නිසාම ටෙලිනාට්‍ය විකාශය අවසන් වුණත් අදටත් ප්‍රේක්ෂකයන් ගිම්හානි කියන චරිතය ගැන කතාකරනවා. මේ විදිහට ප්‍රේක්ෂක සිත් ඇද බැඳ තබා ගත් සුසුම් රස්තියාදුව ගැන වගේම ගිම්හානිගේ චරිතය ගැන අපි මුලින්ම දිනිතිත් එක්ක කතා කළා.
|
‘‘සුසුම් රස්තියාදුවේ ගිම්හානි වගේ චරිතයක් මට ලැබුණේ මගේ පෙර පිනකට කියලයි මම විශ්වාස කරන්නේ. මේ ටෙලිනාට්‍යය වෙනුවෙන් මුළු කණ්ඩායම ගොඩක් මහන්සි වුණා. ඒ මහන්සියේ ප්‍රතිඵල අද ඇස් පනාපිටම පේන්න තියෙනවා. ප්රේක්ෂකයන්ගෙන් ටෙලිනාට්‍යයට හොඳ ප්‍රතිචාර බොහොමයක් ලැබෙනවා. අපි හැමෝම එක පවුලක් වගේ හිටියේ. ටෙලිනාට්‍ය රූගත කරන කාලය හරිම ලස්සනට විනෝදෙන් ගෙවුණා. ගිම්හානි ගැන හොඳ අවබෝධයක් ඇතුවයි මම චරිතය රඟපෑවේ. අනිත් හැමදෙනාමත් එහෙමයි. ප්‍රියන්ත අයියා අපි හැමෝටම වඩා ඒ වෙනුවෙන් සූදානම් වුණා. ප්‍රියන්ත අයියා කියන්නේ මට මුණ ගැහුණු හොඳම අධ්‍යක්ෂවරුන්ගෙන් එක්කෙනෙක්. ඒ වගේම සුසුම් රස්තියාදුවේ ගිම්හානිගේ චරිතය මට ලැබුණු තෑග්ගක් කිව්වත් වරදක් නෑ. මම මගේ උපරිමයෙන් ඒ වෙනුවෙන් කැප වුණා කියලා මම විශ්වාස කරනවා.’’
|
අද දිනිතිගේ කැපවීමට ලැබිය යුතු හොඳම වටිනාකම ලැබිලා තියෙනවා. රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටම ටෙලිනාට්‍ය නිළිය සඳහා නිර්දේශිත ජනප්‍රිය මෙන්ම අති දක්ෂ රංගන ශිල්පිනියන් තිදෙනාගේ නම් අතර දිනිතිගේ නමත් තිබුණේ ඇයගේ දක්ෂතාවය නිසාම තමයි. දිනිති ඒ නිර්දේශ වීම ගැන පවා කතා කළේ ලොකු සතුටකින්.
|
කොහොම වුණත් සුසුම් රස්තියාදුව ටෙලිනාට්‍යයෙන් පසුව කාලයක් යනතුරු දිනිති පුංචි තිරයෙන් නැවතත් ප්‍රේක්ෂකයන්ට මුණ ගැහුණේ නැහැ. ඒ නිහැඬියාව මොකක්ද කියලත් අපි ඇයගෙන් ඇහුවා.
|
‘‘අවුරුද්දක් වගේ කාලයක් අපි ලංකාව හිටියේ නැහැ. පුද්ගලික වැඩ කටයුතු කිහිපයක් සඳහා අපි මෙල්බර්න් ගිහින් හිටියේ. ඒ නිසා තමයි කලා කටයුතුවලට සම්බන්ධ නොවුණේ. හැබැයි අපි දිගටම සමාජ මාධ්‍ය හරහා අපේ අලුත් විස්තර ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගන්න අමතක කළෙත් නැහැ. ඒ වැඩ ටික ඉවර කරගෙන ආයෙත් ලංකාවට ඇවිත් කලා කටයුතු පටන් ගත්තා. මේ දිනවල හිරු නාළිකාවේ මාස්ටර් සර් ටෙලි නාට්‍යයේ චරිතයක් කරනවා. ඒ වගේම අලුත්ම චිත්‍රපටයේ වැඩ කටයුතුත් අවසන් වුණා. ඒ ගැන ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදී දැනගන්න ලැබෙයි.’’ දිනිති මේ කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පී සංගීත් සතරසිංහ ගැන. මේ වෙද්දී දිනිති සහ සංගීත් විවාහ වෙලා කියලා හැමෝම දන්නවනේ. සංගීත් එක්ක හරිම සතුටින් සැහැල්ලුවෙන්, විනෝදයෙන් ජීවිතය ගතකරනවා කියලා තමයි දිනිති අපිට නම් කිව්වේ. ඇත්තටම දිනිති සහ සංගීත් කියන්නේ හරිම ආදරණීය යුවළක්.
|
‘‘සංගීත් මට අදටත් හොඳම යාළුවෙක් වගේ. අපේ මුලින්ම මුණ ගැහුනෙත් ආශ්‍රය කළෙත් හොඳම යාළුවෝ විදිහටනේ. අදටත් ඒ බැඳීම වෙනස් වෙලා නෑ. හැමදේටම වඩා මට වටින්නේ ඒ බැඳීමයි. බිරිඳක් වුණා කියලා ඒ ගැන ලොකු බරක් ලංකාවේ ඉද්දි මට දැනුනේ නෑ. මොකද හැමදාම වගේ අම්මා තමයි හැමදේම කළේ. ඒත් ඔසී ගියාට පස්සේ තත්ත්වය වෙනස් වුණා. අම්මි කරපු හැමදේම මම කරන්න ඕන නේද කියලා හිතුණා. ඒත් ඉතිං හිතුව තරම් ඒ ජීවිතේ අමාරු වුණෙත් නැහැ. මගේ මහත්තයා හොඳ චෙෆ් කෙනෙක්. ඒ නිසා කෑම හදන එක ඒ තරම් ප්‍රශ්නයක් නෙමෙයිනේ. අනෙක් වැඩ ටිකත් අපි එකතුවෙලා කරගත්තා.’’
|
විදේශ ගත වූ පසුව දිනිති ගුරුවරියක් හැටියට මාස කිහිපයක් රැකියාව කළා කියලත් අපිට දැනගන්න ලැබුණා. ඒත් දැන් නම් දිනිතිට අට පහ රැකියාවක් කරන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ වගේ කියලා තමයි ඇගේ කතාවෙන් අපිට තේරුණේ. දිනිති කියන විදිහට ඇය වැඩිපුරම කැමැති නිදහසේ කාලය ගත කරන්නලු. ඒත් මීට ටික කාලයකට කලින් ඇය ගුවන් සේවිකාවක් ලෙස රැකියාව කළ බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. දිනිති ඇගේ රැකියාවට බොහෝ සෙයින් ආදරය කළා. කවදාහරි ලෝකෙ වටේම යනවා කියලා පුංචි කාලේ ඉඳලම හිතේ පැලපදියම් වෙලා තිබුණු හීනයට පණ ලැබුණේ මේ රැකියාව නිසා කියලා දිනිති මීට කලින් අපිත් එක්ක කියලා තියෙනවා. ඒත් රංගන ශිල්පී සංගීත් සතරසිංහ සමග විවාහ වීමෙන් පසුව දිනිති ඇයගේ රැකියාවට සමුදුන්නා. හැමදේටම වඩා තමන්ගේ පවුල වටින නිසා ඒ වගේ තීරණයක් ගත්තා කියලා තමයි දිනිති අපිත් එක්ක නම් කිව්වේ. මොන තරම් රැකියාවට ආදරය කළත් සංගීත් තරම් ඒ කිසිම දෙයක් දිනිතිට වටින්නේ නෑ කියලා ඇගේ කතාවෙන් අපට තේරුණා.
|
‘‘අපි හැමෝම නතරවෙන්නේ සතුට තියෙන තැන්වලනේ. විවාහයට කලින් මගේ සතුට තිබුණේ මම කරන රැකියාව තුළ. මම මගේ රැකියාවට ගොඩාක් ආදරය කළා. ඒත් පසුකාලීනව මට ඊටත් වඩා සතුට සැනසීම ගෙනෙන කෙනෙක් මුණගැහුනා. ඒ වෙන කවුරුවත් නෙමෙයි මගේ මහත්තයා. ඔහුගෙන් මට ලැබෙන ආදරය, සැනසීම, සතුට වචනවලින් කියන්න බැරි තරම්. ඒ නිසා මම ගොඩක් සතුටින් ආදරයෙන් බැඳිලා හිටිය මගේ රැකියාවට සමු දුන්නා. ඒ ගැන මට කිසිම පසුතැවීමක් හෝ දුකක් නෑ. ඊටත් වඩා සතුටකින් සැනසීමකින් මම අද ජීවත් වෙනවා. මම රස්සාවෙන් අයින් වුණා කියලා ලස්සන තැන් බලන්න යන එක ලෝකෙ වටේ යන එක නම් නතර වුණේ නැහැ. මාව ලෝකේ වටේම එක්කරගෙන යනවා කියන පොරොන්දුව එයාගෙන් අරගෙනයි මම රැකියාවෙන් අයින් වුණේ. එයා ඒ පොරොන්දුව ඒ විදිහටම රකිනවා.’’
|
දිනිති සංගීත් ගැන කතා කළේ පුදුමාකාර ආදරයකින් සහ විශ්වාසයකින්. මේ දිනවල සංගීත් නැවැතත් රංගන කටයුතුවල නිරත වෙනවා. පුංචි තිරයෙන් ඔහුව අපට නිතර මුණ ගැහෙනවා. ඒ ගැනත් දිනිති කතා කළේ ලොකු සතුටකින්. ‘‘රඟපාන එක එයා ආසාවෙන්ම කරන දෙයක්. ඒක එයාගේ ජීවිතයේ පැෂන් එක කියලයි මට හිතෙන්නේ. ඒ නිසා එයා රඟපානවාට මම කැමැතියි. ඇත්තටම මම රඟපානවාටත් වඩා එයා රඟපාන දේවල් බලන්නයි මම වැඩිපුරම කැමැති. එයාව නිර්මාණයකින් දකිද්දී මට ලොකු සතුටක් දැනෙනවා.’’
|
විවාහයත් සමග දිනිති ටිකෙන් ටික රංගන කටයුතුවලින් ඈත් වෙලාද කියලත් සමහර ප්‍රේක්ෂකයන් අහනවා. ඒත් කලා කටයුතුවලට සමුදෙන්න නම් ඇයගේ හිතේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ප්‍රේක්ෂකයන් අතරට යන හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යෙන්ම ඒකට සම්බන්ධ වෙනවා කියලා දිනිති අපිට කිව්වා.
|
ඒත් එක දිගට කාර්යබහුල වෙන්න නම් ඇය ටිකක් වත් කැමැති නැහැ වගේ කතාවක් තමයි අපිට තේරුණේ. මොකද ඇය හරිම සතුටින් විනෝදයෙන් සැහැල්ලුවෙන් කාලය ගත කරන්න කැමැති කෙනෙක්. ඒ කොහොම වුණත් ලැබිලා තියෙන ආරාධනා ගැන සලකා බලනවා කියලත් ඇය මතක් කළා. උසස් අධ්‍යාපන කටයුතු සඳහා නැවතත් විදේශගත වීමේ බලාපොරොත්තුවකුත් දිනිතිට තියෙනවා. ඒ වුණත් පුළුවන් උපරිමයෙන් කලාවත් එක්ක එකතුවෙලා ඉන්නයි ඇගේ උත්සාහය. මේ හැමදේම අතර දැන් දෙන්නා තුන්දෙනා වෙන්න බලාපොරොත්තුවක් නැද්ද කියලත් අපි සාකච්ඡාව අවසානයේදී දිනිතිගෙන් ඇහුවා. ‘‘ඔය ප්රශ්නය දැන් සමහරු අපෙන් අහනවා. ඒත් ඉතින් අපිට තව වැඩ ටිකක් කරගන්න තියෙනවා. දෙන්නා තුන් දෙනා වෙන එක ගැන හිතන්න ඒ වැඩ ටික ඉවර වෙනකම් ඉන්න වෙනවා. ඊට පස්සේ ඒ ගැන හිතලා බලනවා.’’
|
ඔහු ක්‍රිකට් ක්‍රීඩකයින් අතරින් කවුරුත් ආදරය කරන තරුවක්..
|
ධනංජය ද සිල්වා.. ක්‍රිකට් ක්‍රීඩාවටත් වඩා ඔහුගේ පුංචි පවුල ගැන තොරතුරු දැනගන්න ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන ඉන්නවා..
|
ධනංජයගේ පවුලට එකතුවුණු අලුත්ම සාමාජිකාව තමයි Ayaana කියන්නේ..
|
ඔන්න ඇගේ පළමු උපන්දිනය වෙනුවෙන් අම්මා තාත්තා අක්කා එක්ක එකතු වෙලා Ayaana කරලා තිබුණ ඒ ලස්සන ෆොටෝ ෂූට් එක කරලා තිබුනා.
|
මිෂෙල් දිල්හාරා කියන්නේ ලංකාවේ කලාවට දායාද වුණු දක්ෂ තාරකාවියක්. රයිගම් සම්මාන උළෙලේ ජනගත නිළිය විධියට සම්මානිත වුණු ඇය ගැන මෙරට මාධ්‍යවල පළ වෙද්දී ඒ හා සමගාමීව ඉන්දියානු පුවත්පත්වලත් ඇය ගැන සඳහන් වුණා. ඒ ඇය දකුණු ඉන්දියානු සිනමාවේ සුපිරි තරු කිහිපයක් එක්ක දැවැන්ත ඉන්දියානු සිනමාපටයකට රංගනයෙන් දායක වන නිසා. කලාතුරකින් කෙනෙක්ට ලැබෙන මේ විශාල අවස්ථාව ගැන දැනගත්තම හදගැස්ම අපිට හිතුණා මේ ගැන ඇගෙන්ම අහලා දැනගන්න.
|
ඔබට දකුණු ඉන්දියානු සිනමාවේ සුපිරි තරු කිහිපයක් සමඟම චිත්‍රපටයකට අවස්ථාව ලැබිලා තියෙනවා, මුලින්ම ඒ ගැන කතා කළොත්?
|
මේක මට ලැබුණු පළමුවැනි දකුණු ඉන්දියානු චිත්‍රපටය. එහි මා සමඟ සමුත්රකානී, යෝගි බාබු, රම්‍යා නම්බීසන් ඇතුළු පිරිස රංගනයෙන් දායක වනවා. ඒ චිත්‍රපටය නම් කරලා තියෙන්නේ “බයිලා” නමින්. මේක ඇත්තටම මට ලැබුණු විශාල අවස්ථාවක්. මේ චිත්‍රපටයේ තිර පිටපත සහ අධ්‍යක්ෂණය කේ වීර් කුමාර් සිදු කරන්නේ. නිෂ්පාදනය ආර්. කන්නන්ගේ. මේ චිත්‍රපටයට සංගීතයෙන් සනුක වික්‍රමසිංහ සහ ගීත පද රචනයෙන් පොතුවිල් අස්මින් දායක වනවා. පසුගිය දවසක ඉන්දියාවේ රාමේශ්වරම්හි කෝවිලක මෙහි මුහුරත් උළෙල පැවැත්වුණා. ඒ සමඟම රූගත කිරීම් කිහිපයකුත් සිදු වුණා.
|
මේ වගේ ලෝකයක් හඳුනන දැවැන්ත තරු සමඟ නිර්මාණයකට දායක වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
|
අදිරන් චිත්‍රපටයට පස්සේ මේ චිත්‍රපටයේ නිෂ්පාදක ආර් කන්නන් මහත්මයා මට කතාකරලා එයාලගේ අලුත්ම චිත්‍රපටයට මාව සම්බන්ධ කරන්න කැමැතියි කියලා කිව්වා. කොහොමහරි ඊට පස්සේ ඔවුන් ලංකාවට ඇවිත් ඒ ගැන සාකච්ඡා කළා. මේ සාකච්ඡා වට සතියක් පුරා වගේ පැවැතුණා. එතැනින් පස්සේ තමයි මේ චිත්‍රපටයේ මගේ චරිතය සහ කතාව ලස්සන නිසා මම ඒකට එකතු වෙන්න කැමැති වුණේ.
|
කෙනෙක්ට ලේසියෙන් නොලැබෙන අවස්ථාවක් ඔබට ලැබිලා තියෙන්නේ. ඒ ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නේ?
|
ඒක ඇත්තටම මට ලැබුණු ලොකුම අවස්ථාවක්. මට හරිම සතුටුයි ඔවුන් සමඟ වැඩ කරන්න ලැබීම ගැන. ඉන්දියන් ප්‍රඩක්ෂන් එක කියන්නේ වෙනමම අත්දැකීමක්. විශේෂයෙන්ම එහි නිෂ්පාදක ආර්. කන්නන් සර් තමයි මට මේ වැඩේට ගොඩක්ම කතා කළේ.
|
දකුණු ඉන්දියානු සිනමාව අද බොලිවුඩය තරමටම ලෝකයට නිරාවරණය වී අවසන්. ඒ වගේ දැවැන්ත කර්මාන්තයකට දායක වීම ගොඩක් අයගේ හීනයක්?
|
මට ගොඩක් සතුටුයි. මට ලැබුණු ලොකුම අවස්ථාව. ඉන්දියානු නිර්මාණවල සම්පූර්ණ ප්‍රඩක්ෂන් එකම හරිම වෙනස්. එයාලගේ කොස්ටියුම්, මේකප්, කැමරාකරණය, ෂූටිං මේ හැමදේම හරිම වෙනස්. ඉතිං එහෙම අවස්ථාවක් ලැබීම ලොකු සතුටක්. ඒ වගේම ඉදිරියේදී අවස්ථා ලැබුණොත් ලංකාවේ සිනමා නිර්මාණ සහ දකුණු ඉන්දියානු සිනමා නිර්මාණ සමබරව කරගෙන යන්න බලාපොරොත්තු වනවා.
|
අදිරන් ටීසරයටත් විශාල වශයෙන් ප්‍රතිචාර හිමි වෙනවා නේද?
|
අදිරන් කියන්නේ මගේ පළමු දමිළ චිත්‍රපටය. ඒක අධ්‍යක්ෂණය කළේ දිනේශ් කනගරාජ් සර්, නිෂ්පාදනය ඒඩ්‍රියන් ප්‍රඩක්ෂන්. එහි මාත් එක්ක ප්‍රධාන පිරිමි චරිතය නිරූපණය කළේ සුදර්ශන් රවින්ද්‍රන්. එහි ට්‍රේලර් එක නිකුත් වුණා. ඒ් චිත්‍රපටයත් මට වෙනස්ම අත්දැකීමක් වුණා. මොකද මම පළමු වතාවට තමයි දමිළ භාෂාවෙන් නිර්මාණයකට දායක වුණේ. ඉතින් සති දෙකක් පමණ එහි දෙබස්වල උච්චාරණය සිංහලෙන් ලියාගෙන පුරුදු වුණා. චිත්‍රපට රූගත කිරීම් අවසානයේ මම දමිළ භාෂාව යන්තමින් කතා කරන්න සහ කියන දේවල් තේරුම්ගන්න පුළුවන් මට්ටමට ආවා.
|
වසරේ ජනගත නිළිය ඔබ. ප්‍රේක්ෂකයන්ගේ මේ ආදරය ගැන මොකද හිතන්නේ?
|
රයිගම් ටෙලි සම්මාන උළෙලේ වසරේ ජනගතම නිළියට හිමි සම්මානය තමයි මට හිමි වුණේ. ඇත්තටම ප්‍රේක්ෂකයන්ට තමයි ඒ සම්මානය අයිති. ඔවුන් නිසා තමයි රංගන ශිල්පීන් හා චරිත පවතින්නේ. ඒ වගේම මම විශේෂයෙන්ම ලලයි ලිලයි ලයි ටෙලි නාට්‍යයේ අධ්යක්ෂ සුපුන් රත්නායක මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. මිලා චරිතය කියන්නේ ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරය කරපු චරිතයක්. ඉතින් ඒ චරිතය මට ලබා දීම ගැන මම ඔහුට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම රස රහසක්හි මිශාරාගේ චරිතය මට ලබා දුන්නු අරුණ ජයවර්ධන, රොන් සොයාහි හසරැලිගේ චරිතය ලබා දුන්නු නිවන්ත ප්‍රසාර යන මහත්වරුන්ටත් මම ස්තුතිවන්ත වෙනවා.
|
ඒත් එක්කම ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් මතක් කරමු?
|
මේ දවස්වල අදිරන් චිත්‍රපටයේ රිලීස් එකට සූදානම් වෙනවා. ඒ වගේම බොහෝ දුරට අවුරුද්දෙන් පස්සේ දකුණු ඉන්දියානු සිනමා පටයේ රූගත කිරීම් පටන් ගන්නවා. ඊට අමතරව රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය කිහිපයක්ම එන්න තියෙනවා. ඒ දේවල් එක්කම මගේ දෙවැනි පොතේ වැඩකටයුතු සහ විශ්වවිද්‍යාල සමඟ සිදු කරනගෙන යන ව්‍යාපෘතිවල වැඩකටයුතු සිදු කරගෙන යනවා.
|
අවසන් වශයෙන් මෙතෙක් ආපු දුර ගැන මොකද හිතෙන්නේ?
|
ඇත්තටම මට ගොඩක් සතුටුයි. මම හැමවෙලාවෙම අලුත් චරිතයක් ලැබුණම මම නිතරම උත්සහ කරනවා ඒ වන තුරු කරපු චරිතවල ගුණාංගවලට වඩා වෙනස් අලුත් ගුණාංග එකතු කරලා වෙනමම චරිතයක් ගොඩනඟා ගන්න. ඉතින් මේ තාක් කාලයක් ආවා වගේම ඉදිරියටත් මට මේ ක්ෂේත්රයේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. මොකද මේක දිනපතා අප්ඩේට් වෙන ක්ෂේත්රයක්. ඉතින් අලුත් දේවල් ඉගෙන ගනිමින් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව.
|
මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒවත් ඉගෙනගෙන ලංකාවේ වගේම ජාත්‍යන්තරවත් පිළිගත්ත හොඳ රංගන ශිල්පිනියක් වීම තමයි බලාපොරොත්තුව. ඒ පාර හරිම දුරයි. ඒ අරමුණට යන්න ගොඩක් දේවල් අධ්‍යයනය කරන්න ඕනෑ. ඉතින් ඒ දෙවල් එක්කම හිමීට ගමන යන්න බලාපොරොත්තු වෙනවා.
|
අක්ෂි මාපා වීරසිංහ
|
පසුගිය දවස්වල ආදරණීය ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ දැක්කා මේ ගැන කතා කරලම අපි කතාබහ
|
පටන් ගනිමු නේද?
|
මේක අපේ පළමුවෙනි කපල් ෂුට් එක. විවාහයට පෙර කරපු එකක් මේක. මට ඡායාරූප ටික ලැබුණේ ටිකක්
|
පරක්කුවෙලා. එ් නිසා දැන් තමයි මේ ඡායාරූප ටික ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මම දැක්කා මේ
|
ගැන වැරදි අදහසක් ප්‍රචාරය වෙනවා. මම සහ සැමියා ෂොපිං ගිහිං කියලා. එය වැරදියි. මේක
|
වෙඩින් එකට කලින් කරපු ෆොටෝ ෂුට් එකක්.
|
අලූත් ජිවිතේ කොහොමද ගෙවෙන්නේ?
|
සතුටින් ගෙවාගෙන යනවා. වෙනසක් තියෙනවා දැන් ගෙවන මේ ජීවිතයේ. ඉස්සර මම හිටියේ තනියම.
|
දැන් මම ඉන්නේ සැමියත් එක්ක. විවාහයට පසුව දැන් මට ගෙදරෙදාර වැඩ ගැන බරපතළ විදිහට
|
හිතන්න වෙලා. අනික දැන් මම මා ගැන විතරක් නෙමේ සැමියා ගැන, ඔහුගේ වැඩ කටයුතු ගැන
|
හොයලා බලලා කරන්න ඕන. ඇත්තටම අනික් හැමෝටම වඩා ජීවිතේ මම දැන් ප්‍රමුඛතාව දෙන්න ඕන
|
එයාගෙ වැඩවලට. හිරු මෙගා ස්ටාර් නිසා කාර්යබහුල වෙලා ඉන්නේ. කොහොම වුණත් සියල්ල සමබරව
|
කරගෙන යනවා.
|
නදිශා කියන රංගන ශිල්පිනිය ඇයි දැන් නිර්මාණවල දකින්නට ලැබෙනවා අඩු?
|
මම මේ දවස්වල හිරු මෙගාස්ටාර් සමග තමයි කාලය ගෙවන්නේ. දිනපතාම පුහුණුවීම්වල යෙදෙනවා.
|
සාමාන්‍යයෙන් මම දෙයක් කරනවිට එයට කැපවෙලා උපරිමයෙන් මහන්සි වෙලා කරනවා. මේ නිසා මම
|
වැඩ දෙක තුනක් එකවර කරන්න යන්නේ නෑ. එහෙම වුණාම එක දෙයක් හරි හරියට කරන්න බැරි වෙනවා.
|
මේ දවස්වල ටෙලි නාට්‍යයක් හරි චිත්‍රපටයක් හරි භාර ගත්තොත් මට හිරු මෙගා ස්ටාර් සඳහා වෙන්
|
කිරීමට කාලය අඩු වනවා. එවැනි දෙයක් භාර අරගෙන මෙගා ස්ටාර් සඳහා වැඩි අවධානයක් යොමු
|
කළොත් මම භාරගත් නිර්මාණයට අසාධාරණයක් වෙනවා. කරන දේ හරියට කරන්න ඕන නිසා මම එක
|
දෙයයි එක වරකට කරන්නේ.
|
මේ මාර්තු මාසයෙන් පසුව වෙන වැඩ ගැන අවධානය යොමු කරනවා. ඉදිරියේදී චිත්‍රපටයක් සඳහාත්
|
ආරාධනා ලැබිලා තියෙනවා.
|
නව පරපුර ඔබට අභියෝගයක් වෙලාද?
|
නෑ කිසිදු අයුරකින් නෑ. මට වෙන අය අදාළ නෑ. මට අභියෝගයක් වෙන්නේ මමම තමයි. මගේ මිතුරා
|
වගේම මගේ හතුරාත් මම. කරන දේ හරියට කරනවා. එ් වගේම මම ඉදිරියට කරන දේවල් මම කරපු
|
දේවල්වලට වඩා හොඳට කරන්න තමයි මම උත්සහ දරන්නේ. කලාවට වැඩක් ඇති දෙයක් ඉතුරු කරල යන්න මම කැමැතියි. ඒ වෙනුවෙන් මම මහන්සි වෙනවා.
|
ඇත්කඳ ළිහිණියා වගේ නිර්මාණ යළිත් නදීෂා අතින් නිෂ්පාදනය වෙන එකක් නැද්ද?
|
හැමදාම වගේ මගේ අරමුණ වුනේ හරවත් දේවල් කරන්න. එ්ක මගේ පෞද්ගලික ජීවිතයට වගේම නිර්මාණ
|
වලටත් අදාළයි. සමාජයට වැඩක්වෙන දෙයක් පේ්රක්ෂකයාට යමක් ගැනීමට තියෙන නිර්මාණයක් තමයි
|
මම කරන්න උත්සහ දරන්නේ. හැබැයි ඉතිං එහෙමයි කියලා කිසිම කෙනකුට නොතේරෙන දේවල් නෙමෙයි
|
සරලව රස විඳින්න පුළුවන් දෙයක් තමයි මම දෙන්නේ.
|
”රීල් ඇන්ඞ් ට්‍රැක්” කියන මගේ නිෂ්පාදන ආයතනය හරහා තමයි මා නිර්මාණකරණයේ යෙදෙන්නේ. මීට
|
අමතරව මම සංරක්ෂණ කටයුතුද කරනවා. ”දුන්හිඳ අද්දර” කියන සුන්දර ටෙලි නාට්‍ය මම ඞීවීඞී පටයක්
|
විදිහට සංරක්ෂණය කළා. ඇත්කඳ ළිහිණියා වගේ නිර්මාණත් මම කළා. එ් වගේම මම මේ ක්ෂේත්රයට
|
ඇවිල්ලා අවුරුදු 7 කින් විතර ”රීල් ඇන්ඞ් ට්‍රැක්” නමින්ම කලා ක්ෂේත්රයේ අය සඳහා සඟරාවක්ද කළා.
|
මෙම කාර්යයේ නියැළිම පහසුද?
|
ඇත්තටම නෑ. මොකද අපි නිර්මාණයක් සඳහා වැය කරන්නේ දුක් මහන්සියෙන් උපයපු මුදල්. අපට නිර්මාණ
|
කරලා පාඩු විඳින්නත් බෑ. ඒත් සමහර වෙලාවට අපි මහන්සියෙන් කරන නිර්මාණයේ අයිතිය අපට
|
චැනල්වලට දෙන්න වෙනවා. තවත් සමහර වෙලාවට අපේ නිර්මාණවලට ඔවුන් බලපෑම් කරනවා. මේ
|
සේරම දෙවල් එක්ක නිර්මාණයක් කළත් අපට ලැබෙන ලාභය හරිම අඩුයි. සමහර වෙලාවට ලාභයක් නෑ වගේ.
|
දේශපාලනයට සදහටම සමුදීලද?
|
දේශපාලනයට සමුදීලා නම් නෑ. මම තවමත් එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සංවිධායකවරියක්.
|
කොහොම වුණත් දේශපාලනය කියන දේ අපේ ජීවිතවලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධයි. ඒක මට විතරක්
|
නෙමෙයි. හැමෝටම එහෙමයි. ඉතින් මටත් මැරෙනකල් දේශපාලනය කියන මාතෘකාවෙන් ගැලවිල්ලක් නැහැ.
|
ඉදිරියේදි මොන වගේ දේවල්වලින්ද නදීශාව අපට දකින්න ලැබෙන්නේ?
|
ඉදිරියෙදී වැඩ කිහිපයක්ම කරන්න හිතාගෙන ඉන්නවා. මට සුන්දර සිහිනයක් තියෙනවා. එය ඉදිරියේදී ටෙලි
|
සිතුවමක් ලෙසට හෝ චිත්‍රපටයක් ලෙසට පේ්රක්ෂකයා හමුවට එ්වී. එ් වගේම මට චිත්‍රපට සහ
|
ටෙලිනාට්‍ය කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. එ් සඳහාද ඉදිරියේදී දායකවෙන්න බලාපොරොත්තු
|
වෙනවා. මගේ සැමියාගේ ව්‍යාපාරික කටයුතුවලටත් දායකවෙනවා.
|
අපේ රටේ ආන්දෝලනයට ලක් වෙන දේවල් වලට ඔබ පැකිළීමක් නැතිව ඉදිරිපත් වෙනවා.ඇත්තටම එහෙම
|
වැඩ කරන්න නදීෂාට බය නැද්ද?
|
මම වැරැුද්දක් කරන්නේ නැත්නම් ඇයි මම බය වෙන්නේ. වැරදි දේවල් කරන්න තමයි අපි බය වෙන්න ඕන.
|
මම පොළොවේ පය ගහලා ජීවත්වෙන කෙනෙක්. මම අදහන්නේ බෞද්ධ දර්ශනය. එ් අනුව තමයි මම ජීවත්
|
වෙන්නේ. ඉතිං මම කරන දේවල් හරියට කරලා යහපත් විදියට ජීවත්වෙන්න තමයි මම උත්සාහ දරන්නේ.
|
මිනිස්සු එක එක කතා කියාවි. ඒකට මට කමක් නෑ. ඉතිහාසේ හැමදාම වුණේ එහෙමයි. වෙනස් දෙයක්
|
කරපු හැමෝටමත් මිනිස්සු මුලින් ගැරහුවා. මට විතරක් වෙනසක් වෙන්න බෑ. මම මට ඕන ගමන යනව.
|
මොකද මම වැරදි නෑ කියල මම දන්නවා.
|
ඉදිරියෙදි පෞද්ගලික ජීවිතේ තියෙන අරමුණූ මොනවද?දැනට මම සතුටින් ජීවත්වෙනවා මගේ සැමියා සමග
|
අම්මා කෙනෙක් වීම හැම විවාහක ගැහැනියකගේම බලාපොරොත්තුවක්. නදීශා ඒ ගැන හිතන්නෙ නැද්ද?
|
බලාපොරොත්තු තමයි ජීවිතය ජීවත් කරවන්නේ. මටත් බලාපොරොත්තු නැතුවා නෙමෙයි. ජීවිතේ සිදුවිය යුතු
|
දෙවල් නියම වෙලාවට සිද්ධ වෙයි.
|
නයනකේශී විජේකෝන් (රිවිර)
|
ජනප්‍රිය නළු නිළියන් දෙපොළක් වූ රන්ජන් රාමනායක සහ අනූෂා දමයන්ති පෙනී සිටි මංගල ඡායාරූපය හැමෝගේම අවධානයට ලක් වුණා. සමහරු හිතුවේ මේ දෙන්නා ඇත්තටම විවාහ වුණා කියලයි.
|
කොහොම හරි මේ පින්තූරය කොයිතරම් දුරදිග ගියාද
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.