category
stringclasses
5 values
date
stringlengths
9
14
link
stringlengths
22
753
topic
stringlengths
1
11.6k
author
stringlengths
1
1.98k
content
stringlengths
1
187k
BLOG
2014.09.03
http://helavijaya.blogspot.com/
හිරු ටී.වී සදහම් රැස් දම් දෙසුම....
හෙළ විජය තරුණ සංවිධානය
.
BLOG
2014.08.26
http://helavijaya.blogspot.com/
අපේ රටේ තවත් ඉපැරණි හා මනරම් විහාරස්ථානයක් වූ මැල්සිරිපුර ශ්‍රී දේවගිරි රණගිරි රාජමහා විහාරස්ථානයේ 2014-08-09 දින සිදුකළ දම් දෙසුම.
හෙළ විජය තරුණ සංවිධානය
අපේ රටේ තවත් ඉපැරණි හා මනරම් විහාරස්ථානයක් වූ මැල්සිරිපුර ශ්‍රී දේවගිරි රණගිරි රාජමහා විහාරස්ථානයේ 2014-08-09 දින සිදුකළ දම් දෙසුම. විහාරාධිකාරී පූජ්‍ය වීරපොකුණේ සුමංගල හිමියන්ගේ අනුශාසනා පරිදි තරිඳු වනසිංහ මහතා ඇතුළු විහාරස්ථ දායක පිංවතුන් විසින් මෙම උතුම් පිංකම සංවිධානය කර තිබුණි.... ඔබ සැමට තෙරුවන් සරණයි.
BLOG
2014.08.08
http://helavijaya.blogspot.com/
මැල්සිරිපුර ඓතිහාසික දේවගිරි රණගිරි රජමහා විහාරස්ථානයේ සුමධුර දම් දෙසුම. අද රාත්‍රී 7 ට. ඔබ සැමට ආරාධනා... තෙරුවන් සරණයි..!!!
හෙළ විජය තරුණ සංවිධානය
.
BLOG
2014.11.13
http://kalakashaya.blogspot.com
අනඟ රැඟුම
සහන් පද්මසංඛ පීරිස් (THE SAHAN)
රනේ දිස්නෙකින් දුලනා ම‍ලෙකි කොමල පුල්මිණේ වර්ණෙකින් තැවරූ බිඟෙකි සිත විසල්සෙනේ කෙන්දකින් ඇඹරූ හුයෙකි රැගෙන කල්පිනේ අස්නකින් බැඳෙනා දිනෙකි හද යුගල්පුන් උපුල වන් උවන සිඹ සුවඳ බලා මල්කවි සියක් ලියූ බිඟු පතළ කර සසර මුල්පෙරැත්තයකට පසුව බිඳ දමා නුරා සිල්දෙපුන් සඳ පෑයුවා අරුමයකි දිවා කල්එසැණ බිඟු විසල සිත එකට හැකිළුණි අඟල්අනඟ රැඟුමෙක තුටට නිහඬ වුණි හද සුරල්පෙමක මහිමෙක අසිරි රැඳුණි මරණෙක අකල්බිඟු නමින් මල ද තනිකඩයි පෙති සිඳෙන කල්සහන් පද්මසංඛ පීරිස්(THE SAHAN)2014 නොවැම්බර් 13Painting - Flower Nude by Dinh Hanh.
BLOG
2014.11.07
http://kalakashaya.blogspot.com
Southern Star (දක්ෂිණ තාරකාව)
සහන් පද්මසංඛ පීරිස් (THE SAHAN)
.
BLOG
2014.11.02
http://kalakashaya.blogspot.com
ඛේදයේ පෙරවදන
සහන් පද්මසංඛ පීරිස් (THE SAHAN)
හදක් හිල් කොට පෑන් තලයෙන්ලියා පෙම් ගී ටිෂූ කොලයකමමත් ගයනෙමි සෙනේ ස්වරයෙන්එයින් හැදු කඩදාසි ඔරුවකනැඟී එය මත නදී දිය පිටඇදී යයි - නොම දනී කෙලවරසහන් පද්මසංඛ පීරිස්(THE SAHAN)2014 නොවැම්බර් 01.
BLOG
2014.10.12
http://kalakashaya.blogspot.com
Nawathimi Methekin (Cover)
සහන් පද්මසංඛ පීරිස් (THE SAHAN)
.
BLOG
2014.10.04
http://kalakashaya.blogspot.com
බැර ලෝහ
සහන් පද්මසංඛ පීරිස් (THE SAHAN)
යාන්තම් තරලමය ඝනපරිපූර්ණ තද නිහඬතාවෙක හිඳබැර ලෝහ ගීතයක් මහ හඬින් ඇරඹෙනඒ පළමු තප්පරය පටන් ගන්නා තැනඅහිමිව යයි මට - මගේ යැයි කී හිතනුඹේ පිටපත් අසූ දහසක් පැමිණ එකවරමවනු ඇත්තේ හනික - අනුරාගයේ උත්කර්ෂයබදා මා - අඟලකදු නොඉතිරි කොටඅග්නිය ද තුසරය ද ධූලකය ද හාමු කොටඋපරිමැති පැණි රසක් එහි කවා - පොවා මටඑතැන කල්පයක් කොට එතප්පරය මතනරක දෑ කෝටියක් කොට එකල්පය තුලනික්ම ඉගිලී ඇත - රුදු සිලා සිළුව නුඹනැවත මා දෙනෙතු හැර බලන කලසහන් පද්මසංඛ පීරිස්(THЕ SAHAN)2014 ඔක්තෝබර් 02.
BLOG
2014.10.03
http://kalakashaya.blogspot.com
සහෝදර සකර්බර්ග්
සහන් පද්මසංඛ පීරිස් (THE SAHAN)
ඇහි බැම්ම හැඩ කලතොල් පාට වැඩි කලනෝනලාටම වෙන්ව තිබුමාධ්‍ය සාකච්ඡා මේසවෙසඟනන්ට ද විවර කලසහෝදර සකර්බර්ග්සහන් පද්මසංඛ පීරිස්(THЕ SAHAN)2014 ඔක්තෝබර් 03.
BLOG
2014.09.26
http://kalakashaya.blogspot.com
රිදුම
සහන් පද්මසංඛ පීරිස් (THE SAHAN)
අහම්බය නමැති එක කල්පයකඇබිති හැඩ ගත් සිනිඳු තප්පරෙකලියා තිබුණා නොවෙද පිය සොඳුරඅඹ මලක් පිපෙන විටඑහි රේණු සැලෙන විටනුඹේ ඔය නිල් දිගැසමගේ ඇහේ වදින ලෙසප්‍රේමයෙහි සුරංගන අද මෙලෙසමගේ හිස සිඹින මුත් බැති සිතිනඉනුවෙ කඳුලැළි නොවෙද පිය සොඳුරඑදා ඇස් ගැටි මොහොතපටන් සැදි රිදුමකටගොදුරු වුණි මගේ හදකිසි දිනෙක සුව නොවනසහන් පද්මසංඛ පීරිස්(THЕ SAHAN)2014 සැප්තැම්බර් 25.
BLOG
2013.11.03
http://www.sevenali.blogspot.com/
Light
Shadow/හේමලයා
............................
BLOG
2013.06.22
http://www.sevenali.blogspot.com/
Quote..
Shadow/හේමලයා
.......................................................................
BLOG
2013.04.12
http://www.sevenali.blogspot.com/
Journey
Shadow/හේමලයා
...
BLOG
2013.04.04
http://www.sevenali.blogspot.com/
Plan B...
Shadow/හේමලයා
.....
BLOG
2012.09.30
http://www.sevenali.blogspot.com/
Knot...
Shadow/හේමලයා
............................................
BLOG
2012.09.15
http://www.sevenali.blogspot.com/
The Q
Shadow/හේමලයා
null
BLOG
2012.08.31
http://www.sevenali.blogspot.com/
3....
Shadow/හේමලයා
....................................
BLOG
2012.05.27
http://www.sevenali.blogspot.com/
The BEat....
Shadow/හේමලයා
....................................................
BLOG
2012.02.19
http://www.sevenali.blogspot.com/
The Sequel
Shadow/හේමලයා
............................................................
BLOG
2014.11.03
http://yapawijeratne.blogspot.com/
The way I got through my final exam- In retrospect
Yapa
15.4pt 0in 5. 15.4pt 0in 5.2. 3.4. 0..
BLOG
2014.09.22
http://yapawijeratne.blogspot.com/
ජීවිතයේ වෙලාව මදිවගේ නම් භාවනා කරන්න..
Yapa
ළඟදී කියවන්න ලැබුණු හොඳම ලිපියකින් තමා මේ කතාව මම දැක්කේ. නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශකතුමන් වන උපුල් ගමගේ මහතා විසින් කරන ලද ධර්ම සාකච්ඡා දෙකකින් තමා මේ උපුටා ගැනීම කළේ. කියවන්න වටිනවා. ජීවිතයට වටිනා යමක් තියෙනවා.තෙරුවන් සරණයි.
BLOG
2014.08.24
http://yapawijeratne.blogspot.com/
සටන් කලා සඟරා කලාප 16ක් නොමිලේම කියවමු
Yapa
සටන් කලාව (Martial arts) ගැන පිටරට නම් ගොඩක් දේවල්කියවන්න ලැබුණත් අපේ රටේ අයටනම් එහෙම දෙයක් ලැබෙන්නේ නැතිම තරම්. සටන්කලා පන්ති හැරුණාම එක්කෝ පදිකවේදිකාවේ රුපියල් 40ට50ට විකිණෙන පොඩි පොතකින් බලලා ඉගෙන ගන්න ඕනේ නැත්නම් චිත්‍රපටියකින් තමා.මේ කලාප ටික මාත් ගොඩක් කල් ඉඳලා download කරගෙන තියාගත් ටිකක්.මේ Blackbelt කියන පිටරට සඟරාවේ අන්තර්ජාලයේ හොයලා හොයලා ගත්ත පිටපත් ටිකක් එක තැනකට ගොඩකරලා දාපු link 1ක්. සටන් කලා වෙළඳ දැන්වීම් ටිකක් තිබ්බත් කුංග්ෆු, කරාටේ, ටයිකොන්ඩෝ, ක්‍රාව් මාගා, ජූඩෝ, අයිකිඩෝ MMA වගේ හැම සටන් කලාවක් ගැනම වගේ හොඳ පින්තූර වගේම හොඳ ලිපිත් තියෙනවා.මෙතනින් බාගන්න.යු. මේ තියෙන දේ දන්නේ නැතුව කරන්න යෑම අනතුරුදායකයි. ඒවගේම වැරදි අරමුණු වෙනුවෙන් සටන්කලාව යොදාගැනීම අනුමත් නොකරමි.
BLOG
2014.08.06
http://yapawijeratne.blogspot.com/
ප්‍රේමයේ චමත්කාරය- අජාන් බ්‍රහ්මවන්සෝ තෙරුන්
Yapa
.
BLOG
2014.07.31
http://yapawijeratne.blogspot.com/
තෙල් බඩ නැතිවෙන්න කෑම වට්ටෝරුවක්
Yapa
කොච්චර කෑමෙන් පරිස්සම්වුණත් අද කාලේ අවුරුදු 20-25 වෙද්දි කෙට්ටු කෙනෙක්ට වුණත් පොඩි පහේ " තෙල් බඩක්" එන එක ප්‍රශ්නයක්.විවාහය ළඟ එනකොට තරුණියෝ කෑම කන එකත් නවත්තලා පුදුම දුකක් විඳින්නේ ඇඟේ හැඩය තියාගන්න. මගේ යාලුවෙක්ටත් මේ ප්‍රශ්නය තිබුණ නිසා පෝෂණවේදී විෂේශඥයෙක්ගෙන් (nutritionist) උපදෙස් අරන් සති 3-4ක් ඇතුළත් කිසිම අමතර ව්‍යායාමයක් නැතුව වේල් 3ම බඩ පිරෙන්න කන ගමන් බර කිලෝ 8ක් ( 68 60ට අඩුකරගෙනා අඩුකරගෙන තිබුණා තෙල් බඩත් නැති කරගෙනම.මෙන්න මෙහෙමයි කෑම වේලපොල් කිරි/ පොල් තෙල් කෑමට එකතු කිරීම සපුරා තහනම්. කෑම මිරිසට උයන්නවෙනවා. උදේට කඩල/ කව්පි පීරිසියක්. ඒ කියන්නේ බත් පිඟානක් වගේ ගොඩාක්ම නෙවේ. සාමාන්‍ය ප්‍රමාණයක්.10ට විතර තේ එක්ක බිස්කට් කිහිපයක් ගත්තට වරදක් නෑ. ( කිරි තේ එපාද කියලා විශේෂයෙන් කියලා නෑ) දවල්ට බත් කන්න පුලුවන්. හැබැයි බත් අඩුවෙන්. එළවලු වැඩිපුර. ඒ කියන්නේ පිඟානෙන් වැඩිපුර තියෙන්න ඕනේ එළවලු. මේත් එක්ක මස් කෑල්ලක් මාලු කෑල්ලක් කන්න පුලුවන්4 ට විතර ඕනේනම් තේ එක්ක බිස්කට් කිහිපයක් ගත්තට වරදක් නෑ. රෑට සැහැල්ලු ආහාරයක්. ඉඳි ආප්ප 6-8ක් වගේ.short-eats කන්න බෑකොස්, දෙල් , දූරියන් කන්න එපා කිව්වලු.ගෙදර ඉඳන්ම කන බොන අයට මෙහෙම කෑම හදාගන්න එක පහසුවුණත් නවාතැන්පලවල්වල ඉඳලා වැඩට යන එන කඩෙන්ම කන බොන අයට නම් මේක ටිකක් අමාරුවෙයි.ඒත් කමක් නෑ. පොඩි උත්සාහයක් හරි දරන්න බලන්න.මේ දේ හැමෝටම හරියන්නේ නැතිවෙන්න පුලුවන් වගේම මේක සම්පූර්ණ ලිපියකුත් නෙවේ. හැබැයි හරියටම වැඩකරපු කෙනෙක්ගේ අත්දැකීමක් නිසා බෙදාගන්න හිතුවාමේ ගැන වැඩි විස්තර ලිපියක් ළඟදීම ලියන්න බලාපොරොත්තු වෙනවා.
BLOG
2014.07.22
http://yapawijeratne.blogspot.com/
මඩවල උපාලි හිමියන්ගේ "භාවනා අත්පොත" නොමිලේම කියවමු..Bhawana Athpotha (Handbook of Meditation)-Madawala Upali Thera-free-ebook download
Yapa
"ආශ්‍රමයේ භික්ෂූන් විසින් මා ආදරයෙන් පිළිගනු ලැබිණි. කුටියට රැගෙන ගිය මා එහි ටික වේලාවක් නිශ්ශබ්දව විවේකයෙන් සිටිය යුතුයැයි ඔවුහු යෝජනා කළහ. ඝෝෂාව ඉවසිය නොහැකි තරම් විය. බල්ලෝ නොන්වත්වාම උඩු බිරුලූහ. කපුටෝ ඉගිලෙන විටත් විශාල ඝෝෂාවක් කළහ. රැන්ගුන් ගුවන් තොටුපළට යන රථවාහන වල ඝෝෂාවත් යාබද වෙළඳ පලේ ශබ්දයත් නිසා පසුව මම නිශ්ශබ්දවත් ශාන්තවත් විවේකගැනීම නවත්වා භික්ෂූන්වහන්සේගේ කුටි අතරින් වැටී ඇති පාරවල් දිගේ ඇවිද්දෙමි. විවෘතව තිබූ සමහරෙක දොරතුලින් මම එබී බැලුවෙමි. එරමිණියා ගොතාගත් භික්ෂූහු ගල් ගැසුණු සේ භාවනාවේ යෙදී සිටියහ. ඔවුනට කිසිවක් නෑසුණහ. ඔවුහු කිසිවක් නොදුටුවෝය. බල්ලන්ගේ බිරීම්, කපුටන්ගේ කෑගැසීම් සහ අනෙක් ඝෝෂා මධ්‍යයේ ඔවුහු සියල්ල නිශ්චලව පවතින මානසික ලෝකයක පසුවූහ."මෙතනින් පොතම ගන්න.. තෙරුවන් සරණයි.
BLOG
2014.07.20
http://yapawijeratne.blogspot.com/
හඬා වැටුණු එළදෙන - අජාන් බ්‍රහ්මවන්සො තෙරුන් The Cow that Cried by Ajahn Brahm
Yapa
කොයි තරම් දරුණු විදියට හැදීවැඩුණු කෙනෙකු වුවත් මොහොතකින් සෞම්‍ය කෙනෙකු කරන්නටත් අහින්සක සතුන් මරමින් හිටි කුරිරු මිනිසෙකුගේ මුලු ජීවිතයම වෙනස් කළ මෙම කතාව විසින් තමා ලැබූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් දේශනා කරන ලද්දකි.
BLOG
2014.06.29
http://yapawijeratne.blogspot.com/
බටහිර බෙහෙත් "ජාතික ආහාරය" කරගත් ලංකාවේ මිනිස්‌සු
Yapa
ඖෂධ භාවිතාව සම්බන්ධව පුළුල් කතිකාවතක්‌ සමාජය තුළ ගොඩනැගෙමින් පවතින වකවානුවකි මේ. මේ වනවිට අප සමාජයට නැතුවම බැරි පුරුද්දක්‌ බවට ඖෂධ භාවිතාව පත්වෙමින් පවතියි. එය තදබල ඇබ්බැහිකමක්‌ බවට පත්ව ඇත. සාමාන්‍ය උණ, සෙම්ප්‍රතිෂ්‍යාවට පවා බටහිර ඖෂධ පොකුරු පිටින් ගිල නොදැම්මොත් බොහෝ දෙනාගේ හිත හොඳ නැත. එය මිනිසා කෙරෙහි කිසිදු විශේෂත්වයක්‌ නොදක්‌වයි. ලෙඩ රෝග වලක්‌වා ගෙන මරණය පරාජය කිරීම මිනිසාගේ ආශාවක්‌ මිස ස්‌වභාවධර්මයාගේ කැමැත්ත නොවෙයි. "එක ඩොක්‌ටර් කෙනෙක්‌ ළඟට ගියා, වැඩක්‌ නැහැ මේ එක බෙහෙතයි දුන්නේ. තාම බබාගේ උණ සනීප නැහැ. අර ඩොක්‌ටර් නම් බෙහෙත් ගොඩක්‌ දෙනවා. එක බෙහෙත් වේලෙන් උණත් සනීප වෙනවා." "බබාට උණ වගේ ඩොක්‌ටර්, බොහෙත් මොනව හරි දෙන්න, බලෙන් හරි පොවා ගන්නම්". මෙවැනි අත්දැකීම් ඔබටත් පොදු වන්නට ඇත. ශ්‍රී ලංකාවේ අප මෙසේ රෝග සුවපත් කර ගැනීමේ අරමුණෙන් බටහිර ඖෂධවලට වහල් වීමේ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන අතර බටහිර රටවල මීට හාත්පසින්ම වෙනස්‌ තත්ත්වයක්‌ දැකිය හැක, අප විදේශිකයකුට ඖෂධයක්‌ නියම කළ විට එය ආවාට ගියාට ගිල දැමීමට ඔහු සූදානම් නැත. එම ඖෂධය කුමක්‌ද. එහි ක්‍රියාකාරිත්වය කුමක්‌ද. අතුරු ආබාධ මොනවාද. කොපමණ කාලයක්‌ ඖෂධය ලබා ගත යුතුද. වෙනත් ඖෂධ හා ආහාර සමඟ නියම කරන ලද ඖෂධය ලබා ගැනීමේදී අතුරු ආබාධ ඇතිවේද යන ගැටලු රැසකට පිළිතුරු දීමට වෛද්‍යවරුන් වන අපට සිදුවෙයි. ලබා දෙන ඖෂධ සංඛ්‍යාව වැඩිවන තරමට විදේශිකයා අසතුටට පත්වෙයි. ඖෂධ භාවිතාව සම්බන්ධව තවමත් අපේ රටේ ජනතාව නිසි පරිදි දැනුවත්ව නොමැති වීම මේ ෙ€දවාචකයට එක්‌ හේතුවකි.රෝග අවස්‌ථා නිර්ණය කර එම රෝග කාරකයන් පාලනය හෝ මර්දනයට ඖෂධ යොදාගත හැක. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස මිනිසාගේ ජීවන තත්ත්වය උසස්‌ කිරීමට වෛද්‍ය විද්‍යාවට හැකි වී ඇත. මේ වන විට තොටිල්ලේ සිට මිනී වළ දක්‌වාම ඖෂධ නැතුවම බැරි සංයෝගයක්‌ වී ඇත. දරුවකු මවු කුස පිළිසිඳ ගැනීමටත් පෙර සිටම මව ඖෂධ ලබා ගැනීම ආරම්භ කරයි. දරු ප්‍රසූතියේදීද ඖෂධ ලබා දීම සිදු කරයි. පර්යේෂණ වාර්තා පෙන්වා දෙන අන්දමට අපගේ පවුලේ සාමාජිකයකු සෑම දින හතරකටම වරක්‌ අසනීප වෙයි. මීට අමතරව වයස අවුරුදු 20 ත් 45 ත් අතර කාලයේදී සෑම පුද්ගලයෙකුම වාගේ අසාධ්‍ය රෝගී තත්ත්වයකට ගොදුරු වෙයි. මේ සෑම අවස්‌ථාවකදීම පිහිටට පැමිණෙන්නේ ඖෂධයි. රෝගීන්ට ඖෂධ නියම කිරීමට පෙර කරුණු කිහිපයක්‌ සම්බන්ධව විශේෂ අවධානය යොමු කළ යුතුය. ඖෂධ ලබා දීමෙන් රෝගියාගේ සාමාන්‍ය තත්ත්වයන් වෙනස්‌ කරන්නේද යන්න පළමුව කල්පනා කළ යුතුය. සමහර රෝගී තත්ත්ව ඖෂධ ප්‍රතිකාරවලින් තොරවම සුවවෙයි. ඖෂධ ලබා දීමෙන් රෝගියාගේ සිරුරේ සිදුවෙතැයි අපේක්‍ෂිත වෙනස්‌කම් ගැන අවබෝධයක්‌ තිබිය යුතුය. හැකි සෑම විටම ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු ඖෂධ රෝගියාට ලබා දිය යුතුය. තමාගේ ප්‍රතිකාර වලින් රෝගියාට සුවවන්නේ නම් ඒ බව දැන ගැනීමට වෛද්‍යවරයාට හැකියාව තිබිය යුතුය. වෛද්‍යවරයකු විසින් රෝගියාට ලබා දෙන ඖෂධ නියමිත මාත්‍රාවෙන් නියමිත ස්‌ථානයේදී නිවැරැදිව ක්‍රියාත්මක විය යුතු ලෙස නිවැරදි මාර්ගය ඔස්‌සේ ලබා දිය යුතුය. නිදසුනක්‌ වශයෙන් සමහර රෝගවලට බොන බෙහෙත් වලින් සුව වීමට වැඩි කාලයක්‌ ගතවෙයි. එවැනි විටෙක එන්නත් ලබා දීමට පෙළඹිය යුතුය. අප භාවිත කරන ඖෂධයේ අතුරු ආබාධ ගැන අවබෝධයක්‌ වෛද්‍යවරයාට මෙන්ම රෝගියාටද තිබිය යුතුය. "අනේ අර දොස්‌තරගේ බෙහෙත් බිව්වාම කරකැවිල්ල හැදෙනවා" යි රෝගීන් චෝදනා කරන මුත් එය වෛද්‍යවරයාගේ වරදක්‌ නොව රෝගියාගේ රෝගී තත්ත්වයට ලබාදෙන ඖෂධවල අතුරු ආබාධයක්‌ විය හැක. වෛද්‍යවරයෙකුගෙන් ඖෂධ ලබා ගන්නා අප රෝගය සුව වූ වහාම අපගේ හිතුමනාපෙට ඖෂධ ගැනීම නතර කර දමයි. මෙය නොකළ යුතුය. රෝගියාට ලබා දෙන ඖෂධ නතර කිරීම කෙසේ කළ යුතුද යන්න ගැන වෛද්‍යවරයාට පූර්ව අවබෝධයක්‌ තිබිය යුතුය. රෝගීන්ට ලබා දෙන සමහර ඖෂධ වල අතුරු ආබාධ සංකූලතා පැවැතියද ඒ බව දැන දැනම ඖෂධ ලබාදිය යුතු අවස්‌ථා පවතියි. එවැනි විටෙක රෝගියා සහ ඔහුගේ ඥතීන් ඒ සම්බන්ධව දැනුවත් කළ යුතුය. මේ අනුව පෙනී යන්නේ යම් රෝගයකට ඖෂධයක්‌ ලබා දීම හෝ ලබා ගැනීම "මේ ලෙඩේට මේ බෙහෙත මේ බෙහෙත මේ ලෙඩේට" ලෙස කට පාඩමින් අච්චාරවත්ව කළ හැකි දෙයක්‌ නොවන බවයි. රෝගීන් වෛද්‍යවරුන් මෙන්ම ෆාමසි හිමියන්ද මේ ගැන ගැඹුරින් සිතා බැලිය යුතුය. මේ සඳහා දැනුම, අවබෝධය, අත්දැකීම්, හැකියාව මෙන්ම කුසලතාවයද තිබිය යුතුය. වෛද්‍යවරුන් දෙදෙනෙක්‌ එකම බෙහෙත අවස්‌ථා දෙකකදී එකම රෝගියෙකුට ලබාදුන් විට එක්‌ වෛද්‍යවරයකුගේ බෙහෙත්වලින් සුව වන්නේත් අනෙක්‌ වෛද්‍යවරයාගේ බෙහෙත් වලින් සුව නොවෙන්නේත් මේ වෙනස නිසාය. ඖෂධයන් මගින් අපට සුවය ලැබෙයි. එය සුළු රෝගයක සිට මාරාන්තික රෝගයක්‌ දක්‌වා සුවය ලබා දෙයි. ඖෂධ වලින් ලැබෙන අතුරු ආබාධ ද එසේමය. සුළු ආබාධ වල සිට මාරාන්තික අනතුරු සිදුවිය හැක, රුබෙල්ලා එන්නත් කිරීමෙන් දැරියක මියයැම නිදසුනකි. එකම ඖෂධය වුවද රෝගියාගෙන් රෝගියාට ක්‍රියා කරන්නේ වෙනස්‌ ආකාරයටය. වෛද්‍ය විද්‍යාව තුළදී ප්‍රධාන අරමුණු තුනකින් ඖෂධ භාවිත කරයි. රෝග සුවපත් කිරීම ඉන් පළමු වැන්නයි. රෝගී අවස්‌ථා උත්සන්න නොවී යටපත් කිරීම දෙවැනි අරමුණයි. දියවැඩියාව, අධිරුධිර පීඩනය, අපස්‌මාරය, හතිය ආදී රෝගී අවස්‌ථාවලදී ප්‍රතිකාර කරනුයේ රෝගියාට රෝගය නිසා වන අතුරු ආබාධ අවම කිරීමටය. දෙවැනි අරමුණ රෝග ඇතිවීම වළක්‌වා ගැනිමයි. ප්‍රතිශක්‌තිකරණ එන්නත් ලබාදීම, මැලේරියා කලාපයකට යැමට පෙර ඖෂධ ලබා දීම නිදසුනකි. මිනිසාට වැළඳෙන රෝග අවස්‌ථා අවම වීමටත් නිරෝගී වීමටත් බලපාන ලද ප්‍රධාන හේතුවක්‌ වන්නේ ඖෂධ භාවිතය ඉහළ යැම නොව අපගේ සමාජ ආර්ථික ජීවන තත්ත්වය වඩා ගුණාත්මක වීම බව සිහියේ තබා ගත යුතුය. රෝග වළක්‌වා ගැනීමට මූලික අවධානය යොමු විය යුතුය. එසේ රෝගී බවට පත්වන පුද්ගලයන්ට ඖෂධීය ප්‍රතිකාර ලබා දිය යුතුය. දුම්පානය නතර කිරීමෙන් පිළිකා වලින් අත්මිදිය හැක. දිනපතා ව්‍යායාම වලට හුරු වීමෙන් හෘදයාබාධ වලින් වැළකී සිටිය හැක. ජලය වැඩිපුර පානය හා කෙඳි සහිත ආහාර අනුභවය ආහාර මාර්ගය ආශ්‍රිත පිළිකා ආදී රෝග වලින් මිදීමට උපකාරී වෙයි. අප ඖෂධයක්‌ ලබා ගන්නා සෑම අවස්‌ථාවක්‌ම අවදානම් () සහගත වෙයි. ඖෂධයේ පවතින ගුණාංග, නියම කරන වෛද්‍යවරයාගේ අත්දැකීම, රෝගියාගේ ශරීරය ඖෂධයට ප්‍රතිචාර දක්‌වන අන්දම, පාරිසරික තත්ත්වයන් ආදී සියල්ල එකතු වී මෙම අවදානම නිර්මාණය වෙයි. ඇතැම් ඖෂධයන් ලබා දුන්විට මුල් දින කිහිපයේදී රෝගී තත්ත්වයන් උත්සන්න විය හැක. නැති රෝග ලක්‍ෂණ ඇති වෙයි. වෛද්‍යවරුන්ට රෝගියාගේ සැබෑ රෝගී අවස්‌ථාවට ප්‍රතිකාර කිරීමට අමතරව රෝගියා සහ ඔහුගේ ඥතීන් සතුටු කිරීමට ඖෂධ නියම කිරීමට සිදුවෙයි. මෙහිදී ඖෂධ වැඩි සංඛ්‍යාවක්‌ () නියම කිරීමට සිදුවෙයි. රෝගියා සතුටු කිරීම වෙනුවට රෝගියාට සුවයක්‌ වන ඖෂධ පමණක්‌ නියම කිරීම වැදගත්ය. යම් රෝගයක්‌ ඖෂධීය ප්‍රතිකාර වලින් තොරව සුව වන්නේ නම් ඒ බව රෝගියාට පහදා දිය හැක. මීට දශක කිහිපයකට පෙර වෛද්‍ය විද්‍යාත්මක කරුණු ඖෂධ පිළිබඳ තොරතුරු ආදිය සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ නිරතවන්නන්ට පමණක්‌ සීමා වී තිබුණද මේ වන විට තත්ත්වය වෙනස්‌ වී ඇත. සාමාන්‍ය ජනතාව රෝගාබාධ හා ප්‍රතිකාර විධි ක්‍රම සම්බන්ධව වඩා දැනුවත්ය. ජනමාධ්‍ය වලද මෙය ජනප්‍රිය තේමාවක්‌ වී ඇත. මේ නිසා ඖෂධ නියම කිරීමේ ඒකාධිකාරය වෛද්‍යවරුන් වෙතින් ගිලිහී ගොස්‌ ඇත. ඖෂධයක්‌ නිසා සංකූලතාවක්‌ ඇති වුවහොත් උසාවි යැමට සිදුවන්නේ ගහෙන් වැටුණ මිනිසාට ගොනා අනින ලෙසිනි. මේ ගෙවීයන විසිඑක්‌ වැනි සියවස වන විට විද්‍යාව හා තාක්‍ෂණය පිළිබඳ ජනතාවගේ දැඩි විශ්වාසයක්‌ පවතින අතර අත්වැරදි ඔව්හු බලාපොරොත්තු නොවෙති. ඖෂධ නිසා වන අතුරු ආබාධද නොවිය යුතු යෑයි සමාජය විශ්වාස කරයි. "දොස්‌තර බෙහෙතක්‌ දුන්නා. ඒක බීපු ගමන් ලෙඩාට අමාරු වුණා". ජනතාව පවසන්නේ එපමණකි. ඇඟිල්ල දිගුවන්නේ වෛද්‍යවරයාටය. අදාළ ඖෂධය හමුවේ රෝගියාගේ ශරීරයේ අභ්‍යන්තරයේ වුණ රසායන වෙනස්‌කම් තේරුම් ගැනීමට කිසිවකුට ඉවසීමක්‌ නැත. ජනමාධ්‍යයද ඒක පාර්ශ්වීයව වාර්තාකරණයේ යෙදෙයි. ඖෂධ භාවිතයේ ප්‍රතිඵලයක්‌ ලෙස "නැති ලෙඩ හැදෙන බව" ට විශ්වාසයක්‌ ඇත. කෙසේ වුවද මේ තේමාව විවාදිතය. පුළුල්ව සාකච්ඡාවට බඳුන් විය යුත්තකි. කොතෙක්‌ අත් වැරදි සම්ප්‍රදායක ගොඩ වෙද කම් වල සිදුවුවද ඒ ගැන බොහෝ දෙනා නිහඬය. වෛද්‍යවරයා නියම කළ පමණින් සෑම ඖෂධයක්‌ම රෝගියා විසින් ලබාගත යුතු නැත. අදාළ ඖෂධය සම්බන්ධව සියලු කරුණු වෛද්‍යවරයාගෙන් විමසා තම අභිමතය පරිදි එය භාවිතය හෝ අභාවිතය තීරණය කළ හැක. මෙහිදී වෛද්‍යවරයාට මගපෙන්වීමක්‌ කළ හැක. ඒ අනුව රෝගියාට වාසි-අවාසි විමසා තීරණය ගත හැක. වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමේදී ඖෂධ භාවිතාව සම්බන්ධ පහත කරුණු සම්බන්ධව විමසිලි වන්ත විය යුතුය. ඇතැම් ඖෂධ නිසා රෝග ඇති වීමත්, ආසාත්මික ප්‍රතික්‍රියා ඇති වීමත් තමාට නොගැලපෙන ඖෂධ වලින් ඈත්වීමටත් මෙය උපකාරි වෙයි. ඖෂධ භාවිත කළ පමණින් රෝග සුව වන්නේද නැත. ඖෂධ වල රසායන ප්‍රතික්‍රියාවන්, රෝගියාගේ ජාන පදනම, ඖෂධය ලබා දෙන මාර්ගය, වෛද්‍යවරයා පෙනී සිටීද නැද්ද, වෛද්‍යවරයාගේ පෞරුෂත්වය ආකල්ප හැසිරීම ආදියද රෝග සුව වීමට බලපායි. මීට අමතරව රෝගියාගේ පෞරුෂත්වය ආකල්ප, වෛද්‍යවරයා සම්බන්ධව රෝගියාගේ විශ්වාසය හා සමජ පරිසරය සාධක තත්ත්වද මීට බලපායි. වෛද්‍යවරයකු රෝගියකුට ප්‍රතිකාර කිරීම හුදු ඖෂධ මාත්‍රාවක්‌ නියම කිරීමක්‌ පමණක්‌ නොවන අතර එය සංකීර්ණ මානුෂික ප්‍රතික්‍රියාවක්‌ බව මේ අනුව පැහැදිලි වෙයි. මුදල් ගෙවා භාණ්‌ඩයක්‌ මිලදී ගැනීමට වඩා එය වෙනස්‌ මානුෂීය ගනුදෙනුවකි. ඖෂධ භාවිතාව සම්බන්ධව පුළුල් කතිකාවතක්‌ සමාජය තුළ ගොඩනැගෙමින් පවතින වකවානුවකි මේ. මේ වනවිට අප සමාජයට නැතුවම බැරි පුරුද්දක්‌ බවට ඖෂධ භාවිතාව පත්වෙමින් පවතියි. එය තදබල ඇබ්බැහිකමක්‌ බවට පත්ව ඇත. සාමාන්‍ය උණ, සෙම්ප්‍රතිෂ්‍යාවට පවා බටහිර ඖෂධ පොකුරු පිටින් ගිල නොදැම්මොත් බොහෝ දෙනාගේ හිත හොඳ නැත. කෙසේ වුවත් අපට ස්‌වභාවධර්මයා වෙනස්‌ කළ නොහැක. එය මිනිසා කෙරෙහි කිසිදු විශේෂත්වයක්‌ නොදක්‌වයි. ලෙඩ රෝග වලක්‌වා ගෙන මරණය පරාජය කිරීම මිනිසාගේ ආශාවක්‌ මිස ස්‌වභාවධර්මයාගේ කැමැත්ත නොවෙයි. මින් පෙර කිසිම දිනක ඖෂධ ආසාත්මික නොවූ පුද්ගලයකුට වෙන ඕනෑම මොහොතක ඕනෑම ඖෂධයක්‌ ආසාත්මික විය හැක. රෝගියාගේ රෝග ලක්‍ෂණ, අතීත නිධාන ඉතිහාසය ආදිය විමසීමෙන් හා ඉතා ප්‍රවේශමෙන් හා බුද්ධිමත්ව ඖෂධ භාවිතය මේ තත්ත්වය වළක්‌වා ගැනීමට ඉවහල් වෙයි. එකම උණ රෝගය වැළඳී වෛද්‍යවරයකු වෙතට යන රෝගීන් දෙදෙනකුට ලබා දෙන ඖෂධ වෙනස්‌ විය හැක්‌කේ මේ නිසාවෙනි. එහෙත් අපේ සමහර පුද්ගලයෝ තම ඥතියාට රැගෙන යන බෙහෙත කිසිදු වගවිභාගයකින් තොරව තමාම දොස්‌තර වී ගිල දමති. අවසානයේ දී විවිධ අතුරු ආබාධ සහිතව රෝහල් ගත වෙති. අප ලබා ගන්නා ඖෂධ අපට ආකාර කිහිපයකට අනතුරු ගෙන එයි. ඉන් එක්‌ ආකාරයක්‌ වන්නේ ඖෂධ මාත්‍රාව වැඩි වී විෂවීම (overdose) යි. පැරසිටමෝල් අධිමාත්‍රා මගින් අක්‌මාවට හානිවීම නිදසුනකි. රෝගියකුගේ කායික තත්ත්වය අනුව මෙම විෂවීමේ සීමාව වෙනස්‌ වෙයි. නිදසුනක්‌ වශයෙන් අක්‌මාව හෝ වකුගඩු ආශ්‍රිත රෝගාබාධ පුද්ගලයන්ට ඉතා සුළු ඖෂධ මාත්‍රා වෙනසක්‌ වුවද විෂ සහිත වෙයි. ඖෂධ වල ද්විතීයක බලපෑම් ඇත. අප නිතර ප්‍රතිජීවක ඖෂධ භාවිත කරන විට අපගේ ආහාර මාර්ගයේ සාමාන්‍යයෙන් සිටිය යුතු හිතකර බැක්‌ටීරියා වර්ග විනාශ වීම ආහාර අවශෝෂණය අඩාල කරයි. ප්‍රතිජීවක හමුවේ විනාශ වන බැක්‌ටීරියාවන් නිකුත් කරන විෂද අපට අහිතකර වෙයි. ඇතැම් පුද්ගලයන්ට ඉතා කුඩා ඖෂධ මාත්‍රාවක්‌ වුවද බරපතළ අතුරු ආබාධ ඇති කරයි. එම ඖෂධයම තවත් පුද්ගලයෙකු වැඩි මාත්‍රාවකින් ලබා ගත්තද කිසිදු ආබාධයක්‌ නැත" මටනම් ඒ බෙහෙත කටේ ගෑවුණත් ඇති ඇඟ වෙව්ලනවා"යි එක්‌ රෝගියකු පවසන අතර තවත් රෝගියකු පවසන්නේ "අනේ ඒ බෙහෙත පෙති දෙකක්‌ බිව්වත් මට නින්ද යන්නේ නෑනේ.." ලෙසිනි. පුද්ගලයන්ගේ ජාන වෙනස්‌වීම් ද ඖෂධ කෙරෙහි වෙනස්‌ ආකාරයට ප්‍රතික්‍රියා කිරීමට හේතු වෙයි. යම් කිසි පුද්ගලයකු ඖෂධ නිසා වන අතුරු ආබාධ වලට ගොදුරු වීමට වැඩිම ඉඩක්‌ දරන්නේ යම් ඖෂධයක්‌ භාවිතා කිරීමට පටන් ගෙන පළමු දිනයත් දහවන දිනයත් අතරය. දියවැඩියාව, හෘදයාබාධ, පෙනහළු හා ශ්වසන ආබාධ පවතින පුද්ගලයන් නිතර ඖෂධ භාවිත කරන හෙයින් ඖෂධ නිසා වන අතුරු ආබාධවලට පහසුවෙන් ගොදුරු වෙති. නිතර ඖෂධ භාවිත නොකරන පුද්ගලයන් ඉඳහිට බෙහෙත් වේලක්‌ ලබා ගත්තද එය දරාගත නොහැකි වන අවස්‌ථා ඇත. සමහර ඖෂධ භාවිතා කරන සෑම පුද්ගලයන්ටම එහි අතරු ආබාධ වලට මුහුණ දීමට සිදුවෙයි. එහෙත් ඇතැම් ඖෂධ වල අතුරු ආබාධ ඇති වන්නේ සමහර පුද්ගලයන්ට පමණි. තවත් සමහර ඖෂධ වල අතුරු ආබාධවලට හේතුව එම ඖෂධය දිගු කාලයක්‌ භාවිත කිරීමයි. ඇතැම් රෝගීන් මීට වසර දහයකටත් වඩා පැරණි ඖෂධ වට්‌ටේරු තමා සමීපයේ තබාගෙන කිසිදු පරීක්‍ෂණයකට ලක්‌ නොවී ෆාමසි වලින් පමණක්‌ බෙහෙත් රැගෙන භාවිත කරන අවස්‌ථා සුලභය. ඖෂධ නිසා ඇතිවන සමහර ආබාධ (පිළිකා ආදී) ඇති වීමට කල්ගත විය හැක. තවත් සමහර අතුරු ආබාධ ඇතිවන්නේ අදාළ ඖෂධය භාවිතය නතර කළ විටය. නිදසුනක්‌ වශයෙන් හෝර්මෝන අසමතුලිතතා ආශ්‍රිත ඖෂධ එකවර නතර නොකළ යුතුය. ලිංග භේදය, ජාන පදනම, ආසාත්මිකතා ඇතිවීමට කලින් පැවැති හැකියාව, පෞරුෂත්වය හා ජීවන පුqරුදු ආදියද, ප්‍රතිකාර කරන වෛද්‍යවරයා සහ රෝගියා ජීවත් වන පරිසරයද අතුරු ආබාධ ඇතිවීම කෙරෙහි බලපායි. මීට අමතරව ඖෂධයේ අභ්‍යන්තර ගති=ගුණ හා ඖෂධ අතර වන අන්තර් ක්‍රියාද ඉතා වැදගත්ය. තරුණයන් යනු කුඩා වැඩිහිටියන් නොවන බව අප මතක තබා ගත යුතුය. මේ අනුව ගැලපෙන පරිදි බර අනුව මාත්‍රා නියම කළ යුතුය. ජානමය හේතුන් මත ඇතැම් පරිවෘත්තීය ක්‍රියා සිදු කිරීමට අවශ්‍ය හෝර්මෝන, එන්සයිම අපගේ ශරීරයේ නොමැති විට ඖෂධ ශරීරය තුළ එකතු වී ගැටලු උපද්දවයි. ඖෂධ නිසා අපගේ ශරීරයේ ඖෂධ ඇතිවන්නේ අප ශරීරය සමඟ ඖෂධය හෝ එහි පරිවෘත්තීය ඵල ක්‍රියා කිරීම නිසාවෙනි. නිතර ආසාත්මිකතා ඇති කරන එහෙත් වැදගත් ප්‍රතිජීවකයක්‌ වන්නේ පෙනිසිලීන් (Penicillin) ය. ආසාත්මික ප්‍රතික්‍රියා හමුවේ බහුල ලෙසම රෝගීබවට පත්වන ඉන්ද්‍රියන් ලෙස සම, ශ්වසන පද්ධතිය ආහාර මාර්ග පද්ධතිය හා රුධිරය හඳුන්වා දිය හැක. ආසාත්මික ප්‍රතික්‍රියා හමුවේ නිදහස්‌ කරන රසායන විවිධ අතුරු ආබාධවලට හේතුවෙයි. ඇඟ කැසීම, රතු පැහැවීම, මුහුණ අත-පය ඉදිමීම, ශ්වසන අපහසුව මේ අතර සුලබ වෙයි. කම්පනය නිසා මරණයට පත්විය හැක. තවත් සමහර ආසාත්මික ප්‍රතික්‍රියා හමුවේ රුධිර සෛල බිඳ වැටී නීරක්‌තිය ඇති වෙයි. රුධිර වහන සිදුවෙයි. වකුගඩු ආබාධ, රුධිර නාල ආසාධන, තවත් සුලබ අතුරු ප්‍රතිඵලයි. සමහර ඖෂධ අපගේ ශරීරයේ ස්‌පර්ශය පවා ආසාත්මික ප්‍රතික්‍රියා ඇති කරයි. රුධිර කැටිගැසීම අඩාල වීම, ප්‍රතිශක්‌තීකරණයට බලපාන සෛල අක්‍රීය වීමද මාරාන්තික වෙයි. අක්‌මාව අක්‍රීය වීම, වකුගඩු ක්‍රියා අවහිර වීම ගැනද අවධානය යොමු කළ යුතුය. මේ අනුව පෙනී යන්නේ ඖෂධ නිසා වන ආසාත්මික ප්‍රතික්‍රියා ඇතිවීමට වඩා වලක්‌වා ගැනීම ඉතා වැදගත්වන බවයි. අශ්වයා ගිය පසුව ඉස්‌තාලය වසා ඵලක්‌ නැත.වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා දිව‍යින පුවත්පතට සැප‍යූ ලිපි‍යකි.
BLOG
2014.06.28
http://yapawijeratne.blogspot.com/
වකුගඩු ලෙඩේට අත්දුටු බෙහෙත
Yapa
වකුගඩු වැඩකරන්නෙන් නැතුව dialysis කරලා බොහෝම දුක්විඳින ලෙඩ්ඩු ගොඩාක් අපේ රටේ ඉන්නවා. බටහිර වෙදකමෙන් සුවකරන්න බැරිවුණත් ඉතාම සරල මිලක් නැතිම තරම් වන විකල්ප ක්‍රම‍යකින් මේක හොඳ කරගත්ත දොස්තර කෙනෙකුගේ අත්දැකීම කි‍යවලා බලන්න.
BLOG
2014.05.18
http://yapawijeratne.blogspot.com/
ඔවුහු සැබැවින්ම අන්ධ‍යෝ වූහ. අපි ඇස් පෙනෙන අන්ධ‍යෝ වීමු
Yapa
කෙනෙකුට ඇස් නොපෙනීම තරම් විපතක් ගැන හිතන්නවත් අමාරු‍යි. උපතින්ම පෙනුම අහිමි අ‍යට මෙ‍ය කොහොම දැනෙනවා ඇත්ද.කණවැල අල්ලන්නට, උදව්වට කවුරුවත් නැත්නම් ඔවුන්ගේ ජීවිත මිහිපිට අපා‍යන් වනු ඇත.නගර‍යේ සිටි අන්ධ පිරිසට උදව් පදව් කළේ හොඳින් ඇස් පෙනෙන නගරවැසි‍යන් පිරිසක්ම‍යි. ඇතිවූ ‍යුධම‍ය වාතාවරණ‍යත් සමඟම අන්ධ පිරිස නගර‍යේ තනිකර දමා හොඳින් ඇස් පෙනුණ පිරිස පළාගි‍යහ. කෑමක් බීමක් වත් හරි‍යට නොමැතිව අනාථ අසරණ වූ අන්ධ පිරිසට නුදුරින් පිහිටි " සතුට" නම් නගර‍යක් ගැන අහන්න ලැබුණි. ඒත් ‍යන්නේ කොහොමද. නගර‍ය අහම්ඹ‍යෙන් පසුකරන්නෙක් වත් මොවුන් කැඳවාගෙන ‍ යාමට ඉදිරිපත් නොවුණේ අවදානම් වෙලාවක නාස්ති කිරීමට තරම් කාල‍යක් නොතිබූ හෙ‍යිනි. අනික එක් අ‍යෙකුව තෝරාගන්න වුවත් ඒ කුමන අන්ධ‍යාව තෝරාගන්නවාද ‍යන්න පවා ගැටලුවක් වීමත් ‍ය. නගර‍ය පසු කරගෙන ‍යන අ‍යෙකුට අවසාන‍යේ මොවුන්ගෙන් කිසිම බේරුමක් නොවූ‍යෙන් ඔහු මෙලෙස පැවසී‍ය. " මට හැමෝවම එක්ක ‍යන්න බෑ. මට එක්කෙනෙකුගේ අතින් අල්ලාගෙන එක්ක‍යන්න පුලුවන් .ඕනේනම් කට්ටි‍යම පෙරහැරේ වගේ අත් අල්ලාගෙන එන්න." කට්ටි‍යම මේ ‍යෝජනවාට කැමති වි‍ය. නමුත් මේ පුද්ගල‍යා කළේ මුලින්ම අත හිටි‍ය අන්ධ‍යාගේ අත අවසාන‍යට සිටි අන්ධ‍යාගේ අතට දීම‍යි. දැන් කට්ටි‍යම රවුමට ‍යනවා. ‍යන්න ‍යන්න හුළං පාරකුත් ඇඟට වදිනවා. " සතුට" දැන් ළඟ‍යි දැන් ළඟ‍යි කි‍යල හිත හිත තව වේග‍යෙන් ‍යනවා. ඒත් ඒ අසරණ‍යන් දන්නේ නෑ ඔවුන් කරකැවෙන්නේ එකම තැන බවත් ලැබෙන්නේ බොහොම තාවකාලික මා‍යවක් වගේ සැප‍යක් කි‍යලා. මේක සත්‍ය සිදුවීමක් නෙවේ මම දන්න විදි‍යට. ඒත් ලොකු අර්ථ‍යක් ති‍යෙන කතාවක්.පන්ති‍යේ පළවෙනි‍යා වෙන්න වෙන්න කි‍යලා දෙමව්පි‍යන් බල කරලා පළවෙනි‍යා වුණාම පොඩි තෑග්ගක් දීලා කි‍යනවා ශිෂ්‍යත්ව‍යෙන් ලොකු ලකුණක් ගන්න කි‍යලා. ඒ සතුටට ආ‍යෙම මැරීගෙන වැඩ කරලා ශිෂ්‍යත්ව‍යෙන් ඉහළින්ම සමත් වුණාම ආ‍යෙම පොඩි තෑග්ගක් දීලා කි‍යනවා ඔ‍ය කතාවම කි‍යනවා සාමන්‍ය පෙළටවගේම උසස් පෙළටත් සතුට වෙනුවෙන් ඒක කරනවා. සතුට හො‍යාගෙන වෛද්‍යවරු ඉන්ජිනේරුවන් වෙන්න නොසෑහෙන්න මැරෙනවා. සතුට ලැබෙන්නේ නැතුවම විවාහවෙලාහරි ජීවිත‍යේ සතුට හො‍යන්න බලනවා. විවාහ වුණාම සතුට නැති තැන මත්පැන්වල පිහිට පතනවා. පර අඹුවන්ගේ පර පුරුෂ‍යන්ගේ සේවන‍ය පතනවා. බැරිම තැන දික්කසාදවෙන්න බලනවා සතුටක් හො‍යන්න.අන්තිමේදී සතුට හො‍යමින්ම අර තාවකාලික ආස්වාද‍යේ අතරමං වෙලා සිටි‍යදීම මි‍ය‍යනවා.නැවතත් මිනිස් උපතක්ම ලැබුණොත් මේ කතාවම නොනැවතීම වෙනවා. එක අතකින් අපිට මෙහෙම වෙන එක සාධාරණ‍යි. ඒ වෙන මොනවත් හින්දා නෙවේ අපේ ති‍යෙන අකෘතඥකමටඒ රුපි‍යලක්වත් ලේසි‍යෙන් තවකෙනෙක්ට දන්දෙන කෙනෙක් හො‍යාගන්න අමාරු මේ කාලේ ආත්ම සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ‍යක් අපේම ‍යහපත වෙනුවෙන් රජ සැප, ජිවිත‍ය පවා කැප කරලාමේ එක තැන පල්වෙන සසරින් මිදෙන්න පාර කි‍යපු ඒ අපේ සම්මා සම්බුදු බුදුපි‍යාණන් වහන්සේගේ වචන‍ය පිළිගන්න, පිළිවෙත් පුරන්න අපේ ති‍යෙන අකමැත්ත සැක‍ය නිසා. අති දුර්ලභ මිනිස් උපතක් ලැබුවත් මිත්‍යාදෘෂ්ටික පිරිස් කොපමණ නම් ඉන්නවාද. ආබාධිත වූවන් කොපමණ නම් ඉන්නවාද. , මන්ද මානසික වූවන් කොපමණ නම් ඉන්නවාද. ආගමක් ගැන හිතන්නවත් ඉඩක් නැතිව ‍යුද්ධ‍යෙන් දිළිඳුකමින් බැටකන මිනිසුන් කොපමණ නම් ඉන්නවාද. බෞද්ධවූ අපිවත් ඇ‍යි එහෙම නොවෙන්නේ. මොහොතක් සිතන්න. මේ වෙසක් පොහො‍ය සම‍ය අර්ථාන්විතව ගත කරමු. පිළිවෙත් පුරමු.අපි ඇස් පෙනෙන අන්ධ‍යෝ නොවීමට උත්සුක වෙමු.
BLOG
2014.10.31
http://anacondavit.blogspot.com/
සිංහලයින්ට කැවුම් කැවීම
Anaconda
දෙමළ සහ ඉස්ලාම් ජනයාගේ විතරක් නොවෙයි සිංහල ජනයාගේ නැදැයෝත් ඉන්දියාවේ වෙසෙනව. අපේ වංශකතා සහ ඉතිහාස කතා පරික්ෂා කරන්නෙකුට මේ නැදැකම් ගැන තොරතුරු දැනගැනීමට පුලූවනි. සිංහලයින්ට ඉන්දියානු නැදැයන් නැතිවී යාමට කාරණා කිහිපයක් හේතුවුනා. ලොකුම හේතුව මහමදිකයන් උතුරු ඉන්දියාව අල්ලා ගැනීමයි.බුදුසසුන හා බෞද්ධයා නැතිකරපු සුල්තාන්වරු මුහුදේ බලය අත්පත් කරගෙන අපේ සම්බන්ධතා මාර්ග සියල්ල වසා දැම්මා.යුරෝපයේ සිට මහමදිකයන් පස්සෙන් ආපු පරංගි ඉන්දියානු සාගරයේ බලය අල්ලාගෙන සිංහල බෞද්ධයා නැතිකිරිම ඊලගට සිදුවුනා. ලංකාව ඉංග‍්‍රිසින්ගේ යටත් විජිතයක් වෙද්දී සිංහලයන්ට ඉන්දියා නෑයන් අමතක වී ගොහින්. ඉන්දියානුවන්ට ඒ දේම සිදුවෙලා. සිංහල රටේ නෑයන් සිටින බව අමතක වෙලා. නැතිවෙච්ච් නැදැකම් යළි මතුකරගෙන සිංහලයන් බලවත් කිරිමට නිදහස ලැබු ලංකාවේ කිසිම ආණ්ඩුවක් උත්සාහ දැරුවේ නැහැ. සිංහල නායකයින් නොකළාට දෙමළ හා ඉස්ලාම් නායකයින් ඉන්දියාව සමග වැඩි වැඩියෙන් සම්බන්ධ වෙමින් තම තමන්ගේ ජාතින් ගොඩ නගා ගත්තා. අනගාරික ධර්මපාල තුමා දේශපාලනඥයෙක් නොවෙයි. සිංහල බෞද්ධ නායකයෙක් විතරයි. එතුමා සිංහල බෞද්ධයා අවදි කිරිමට හා කෙලින් කිරිමට හැම විරියක්ම දැරුවා. එතුමා අයත් වෙන්නෙ හේවාවිතාරන පවුලටයි. මෙම පවුල සිංහල වෙළඳ බලයක් ගොඩනැංවිමට මහන්සි ගත්තා. වෙළෙන්දො තමා ලෝකය දිනන්නෙ. සිංහලයින්ගෙ වැටීමට එක හේතුවක් තමයි වෙළදාමට උනන්දුවක් නොදැක්වීම. උනන්දුවක් දක්වපු ස්වල්ප දෙනාටත් මාක්ස්වාදීන් වැඬේ දුන්නා.හේවාවිතාරන පවුල තමා අත් යන්ත‍්‍ර රෙදි නිෂ්පාදනය ආරම්භ කරන්නෙ. සර් ඞී. බී ජයතිලක වැනි ඉංග‍්‍රිසින්ගෙන් නම්බු නාම ලැබු උගත් දේශපාලනඥයින් ධර්මපාලතුමාට බයවුනා. එතුමාව රටින් පිටකර ගත්හ. ඉන්දියාවට ගිය ධර්මපාලතුමා අන්‍යාගමිකයින් අල්ලාගෙන තිබු බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධයන්ට සතුකරදීම සඳහා මහා පරිශ‍්‍රමයක් දැරුවා. ඒ සේවයේ වටිනාකම එතුමා ජිවත්වු සමයේ සිටි සිංහල දේශපාලනඥයන්ට වැටහුනේ නැහැ. මාක්ස්වාදය කරපු උදවියට ධර්මපාලතුමා ජාතිවාදය අවුස්සන ආගම්වාදය පතුරුවන අපරාධකරුවෙක් වගේ පෙනි ගියා. මේ හැමෝම එතුමාට ආගම් පිස්සා කියමින් නින්දා අපහාස කළා. ජාතිවාදියා කියමින් නින්දා අපහාස කළා. මේ කාරණා ස්වල්පය මතක් කරන්නේ ඉන්දියාව හා ලංකාව අතර පැවති ඓතිහාසික සංස්කෘතික සබඳතාවය තහවුරු කිරිම හා පවත්වාගෙන යාම සඳහා ධර්මපාලතුමා කරපු උතුම් සේවය වෙනුවෙන් ඉන්දියාව අනගාරික ධර්මපාලතුමා වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත්කරපු හින්දයි. කලූ සුද්දන් වශයෙන් ලංකාව පාලනය කරපු දේශපාලනඥයන් සහ මාක්ස්වාදී දේශපාලනඥයන් හැමෝටම වඩා ධර්මපාලතුමා ඉන්දියාවට වටිනා පුද්ගලයෙක් බව ඉන්දියාව පිළිගන්නා බව මෙම ක‍්‍රියාවෙන් පැහැදිලියි. කලූ සුද්දන් හැමෝටම ධර්මපාලතුමා ජාතිවාදියෙක් ආගම් වාදියෙක්. නමුත් ඉන්දියාව එහෙම හිතා නැහැ. ධර්මපාලතුමා ඉන්දියාව හා ලංකාව එක් කිරිමට සංස්කෘතික පාලමක් දැමු මහා ඉංජිනේරුවෙක් වශයෙන් ඉන්දියාව දකින්නෙ.ධර්මපාලතුමා ඇරඹු ලංකාව හා ඉන්දියාව අතර සබඳතාවය සම්පුර්ණ කිරිමට නම් සිංහල ජාතිය ඔවුන්ගේ ඉන්දියානු නෑයන් සමග සම්බන්ධ කළ යුතුයි. ඊට හැකියාව තියෙන දේශපාලන නායකයින් නැහැ. බලය තියෙන සිංහල දේශපාලනඥයින් පිරිසක් සිංහලයන්ට බෞද්ධයන්ට සේවය කිරිම නිසා දෙමළ හෝ මහමදික ජන කණ්ඩායම් තරහවේයයි බයයි. ඉතිරි පිරිස එවැනි සේවයක් කරමින් සිංහල බෞද්ධයන්ට සේවය කිරිමට කැමති නැහැ. ඉන්දියාවේ නෑයන් සමග සම්බන්ධ වෙනවා තියා සිංහල ජාතිය තව අවුරුදු කීයක් පවතීද යන සැකය දැන් මතුවෙලා තියෙනව.ඊට ප‍්‍රධාන හේතුව පුංචි පවුල රත්තරන් කිරිමේ වැඩ පිළිවෙලයි. මේ සාහසික වැඩ පිළිවෙලට රට පාලනය කරපු එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක සමානව වගකිව යුතු වෙනව. මේ දෙපාර්ශවයම මෙම අපරාධයට සම්බන්ධයි. පුංචි පවුල සිංහල ජාතිය වඳකිරිම සඳහා කාලයකට පෙර ඇරඹුන සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධකරගෙන ගෙනිගිය ඉතාම සංවිධානාත්මක වැඩ පිළිවෙලක්. එහි ප‍්‍රතිඵල තමා දැන් පෙනෙන්ඩ අරගෙන තියෙන්නෙ. සිංහලයාට දුර නොපෙනුනේ ඇයි. මෝඩයින් නිසාය කියල මහමදික පිරිස් කියනව. ඒක ඇත්තක් වෙන්ඩත් පුලූවනි. බොහෝ ගම්බද සිංහල පාසැල් වැසීයනව. පන්සල් පාලූවෙනව. ඉස්ලාම් ජනගහණය ලියලනව. සිංහල ගම් පැවතුන තැන්වල දැන් තියෙන්නෙ මහමදික ගම්. වර්තමාන අවදියේ උපදින හා බාල වයසේ පසුවන හැම දරුවෙකුටම අනාගතයේ ඔවුන් සිංහලයන් නිසා විඳින්ඩ සිදුවෙනව. අප හැමෝම ඊට වගකිව යුතුයි. ඇයි අපිනෙ පුංචි පවුල රත්තරන් වැඩ සටහනට අහුවෙලා ජාතිය නැසීමේ ව්‍යාපාරයට හවුල්වු මුල් පිරිස. අනාගතය මෙ තරම් අවදානම් වෙලා තියෙද්දිත් තාමත් මොලේ පාදාගන්ඩ බැරි සිංහලයෝ ඉන්නව.වැඩිපුර දරුවන් හැදුවාම ඔවුන්ට කන්න බොන්න දෙන්නේ කොහොමද. උගන්වන්නේ කොහොමද. කියා ප‍්‍රශ්න නගමින් පුංචි පවුල් හැදීමට මෙම පිරිස උපකාර කරනවා. මේ අපරාධය කරන පිරිස අතරේ වැඩි දෙනා අධ්‍යාපනයක් ලැබු පිරිසවීම අභාග්‍යක්. ඔවුන් පුංචි පවුල් හදනව. සාමාන්‍ය ජනතාවට වැරදි ආදර්ශයක් සපයනව. සිංහල ජාතියේ පැවැත්මට නම් හැම සිංහල පවුලක්ම අඩු වශයෙන් දරුවන් හතරක් හැදීය යුතුයි. කතාකරමින් හිටින්ට කාලයක් නැහැ. එය තමා සිදුවිය යුත්තෙ. අවවාදයට වඩා ආදර්ශය හොඳය කියල පිරුලක් තියෙනවනෙ.අන්න ඒකෙ පිහිටා අන් අයට ආදර්ශය සපයන්ට ලොකු පවුල් හදන පිරිසක් ඇතිවුනොත් සිංහල ජාතිය ගොඩනගන්ඩ පුලූවනි. මේකට සංවිධාන උවමනා නැහැ. ජාතියට ආදරය ඇති හැම සිංහල තරුණයෙක්ම ආදර්ශමත් චරිතයක් විය යුතුයි. එවැනි ආදර්ශමත් චරිතවලට පුංචි පවුල හැදිමේ වැඩ පිළිවෙලට අසුවු අයගේ උපරිම සහය සහ ආධාර ලැබිය යුතුයි. සිංහල ජාතිය ගොඩනංවන වැඩ පිළිවෙලකට දැන් තියෙන ආණ්ඩුවෙන් ආධාර ලැබේයයි සිතන්ඩ බැහැ. යු ඇන්පී රජයකින් කොහෙත්ම සහයක් ලැබෙන්නෙ නැහැ. සිංහල ජාතිය ගොඩනැඟිමට මහන්සි ගන්න බොදු බල සේනා රාවනා බලය ජාතික හෙලඋරුමය වැනි සංවිධාන වලට මේක කරන්ඩ බැහැ. මෙය සිදුවෙන්නෙ හැම සිංහලයෙක්ම ජාතික හැගුමෙන් යුතුව මේ කටයුත්තට දායකවුනොත් විතරයි. සිංහල ජාතිය ගොඩනැංවිම සඳහා පුංචි පවුලට විරුද්ධ අලූත් පරපුරක් බිහිවිය යුතුයි. ඒ සමගම සිංහලයන්ගේ දැනුම දියුණුකරන පොත පත සහ කලා කෘතින් වැඩි වැඩියෙන් බිහිවිය යුතුයි. මොකද වඳවීගෙන යන සිංහලයාගේ ඥානය දුර්වල කිරිමට නොයෙකුත් උපාය උපක‍්‍රම රටේ භාවිතා වෙනව.
BLOG
2014.10.15
http://anacondavit.blogspot.com/
null
Anaconda
සිංහල 'චේ'ලා නොදන්නා චේගේ ජාතිකත්වය‘හිසරදයට කොට්ටය මාරු කරනවා වගෙයි’ කියා සිංහල උපහැරණයක් තියෙනව. අපේ පැරැුන්නන් මෙවැනි උපහැරණ භාවිතා කෙරුවෙ ජනතාව දැනුවත් කරන්නයි. ලෙඬේට බෙහෙත් නොකර මෝඩ විසඳුම් ඉදිරිපත් කරන්න එපා කියන උපදේශය මෙම උපහැරණය මගින් සපයනව. බටහිරට යටවී ඊළම්වාදීන්ට දණ හා හිස පමණක් නොවෙයි මුළු ශරීරයම පාපිස්සක් කරගෙන හිටි රනිල් වික‍්‍රමසිංහ වැනි නායකයින් පහකර මහින්ද රාජපක්ෂව ජනාධිපති ධුරයට පත්කර ගැනීම කොට්ට මාරුවක් නොවෙයි. ජනතාවගේ නුවණැති ක‍්‍රියාවක්. රාජපක්ෂ ජනාධිපතිවරයා කොටි පරාජය කිරීමේ සටන මෙහෙයවා ජනතාවට නිදහස ලබාදුන්න. ප‍්‍රශ්නය මතුවුණේ කොටි හිතවාදී රටවල් ඔහුව ජාත්‍යන්තර ද`ඩුකඳට ගෙනියන්ඩ දරපු උත්සාහයේදී ඔහු ඉස්ලාම් රටවල පිළිසරණ පැතීමට යාමෙනුයිි.ඔහු ඉස්ලාම් රටවල පිළිසරණ පතන්ඩ පතන්ඩ ලංකාවෙ ඉස්ලාම් නායකයින් ඒ වාසිය අරගෙන ඔවුන්ගේ බලය පතුරුවා ගත්ත. මේ නිසා සිංහල ජාතියට හා බෞද්ධයාට මහ අසාධාරණයක් සිදු වුණා. එය ඔවුන්ට වේදනාවක් වෙන්නෙ ජයරත්න අගමැතිවරයා ප‍්‍රධාන ඇමතිවරුන් පිරිසක් බෞද්ධයන්ට රිදෙන විදිහට කටයුතු කරන්ඩ පටන්ගත් නිසයි. මේ වාගෙ දුර්වලයෙක් අගමැතිකමට දමාගැනීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ලොකුම දුර්වලකමක් විදිහටයි ඇතැම් නුවණැත්තන් හිතන්නෙ.යූඇන්පී පාලනයක් සඳහා ජනතාව උසිගන්වන්නන් මේ කාලයේ වැහි-වැහැල. චීනය ඉන්දියානු සාගරයෙන් වැට්ටවීමට හිතන බටහිරුන් මේ සඳහා අත දිගඇරල මුදල් යොදෝනව. ඔවුන්ට දාසකම් කරන්නන් තමයි මහින්ද රාජපක්ෂට බෑ, රනිල්ට පුළුවන් කියා කියවන්නෙ. රනිල් කියන්නෙ ලංකා දේශපාලනයේ අන්තිම දුර්වලයෙක්. බටහිර රූකඩයක්. මහින්ද රාජපක්ෂ වෙනුවට රනිල් රටේ නායකයා වශයෙන් තෝරා ගැනීම නිවැරදි මග කියල කිසියම් පුද්ගලයෙක් කියනවා නම් ඒ පුද්ගලයා දේශපාලන දැනුමෙන් බූරුවෙක් විය යුතුයි. එහෙම නැතිනම් ලංකාව බටහිරට අල්ලා දී රට බෙදා යළිත් රටේ මහා විනාශකාරී යුගයක් ඇතිකිරීමට සිතන දුර්ජනයෙක්. ජනතාවගේ පැත්තෙන් ගත්තාම හිසරදයට සිය දිවි හානිකර ගැනීමක්. හිසරදයට වෛද්‍ය ප‍්‍රතිකර්ම කිරීම මිසක් දිවි හානිකර ගැනීම හරිම මුග්ධ ක‍්‍රියාවක්. සිංහලයින් එක්සත්වීම තමා ඊට බෙහෙත. ප‍්‍රතිකර්මය. ඔන්න ඔතනදි බොදු බල සේනා, ජාතික හෙළ උරුමය වැනි සංවිධානවලට මහ වගකීමක් තියෙනව.හැබැයි වාමාංශික සංවිධානවලින් නම් රටට කිසිම වැඩක් වෙන්නෙ නෑ. රාජපක්ෂ ආණ්ඩුව ජනතාවට අප‍්‍රිය කිරීමට වාසුදේව, ආතාවුද, ඩිව් ගුණසේකර වැනි වාම පක්ෂවල නායකයින් මහ ලොකු වැඩ කොටසක් සිදුකරල තියෙනව. මේ අය කතා කෙරුවොත් කතාකරන්නෙ සිංහල බෞද්ධයන්ට විරුද්ධවයි. වැඩක් කෙරුව නම් ඒ හැම විටම සුළු ජාතීන් වශයෙන් ඒ අය සඳහන් කරන දෙමළ සහ ඉස්ලාම් ජන කොටස් සඳහා පමණයි. සුළු ජාතීන් යයි කිව්වට මේ ජන කොටස් දෙක ලංකාවෙ ආර්ථික බලය මෙහෙයනව. ඔළුගෙඩි වැඩි වුණාට සිංහලයන්ට රටේ කිසිම බලයක් නෑ.මේ අතර ජනතා විමුක්ති පෙරමුණ චේ ගුවේරා සමරු උත්සව පවත්වනව. චේ ගුවේරා කියන්නෙ දකුණු ඇමරිකාවෙ රටක ඉපදුන කියුබානු විප්ලවයට උපකාර කරපු දොස්තර කෙනෙක්. පසුව වෛද්‍ය වෘත්තිය අතඇරල ගොරිල්ලා නායකයෙක් වශයෙන් බොලිවියා නිදහස් සටනක් ආරම්භ කරන්ඩ ගිහින් බොලිවියානු හමුදාවට හසුවෙලා, ඔවුන් චේ මරා දැමුවා. චේ දේශපාලන දර්ශනවාදියෙක් නොවෙයි. කියුබානු විප්ලවයෙන් පස්සෙ ඒ විදිහටම සටන් කරල බොලිවියාවෙ ආණ්ඩුව වෙනස් කරන්ඩ හැකිවේවි කියන හැඟීම ඇතිව ඔහු කටයුතු කළා. දර්ශනයක් නොතිබුණ චේගේ ගොරිල්ලා න්‍යායට අනුව කටයුතු කරන්ඩ ගිය ජවිපෙරමුණ අසරණ සිංහල බෞද්ධ තරුණ තරුණියන් දාස් ගණනකගෙ ජීවිත විනාශ කෙරුව. චේ ව්‍යාපාරයට සම්බන්ධ වූවා යයි අත්අඩංගුවට ගෙන භික්ෂුණ් වහන්සේලා පන්සියයනට ආසන්න ප‍්‍රමාණයක් මරාදමා තියෙනව. මේ නිසා සිය ගණනක් විහාරස්ථාන පාළු වී ගියා. ඒ කාලෙ ලංකාවෙ සිංහල පළාත්වල වධකාගාර තිබුණ. රනිල් වික‍්‍රමසිංහගේ ආසනයෙත් බටලන්ද කියල ලොකු වධකාගාරයක් තිබුණ බව කවුරුත් දන්නව. මේ හැම දෙයක්ම සිදුවුණේ යූඇන්පී ආණ්ඩුව යටතෙයි. ජේවීපිය ’චේ’ සැමරුම් පවත්වමින් රටට දෙන පණිවිඩය කුමක්ද.අනගාරික ධර්මපාලතුමා කියන්නෙ වැටී තැලී පොඩිවී සිටි සිංහලයන් පිබිදවීමට සිය ජීවිතයම කැපකරපු සිංහල බෞද්ධ නායකයෙක්. ‘මම අවිහිංසාවාදියෙක්’ කියා කෑමොර නුදුන්නාට එතුමා අවිහිංසාවාදී නායකයෙක් වශයෙන් හැමදාම කටයුතු කළා. මහත්මා ගාන්ධි සමග සංසන්දනය කරන විට එතුමා ගාන්ධිතුමාට වඩා අවිහිංසාවාදියෙක්. ගාන්ධිගේ අවිහිංසාවාදය ගැන ලියවි තියෙන පොත පත පරිශිලනය කරන්න. එතුමාගේ අවිහිංසාවාදයේ ප‍්‍රධාන ලක්ෂණයත් තමා ස්වයං හිංසාව. ආහාර පාන නොගෙන උපවාස කිරීමෙන් දිවි තොර කර ගැනීමට වෙර දැරීම එතුමා විරෝධය ප‍්‍රකාශ කරපු ක‍්‍රමය වුණා. බුදු දහමේ හැටියට පර පණ නැසීම මෙන්ම තමාගේ පණ හානිකර ගැනීමත් පාපයක්. ධර්මපාලතුමා සතුරන්ට එරෙහිව හිංසාව භාවිතා කිරීමට උත්සාහ දැරුවෙවත් සිය දිවි නසා ගැනීමට උත්සාහ දැරුවෙවත් නැහැ. එතුමා ගාන්ධිට වඩා අවිහිංසාවාදියෙක් කියල කියන්නේ ඒ හින්දයි. වෙනත් වචනවලින් කියතොත් එතුමා සිංහල බෞද්ධ අවිහිංසාවාදියෙක්. බි‍්‍රතාන්‍යයන්ට විරුද්ධව සිංහල ජාතියට නිදහස ලබාදීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරපු නායකයෝ අපට ඉන්නව. කැප්පෙටිපොළ, පිළිමතලාවේ වැනි එවැනි වීරයෝ හැරුන විට නිදහස් රටක් සඳහා ජීවිත පරිත්‍යාග කරපු පුරංඅප්පු, ඩිංගිරාල, කුඩාපොළ උන්නාන්සේ වැනි නායකයින් පිළිබඳව බොහෝ තොරතුරු අප දන්නව. බි‍්‍රතාන්‍යයන්ගෙන් ඉන්දියාව පමණක් නොව ආසියාවම නිදහස් කිරීම සඳහා කැපවුන ඉන්දියානු නායකයින් ඉන්නව. සුභාස් චන්ද්‍රබෝස් එවැන්නෙක්. නමුත් ආසියාවේ කිසිම රටක වෙනත් රටවල උපන් අධිරාජ්‍ය විරෝධී අරගලවලට සම්බන්ධ වූ නායකයින් පිදීමක් සිදුවෙන්නෙ නෑ. ඒ හැම රටකම ස්වදේශික වීරයින් සිහිකරනව. අගය කරනව.දකුණු ඇමරිකාවේ රටවල් ඔවුන්ගේ ජාතික වීරයන් සිහිකරනව. චේ කියුබානුවෙක් නොවුනත් කියුබානුවන් චේ සිහිකරන්නේ ඔහු කියුබානු විප්ලවයට උපකාර කළ හින්දයි. මෙය උපමාවකින් දක්වතොත් සිංහල බෞද්ධයන් ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් සිහිකිරීම වැනි ක‍්‍රියාවක්. මහින්ද හිමි ටිබෙට් ජාතිකයෙක් වුණත් සිංහල දේශයේ ජීවත්වූ, සිංහලයන් අවදි කළ භික්ෂුවක්.ලංකාවෙ චේ සිහිකිරීමේ උත්සව පවත්වන ජවිපෙ කවදාවත් සිංහල ජාතික වීරයින් සිහිකරන්නෙ නෑ. ඒකෙන් පැහැදිලි කරන්නෙ ඔවුන්ට ජාතිකත්වයක් නැතිබවයි. ජාතිකත්වක් නැති මිනිස්සු ලෝකයෙ වෙනත් රටවල නෑ. ඇමරිකාව, රුසියාව, කියුබාව ආදි හැම රටකම මිනිස්සුන්ට ජාතිකත්වය තියෙනව. එහෙම නම් ජාතිකත්වය නැති සිංහලයො ලංකාවෙ ඇතිවුණේ කොහොමද. මේක උත්තරයක් දෙන්ඩ අමාරු ප‍්‍රශ්නයක්.
BLOG
2014.08.26
http://sathsamudura.blogspot.com/
Windows 8/8.1 වලදී Automatic Repair නවතා ගන්නේ කෙසේද?
Dinesh Guruge
Windows 8 හෝ 8.1 වලදී අනපේක්‍ෂිත අයුරින් යථාපරිදි Windows ආරම්භ නොවීAutomatic Repair ස්ථානයට නොනවත්වා රැගෙන යන තත්ත්වයක් සමහරවිට ඔබත් මේ වනවිට අත්විද ඇති එසේත් නැතහොත් අනාගතයේදී ඔබටත් එම අත්දැකීම අත්විදින්නට හැකියාව ලැබෙන්නට ඉඩතිබේවි. ඉතින් දැන් ඔබට හිතේවිRepair ස්ව්‍යංක්‍රීයව නැත‍හොත්Automatic ලෙසම සිදුවෙනවානම් වැරැද්ද මොකක්ද කියලා. මේක Automatic කිව්වට ඉන්පසුව ලැබෙන Options වන Refresh සහ Restore වලදී මෙම මුහුණත් ලැබුනහොත් ඉන් ඉදිරියට මෙම දෝශය නිවැරදි කරගැනීම ගැටළුවක් වනු නිසැකයි.මෙන්න මෙහෙමයි මේ දෝශය නිවැරදි කරගන්නේ. මුලින්ම ඔබ මෙම දෝශය පැනනැගුණ පරිගණකයට Windows ස්ථාපනය කළ DVD එකත් ඔබ සතුව තිබීම වැදගත් වන අතර අවශ්‍ය අවස්ථාවේදීDVD Writer තුලට අැතුළු කරන්න.දැන් Boot වන අවස්ථාවේදී ඔබ භාවිතා කරන Keyboard Language එක පිිළිබදව විමසනු අැති අතර එය ඔබගේ භාවිතය පරිදි select කර Next කරන්න.ඉන්පසුව ලැබෙන මුහුණතේදී "Repair your Computer" තෝරන්න.ඉන්පසුව ලැබෙන මුහුණතේදී"Troubleshoot"තෝරන්න.ඉන්පසුව "Advanced Options"තෝරන්න.අවසානයේදී"Command Prompt"තෝරන්න.දැන් අනුපිළිවලින් මෙම විධානයන් type කර Enter කරන්න.bootrec /fixmbrbootrec /fixboot bootrec /RebuildBcdඉන්පසුව ස්වල්ප‍ වේලාවක් විනඥාස ගතකිරීම සදහා ගත කිරීමෙන් අනතුරුව ඔබගේ පරිගණකයේ ඇති කුමන Windows ස්ථාපනයක් අදාල ක්‍රියාකාරීත්වය සදහා සකස් කළ යුතු දැයි විමසමින් අසන අවස්ථාවේ එක්Windows ස්ථාපනයකට වඩා වැඩි අවස්ථාවක නම් දැක්වෙන අංකය සටහන් කර Yes සදහා Y අකුර යොදා ගත යුතු අතර එක් ස්ථාපනයක් පමණක් නම්Y අකුර පමණක් යොදාEnter කළ යුතුය.අවසාන වශයෙන් Command Prompt අවස්ථාවෙන් ඉවත්වීමට Exit යන්න Type කර Enter කරන්න.ඉන්පසුව පරගණකය Reboot කරවීමට අවශ්‍ය මුහුණත කරා ඔබව රැගෙන ගිය පසුව Reboot වූ පසුවAutomatic Repair වීම වෙනුවට යථා පරිදි පරිගණකය Boot වීම සිදුවිය යුතුවේ.
BLOG
2014.06.30
http://sathsamudura.blogspot.com/
යුද පිටියේ සතුරන් බියට පත් කළ ඩ්‍රෝන යානා සහ එහි කාර්යය වෙනස් වූ හැටි‍‍‍...
Dinesh Guruge
ඩ්‍රෝන යානා, එසේත් නැත්නම් UAV (Unmanned Ariel Vehicles)/RPAS (Remotely Piloted Aerial System) ලෙස හදුන්වන ඉතාමත් ගුවන් නියමුවන් රහිත ගුවන් යානා විශේෂය මෑත කාලීන යුදබිමේ නැතුවම බැරි අංගයක් වූ බව ගුවන් යානා පිළිබදව යම් දැනුමක් ඇති අය දන්නා කරුණක්. විශේෂයෙන් මීට වසර පහකට පෙර අවසන් වූ ලංකාවේ යුද වාතාවරණය තුලද මෙවන් යානා ඔත්තු බැලීම සදහා යොදා ගත් බව නොරහසක්. අප රටේදී මෙම යානා විශේෂයන් ඔත්තු බැලීම සදහා පමණක් යොදා ගත්තද ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථානයට හා ඉරාකයට එරෙහිව දියත් කළ සංග්‍රාම වලදී ඩ්‍රෝන යානා සතුරන් නැසීමේ මෙවමක් ලෙසද භාවිතා කරනු ලැබුවා.හැබැයි මෙම UAV ඉතිහාසය අද ඊයෙක එකක් නොවෙයි. 1916 දී තමයි මුලින්ම නියමුවන් රහිත ගුවන්යානායක් ගුවන් ගත කරන්න බ්‍රිතාන්‍ය ජාතික කීර්තිමත් විද්‍යාඥයකු වූ Archibald Montgomery Low විසින් උත්සහ දරලා තිබෙන්නේ. එහෙත් එම වෑයම සාර්ථක වෙලා නම් නැහැ.org/wiki/Archibald_Lowකෙසේවෙතත් එයින් වසර 35 කට පමණ පසුව ජෙට් තාක්‍ෂනයෙන්ද යුතු නියමුවන් රහිතයානා නිපදවීමට Ryan Aeronautical සමාගම සමත් වූවා. ඔවුන්ගේ එම සාර්ථක නිපැයුමRyan Firebee ලෙස හැදින්වූ අතර එය එක් නිපැයුමක් නොව විවිද අංගවලින් දියුණු කරන ලද නිපැයුම් පෙලක් ලෙස හැදුන්වනු ලබනවා.org/wiki/Ryan_Firebee1973 දී ඊශ්‍රායලයේ Tadiran Electronic Industries විසින් නිපවනු ලැබූ Tadiran Mastiff නම් වූ නියමුවන් රහිත යානය අද භාවිතා කරන යානාවල ආකෘතියේ මූලාරම්භකයා කියුවත් වරදක් නැහැ. මුලින්ම Data-link එකක් යොදාගත් යානා විශේෂය මෙය වූවා. ඒ නිසාreal-time video streaming පහසුකම ලබාදීමේ හැකියාවද මේ යානාවල යුතු වූ නිසා ඔත්තු බැලීමේ කාර්යයටද ඉතාමත් යෝග්‍ය වූවා.org/wiki/Tadiran_MastiffUAV යානා‍ ක්‍ෂෙත්‍රයේ තවත් පියවරක් ඉදිරියට තබමින් 1994 දී General Motors ආයතනය විසින් නිපදවනු ලැබූGeneral Atomics MQ-1 Predator යානා විශේෂයටAGM-114 Hellfire මිසයිල දෙකක් රැගෙන යාමට පමණක් නොව ඒවා අදාල ඉලක්කය වෙත නිවැරදිව එල්ල කරමින් විනාශයටද ලක් කිරීමේ හැකියාවද ලබාදී තිබූ අතර මෙම මිසයිල දෙකට අමතරව වෙනත් ගිනිඅවිද සවිකර තිබූ නිසා ඇමරිකාවේ උදහසට ලක්වූ සතුරන්ට භීතියක් ගෙන දුන්නාට සැකයක් නැහැ. එසේම මෙහි කැමරා උපාංග සහ සංවේදක උපකරණද පෙර තිබූ යානාවට එම උපකරණ වලට වඩා තවත් දියුණු තත්ත්වයට පත් ඇති බවත් පැවසෙනවා. මෙම යානා ඇමරිකානු ආරක්‍ෂක විසින් පමණක් භාවිතා කරනු ලබන අතර 1995 සිට ඔවුන් සටන් වැදුන සෝමාලියා, බොස්නියා හා සර්බියා, ඇෆ්ගනිස්ථාන, ඉරාක, යේමනය හා ලිබියාව තුලත් පකිස්ථානයේ තලෙයිබාන් හා අල්කයිඩා සාමාජිකයන් සොයා සිදු‍කළ මෙහෙයුම් සදහාත් භාවිතා කළ බව පැවසේ.org/wiki/AGM-114_Hellfireඑයිනුදු නොනැවතී මේ වන විටත් භාවිතා කෙරෙන F-16 ප්‍රහාරක ජෙට් යානාද නියමුවන් රහිත භූමියේ සිට දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාත්මක කරන යානාබවට පරිවර්ථනය කරන්නට ඇමරිකානු ගුවන් යානා විශේෂඥයන් කටයුතු යොදමින් සිටින බව ඇමරිකානු සතුරන්ගේ සිත් නොගන්නවා අැති.මුලින් සාග්‍රාමික කටයුතු පමණක් ඉලක්ක කර තැනුන මෙම නියමුවන් රහිත යානා අදවන විට කුඩාවට මෙන්ම බහුවිද කටයුතු සදහාද භාවිතා කිරීමට හැකි සේ නිරායුද කොට නිපදවා තිබීමත් සතුටින් පැවසිය හැකිය. භූමිකම්පා වැනි ස්වභාවික උපද්‍රව සිදුවූ අවස්ථාවල මිනිසුන්ට පිවිසිය නොහැකි ස්ථාන හා ගලවා ගැනීමට යන පිරිස් වලද ජීවිත වලටද තර්ජනයක් විය හැකි අවස්ථාවල නිවැරදි තොරතුරු ලබා ගැනීමට ඩ්‍රෝන යානා භාවිතා කරන අතරම හරිකේන් වැනි අවස්ථාද ආසන්නයේ සිට නිරීක්‍ෂනයටද යොදා ගනී. ගිනිකදු විදාරනය හා වෙනත් විද්‍යාතමත තොරතුරු ගවේෂන කාර්යයන් හිදී මනුෂ්‍ය ජීවිත අවධානමේ යොදනවාට වඩා මෙවන් යානා යොදා ගෙන එම අවස්ථා නිරීක්‍ෂනයටද අදවනවිට විද්‍යාඥයන් පෙළඹී තිබේ. එසේම වදවී යන වන ජීවින් පිළිබදව නිරතුරු නිරීක්‍ෂනයටද මෙම යානා දකුණු අප්‍රිකාව, මැලේසියාව වැනි රටවල් යොදා ගන්න බව දැනුවත් වීම වැදගත්ය.මාධ්‍යවේදීන් සිය මාධ්‍යකරණයේදී ගුවන් මගින් එය නිරීක්‍ෂනයට සහ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ලබා ගැනීමටද නියමුවන් රහිත යානා යොදා ගන්නා අතර ක්‍රීඩා තරඟ වැනි අවස්ථාවලදීද වර්ථමානයේ මෙම යානා මහෝපකාරීවන බව පැවසේ.ඩ්‍රෝන යානා විවිදාකාර ප්‍රමාණ‍යන්ගෙන් යුතු වන අතර ද්‍රව හයිඩ්‍රජන් මෙන්ම සූර්ය බලයද බලශක්තිය ලෙස යොදා ගනිමින් පැය 24 කට වඩා වැඩි කාලයක් (ඇතැම් ඒවා දින කිහිපයක් වුවත්) නැවත භූමියට නොපැමිණ ඉහල අහසේ රැදෙමින් සිය කාර්යය සිදු කිරීමට හැකි අයුරින් නිපදවා තිබේ.මේ වාසිය සංග්‍රාමික අවස්ථාවල සතුරන්ගේ ඔත්තු බැලීමට සේවා සිවිල් කටයුතු වලදීද‍යොදා ගැනීමට ගූගල් හා ෆේස්බුක් වැනි සමාගම් දැන් සිටම ක්‍රියාකරගෙන යයි. ඒ මීටර් 20,000 තරම් ඉහල අහසේ දීර්ඝ කාලයක් රඳවා තබමින් අන්තර්ජාල පහසුකම් ලබාදීමට අපහසු භූවිද්‍යාත්මක ප්‍රදේශයන් හිදී සහ තවමත් අන්තර්ජාල පහසුකම් ලබාදී නොමැති සහ ඒ වෙනුවෙන් විශාල පිරිවැයක් යොදවා යටිතල පහසුකම් සැකසිය යුතු ප්‍රදේශයටන්ට අන්තර්ජාලය ව්‍යාප්ත කිරීම තුලින් සිය සේවාවන් සදහා පාරිභෝගිකයන් ආකර්ශනය කර ගැනීමට ඔවුන් සැරසේ. එම අරමුණ සාක්‍ෂාත් කරගැනීම උදෙසා ලොව මේ වන විට නිපදවා ඇති සූර්ය බලයෙන් ක්‍රියාත්මක කළ හැකි විශාල ප්‍රමාණයේ ඩ්‍රෝන යානා තමන් වෙත නතු කර ගැනීමටද උක්ත සමාගම් විසින් කටයුතු යොදා අවසන්ය.
BLOG
2014.06.21
http://sathsamudura.blogspot.com/
රෝම ශිෂ්ඨාචාරයේ නැගීසිටීම සහ බිඳවැටීම පිළිබදව නිර්මාණය වූ දීර්ඝ වාර්තාමය චිත්‍රපටි මාලාවක් පිළිබදවයි....
Dinesh Guruge
ඔබට සමහර විට මතක ඇති සමුදුරේ මීට වසර දෙකහමාරකට පමණ පෙර ලියවුන රෝම ශිෂ්ඨාචාරයේ නැගීසිටීම සහ සහ බිඳවැටීම ගැන ලියවුන ලිපි පෙල. මතක නැතිනම් මෙන්න ඒ ලිපි පෙළේ පළමු වැන්නhttp://sathsamudura.com/2011/11/roman-era.htmlඅද මේ කියන්න යන්නේ එම ලිපි පෙලට කදිමට ගැලපෙන වාර්තාමය චිත්‍රපටි මාලාවක් ගැනයි. මෙය කොටස් 13 කින් යුතු දීර්ඝ චිත්‍රපටි මාලාවක්. මෙහි රෝම ශිෂ්ඨාචාරය සමූහාණ්ඩුවක සිට මහද්වීම කිහිපයක් පුරා අධිරාජ්‍යයක් ලෙස විහිදුන ආකාරය, කොතරම් අසීරුලෙස රෝම ශිෂ්ඨාචාරය පවත්වාගෙන ගියාද යනාදී කාරණා ඇතුළුව වැදගත් කාරණා රැසක් දැනගැනීමට හැකියාව ලබදී තිබෙනවා.නැවත වරක් මතක් කරනවා නම්, ඉතිහාසඥයන්, දාර්ශනිකයන් යනාදී විද්වතුන්ගේ මතය අනුව අද තිබෙන බටහිර ශිෂ්ඨාචාරය ගොඩනගන්න පදනම වුනේ මේ රෝම ශිෂ්ඨාචාරයයි.History Channel ආයතනය විසින් නිමවා ඇති මෙම චිත්‍රපටි මාලාවේ නම තමයිROME Rise and fall of an empire.ඔබට අන්තර්ජාලය පුරාම සොය සොය මේ චිත්‍රපටි මාලාව සොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ මොකද කියනවා නම් Youtube හරහා පහසුවෙන්ම සියළුම කොටස් නැරඹීමේ හැකියාව තිබෙනවා.
BLOG
2014.06.12
http://sathsamudura.blogspot.com/
ලී හාවි ඔස්වල්ඩ් සැබෑ ඝාතකයාද? - II
Dinesh Guruge
පළමුවෙන්ම කියන්න කැමතියි මේ තමයි 400 වැනි බ්ලොග් පෝස්ටුව. කාලයක් බොහෝම වේගයෙන් බ්ලොග් පෝස්ට් ලියමින් කඩයිම් පසුකළත් ගතවූ වර්ශයේ වගේම මේ වර්ශයේ මුල් භාගය ගෙවී යන මේ මොහොතේත් ඉතා මන්දගාමීව මේ කටයුතු කෙරුණ නිසා තමයි මේ කඩයිම පසුකරන්න මෙතරම් කාලයක් ගතවුනේ. මෑතකාලයේ සාමාන්‍යෙයන් දීර්ඝ ලිපි රැසක් ලියවුන නිසා වගේම වෙනත් කටයුතු වල යෙදෙන්නට සිදුවීමත්, මේ ලිපි පෙල ලිවීමේදී මූලාශ්‍ර රැසක් හැදෑරීමට විශාල කාලයක් ගතවීමත් මේ දිනවල ලිපි පළවීමේදී එක් ලිපියක් ලියා තවත් ලිපියක් ලියන්නට කාලය ගතවීම ලෙස දක්වන්නට පුළුවන්. එසේනම් අපි සුපුරුදු ලිපි පෙලේ ලිපියට දැන් යොමුවෙමු.පොලිස් නිලධාරියාට වෙඩි තැබූ පසු හිස් පතරොම් කොපු අසල පිහිටි තණබිස්සට විසිකරන ඔස්වල්ඩ් අළුතින් තම පිස්තෝලයට පතරොම් පුරවා ගන්නා අයුරු අසළ පිහිටි නිවසක සහෝදරියන් දෙදෙනෙකු දුටු බවත් පසුව එම හිස් පතරොම් කොපුද සොයා ගන්නා ලද බවත් බලධාරීන් විසින් පවසනු ලැබූහ. මෙයින් පසුව ඔස්වල්ඩ් යාබද නාගරික ප්‍රදේශයට කලබලයෙන් ගිය බව දුටු පුද්ගලයන් කිහිප දෙනෙකුම වූහ.Johnny Brewer ලී ඔස්වල්ඩ් හාවිගේ මෙම නොසන්සුන්කම හොදින් වටහා ගත්තෙකු විය. ඔහු සපත්තු වෙළඳසැලක කළමනාකරු වශයෙන් සේවය කළ අතර දැඩි කළබලයට ලක්ව, පොලිස් වාහන එම ස්ථානයෙන් ගමන් ගනිද්දී මුහුණ සැඟවීමට තැත්කරන ඔස්වල්ඩ්ව දුටු ඔහු, ඔස්වල්ඩ්ට නොදැනෙන්නට ඔහු පසුපසින් ලුහුබැදීමට වූ අතර ඔස්වල්ඩ් සපත්තු අලෙවිසැලට තරමක් දුරින් පිහිටි ටෙක්සාස් සිනමා ශාලාවට ඇතුළුවූයේ ටිකට් පත් ලබාදෙන්නාටද නොදැනෙන අයුරිනි. මේ බව Johnny Brewer විසින් දුටු අතර ඔහු ඒ බව ටිකට් පත් නිකුත්කරන්නාට දැනුම්දුන්පසු මෙම සැකකටයුතු පුද්ගලයා පිළිබදව පොලීසියට දැනුම් දෙනු ලැබීය.ඒ වනවිට මෙම සිනමා ශාලාවේ චිත්‍රපටි කිහිපයක්ම ප්‍රදර්ශනය කරමින් පැවති අතර පොලීසිය විසින් Johnny Brewer ගේ සහයද සහිතව එයින් එක් චිත්‍රපටියක් නරඹමින් සිටි ඔස්වල්ඩ් අත්අඩංගුවට ගන්නා ලදි. මෙම අත්අඩංගුවට ගන්නට යෑමේදී ඔස්වල්ඩ් විසින් ඔහු අසලම සිටි පොලිස් නිලධාරියාගේ මුහුනට පහරක් එල්ල කර සිය කලිසම් සාක්කුවේ තිබූ පිස්තෝලය රැගෙන වෙඩි තබන්නට සැරසෙනු දුටු අනෙක් නිලධාරීන් ඔහුට වෙඩි පහර එල්ල කිරීමට නොහැකිවන සේ තදින් අතින් අල්ලා ගෙන සිනමා ශාලාවෙන් පිටතට රැගෙන ආ අතර එම අවස්ථාවේ පොලිසියට බැනවදිමින් තමන් වරදකරුවෙකු නොවන බවට පුන පුන පවසා සිටි බව පැවසුනි.ජනපති ඝාතනය කළ ඝාතකයා මෙම සිනමා ශාලාවේ සිටින බවට දූශමාන ආරංචි කණවැකුනු ජනතාව රැස්කමින් සිනමාශාලාව අවට සිටින්නට වූ නිසා ඔවුන්ගෙන් හානියක් සිදුවීම වැලැක්වීමද පොලීසියට පැවරුනු භාරදූර වගකීමක් විය.පොලිස් මෝටර් රථයක පිටුපස අසුනේ මැදින් ඔස්වල්ඩ්ද දෙපසින් පොලිස් නිලධාරීන් දෙදෙනාද අසුන්ගෙන ඩලස් පොලිස් මූලස්ථානය වෙත යන අතරතුරේදී ඔවුන් ඔස්වල්ඩ්ගේ නම කුමක්දැයි. ඇසූ විට “එය තමුන්විහින්ම සොයා ගන්න එකයි ඇත්තේ.“ යනුවෙන් ඔහු පැවසූ අතර එක් පොලිස් නිලධාරියෙකු ඔස්වල්ගේ මුදල් පසුම්බිය ගෙන නම පරීක්‍ෂාකළ විට එහි හැඳුනුම්පත් දෙකක් වූ අතර එයින් එකක් අප දන්නා පරිදි ලී ඔස්වල්ඩ් හාවි නමින් වූ අතර අනෙක වූයේAlek James Hidell නමිනි. අපූරුම කාරණය වූයේ මෙම දෙවන හැඳුනුම්පත වෙනත් අයෙකුට අයත්වූවක් නොව එයද අයත්වූයේ ලී ඔස්වල්ඩ් හාවි බවට වූ සාක්‍ෂිය වූයේ එහි වූ සේයාරුවද ලී ඔස්වල්ඩ් හාවිම වූ බැවිනි.එතනින් එහාට කිසිදු දෙබසක් ඇති නොවුන අතර ඔස්වල්ඩ් ඩලස් පොලිස් ස්ථානයට රැගෙන ආ පසු ඔහුගෙන් ප්‍රශ්න කිරීම භාරවූයේ එවකට ඇමරිකාව පුරාවටම පොලිස් සේවයේ කීර්තිමත් නමක් හිමිකර ගෙන සිටි හා සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ කාර්යයේදී සාර්ථකම ප්‍රවීණ පොලිස් නිලධාරියෙකු වූ John Will Fritz වෙතයි. මුලදී ඔහුගේ කාරුණික හා සන්සුන් ප්‍රශ්න කිරීම හමුවේද සහයෝගයක් නොපෙන්වූවද. පසුව ක්‍රමයෙන් සන්සුන් බවක් පෙන්වීය.ලී ඔස්වල්ඩ් හාවිගෙන් ප්‍රශ්නකරණා කිසිම කරුණකට සාර්ථක පිළිතුරක් ලබා ගැනීමට නොහැකි වූ අතර බොහෝ විචාරකයන්ගේ මතයන්ට අනුව ලී ඔස්වල්ඩ් හාවිට CIA හෝ FBI හෝ වෙනයම් රහස් ආරක්‍ෂක ආයතනයක් මගින් ලබා දී තිබූ පුහුණුව අනුව මෙවන් ප්‍රශ්න කිරීමකදී ගැලවී යන අයුරුද මනාව පුරුදු කර තිබූ නිසා මෙවන් තත්ත්වයක් ඇතිවන්නට ඇති බව පවසා සිටිති්‍.පොලිස් කපිතාන් Fritz සමග ඔස්වල්ඩ් පිළිබදව නිරීක්‍ෂන කටයුතු වල යෙදී සිටි FBI නිලධාරියා වූ විශේෂ නියෝජිත James. Hosty ද පසුව සම්බන්ධ වූහ. මේ කිසිදු අවස්ථාවක ඔස්වල්ඩ්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුන බව පැවසුනහ. එසේම නීතිඥ සහය ලබාදීමට තැත් කළද එයටද ඔස්වලඩ්ගෙන් ලැබුන ප්‍රතිචාරය වූයේ, තමන් නීතිඥයෙකුගේ පිහිට ලබා ගන්නේ නම් ඒ ඇමරිකානු කොමියුනිස්ට් පක්‍ෂයේ නීති උපදේශක John Abt ගෙන් හෝ එසේ නොවේනම් ඇමරිකානු සිවිල් නිදහස් සංගමයෙන් පමණක් බවයි. ඔස්වල්ඩ්ගේ මෙම ඉල්ලීමට අනුව නීතිඥ John Abt සම්බන්ධ කර ගැනීමට කොතෙකුත් උත්සහ දැරූවද එය සඵල නොවූයේ මෙම සිදුවීම් සිදුවූයේ සති අන්තයක් බැවින් මෙම නිතිඥයාද සිය රාජකාරී කටයුතු වලින් බැහැරව සිටීමයි. වීඩියෝ මූලාශ්‍ර වලදීද ඔස්වල්ඩ් විසින් නීතිඥයකුගේ සහය ඉල්ලා සිටින ආකාරය දැක්වේ.ඔස්ල්ඩ් හා ඔහුගේ මව වූ මාගරීටා ඔස්වල්ඩ් අතර සම්බන්ධයද කුඩා කල පටන් දුරස්ථර වූ එකකි. ඔස්වල්ඩ් නොදැන සිටියද ඇමරිකානු මාධ්‍ය විසින් ඒ වන විටත් ජනපති ඝාතනයේ ප්‍රධානම සැකකරු බවට ඔහුව පත් කර තිබූ අතර මේ පිළිබදව රූපවාහිනියේ ඒ වන විට නිරතුරුවම විකාශය වූ ජනපති ඝාතනයේ තොරතුරු අතරදී කියවුන අතර එමගින් ඔස්වල්ඩ්ගේ මව සිය පුත්‍රයා මුහුණපා සිටි තත්ත්වය දුටුවාය. ඇය වහාම කිට්ටුවෙන්ම පිහිටි තැපැල් කාර්යාලය වෙතට දුව ගොස් ඩලස් පොලිස් මූලස්ථානයට තමන් රැගෙන යන ලෙස පැවසු අතර කිසිදු පැකිලීමකින් තොරවම අදාල තැපැල් කාර්යාලයේ නිලධාරීන් පවසා සිටියේ “මෙය ටැක්සි සේවාවක් ලබා දෙන ස්ථානයක් නොවන බවයි“. එවිට තමා ජනපති ඝාතනයට සැකයට පාත්‍රවූ මෙම රුපවාහිනියේ පෙන්වන තැනැත්තාගේ මව බව පැවසූ වහා තැපැල් කාර්යාලය විසින් ඇයව ඩලස් පොලිස් මූලස්ථානය වෙතට රැගෙන එන ලදි.මාගරීටා ඔස්වල්ඩ් නිරතුරුවම පවසා සිටියේ තමන්ගේ පුතා ඇමරිකානු CIA ආයතනයට සම්බන්ධ අයෙකු බවත් ඔහුව අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම පිළිගත නොහැකි කරුණක් බවයි. ඇය පොලිස් ස්ථානයට පැමිණි විට ඔස්වල්ඩ් හා මරියාගේ අළුත උපන් දරුවා ප්‍රථම වරට දුටු අතර මේ පිළිබදව තමාට නොදැන්වූ නිසා කණගාටුවටද පත්වූවාය. මෙම කාන්තාවන් දෙපොල ඔස්වල්ඩ් හා කතා කිරීමට ගිය විටදී තම මව දුටු ඔස්වල්ඩ් කෝපයට පත්ව ඇයට මේ පිළිබදව පැවසුවේ කවුරුන්දැයි තදින් විමසා සිටියේය. මේ වන විට ඔස්වල්ඩ්ගේ වැඩිමහල් සොයොයුරාද පොලිස් ස්ථානයට පැමිණ තිබූ අතර සහෝදරයන් අතර එතරම් සමීපතම බවක් නොතිබු අතර ඔවුන් අතර ගැටුමක් නොතිබුනි. එනමුත් මව සහ බාල පුතු (ලී හාවි) අතර සම්බන්ධය කෙදිනකවත් බැදීමකින් යුතු යහපත් එකක් නොවූහ‍.එදින රාත්‍රි 7.45 පමණ වන තෙක් ඔස්වල්ඩ්ගෙන් ප්‍රශ්න කරනු ලැබුවේ සහ සාක්‍ෂිගොනුකරනු ලැබුවේද පොලිස් නිලධාරියා ඝාතනයා සම්බන්ධයෙනුයි. මෙයින් පසු නැවත ප්‍රශ්න කරනු ලබන අවස්ථාවේ කැප්ටන් ෆ්‍රිට්ස් විසින් ජනපතිවරයා ඝාතනය කර ඇති බවත් එයට එය කළේ ඔබනේදැයි කෙලින්ම විමසූ විට ලී ඔස්වල්ඩ් එය ප්‍රතික්‍ෂේප කරනු ලැබුවේය. එසේම ඔස්වල්ඩ්ට විරුද්ධව තිබූ එකම සාක්‍ෂියද ජනපතිවරයාට වෙඩි තැබූ බවට සැක කළ අවිය පමණක්ම විය.එහෙත් ඉතාලියේ නිෂ්පාදිත බෝල්ට් ඇක්ශන් රයිෆලය පමණක් නොව එහි තිබී තවත් ගිනිඅවියක් ටෙක්සාස් පොත් ගබඩාවේ 6 වෙනි මහලෙන් හමුවූ බව deputysheriff, Seymour Weitzman විසින් සිය වාර්තාවේ සටහන් කළහ. ඒ ජර්මනියේ නිෂ්පාදිත 7.65 Mauser ගිනි අවියකි. මේ බව මෙම අවස්ථාවට සම්බන්ධ වූ තවත් deputysheriff වරෙයෙකු වනRoger Craig විසින්ද තහවුරු කරනු ලැබූහ. එහෙත් මෙම අවිය හා එයට සම්බන්ධ වාර්තා සියල්ලද සැගවී ගියෝය.htmජනපති ඝාතනයට යොදා ගත්තේ යයි නිතර පැවසෙන අවිය මෙයයිපොලිස් නිලධාරී J.Tippit ඝාතනයට යොදා ගත්තේ යයි පැවසෙන අවිය(ජනපති කෙනඩි ඝාතනය, එයට ඈඳුන කුමන්ත්‍රණ කසුකුසුව යනාදිය පිළිබදව තොරතුරු අතිශයින්ම විශාලය. මේ පිලිබදව සාකච්ඡා කිරීමටම පමණක් වෙනම් බ්ලොග් අඩවියක් වුවත් පවත්වාගෙන යාමට තරම් තොරතුරු තිබෙන නිසා මෙතැන් සිට මෙම ලිපි පෙළේ අවසානයක් දකින්නට කරුණු සංක‍්‍ෂිප්තව ගෙනහැර පාන්නට අදහස් කරමි. )මෙම තුවක්කුව සොයා ගැනීම සේම මෙම ඝාතනය සිදුවූ අවස්ථාවේ එම ස්ථානයේ ආසන්නයේම සිටි අයගේ සහ වෙඩි තැබීමෙන් පසුව අවට සිටි පිරිස හැසිරුන ආකාරය අනුව එක් තුවක්කුකරුවෙකු නොව දෙවන හෝ තෙවන අයෙකුද සම්බන්ධ වූ බවට සැකයන් මෙන්ම සාක්‍ෂිද බොහෝ හමුවිය. වෙඩි තබන අවස්ථාවේ ජනපතිවරයා ගමන්ගත් මෝටර් රථයේ ආසන්නයේම සිටි තැනැත්තියක වූ Jean Hill ගේ ප්‍රකාශය ඉතා වැදගත්ය. ඇය පාසල් ගුරුවරියකද වූ අතර ඇය පැවසුවේ තමන්ට වෙඩි තැබීම් 3 සිට 6 දක්වා අතර වූ සංඛ්‍යාවක් ඇසුන බවත්ය. ඇයව අත්අඩංගුවටද ගැනුනා පමණක් නොව එහෙත් ඇයගේ එම ප්‍රකාශ ඉවත් කර ගන්නා ලෙස දැඩි ලෙස බලකෙරුනි. වෙඩි තැබීම් 3 ක් මිස ඉන් එහාට වෙඩි තැබීමක් ගැන ප්‍රකාශ නොකරන ලෙස තරයේ අවවාද/තර්ජනය කෙරුනි. තවද ඇයට නිරතුරුවම මේ සම්බන්ධයෙන් දුරක‍ථනයෙන් පවා තර්ජන ගර්ජන ලැබුන අතර මරණිය භය නිසාම වොරන් කොමිසමටවත් ඇය දැන සිටි කරුණු පිළිබදව සාක්‍ෂිදීමට ඇය ඉදිරිපත් නොවුනාය.ඇයට අමතරම මේ අවස්ථාවේ ආසන්නයේම සිටි තැනැත්තියක වූ Beverly Oliver නම් නාට්‍යාංගනාවද පැවසුයේ තමන්ටද වෙඩි ශබ්දයන් ඇසුනේ ටෙක්සාස් පොත් ගබඩාව දෙසින් නොව නිරතුරුවම සැකයට පාත්‍රවූ Grassy Knoll නම් ස්ථානයේ සිට බවයි. එපමණක් නොව ED Hoffman නම් ගොළු පුද්ගලයා මෙමGrassy Knoll ස්ථානයේම සිටි අයෙකු වූ අතර ඔහු සිය අංගචලන ආදිය මගින් සිය අදහස් පවසමින් පවසා සිටියේ එහි සිට වෙඩි තැබූ අයෙකු වෙඩි තැබීමෙන් පසුව කාර්මික සේවකයෙකු සේ හැදගෙන සිටි තවත් අයෙකුට එම ගිනි අවිය විසිකරමින් ලබාදී එතනින් වහා ඉවත්ව ගිය බවත් ගිනි අවිය ලබාගත් තැනැත්තා සිය කාර්මික මෙවලම් පෙට්ටිය තුල එය තැන්පත් කරගෙන කිසිවක් නොවුනා සේ අසලින්ම තිබූ දුම්රිය මඟ ඔස්සේ ගමන් කළ බවටයි. එහෙත් මෙම කිසිවක් වොරන් කොමිසම හමුවේ විමර්ශනය නොකෙරුනි.ඔස්වල්ඩ් කුප්‍රකට ටෙක්සාස් පොත් ගබඩාවේ සිට වෙඩි තැබුවේ නම් ඔහු සිය වෙඩි තැබීම ලේසියෙන්ම කරන්නට තිබූ මෝටර් රථය හුස්ටක් වීදියෙන් පැමිණීමෙන් තිබියද සිදු නොකර ගස් ආදියෙන්ද බහුල සහ එල්ලය ලබා ගැනීමට අපහසු Elm වීදිය තෝරාගත්තේ ඇයි. කෙනඩිගේ රථ පෙරහැර ගොඩනැගිල හා වංගුවලින් බහුල මෙවන් නාගරික පෙදෙසක් හරහා ගමන් කරවීමට සංවිධාකයන් ක්‍රියාකළේ මක් නිසාද.මෙහි Revised Parade Route ලෙස දක්වා ඇත්තේ Houston වීධියයිමෙම අවාසනාවන්ත ඝාතනයට මාසයකටත් අඩු කාලයකට පෙර පැහැදිලිවම ඝාතන සැලැස්මක් තිබූ නිසා අවලංගුකළ ජනපතිවරයාගේ මයාමි සංචාරය පිළිබදව පූර්ව ආදර්ශය පවා ලබා තිබියදී දැන දැනම ජනපතිවරයාගේ ජීවිතය අවධානමට ලක් කළේ ඇයි.ජනපතිවරයාගේ ආරක්‍ෂක කටයුතු පිළිබදව ප්‍රධානියා වූ ගුවන් හමුදා කර්නල්වරයෙකු වූ Colonel Fletcher Prouty ව මෙම සංචාරයට පෙර නවසීලන්තය වැනි ඈත රටකට පිටත්කර දැමීමට ආරක්‍ෂක බලධාරීන් හිටිහැටියේ කටයුතු කළ අතර මෙවන් ක්‍රියාමාර්ගද ජනපතිවරයාගේ ඝාතනය කුමන්ත්‍රණයකට බවට සැක කිරීමට හේතු බවට මත පළවේ._Fletcher_Proutyජනපති ආරක්‍ෂක ඒකකයේ නිලධාරීන් ජනපතිවරයා ඩලස් වෙත පැමිණීමට දිනකට පෙර එනම් 1962 නොවැ.21 වනදා සිය නායකයාගේ ආරක්‍ෂාව තහවුරු කිරිමට ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම කෙසේවෙතත් එදින රැය පුරාවටම සමාජ ශාලාවල ගැවසෙමින් බීමතින් හා කාන්තාවන් ඇසුරුකරමින් සිටිබවටද තොරතුරු හෙළිවිය.Dealy Plaza වට ආසන්නයේ පිහිිටි ගොඩනැගිල්ලක සිටි නිවාස අහිමි පුද්ගලයන් තිදෙනෙකුද පුද්ගලයන් අත්අඩංගුවට ගත් අතර ඔවුන් තිදෙනා පසුව මෙයට සම්බන්ධ නැති බවට පවසමින් නිදහස් කෙරුනි. විශේෂත්වය වන්නේ මෙයින් එක් පුද්ගලයකු CIA අංයතනයටද සම්බන්ධ අයෙකු බවට කරුණුකාරණා හෙලිවන්නට වුවා පමණක් නොව මෙම පුද්ගලයන්ගේ ඇදුම් පැලදුම් ගත්කළ නිවාස අහිමි අය සේ දිස්නොවීය.අත්අඩංගුවට ගත් අදාල පුද්ගලයන්කෙනඩි ඝාතනය විමර්ශනයට පත්කළ වොරන් කොමිසමේ ක්‍රියාකාරීත්වයද ගැටළු සහගත විය. එහි සියළු ක්‍රියාදාමයන් මාස 3 ක් තුල සිදුකළ යුතුබවට ජනපති ලින්ඩන් ජොන්සන් විසින් කොන්දේසියක්ද පනවා තිබූ අතර කොමිසමේ සාමාජිකයෙකු ලෙස කෙනඩි පාලනයේදී ඉවත් කළ CIA ප්‍රධානී ඇලන් ඩලස්ද ඇතුලත්වීම ගැටළු සහගත විය. තවද ඔස්වල්ඩ් ඝාතනයට සම්බන්ධ වූ ජැක් රූබිද කොමිසමේ සාමාජිකයන් තමන් වෙත පැමිණි කල තමන් සතුව මේ පිළිබදව සියලු තොරුතුරු ඇති බවත්, ඒවා මෙහි සිට හෙළි කිරීම තම ජීවිතයට අනතුරු දායක නිසා වොෂින්ටනය වෙත රැගෙන ගිය පසු තමන් එම තොරතුරු හෙළිකරන බව පැවසුවත් එයට කොමිසම එකඟ නොවූ සේම තොරතුරක් ඇතොත් එය මෙහිදීම හෙළි කරන ලෙසට බලකෙරුනි.ජැක් රූබි ගත් කළ චිකාගෝ මාෆියාව හා සම්බන්ධතාද තිබූ ඩලස් හි රාත්‍රී සමාජ ශාලා දෙකක අයිතිකරුවෙකි. ඔහු යමෙකුගෙන් යමක් විමසන්නේ නම් පළමු කොටම වාචිකව විමසනවාට වඩා පළමුව පහර දී දෙවනුව විමසන අයෙකු ලෙසට තද පුද්ලයෙකු ලෙස නම්දරා සිටි තැනැත්තෙකි. ඔහු ඩලස් පොලිස් ස්ථානයේ නිලධාරීන් සමගද සමීප සබඳතාවයක් පැවැත්වූ අතර නිරතුරුවම එම නිලධාරීන්ද ඔහුගේ සමාජ ශාලාවලදී ජැක් රූබිගේ කාරුණික අනුග්‍රහය ලැබූවන් බවට සදහන්ය. මේ නිසාම ඩලස් පොලිස් ස්ථානය තුල සාමාන්‍ය ජනතාවට ගැවසිය නොහැකි ස්ථ්න වලට පවා විශේෂ අවසරයකින් තොරව ගමන් කළ හැකි අයෙකු විය. කෙනඩි ඝාතනය සිදුවූ අවස්ථාවේදී පාක්ලන්ඩ් අනුස්මරණ රෝහල පිටතද ඔහු සිටිනු පසුව නිරීක්‍ෂනය කෙරුන සේයාරූ වල දිස්වූ අතර පොලිස් ස්ථානය තුලදීද ඔහු නිරතුරු රැදී සිටි බව වීඩියෝ සහ ඡායාරූප නිරීක්‍ෂනයේදී පෙනී යයි.48 Hours to Live වාර්තාමය චිත්‍රපටියේ ලී ඔස්වල්ඩ් හාවිගේ ජීවිතයේ අවසාන පැය 48 සහ ජැක් රූබි මෙම ලිහා ගත නොහැකි ගැටළුව තවත් සංකීර්ණ කරන ආකාරය දැක්වෙන්නේ මේ ආකාරය කෙටියෙන් දක්වමි.කෙනඩි ඝාතනය පිළිබදව කෝපවන්නන්ගෙන් සේම මෙම ඝාතනය සැඟවීමට අවශ්‍ය යමෙකු වේ නම් එම අයගෙන් ඔස්වල්ඩ්ගේ ජීවිතයට විය හැකි හානිය නිසා එය වලකා ගැනීමට ඔස්වල්ඩ් ප්‍රාන්ත සිපිරිගෙය වෙතට මාරුකර යැවීමට ඩලස් පොලිස් බලධාරීන්ට අවශ්‍ය වූ අතර 23 වනදා සවස වන විටම එම කාර්යය ඉටුකිරීමට ඩලස් පොලිස් ප්‍රධානී Jesse Curry හට අවශ්‍යතාවය තිබුනත් තවදුරටත් යමක් ඔස්වල්ඩ් වෙතින් දැනගැනීමට හැකියාවක් ලැබේ යයි යන විශ්වාසයක් කපිතාන් ෆ්‍රිට්ස් තුල විය. මේ හේතුවෙන් ඊට පසුදින එනම් නොවැ. 24 වනදා උදෑසන ඔස්වල්ඩ් ප්‍රාන්ත සිපිරිගෙය වෙත මාරු කර යැවීමේ කර්තව්‍යය කල් තැබින. තවද මේ සදහා ආරක්‍ෂිත රථයක්ද යොදාගැනීමට තීරණය විය.24 වන දා උදෑසන ඔස්වල්ඩ්ගෙන් අවසන් වරට ප්‍රශ්න කිරීම ආරම්භ කළ අතර ඒ අවස්ථාවටඩලස් තැපැල් ප්‍රධානියාද පොලිස් මූලස්ථානයට පැමිණ ඔස්වල්ඩ්ගෙන් ප්‍රශ්න කිරීමට සහභාගී විය. මීනිමැරුම් සැකකරුවෙකු වූ ඔස්වල්ඩ්ගෙන් තැපැල් ප්‍රධානියද පැමිණ ප්‍රශ්න කිරීමට හේතුවූයේ නම් දෙකක් භාවිතා කිරීම තැපැල් සේවාව ලබා ගැනීමේදීද නීති විරෝධි කාර්යයක් වීමයි. තවද ඔස්වල්ඩ් කෙනඩි ඝාතනයට සැකයටලක්වූ 6.5 mm Carcano carbine රයිෆලය සහ ටිපිට් පොලිස් නිලධාරියා ඝාතනයට යොදා ගත්තේ යයි සැක කටයුතු රිවෝල්වරයද ගෙන්වා ගෙන තිබූ තැපැල් ලිපිනයේ හිමිකරුගේ නමද ලී ඔස්වල්ඩ් හාවි නොව Alek James Hidell විය.මේ අවස්ථාවට මදක් බාධා කරමින් ඩලස් පොලිස් ප්‍රධානීයා පැමිණ පැවසූවේ උදෑසන 10 ට හෝ ඊට පසුව ආසන්නතම කාලයකදී ඔස්වල්ඩ් මෙම ස්ථානයෙන් රැගෙන යාම සිදුකරන බවයි.මෙම අවස්ථාව වන විට ජැක් රූබි සිය නිවසට වී සිය සුරතල් සුනඛයා වන ශීබාද සුරතල් කරමින් රූපවාහිනිය නරඹමින් සිටියහ. උදෑසන 10.19 ට පමණ ඔහුට දුරකථන ඇමතුමක් ලැබුන අතර ඒ ඔහුගේ එක් සමාජ ශාලාවක නළඟනකගෙනි. ඇයට මුදල් අවශ්‍ය වී තිබින. එයට හේතුව ජනපතිවරයාගේ ඝාතනය පිළිබදව ඔහුට ඇතිවූ කම්පනය හේතුවෙන් සති අන්තය පුරාවටම සිය සමාජ ශාලා වසා තැබීමට තීරණය කිරීමයි. මේ නිසා ඔහුගේ සමාජ ශාලාවල සේවය කරන අයටද වැටුප් ගෙවීමක් සිදු නොවීය. ඔහුගෙන් ඩොලර් 25 ක මුදලක් ඇය ඉල්ලා සිටි අතර මුදල් Western Union සේවාව ඔස්සේ ලබාදෙන බව පවසා බැංකුව වෙත යෑමට ඔහු ස්නානය කිරීමට ගොස් කලබලයකින් තොරව හැදපැලද ගෙන සිය රිවෝල්වරය කලිසම් සාක්කුවකටද දමා ගැනීමට අමතක නොකළේය. ඒ මුදල් රැගෙන යන අවස්ථාවල ආරක්‍ෂාවට එම පියවරද අනුගමනය කරන නිසාය.උදෑසන 10.58 ට පමණ සිය සුරතල් බලුපැටවාද රැගෙන කාරයට ගොඩවූ ජැක් රූබි අදාල සේවාව ලබාදෙන බැංකුව කරා ගමන් ගැනීම ඇරඹුවේය.මේ අවස්ථාව වන විටත් ඔස්වල්ඩ් නම් දෙකකින් පෙනී සිටීම, ගිනි අවි එම ලිපිනයට ගෙන්වා ගැනීම යනාදිය ගැන ප්‍රශ්න කළත් ඒ කිසිවකට ඔස්වල්ඩ්ගෙන් සාර්ථක පිළිතුරක් ලබා ගැනීමට නොහැකි විය. උදෑසන 11.15 ට පමණ තවදුරටත් ප්‍රශ්න කිරීම පළක් නොවන බව හා තමන් සිතනවාට වඩා මෙම පුද්ගලයා අමාරුකාරයෙකු බව වටහා ගත් කපිතාන්වරයා අසල සිටි නිලධාරියෙකු අමතා පවසා සිටියේ තවත් විනාඩා පහකින් ඔස්වල්ඩ්වත් රැගෙන බිම් මහලට තමන් පැමිණීමට හැකිබව දන්වන ලෙසටයි.මේ අවස්ථාවේ ජැක් රූබි මුදල් ගෙවීමට Western Union කාර්යාලයට පැමිණ තිබූ අතර තමන්ට ඉදිරියෙන් සිටින තැනැත්තා එම කාර්යය ඉටුකරගන්නා තෙක් ඉවසීමෙන් සිට අදාල මුදල් ගෙවා එළියට පැමිණ මෙම කාර්යාලයට නුදුරින් පිහිටි ඩලස් පොලිස් ස්ථාන‍ය දෙසට ගමන් ගනී. ඔහුට කිසිදු හදිස්සියක් නොමැති බව පෙනේ.ඔස්වලඩ් ප්‍රාන්ත සිපිරි ගෙය වෙත රැගෙන යාම සදහා යොදා ගැනීමට මුලින් තීරණය කෙරුණේ මුදල් ගෙනයන ආරක්‍ෂිත රථයකි (Armed Car). එහෙත් එම රථය පොලිස් මූලස්ථානයේ බිම්මහල තුලට ගැනීමට එහි දොරටුවේ උස ගැටළුවක් වූ නිසා මෙම ප්‍රවාහන කටයුත්තට කපිතාන් ෆ්‍රිට්ස්ගේ පෞද්ගලික රථයම යොදා ගැනීමට තීරණය විය.ඔස්වල්ඩ්ගේ එක් අතක මාංචුව ගලවා එය තවත් පොලිස් නිලධාරියෙකුට පලදවා කපිතාන් ෆ්‍රිට්ස් ඇතුළු පිරිස බිම් මහලට පැමිණෙමින් සිටින අතර බිමි මහල පාරදෙසින් මුරකරමින් සිටි පොලිස් නිලධාරියාගේ අවධානය වෙනත් අතකට යොමුවේ. එම අවස්ථාවේදීම ජැක් රූබිද පොලිස් ස්ථානයේ බිම් මහලට කිසිවෙකුත් නොදැනීම ඇතුළුවේ. (එහෙත් ඇතැම් මූලාශ්‍රවල පවසන පරිදි පොලිස් නිලධාරියා නොදැන නොව, ජැක් රූබි හා ඩලස් පොලිස් මූලස්ථානයේ නිලධාරීන් අතර ඇති මිතුදම නිසා දැනුවත්වම මෙම ස්ථානයට ඒමට ඉඩ සැලසූ බවටද මතයක් තිබේ.)මේ අවස්ථාවේ රථයට නංවා ගැනීමට ලී හාවි ඔස්වල්ඩ්ද බිම්මහලට රැගෙන විත් තිබූ අතර කපිතාන් ෆ්‍රිට්ස්ගේ රථය දෙසට යන්නට සැරසෙනවාත් සමග වහා ක්‍රියාත්මක වූ ජැක් රූබි සිය රිවෝල්වරය ඔස්වල්ඩ්ගෙන් උදරයේ වම්පසට ආසන්නම කර වෙඩි තබනු ලබයි. ඔස්වල්ඩ් වේදනාවෙන් ඇද වැටෙන අතර පොලිස් නිලධාරීන් රොත්තක්ම පැන ජැක් රූබි අල්ලා බිමට අල්ලා තද කර ගෙන අල්ලා ගෙන සිටියි.ලී හාවි ඔස්වල්ඩ්ට වෙඩි වදින අවස්ථාවමේ අවස්ථාවේම ඔස්වල්ඩ්ගේ අසලටම පැමිණෙන එක් පොලිස් පරීක්‍ෂකවරයෙක් “මොනවා හෝ දෙයක් කියන්නට තිබේනම් මේ වෙලාවේ එය කියන ලෙස ඉල්ලා සිටි“. මෙය හොදින් වැටහුනත් ඔස්වල්ඩ් කිසිවක් නොකියා සිටියි. විනාඩි හතරක් ඇතුළත ගිලන් රථයට ඇතුළුකරන ඔස්වල්ඩ් වහා පාර්ක්ලන්ඩ් අනුස්මරණ රෝහල වෙත රැගෙන යනු ලැබේ. මීට දින දෙකකට පෙර කෙනඩි ජනපතිවරයා නිල වශයෙන් මිය ගිය බව පැවසුනේද මෙම රෝහලේදීමය.පාර්ක්ලන්ඩ් රෝහලේදී මුලින් ශල්‍යාගාර අංක 1 වෙත ඔස්වල්ඩ්ව ඇතුළු කරන්නට සැරසුනද රෝහල් කාර්යය මණ්ඩලය එයට විරුද්ධ වන්නේ ජනපතිවරයා අවසන් හුස්ම හෙලූ එම ශල්‍යාගාරය වෙත ඔහුගේ ඝාතකයා ලෙස සැලකුන පුද්ගලයා ඇතුළු කිරීමට තමන් කිසිසේත්ම කැමති නැති බව පවසමිනි. මේ නිසා සිහිසුන්ව සිටින ලී හාවි ඔස්වල්ඩ්ව ඇතුළු කරනු ලබන්නේ ශල්‍යාගාර අංක 2 වෙතයි.මේ වන විට ජැක් රූබි පූර්ණ ආරක්‍ෂා සහිතව පොලිස් අත්අඩංගුවේ පසුවූ අතර ඩලස් පොලිස් නිලධාරීන් බොහෝමයක් ඔහුගේ හිතවතුන් නිසා ඔහුගෙන් පුන පුන විමසා සිටියේ “ඇයි ඔබ මෙහෙම දෙයක් කළේ.“ එවිට ඔහු “මට මීට වඩා හොද දෙයක් කරන්න සැලසුම් කරගන්න කාලයක් තිබුනේ නැහැ. දැන් තේරේවි කාටත් යුදෙව්වෝ කියන්නේ හොද ධෛර්යයක් තියෙන මිනිස්සු බව“. ජැක් රූබිද යුදෙව්වෙකි.ජනපතිවරයා ඝාතනයට ලක්වූ නොවැ. 22 දා උදෑසන සිය සමාජ ශාලා පිළිබදව වෙළඳ දැන්වීමක් පල කර ගැනීමට The Dallas Morning News ආයතනයට ගොඩවැදුන ඔහු සිය කාර්යය ඉටුවන තුරු එදින පුවත්පත කියවන විට දුටුවේ කෙනඩි ජනපතිවරයාට විරුද්ධව පළ කර තිබූ දැන්වීමකි. විශේෂත්වය නම් එම දැන්වීම පළ කර තිබූ The American Fact-Finding Committee නම් ආයතනයේ සභාපතිවරයා ලෙස නම් කර තිබූ පුද්ගලයාද යුදෙව්වෙකු වීමයි.ජැක් රූබිගේ අදහස අනුව මෙවන් දැන්වීමක් පළ කර දිනම ජනපතිවරයා ඝාතනයට ලක්වීම යුදෙව්වන් කෙර් සමාජයේ වෛරයක් ඇතිවීමටද හේතුවක් වීමට ඉඩතිබූ බවයි. එමෙන්ම ඩලස්හි ජනතාව අතරටද ජනපතිවරයා කෙරේ වෛරය උපදවන තවත් පත්‍රිකාවක් බෙදා හැර තිබින.අපූරුම කාරණය නම් මෙම පත්‍රිකාව බෙදා හරින ලද සංවිධානයේ ප්‍රභලතමයෙකු වූ විශ්‍රාමික Maj. Edwin Walker යන උග්‍ර දක්‍ෂිනාංශික පුද්ගලයාගේ නම පසුකලෙක වොරන් කොමිසම හමුවේද කියවුන නමක් වීමයි. ඒ ලී හාවි ඔස්වල්ඩ් විසින් ජනපතිවරයා ඝාතනය කළ වසරේදීම එම ඝාතනයට සැකයට පාත්‍රවූ ගිණි අවියෙන්ම මෙම හමුදා නිලධාරියාටද වෙඩි තබා තුවාල සිදු කළ බවට සැකයක් තිබීම නිසයි. ඒ විශ්‍රාමික මේජර් ජනරාල්වරයා උග්‍ර කියුබන් විරෝධියෙකුවීම සහ තවත් දක්‍ෂිනාංශික හා කොමියුනිස්ට් විරෝධියෙකු වීම හේතුකොටගෙනයි.com/story/2010/11/22/922161/-The-far-right-in-Dallas-in-November-1963#ලී ඔස්වල්ඩ් හාවි රෝහලට ගෙන ගිය විගසම මිය නොගිය අතර ඔහුගේ දිවි රැක ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසක් ගත්හ. මෙම කාර්යයද ඉටුකිරීමට කැපවූයේ වෙනත් පිරිසක් නොව ජනපතිවරයාගේද ජීවිතය රැකගැනීමට වෙහෙසුන වෛද්‍යවරුන්, හෙදියන් හා අනෙකුත් සහායක කාර්යය මණ්ඩලයම වීමද දෛවෝපගතය. කෙසේවෙතත් 1962 නොවැ. 24 වනදා දහවල් 1.07 ට පමණ ලෝකයටම අභිරහසක් එකතු කරමින් සිය ජීවිතයේ අවසන් හුස්ම වාතලයට මුද හැර අවසන් ගමන් ගියේය. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 24 මාස 1 සහ දින 6 ක් පමණකි. ඔහුගේ උදරයේ අභ්‍යන්තර අවයව බොහෝමයක් උක්ත වෙඩි තැබීමෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ බව පැවසුනි.ජැක් රූබි විසින් ලී ඔස්වල්ඩ් හාවි ඝාතනය සම්බන්ධයෙන් කියවෙන කතා ගණනාවකි. ඉන් එකක් නම් කෙනඩි ජනපති ආර්යාව ලී ඔස්වල්ඩ් හාවිව හදුනාගැනීමේ පෙරට්ටුවට ඒමට පෙර ඔහුව දැක ගැනීමට වැලැක්වීමට ඝාතනය කළ බවයි. තවත් වරෙක කියවෙන්නේ ජැක් රූබිද ජනපතිවරයාට වෙඩි තැබූ වෙඩික්කරුවන් අතර අයෙකු වූ අතර මේ පිළිබදව ඔස්වල්ඩ්ද දැන සිටි නිසා එය හෙළි වීම වැලැක්වීමට මෙය සිදු කළ බවයි. තවත් විටෙක ජැක් රූබි යනු චිකාගෝ මාෆියා සංවිධානයන් සමග ඍජු සබඳතා තිබූ අයෙකු නිසා මෙම ජනපති ඝාතන කාර්යයේදී කිසියම් කාරණා සම්බන්ධයෙන් ඔස්වල්ඩ්ගේ සම්බන්ධයන්ද ඇති නිසා මතු දිනෙක ඔහු සත්‍ය එළිදරව්කරාවි යන අදහස මත ජැක් රූබි ලවා ඉක්මනින් අවසාන මොහොතේ කරනු ලැබූ නියෝගයකින් මෙම ඝාතනය සිදුකළ බවයි.එක් යථාර්තයක් තිබුනි. එනම් ජැක් රූබි එක් දිනක් හෝ සිරකුටියක වසන්නට වෙතැයි නොසිතන්නට ඇති බවයි. ඇයි. ඔහු සිතුවේ ජනපතිවරයා ඝාතනයට සැකයට ලක්වූ තැනැත්තා මරා දැමීම, තමන් වීරත්වයකින් සලකනු ඇති බවටයි එහි සත්‍යයත් තිබුනි. මෙම සිදුවීමෙන් පසු ඔහුට ප්‍රශංසා කරමින් සුභපැතුම් පත් විශාල සංඛ්‍යාවක් ඔහු වෙත ලැබුනි. එහෙත් ඔහුට අවසානයේ සිය ජීවිතයෙන් සමුගැනීමටද සිදුවූයේ සිර දඩුවම විදිමින් සිටියදීමයි. ඔහුට සමාජයෙන් වීරත්වයක් ලැබුනත් නීතියෙන් ලැබුනේ වීරත්වය නොව ඔස්වල්ඩ් ඝාතනයට වරදකරු කරමින් මරණිය දණ්ඩනයයි. එය ලැබීමට ප්‍රථම ඔහුට ජීවිතයෙන් සමුගැනීමට සිදුවූවේ පෙනහැල්ලක ඇතිවූ පිළිකා තත්ත්වයක් හේතුවෙනි. ඒ 1967 ජනවාරි 03 වනදායි. ඔහු මිය යන විට ජනපති කෙනඩිගේ ඝාතනය හා ඔස්වල්ඩ්ගේ ඝාතනය සිදුවී වසර 3 කුත් මාසයකට මදක් වැඩි කාලයක් පමණක් ගෙවී තිබූ අතර ජනපතිවරයා සහ ඔහුගේ ඝාතකයා ලෙස සැකකළ ලී ඔස්වල්ඩ් හාවිගේ දිවි අවසන් වූ පාර්ක්ලන්ඩ් අනුස්මරණ රෝහලේදීම ජැක් රූබිගේ අවසානයද සිදුවිය.කෙනඩි ඝාතනය රජයේ මතය පිළිබදව සැක කරන අයගේ අදහස වන්නේ ජැක් රූබි වැනි ශක්තිමත් නිරෝගී පුද්ගලයෙකු මෙලෙස හදිස්සියේ පිළිකාවක් වැලදී මිය යාමද මෙම අභිරහස හෙළිවීම ගැන අකමැති බලවත් පුද්ගලයන් විසින් හිතාමතා සිදුකරන ලද්දක් විය හැකි බවයි. එයට සාක්‍ෂි ගණනාවක්ද ඔවුන් සපයති. Judyth Vary Baker නම් තරුණ විද්‍යාඥවරිය සමග ලී ඔස්වල්ඩ් හාවි ආදර සම්බන්ධයක් 1963 අප්‍රේල් මස සිට ඔහු මිය යාමට අාසන්න කාලය දක්වා තිබූ අතර ඇය සම්බන්ධ ආයතනය විවිද රෝග කාරකයන් නිර්මාණය හා ඒවා පිළිබදව පර්යේෂන සිදු කළ ආයතනයකි. ඇයගේ ප්‍රධානියා ඍජුලෙසම ඇමරිකානු ආරක්‍ෂක අංශ සමග ජීව විද්‍යාත්මක අවි හා මෙවන් රෝග කාරක නිර්මාණය සම්බන්ධයෙන් කටයුතු කළ අතර කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ ඝාතනයටද රෝග කාරකයක් (පිළිකාවක් වැනි) යොදවා ගැනීම ඔවුන්ගේ දැඩි බලාපොරොත්තුවක් විය. ඇය, ලී ඔස්වල්ඩ් හාවි අතර සබඳතාවය නිසා ඇයට, කෙනඩි ඝාතනය සම්බන්ධයෙන් නිව් ඕර්ලියන්ස් දිස්ත්‍රික් නීති නිලධාරී ජිම් ගැරිසන්ගේ නීති කටයුතුවලදී කියවුන කියවුන ඩේවිඩ් ෆෙරි සමගද හදුනාගැනීමට හැකිවූ අතර ඔහුගේ නිවස පර්යේශනාගාරයක් කර ගනිමින් මේ පිළිබදව පර්යේෂනය කිරීමද සිදුවූ බව කෙනඩි ඝාතනය පිළිබදව වැඩි දුර තොරතුරු සොයා බැලීමේදී හෙළිවන කරුණකි.htmඩේවිඩ් ෆෙරිද අභිරහස් ලෙස 1967 පෙබරවාරි 22 වනදා මිය යන අතර ඔහුගේ මරණය හෘදයබාදයක් ලෙස වෛද්‍ය වාර්තාවේ තිබුනද එය ස්වභාවික හෘදයාබාදයක් නොව හෘදයාබාදයක් ඇති විය හැකි යමක් ඔහුට බලහත්කාරයෙන් ලබා දෙන්නට ඇති බවට සැක කරනු ලැබේ. තවත් විශේෂත්වයත් වන්නේ ඔහු මිය යන විට ජිම් ගැරිසන් කෙනඩි ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබූ අතර එයට තමන් දන්නා දේ අකමැත්තෙන් වුවත් පැවසීමට ඩේවිඩ් ෆෙරි කැමති වී සිටිමයි.ලී හාවි ඔස්වල්ඩ් මිය යාමට ප්‍රථම ආරක්‍ෂක අංශ නිලධාරීන් ඔහුගෙන් ජනපතිවරයාට වෙඩි තැබූ බවට ප්‍රකාශයක් ගැනීමට නොගත් වෙහෙසක් නොමැත. ශල්‍යාගාරයක සිටිය යුත්තේ වෛද්‍යවරුන්, හෙදියන් ආදී සෞඛ්‍යය අංශයට සම්බන්ධ අයවළුන් වුවත් ඔස්වල්ඩ් ශල්‍යාගාරයට ඇතුළු කළ පසු ඔහුගෙන් ප්‍රශ්න කිරීමට දුසිමකට වැඩි ආරක්‍ෂක අංශ නිලධාරීන් රැදී සිට "Did you shoot it." යනුවෙන් නිරතුරු ප්‍රශ්න කළ බව රෝහලේ වෛද්‍යවරුන් පසුව පවසා සිටියහ.ඔස්වල්ඩ් විසින් ජනපතිවරයා ඝාතනය කළ දින උදෑසන අඩි දෙකහමාරක් පමණ දණ්ඩක් වැනි යමක් එදින උදෑසන ඔස්වල්ගේ අසල්වැසි සහ ඔහු සමග එකම සේවා ස්ථානයේ සේවය කළ Lesley Frazier ද සනාථ කළ අතර ඔස්වල්ගෙන් විමසූ විට එය තිර රෙදි දැමීමට යොදා ගන්නා දඬුවක් (Curtain rod) බව පවසා තිබේ. අඩි දෙකහමාරක පමණ දිගක් නම් එය කෙනඩි ඝාතනයේ සැක කටයුතු ගිනි අවිය වන ඉතාලියේ නිෂ්පාදිත බෝල්ට් ඇක්ෂන් රයිෆලයට වඩා කුඩා බව තහවුරු වේ. එහෙත් පරිශීලනය කළ කිසිදු මූලාශ්‍රයක මෙම තිර රෙදි දඬුව ඝාතනයෙන් පසුව දුටු අයෙකු හෝ ඒ පිළිබදව පැවසීමක් සිදුනොවන නිසා ඔස්වල්ඩ් එදින රැගෙන ගියේ මෙම කියනා දඬුවද එසේත් නැතහොත් අදාල ගිනි අවිය හෝ වෙනත් ගිනි අවියක්ද යන්න 100% සනාථ කළ නොහැක්කා සේම, Lesley Frazier ද ඝාතනයෙන් පසුව අත්අඩංගුවටද ලක්වූයේ ඔහු පිළිබදවද සැක කරමිනි.කෙසේවෙතත් අපූරුම කාරණයක් වන්නේ අදාල ගිනි අවිය ඔස්වල්ඩ් විසින් පත්තු කළ බවට ඇති සාධකද නොමැති තරම්වීමයි. එහි සටහන්ව තිබූ ඇඟිලි සලකුණු සහ අල්ලේ සටහන ව්‍යාකූල වූ අතර එය ඔස්වල්ගේ යයි සනාථ කිරීමට ඔස්වල්ඩ් මිය යන අවස්ථාවේ පවා නොහැකිව තිබූ කාරණයක් විය. තවද ගිනි අවියක් පත්තු කළේ නම් එයින් විසිරෙන වෙඩි බෙහෙත් ඉතා කුඩා ප්‍රමාණයෙන් අදාල වෙඩික්කරුවාගේ අතේ මැනික් කටුව පෙදෙසේ ගෑවී තිබිය යුතු මුත් ඔස්වල්ගෙන් එවන් සාක්‍ෂියක්ද ලැබී නොතිබුනි.පශ්චාත් මරණ පරීක්‍ෂනයෙන් පසුව සිරුර ඩලස්හි තිබූ Funeral Home ආයතනයක් වෙත ගෙනගොස් පැයක් යන්නට ප්‍රථම ඇමරකානු රහස් ආරක්‍ෂක අංශයක හෝ අංශ කිහිපයකට අයත් නිලධාරීන් පැමිණ ඔස්වල්ඩ්ගේ මළසිරුරේ අත්ලේ සටහන් ලබාගත් බව එම ආයතනයේ හිමිකරු පසුව පවසි සිටි අතර පසුකලෙකද පැමිණි නිලධාරීන් පිරිසක්ද ඔහු හමුවී පවසා සිටියේ එදා Fort Worth සුසාන භූමියේ භූමදානය කළේ පොලිස් ස්ථානයේදී වෙඩි වැදී මිය ගිය තැනැත්තාමදැයි තමන්ටද සැකයක් පවතින බවයි.ලී ඔස්වල්ඩ් හාවිගේ බිරිඳ වූ මරීනා හටද සිය ස්වාමියාගේ සිරුර මෙම ස්ථානයේ නොතිබෙන්නේදයි සැකයක් මතුව තිබින. ඇයගේ ඉල්ලීම පරිදි ඔස්වල්ඩ් මියගොස් වසර 18 කට පසුව එනම් 1981 දී සිරුර නැවත ගොඩගත් අතර උක්ත සොහොන කිසියම් පිරිසකගේ සෑරීමකට ලක්ව තිබෙන බවට සාක්‍ෂිසේම මල සිරුරින් හිස වෙන්කර තිබෙන බවක් දුටු අතර ඉහත පැවසූ Funeral Home ආයතනයේ හිමිකරු පැවසූ පරිදි මුලින් මළසිරුර තමන් හට භාරදෙන අවස්ථාවේ හිසෙහි පශ්චාත් පරීක්‍ෂනයක් නොපැවැත්වූ බවක් තිබුනද මෙවර එහි එවන් ලක්‍ෂනද දුටු බව පැවසූහ.දැන් තිබෙන හිස සහ අනෙකුත් කොටස් ඔස්වල්ඩ්ගේමදැයි දැන ගැනීමට ඔහුගේ දන්ත වාර්තා හා සසදා බැළු අතර එවිට එය ඔස්වල්ඩ්ගේම බවට සනාථ විය. පසුව තවත් ආරක්‍ෂක විදිවිධාන සහිතව සිරුර වලලා දමන ලදි. අදටද මරීනා පවසන්නේ තම ස්වාමියා ජනපති කෙනඩි ඝාතනයේ වරදකරු නොවන බවයි.htmlකෙනඩි ඝාතනය, පොලිස් නිලධාරී Tippit ඝාතනය හා ඔස්වල්ඩ්ගේ ඝාතනයද අභිරහස් ගොන්නකින් පිරී පවතින්නකි. කෙනඩි ඝාතනය පිළිබදව ඇගිල්ල දික්වුන කිහිප දෙනෙකුම සිටිති. ලී ඔස්වල්ඩ් හාවි හා ඔහුගේද සම්බන්ධතාව තිබූ කියුබන් කස්ත්‍රෝ විරෝධීන් සේම, ෆිදෙල් කස්ත්‍රෝගේ මෙහෙයවීම යටතේ කස්ත්‍රෝ හිතවාදීන් මෙය කළ බවට සමහරු සිතති. තවත් අය සෝවියට් දේශයේ මෙහෙයවීමෙන් මෙය කළ බව සිතති. තවත් අය මෙය මාෆියා සංවිධාන වල මෙහෙයවීමෙන් මෙය සිදුකළ බවට ප්‍රභල සැකයක් තිබේ. එයට හේතු ගණනාවකි. කෙනඩි පවුලට දීර්ඝ කලෙක පටන් මාෆියා සංවිධාන සමග සබඳතා තිබු බවට සාක්‍ෂි බොහෝ වේ. වෙනෙකක් තබා ජෝන් එෆ් කෙනඩි හට ජනපති පුටුවට යන්තම් ජයකින් හෝ පැමිණීමට මාෆියා සංවිධානද ඉතා පිටුවහල් වූ බවට සාක්‍ෂි ඇත. එහෙත් ජනපති පුටුවට පැමිණි පසු කෙනඩි පාලන තන්ත්‍රයේ නීතිපති තනතුරට පත් වූ ජනපති කෙනඩිගේ බාල සොහොයුරු රොබට් එෆ් කෙනඩි මාෆියා හා සංවිධානාත්මක අපරාධ කෙරෙහි දැක්වූ දැඩි පිළිවෙත නිසා 1962-1963 අතර කාලය වන විට ඇමරිකානු මාෆියා ව්‍යාපාරයන් නැත්තටම නැතිවෙන තත්ත්වයට පත්ව තිබුනේය.කෙනඩි පවුලට බොහෝවිට උදව් උපකාර කළ මෙවන් පාතාල සංවිධානවලට එරෙහි වීම බියකරු අත්දැකීමක් ගෙන දෙන්නටද යම්විටක හේතුවන්නටද ඇත. තවෙකක් තබා නිව්ඕර්ලියන් මාෆියා නායක Carlos Marcello යන අයව 1961 දී ග්වාතමාලාවට පිටුවහල් කළ අතර පසුව ඔහු නැවත ඇමරිකාවට පැමිණීමට අවස්ථාව ලබා ගත්තේය. එහෙත් ඔහු පැමිණුනේ දැඩි වෛරයක් කෙනඩි සොහොයුරන් කෙරේ හිතේ තබාගෙනය. මාෆියා සංවිධානවලට ප්‍රභලම සතුරා වූයේ රොබට් එෆ් කෙනඩි වූවත් ඔහුව ඝාතනය කරනු ලැබුවහොත් ඒ සම්බන්ධයෙන් ජනපතිවරයා දැඩි ලෙස පළිගනු ඇති බව වටහා ගත් මොවුන් ජනපතිවරයා ඝාතනය කිරීම හරහා රොබට් එෆ් කෙනඩි අඩපණ කර දැමීමට සිතුවා වන්නට ඇති බව ඇතමෙකුගේ මතයයි. තවත් අපූරුම කාරණයක් වන්නේ ඇමරිකානු මාෆියා සංවිධාන හා CIA ආයතනය අතර නිහඬ සබදතාවයක් එකල තිබූ බව පැවසෙන අතර විශේෂයෙන් කියුබාවේ කස්ත්‍රෝ පාලනය ඉවත් කිරීමට CIA ආයතනයට තිබූ එකම “සම්පත“ මාෆියා සංවිධාන බවට මතයක් තිබේ. මන්ද කස්ත්‍රෝ පාළනයට පැමිණෙන විට කියුබාවේ කැසීනෝ, ගණිකා ව්‍යාපාර, මත් ද්‍රව්‍ය වෙළඳාම යනාදිය බොහෝමයක් පවත්වාගෙන ගියේ ඇමරිකානු මාෆිවා සංවිධාන විසිනි. ඉතින් කස්ත්‍රෝ පාළනයත් සමග එම මුදල් ඉපැයීම් අහිමිවීම ගැන එම සංවිධාන තුල තිබුනේ බලවත් නොසතුටකි. මේ නිසා මාෆියා සංවිධාන, එමෙන්ම CIA ආයතනය හා ඔවුන් අතර තිබූ නිහඬ සබඳතාවය කෙනඩි ඝාතනයේදී ප්‍රභල සැකකාරකයකි.කෙනඩි ඝාතනය සමග ඈදෙන තවත් නමක් නම් උපජනාධිපතිධූරය හෙබවූ ලින්ඩන් ජොන්සන් නාමයයි. ලින්ඩන් ජොන්සන් යනු කෙනඩිට සාපේක්‍ෂව අත්දැකීම් බහුල දේශපාලනඥයෙකි. ඔහු කෙනඩිට වඩා වසර 10 කින් දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයෙකු විය. එහෙත් කෙනඩි මෙන් ධනවත්, බලවත් හා ප්‍රභූ පවුල් පසුබිමක් නොවුනා සේම දේශපාලන දිවය සඵල කර ගැනීමට විවිද යටිසූත්තර වැඩද ඔහු දියත් කළ බව සදහන්ය. කෙනඩිට ජනාධිපතිධූරයට පත්වීමට ඇතැම්විට මොහුගෙන් ලද සහය නොවූවානම් ඉඩක්නොවන්නටද ඉඩ තිබෙන්නේ ජොන්සන් නියෝජනය කළ ටෙක්සාස් ප්‍රාන්තයෙන් විශිෂ්ඨ ජයක් ලැබීමට ජොන්සන් කළ මෙහෙය සහ ඔහුගේ මිතුරන් වූ ටෙක්සාස් හි තෙල් නිධි හිමිකරුවන් වෙතින් ලද සහයද සැලකිය යුතුවේ.එහෙත් ජනපති කෙනඩි සිය දෙවන ධූර කාලය සදහා තරඟ වැදීමේදී සිය උපජනපතිවරයා ලෙස ජොන්සන් නම් නොකිරීමට බොහෝ ඉඩක් තිබූ බව සදහන් වන අතර එයට හේතු ලෙස ජොන්සන්ගේ වත්කම් ඉපයීම පිළිබදව තොරතුරු සොයා බැලීමට මෙන්ම ජොන්සන්ගේ දේශපාලනයේ රහස් සහ ක්‍රියාකාරකම් විමර්ශනය කළ හා හෙළිකළ ඇතැම් පුද්ගලයන්ගේ අභිරහස් මිය යාම් සමග ජොන්සන් පිළිබදවද සැක මතුව තිබීමයි. යම් හෙයකින් මේ කරුණු කාරණා පිළිබදව සොයා බැලීම දිගටම සිදුවූයේ නම් ඔහුගේ දේශපාලන දිවිය අවසන් වනවා පමණක් නොව සිරභාරයටද පත්වීමට ඉඩකඩ තිබූ නිසා සිය ප්‍රදේශයේදීම (ටෙක්සාස්) කෙනඩි ඝාතනය ලේසියෙන්ම කරවූ බවට සැක මතුවේ. එසේම ඔස්වල්ඩ් රෝහලට රැගෙන ආ පසුව ගර්ජනාවක් වැනි කටහඬකින් “මම ජනාධිපති කථා කරන්නේ, කෝ රෝහලට ගෙනා මිනිහගෙන් පාපොච්ඡාරණයක් ගත්තාදැයි“ වෛද්‍යවරුන්ගෙන් විමසූ බව සදහන්වේ. කෙනඩි ඇවෑමෙන් පත්වූ ලින්ඩන් බී ජොන්සන්ට එවැනි හදිස්සියක් ඇතිවූයේ මන්ද. මේ පිළිබදව වඩාත් තොරතුරු The Men Who killed Kennedy වාර්තාමය චිත්‍රපටි මාලාවේ නමවැන්න වන "The Guilty Men" හි අන්තර්ගතවේ.ජනපතිවරයා මිය ගිය පසු ඒ බව පාර්ක්ලන්ඩ් රෝහලේදී මාධ්‍යයට දැන්වූ ජනපති මාධ්‍ය ප්‍රකාශකයා ජනපති මියගියේ ඔහුගේ දකුණු පස නළල හරහා ගිය වෙඩි උණ්ඩයකින් බව පැවසුවත් පසුව ඇමරිකානු බලධාරීන් එය හිසේ පසුපසින් එල්ල වූ වෙඩි උණ්ඩයකින් බව පැවසූහ. එයද ප්‍රහේලිකාවකි. තවද ඇමරිකාවේ පළපුරුදු සහ කීර්තිමත් අධිකරණ වෛද්‍යවරුන් සිටියද අත්දැකීම් අඩු සහ නිපුනත්වයෙන්ද අඩු නාවික වෛද්‍යවරයෙකු හරහා පශ්චාත් මරණ පරීක්‍ෂනය සිදුකිරීම වැනි කාරණා ලිහාගත නොහැකි ගැටවැනිය.අනිත් පැත්තෙන් වෙඩි තැබීම සිදුවූ පසු ඔස්වල්ඩ් ටෙක්සාස් පාසල් පොත් ගබඩාවෙන් කලබලයෙන් නික්මීම, එදින උදෑසන සිය මඟුල් මුදුව නිවසේ තබා පැමිණීම, ඔස්වල්ඩ් අත්අඩංගුවට ගන්නා විට මෙක්සිකෝවට යෑම සදහා වූ Greyhound බස් සමාගමට අයත් ටිකට් පතක් සහ මුදල් සතුවීම යනාදී කාරණා නිසා ලී හාවි ඔස්වල්ඩ්ටද මෙම ඝාතනයේ කොතනැක හෝ තැනක සම්බන්ධයක් තිබෙන බවක් පෙනෙයි.කෙනඩි ඝාතනය සමග මෙම පැවසූ අයගේ නම් සේම ජනපතිවරයෙකු වූ රිචඩ් නික්සන්ගේ නම මෙන්ම හිටපු ජනපතිවරයෙකු සේම කෙනඩි ඝාතන සමයේ CIA ප්‍රධානියෙකු වූ ජෝර්ජ් බුශ්ගේ නමද ඍජු හෝ වක්‍රාකාරයෙන් ගෑවී තිබුනි.කෙනඩි ඝාතනය, ලී ඔස්වල්ඩ් හාවි ඝාතනය යනාදිය තවමත් ලිහා ගත නොහැකි ගැටළු සහගත කාරණාය.මෙම ලිපිපෙලේ අවසානය සනිටුහන් කිරීම මේ අවස්ථාවේ සුදුසු යයි සිතමි. විශාල මූලාශ්‍ර සංඛ්‍යාවක් මේ ලිපි ලිවීම සදහා පරිශීලනය කළ අතර මේ ඒවයින් කිහිපයකි.
BLOG
2014.03.28
http://sathsamudura.blogspot.com/
20 වන සියවසේ ලොකුම ඇමරිකානු අභිරහස-1
Dinesh Guruge
මේ මාතෘකාවෙන් පැවසුන විදියට20 වන සියවසේ ලොකුම ඇමරිකානු අභිරහස මොකක්ද කියල කියනවානම් එය තමයි ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ඝාතනය. මීට වසර 50 කට යන්තම් වැඩි කාලයකදී, එනම් 1963 නොවැ. 23 වනදා දහවල් 12.30 ට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ, ඩලාස් නගරයේ, Dealey Plaza නම් ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ එරට නායකයාගේ වියෝව සමග ඇමරිකාව තුල සාමාන්‍ය ජනතාවටද දැනෙන බොහෝ සුභවාදී වෙනස්කම් රැසකද අභාවයට හේතුවක් වූ බව බොහෝදෙනෙක් විශ්වාස කරන දෙයක්.එදා ටෙක්සාස් හි ඩලාස් හි මහමගදී වෙඩි ප්‍රහාර තුනකින් මෙම ඇමරිකානු බලාපොරොත්තුවේ මුදුන් මූලය ඉදිරී වැටුන බව සදහන් වූවත් එය නොපිළිගන්නා පිරිස් අදටත් වෙති. පැවසූ පරිදි මෙම වෙඩි ප්‍රහාර ත්‍රිත්වයෙන් මුල් වෙඩිල්ල වැරදුන අතර දෙවැන්න ජනපති කෙනඩිගේ උගුර හරහා ගමන් ගත් අතර තෙවැන්න ඔහුගේ හිසටම එල්ල වූවා. එසැනින් ඉබිගමනින් ගමන් ගත් ඔහුගේ රථය වේගයෙන් කිට්ටුම රෝහල වූ පාර්ක්ලන්ඩ් අනුස්මරණ රෝහල වෙතට ගමන් ගත් අතර එදින දහවල් එකට කෙනඩි ජනපතිවරයා මිය ගිය බවට නිලවශයෙන් දැනුම් දෙනු ලැබුවා. ජනපති කෙනඩිට අමතරව, කෙනඩිට ඉදිරි අසුනේ ගමන්ගත් ටෙක්සාස් ආණ්ඩුකාර ජෝන් කොනලිද මෙම වෙඩි ප්‍රහාර වලින් තුවාල වලට ලක්වූ අතර මෙහිදී ජනප්‍රියම සිද්ධාන්තයක් වූ "Magic Bullet" හෙවත් "Single Bullet Theory" සංසිද්ධියද කරලියට ආවේය ඒ ජනපති කෙනඩිගේ උගුර හරහා ගිය වෙඩි උණ්ඩය සම්මත ගමන්මාර්ගයද වෙනස් කරමින් අංශක ගණන් වලින් හැරෙමින් ගමන් කර ටෙක්සාස් ආණ්ඩුකාරවරයාද තුවාල කළ බවටයි.මෙයද නොපිළිගන්නා පිරිස බහුතරයක් වන අතර ඔවුන්ගේ තර්කය වනුයේ මුලින් කී වෙඩි උණ්ඩවලින් මඟහැරුන ප්‍රහාරය ලෙස සැලකෙන පළමු උණ්ඩය ගමන් කළේ කොනලිට තුවාල සිදුකරමින් බවටයි. එසේම තවකෙකු පවසන්නේ පළමු උන්ඩය කෙනඩිගේ උගුර හරහාද, එයින් පසු ඔහු උගුර අල්ලාගෙන එක්පසකට නැවෙන නිසා දෙවන වෙඩිල්ලට නිරාරණය වූයේ කොනලි බවත්ය. කෙසේවෙතත් තෙවැන්න ජනපති කෙනඩිට මාරන්තික ප්‍රතිඵල ගෙන දුන්න බවක් පැවසුනද. එම වෙඩිල්ල තබනු ලැබුවේ වෙඩික්කරුවා සැඟවී සිටි බවට සැලකෙන ටෙක්සාස් පාසල් පොත් ගබඩාවේ සයවන මහලින් නොව කෙනඩිට ඉදිරිපසින් තිබූ තණගෛාල්ලට (Grassy Knoll) යාබද ලී වැටට මුවාවී සිටි ඝාතකයා විසින් කෙනඩිගේ දකුණු නලලම ඉලක්ක කර බවටයි.ප්‍රභල ලෙස සැකයට පාත්‍ර වූ අදාල Grassy Knoll නම් ස්ථානයමෙම අභාග්‍ය සම්පන්න සිදුවීමෙන් පසුව, ඇමරිකානු ජනපතිපුටුව භාරවූ කෙනඩිගේ උපජනාධිපති ලින්ඩන් බී ජොන්සන් සපථ කර සිටියේ කෙනඩිගේ ඝාතනයට සම්බන්ධ සියල්ලම සොයා ගන්නා බවයි. ඔහු එම පොරොන්දුව ඉටු කරමින් ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු Earl Warren ගේ සභාපතීත්වයෙන් යුතු කොමිසමක් පත් කළ අතර සුප්‍රසිද්ධ Warren කොමිසම නම් වූයේ එයයි. එහෙත් එම නම එම කොමිසමේ නිල නාමය නොවීය.සභාපතිවරයාද ඇතුළුව කමිටු සාමාජිකයන් හත් දෙනෙකළ ප්‍රධාන උපදේශකවරයෙකු, අතිරේඛ උපදේශකයන් 14 දෙනෙකු සහ සහායක කාර්යය මණ්ඩලයේ 12 දෙනෙකුගෙන්ද සමන්විතවූ මෙම කමිටුවේ අවසාන වාර්තාව පිටු 889 ක් විය. මෙම වාර්තාව 1964 සැප්. 24 වනදා ජනපති ලින්ඩන්ට ලබා දුන් අතර එයින් දින තුනකට පසු එය පොදුවේ සියල්ලටම බලා ගැනීමට එළි දක්වන ලදි. මෙම කමිටුවේ අනෙකුත් කැපී පෙනුනම සාමාජිකයන් ලෙස 70 දශකයේදී ඇමරිකාවේ 38 වන ජනපතිවරයා බවට පත්, එවකට සෙනෙට් සභිකයෙකු වන ජෙරල්ඩ් ෆෝර්ඩ් සහ අසාර්ථක Bay of Pig මෙහෙයුමෙන් පසු සේවයෙන් ඉල්ලා අස්වීමට ජනපති කෙනඩි විසින් බලකරනා ලද CIA ප්‍රධානී Allen Dulles දැක්විය හැකි අතර ලින්ඩන් බී ජොන්සන්ගේ හිතෛශියෙකු සේම කෙනඩි විසින්ම ඉවත්කරන ලද හිටපු CIA ප්‍රධානියා කෙනඩි පිලිබදව යහපත් ආකල්පයකින් නොසිටින පුද්ගලයෙකු වීමට ඉඩකඩ ඇති නිසා, ඔහු මෙහි සාමාජිකයෙකු වීම මෙම කොමිසමේ ක්‍රියාකාරීත්වය හා එහි අවසාන ප්‍රතිඵලය සැකසහිත වීමට එක්තරා අයුරිකින් සහේතුක විය.අනෙක් අතින් කොමිසමේ ක්‍රියාකාරීත්වය අනුව ඔවුන්ට අවශ්‍ය වූයේ කෙනඩි ඝාතනයේ වගකීම මුළුමනින්ම නිල ඝාතකයා ලෙස සැලකුන ලී හාවී ඔස්වල්ඩ් විසින්ම කළ බවට තහවුරු කිරීම මිස මෙම ඝාතනයට හේතුවු යථාර්ථවාදී කාරණා සහ මෙයින් විපුල ඵල නෙලා ගන්නේ කවුරුන්ද යන්ද සත්‍ය වශයෙන්ම සොයා ගැනීම නොවූ බවට සැක සහිත කාරණා බොහෝ ඇති කළේය. උදාහරණයක් ලෙසට කෙනඩි ඝාතනයෙන් යන්තම් දින දෙකකට ආසන්න කාලයකදී, ලී හාවී ඔස්වල්ඩ්ව, ඩලස් පොලිස් ස්ථානයේ බිම් මහලේදී ඝාතනය කළ, රාත්‍රී සමාජ ශාලා හිමිකරුවෙකු හා ඇමරිකානු මාෆියා සංවිධාන සමගද සම්බන්දකම් තිබු බවට සැලකෙන ජැක් රූබීගෙන් සත්‍ය හෙළිකර ගැනීමට තිබු අවසාන අවස්ථාවද හිතාමතාම පැහැර හැරියාදෝ යන සාධාරණ සැකයක් තිබේ. මන්ද තමන් මේ කෙනඩි ඝාතනයේ අගමුල තැන් ගැන දන්නා බවත් එය මෙහිදී එනම් ඩලස් සිපිරි ගෙය තුලදී හෙළ කළ නොහැකි බවත්, තමන් වොෂින්ටන් වෙත රැගෙන යන්නේ නම් එම කාරණා හෙළි කිරීමට සූදානම් බව මෙම කොමිසමේ සාමාජිකයන් වන සභාපති වොරන් විනිසුරු සහ සෙනෙට් සභික ජෙරල්ඩ් ෆෝර්ඩ් ඔහුගෙන් සාක්‍ෂි විමසීමට ගිය අවස්ථාවේ ප්‍රකාශ කරන ලදි. එහෙත් ඔවුන් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර පවසන්නට දෙයක් තිබේ නම් මෙහිදීම පවසන ලෙස බලකරනවා විනා සත්‍ය කෙසේ හෝ දැන ගැනීමේ අවශ්‍යතාවයක් නොවූ බවට මතයක් තිබේ.කෙනඩි ඝාතනයට සම්බන්ධ යයි සැක කළ බොහෝ දෙනෙකු කෙනඩි ඝාතනයට පසුව විවිදාකාර හේතුන් නිසා අභිරහස් ලෙස මරණයට පත්වීම හෝ අසාධ්‍ය රෝගාබාදවලට ලක්ව මියයාම හෝ අතුරුදන් වීම සිදුවූ අතර විශේෂ අසනීපයකින් නොසිටි මෙම ලී හාවී ඔස්වල්ඩ් ඝාතකයාද පිළිකාවකට ගොදුරුව 1967 ජනවාරි 03 වනදීන මියගියේ තවත් සැකසංකා ඉතිරි කරමිනි. ඔහු තම රෝගය අසාධ්‍යව මියගියේදී ඩලස් හි පාර්ක්ලන්ඩ් අනුස්මරණ රෝහලේදී වන අතර ඔහු විසින් වෙඩි තබන ලද ලී හාවී ඔස්වල්ඩ්ද මිය ගිය අතර ජනපති කෙනඩිගේ අභාවය නිලවශයෙන් ප්‍රකාශ කිරීමද එහිදීම සිදුවීම දෛවෝපගතය.කෙනඩි ඝාතනයත් සමග සැක සහිත බව කියවෙන ලී හාවී ඔස්වල්ඩ් සේම, ඇමරිකානු හමුදාවේ හිටපු මේජර්වරයෙකු සහ පසුව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ Clay Shaw, හිටපු ගුවන් හමුදා භටයෙකු වන David Ferrie, හිටපු FBI ඒජන්තවරෙයකු වන Guy Banister ඇතුළු තවත් කිහිපදෙනෙකු පිළිබදව මෙම බිහිසුනු ඝාතනයේ හවුල්කරුවන් වූ බට, මෙම ඝාතනය සම්බන්ධයෙන් තනිවම යුක්තිය ඉටුකරළිම උදෙසා සටන් කළ නිව්ඕර්ලියන් ප්‍රාන්තයේ ප්‍රධාන නීති නිලධාරී Jim Garrison ගේ පැසසුම්සහගත ක්‍රියාදාමයේදී හෙළිවූ කරුණුය.1939 ඔක්. 18 දින ඇමරිකාවේ උපත ලද ලී හාවී ඔස්වල්ඩ් තරුණ වයස එළඹෙත්ම ඇමරිකානු නාවික හමුදාවට බැදී මැරීන් භටයෙකු ලෙස සේවය කරනු ලබන්නේ ජපානයේ වන අතර ඒ රේඩාර් යන්ත්‍ර නිරීක්‍ෂකයෙකු ලෙසිනි. සත්‍යවශයෙන්ම පවසනාව නම් ඇමරිකාව විසින් රහසිගතව පවත්වාගෙන ගිය ජපාන ගුවන් හමුදා කඳවුරක සිට ඔහු නිරීක්‍ෂනය කරනු ලබන්නේ, ඇමරිකාව විසින් සෝවියට් දේශයේ රහස් බැලීම සදහා දියත් කරනු ලබන U-2 ඔත්තු බලන ගුවන් යානා වල මෙහෙයුම් පිළිබදවයි. 1959 ඔක්. දී ඔහු සෝවියට් දේශයට යන අතර එහිදී ඔහු ඇමරිකානු තානාපති කාර්යාලය වෙතට ගොස් සිය ඇමරිකානු පුරවැසිභාවය අහෝසිකරන ලෙසත් තමන් එතැන් පටන් සෝවියට් පුරවැසියයෙකු ලෙස කල්ගත කරන බවත් පවසන්නේ ඇමරිකානු නිලධාරීන් තවදුරටත් මෙම තීරණය පිිළිබදව සලකා බලන ලෙසට කරන ඉල්ලීමද පසෙකලමිනි. ඔස්වල්ඩ් ඉන්ඉක්බිති සෝවියට් නගරයක් වන මින්ස්ක් ආශ්‍රිතව වාසය කරමින් සිටින අතරවාරයේ එහි සිටි රූමත් තරුණියක වන මරිනා නිකොලයෙව්නා සමග ඇතිවන මිත්‍රත්වය කෙළවරවන්නේ ඇය ඔහුගේ බිරිද බවටද පත්වෙමිනි.ඔස්වල්ඩ්ගේ බිරිඳ මරිනා සිය දරුවන් දෙදෙනාද සමගින්ඔස්වල්ගේ ජීවිතය, ක්‍රියාකාරීත්වය යනාදිය සෑමවිටකම තවදුරටත් තේරුම්ගත නොහැකි අභිරහසක් බව පසක් කරමින් ඔහුට 1962 ජූනි මාසයේදී නැවත ඇමරිකාවට පැමිණිමට අවසර ලැබෙන්නේ ඔහු විසින් වරක් ප්‍රති‍ක්‍ෂේප කළ පුරවැසිභාවයද නැවත ලැබෙමින් පමණක් නොව සිය බිරිද හා ඒ වන විට ඔවුන්ට ලැබී තිබු දරුවන් දෙදෙනාටද ඇමරිකානු භූමියට පිවිසීමේ වරමද උදාවෙමිනි.මෙයද ගැටළුකාරී තත්ත්වයකි. සීතල යුද සමයේ තමන්ට පසමිතුරන් වූ ප්‍රධානතම රටේ වාසයට ගිය සහ තමන්ගේ සංවේදීම තොරතුරු කිට්ටුවෙන්ම ඇසුරු කළ හමුදා සාමාජිකයෙකුට එසේ පහසුවෙන්ම නැවත සියරටට පැමිණීමට ඉඩකඩ ලබාදීමද ප්‍රශ්නකාරී තත්ත්වයකි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ඇතමෙකු පවසන්නේ කෙනඩි ඝාතනයට මුලසිටම සැකයට පාත්‍රවූ CIA සංවිධානයම ඔස්වල්ඩ් කල්ඇතුවම සෝවියට් දේශයට යවා ඔහු සමාජවාදියෙකු බවට බෞතීස්ම කොට දුරතියාම සැලසුම් කළ කෙනඩි ඝාතනය කස්ත්‍රෝ පක්‍ෂපාතී අයෙකු විසින් කළ බවට ඒත්තු ගැන්වෙන සේ කටයුතු සම්පානදනය කළ බවටයි. මේ බවට තවත් ප්‍රභල සාක්‍ෂි සපයමින් ඔවුන් පවසන්නේ 1963 අගෝ. 16 වනදා නිව්ඕර්ලියන්ස් හිදී ප්‍රසිද්ධියේම “කියුබාවට අතනොපවනු“ තේමාව යටතේ කියුබාවට පක්‍ෂපාතී පත්‍රිකා බෙදීමටද ලී ඔස්වල්ඩ් සම්බන්ධවීම‍ සහ එහිදී කියුබානු විරුද්ධවාදීන් සමග ඇතිවුන ගැටුම් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම තුලින් ව්‍යාජ කස්ත්‍රෝ පක්‍ෂපාතීත්වය සහ කෙනඩි පරිපාලණයට ඔහුගේ ඇති අකමැත්ත සම්බන්ධයෙන් නිල වටිනාකමක් ලබා දීමට කටයුතු කළ බවටයි.තවත් ප්‍රභලතම කාරණයක් වන්නේ 1963 සැප්. 26 වනදා මැක්සිකෝව බලා යන ඔස්වල්ඩ් 27 වනදා එහි අගනුවර පිහිටි කියුබානු තානාපති කාර්යාලය වෙත ගොස් කියුබාවට පිවිසීමට වීසා ඉල්ලුම් කරනු ලබයි. එතැන් සිටි දින 5 ගතවනතුරු මේ සම්බන්දයෙන් සාකච්ඡා පැවැත්වුවද එහිදී තානාපති කාර්යාලය වෙතින් වීසා ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරනු ලබන අතරම මේ නිසා ඔස්වල්ඩ් හා අදාල තානාපති කාර්යාලයේ නිලධාරී්න් අතර උණුසුම්වාද විවිද පවා සිදුවූ බව පැවසේ. ඔස්වල්ඩ් අවශ්‍ය වූයේ කියුබාව හරහා නැවත සෝවියට් දේශයට යෑමට බව පැවසෙන අතර මේ සම්බන්ධයෙන් සෝවියට් තානාපති කාර්යාලයෙන් ලැබිය යුතු සහය නොලැබීම අදාල ඉල්ලුම් පත අහකදැමීමට හේතු වූ බවත් පැවසේ. කෙසේවෙතත් ඉන් ස්වල්ප දිනකට පසු එනම් ඔක්.18 වනදා ඔහුගේ වීසා ඉල්ලුමට අනුමැතිය ලැබුනත් ඒ වන විට ඔහු නැවත ඇමරිකාවට ගොස් තිබුනි. තවත් විශ්මය දනවන කාරණයක් වන්නේ කෙනඩි ඝාතනයට දින 11 කට පෙර ඔස්වල්ඩ් විසින් ඇමරිකාවේ සෝවියට් තානාපති කාර්යාලය වෙත යවනු ලැබූ ලිපියක සදහන් කරුණකි. එනම් “බලාපොරොත්තුවූ ලෙස හවානා හි පිහිටි සෝවියට් තානාපති කාර්යාලය වෙත යෑමට හැකිවූයේ නම් අපගේ කාර්යය සඵල කර ගැනීමට හැකියාව තිබූ බවයි“("Had I been able to reach the Soviet Embassy in Havana, as planned, the embassy there would have had time to complete our business.")ලී ඔස්වල්ඩ් හාවිට කියුබාවේ සෝවියට් තානාපති කාර්යාලයේදී ඉටුකරගැනීමට තිබූ එම වැදගත් කාර්යය කුමක්ද.වොරන් කොමිසම පමණක් නොව එම කොමිසම පිළිබදව පැන නැගුන විවේචන නිසා කෙනඩි ඝාතනය ගැන1976 පත් කළ සහ 1978 දක්වා විමර්ශන කටයුතු කළ The United States House of Representatives Select Committee on Assassinations (HSCA) කොමිසම පවා අවසාන වශයෙන් පැවසුවේ ලී ඔස්වල්ඩ් හාවි හෝ එම නම දරන වෙනත් අයෙකු මැක්සිකෝවේ අගනුවර මෙම කාල සිද්ධියට අදාල කාලසමයේ සිටින්නට ඉඩ ඇතිමුත් ඔහු කියුබානු තානාපති කාර්යාලයෙන් උක්ත කාරණවලට අදාල ක්‍රියාකාරකම් සිදුකළ බවට සොයාගැනීමට ප්‍රමාණවත් දත්ත නොමැති බව හෝ සොයාගැනීමට නොහැකි බවයි. එය එසේ වුනිද. නැතහොත් වොරන් කොමිසම මෙන්ම එයට වඩා එහා ගිය සාධනීය මෙහෙවරක් ඉටුකළ HSCA කොමිසමට පවා තවදුරටත් අදාල ඝාතනයේ සැබෑ ඝාතකයන් ආරක්‍ෂා කරලීමට සත්‍ය සැඟවීමට යම්හෙයකින් අවශ්‍ය වුනිද.තවත් මූලාශ්‍ර වල සදහන් පරිදි ඔහු නිව්මෙක්සිකෝ නගරයේදී කියුබානු තානාපති කාර්යාලයට පමණක් නොව මෙක්සිකෝවේ පිහිටි සෝවියට් තානාපති කාර්යාලයටද ගොස් තිබූ බව සදහන් වේ. මේ බව හොදින් සදහන් වන මූලාශ්‍රයක් ලෙස ඔස්වල්ඩ්ගේ ජීවිතයේ අවසාන පැය 48 පාදක කර ගනිමින් තැනූ 48 Hours to Live වාර්තමය චිත්‍රපටිය දැක්විය හැකි අතරම එහි සදහන් පරිදි සෝවියට් තානාපති කාර්යලයට ගොඩවැදුනා පමණක් නොව ඔහු එහිදි එවකට සෝවියට් රහස් අංශය වූ KGB සංවිධානයේ නියෝජිතයෙකුද හමුවිය. ඔහු නමින්Valeriy Kostikov වූ අතරඑම නියෝජිතයා සාමාන්‍ය අයෙකු නොව බටහිර යුරෝපයේ දේශපාලනික වශයෙන් තමන්ගේ රටට තර්ජනය විය හැකි ක්‍රියාදරයන් ඝාතනය කිරීම හෝ පැහැර ගැනීම භාරව සිටි තැනැත්තෙකු බවද පැවසේ. ඔස්වල්ඩ්ගේ මෙම සියළු ක්‍රියාකාරකම් CIA සංවිධානය අනිවාර්යයෙන්ම දැනසිටිය යුතුය. මන්ද එක් අතකින් එම සංවිධානය ප්‍රභල ලෙස මෙක්සිකෝවේ ක්‍රියාත්මක වූවා පමණක් නොව කියුබන් සහ සෝවියට් තානාපති කාර්යාල වල ක්‍රියාකාරීත්වයන් කෙසේ හෝ නිරීක්‍ෂනයට ලක්කිරීම ඔවුන්ගේ ප්‍රධාන කාර්යයක් වූවාටද සැකයක් නොමැතිවිය යුතුමය. CIA සංවිධානය මේ සම්බන්ධයෙන් පරස්පර තොරතුරු ඉදිරිපත් කළ බව පැවසේ. වරෙක ඔවුන් තම කැමරා මෙම අවස්ථාවේ දෝශ පැන නැගී අක්‍රීයව පැවසූ අතර තවත් විටෙක ඔස්වල්ඩ් ලෙස අදාල තානාපති කාර්යාලවලින් පිටතට පැමිණෙන පුද්ගලයා අප මේ කතා කරන ලී හාවී ඔස්වල්ඩ් නම් නොවීය.CIA සංවිධානය විසින් පෙන්වූ ඔස්වල්ඩ්http://22november1963.htmකෙනඩි ඝාතනයෙන් පසුව FBI ආයතනය කළ චෝදනාවක් වූයේ කලක පටන් තමන් නිරීක්‍ෂනය කළ ලී හාවී ඔස්වල්ඩ්ගේ මෙම මෙක්සිකානු සංචාරයේ පූර්ණ තතු තමන්ට CIA සංවිධානය විසින් නොදැන්වූ බවයි. CIA සංවිධානය තමන්ගේ රහස්, FBI ආයතනයට දැන්වීමට බැදී නොසිටියාද. නැත්නම් හිතාමතා එම රහස් දැන්වීමෙන් වැලකී සිටියාදඝ. එසේත් නැතහොත් FBI ආයතනය එම තොරතුරු දැන සිටියත් එම තොරතුරු , ලී ඔස්වල්ඩ් හාවිගේ ඝාතනයත් සමග ඉහලින් ආ නියෝගයක් අනුව ඔස්වල්ඩ් පිළිබදව පවත්වාගෙන ආ තොරතුරු ගොනුවඉක්මනින් විනාශ කරන ලෙස දැන්වූ අවස්ථාවේ එහි අන්තර්ගත වුනිද. මේ කාරණා වලට කිසිදා පැහැදිලි පිළිතුරක් ලැබුනේ නැත.බොහෝවිට ඔබලාගෙන් බහුතරයක් James. Hosty පිළිබදව නොදන්නවා විය යුතුය. ඔහු FBI ආයතනයේ විශේෂ නියෝජිතයෙකු වන අතර ඔහුට පැවරී තිබූ රාජකාරිය බව පසුව පැවසුනේ ලී හාවි ඔස්වල්ඩ් සෝවියට් දේශයේ සිට 1962 දී නැවත සිය රටට පැමිණි පසු ඔහු පිළිබදව නිරීක්‍ෂනය කරමින් තොරතුරු රැස් කිරීමයි. මුලින් පැවසූ පරිදි ඔහුට ලී ඔස්වල්ඩ් හාවිගේ ලිපි ගොනුව ඔස්වල්ඩ්ගේ ඝාතනයත් සමග ඉහලින් ආ නියෝගයක් අනුව විනාශ කරන්නට සිදුවූ බව HSAC කොමිසමේදී සාක්ෂි දෙමින් පැවසූ අතර වොරන් කොමිසමේදී ඔහුගෙන් මේ පිළිබදව සාක්‍ෂි විමසීමක් සිදු නොකරන ලදි. එසේම තවත් විශේෂිත සිදුවීමක් වූයේ ඔස්වල්ගේ ඝාතනයට පසුව ඩලාස්හී FBI ආයතනයේ ශාඛාවේ රාජකාරී කරමින් සිටි ඔහුව කෙන්සාස් නගරයේ කාර්යාලය වෙත මාරු කර යැවීමයි. මෙම ශාඛා දෙක අතර දුර ආසන්න වශයෙන් කි.මී.814 කි._Hostyබාහිර ලෝකයට ලී හාවි ගේ සහ FBI ඒජන්තවරුන් අතර සබඳතාවය යහපත් එකක් සේ නොපෙනුන එකක් වූ අතර කෙනඩි ඝාතනයෙන් පසුව ඔහුගෙන් ප්‍රශ්න කරන අවස්ථාවේ ඉහත කී FBI ඒජන්තවරයා එම අවස්ථාවට සහභාගී වූ විට ලී හාවි ගේ ප්‍රතිචාරය නුරුස්නාසුළු එකක් වූවේය‍ තවද ඔහු ප්‍රකාශ කර සිටියේ “ඇයි ඔහෙල් මගේ බිරිඳ පිළිබදව සැකයෙන් නිරතුරුව ඇයට කරදර කරන්නේ මන්දැයි“ යනුවෙනි. එහෙත් ඇතැම් තොරතුරු වල ඔස්වල්ඩ් සෝවියට් දේශයේ සිට පැමිණි අවස්ථාවේ සිට කෙනඩි ඝාතනය සිදුවන කාලය අතරතුර කාලයේදී නිව් ඔර්ලියන්හි පිහිටි FBI ආයතනයේ වාහන නවතන ගරාජයේදී එම නියෝජිතයන් නිරතුරු මුණගැසුන බවයි. එම ස්ථානය ඔවුන්ට අමතරව නාවික හමුදා බුද්ධි අංශ වල නිලධාරීන් සේම විවිද රහස් සේවාවන් හා සම්බන්ධ නිලධාරීන් නිතර පැමිණි බව සහ ඔවුන් ඔස්වල්ඩ් හා කතාබහ තිබූ බව එම ගරාජය හිමි හිමිකරුවා පසු කලෙක පවසා සිටියේය.තවත් අතකින් කියවුනේ FBI ආයතනයේ ඇතැම් ව්‍යාපෘතිවල කටයුතු කිරිම සදහා ඔස්වල්ඩ් හට එම ආයතනයෙන් ගෙවීම් පවා ලැබුන අයෙකු බවටයි. එපමණක් නොව ඔහු CIA සංවිධානයේද නිත්‍ය නොවන එහෙත් එහි ඇතැම් මෙහෙයුම් සදහා සම්බන්ධ අයෙකු බවට සැකයක් තිබේ. ඒ බව සනාථ කිරීමට තුඩු දිය හැකි හේතු ගණනාවක් තිබේ. එනම්;නිව් ඕර්ලියන්හිදී, FBI ආයතනයේ හිටපු නියෝජිතයෙකු වන Guy Banister සමග එක්ව කටයුතු කළේ ඇයි. පෞද්ගලික රහස් ඔත්තු සේවාවක් ලෙස පවත්වාගෙන ගිය එම කාර්යාලය Guy Banister සහ අනෙකුත් පිරිස පිටතින් කියුබාවට පක්‍ෂ ලෙසත් එහෙත් සත්‍ය වශයෙන් කියුබානු නායක ෆිඩෙල් කස්ත්‍රෝට එරෙහිව මෙහෙයුම් දියත් කරලීම සදහා අවශ්‍ය ආයුධ රැස්කිරීම හා නුදුරු අනාගතයේ කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීමට මානබලමින් සිටි අන්ත දක්‍ෂිනාංශික සහ CIA සංවිධානයේ අනුග්‍රහය ලැබූ කල්ලියක් බවට ප්‍රභල සැකයන් සහිත සාක්‍ෂි පසුව ඉදිරිපත් විය.http://22november1963.uk/memo-was-oswald-an-fbi-agentලී හාවී ඔස්වල්ඩ් ඇත්තෙන්ම අත්අඩංගුවට ගැණුනේ ජනපතිවරයා ඝාතනයට සැකයෙන් නොව ජනපති ඝාතනයෙන් විනාඩි 45 කට පමණ පසුව සිදුවූවායැයි කියන පොලිස් නිලධාරී J.Tippit ඝාතනය සම්බන්ධයෙනුයි. ජනාධිපතිවරයාට ටෙක්සාස් පොත් ගබඩාව පිහිටි ගොඩනැගිල්ලෙන් වෙඩි තැබූ බවට ලැබුනු තොරතුරු වලට අනුව පරීක්‍ෂා කිරීමට පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්‍ෂක අංශ ඇතුල්වී එහි සේවය කරන්නන් පිළිබදව විමසීමේදී එක් අයෙකු එදින සේවයට වාර්තා කළත් නැවත නිසි අවසරකින් තොරව පිටව ගොස් ඇති බව හෙළිවිය. ඒ පුද්ගලයා නම් ලී හාවි ඔස්වල්ඩ් වූ අතර ජනපතිවරයාට වෙඩි තබා විනාඩි 15 ක් යත්ම කිසිවකු විසින් මේ පිළිබදව සැක සහිත පුද්ගලයෙකුගේ හැඩරුව පිළිබදව පොලිසිය වෙත ඔත්තුවක් ලබාදී තිබුනි. එහෙත් ඒ කවුරුන්දැයි සොයා ගැනීමට නොහැකි වූ අතර එම හැඩරුව සෑම අතකින්ම ගැලපුනේද ලී හාවි ඔස්වල්ඩ් හා සමානවයි.වේටර්වරියක ලෙස සේවය කළ හෙලන් මාකම්, ඔස්වල්ඩ් විසින් පොලිස් නිලධාරී J.Tippit හට වෙඩි තබනු ඇසින් දුටු තැනැත්තියයි. පොලිස් සන්නිවේදනය ජාලය ඔස්සේ අදලා සැක සහිත පුද්ගලයා පිළිබදව තොරතුරු මුදා හැරීමෙන් පසු Dallas හි Central Oak Cliff පෙදෙසේ සෝදිසි කරමින් සිටියදී ඔස්වල්ඩ්ව දැකගන්නට ලැබුන අතර පොලිස් නිලධාරියා සිය රථයේ සිටම ඔහුට රැදෙන ලෙස පවසමි්න් රථයෙන් එලියට පැමිණ මදක් ඉදිරියට ගමනකරනවාත් සමග ඔස්වල්ඩ් විසින් සිය The snub-nosed Smith & Wesson "Victory" Model .38 Special revolverඅවියෙන් වෙඩි තැබූ බව හෙලන් මාකම් සාක්‍ෂිකාරිනිය විසින් පවසන ලදි. එපමණක් නොව හදුනාගැනීමේ පෙරට්ටුවේදී ඇය විසින් ලී ඔස්වල්ඩ් හාවි අදාල වෙඩික්කරු බවට හදුනාගනු ලැබීමද සිදුවිය. ඇය ඇතුළුව දස දෙනෙකුට ආසන්න පුද්ගලයන් පිරිසක් විසින් ඔස්වල්ඩ් මෙම ඝාතනයට සම්බන්ධ බවට හදුනාගනු ලැබූ අතර එම අයගේ සාක්‍ෂි අනුව ඔස්වල්ඩ් විසින් වෙඩි වැදී බිම වැටී සිටි පොලිස් නිලධාරියා අසලට ගොස් ඔහුගේ හිසටම වෙඩි තැබූ බවද ප්‍රකාශ විය.com/2013/03/07/jfk-why-buell-wesley-frazier-was-erased-from-altgens6/තවත් කාරණා ඊලග ලිපියේදී.
BLOG
2014.01.08
http://sathsamudura.blogspot.com/
ආර්ථිකය, කලාව, දේශපාලනය හා පාතාලය සමග කෙනඩි පවුල යාවුන හැටි....
Dinesh Guruge
මෙම ලිපියද පසුගිය "අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු" ලිපිය හා සම්බන්ධවේ.කෙනඩි පවුලේ දරුවන්ගේ විවාහ කටයුතුද සිදුවිය යුතු වූයේ කෙනඩි පවුලට සෑම අතින්ම ප්‍රයෝජනවත් පවුලකින් වියයුතු බව ජෝ කෙනඩි (ජ්‍යෙෂ්ඨ) ගේ නිගමනය විය. මෙම විවාහයන් හරහා මෙන්ම ඔවුන්ට සම්බන්ධ අනෙකුත් නෑදැහිතමිතුරන් ඔස්සේ කෙනඩි පවුලට ඇමරිකානු ආර්ථිකය, කලාව, දේශපාලනය හා පාතාලය සමගද සබඳතාවයන් වර්ධනය කර ගත්තේය.ජනපති කෙනඩි විවාහ වූ ජැකී බොව්වියර් ඇමරිකාවේ ඉතා ධනවත් කතෝලික පවුලකට අයත් තැනැත්තියක් වූ අතර ඇය බුද්ධිමත්භාවයෙන්, රූපයෙන්, ධනයෙන් මෙන්ම සැබෑවටම ඇමරිකානු ඉහල පැලැන්තිය නියෝජනය කරන්නියක් විය. ඇයගේ පියා වූ John Vernou ‘Black Jack’ Bouvier ඇමරිකාවේ ඊසාන දිග ප්‍රදේශයේ ඉඩකඩම් රැසකට හිමිකම් කියු ධනවත් තැනැත්තෙකු විය. ඇයව ජැක් කෙනඩි හට හමුවූයේ වොෂින්ටන් හිදී මාධ්‍යෙවදිනියක ලෙස ඡායාරූපකරණයේ නිරතවෙමින් සිටියදීය. ඔවුන් දෙදෙනා 1953 සැප්. 12 වනදා විවාහ දිවියට පත් වූ අතර ජැකී තුල අනාගතයේ ජනාධිපති ආර්යාවකට අවශ්‍ය හැඩතල සියල්ලක්ම ඒ අවධියේ සිටිම තිබූ බවද පැවසේ. සැබැවින්ම ඇමරිකානු ඉතිහාසයේ ඇය තරම් ආකර්ශනයට, කතාබහට හෝ ප්‍රසිද්ධියට පත්වූ ජනාධිපති ආර්යාවක් නොවීය.JFK හට සිය විවාහයෙන් මෙන්ම සිය සොහොයුරු රොබට් කෙනඩිගේ (බොබී) විවාහය හරහා වූ ඥාති සබඳතා ඔස්සේද ඇමරිකානු ආර්ථිකයේ ශක්තිමත් ස්ථාවරයක් තිබූ ව්‍යාපාරිකයන් සමග සබඳතා ඇති කර ගැනීමේ අවස්ථා ලැබී තිබුනි. රොබට් කෙනඩි විවාහ වූ Ethel Shakel ගේ පියා එරට දැවැන්ත සමාගමක් වූ the Great Lakes Carbon Corporation නම් වූ සමාගමේ හිමිකරුවා විය.දේශපාලනයට ඇති සහසම්බන්ධතා තවදුරටත් සැලකූ කළ සිය පියාගේ ඉහළදේශපාලනික සම්බන්ධකම් සේම සිය ජනාධිපතිවරණ සටනේදී තමන්ගේ හඩටත් වඩා හඬක් නැගුවේ කෙනඩි පවුලේ බාලම පුත්‍රයා වූ ටෙඩ් කෙනඩිය. චතුර කථිකත්වයකට උරුමකම් කී ඔහු රොබට් කෙනඩිගේ ජනපති අපේක්‍ෂක සටනේදීද ප්‍රධානම හඬ ඔහුගේ හඬ වූයේය.කලාව එසේත් නැත්නම් හොලිවුඩ් සිනමාවට කෙනඩි පවුල කිහිපාකාරයකින් සමසම්බන්ධතා ඇතිකරගෙන සිටියෝය. මුලීකවම කෙනඩි පවුලේ ප්‍රධානියා වූ JFK ගේ පියා හොලිවුඩ් චිත්‍රපටි නිෂ්පාදකයෙකු විය. JFK ගේ සහෝදරියක වූ Patricia Kennedy විවාහ වී සිටියේ ඉංග්‍රීසි ජාතික හොලිවුඩ් නළුවෙකු වූ Peter Lawford සමගය. ඔහු හරහා හොලිවුඩ් සබඳතා තවදුරටත් වර්ධනය වූ අතර ඔහු මගින් මැරලින් මොන්රෝ JFK හට සමීප වූ බවටද මතයක් තිබේ. තවද ජනප්‍රිය ගායකයෙකු හා නළුවෙකු වූFrank Sinatra ද ඔහුගේ මිතුරෙකු වූවාසේම කෙනඩි පවුලේ පියා සහ පුතුන් ගේද මිතුරෙකු වූ නිසා ඔහු හරහාද සිනමාවට කෙනඩි පවුලේ යහළුමිතුරුකම් වර්ධනය වූවා සේම Sinatra හරහා මාෆියා සංවිධාන සමගද සබඳතා ඇතිවූ බවට කටකතා තිබේ.ජූඩිත් කැම්ප්බල් වැනි රූමතියන් හරහාද ජනපති කෙනඩි වක්‍රමාර්ගයෙන් හෝ මාෆියා සංවිධාන සමග ඇයිහොදැයියක් තිබුනා යැයි දූෂමාන ආරංචි තිබෙනවා සේම ජෝ කෙනඩිගේ පියා ගේ මිතුරෙකු වූ ඉලිනොයිස් ප්‍රාන්තයේ සංචාරක උසාවියක විනිසුරෙකු වූ William J Tuohy හරහා චිකාගෝ මාෆියා නායක Sam Giancana සමග ඇතිකරගත් සමබඳතාවය කෙනඩිගේ ජනාධිපති සටනේදී පිටිවහලක් කරගත් බවටද මතයක් තිබේ.1960 ජනාධිපතිවරණයේදී කෙනඩි හා සටන් වැදුන නික්සන් කෙනඩිට වඩා ජ්‍යෙෂ්ඨ හා අත්දැකීම් අතින් පරිපූර්ණ වූ දේශපාලනඥයෙකු විය. මේ නිසා යම් වාසියක් නික්සන් හට තිබුනත් හොදින් මුදල් වියදම් කිරීමේ හැකියාව හා රූපවාහිනී මාධ්‍යය මනා ලෙස කළමනාකරණය කිරීමට හැකියාව ලැබී තිබූ කෙනඩි ජනාධිපති සටනේ නියමුවන්ට නික්සන්ට වඩා කෙනඩිව ඉහල ආකර්ශයකට ලක්කර ගැනීමේ හැකියාව උදාවී තිබුනි. මෙම ජනාධිපතිවරණයේදී නික්සන් සිදුකර ගත් අතපසු වීමක් ලෙස සලකන්නේ තීරණාත්මක හා වැඩි ඡන්ද විද්‍යාල සංඛ්‍යාවක් දිනා ගත හැකි ප්‍රාන්ත වලට වැඩි අවධානය යොමු කරනවා වෙනුවට සියළු ප්‍රාන්ත වල රැස්වීම් පවත්වමින් වැඩි වෙහෙසක් දැරීම නිසා එම වැදගත් ප්‍රාන්ත අහිමි කර ගැනීමත් තීරණාත්මක රූපවාහිනි විවාද වලදී කෙනඩිට වඩා වෙහෙසට පත්ව සිටි ඔහුට කෙනඩි හා විවාදයේදී පසුබෑමක්ද සිදුවූ බවයි.කෙසේවෙතත් මෙම ජනාධිපතිවරණයෙන් කෙනඩි ජයගත්තත් එය ඉතා ආසන්නම ජයග්‍රහණයක් වූ අතර විශේෂයෙන් කෙනඩිගේ සහායක එසේත් නැතහොත් උපජනපති අපේක්‍ෂක ලින්ඩන් බී ජොන්සන්ගේ උපන් බිම වූ ටෙක්සාස් ප්‍රාන්තයේ ඡන්ද කෙනඩිගේ ජයග්‍රහණයට ඉතාමත් තීරණාත්මක වූ පැවසේ.කෙසේවෙතත් අවසානයේ කෙනඩිගේ ඉරණම තීරණය වූයේද මෙම ටෙක්සාස් ප්‍රාන්තයේදී වීමද දෛවෝපගත සංසිද්ධියකි.ජනපති කෙනඩිගේ පාලන සමය ගැන තවදුරටත් යමක් පවසන්නේ නම්, ඔහුට සහ ඔහුගේ හිතවාදීන්ට ජෝන් එෆ් කෙනඩි ජනපති පුටුවට රැගෙන ඒම මිස ඉන් ඉක්බිති ඇමරිකානු අභ්‍යන්තරය තුළ සහ ඉන් පිටත දේශපාලනය කළ යුත්තේ කෙසේදැයි දැක්මක්, වැටහීමක් නොතිබුනාදැයි සැකයක් අවුල්වියවුල් පිරි ඔහුගේ පාලන සමය තුළ සිදුවූ කරුණුකාරණා තුලින් පෙනේ. ඔහුගේ ජනාධිපති සටනg මාසයකට පෙර කළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් වැදුන මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) අත්අඩංගුවට ගත් අවස්ථාවේ කෙනඩි ඒ පිළිබදව කණගාටුව පළ කළත් සැබෑලෙසම කළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් යමක් කිරීමට ප්‍රමාද කිරීම 1963 අගෝස්තුවේ ඇමරිකානු අගනුවරට 200,000 කට අධික කළු ජාතීන් පිරිසකගේ සහභාගීත්වයෙන් යුතු පෙළපාලියක් ඇතිකරවීම දක්වා උත්සන්න වී තිබුනි.කෙසේවෙතත් ඉන් මාස 3 කට පමණ පසු කෙනඩි ඝාතනය සිදුවීමෙන් පසුව ප්‍රායෝගිකව කළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් සහන සැලසීමේ අවස්ථාව උදාවූයේද ජනපති ලින්ඩන් ජොන්සන් වෙතිනි.කෙනඩි පාලනය ආරම්භයේදීම කියුබාව සරණාගතයන් ලවා ආක්‍රමණය කිරීම අවුල්ජාලාවක් කරගත්හ. ඉන්ඉක්බිතිව බර්ලින් නගරය දෙකට කඩමින් බර්ලින් පවුර ඉදිවීම ඇරඹුනා පමණක් නොව එයට එරෙහිව යමක් කිරීමේ අවස්ථාවක් කෙනඩි පාලනය තුල නොවීය. ඊට පසුවසරේ ඇමරිකාව පමණක් නොව සමස්ථ ලෝකයම සසල කරමින් කියුබානු මිසයිල අර්බුදය හටගත් අවස්ථාවේ අවසාන මොහොතේ එය නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබුනත් කෙනඩිගේ දේශපාලනයට එයින් සෑහෙන්න හානියක් සිදුවිය. සීතල යුද්ධය සමනය කරගැනීමට සංයමයෙන් සහ දුරදක්නා නුවනින් කෙනඩි ජනපති කටයුතු කළත් ඔහුගේ මෘදු ස්වභාවය නිසා ලතින් ඇමරිකාව කොමියුනිස්ට්කරණයට ලක්වේදොයි යන සැකයක්ද උග්‍ර ධනවාදී ඇමරිකානු ඉහළ දේශපාලනය හා ආරක්‍ෂාව සම්බන්ධයෙන් විශාල කැපවීමක්, සැලැස්මක් අනුගමනය කළ CIA , FBI සහ අනෙකුත් නිල සහ නිල නොවන සංවිධාන තුල තිබුනි.කෙනඩි පාලනය තුළ යම් පමණකට හෝ සාර්ථක කටයුතුද සිදුනොවුනා නොවේ. ලතින් ඇමරිකාවේ සහ අප්‍රිකාවේ, ආසියාවේ දූගී රටවල තත්ත්වය නගාසිටුවීමට යම් සහනදායි ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. අභ්‍යවකාශය ජයගැනීම සදහා වූ කඩිනම් වැඩ වැඩ පිළිවලද (Space Race) ඔහුගේ කාලය තුල ආරම්භ විය. ඇමරිකානු ආරක්‍ෂක අංශ කොතරම් දුරකට සතුටට පත්වූයේදැයි සැක සහිත මුත් න්‍යෂ්ඨික ගැටුමකින් ලෝකයට ඇතිවිය හැකි විනාශය අවමකරලනු වස් ඔහු මිය යාමට මසකට පෙර එනම් 1963 ඔක්.03 වනදා න්‍යෂ්ඨික අවි සීමාකිරීමේ ගිවිසුමකටද සිය අත්සන තැබීය.බොහෝදෙනෙකු නොදන්නා කාරණයක් නම් ජනපති කෙනඩි බිහිසුනු වියට්නාම් යුද්ධය ඇතිවීම වලකනු පිණිසද කටයුතු යොදමින් සිටීමයි. ඔහු මිය යාමට මසකට පෙර එනම් 1963 ඔක්. 11 වනදා අත්සන් තැබුන ජාතික ආරක්‍ෂාව පිළිබදව 263 වැනි නිල ලේඛණයේදී වියට්නාමයේ එවකට රදවා සිටි 16,000 ක් පමණ වූ හමුදා නිලධාරීන් ඉවත්කර ගැනීම 1963 අවසානයේ සිටම ආරම්භ කිරීමට තීරණය කර තිබුනි. තවද 1965 වන විට මුළුමනින්ම වියට්නාමයෙන් ඇමරිකානු සන්නද්ධ අංශ ඉවත් කිරීම ඔහුගේ අරමුණ විය. එයින් අතිවිනාශකාරී යුද්ධයක් ඇතිවීම වැලකීම ඔහුගේ අරමුණ විය. එහෙත් එමගින් සමස්ථ වියට්නාමයම කොමියුනිස්ට්කරණයට ලක්වීම කෙසේනම් ඇමරිකානු දේශපාලනය, මිලිටරියාන්ත්‍රණය දරා ගන්නටද.කෙනඩිගේ අවසාන කටයුතු සිදුවී දිනකට පසු එනම් 1963 නොවැ. 26 වනදා ජනපති ලින්ඩන් බී ජොන්සන් විසින් නිකුත් කළ ප්‍රථම ආරක්‍ෂන නිල ලේඛණය වූ 273 න් පෙර පැවසූ 263 ලේඛණයේ අන්තර්ගත විධානයන් බලරහිත කරන ලදි. ඇමරිකානු දේශපාලනය, මිලිටරියාන්ත්‍රණයට මෙන්ම ඇමරිකානු අවි ව්‍යාපාරයටද වියට්නාම් යුද්ධය නිධානයක් මෙන් විය. මෙවන් කාරණා පසුකළෙක කෙනඩි ඝාතනයේ සැකසහිත කාරණා අතරටද එක්ව තිබුනි.aspඇමරිකාවේආර්ථිකය, කලාව, දේශපාලනය හා පාතාලය සමගද මෙතරම් සබඳතා තිබු වෙනත් ජනාධිපති කෙනෙකු සත්‍ය වශයෙන්ම ඇමරිකාවේ ඉන් පෙර හෝ පසු නොසිටියා විය යුතුය. එහෙත් එවැනි බලයක් තිබූ ජනපති කෙනඩිගේ ඉරණම එසේ විසදුනේ ඇයි. මේ ගැන ඊලඟ ලිපියේදී කතාකරමු.
BLOG
2014.01.02
http://sathsamudura.blogspot.com/
සුදු ඇඳිරිය - දෙවියන් සහ යමපල්ලන් සේම මිනිසුන්ද ජීවත්වන්නේ එකම මිනිසුන් තුලය
Dinesh Guruge
මිනිසුන් දිව්‍ය ලෝකයට ඇළුම් කරති. වැරදි කරත් අපායට යාමට කිසිවකුත් කැමතිනැත. අඩුමතරමේ බොරුවට හෝ පින්දහම් කරති. තමන් තුළ මනුෂ්‍යත්වය තිබේද. නැත්ද. නොදනිතත් මනුෂ්‍යත්වය ඇති සමාජයක විසීමට හැමවිටකම අපේක්‍ෂාකරති. මෙවන් මිනිස්ගත් අපි කාටත් උරුමය. අඩුවැඩි වශයෙන් කවුරුන් තුලත් මේවා තිබේ. අපේ රට වැනි පෙරදිග රටවල පමණක් මෙවැනි ආකල්ප තිබෙනා බව බොහෝ දෙනෙක් සිතා සිටියත් එය සමස්ථ ලෝකය පුරාවටම සදාතනික සත්‍යයකි. එවන් වූ මිනිස් සිතුම් පැතුම් ක්‍රියාකාරකම් පිළිබදව ලියවුන පොතක් සිංහල පරිවර්ථනය වී තිබේ.මෙම පොතේ සිංහල නමසුදු ඇඳිරිය නම් වූ අතර එය අශෝක නිස්සංක මහතාගේ පරිවර්ථනයකි. එහි මුල් කෘතිය රචනා කර ඇත්තේ ඇමරිකානු කතෘවරයෙකු වන Parley J Cooper විසින් වන අතර එම කෘතිය Dark Desires නම් වේ.රසවත්බව, සංවේදී බව, ශෝකය, සතුට, යනාදී බොහෝ දේ ඇතුලත් අපිට අපි ගැනත් සිතන්නට සිතෙන පොතක් ලෙස මෙය කියොව්වොත් ඔබටත් දැනේවි.
BLOG
2014.01.01
http://sathsamudura.blogspot.com/
අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු රැසක්....
Dinesh Guruge
අතිශයින්ම සංකීර්ණ කෙනඩි ඝාතනයේ සුලමුල ගැන කතාකරන්නට ප්‍රථමයෙන් කෙනඩි ජනපතිගේ ජීවිතයට සම්බන්ධ තවත් කාරණා කිහිපයක් මෙම ලිපියෙන් කතා කරන්නට සිතුවා.වසර දෙකහමාරකට සුළු කාලයකට වැඩි කෙනඩි පාළන කාලය තුළ විවිධාකාරයේ අර්බුදවලට ඔහුට මුහුණ දෙන්නට වූවාසේම ඇමරිකානු දේශපාලනය හා අනෙකුත් ක්‍ෂෙත්‍රයන් තුළ කැපී පෙනෙන වැඩසටහන් කිහිපයකද මුලපුරන්නට ඔහුට හැකිවූවා.ජෝන්.එෆ්.කෙනඩි හෙවත් කවුරුත් ආදරයට ඇමතූ "ජැක්" ගේ ජනාධිපති බවට පත්වීමේ සිහිනය ඔහුටත් වඩා තිබුනේ ඔහුගේ පියාටයි. ඔහු සෑම විටකම පවසා තිබුනේ ඔහුගේ පුතුන් අතරින් කවරෙකු හෝ ජනාධිපතිවරයෙකු වන බවයි. 1888 වසරේ උපන් ජැක් ගේ පියා ජෝසෆ් කෙනඩි(ජේයෂ්ඨ) ජෝ කෙනඩි හෙවත් නම් වූ අතර ඔහු සිය පවුලේ අය පිළිබදව විශාල බලාපොරොත්තු තබා ගෙන සිටි අයෙක්. බොස්ටන් නුවර කතෝලික පවුලකට අයත් වූ ඔහු ධනවතෙකු වූවා සේම මුල් අවධියේ හොලිවුඩයේ චිත්‍රපටි නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කර ෆ්‍රෑන්ක්ලින් රුස්වෙල්ට් ජනපතිගේ කාලයේදී දේශපාලනයට පිවිස තිබෙනවා. එසේම ඔහු මහා බ්‍රිතානයේ 44 වන ඇමරිකානු තානාපතිවරයා ලෙසද සේවය කර රාජ්‍යතාන්ත්‍රිකවශයෙන්ද සිය අත්දැකීම් මුවහත් කරගෙන තිබූ අයෙක්. තද ගතිගුණ තිබුන අයෙකු ලෙස සැලකෙන කෙනඩි ජනපතිගේ පියා දරුවන් කෙරෙහිද ඇතැම්විට දැක්වූයේ දැඩි සැරපරුශ ක්‍රියාකලාපයක් බව පැවසෙනවා. ඔහුගේ මෙම ප්‍රචණ්ඩකාරී හැසිරීම නිසා මෙම පවුලේ දියණියකවූ රෝස්මරී හට ඇතිවූ මානසික රෝගී තත්ත්වය මත වයස අවුරුදු 23 තරම් අඩු කාලයකදී ඇයට මොලයේ සැත්කමක් පවා කිරීම සිදුවූ බවට මතයක් තිබෙනවා. විශේෂයෙන් ඔහුගේ ඉහළ බලාපොරොත්තු සිය දරුවන් කෙරෙන් ඉටු නොවන බව පෙනුන විට රළු ලෙස ඔහු හැසිරුන බව පැවසෙනවා.තවදෙයක් තමයි ජෝ කෙනඩි හට මාෆියා කල්ලි සමගත් සබඳතා තිබුන බවට හාහූවක් තිබෙනවා. එයින් ඔහු සයි ප්‍රතිවාදීන්ට ට අභියෝග කිරීමේ හෝ බලපෑම් කිරීමේ බලයක්ද ලබා ගත් බවට කතාබහක් තිබෙනවා. ඒ තත්ත්වය එදා බොහෝ දේශපාලනඥයන්, සල්ලිකාරයන්, බලපුළුවන්කාරයන් කළ දෙයක් බව රහසක් නොව (ඇත්තෙනම් එදා විතරක් නෙමෙයි අදත් ලෝකයේ කොතනත් වෙන්නේ මේ දේම තමයි). ජෝ කෙනඩිගේ නීත්‍යානුකූල විවාහයෙන් පිට අනියම් සබඳතා පුරාවෘත්ත වැනි යයි සදහන් කෙරෙනවා. මෙම අනියම් සබඳතා නිසා ඔහුගේ බිරිඳ නැතහොත් ජෝන් එෆ් කෙනඩිගේ මව වන රෝස් එලිසබත් මහත්මිය හට දරා ගන්නට වූ පීඩාවත් සදහන් කළ යුතුයි. එසේම මෙම මව හා පියාට තම දරුවන් නව දෙනාගෙන් පුතුන් තිදෙනෙකු හා දියණියක් තම ජීවිත කාලය තුලදීම මොලොව හැර යනු දකින්නට සිදුවීමත් ඛේදනීයයි. එයින් පුතුන් තිදෙනා සහ දියණිය හදීසි අනතුරු වලින් මිය යාම මෙන්ම වැඩිමහල් පුතු සහ එම දියණිය ගුවන් අනතුරු වලින් මිය යාමත් අනෙක් පුතුන් දෙදෙනා වෙඩිතැබීම් වලින් බිහිසුනු මරණ වලට මුහුණ දීමත් මෙම යුවල කෙසේ දරාගත්තා දැයි සිතා ගැනීමටත් නොහැකිය.1961 වසරේ දෙසැම්බරයේදී හටගත් අංශභාග තත්ත්වයක් මත ජෝ කෙනඩිගේ කතා කිරීමේ හැකියාව මුළුමනින්ම අහිමිව ගිය අතර ඔහු සිය තෙවන පිරිමි දරුවා වූ රොබට් කෙනඩිගේ අකල් වියෝවෙන් යන්තම් වසරක් ගෙවී ගිය තැන එනම් 1969 නොවැම්බර් 28 වනදා වයස අවුරුදු 81 දී මියගියේ රෝගී තත්ත්වයන් නිසාවෙන්මයි. එහෙත් ඔහුගේ බිරිඳ වන කෙනඩි සොහොයුරන් හා සොහොයුරියන්ගේ මව වන රෝස් එලිසබෙත් වයස අවුරුදු 104 ක් තරම් දීර්ඝ කාලයක් ජීවත්වීමේ වාසනාව ලැබූවා. ඇය 1995 ජනවාරි 22 වනදා මිය යන විට ඇයට තම දරුවන් අතරින් පස් දෙනෙකු ජීවතුන් අතර සිටිමේ භාග්‍යය ලැබී තිබූ අතර මුනුපුරු මිනිපිරියන් 28 දෙනෙකු හා ඔවුන්ගේ දරුවන්ද 41 දෙනෙකු ඇයට ඒ වන විට සිටියා.org/wiki/Rose_Kennedyකෙනඩි පවුලේ දරුවන් අතරින් කවදා හෝ ජනාධිපති පුටුවේ වාඩිවනු ඇතැයි කාගෙත් බලාපොරොත්තුව තිබුනේ වැඩිමහල්ම පිරිම දරුවා වූජෝසෆ් කෙනඩි(කනිෂ්ඨ) මතයි. ඔහු දේශපාලනය වෙත නිරායාසයෙන්ම යොමුව තිබුනේ පියා සහ ඔහුගේ සීයා (මවගේ පියා) වූ බොස්ටන් නුවර නගරාධිපතිවරයා වූ ජෝන් එෆ් ෆිට්ස්ජෙරල්ගේ දේශපාලන කටයුතු නිසාවෙන්ම බන්නට ඇති. එපමණක් නොවඔහුගේ සීයා පවා වරක පවසා තිබුනේ "මේ දරුවා කවදා හෝ ඇමරිකාවේ ජනාධිපතිබවට පත්වනු ඇති" බවටයි. එසේම ඔහුගේ දේශපාලනික ගමන්මගට සිය දරදඬු පියාගේ බලපෑම පවා අනවශ්‍ය වුයේ ඔහු සිය අනාගත දේශපාලනය පිළිබදව සිහින මෙන්ම සැලුසුමු තමා විසින්ම නිර්මාණය කර ගැනීමේ හැකියාවෙන්ද යුතුවූ නිසයි. ඔහු අප කතානායක "ජැක්" කෙනඩිට වඩා වයසින්ද වැඩිවූයේ වසර දෙකක් පමණයි. එසේම ඔහුද නාවික හමුදාවේ ගුවන් නියමුවෙකු ලෙස සේවය කළ අතර දෙවන ලෝක යුද සමයේදී ලුතිනන් වරයෙකුද වූවා. කෙසේවෙතත් ඔහුගේ මෙන්ම කෙනඩි පවුලේද බලාපොරොත්තු සුනුවිසුනු කර දමමින් ඔහු දෙවන ලෝක යුද්ධයේ අවසාන සමයට ආසන්න කාලයකදී එනම් 1944 අගෝස්තු 12 වනදා මහා බ්‍රිතාන්‍යයේ East Suffolk හිදී ගුවන් අනතුරකින් මියගියේ අතිශය රහසිගත මෙහෙයුමක යෙදී සිටියදී. තවද ඔහුගේ සිරුරේ කොටස් වත් නැවත සොයා ගැනීමටද නොහැකිවූවා._Fitzgeraldඔහුට සේම කෙනඩි පවුලේ තෙවන දරුවා වූ කැත්ලින් කෙනඩි හටත් මිය යාමට සිදුවූයේ ගුවන් අනතුරකින්. ඒ 1948 මැයි 13 වනදා ප්‍රංශයේදී ඇය ඇතුළු පිරිසක් ගමන් කළ ගුවන් යානය කුනාටුවකට හසුවීමෙන් අනතුරුව සිදූවූ අනතුරකින්.org/wiki/Kathleen_Cavendish,_Marchioness_of_Hartingtonකෙනඩි පවුලේ සාමාජිකයන්ට ගුවන් අනතුරු මෙන්ම වෙඩි තැබීම් වැනි අවාසනාවන්ත සිදුවීම් වලින් මිය යාමට සිදුවීම ශාපයක් දැයි සිතෙන තරමට සුලභ දෙයක් වුයේ ඉන් වසර 51 ක් ඉක්ම ගිය තැන කෙනඩි පවුලේ ඉහළම බලාරොත්තුවක් වූ කෙනඩි ජනපතිගේ පුත්‍රයා වන ජෝන් එෆ් කෙනඩි (කනිෂ්ඨ) ද 1999 ජූලි 16 වනදා ඔහු, ඔහුගේ බිරිඳ සහ ඇයගේ සොහොයුරියද සමග ගුවන් අනතුරකට ලක්ව අවසනාවන්ත ලෙස මිය යාම නිසාවෙනි.ජෝන් එෆ් කෙනඩි (කනිෂ්ඨ) ද පියා මෙන්ම කඩවසම් සහ උගත් තරුණයෙක්. ඔහු පිළිබදව කෙනඩි පවුලේ සියළු දෙනාම බලාපොරොත්තු තබා සිටියේ කවදා හෝ පියා මෙන්ම ඔහුද ධවල මන්දීරයේ පදිංචියට යාම ස්ථිර වශයෙන්ම සිදුවනු ඇති බවටයි. එහෙත් ඒ සිහිනය, බලාපොරොත්තුවද කවදාවත් ඉටු නොවන දෙයක් බවට පත් කරමින් ඔහු විසින්ම පැදවූ කුඩා ගුවන් යානය රාත්‍රීයේදී අනතුරකට ලක්වීමෙන් විනාශයට ලක්වන්නේ දින පහක් යනතුරු ඔවුන්ගේ සිරුරුවත් සොයා ගැනීමට නොහැකි වන ලෙසයි. අවසානයේ ජූලි 21 වනදා ඔවුන්ගේ සිරුරු මුහුදින් ගොඩගන්නේ කෙනඩි පවුලේ ජනාධිපති වීමේ සිහිනය ඉහලින්ම තබා සිටි තවත් සාමාජිකයෙකුගේ වියෝව සනිටුහන් කරමින්. මෙම අනතුර මුළුමනින්ම ගුවන් නියමුවා නැතහොත් කෙනඩි පුතුගේ වැරැද්ද නිසා බව අවසාන පරීක්‍ෂන වලින් තහවුරු වූවා. ඔහු ගුවන් යානා පැදවූවද ඒ සදහා අවශ්‍ය සියළු සුදුසකම් ඒ වනවිට සම්පූර්ණ නොකළ අයෙකු බවද හෙළි වූ අතර විශේෂයෙන් මේ නිසා රාත්‍රී කාලයේ ගුවන් යානා පැදවීම කිසිසේත්ම නුසුදුසු කාර්යයක් බවද සැලකියු යුතු කාරණයක් වූවා. පියා මෙන්ම පුතුද ඉතා අඩු වයසින් මරු තුරුලට යනවිට වයස අවුරුදු 38 ක තරුණයෙක්.එදා පියාගේ අවසාන කටයුතු සිදුවන දිනයේදී සිය පියාට අවසාන වශයෙන් ආචාර කරන දසුන කෙනඩි ජනපතිදුන්ගේ අවසාන කටයුතු කෙරෙන අවස්ථාවේ කැපී පෙනෙන මෙන්ම අතිශය සංවේදී සහ සංවේගජනකම අවස්ථාවක් බව ලෝකය පුරාම පිළිගැනුන කාරණයක්.පියාගේ මරණයේදී මෙන්ම කෙනඩි පුතුගේ වියෝවද ඉතාම ඛේදනීය මතකයක් කෙනඩි පවුලට එක් කරනු ලැබුවා. ඔහුගේ උපන්දිනය යෙදී තිබූ දිනයේ සිය පියාගේ අවමගුල් කටයුතු කරන දිනයද යෙදී තිබීම ඔහුට පසු කළෙක කෙසේ දැනෙන්නට ඇත්ද. 1963 නොවැම්බර් 25 වන දිනය ඔහුගේ ජීවිතයේ තෙවන උපන්දිනය යෙදී තිබූ දිනයද වේ.1520240අනාගතයේදී ඇමරිකානු ජනාධිපති බවට පත්වනු ඇතැයි බලාපොරොත්තු කෙනඩි පුතුගෙන් ගිලිහුනා සේම ඔහුගේ පියාගේ අභාවයෙන් අනතුරුව ජනාධිපතිවරුන් බවට පත්වීමේ කෙනඩිවරුන්ගේ බලාපොරොත්තු කෙනඩි සොහොයුරන් වෙතින්ද ගිලිහී ගියේ අවසානාවන්ත අන්දමිනුයි. ඒ අවස්ථා දෙකම කෙනඩි සොහොයුරන් වෙතින් ගිලිහී ගියේ ඔවුන්ගේම අතපසුවීම් වලින්දෝ සිතෙන තරමටම එක් අවස්ථාවක් ඛේදනීය වූ අතර අනෙක් අවස්ථාවේ යහපත් පුරවැසියෙකු ලෙස කටයුතු නොකිරීමේ වරදකට ඔවුන්ට එය ගිලිහී ගියෝය.ජනපති කෙනඩිගෙන් පසුව ජනාධිපති පුටුවට පත්වනු ඇතැයි බලාපොරොත්තු තබා සිටියේ රොබට් කෙනඩි කෙරේය. කීර්තිමත් නීති නිලධාරියෙකු වූ ඔහු සිය සොහොයුරාගේ ජනාධිපති කාලසීමාව තුල ඇමරිකානු නීතිපතිවරයා සේම ඉන් පෙර ද මාෆියා කල්ලිවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත් අවෙකු ලෙසද ප්‍රසිද්ධ කාරණයකි. විශේෂයෙන් ඇමරිකානු වෘත්තීය සමිති නායකයෙකු හා ඒ හරහා සාපරාධි ක්‍රියා ගණනාවකට සම්බන්ධ Jimmy Hoffa සම්බන්ධයෙන් ඔහු අනුගමනය කළ දැඩි ක්‍රියාමාර්ග ඇමරිකානු නීති ක්‍ෂෙත්‍රය පුරා දැඩි කතා බහට මෙන්ම එකල කැපී පෙනුන සිදුවීමක් විය. දැඩි පුද්ගලයෙකු වූ Jimmy Hoffa, රොබට් කෙනඩි මරා දැමීමට තරම් දැඩි වෛරයකින් සිටි පුද්ගලයෙකු ලෙසද සැලකෙන අතර රොබට් කෙනඩිට මරණීය තර්ජන එල්ල කිරීමට තරම් නිර්භයවූ අයෙකු බවද නොසලකා හැරිය හැකි කරුණක් නොවේ. එහෙත් මෙම තර්ජනවලට බියට පත් නොවූ රොබට් කෙනඩි සිය නීතිමය මැදිහත් වීම් වලදී මෙන්ම සිය සොහොයුරාගේ පාළන කාල සීමාව තුලදී ඔහු මුහුන දුන් අපකීර්තිමත් Bay of Pig මෙහෙයුම, බර්ලින් අර්බුදය, කියුබානු මිසයිල අර්බුදය සහ සොහොයුරාගේ ස්ත්‍රී ලෝලීත්වය නිසා පැනනැගුන ගැටළු වලදීද ඔහුව ගලවා ගැනීමට මුල් තැන ගත් පුද්ගලයන් අතර ප්‍රමුඛතමයා ලෙස අවිවාදයෙන් පිළිගත යුතුවේ. එසේම කියුබානු නායකයා ධූරයෙන් නෙරපා දැමීම සදහා වූ Operation Mongoose, Freedom operation වැනි අතිශය රහස් මෙහෙයුම් වල ප්‍රධානතම සැලසුම්කරුවෙකු හා නායකයෙකු ලෙසද ඇමරිකානු දේශපාලනය වෙත ඔහුගෙන් ඉටුවූ "සේවයද" ඇමරිකානුවන් කෙසේ අමතක කරන්නද.බොබී කෙනඩි හෙවත් රොබට් සිය සොයොයුරාගේ අභිරහස් ජනක අකල් වියෝවෙන් පසුව 1964 දී නීතිපති ධූරයෙන් ඉවත්ව මැන්චුසෙට් ප්‍රාන්තයේ සෙනෙට් සභිකයෙකු ලෙස පත්වන අතර ජැක් කෙනඩිගෙන් පසුව ජනාධිපති බවට පත්වන ලින්ඩන් බී ජොන්සන්, තමන් මුල්තැනගත වියට්නාම් යුද්ධයේ පසුගාමී තත්ත්වය නිසාම දෙවනවර ජනාධිපති ධූරයට තරඟනොකරන බව පැවසීම නිසා 1968 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා ඩිමොක්ක්‍රැටික් පක්‍ෂය වෙනුවෙන් නාමයෝජනා ලැබීමට රොබට් කෙනඩි ඉදිරිපත් වන අතර ඒ වෙනුවෙන් 1968 ජූනි 5 වනදා රාත්‍රියේ කැලිෆෝරිනියාවේ ඇම්බැසඩර් හෝටලයේ පැවති රැස්වීමකින් අනතුරුව ඉන් පිටවීමට කෙටිමඟක් ලෙස ඔහු තෝරාගත් එහි කුස්සිය හරහා යාමට තීරණය කළේ ඔහු නොව මාරයා විය යුතුය. මන්ද ආරක්‍ෂක අංශපවා මෙම මඟෙහි නොයන්න යයි තරයේ පවසද්දී එය නොතකා හරිමින් මිනිසුන් වඩාත් ගැවසුන එම මාර්ගය ඔස්සේ යමින් සිටියදී, මිනිසුන් අතරින් පැමිණි 24 හැවිරිදි Sirhan Sirhan නම් පලස්තීන ජාතික කිතුනුවා විසින් .22 කැලිබර් රිවෝල්වරයකින් එල්ල කළ වෙඩි උණ්ඩ තුනකින් තවත් අනාගත කෙනඩි ජනපතිවරයෙකුගේ සිහිනය බොදකර දැමුවේය. මෙම පලස්තීන ජාතිකයේ රොබ්ට් කෙනඩිගේ ඊශ්‍රායල් හිතවාදීත්වය තරයේ හෙලාදුටු අයෙකු වූ අතර එයට පලිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදු කළ බව පැවසීය. කෙසේවෙතත් ඔහුට, ජනපති කෙනඩි ඝාතකයා යයි "නිළ" පිළිගැනීම ලත් ලී ඔස්වල්ඩ් හාවිගේ ඉරණම නම් අත්පත් නොවූ අතර අදද ඔහු කැලිෆෝනියාවේ, සැන් ඩියාගෝ ප්‍රාන්තයේ සිරගෙයක ජීවිතාන්තය දක්වා සිරබත් බුදිමින් සිටියි.දේශපාලනික වශයෙන් රොබට් කෙනඩිගේ මතයන් කෙරේ වූ වෛරය නිසා ඔහුව ඝාතනය කළ බව එරට වගකිවයුත්තන් පැවසුවද මෙම ඝාතනයටද එරට CIA සංවිධානයේ නම ඈදුනේය. එයට සාධාරණ හේතු ගණානවක් තිබුනි. ජනපති කෙනඩිගේ පාළන කාලයේ මුල් සමයේ පටන්ම CIA සංවිධානය හා ඔහු අතර සබඳතාවය හොද එකක් නොවීය. එයට හේතුව ආසර්ථක හා අපකීර්තිමත් Bay of Pig මෙහෙයුමයි. එයට එක් අතකින් සාධාරණත්වයක්ද තිබේ. මන්ද එය එක්කෝ ක්‍රියාත්මක නොකර සිටීමට කෙනඩි ජනපතිට හැකියාව තිබුනි. එහෙත් ඔහු එම අවස්ථාවේ එයට ප්‍රතිරෝදයක් නොදක්වා මෙහෙයුමට ඔන්න මෙන්න කියා තිබියදී ගුවන් සහය දැක්වීම වැලැක්වීම මගින එම මෙහෙයුමට සම්බන්ධ විශාල පිරිසක් මියගොස්, තුවාල ලබා හෝ සිරභාරයට පත්වීමෙන් කෙනඩි සේම ඇමරිකානු පාලන තන්ත්‍රයම නින්දා සහගත තත්ත්වයකට පත්වීය. එයින් පසුවCIAප්‍රධානියා වූAllen Dallus හට සිය ධූරයෙන් නික්මයාමට සිදුවීම මෙන්ම CIA සංවිධානයට අයිසන්හවර් පාළන කාලය තුල ලැබුන තත්ත්වය සැලකිල්ල නොලැබීම නිසා එක් අතකින් CIA සංවිධානය කෙනඩි කෙරේ යහපත් සිතකින් පසුනොවීය. මේ නිසා ජනපති කෙනඩි ගේ සමීපතමයෙකු වූ ඔහුගේ සොහොයුරා කෙරේ වුවද ඔවුන්ගේ ආකල්පය එතරම්ම යහපත් වෙතැයි සිතිය නොහැකිය. තවත් අතකින් කෙනඩි ඝාතනයටද CIA සංවිධානයේ සම්බන්ධයක් ඇති බවට මතයක් තිබුනි. එසේ නම් ආන්දෝලනාත්මක කරුණු වලින් ගහණ වූ එම ඝාතනයේ සුලමුල රොබට් කෙනඩි යම් හෙයකින් ජනපති වුවහොත් සොයනු ඇතැයි බියක් CIA සංවිධානය මෙන්ම එම ඝාතන ක්‍රියාවලියට සම්බන්ධ වූවන් වෙතොත් ඇතිබවට අනුමාන කළ හැකිය.තවත් කරුණක් වන්නේ ඇතැම් මූලාශ්‍ර වල සටහන් වන පරිදි (මෙය පිළිබදව තවම ගැඹුරින් මා අධ්‍යයනය කර නොමැති නිසා එකහෙළාම පැවසිය නොහැකිය) රොබට් කෙනඩි ඝාතනයට සම්බන්ධ වූ ඉහත කී තැනැත්තා එම අවස්ථාවේ සිහිවිකල්වූ තත්ත්වයේ පසුවූ බවටද මතයක් තිබේ. මෙහි ඇති අපූරුම කාරණය වන්නේ මෙම අවධියේ CIA සංවිධානයද මිනිසුන් මනස සිතුවිලි වලින් තොරකර හෝ මනස විකල් කර එහි ක්‍රියාකාරීත්වය කෙබද වනු ඇත්දැයි පරීක්‍ෂන කරමින් තිබූ බව පසුකාලීනව හෙලිවීමයි. මේ කුමන ආකාරයකට, කුමන සම්බන්ධතාවය මත හෝ සිදුවූවත් අවසානයේ සිදුවූයේ උගත්, හා ඇමරිකාවේ කැපී පෙනුනම පවුලක තවත් සාමාජිකයෙකුගෙන් තවත් සේවය සිදුවීමට පෙරාතුව නික්ම යාමයි. රොබට් කෙනඩි මිය යනවිට වයස අවුරුදු 42 ක් වූවා පමණකි.තවත් කෙනඩි සාමාජිකයෙකු ජනාධිපති බවට පත්වනු ඇති බවට විශ්වාසය තිබුනේ කෙනඩි පවුලේ ලාබාලතම් පිරිමි සාමාජිකයා වූ එඩ්වඩ් කෙනඩි හෙවත් ටෙඩ් කෙනඩි පිළිබදවයි.1932 දී උපන් ටෙඩ් මියගියේ 2009 වසරේ අගොස්තු 25 වනදායි. ඒ මොලයේ හටගත් පිළිකා තත්ත්වයක් උත්සන්න වීමෙන්. ටෙඩ් කෙනඩි මුලින්ම සෙනෙට් මණ්ඩලයට පත්වූයේ 1962 දී ඒ ඔහුගේ වැඩි මහළු සහෝදරයා වූ ජැක්, ජනාධිපතිධූරයට පත්වූ නිසා ඇතිවූ පුරප්පාඩුව වෙනුවෙන් පැවැත්වූ විශේෂ මැතිවරණයට ඉදිරිපත්වීමෙන්. ඔහුත් නියෝජනය කළේ මැසයුචෙට්ස් ප්‍රාන්තයම තමයි. එයින් පසු හත් වතාවක්ම මෙම ප්‍රාන්තය නියෝජනය කරමින් සෙනෙට් මණ්ඩලයට පත්වූ ඔහු වසර 47 ක් තරම් දීර්ඝකාලයක් එම ධූරය හොබවමින් සිටියා. ඔහුගේ චතුර කථිකත්වය, සිය වැඩිමහළු සොයුරු ජැක් මෙන් සිත් ඇදගන්නා සුළු භාවය මෙන්ම දේශපාලනයේ ඇති සහජ නිපුණතාවයත් ඔහු මෙතරම් කාලයක් දේශපාලන ලෝකයේ වැජබෙන්නට කෙනඩි පරම්පරාවට අයිතිවීම හැරෙන්නට තවත් හේතුවක් වූවා. දේශපාලනයට පෙර සුළු කාලයක් එරට යුද හමුදාවේද, ඉන්පසු නීතිඥයෙකු ලෙසද කටයුතු කළ ඔහු සම්බන්ධයෙන් දූෂමාන තොරතුරක් වූයේ සිය සහෝදරයාගේ ජනාධිපති සටන අවස්ථාවේ එරට මාෆියා සංවිධානවල සහයද ලබාගත් බවටයි. කෙසේවෙතත් කෙනඩි පරපුරේ සාමාජිකයන් ඍජුව හෝ වක්‍රව එම සංවිධාන සමග සබඳතා පැවැත්වූ බවට තිබෙන සාක්‍ෂි බොහෝමයක් තිබෙනවා. තවද කෙනඩි ජනපති පවා වක්‍රව හෝ මාෆියා සංවිධාන සමග සම්බන්ධතාවක් තිබුනේදැයි යන සැකය මතුවෙන්නේ ඔහු හාදවී සිටි Judith Campbell නම් තැනැත්තිය, ඒ අවධියේ ඇමරිකානු මාෆියා සංවිධානවල නායකයන්ම සිටි Sam Giancana සහ John Roselli යන අය සමගද සබඳතා පවත්මින් සිටි තැනැත්තියක් නිසයි.ටෙඩ් ගේ ජනාධිපති සිහිනයද බිදවැටුනේ ඔහුගේම වරදකින් කිව්වත් වරදක් නැහැ. 1969 ජූලි 18 වනදා රාත්‍රිය ඔහුගේ දෛවය තීරණය කළ දිනයවූවා නිසැකයි. එදින ඔහු Martha's Vineyard Cappaquiddick දූපතේ පැවැත්වූ සාදයකින් අනතුරුව, ඊට පෙර වසරේදී නැසී ගිය ඔහුගේ සොහොයුරු රොබට් කෙනඩිගේ ජනාධිපති සටනටද ක්‍රියාකාරීව සහභාගීව සිටි Mary Jo Kopechne නම් 28 හැවිරිදි තරුණිය සමග මොටර් රථයක් ධාවනය කරමින් සිටියද එය හදිසි අනතුරකට ලක්ව පෙරලෙන අතර ඔහු කරන්නේ අනතුරට පත් රථය හා එම අනතුරින් බරපතල තුවාල ලබා මරණයට පත්වන තරුණියද හැර දමා පළා යාමයි. ඊට පසුදින ඔහු අදාල බලධාරීන්ට මෙය සැල කර සිටියත් අදාල අවස්ථාවේ ශිෂ්ඨසම්පන්න පුරවැසියෙකු සේ තමන් එම ස්ථානයේ රැදී නොසිට පලා ගොස් එයින් තරුණියට යම් වෛද්‍ය ආධාරයක් ලබාදී ඇය රැකගැනීමට හෝ උත්සාහයක් නොදැරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු වූ අතර අත්හිටවූ මාස දෙකක සිර දඬුවමකටද ඔහු යටත් කරනු ලැබුුවා.මේ සිද්ධිය පිළිබදව ඇමරිකානු මහජනතාව මෙන්ම රටේ වැදගත් පාර්ශවයන් රැසක් මනාපයක් නොදැක්වූ අතර අදාල සිද්ධිය අරඹයා විවිද වාර්තා වැඩසටහන් මෙන්ම පොත්පත් පවා ලියවුන බව සදහන්ය. ටෙඩ් කෙනඩි විහින් කරගත් මෙම නොහොබිනා වැඩේ නිසා ඔහුට ජනපති පුටුවේ වාඩිවීමට වැඩි අවස්ථාව තිබූ 1972 ජනාධිපතිවරණය ගිලිහී ගියා. මන්ද ජනතාවගේ අප්‍රසාදයට ලත් අයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම දැනදැන පරාජයට පත්වීමක් බව මුහුකුරා ගිය මිනිසුන් සිටිනා ඇමරිකානු දේශපාලනය තුල අමුතුවෙන් සිතන්නට, කියාදෙන්නට ඕනෑදෙයක් නොවේ. යම් හෙයකින් ඔහු මෙම වින්නැහිය සිදු නොකර ඉදිරිපත්වූවා නම් කෙනඩි නාමය කෙරේ ඇමරිකානු ජනතාවගේ ඇති බැදීම නිසා ජයගැනීමට තිබූ ඉඩකඩ බොහෝවිට තිබුනි.1972 ජනාධිපතිවරණයෙන් අයිසන්හවර් ජනපතිගේ කාලයේ උපජනාධිපති ධූරය ඉසිලූ රිචඩ් නික්සන් දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කරගත් අතර ඔහුගේ ඡන්ද ප්‍රතිශථය 60.7% ක් විය.එහෙත් කෙනඩි පවුලේ එක් බලාපොරොත්තුවක් තවමත් ඉතිරිව තිබේ. ඒ ජනපති කෙනඩිගේසහ ජැකී කෙනඩිගේ දරුවන් අතරින් ජීවතුන් අතර සිටින එකම සාමාජිකාව වන කැරොලයින්කෙනඩි මහත්මිය පිළිබදවයි.ඇය දැනට ජපානයේ ඇමරිකානු තානාපතිනිය ලෙස කටයුතු කරන අතර අනාගතයේ ඇමරිකාවේ ජනාධිපතිධූරයකට ඉදිරිපත් වේදැයි තවමත් මතපළ කර නොමැත. කෙසේවෙතත් 2008 සහ 2012 ජනාධිපතිවරණ වලදී තමන්ගේ පවුලේ අය නියෝජනය කළ ඩිමොක්‍රැටික් පක්‍ෂයේම අපේක්‍ෂකයා වූ බැරැක් ඔබාමාගේ ඡන්ද ව්‍යාපාරයට ඇය සහය දුන්නාය.මෙම ලිපිය දීර්ඝ බව තවදුරටත් වැඩිවන නිසා ඊලඟ ලිපියේදී මේ ලිපියටම අදාල තවත් කාරණා කතාකරන්නට තබා දැනට නවතිමි.
BLOG
2014.10.04
http://edulanka.blogspot.com
සසදාවත
Sathiska Udayanga
පුරාතන සිංහල පද්‍ය කාව්‍ය අතුරෙහි අපට හමු වන පැරණිකමින් දෙ වැනි කෘතිය වන්නේ සසදාවත යි. මෙහි කතුවරයා කවුරුන් ද යන්න අනාවරණය නො වුණ ද ග‍්‍රන්ථය රචනා වූ කාලය කවරේ ද යන්න එහි පැහැදිලි ව සඳහන් වෙයි. ඒ බැව් පැවසෙන 14 වැනි ගීය මෙසේ ය:‘කළ ලෝ සසුන් වැඩ - ලීලාවතී හිමිසඳපළ කළ දම් රජසිරි - මෙවැටුම්හි පිටුබල වී’මේ අනුව පොළොන්නරු යුගයේ ලීලාවතී රාඥ˜යගේ රාජ්‍ය සමයේ සසදාවත ලියැවී ඇත. මහා පරාක‍්‍රමබාහු රජුගේ අග මෙහෙසිය වූ ලීලාවතී රාඥ˜ය සතුරු උවදුරු මැද තුන් වරක් ම කිරුළ පැලඳීමට සමත් වූවා ය. ඒ අනුව ලංකා ඉතිහාසයේ වැඩිම වාර ගණනක් සිහසුන හෙබැවූ රජු හෝ රැජන හෝ වන්නේ ඇය යි. එතුමියගේ ප‍්‍රථම රාජ්‍ය කාලයේ එනම්; කි‍්‍ර.ව. 1197 - 1200 වසර තුන ඇතුළත සසදාවත ලියැවුණු බැව් පැහැදිලි ය.කතුවරයාගේ පරමාර්ථය වූයේ බුදුරජාණන් වහන්සේගේ ගුණයකින් එක් කොටසක් මැණික් මල්දමක් සේ දැක්ම බව ‘ඉතිදු මුනි ගුණෙන් දෙස් මිනිමලෙව් දැක්මට’ යන්නෙන් ප‍්‍රකාශ වේ. ඒ අනුව මේ කාව්‍යය සඳහා කතුවරයා තෝරා ගෙන ඇත්තේ පාලි ජාතකට්ඨකතාවේ 316 වැන්න වූ සස ජාතකය යි. ඊට අනුරූපී ව සසදාවත නමින් කෘතිය හැඳින්වී ඇතත් මෙයට ‘කාව්‍යතිලකය’ යන අන්වර්ථ නාමයක් වූ වග ආසන්න කාලයේ ම ලියැවුණු සසදාවත සන්නසෙන් අනාවරණය වේ. සස ජාතකයෙන් කියැවෙනුයේ බෝසතුන් වහන්සේ සාකුලයේ ඉපිද දාන පාරමිතාව පිරූ ආකාරය යි. සඳමඬලේ සාවාගේ රුව සිත්තම් වුණු බැව් කියැවෙන්නේ මේ ජාතක කතාව ඇසුරු කොට ගෙන ය. ‘තොප පිළිඹිබට තිරසන්... හිමි සඳමඬල සුනු කළ’ යැයි සසදාවතේ බෝසත් සාවා ඊට යෝග්‍ය වූ බැව් පළ කෙරේ.ගී විරිතින් ලියැවුණු සසදාවත ගී 293 කින් යුක්ත කාව්‍යයකි. මුවදෙව්දාවත මෙන් ම යා ගී විරිත මූලික කොට ගෙන කාව්‍යය ලියැවී ඇත. ගී 164 ක් වූ මුවදෙව්දාවත හා සසඳ්‍ර බලද්දී ප‍්‍රමාණයෙන් විශාල වූ බැවින් ‘කාව්‍යතිලක’ වැනි ව්‍යවහාරයකට එවක සුදුසු වූවා විය හැකි ය. එසේ වුවත් සසදාවත ද මුවදෙව්දාවත සේ ම මහා කාව්‍ය ගණයට නො ගැනේ. සසදාවත ද චණ්ඩ කාව්‍යයකි. එහෙත් එය සංස්කෘත කාව්‍ය සම්ප‍්‍රදායයේ එන බොහෝ වර්ණනාවන් ගෙන් සම්ප‍්‍රයුක්ත ය. මුවදෙව්දාවත්කරු මෙන් ම සසදාවත්කරු ද තමන් ප‍්‍රකාශ කරන්නට යන පුවත එක ගීයකට පිඩුකොට සැකෙවින් දක්වා ඇත්තේ මෙලෙසිනි:‘දැකැ සා බමුණා - මුනිවරු එ සස් කල්දල මැදරා සිසිදිසි - සිය මස්නි පුස්නා ලෙස්’නමස්කාරය සහ හැඳින්වීම කිරීමෙන් අනතුරුව සැවැත් නුවර, ජේතවන විහාරය, සස සෘතු, ධර්ම සභාව, උදය, පූජා විධි, සැඳෑව, ධර්ම සභා පිරිස, බරණැස් නුවර, බඹදත් රජ, මහ වනය ආදි වූ සාම්ප‍්‍රදායයික වර්ණනා රාශියක් පැවසෙන අසන්නට හැකි ය. සැබෑ කතා පුවතට ප‍්‍රවේශ වනුයේ ඒ සියල්ල උදෙසා ලියැවුණු ගී 230 කට අනතුරුව ය. ගිම්හාන, වස්සාන, සරත්, හේමන්ත සිසිර සහ වසන්ත යන අනු පිළිවෙළින් සෘතු සය වර්ණනය කිරීම උදෙසා පමණක් ගී 85 ක් රචනා කොට තිබේ. කතා පුවතට අසම්බන්ධිත අනෙකුත් වර්ණනා වෙනුවෙන් ද මහත් ගී සංඛ්‍යාවක් වැය වී ඇත. බෝසත් මෛතී‍්‍රබල වර්ණයෙන් ආරම්භ වී විකාශනය වන කතා පුවත ගෙනහැර පෑම පිණිස කැප කොට ඇත්තේ ගී 63 ක් වැනි සුළු ප‍්‍රමාණයකි.සස ජාතකය කුඩා කතා පුවතක් වන බැවින් කෘතියට වැඩි වටිනාකමක් ලබා දෙන අදහසින් රචනය දීර්ඝ කිරීම සහ සංස්කෘත කාව්‍ය සිද්ධාන්තයන්ට අනුගත ව විවිධ වර්ණනාවලින් රචනය සරුසාර කිරීම යන අරමුණු හේතු කොට මෙසේ බාහිර තොරතුරු කෘතියට එක් වී ඇතැයි සිතිය හැකි ය. මහා කාව්‍යයක අඩංගු විය යුතු අංගෝපාංග කෘතියට ඇතුළත් කිරීමට කතුවරයා කිසි යම් උත්සාහයක යෙදී ඇති බැව් පෙනේ. එහෙත් කාව්‍යාදර්ශයේ ද ඒ අනුව සියබස්ලකරේ ද සඳහන් ව ඇති මහා කාව්‍යයක ඇතුළත් විය යුතු වර්ණනා යෙදිය හැකි තරමේ අවස්ථා, කතා පුවතින් හා චරිතවලින් ඉස්මතු නො වේ. සුදුසු කතා පුවතක් තෝරා ගත්තේ නම් මහා කාව්‍යයක් කිරීමේ හැකියාව කතුවරයාණන්ට තිබූ බැව් පෙනේ.සසදාවතෙහි එන බොහෝ වර්ණනා ලියැවී ඇත්තේ සංස්කෘත කාව්‍යයන් ආශ‍්‍රය කොට ගෙන ය. උදාහරණයක් සේ සෘතු සය වර්ණනා කිරීම ගත හොත් එය බෙහෙවින් කාලිදාසයන්ගේ සෘතු සංහාරය ඉවහල් කර ගනිමින් රචනා වී තිබේ. එසේ ම කුමාර සම්භවය, ශාකුන්තලය, රඝු වංශය, මේඝ දූතය පමණක් නො ව ශිශුපාලවඹ, කාව්‍ය වීමංසා, බාලරාමායණ වැනි සංස්කෘත ග‍්‍රන්ථවලින් ද කතුවරයා මහත් ආභාසයක් ලබා ඇත්තේ ය. මේ අනුව රචනා වූ ගී වලින් කතුවරයාගේ කවිත්වයටත් වඩා ඔහුගේ පාණ්ඩිත්‍යය මැනැවින් ප‍්‍රකට වේ. එහි දී හෙතෙම සන්දෂ්ට, යමක, ඒකාක්ෂර, ඕවජ, ගෝබුත‍්‍ර, ති‍්‍රශූල ආදි වූ දුෂ්කර බන්ධනවලින් පවා පද්‍ය ප‍්‍රබන්ධයේ සාමාර්ථය දක්වා ඇත. සන්දෂ්ට බන්ධනයෙන් ලියැවී සෘතු වර්ණනයෙහි එන ගීයක් මෙසේ දැකිය හැකි ය:‘මිණි මුතු කඳුළු වන - කඳුළු වනනැ’සැ බඳ නීනැසැ බඳ නී මඳ සුළඟ - මඳ සුළඟ ළැව දැල වී’එසේ වුව ද සම්පූර්ණයෙන් සංස්කෘත ග‍්‍රන්ථවලට ගැති නො වී නිදහස් ව අදහස් ප‍්‍රකාශ කරමින් සිය ප‍්‍රතිභාව දැක්වීමට ද කතුවරයා වෑයම් කොට ඇත්තේ ය. පහත දැක්වෙන ගීය එවැන්නකි:‘තෙපි යම’ සා ද වී - මේ වත් රූ නො දිස්මිකනත ගිය වත් නුවන් - පුළුවුස්න’සිනෙ පුරඟන’මෙ වැනි රූ නො දුටිමි යි මෙවැන්නක් ඇසී දැයි විමසමින් පුරඟනන්ගේ ඇස්, කන් දක්වා දිගු වූ වැනි ය යනුවෙන් අර්ථාලංකාරයෙන් යුක්ත කාව්‍යමය සංකල්පයක් මින් ජනිත කෙරේ. ග‍්‍රන්ථයේ අග භාගයේ එන මෙත්බල සහ ලෝක පූජා වැනි වර්ණනාවල දී මෙසේ වූ කතුවරයාගේ කාව්‍ය ප‍්‍රතිභාව හා නිර්මාණ ශක්තිය බෙහෙවින් පිළිබිඹු වේ.සසදාවතේ ධර්ම සභා වර්ණනයේ දී එහි රැස් වූ යම, වරුණ, වෙසමුණු, විෂ්ණු, ඊශ්වර, බලභද්‍ර වැනි දෙවිවරුන් සමග ගණ දෙවියන් සහ ස්කන්දකුමාර දෙවියන් ද වූ වග පැවැසේ. මේ සඳහන් කිරීම එවක පොළොන්නරු යුගයේ වැඩෙමින් පැවැති දේව භක්තිය පිළිබඳ මනා නිදසුනකි. තව ද බෝසත් සිරිත් දැක්වීමේ දී (275 සහ 276 ගී වල) සඳහන් කරන ජාතක පුවත් පාලිජාතකට්ඨකථාවේ නොමැති ඒවා ය.ව්‍යාඝී‍්‍ර ජාතකය සහ හස්ති ජාතකය ලෙස හඳුනා ගත හැකි එකී ජාතක කතා ඇතුළත් වන්නේ ආර්යශූරපාදයන් විසින් ලියන ලද ‘ජාතකමාලා’ නම් වූ සංස්කෘත ග‍්‍රන්ථයෙහි ය. කතුවරයා ඉන් ලබා ඇති ආභාෂය මහායාන බලපෑම පිළිබඳ කිසි යම් ඉඟියක් පළ කරන්නකි.පන්සියපනස් ජාතක පොතේ එන ජාතක කතා විමසා බැලීමේ දී සස ජාතකය යනු බෝසතුන් සා කුලයේ උපන් එක ම ආත්ම භාවය පළ කරන ජාතක කතාව වන්නේ ය. සසඳ්‍රවතට බොහෝ පසු කාලයක ලියැවුණු ජාතක පොතේ සස ජාතකය අවසන ‘... තිරිසන් ව කළා වූ අරුමය මේ භද්‍රකල්පය මුළුල්ලෙහි සියලු සත්ත්වයන්ට ප‍්‍රකාශ ව පෙනුණු මැනවැ යි... චන්ද්‍ර මණ්ඩලයෙහි සස රූපය හැඳ...’ යනුවෙන් සාවාගේ රුව හඳේ අඳිනු ලැබු බව පළ වේ. එහෙත් සසදාවතෙහි එවැන්නක් නො කියැවේ. සාවා චන්ද්‍ර මධ්‍යය අරා දිස් වූ වග (= මැද’රා සිසි දිසි - 16 ගීය) සහ චන්ද්‍ර මණ්ඩලයට සුදුසු වූ වග (= හිමි සඳමඬල සුහු කළ 279 ගීය) එහි කාව්‍යාත්මක ව පැවසේ.පොළොන්නරු යුගයේ අසාර්ථක රජවරුන් කීප දෙනෙකු ගෙන් පසු රජ පැමිණි ලීලාවතී රැජිනගේ ප‍්‍රථම රාජ සමය කලකට පසු එළැඹි සන්සුන් වකවානුවක් වූ වග ‘පළ කළ දම් රජසිරි මෙ වැටුම්හි පිටුබල වී’ යන්නෙන් හෙළි වේ. තව ද කීර්ති නම් සෙනෙවියා විසින් එතුමිය සිංහාසනාරූඪ කරැවූ බව කියැවෙන මහාවංශ පුවත ද ‘අගමැති කිත් සෙනෙවි යුත්’ යනුවෙන් වූ ගීයෙන් සනාථ වේ.සසඳ්‍රවත ගී 293 කින් නිමා වුව ද එහි නිශ්චිත අවසානයක් නො දැක්වෙන බැවින් තවත් ගී කීපයක් හෝ තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. එහෙත් එවැන්නක් කිසිදු පිටපතකින් හමු වී නොමැත. සසඳ්‍රවතේ භාෂා ශෛලිය මුවදෙව්දාවතට බෙහෙවින් සමාන වුවත් ඊට වඩා මඳක් ගැඹුරු ස්වරූපයක් ගනී. එකී භාෂාව එවක පොදු ව්‍යවහාරයේ පැවැති භාෂාව යැයි සිතිය නො හැකි ය. මන්ද යත්, සසඳ්‍රවතේ අර්ථ විවරණය කිරීම සඳහා ඒ ආසන්න කාලයේ ‘සසඳ්‍රවත සන්නස’ නමින් කෘතියක් ලියැවී ඇති බැවිනි. සසඳ්‍රවත බෙහෙවින් භාවිතයෙහි තිබු වග ඊට සන්නසක් ද රචනා වී තිබීමෙන් තහවුරු වේ.ආචාර්ය පේ‍්‍රමදාස ශී‍්‍ර අලවත්තගේඋපුටාගැනීම - සිළුමිණ පුන්කලස අති‍රේකය (2009-04-19)උපුටාගැනීම සදහාදිගුව -http://www.lk/punkalasa/20090419/_art.fn=ar09041911.
BLOG
2014.09.28
http://edulanka.blogspot.com
2014 - ශිෂ්‍යත්ව‍යෙන් පලමු‍වෙනියා
Sathiska Udayanga
.
BLOG
2014.08.20
http://edulanka.blogspot.com
පන්තියක ළකුණු විෂ්ලෙෂණය කළ හැකි Excel Sheet 1 ක්
Sathiska Udayanga
අ‍සේල නිශ්ශංකයන් විසින් නිර්මානය කරනු ලැබූපන්තියක ළකුණු විෂ්ලෙෂණය කළ හැකි Excel Sheet එක පාසල් ගුරුවරුනට ඉතා වටිනා නිර්මානයකි.‍මෙය එඩියුලංකා.LK‍වෙබ් අඩවිය තුලින් ලබාගත හැක.මෙම උත්සහය වනුයේපන්තියක ලකුණු විශ්ලේෂනයට ගුරුභවතුන්ට යන කාලය අඩු කිරීමට උපකාරයක් කිරීමටයි.මෙහිSheet2ක් පවතින අතර ඉන් පළමු වැන්නෙන් පන්තියක වාර විභාග ලකුණු විශ්ලේෂණය කල හැක. සාමාන්‍යය ගණනය කිරීම සදහා පෙනීසිටි උපරිම විෂය ගණන යන කොටුව කුල සිසුවෙකු පෙනීසිටින උපරිම විෂය ගණන සටහන් කළ යුතුවේ. ඊට අමතරව යමි සිසුවෙක් විෂයක් සදහා පෙනී නොසිටියේනම් ඒම කෙටුව කිසිවක් සදහන් නෙකල සිටිය යුතු වේ. 0 සටහන් කළ හොත් ඒම සිසුවා විෂයට ලබා ගත් ලකුණු ප්‍රමාණය 0 ලෙස වටහාගනී.‍මෙතනින් බාගන්නවිමසීම් - +94716341436නිර්මානය - අසේල නිශ්ශංකaselaniss@yahoo.
BLOG
2014.08.17
http://edulanka.blogspot.com
සසුනඹර එකලු කල මහිමි සද
Sathiska Udayanga
"දුල්ලභො පුරිසාජඤ්ඤො න සො සබ්බත්ථ ජායතී"අජානීය පුද්ගලයන් ලෝකයේ දුර්ලභ ය. ඔව්හු හැමතැන් හි ම හැම කල් හි ම පහල නො වෙති.රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ මෑත යුගයේ පහල වූ ශ්‍රේෂ්ඨ පැවිදි මිණිපහනකි. සම්මා සම්බුද්ධ ශාසනය ට ත්, භාෂා ශාස්ත්‍රය ට ත්, රට ට ත්, ජාතිය ට ත්, අනුපමේය සේවාවක් සිදු කරමින් උතුම් පැවිදි දිවියක් ගත කළ හිමිනමක් වශයෙන් රේරුකානේ චන්දවිමල මහානායක හිමියන් හැඳින්විය හැකි ය.රේරුකානේ චන්දවිමල හිමියන් 1897 ජූලි මස 19 දින දොන් බස්තියන් ද පවුලිස් ගුණවර්ධන සහ මුණසිංහ පොඩි නෝනා යන අය ට දා ව රයිගම කෝරලයේ අදිකාරී පත්තුවේ බණ්ඩාරගම ආසනයේ පිහිටි රේරුකානේ නම් පුංචි ගමේ උපත ලබන ලදී.ළමා වියෙන් බිඳක්"මං ඉස්කෝලෙ ගියේ දෙවෙනි පන්තිය ට විතරයි. පළමුවෙනි පන්තියේ දී ඉගෙන ගත්ත කතාවක් 'මෝරුන් සහ තල්මසුන් ගේ සටනක්' මට තාම මතක යි. දෙවෙනි පන්තියේ දී ඉගෙන ගත්ත දේවල් මට මතක නෑ. නමුත් පළමුවෙනි පන්තියෙන් දෙවෙනි පන්තිය ට පාස් වුණ හැටි නම් මතක යි. විභාග දවසේ ළමයි වාදී කෙරෙව්වේ මූණ ට මූණ ලා හිටින විදියට. ගුරුතුමා ශබ්ධ නගා කීවා 'තේ වතුර බීම ගුණ යි' කියලා. ඒ වාක්‍යය ලස්සන ට අපේ ගල් ලෑලිවල ලියන්න කීවා. මට ඉතින් ඒක ලියන්න බැහැ. ඉස්සරහ බංකුවේ වාඩිවෙලා හිටිය ළමයා හොඳ ට ලියලා තිබුණා. මං එයා ගේ ගල් ලෑල්ල දිහා බලාගෙන ලිව්වා. එහෙම තමයි මං දෙවෙනි පන්තිය ට පාස් වුණේ. එතකොට මං දෙවැනි පන්තිය ට පාස් වුණේ කොපි කරලා"පැවිදි දිවිය ට එළඹීම"1906 බුරුම ජාතික විනයාලංකාර කියන හාමුදුරු නමක් ලංකාව ට වැඩියා. උන්වහන්සේ ඉපැරණි පූජනීය ස්ථාන දැක ගැනීම ට ත් වැඳපුදා ගැනීම ට ත් එක්ක ලංකාවේ බොහෝ ප්‍රදේශවල සංචාරය කළා. එහෙම සංචාරය කරන අතර උන්වහන්සේ අපේ ප්‍රදේශය ට ත් වැඩියා. මේ ළඟ ම තියෙන 'කුළුපන' කියන කන්දේ ගල් ගුහාවක දින කීපයක් නතර වෙලා විවේකයෙන් හිටියා. මේ පළාතේ අය මේ බුරුම ජාතික හාමුදුරුවන් ගැන පුදුම විදියට පැහැදිලා දානමාන ආදියෙන් සලකන්න පටන් ගත්තා. මේ හාමුදුරුවන් ට හොඳ ට සිංහල ත් බැහැ. ඒ වුනත් එන යන අය එක්ක කැඩිච්ච සිංහලෙන් කතාබහ කරනවා. ඒ විතරක් නෙවෙයි, ඒ හාමුදුරුවන් කැඩිච්ච සිංහලෙන් එන යන අය ට බණ ත් කියනවා.... බොහෝ විට උන්වහන්සේ පැවිදි වීමේ වටිනාකම එ හි ආනිශංස ප්‍රකාශ කළා.... අපේ තාත්තා ත් නිතර මේ බණ අහලා ගෙදර ඇවිල්ලා අප ට ත් ඒ ගැන කියනවා. දවසක් තාත්තා මගෙන් ඇහැව්වා 'පුතේ, උඹ ට ත් මහණ වුනොත් නරක ද.' කියලා. එතකොට මගේ වයස අවුරුදු නාමයක් විතර ඇති. මාත් ඉතින් කැමති වුනා මහණ වෙන්න. කුමක් නිසා මහණ වෙන්න කැමති වුනා ද කියලා කියන්න බැහැ. කොහොම වුනත් අද ට වඩා ඒ කාලයේ ළමයි කැමතියි මහණ වෙන්න....1906 ජනවාරි මාසයේ අටවැනි දා මා ඇතුළු තව ත් ළමයි විසිහය දෙනෙක් පැවිදි වුණා. අපිව පැවිදි කළේ බුරුම ජාතික විනයාලංකාර කියන හාමුදුරුවෝ.... 1908 ජනවාරි 27 වැනි දා අපි ඔක්කොම බුරුම රට ට එක්කරගෙන ගියා. බණ දහම් පිළිබඳ මුලික දැනුම ලැබුනේ ත් ත්‍රිපිටක ධර්මය සම්පුර්ණයෙන් ඉගෙන ගත්තේ ත් බුරුම රටේ දී.... 1917 ඔක්තෝබර් 26 දින බුරුම රටේ ධම්මිකාරාම සීමාවේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබා ගත්තා. අභිධර්මය ගැන ගැඹුරු දැනුමක් මා ලබා ගත්තෙ ත් බුරුම රටේ දී.... භාවනා ක්‍රම පිළිබඳ හොඳ දැනුමක් ලබා ගත්තෙත් ඒවා හොඳින් ප්‍රගුණ කළේ ත් බුරුම රටේ දී."රේරුකානේ හිමියන් ගේ සරල බව අව්‍යාජත්වය සහ උතුරු මිනිස් ගුණ දම්උන්වහන්සේ තුළින් ප්‍රකට වූ ගුණයන් රාශියක් උන්වහන්සේ ගේ පොතපත කියවීමෙන් හා චරිතාපදානය ඇසුරින් හමු විය. චන්දවිමල හිමියන් ගේ අව්‍යාජ කතාව සහ අව්‍යාජ ලේඛනය ඉන් එකකි. ඉතා සරල ලෙස ජීවත් වීමේ ගුණය ද, උන්වහන්සේ තුළින් ප්‍රකට විය."මං ධර්මය ඉගෙන ගත්තේ හරි අමාරුවෙන්. ඒ නිසා මට හිතුනා මේ ධර්මය මාත් හොඳ ට තේරුම අරගෙන අනෙක් අය ට ත් කියා දෙන්න ඕනෑ කියලා. බුදුහාමුදුරුවන් ගේ ධර්මය ගැඹුරු යි. මේ ගැඹුරු ධර්මය පැහැදිලි අවබෝධයකින් තොර ව ලියන්න ට කියන්න ට යාම හරි ම නිෂ්ඵල වැඩක් කියලා මට හිතුනා. සමහර ධර්ම කාරනා තේරුම ගන්න ට මං සති ගණන් මාස ගණන් කල්පනා කළා. ඒ අනුව මං හරියට තේරුම නො ගත්ත කිසි ම කාරණයක් මගේ පොත්වල ලිව්වේ නැහැ.""හිරු එළියෙන් දවාලට ලිවීම තමයි හොඳ. ඇස්වලට ඒක හොඳ යි. මට නම් ලියන්න ඕනෑ කළේ පෑනක්, කඩදාසියක්, ලෑලි කෑල්ලක් විතරයි. වෙන වෙන දේවල් එකති කරගත්තේ නැහැ. හුඟාක් දේවල් ඕක ට එක්කාසු කරගන්න ගියාම හරි කරදර යි. ලියන්න පුංචි කර්මාන්ත ශාලාවක් ඕනෑ නෑනේ."උන්වහන්සේ අප ට සපයන ආදර්ශයන් කොතරම් වටින්නේ ද."මං පොත් ලිව්වේ මුද්‍රණය කරලා විකුණලා මුදල් හම්බ කිරීමේ අදහසින් නො වේ. මගේ පොතක් වෙන කවුරුන් හෝ මුද්‍රණය කළා ට මගේ පොත්වල කොටස් උපුටා ගත්තා ට මගේ නම ත් මකලා දාලා කොටස් උපුටා ගත්තා ට මගේ නම ත් මකලා වෙන කෙනෙකු ගේ නමින් මුද්‍රණය කළා ට මගේ නම් කිසි ම විරුද්ධකමක් නැහැ. ඒක නීති විරෝධී වුණා ට මගෙන් නම් තහනමක් නැහැ."අද ද, ධර්මය දානයක් වශයෙන් දන් දෙන උදවිය සඳහා දුන් මේ අවවාදයන් ද, මාහැඟි ය. සාරාසංඛ්‍ය කල්ප, ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කොටගත් උතුම් ශ්‍රී සද්ධර්මය අප ට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණත් එ හි හිමිකාරත්වය ඇත්තේ බුදුරජාණන් වහන්සේ ට මිස අප ට නො වේ.බුරුමයේ සිට ලංකාව ට වැඩම කර උන්වහන්සේ වැඩසිටියේ විනයාලංකාර පන්සලේ ය. බුරුම ජාතික විනයාලංකාර හිමියන් ආරම්භ කළ විහාරස්ථානයක් බැවින් ඒ නම කියනු ලැබේ.රේරුකානේ චන්දවිමල හිමියන් ලියූ ධර්ම ග්‍රන්ථපාරමිතා ප්‍රකරණය"පාරමිතා ධර්ම ගැන නොයෙක් පොත්පත් ලියවිලා තියෙනවා." ගිහි පැවිදි බොහෝ දෙනෙක් ඒ ගැන ලිපි ලේඛන ත් ලියලා තියෙනවා. නමුත් ඒවා කියවීමෙන් මගේ සිතේ ප්‍රසාදයක් අති වුණේ නැහැ. ඒ නිසා මං පාරමිතා ධර්ම විස්තර කිරීම ට පාරමිතා ප්‍රකරණය කියලා පොතක් ලිව්වා.”විනය කර්ම පොත“විනය කර්ම පොත ලියන්න හේතු වුණේ ඔය බණ්ඩාරවෙල මහ උල්පොත න්‍යග්‍රෝධාරාමය කියලා පන්සලක් තියනවා. මං සමහර ග්‍රීස්ම කාලවල ට ගොහින් නතර වෙලත් ඉන්න තැනක්. දවසක් ඔය පන්සලේ පින්කමක් අවසාන වෙලා එතන ට රැස්වෙලා හිටිය ඇත්තන් මගෙන් ඉල්ලීමක් කළා 'මේ විනය කර්ම කිරීම ට හරියට නො දන්නා ඇත්තන් ට ඒ ගැන දැනුමක් තේරුමක් ඇති කරගන්න ට පොතක් ලියනවා නම් කොච්චර වටිනවා ද.' කියලා. අන්න ඒ ඉල්ලීම අනුව යි මං විනය කර්ම පොත ලිව්වේ. විනය කර්ම පොතේ තිබුණු පමණ ට කරන්න බැහැ. ඒ නිසා විනය කර්ම කිරීම පිළිබඳ ව ත් පැහැදිලි කරමින් තමයි ඒ පොත ලිව්වේ. ඒක දැන් තුන නිකායේ ම සංඝයා භාවිත කරන පොතක් වෙලා තියෙනවා. ඒ ගැන මං හරියට සතුටු වෙනවා.”සූවිසි මහා ගුණය“සූවිසි මහා ගුණය මං ලිව්වේ තුනුරුවන ට පුජාවක් වශයෙන් ම යි. මං හිතනවා ඒ පොත ලිවීමෙන් මං තුනුරුවන් ට ලොකු ම පූජාවක් කළා කියලා. ඒ වගේ ම ඒක මගේ ඕනෑකම නිසා ම යි ලිව්වේ.”සතිපට්ඨාන භාවනා විවේචනය“ඒ කාලයේ කඳුබොඩ කරගෙන ගිය සතිපට්ඨාන භාවනා ක්‍රමය ට විරුද්ධ ව ඇතැම් භික්ෂුන් කරුණු කියන්න ලියන්න පටන් ගත්තා. ඒ ඇත්තන් ලියන කියන දේවල් විවේචනය කරමින් යථා තත්වය පැහැදිලිකර දීම ට යි මං සතිපට්ඨාන භාවනා විවේචනය කියන පොත ලිව්වේ.”ශාසනාවතරණය“මං බොහොම අගය කරන පොතක්. ඒක ලිව්වේ මේ රටේ මහණකම කරන ඇත්තන් ට යි. අද මහණකම කරන සමහර ඇත්තන් ට ඒ ගැන කිසි ම දැනීමක් නැහැ. දවසක් වයස්ගත හාමුදුරු නමක් මෙහාට ආවා. ඇවිදින් මට පුද පඬුරු ත් පූජාකරලා කීවා නායක හාමුදුරුවන් ගේ පොත් ටික නැත්නම් මේ කාලයේ ඉන්න භික්ෂුන් වහන්සේලා ට කරන්න දෙයක් නෑ කියලා. දෙවෙනි දවසෙත් ඔය විදියට ම කියලා මට ගුරු පඬුරු ත් පූජා කරලා හරියට සතුටු වුණා.”පට්ඨාන මහා ප්‍රකරණ සන්නය“පට්ඨාන මහා ප්‍රකරණ සන්නය ලීවේ මුණසිංහ කියන නෝනා මහත්මිය ගේ ඉල්ලීම අනුව යි. එයා මගෙන් පට්ට්හානය ඉගෙන ගන්න ආවා. ඉගෙන ගන්න අතර ම මේකට සන්නයක් ලියන්න කියලත් මට ආරාධනා කළා. මුණසිංහ නෝනා ට මම පට්ට්හානය ඉගැන්වුවේ බුරුම පොත බලාගෙන යි. අන්තිමට ඒ බුරුම පොත අනුව සන්නයක් ලිව්වා. මුණසිංහ නෝනා එයා ගේ වියදමින් ඒක මුද්‍රණය කළා. ඇත්තම කියනවා නම් මං මේකට සන්නයක් ලියන්න හරි ම කම්මැලි වුණා. හේතුව මේවා ඉගෙන ගන්න අය, බලන අය, දැන් මේ රටේ නැති නිසා යි. හුඟක් මහන්සි වෙලා කරන වැඩකින් ප්‍රයෝජනයකුත් තියෙන්න එපායැ."අභිධර්මයේ මූලික කරුණු"අභිධර්මයේ මූලික කරුණු පොත මං ලීවේ ඒ පිළිබඳ ලියලා තියෙන පොත්පත් කිහිපයක් කියවා බැලීමෙන් පසු ව යි. මට හිතුනා ඒවා ලියා තියෙන්නේ හරිහැටි කාරනා තේරුම් අරගෙන නො වෙන බව. අභිධර්මයේ එන ගැඹුරු කාරණා ගැන ලියන්න භාෂාවේ වචන හිඟ යි. ඒ නිසා මේ පොත මං හරි ප්‍රවේශමෙන් තෝරා බේරාගෙන තමයි ලියලා තියෙන්නේ. හැබැයි මං ඒ කාරණා හොඳ ට තේරුම් අරගෙන යි ලීවේ."චත්තාලිසාකාර විපස්සනා භාවනා"චත්තාලිසාකාර විපස්සනා භාවනා පොත ලිව්වේ දැන් ඉතින් අප ත් ඒ සඳහා යොමු විය යුතු යි කියලා හිතාගෙන යි. භාවනා කරන අය ට ඒ පොතෙනුත් ප්‍රයෝජනයක් ලබන්න ඇති. මගේ භාවනා පිළිබඳ දැනුමත් ඒ පොත ලිවීමෙන් හුඟාක් දියුණු වුණා. දැන් ඉතින් අන්තිම කාලෙට අප ත් ඇවිදින්. ඒ නිසා මේ චත්තාලිසාකාර විපස්සනා භාවනාවෙන් වාසය කිරීම ට අධිෂ්ඨාන කරගෙන මාත් ඒ අනුව කල් ගෙවනවා."බෞද්ධයා ගේ අත්පොත"බෞද්ධයා ගේ අත්පොත බෞද්ධයකු වශයෙන් මුලින් ම කියවා දැනගත යුතු කරුණු ඇතුළත් කොට ලියූ පොතක්. බෞද්ධකම අප ට උපතින් ම ලැබුණත් එය උපතින් ම පිහිටන්නක් නො වේ. ඒ සඳහා මූලික දැනුමක් අවශ්‍ය වෙනවා. මේ පොත ඒ සඳහා උපකාර වන බව යි මගේ හැගීම."පුණ්‍යේපදේශය"පින උසස් පහත් වන්නේ අඩු වැඩි වන්නේ කරන තැනැත්තා ගේ හොඳ නො හොඳකම් අනුව යි. තුනුරුවන් ගැන දැනුමක් නැති ව වැඳුම් පිදුම් කලයුතු වස්තු ගැන වැඳුම් පිදුම් කළ යුතු ආකාරය ගැන ඒවායේ අනුසස් ගැන හරි දැනුමක් නැති ව ගතානුගතික ව කරන අය ට එයින් උසස් පිනක් ලැබෙන්නේ නැහැ. උසස් පිනක් ලැබිය හැකි වන්නේ ඒවා ගැන දැනුමක් ඇති ව ක්‍රමානුකුල ව පින් කරන අය ට යි. අන්න ඒ දැනුම ඇති කිරීම සඳහා තමයි පුණ්‍යේපදේශය කියන පොත ලිව්වේ."මංගල ධර්ම විස්තරය"මංගල සුත්‍රය වැනි වටිනා උපදේශ මාලාවක් අනාවරණය කරන වෙනත් සුත්‍රයක් නැති තරම් ය. මිනිස් සමාජය විසින් අමතක කළ ගුණදහම් මංගල සුත්‍රයෙන් නැවත නැවත අප ට මතක් කර දෙනවා. මංගල සුත්‍රයේ ඇතුළත් මෙ ලොව පරලොව යහපත පිණිස හේතු වන මංගල කාරණා තිස්අටක් මංගල ධර්ම විස්තරය කියන පොතේ ඇතුළත් ව තියෙනවා. ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ආගම් භේදයකින් තොර ව හැම දෙනා විසින් ම කියවිය යුතු පොතක් වශයෙන් මෙය ලියා සකස් කළේ අපවත් වී වදාළ මගේ ශිෂ්‍ය ගොඩිගමුවේ සෝරත ස්ථවිරයන් වහන්සේ යි. පොත ලියනකොට මා ලියූ පත්‍රිකා හා අවශ්‍ය උපදෙස් මගෙනුත් ලබා ගත්තා. මංගල ධර්ම විස්තරය කාලීන වශයෙන් වැදගත් පොතක්."චතුරාර්ය සත්‍යය"බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහල වන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කිරීම ට යි. ලෝකෝත්තර මාර්ග ඵල ලැබීම ට නම් මෙ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ යුතු ම යි. කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි පරදි චතුරාර්ය සත්‍යය ධර්මය පැහැදිලි කරන්න ට මං හුඟක් උත්සාහ ගත්තා. මං හිතනවා මගේ උත්සාහය බොහෝ දුර ට ම සාර්ථක යි කියලා. මේ පොත ට ඉතා ම වටිනා ප්‍රස්තාවනාවක් ලීවේ අතිගරු බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ යි. අද ත් මං උන්වහන්සේ ට ඒ ගැන පින් දෙනවා."වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම"අකුසල ධර්මවලින් මිදීම ට සිත කිලිටි කරන ධර්ම ගැන අවබෝධයක් අප ට තියෙන්න ඕනෑ. අන්න ඒ අවබෝධය එක්තරා පමණකට හෝ ලබා දීමේ අරමුණ ඇතුව යි වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම කියන පොත මං ලිව්වේ. වත්ථ සුත්‍රයේ දක්වා තිබෙන චිත්තොපක්ලේශ ධර්ම පැහැදිලි කරමින් තමයි ඔය පොත ලිව්වේ. කුසල් ස්වරුපයෙන් ඉදිරිපත් වී සිත රවටන චිත්ත ස්වභාවය පැහැදිලි කිරීමක් මේ පොතෙන් කෙරෙනවා. මං හිතන විදියට මේ පිළිබඳ මෙතෙක් ලියවී තිබෙන එක ම පොත මේක යි. මේ වංචක ධර්ම පොත බොහෝ උගතුන් ගේ ප්‍රශංසාව ට ලක් වූ බව ත් මා දන්නවා."බුද්ධ නීති සංග්‍රහය"සත්වයා ගේ මෙ ලොව පරලොව යහපත ට ත් නිවන් ලැබීම ට ත් උපකාර වන ධර්ම විස්තර ඇතුළත් පොතක් තමයි මා විසින් සම්පාදනය කළ බුද්ධ නීති සංග්‍රහය. තුන් පිටකයේ පැතිර පවත්නා ඉතා ම වැදගත් උපදේශ ගාථා පන්සීය පනහක් මේ පොත ට ඇතුළත් වී තිබෙනවා. බුද්ධ නීති සංග්‍රහය කා හට ත් ඒක සේ ප්‍රයෝජනවත් වන පොතක් හැටියට මට කියන්න පුළුවන්. මෙ වැනි පොත් වෙනත් භාෂාවල ට පරිවර්තනය කළ හැකි නම් එයිනුත් විශාල පිරිසකට යහපතක් වෙනවා කියලා මං හිතනවා."බෝධිපාක්ෂික ධර්ම විස්තරය“බුදු, පසේ බුදු, මහා රහත් යනුවෙන් නිවන් දැකිය හැකි බෝධි තුනක් තියෙනවා. ඒ සත්‍යය අවබෝධ කරගැනීම ට උපකාර වන ධර්ම තිස් හතක් තියෙනවා. අන්න ඒ ධර්ම තිස්හත විස්තර කිරීම ට යි බෝධිපාක්ෂික ධර්ම විස්තරය කියන පොත මං ලීවේ. නිවන් ප්‍රාර්ථනා කරන අය විසින් කියවිය යුතු පොතක් වශයෙන් මේ පොත හඳුන්වා දෙන්නන පුළුවන්."“මේ හැරුණු විට එක එක වැදගත් මාතෘකා යටතේ තව ත් පොත් ගණනාවක් මං ලීවා. බෞද්ධයකු වශයෙන් දත යුතු මූලික කරුණු ඇතුළත් පොත් ලීවා වගේ ම අභිධර්මය හදාරන අය ට සහ මනෝ විද්‍යාත්මක ව බුදුදහම අගය කරන අය ට ත් වැදගත් පොත් ගණනාවක් මා විසින් ලියා තිබෙනවා. අද මේ රටේ විශාල වශයෙන් භාවනා වැඩ පිළිවෙල පැතිරිලා තියෙනවා. භාවනාව ගැන විශේෂයෙන් විදර්ශනා භාවනාව ගැන පොත් කිහිපයක් මං ලීවා. ඒ වගේ ම භික්ෂුන් වහන්සේලා ගේ ප්‍රයෝජනය සඳහා විනය කාර්ම පොත, උපසම්පදා ශීලය වගේ පොත් කිහිපයකුත් ලීවා. කිසිවක් ලියන්න කියන්න බැරි ව ඇස් දෙක ම පෙන්නේ නැතුව, කන් ඇහෙන්නේ නැතුව ඉන්න මට කලින් සඳහන් කළ හැටියට ඔය වගේ පොත් ටිකක් ලියන්න ට ලැබීම ගැන මං හරියට සතුටු වෙනවා.”රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් ට ලැබී ඇති ගෞරව උපාධි සහ පදවි"ඉස්කෝලේ දෙවන පන්තිය ට ගිය මට මොන පදවියක්වත් උපාදියක්වත් ලැබෙයි කියලා කවුද හිතුවේ. නමුත් ඉතින් ඔය ලැබී තියෙන්නේ. මුලදී මට මේ එකක් වත් තිබුනේ නැහැ. ලංකාව ට ආවා ට පස්සේ ඒක එක්කෙනා ගේ ඉල්ලීම් මත පොත් කිහිපයක් ලීවා. ඉන පස්සේ තමයි ඔය පදවි ලැබෙන්න පටන් ගත්තේ."ප්‍රාචීන භාෂෝපකාර සමාගමෙන් සම්මාන පණ්ඩිත උපාධියවිද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් අභිධර්මය පිළිබඳ මහාචාර්ය පදවියවිද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් සාහිත්‍ය චක්‍රවර්තී උපාධිය (1963)ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ මහා නායක පදවිය (1976)අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන නාමය (1995)ප්‍රවචන විශාරද නාමය (1995)රේරුකානේ චන්දවිමල මහා නායක හිමියන් හට ලද මෙ ම සම්මාන හා පදවි ආදිය උන්වහන්සේ ගේ ගුණයන් සහ සිදු වූ මෙහෙයයන් සොයා පැමිණි ඒවා මිස උන්වහන්සේ මේවා සොයා නො ගිය උතුම් සුපේසල ශික්ෂාකාමී දිවියක් ගතකළ භික්ෂුන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේ ගේ චරිතාපදානයෙන් මනා ව පිළිබිඹු වේ.ඉතා කෙටියෙන් මෙතෙක් ප්‍රකාශ කළ මෙ ම උදාරතර චරිත කතාවේ අවසානය සනිටුහන් කරන්න ට මත්තෙන් මේ කරුණ නො කිවහොත් එය විශාල අඩුවක් වනු ඇත.රේරුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ ගේ අවසාන කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳ 1981 ජනවාරි මස 10 දින අත්සන් යොදා සීල තබන ලද ලිපියක සඳහන් කර ඇත."මරණ දැන්වීම් එපා.මරණය ප්‍රසිද්ධ කරන්න එපා.කොඩියක්වත් දාන්න එපා.කිසි ම සැරසිල්ලක් එපා.මිනිය දැනට දහවල් කාලයේ ගත කරන කුඩා අන්ද මත තබන්න.මිනිය සමීපයේ පහන කිහිපයක් දල්වන්න.පන්සල් වත්තේ අයිනක දර සෑයක් තනන්න.දර සෑය හදා අවසාන වූ විගස උදේ හෝ දවල් හෝ රෑ හෝ මිනිය එ හි තබා පුච්චන්න.මිනිය සෑයේ තැබීම ට ගෙන යා යුත්තේ ලෑලි තට්ටුවක තබා ගෙන යි.ආදාහනය අවසාන වීමෙන් පසු එය නියම කර තිබූ පරිදි කළ බව පුවත් පත්වලින් ප්‍රසිද්ධ කරන්න.චන්දවිමල මහා නාහිමියන් අද ජීවමාන ව නැත ත් එ දා සිදුකළ ධර්ම දානය අද ට ත් ජීවමාන ව පවතී. උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සැප ලබාගැනීම සඳහා එ ම සියලු ධර්ම දානයන් හේතු වේ වා. බුදුදහමේ ත් රටේ ත් පින ට කලාතුරකින් පහල වන මෙ වන් පඬිවරු මතු මතු ත් අප රටේ පහල වේ වා.හැමෝම දැනුවත් වන්න මෙම ලිපිය ෂෙයා කරන්නමෙම තොරතුරු අඩංගු පොත බාගැනීමට -http://buddharashmi.net/346135013538350835423490350535393514-35153546351535403482353535053546-34883505353035033520353835123517-3512352435353505353535143482-3523353035203535.htmlදහම් පොත් බාගත කරගැනීමට -http://buddharashmi.net/35153546351535403482353535053546-34883505353035033520353835123517-351235243535-350535353524353835123538---34843530zwj3515350535303502350835453525.htmlදහම් පොත් මිලදී ගැනීමට -http://rerukanemahanahimi.
BLOG
2014.05.27
http://edulanka.blogspot.com
සාගර පලන්සූරිය ‍හෙවත් ‍කේයස්
Sathiska Udayanga
‍කේයස් යන විරුදාවලියෙන් හැදින්‍වෙන්‍ ‍නේ අ‍පේ ර‍ටේ බිහිවූ ඉතා දක්ෂ කවි‍යෙකු වන සාගර පලන්සූරිය ශූරීන් ‍වේ. 1908 ක් වූ මාර්තු මස 11 වැනිදා සබරගමුවේ පන්නිල්පත්තුවේ කළල්ඇල්ල බුංගිරියේ උපත ලද සාගර පලන්සූරිය මහතා‍ගේ ලියා පදිංචි නාමය වූ‍යේ පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා යන්නයි. ඉතා සුන්දර කවි‍යෙකු වූසාගර පලන්සූරිය‍‍දේශපාලනය, පැවිදි දිවිය,‍ලේඛනය ආදී ක්‍ෂේත්‍ර ගනනාවක් ඔස්‍‍සේ ජීවන අත්දැකීම් ලබා සිටීය. සු‍දෝ සුදු කවි පන්තිය‍මොහු විසින් රචනා කරන ලද අද්ද්විතීය කාව්‍ය රචනාව බ‍‍ව‍‍කිව හැක.ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු සලාමට දැනෙනවා යයි මගෙ අත දිගට ගලානාඬන් අම්මෙ නාඬන් මා විහිළු කළාඑන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තළාසු‍දෝසුදු කවි පන්ති‍යෙහි එන ‍මෙම කවිය මතක‍යේ නැති ‍‍කෙ‍නෙකු ‍නොමැති තරම්ය. කාලකණ්ණියා, මල්හාමි, කැලණි විත්ති, විසිවුණ තරු, අපේ ඇත්තන්ගෙ විත්ති ආදී විවිධ කාව්‍ය රචනා වලට අමතරව දම්පද සුගතවාණී ආදී ගද්‍ය කෘති ද ‍මොහු විසින් රචනා කරනු ලැබීය. ‍කේයස්‍ගේ කවි - කටු‍රොද ගමබඩවැටි මල් පඳුරු මුඩුබිම් පිසිමි න්නේකටුරොද ගම්මානයට මඳුනල එ න්නේපුර පසළොස්වකට පුන්සඳු පාය න්නේමැණිකේ නිසා බව ටික දෙනෙකුයි ද න්නේ වෙල බඩ මල් පඳුරු වල මල් පුබුදි න්ට මී මැස්සන්ට රස මීයක් බැඳ ග න්ටමිහිරි සිහින බැලුමට කිරි දරුව න්ටපුළුවන් වේද මැණිකේ මෙහි නොසිටි න්ටකටුරොද මඩ වගුරුවල මානෙල් ඕ ලුමැණිකෙගෙ මුහුණ බැලුමට පොර කනවා ලුපැල්පත තුළ තනිව වෙසෙනා ඇගෙ පා ලු කැපුමට සුළඟ රස ගී පවසනවා ලු රුවැත් තියක් මුත් කුලදම් සිරීත් සෙවීඇවැත් නොමැති මේ මැණිකෙට හිතැත් තිවීජගත් සිරී ඈ වෙනුවෙන් අළුත් වෙවීඅදුත් කියයි රස සංගීතවත් කවී නෙත් අඳ පුතා දුවසක් මව වෙත පැමිණසිප ගනිමින් නොපෙණෙතත් මවගේ මුහුණඅම්මේ මේ ළමයි හොඳු නැහැ බොරු කියනකිව්වම ඈ විතාළා මොකදැයි කරුණමල් ලස්සණයි හොඳ හොඳ පාටයි කීවාපෙනෙනවා දුකිනවා කියනා ඒවාමොනවද අම්මේ මම අහගන්නට ආවාතෝරා දෙන්න මම දන්නේ නැහැ මේවාමල්වල හොඳු සුවඳ මිස පාටක් කොහෙ දඒවා මොලොක් බව තේරෙනවා මට දඑලියක් කියා මොකවත් හෙම තියෙනව දමට තේරුම් ගන්ට අම්මේ බැරි මොක දඋණුසුම දැනේ දහවල් මට රැයට වඩාවෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට වඩාමට නොදැනෙන්නෙ මම කණ කොලුවෙක්ලු කුඩාලොකු වෙන කොට දැනේවිද මම අසමි අඬා ඇඟිලි තුඩට මල් පෙතිවල ඇති මෙලෙ ක මට දැනෙනවා එය අල්ලන හැම විටෙ කපාට කියා ඇත්නම් ගතියක් මල කඅම්මේ අත නොගෑවෙන එක තමයි දු කලස්සණ කියන දේ නැහැයට වත් කණ ටමගේ දිවට හරි මගෙ අතපය වල ටනොදැනෙන්නේ මොකද තෝරා දෙන කල ටඉවසාගෙන ඉන්ට අම්මේ බැරිය ම ට ‍කේයස් පිලිබද විස්තරමුල් නම– පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයාපසු නම්– කළල්ඇල්ලේ පේමානන්ද, කළල්ඇල්ලේ ආනන්ද සාගරභාවිතා වූ පසු නම්- සාගර පලන්සූරිය (කේයස්)උපත– 1908 මාර්තු මස 11 දාවෘත්තීන්– ගුරු වෘත්තිය, පුවත්පත් කර්තෘ, පර්යේෂණ අධ්‍යක්ෂවෙනත්– පාර්ලිමේන්තු මන්ත්‍රී (ප්‍රතිභාපූර්ණ කවියෙකි)විවාහය– 1948 නොවැම්බර් මස 26 දාපුතුන්– තිදෙනෙකි. කීර්ති විජය සාගර පලන්සූරිය, ලක්විජය සාගර පලන්සූරිය සහ ගීතකුමාර සාගර පලන්සූරියබිරිය– ග්ලැඩිස් චන්ද්‍රා පෙරේරාවිපත– 1961 ජූනි මස 21 දා පිලපිටියේ දී‍කේයස් පිලිබද ලිපිසිළුමිණ -http://www.lk/punkalasa/20120311/_art.fn=ar12031111දැනුම -http://www.
BLOG
2014.05.11
http://edulanka.blogspot.com
රුධිරය
Sathiska Udayanga
රුධිරය අපට ජීවත්වීම සදහා නැතිවම බැරි‍දෙයකි. නමුත් අනතුරකදී‍හෝ‍වෙනයම්‍රෝගී තත්වයකදී‍වෙනත් අයකු‍ගේ රුධිරය අප ශරීරයට ලබා දීමට සිදු‍වේ.‍මෙහිදී ඕනෑම‍කෙ‍නෙකු‍ගේ රුධිරය තවත්‍කෙ‍නෙකුට ලබා දිය‍නොහැක. ඒ සදහා රුධිර කාන්ඩය ගැලපිය යුතු‍වේ.පහත වගු‍වෙන් රුධිරය ගැල‍පෙන ආකාරය දක්නට ලැ‍බේ.
BLOG
2014.03.13
http://edulanka.blogspot.com
රාජාවලිය
Deepika Arunashanthi
විජය හා උපතිස්ස ඇමති තම්මැන්නා 543 - 504 ක්‍රි.පු. 38<br />පඩුවස්දෙව් තම්මැන්නා 504 - 474 ක්‍රි.පු. 30<br />අභය තම්මැන්නා 474 - 454 ක්‍රි.පු. 20ගණතිස්ස තම්මැන්නා 454 - 437 ක්‍රි.පු. 17<br />පණ්ඩුකාභය තම්මැන්නා 437 - 367 ක්‍රි.පු. 70මුටසීව අනුරාධපුර 367 - 307 ක්‍රි.පු. 60දේවානම්පියතිස්ස අනුරාධපුර 307 - 267 ක්‍රි.පු. 40උත්තිය අනුරාධපුර 267 - 257ක්‍රි.පු. 10මහාසිව අනුරාධපුර 257 - 247ක්‍රි.පු. 10සූරතිස්ස අනුරාධපුර 247 - 237ක්‍රි.පු. 10සේන හා ගුත්තික අසරුවන් දෙදෙනා අනුරාධපුර 237 - 215ක්‍රි.පු. 22අසේල අනුරාධපුර 215 - 205ක්‍රි.පු. 10එළාර අනුරාධපුර 205 - 161ක්‍රි.පු. 44දුටුගැමුණු අනුරාධපුර 161 - 137ක්‍රි.පු. 24සද්ධාතිස්ස අනුරාධපුර 137 - 119ක්‍රි.පු. 18තුලුනා අනුරාධපුර 119 - 119ක්‍රි.පු. 0ලප්පිතිස්ස අනුරාධපුර 119 - 109ක්‍රි.පු. 9ඛල්ලාටනාග අනුරාධපුර 109 - 103ක්‍රි.පු. 6වලගම්බා (පළමුවර) අනුරාධපුර 103 - 103ක්‍රි.පු. 0පූලහත්ථ බාතිය පනයමාර පිළයමාර දාඨිය අනුරාධපුර 133 - 88ක්‍රි.පු. 14වලගම්බා (දෙවනවර) අනුරාධපුර 88 - 76ක්‍රි.පු. 12මහසිලුමහතිස් අනුරාධපුර 76 - 62ක්‍රි.පු. 14චෝරනාග අනුරාධපුර 62 - 50ක්‍රි.පු. 12කුඩා තිස්ස අනුරාධපුර 50 - 47ක්‍රි.පු. 3අනුලා බිසව සහ ඇගේ වල්ලභයෝ අනුරාධපුර 47 - 42ක්‍රි.පු. 5මකලන්තිස්ස අනුරාධපුර 42 - 20ක්‍රි.පු. 22භාතිය අනුරාධපුර 20ක්‍රි.පු. - 9ක්‍රි.ව. 29මහදැලියාමාන අනුරාධපුර 9 - 21 ක්‍රි.ව. 12අඩගැමුණු අනුරාධපුර 21 - 30 ක්‍රි.ව. 9කර්ණරාජානුතිස්ස අනුරාධපුරචූලාභය තිස්ස අනුරාධපුරසීවලී තිස්ස අනුරාධපුරඉලනාග (පළමුවර) අනුරාධපුරඉලනාග (දෙවනවර) අනුරාධපුරසදමුහුණු අනුරාධපුරයසලාලකතිස්ස අනුරාධපුරසුභ නම් දොරටුපාලයා අනුරාධපුරවසභ අනුරාධපුරවංකනාසිකතිස්ස අනුරාධපුරගජබාරජ 1 අනුරාධපුරමහලුනා අනුරාධපුරභාතිය 11 අනුරාධපුරකණිටුතිස්ස අනුරාධපුරචූලනාග අනුරාධපුරකුඩානාග අනුරාධපුරසිරිනාග 1 අනුරාධපුරවොහාරතිස්ස අනුරාධපුරඅභයනාග අනුරාධපුරසිරිනාග 11 අනුරාධපුරවිජයිදු අනුරාධපුරසිද්ධාතිස්ස අනුරාධපුරසිරිසගබෝ අනුරාධපුරගොඨාභය අනුරාධපුරදෙටුතිස් 1 අනුරාධපුරමහාසේන අනුරාධපුරකිත්සිරිමෙවන් අනුරාධපුරදෙටුතිස් 11 අනුරාධපුරබුද්ධදාස අනුරාධපුරඋපතිස්ස 11 අනුරාධපුරමහානාම අනුරාධපුරසොත්ථිසේන අනුරාධපුරසංෂා කුමරිය අනුරාධපුරමිත්‍රෙස්න අනුරාධපුරපණ්ඩු අනුරාධපුරපාරින්ද අනුරාධපුරකුඩා පාරින්ද අනුරාධපුරතිරීතර දාඨිය පීඨීය අනුරාධපුරධාතුසේන අනුරාධපුරකාෂ්‍යප 1 අනුරාධපුරමුගලන් 1 අනුරාධපුරකුමාරදාස අනුරාධපුරකීර්තිසේන අනුරාධපුරසීව කුමරු අනුරාධපුරඋපතිස්ස 111 අනුරාධපුරසිලාකාල අනුරාධපුරදාපුලුසෙන් 1 අනුරාධපුරමුගලන් 11 අනුරාධපුරකිත්සිරිමෙවන් 11 අනුරාධපුරමහානාමඅග්බෝ 1අග්බෝ 11සංඝතිස්සමුගලන් 111සීලාමේඝවර්ණඅග්බෝ 111 පළමුවරදෙටුතිස් 111අග්බෝ 111 දෙවණවරදාඨෝපතිස්ස 1කාෂ්‍යප 11දප්පුල 1දාඨෝපතිස්ස 11අග්බෝ 4දන්තහත්ථදාඨමාණවම්මඅග්බෝ 5කාෂ්‍යප 111මිහිදු 1දප්පුල 11මිහිදු 111අග්බෝ 8දප්පුල 3අග්බෝ 9සේන 1සේන 2උදය 1කාෂ්‍යප 4කාෂ්‍යප 5දප්පුල 4දප්පුල 5උදය 2සේන3උදය 3සේන 4මිහිදු 4සේන 5මිහිදු 5 පොළොන්නරුවවිජයබාහු 1ජයබාහු 2විජයබාහු 2ගජබාහු 2පරාක්‍රමබාහු 1විජයබාහු 2මිහිදු 6නිශ්ශංකමල්ලවීරබාහු 1වික්‍රමබාහු 2වොඩංගලීලාවතී බිසවසාහස්සමල්ලකළ්‍යානවතීධර්මාශෝකඅණිකංගලීලාවතී බිසව දෙවනවරලෝකේෂ්වරලීලාවතී බිසව තෙවවනවරපරාක්‍රමපාණ්ඩුමාඝවිජයබාහු 111 දඹදෙනියපරාක්‍රමබාහු 11විජයබාහු 4 පොළොන්නරුවබුවනෙකබාහු 1බුවනෙකබාහු 2 කුරුනෑගලපරාක්‍රමබාහු 4බුවනෙකබාහු 3විජයබාහු 5බුවනෙකබාහු 4 ගම්පොළපරාක්‍රමබාහු 5වික්‍රමබාහු 3බුවනෙකබාහු 5 ගමිපොළවීරබාහු 2විජයබාහු 6අලකේෂ්වරපරාක්‍රමබාහු 6ජයබාහු කෝට්ටේබුවනෙකබාහු 6පරාක්‍රමබාහු 7වීර පරාක්‍රමබාහු ධර්ම පරාක්‍රමබාහු විජයබා 7බුවනෙකබාහු 7දොන් ජුවන් ධර්මපාල කෝට්ටේ හා සීතාවකමායාදුන්නේරාජසිංහවිමලධර්මසූරිය සෙංකඩගලසෙනරත්රාජසිංහ 2විමලධර්මසූරිය 2නරේන්ද්‍රසිංහශ්‍රී විජය රාජසිංහකීර්ති ශ්‍රී රාජසිංහරාජාධි රාජසිංහශ්‍රී වික්‍රම රාජසිංහ.
BLOG
2014.02.21
http://edulanka.blogspot.com
ජනකවි රොත්තක්
Sathiska Udayanga
ශ්‍රී ලාංකීය ග්‍රාමීය ජන සමාජය විසින් තම රැකියාවේ වෙහෙස මහන්සිය නිවා සන්සිදුවා ගැනීම සදහා නිර්මාණය කල සුන්දර ජනගී පෙලක් මෙ‍සේ ඉදිරිපත් කරමු.වෙල් යායක ගොන් දෙන්නෙක්‌ කකා උනිඉන්එක ගොනෙක්‌ වලිගය නැතිව වැනි වැනිවලිගයඇති ගොනා මැස්‌සන්ට බැට දුනිදුප්පත්කමත්වලිගය නැති ගොනා වැනිපැල් රක්‌නා අපෙ වරිගේ හත් මුත්තෝඋන්දැලහතර පෝයට අටසිල් ගත්තෝහේනෙකුඹුරෙ වැඩ නිසි ලෙස දැන ගත්තෝජාතිත්වාසනාවන් ඒ මී මුත්තෝඅතට වළලු කොහෙන් දුවේපයටගිගිරි කොහෙන් දුවේඉනටහවඩි කොහෙන් දුවේදැනටනිදා ගනින් දුවේපුතේ නුඹේ ලොකු අම්මාඅතේවළල්ලක්‌ දැම්මාමෙසේමියුරු තෙපළම්මාපුතේනාඩ නිදියම්මාබඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙටමැනලාවී දෙකක්‌ දුන්නයි මල්ල කටගන්දෝනොගන්දෝ කියලා සිතුනි මටමැනලද පුතේ කිරි දුන්නේ මා නුඹටමල්ලියෙ ඔහොම නොකරන් අපෙ අම්මාටතියෙනදෙයක්‌ දෙන්නෙත් අපි දෙන්නාටදෙතනේකිරි දුන්නෙත් අපි දෙන්නාටබුදුන්වඳින ලෙස වැඳපන් අම්මාටකැලේ ගොසින් ලී කැපුවා කැත්ත දනීවෙලේගොසින් වැට බැන්දා නියර දනීපැලේගොසින් පැල් රැක්‌කා පැදුර දනීමෙදායලේ වී නැතුවා අටුව දනීවඳුරා ගොඩට අපි ඇවිදින් විදින දුකාගැටියනැති මුට්‌ටි පොඩියේ උයන් කකාපණම්විස්‌ස ණය වෙනකොට හිතට දුකාමීටවැඩිය නරකද ගම හිඟා කකාදම්බරා මැද්ද මග හිමය මැද යමුකඩාපලු වීර කාලා වතුර බොමුඅඬනළමයි මඟ සිටුවා කිරි පොවමුමයියන්ගනේවැඳ බැහැදැක යන්ට යමුඅහසට හිමි ඉරහඳ දෙවියන් නේපොළොවටහිමි මිහිකත් දෙවියන් නේදෙලොවටතෙද ඇති සක්‌දෙවියන් නේමෙලොවටවැඩි දෙවි අවසර දෙන් නේබඹේකට ඈත මගෙ කුඹුර පෙනි පෙනීසබේබැන්ද ජයසක්‌ සේම පෙනි පෙනීඔබේපිහිට ඇත්නම් මෙමට පුළුවනීඉබේකෙඳිරි ගෑවෙන ලෙඩකි බඩගිනීඉරට මුවාවෙන් ඉඳගෙන ඉස පීරනවාසඳටමුවාවෙන් ඉඳගෙන සලු පළඳිනවාමලටමුවාවෙන් ඉඳගෙන මල් පළඳිනවාඅපටමුවාවෙන් ඉඳගෙන ඔමරි කරනවාපැල් කවිඉරු දෙවියන් ඉර මුදුනෙන් වඩින තුරාසඳදෙවියන් සඳ මුදුනෙන් වඩින තුරාගණදෙවියන් ගන අඳුරෙන් වඩින තුරාසීපදකියමු අපි ඉරගල තිබෙන තුරාඋණදඬු කපන තපන තැන උණ දඬු රිකිල්ලාබටදඬු කපන තැන රන්වන් කුරුල්ලාවතුරබසින තැන හොල්මන් කුරුල්ලාසීපදකියන්නට කවුරුත් වරෙල්ලාපෙරකලේතැනු පැල දැන් දිරාලාඑමකා‍ලේබැදපු වැට ගොනු කඩාලාපැල්පතේගොයම් රෑ රැක බලාලානිදිමතේකියමු පැල් කවි ගොතාලාඑගොඩත්බලම් එගොඩත් වවුලන්ගෙ කැලේමෙගොඩත්බලමි මොගොඩත් වවුලන්ගෙ කැලේදෙගොඩමබලම් දෙගොඩම වවුලන්ගෙ කැලේවවිලනිතොපට මොර ඉදිලා පල්ලෙ කැලේදුම්බරහිමවතේ මා වී පැසෙන්නේදුක්‌දෙනඅලි ඇතුන් පන්නා හරින්නේරැකුමෙනදෙවියනේ වෙල බත බුදින්නේදුප්පත්කම නිසයි මම පැල් රකින්නේඅනේමහතුනේ මට උන වියෝයාපිලේපැදුර හොරු අරගෙන ගියෝයාගෙදරගියත් මා නොතකන ලියෝයාපැදුරදුන් කෙනෙක්‌ මගෙ නෑ සියෝයාඇල්හේනේ උඩ මැස්සේ සිටින නගෝඇඳිසේලේ රැළි සුළඟට නගන නගෝකකාබුලත් සප සුළඟට නගන නගෝකුරුණෑගලටමග නොසඟව කියකො නගෝකන්ද උඩින් එන කිකිළිය ගෝමරි යේනළල්වටින් එන දාඩිය මුතු සැටි යේඅතපා මුදු පය පා මුදු වයිරෝඩි යේමටපිටිපා ගෙට යනවද සුරතලි යේකිරිවැදි වැදි කිරි වැදි වැදි මෝරන්නේගොබඇදි ඇදි ගොබ ඇදි ඇදි පූදින්නේඅතනැමි නැමි අත නැමි නැමි බරවෙන්නේපැලටවෙන්න දැන් කාලය ලන්වෙන්නේලස්සනහිමවතේ මා වී පැසෙන්නේදුක්දෙන අලි ඇතුන් පලවා හරින්නේරැක්මෙනදෙවියනේ වෙල බත බුදින්නේදුප්පත්කමනිසයි මම පැල් රකින්නේපැලේපැදුර සුළඟට වැනි වැනීයෝවැවේවතුර රැල්ලට සිඳි සිඳීයෝවෙලේගොයම පින්නට පැසි පැසීයෝ‍අපේමෙවන් දුක දෙවිඳුට පෙනීයෝවෙලකමහිම බල මාවී පැසී ලාපැලකමහිම බල බට කොල හොයා ලාමලකමහිම බල අතු අග පිපි ලාළියකමහිම බල ගෝමර ඉසි ලාවෙලහොඳ මොකද යල මහ පාලු වේ නම්පැලහොඳ මොකද පොද වැස්සට තෙමේ නම්මලහොඳ මොකද අතු අග පරවයේ නම්ලියහොඳ මොකද ඉසි ගෝමර මැකේ නම්වරම්ගතිමි ඉර සඳ දෙවි අතින් වරම්වරම්ගතිමි මිහිකත දෙවි අතින් වරම්වරම්ගතිමි සක්වල දෙවි අතින් වරම්වරම්ගොයම් කව්පුමට දෙවිඳුගෙන් වරම්තෙල්ගාලා ඉස පිරන් නෑනෝඇටවැල ඇරගෙන බැදගන් නෑනෝසේලේඅරගෙන ඇදපන් නෑනෝගොයමිනෙළන්නට යමු අපි නෑනෝඉරැදෙවියෝ වැඩිය තැනේබොල්පිණි ගිලිහෙයි සැනිනේසදදෙවියෝ වැඩිය තැනේකරැවලනොතිබෙයි එතනේපසේබුදුන් වැඩිය තැනේපස්පව්දුරැවෙයි සැනිනේගනදෙවියෝ වැඩිය තැනේනුවණවැඩෙනවා නිතිනේමේකොතනින් ගෙනා ගොනාරැහුණුරටින් ගෙනා ගොනාකොඹමැඩුමට ගෙනා ගොනාකොඹමැඩුම‍ට හොදයි ගොනාගොනුගෙපයේ රනෙන් විල්ලඅපේපයේ රිදි විල්ලකමතවටේ කරැකැ විල්ලඋනාවරෙන් බැත වලල්ලඑගො‍ඩ ගොඩේ නා කණුවෙ බැන්ද ගොනාමෙගොඩගොඩේ සපු කණුවෙ බැන්ද ගොනාදෙගොඩතලා යන වතුරට පැන්න ගොනාඅපොයිමගේ රන්මුතු මල්ලියා ගොනාමලේමලේ තැඹිලිය වැන්න පොල් මලේබලේබලේ රාසිං දෙවියන්ග බලේරැළේරැළේ මුදෙන් දමන දිය රැළේගලේකොටුව බැන්දයි තිරිකුණා ම‍ලේමංබාලේ ඇති කළ තලගොයි පැටියාමටතනිවට මිදුලේ පෙමි‍‍ කෙළ සිටියා‍උගෙමරැවා ඌ ඇවිදින් ඇරන් ගියානිවන්පුරේ පලයන් තලගොයි පැටියාගසටනමකි ගස මරැණම වෙන නමකීගෙඩියටනමකි ගෙඩියේ පොත්තට නමකීමදයටනමකී මද කන කොට වෙන නමකීමෙතුන්පදේ තෝරාලා කියන් සකීගොයම් කවි/නෙළුම් කවිරන් දෑකැති ගෙන නිති සැරසෙනවාරත්ත්‍රංපටි ඉන වට දිලිසෙනවාහිරුදුටුපිණිබිදු සුලඟේ යනවාදුම්බරකෙතෙ අපි ගොයම් කපනවාඋඩින්සිටින හිරු දෙවියෝ සෙවන කරාබිමින්සිටින මිහිකත දෙවි කලස දරාවටින්සිටින මිහිකත දෙවියෝ අරක් කරාඉතින්කපමු අපි එකතුව ගොයම් පුරාවරම්වරම්මට මහ බඹු අතින් වරම්වරම්වරම්දෙවිඉසිවර අතින් වරම්වරම්වරම්සක්දෙවි අතින් වරම්වරම්ගොයම්කැපුමටදෙවිඳුගෙන් වරම්මංසොඳ දෙවි වැඳ අවසර ගන්නේපෙම්වඩවනකවි නිතර කියන්නේඉන්වරදක් ඇති මුත් දුර ලන්නේපින්ඇති සැම දෙවි අවසර දෙන්නේමුදුනේ යන ගොන් රජු නේපසුපසයන කිරි ගොනු නේවටදුවනා නාම්බ නේකොඹමඩවා දෙන් සොදි නේමේකාගෙද ගොන් වස්සාකලු‍ගොයියාගෙ ගොන් වස්සාඋගේපිටේ ඇට මැස්සාඑළවාදක්කන් වස්සාදුම්බරකෙතේ වැට බැඳලා රැකුම් බැලුම්මාවැලිගඟේ දිය බැඳලා කෙත‍ට ගිලුම්බොළඳළියන් කර ඔසවා බලන බැලුම්තුම්පත්රටාවයි දුම්බර කෙතේ නෙලුම්ඉඩවරදවසට කොයි ‍ ගොයියාසතරවනන්තර කොටා දමයියාපතරඅකුල් කටු නසා දමයියාවිසුණුකරයි වැසියොති ගිනි දෙයියාවිදලානගුලුත් ඇණ ගසමින්නේවිදලාවිය දඬු ලණු අදිමින්නේයොදලානැකතක් ගෙන සලසන්නේබැඳලාගොන්ගෙයි හි මඩවන්නේඉනේබලාපන් ඉනවට සේල බලාපන්අතේබලාපන් අත වට ගිගිරි බලාපන්කරේබලාපන් කරවට මාල බලාපන්දැදුරුඔයෙන් එන එතනගේ ඔමරි බලාපන්තඹුරු පුබුදු මල් සුවඳයි හැම විටබමරුඇවිත් රොන් ගෙන යති උදයටමදුරුකිඳුරු නද වෙති තද වාතෙටනැඹුරුවෙලා ඉකි ගෝමර තරමටඇදුනිසතක් කොළ පෙති අග තුඩු දීපෙනුණිසුනිල් තණ පත් ලෙස නද දීඇදුනියපුරුකක් ඒ නිසි කල දිපිපුණිගොයම් මල් නව පෙත්තේ දීසෙතක්ලැබේවා තිසරණ සරණේ අවසරමෙලක්දිවට අධිපති සැම දෙවිඳුන් සිහිකරදොසක්ඇතත් දුරු කර සෙත සලසා නිරතුරමදක්කියමි නෙළුම් තහංචිය අපි කවි කරසැමටකියමි වදනක් සිතුසේම අසන් නටසතුටුසිතින් පිළිගනු එය සමාවෙලා මටකෙතටබසින්නට පළමුව බුදු ගුණ සිහි කොටපිහිටපතා දෙවියන්ගේ බසිමුකො කුඹු රටඋදේසිටන් වකුටු කොන්ද දිග ඇරපල්ලාඅතේතියෙන නෙලාපු වල් විසි කරපල්ලාඉනේතියෙන ලේන්සු පොඩි අතට ගනිල්ලාබුදුන්දහම් සඟ සරණින් ගොඩට යමල්ලාතෙල් ගාලා ඉස පීරන් නෑනෝඇටවැල ඇරගෙන බැඳගන් නෑනෝසේලේඅරගෙන ඇඳපන් නෑනෝගොයම්නෙළන්නට යමු අපි නෑනෝකැකුළුතිසරු ඔසරියෙන් වසා ගෙනරුකුළුවළලු දෑතේ නද දී ගෙනමැදලාපුස්කොළ තෝඩු තියා ගෙනවෙලමැද නෙලුමට යමු සැරසි ගෙනරටටගමට ජාතියටත් ගරු කොටපණටකයට අප සැම උදව්වටනිවටනොවී හොඳ කල් ගත කෙරුවටවෙලටබහිමු අපි ගොයම නෙලන්නටබොහොමගන්ට නම් ගොයමෙන් අස්වනුබොහොමහොදට නෙළුමත් ඕනෑ වෙනුකොහොමකලත් බෑ නොහෙලා දැනගනුනෙළුමතමයි අපේ පුරුදුම කහවනුතුනක්ඇදුනි කොළ පෙති ජල මත්තේමදක්පමණ වෙන කොට සිවු පෙත්තේදනක්පමණ වෙන කොට පස් පෙත්තේසයක්ඇදුණි කොළ බොරු නැත සන්නේ.
BLOG
2013.12.20
http://edulanka.blogspot.com
අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල
Sathiska Udayanga
ප්‍රතිඵල බැලීම සදහා - www.lk වෙත පිවිසෙන්න එස් එම් එස් මගින් ලබා ගැනීමට - Type EXAMS INDEX NO and send to Dialog - 7777Mobitel - 8884Etisalat - 3926Airtel - 7545Hutch - 8888.
BLOG
2013.09.30
http://edulanka.blogspot.com
පුංචි පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල - 2013
Sathiska Udayanga
පුංචි පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල - 2013ප්‍රතිඵල බැලීම සදහා -www.lk වෙත පිවිසෙන්නඑස් එම් එස් මගින් ලබා ගැනීමට -Type EXAMS <SPACE> INDEX NO and send toDialog 7777Mobitel 8884Etisalat 3926Airtel 7545Hutch 8888.
BLOG
2014.09.30
http://mahason-brotherhood.blogspot.com/
කැමතිම සුත්‍රය
Mahason Brotherhood
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:"Iskoola Pota"; mso-bidi-theme-font:minor-bidi; mso-bidi-language:AR-SA;} මා කුඩාකාලයේ මට තිබුණු ගැටළුවක් මෙය මා නිතරමඅම්මගෙන් අහනවා, අම්මෙ මම කොමද ආවේ කියල,අම්ම අරං ආවා කියනවා, එනම් අම්මා ආවේආච්චි ඕම ඔන්න කතාව දුර දිග ගිහිං අම්මට සුපිරි ඇණයක් වෙනවා, මට තාමත් අම්මා ඒගැනකියනවා, ඕකට මුල කාරණය තමා මම ආවේ කොමද... මේ සරළ වගේ පේන ගැටළු සහිත පර්ස්නයක්,එයට අගනාම පිළිතුර ලැබුන එය බුදුදහම තුළ මනාව දක්වලා තියනවාමෙය කුඩා දරුවකුට දෙන පිළිතුර ඉක්මවා ගිය අග්‍ර ගණයේ පිළිතුර මට සිතුනා පින්වත් ඔබසැම බෙදා ගන්න මෙය අසන්නට හා කියවන්නට, තවදෙයක් මෙය මා අසා ඇති සුත්‍ර වලින්කැමතිම සුත්‍රයක් ලෙස දක්වන්නට පුළුවන් Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.4pt 0in 5.
BLOG
2014.09.27
http://mahason-brotherhood.blogspot.com/
පවෙන් මිදෙන්නට සිත් ඇති වෙන්නයි
Mahason Brotherhood
අගනා ලිපි පෙළක් සියලුදෙනා වෙත..පවෙන් මිදෙන්නට සිත් ඇති වෙන්නයි.. නිදුක් නිරෝගී බව ලැබ ගන්නයි.. බව දුක දුරු කර ගන්නයි..කියවන්න සිතට ගෙන ක්‍රියා කරන්න.. ඔබ මෙතෙක් කල ක්‍රියා කෙබදුදැයි ඔබටම වැටහේවි කර්ම විපාක මෙතැනින් බාගත කල හැකිය තෙරුවන් සරණයිසංජය කළුපහන.
BLOG
2014.04.03
http://mahason-brotherhood.blogspot.com/
බුද්ධගයා අරගලයේ අප්‍රකට තොරතුරු
Mahason Brotherhood
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-language:AR-SA;} අනගාරික ධර්මපාලමහත්මයා අපට මතක් වනුයේ ජන්ම දිනයට නිදහස ගැන කතා කරනා කොට පමණි,එතුමා නිදහස් කලජුජනිය ස්ථානයක් ගැන අප්‍රකට තොරතුරු බිදක් රොහාන් එල්. ජයතිලක මහත්මා බුදුසරණපුවත් පතට සපයාතිබුන මෙය ඉන් උපුටා ගැනීමකි, භාග්‍යවතුන් වහන්සේබුද්ධත්වය ලද භාරතයේ බිහාර් ප්‍රාන්තයේ ගයා දිස්ත්‍රික්කයේපිහිටි බුද්ධගයා මහා විහාරය අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාවේ භික්‍ෂූන්වහන්සේ සහ සැදැහැවතුන් ගේ වන්දනාවට පාත්‍ර විය. සංඝමිත්තා තෙරණිය ,ක්‍රි.පූ. 3 වැනි සියවසදේවානම්පියතිස්ස රාජ්‍ය සමයෙහි සිය සොහොයුරු මිහිඳු මහ රහතන් වහන්සේගේඉල්ලීම පරිදි බුද්ධ ගයාවෙන් ශ්‍රී මහා බෝධි දක්‍ෂිණ ශාඛාවක්වැඩම කරවූහ.බෝධීන් වහන්සේ අනුරාධපුර මහාමේඝ මහ පූජා භූමියේ රෝපණය කිරීමෙන් අනතුරුව,ශ්‍රී ලංකාවේ භික්‍ෂූන්වහන්සේ ට සහ සැදැහැවතුනට ගයාවේ ශ්‍රී මහා බෝධින් වහන්සේවැද පුදා ගැනීමට අභිලාෂයක් ඇති වූහ. එසේ වන්දනාව සඳහා ගමන් කළ මාර්ගය ක්‍රි.ව.14වැනි සියවස අනුරාධපුර වේදේහ නම් භික්‍ෂූන් වහන්සේ අනුරාධපුරමහා විහාරවාසී ගුත්තක පිරිවෙනෙහි වැඩ විසූ රට්ඨපාලනමැති හිමිනමක් පාළියට පරිවර්තනයක් සැකසූ සහස්සවත්‍ථුපප්කරණයඅනුසාරයෙන් සිංහලයෙන් සැකසූ රසවාහිනියේ (2 වැනි පුස්තකය , පිටු 124 -128 ) මෙසේසඳහන් වේ.අනුරාධපුර සිට කොට්ටපත්තන (වර්තමාන යාපනයේ සම්බල්තුරෙයි ) දක්වා සද්ධර්මලංකාරයටඅනුව එම තොටුපොල පාමතු- පටුන්ගම දක්වා පියවි ගමනින් මාස සතරක්ද එතැන් සිටමුහුදු යාත්‍රාවකින් පරතිර දක්වා (එනම් එකල කාලිංග දේශයේ, වර්තමාන ඔරිස්සාවේතොටුපොල වන භුවනේෂ්වර දක්වා මාස දෙකක් ද එතැන් සිට පියවිගමනින් බුද්ධගයාව දක්වා මාස සතරක් ද ලෙස දළ වශයෙන් එම වන්දනා ගමනට මාසදහයක් හෝ එකොලහක් පමණ ගත වන්නට ඇත. එම ගමන් මාර්ගයේඅනුරාධපුර සිට බුද්ධගයාවට (කීර්ති ශ්‍රී මේඝවර්ණ රජදවස ) වැඩම කළ භික්‍ෂූන් වහන්සේ පිරිසකට එකලබුද්ධගයාවේ වැඩ විසීමට එහි තිබූ ආරාමයන්හි අවකාශ නොලැබිණි.නැවතදිවයිනට වැඩි එම හිමිවරු ශ්‍රී මේඝවර්ණ රජුට තමන්ට සිදු වූ එම හිරිහැරයසැළකරණ ලදී.රජතුමා තෑගි බෝග සමඟ දූත පිරිසක් භාරතයේ සමුද්‍ර ගුප්ත රජු වෙත(ක්‍රි.ව. 335-376 ) යවාඅවසරය ලබාගෙන බුද්ධගයාවේ සිව්මහල් සිංහල සංඝාරාමයක් තනවන ලදී. චීනලේඛනයක එම සිද්ධිය සදහන් වන අතර, බුද්ධගයා මහා විහාරයේ ගල් වැටේ එම විහාරය තැනීම ගැනගුප්ත සමයේ බ්‍රාහ්මී අක්ෂරයෙන් සඳහන් කර ඇත.එමෙන්ම එම ගල්වැටේ ශ්‍රී ලංකාවෙන්බුද්ධගයාවට පැමිණි භික්‍ෂූන් වහන්සේලාගේ නාම ලේඛණ තුනක ගුප්ත යුගයටඅයත් බ්‍රාහ්මි අක්‍ෂරයෙන් සටහන් කර ඇත. එම සෙල්ලිපි පවසනුයේ වන්දනාවෙ වැඩි හිමිවරු ශ්‍රී ලංකාවේ උපන් සිංහල භික්‍ෂූන්වහන්සේලා යනුවෙනි. තවද අනුරාධපුර යුගයේ (ක්‍රි.ව. 412 - 434 ) සපැමිණි භදංතාචාරයබුද්ධ ගෝෂි හිමියන් ශ්‍රී ලංකාවේ අනුරාධපුර මහා විහාරයට වැඩම කරඑහිදී මහා විහාරයේ බුද්ධදත්ත හිමියන්ගෙන් සිංහලයෙන් රචිත මහා අත්‍ථකථාමහා පච්චාරි සහ කුරුන්දි, අධ්‍යයනකර පසුව සිංහල භාෂාමය අත්‍ථකථා විශාල සංඛ්‍යාවක් පාලියට නගන ලද අතර, විසුද්ධිමග්ග නමැතිග්‍රන්ථය සකසන ලදී.මේ අනුව ක්‍රි.පූ. තෙවැනිසියවස සිට ශ්‍රී ලංකාව සහ බුද්ධගයාව අතර සුවිශේෂිසම්බන්ධතාවයක් තිබුණි. එනමුත් ක්‍රි.ව. 12 වැනි සියවස පමණ හින්දුධර්මය , බොදුදහම අභිබවා රාජ්‍ය අනුග්‍රහය යටතේ ප්‍රචලිතවූ බැවින් බුද්ධගයාවද “මහන්තා” නමැති හින්දු පූජකපරපුරක පාලනයට යටත්ව , මහාවිහාරය අසල හින්දු දෙවොලද තනා (දැනුදු ඇත) මහා විහාරයේ බුද්ධ ප්‍රතිමාවඉදිරිපස ශිව ලිංගයක්ද තැන්පත් කර බුද්ධගයා විහාරය හින්දු පුද බිමක්බවට පත් කර ගන්නා ලදී.ශ්‍රීමත් එඩ්වින් ආර්නල්ඩ් තුමා (1832 - 1904) ඉන්දියාවට පැමිණඅවුරුදු 12ක් , (1848 - 1860) දක්වාපුනාවේ රාජ්‍ය විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කළහ.එම කාලයතුළ ඔහු සංස්කෘත භාෂාව ගැන හසළ දැනුමක් ලබාගෙන පසුව එංගලන්තයේ ‘ඩේලි ටෙලිග්‍රාප්පුවත්පතේ කර්තෘ තනතුර ලැබ නැවත එංගලන්තයට යන ලදී. ආර්නෝල්ඩ්තුමා එංගලන්තයේදී 1861 , ඉන්දියානුසංස්කෘත ග්‍රන්ථයක් වූ හිතෝපදේශය (රජෙකුට තිබිය යුතු දැනුම)ඉංගී‍්‍රසියටම පරිවර්තනය කර ප්‍රසිද්ධ කරන ලදී. ඉක්බිතිවශාසනාලංකාර කවිධජ විනයාචාර්ය වැලිගම ශ්‍රී සුමංගල නාහිමියන් (1825 - 1905)1878 දී හිතෝපදේශයසිංහලයට පරිවර්තනය කර ප්‍රසිද්ධ කරන ලදී.උන්වහන්සේආර්නෝල්ඩ් තුමා ඉංගී‍්‍රසියෙන් රචිත ආසියාවේ ආලෝකය ගැන අතිමහත් සතුටට පත්වතමා රචිත සිංහල පිටපත සහිතව සංස්කෘත කවිපෙළක්ද සමඟ ලිපියක් ආර්නෝල්ඩ්තුමා වෙත යවන ලදී. එම ලිපියට ප්‍රතිචාරදැක්වූ ආර්නෝල්ඩ් ඉංගී‍්‍රසි බසින් 1881 මැයි මස 30 වැනි දින පිළිතුරක් එවමින් තමා සහ ඒහිමියන් අතර සම අභිලාෂයක් ඇති බැව්ද තමාට ශ්‍රී ලංකාවේ බෞද්ධ තත්වයගැනද දන්වා එවන ලෙසද දැන්වීය. මේ අනුව කුළුපග මිත්‍රත්වයක් දෙදෙනා අතරසිදු වූ අතර ලිපි හුවමාරුවක්ද සිදු කැරිණි.ශ්‍රීමත් ආර්නෝල්ඩ්ඉන්දියාවට නැවත පැමිණ මදුරාසියේ සිට 1886 ජනවාරි මස 23 වැනි දින ශ්‍රී සුමංගල නා හිමියන්ට තමාසාරනාත් බුද්ධගයාව හා අනිකුත් බොදු බිම්, දැක බලාගත් බවත්,තමා ශ්‍රී ලංකාවටපැමිණෙන දිනය පසුව දන්වන බවත් ලිපියකින් දන්වන ලදී.පසුව එතුමා ශ්‍රී ලංකාවටසැපත්ව කොළඹ ගාළුමුවදොර හෝටලයේ සිට 1886 ජනවාරි 30 වැනි දින උන්වහන්සේට ලිපියක් යවමින් තමාපානදුරයට සඳුදා පෙරවරු 8.46 ට ලගාවෙන දුම්රියෙන් එහි පැමිණෙන බැව්දන්වන ලදී. වැලිගම ශ්‍රීසුමංගල හිමිපාණෝ යුහුසුළුව පානදුර නගරයේ ඇති රන්කොත් විහාර ධර්ම ශාලාවේ ශ්‍රීමත්එඩ්වින් ආර්නෝල්ඩ් තුමා පිළිගැනීමට උත්සවයක් සූදානම්කළහ.එම උත්සවයට එවකට විසි දෙවැනි වියේ වූ අනගාරික ධර්මපාලතුමාටද ආරාධනය කරණ ලදී.ගිහි ජීවිතයේ දොන් ඩේවිඩ් හේවා විතාරණ නම් වූ එතුමා මාතර හිත්තැටියේ ජන්මලාභය ලත් කොළඹ තම ව්‍යාපාරය පවත්වා ගෙන ගිය හේවාවිතාරණ දොන් කරෝලිස්තුමාගේහා මල්ලිකා විජයගුණරත්න මැතිණියගේ පුත්‍රයා ලෙස උපත ලැබූහ. කොළඹ මෝදරශාන්ත තෝමස් විද්‍යාලයේද කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේද අධ්‍යාපනයලබා කලක් ලිපිකරුවෙකු වශයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවයකර ඉන් ඉවත්ව අනගාරික ජීවිතයක් ඇරඹීමේදී ඔහු තෝරාගත් නාමය වූධර්මපාල නාමය උචිතයැයි අනුමත කළේ වැලිගම ශ්‍රී සුමංගල හිමිපාණෝය. එබැවින්කිට්ටු ඇසුරක්ද පැවතුණි.එම උත්සව සභාව ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් තුමා අමතමින්,“ බුද්ධගයාව හාසාරානාත් හින්දු ග්‍රහණයෙන් මුදවාගෙන බෞද්ධ පාලනයට නතුකර ගැනීමට කල් යල්උදාවී ඇති බැව්ද, මෙහිලාශ්‍රී ලංකා බෞද්ධයින් පෙරමුණ ගත යුතු බැව්ද අවධාරණය කළේය.තවදපානදුරේදී ශ්‍රී සුමංගල හිමියන් බැහැදැකීම පිළිබඳ ශ්‍රීමත් ආර්නෝල්ඩ්තුමා එංගලන්තයට නැවත පැමිණීමෙන් පසු දීර්ඝ ලිපියක් සිය ඩේලි ටෙලිග්‍රාප්පුවත්පතේ පළ කරන ලදී. පානදුරදී එතුමා කළදේශනය අනගාරික ධර්මපාල තුමාට සිය ජීවිතය බුද්ධගයා අරගලය සඳහා කැපකිරීමට අදිටන් කර ගැනීමට අවස්ථාව විය. ආර්නෝල්ඩ්තුමා කළ දේශනය ඇතුළත් අනගාරික ධර්මපාල තුමා පළ කළ ඉංගී‍්‍රසි භාෂාමයසිය ග්‍රන්ථයක් වූ ‘’The History of the Maha -Bodhi Temple at BuddhaGaya’’හිඑකතු කිරීමක් ලෙස පළ කළ ලිපියේ සිංහල අනුවාදය මෙසේය. “ශ්‍රීමත් ආර්නෝල්ඩ්මැතිතුමා මෙසේ ප්‍රකාශ කරන ලදී.” එදින හිරු රැසින් වෙළීගත් එම පානදුරවිහාර අංගනයේදී මා ඉදිරිපත් කළ අදහස සුළගේ සැලෙන තල්ගස් මධ්‍යයේ මුල්බැසගෙන අතුපත් විසිරීගිය අවස්ථාවක් මෙයට පෙර නොවු බැව් මා සිතමි. එමඝර්මකලාපීය නිතරම වැවෙන සුළු හා එම වැවීම ද දුර්ෂියමාන වන රුක්‍ෂ හා පැලෑටිමෙන්යෝජනාව ඉතා ඉක්මණින් විශ්ව ප්‍රබෝධයක් විය. පළමුව ශ්‍රී ලංකාවේ ඉන් ඉක්බිතිවවෙනත් බෞද්ධ ඉඉදේශවල “ බෞද්ධලෝකය නිතැතින්ම තමන්ගේ ආගමේ අති පූජනීය වූ මෙම ස්ථානයඅමතක කර ඇත. මෙම ස්ථාන මක්කම , ජෙරුසලමනැගෙනහිර ලෝකයේ ආගමික ජනතාවගේ පූජනීය වූ ස්ථානයන් වන්නේමය. අවුරුදු කිහිපයකට පෙරාතුව මාබුද්ධගයාවට පැමිණි අවස්ථාවේ මහාරාස්ඨයේ ගොවිජනතාව මෙහිමෙවැනි අති පුජනීය ස්ථානයක “ ශද්”සත්ව බිලි පූජාව) සිදුකිරීම දැක අතිමහත් චිත්ත පීඩනයකට පත්වීමි. තවද ඓතිහාසික දෑදසංස්කෘත සෙල්ලිපි සහිත ගල්ද ස්ථානය පුරා දහස් ගණනින් විසිරී පැතිරීතිබුණි. මම එහි සිටි හින්දු පූජකයාගෙන් (මහන්තා) මෙම අති පූජනීය බෝධි වෘක්‍ෂයෙන්පත්‍රයක් කඩා ගන්නදැයි විමසූ විට ඔහු කීවේ “ සභිවේ (මහත්මයා) ඔබට ඕනෑ තරම් කඩා ගන්න ,අපට එවා කිසිමවැදගැම්මක් නැත “ යනුවෙනි.“ මෙමනොසැලකිලිමත් කම ගැන ලජ්ජාවට පත්වූවා . ඔහු විසින් පැත්තටඅදින ලද අත්තකින් තද හරිත වර්ණයෙන් දීප්තිමත් පත්‍ර දෙක තුනක් කඩාගතිමි.එම පත්‍රවල සංස්කෘත පූජනීය වාක්‍ය කණ්ඩය වන “ඕබ් මුනි පද්මේ හුම් “(මුනිවරයාගේ පාදයවන්දනා කරමි) එම පත්‍ර වල මම ලියා එම පත්‍ර ශ්‍රී ලංකාවටගෙන ගියෙමි. ශ්‍රී ලංකාවේ දී එම බෝධි පත්‍ර සිංහල බෞද්ධයන්ගේඅතිමහත් ගෞරවාදරයට පත්විය.තවද මවිසින් මහනුවරශ්‍රී දළදා මාලිගයට පූජා කළ බෝධි පත්‍රය අගනා ලෝහ කරඬුවක තැන්පත් කළඅතර, එයසතිපතා පැවැත්වෙන පූජාවල ප්‍රමුඛ ස්ථානයක් ගත් බැව්, විශේෂයෙන් පානදුර භික්‍ෂූන්ටද,විශේෂයෙන් මාගේ මිත්‍ර වැලිගම්නා හිමියන් හා කළ සාකච්ඡාවලදී දැන ගතිමි.මම එහිදී යෝජනා කළේබුද්ධගයා විහාරයද එයට අයත් අනිකුත් දේපොල ද හින්දු බලධාරින් සමග මිත්‍රÀවයෙන් සාකච්ඡා කරරැජිනගේ රජයේ අනුග්‍රහයෙන්, බෞද්ධජනතාවගේ නියෝජිතයන් සහිත කමිටුවකට බුද්ධගයා පාලනය පැවරීම පිළිබඳවය.මේ අනුව ශ්‍රීමත්එඩ්වින් අර්නෝල්ඩ් තුමාගේ යෝජනාව ගැන පානදුර රන්කොත් විහාර භූමියේ පැවැතිඑම උත්සවයට සහභාගිව අනගාරික ධර්මපාල තුමා ආර්නෝල්ඩ් තුමා සමගක්‍ෂණිකව සාකච්ඡා කර එම භාරදූර කාර්යය තමා භාරගන්නා බැව් පවසන ලදී.ආර්නෝල්ඩ්තුමා එංගලන්තයට නැවත යෑමෙන් පසුව සිය පුවත් පතෙහි බුද්ධගයාව බෞද්ධපාලනයට නතු කළ යුතු බවට දීර්ඝ වශයෙන් ලිපි පළකරණ ලදී.තවද ඔහු අනගාරික ධර්මපාලතුමාටබුද්ධගයාවට යනමෙන්ද දැඩිව ඉල්ලා සිටින ලදී. අනගාරික ධර්මපාලතුමා තායිලන්තයේ පුවත්පතේ ලිපියක් පළකරමින් මෙසේ පවසන ලදී.“ බෞද්ධයින්ගේ ජෙරුසලමවූ බුද්ධගයාව බෞද්ධ පාලනයට නැවත පැවරීමේ අදහස ඉදිරිපත් කළේ ශ්‍රීමත්එඩ්වින් ආර්නෝල්ඩ් තුමාය. එම ස්ථානය 1886 දී ඔහු එහි ගිය පසුඔහු මෙම පුදබිමට මා යෑමට උත්සුක කළේ ඒ අනුව 1892 සිට මා මට හැකි සියලුදෙයක්ම කරමි.අනගාරික ධර්මපාලතුමා යුහුසුළුව 1891 දී කොළඹ විද්‍යෝදය පිරිවෙන මූලස්ථානයකරගෙන පරිවේණාධිපති අතිපූජ්‍ය ත්‍රිපිටක වාගීස්වරාචාර්ය උපාධ්‍යාය හික්කඩුවේශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ (1826 - 1911 ) සභාපති වශයෙන්ද තමා ලේකම් වශයෙන්දමහාබෝධි සමිතිය අරඹන ලදී. මෙහිදී හික්කඩුවේ ශ්‍රීසුමංගල නා හිමියන්ගේ ඇසුරට අනගාරික ධර්මපාලතුමා පත් වූයේ ලදරුකාලයේදීමය. ශ්‍රීසුමංගල හිමියන්ගේ සභාපතිත්වයෙන් විද්‍යාධාර සභාව නමින් සංවිධානයක් විද්‍යෝදයපිරිවෙන පිහිටුවීමට අරඹා 1864දී එම කාර්ය සඳහා ප්‍රධාන දායකයන් වුයේ අනගාරික ධර්මපාලතුමාගේ පියාවන එච්.දොන් කරෝලිස් තුමාද, දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි සහදොන් මේලන් වික්‍රමතිලක අප්පුහාමි වෙති. විද්‍යෝදය පිරිවෙනහික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන්ගේ ආධිපත්‍ය යටතේ පිහිටුවනලදී. අනගාරිකධර්මපාල තුමා හමුවීමට ශ්‍රී සුමංගල නා හිමිපාණන් බෞද්ධ කටයුතු වලටඅවශ්‍ය මුදල් ආධාර ගැන සාකච්ඡා කිරීමට නිවසට වැඩම කළ බැවින් ළදරු සමයේසිට අනගාරික ධර්මපාලතුමා (දොන් ඩේවිඩ් හේවාවිතාරණ) හික්කඩුවේ ශ්‍රීසුමංගල නා හිමිපාණන් ගේ ඇසුරට හා මග පෙන්වීමට යොමු විය.ධර්මපාල තුමා 1891 දී බුද්ධගයාවට ගොස්ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ්තුමා විස්තර කළ ශෝචනීය තත්ත්වය සියසින් දැක,ශ්‍රී මහා බෝධි පාමුලනලළ තබා, සියජීවිතය බුද්ධගයාව බේරා ගැනීමට පුදන බවට අධිෂ්ඨාන කළේය.පසුව මහාබෝධි සමිතියේකාර්යයන් පහසු ලෙස ක්‍රීයාත්මක කිරීමට සමිතියේ මූලස්ථානය කල්කටානගරයට ගෙනයන ලද අතර එහිදී එහි සභාපති වශයෙන් කල්කටා විශ්ව විද්‍යාලයේකුලපති ශ්‍රීමත් අශුමෝස් මුකර්ජි තුමා සභාපති වශයෙන්ද එතුමා ලේකම් වශයෙන්ද ක්‍රියාකාරී විය. පසුව 1891දී අනගාරික ධර්මපාලතුමාට ආරාධනයක් ලැබී ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවරපැවැති ආගම්පාර්ලිමේන්තු සැසියට සහභාගි වී බුදු දහම අළලා බුද්ධ ගයාව පත්ව ඇති ශෝචනීයතත්ත්වය පැහැදිලි කරමින් දේශන දෙකක් ධර්මපාලතුමා විසින් පවත්වන ලදී.එතුමාගේ ඉංගී‍්‍රසි භාෂාමය කථිකත්වය, කරුණු ඉදිරිපත් කිරීම සහ දේහ විලාශය, ඇඳුම් විලාශය ගැනසෙසු සාමාජික පිරිස් අති මහත් පී‍්‍රතියට පත් වූහ.බොදු දහම ගැන පළමු වරට ඇමරිකාවේ හඬක් නැගීමේ ගෞරවය ධර්මපාලතුමාට පිරිනැමුණුඅතර, පසුකාලීනව ඇමරිකාවේ බෞද්ධ කටයුතු සඳහා අමරිකානු මහාචාර්ය පෝල් කාරුස්,බොනී, ඊ.සීහෙග්ලර් යනමහත්වරුන්ගේ ආරාධනය පරිදි ධර්මපාල තුමා දෙවැනි වරට ඇමරිකාවට ගියේය. ඔහු මුද්‍රණාලයක් ආරම්භ කළ අයෙකි. 1891අගෝස්තු මාසයේ ඇමරිකාවේසිට නැවත ඉන්දියාවට ධර්මපාලතුමා පැසිපික් සමුද්‍රය ඔස්සේ තරණයකරන විට නෞකාව දින කිහිපයකට හවායි දූපත්වල හොනලුලු වරායේ නවත්වන ලදී.අනගාරික ධර්මපාලතුමා චිකාගෝ නුවර ආගම් පාර්ලිමේන්තුවේ කළදේශන විශාල වශයෙන් අගයමින් පුවත් පත් වල පළ වූ අතර එම පුවත්පත් වාර්තාකියවූ හවායි රජ පවුලේ මේරි එළිසබත් පොස්ටර් මැතිණිය, ධර්මපාල තුමා බැහැදැකීමට නෞකාවට සැපත්ව මෙසේ පැවසුවා ය. “ මා දරුණු රෝගයකින්පසුවෙමි. එම රෝගය නම් නිතර කිපෙන බවය. මෙය ඔබතුමාට සනීප කරදිය හැකිද.” ඔව්ඔව් මට කළ හැකි ය. මා මේ ලියා දෙන වාක්‍ය දෙක නිතරමමුමුනමින් සිට දෙවැනි ප්‍රතිකර්මය සඳහා නැවත පැමිණෙන්න.ධර්මපාලතුමා ඉංගී‍්‍රසියෙන් ලියා දෙන ලදී. (මා තරහ නොගනිමි, මම සාමකාමීපුද්ගලයෙක් වෙමි)ඒ අනුව ක්‍රියාකළ පොස්ටර් මැතිණිය නැවත දින තුනකට පසු අනගාරික ධර්මපාලතුමාවෙත පැමිණ තමා රෝගයෙන් දැන් සම්පූර්ණ සුවය ලබා ඇතැයි පැවසුවා ය. පසුවඑතුමිය බරණැස සාරානාත්හි නව මූලගන්ධකුටි විහාරය, බුද්ධගයාවේ මහාබෝධි සමිති ශාලාව හාවෙනත් බෞද්ධ ආයතන, එනම්බුද්ධගයාවේ සහ බුද්ධ ගයාවේ නිදහස් ඉංගී‍්‍රසි පාසල් ආරම්භ කිරීමට ඩොලර්මිලියන ගණනින්එතුමිය නිතර ධර්මපාලතුමාට ආධාර කරන ලදී. එතුමියගේ ධන පරිත්‍යාගයකින් කොළඹමරදානේ පොස්ටර් පටු මඟේ නිදහස් ‍ෙබහෙත් ශාලාවක් විවෘත කළේය.1893 අගෝස්තු මස ධර්මපාලතුමා එම චිකාගෝ සිට ආපසු ඉන්දියාවට පැමිණෙන විට ලාඕසයට ළඟා විය.එහිදී ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ්තුමා ඔහු හමු වී ඔහු කැටුව ඉන්දීයරාජ්‍ය ලේකම් කිම්බර්ලි සාමි වරයා (Eart) වෙත ගොස් බුද්ධ ගයාවේ ප්‍රශ්නයගැන කරුණු ඉදිරිපත් කරන ලදී. මෙහිදී ලැබුණු ප්‍රතිචාරය ආර්නෝල්ඩ්සිය දින පොතෙහි සටහන් කරන ලදී.අනගාරික ධර්මපාලතුමාට එම ගමනේ දී ජපාන බෞද්ධයින් බුදු පිළිමයක් පූජා කරනලදී. එය රැගෙනවිත් බුද්ධගයාවේ මහා විහාරයේ දෙවැනි මහලේ තැන්පත් කිරීමටධර්මපාලතුමා ක්‍රියා කළ අවස්ථාවේ “මහන්තා” දාමරිකයන්ලවා ධර්මපාලතුමාටලේ වැගිරෙනු ලෙස පහරදී පිළිම වහන්සේ විසිකර දමන ලදී. ධර්මපාලතුමා පිළිමයරැගෙන බුරුම විහාරයේ තැන්පත් කරන ලදී.අනගාරික ධර්මපාලතුමා දියත් කළ මෙම දුෂ්කර ක්‍රියාවලියටඅත හිත දීමට දුනුවිල චන්දජෝති, මාතලේ සුමංගල, අනුරාධපුර පේමානන්ද සහ ගාල්ලේ සුදස්සනයනහිමිවරු ජීවිතය පරදුවට තබා බුද්ධගයාවට 1891 ජූලි මස වැඩම කර බුරුම විහාරයේවැඩ සිටිමින් ධර්මපාලතුමාට උපකාර කරන ලදී. එවිට “මහන්තා” දාමරිකයන් යොදා ලේ හැලෙනතෙක් ගාල්ලේසුදස්සන සහ අනුරාධපුර පේමානන්ද හිමිවරුන්ට පහර දෙන ලදී. මෙය සිදු වූයේ 1893පෙබරවාරි මසදී අතර,ධර්මපාලතුමාට පහරදුන්නේ 1895 දීය. තවද හින්දුසංවිධානයක් වූ මහන්තාද ධර්මපාලතුමා බුද්ධගයාවෙන් නෙරපා දැමීමට ක්‍රියා කළේය.එනමුත් අභීත රුහුණු පුත්‍රයකු වූ අනගාරික ධර්මපාලතුමා ඉදිරියටම තම කටයුතුගෙන ගියේ ය. දූරදර්ශී ධර්මපාලතුමා බ්‍රිතාන්‍ය රජයෙන් බුද්ධගයා මහා විහාරයඅසල මංසන්ධියඉදිරි පස ඉඩමක් මිලයට ගෙන එහි බුද්ධගයා මහා බෝධි සමිතියේ මූලස්ථානය ඉදි කළහ.මෙම ගොඩනැඟිල්ල හින්දුන්ගේ ප්‍රහාරවලින් වලකා ගැනීමට ගෘහ නිර්මාණයඅලංකාරය සඳහා විශාල ශාලාවක් ද ශාලාව දෙපස විවෘත ආලින්දද සහිතව,බිත්තිවල ගඩොලින්මආලෝකය හා වාතාශ්‍රයට විවර සහිතව, තනන ලදී. මෙසේ කළේ එවිට බ්‍රිතාන්‍ය පාලකයන්එම ගොඩනැගිල්ල ආරක්‍ෂා කිරීමට ක්‍රියාකරන බවත්, හින්දුන්ට එවිටගොඩනැගිල්ලට අලාභහානි කිරීමට නොහැකි බැව් ද පසක් කරගනිමිනි.එහි ධර්මපාලතුමා නිදහස් ඉංගී‍්‍රසි, හින්දු, භාෂා විදුහලක් ද ආරම්භ කරන ලදී.මෙම ගෘහ නිර්මාණ ශිල්පය අදද දැකිය හැකි ය. පසුගිය වර්ෂයේ (2007) ඉන්දීය මහා බෝධිසමාගමේ ප්‍රධාන ලේකම් ආචාර්ය දොඩන්ගොඩ රේවත හිමිපාණෝ තායිලන්ත බොදුනුවන්ගේ සහාය ලබාගෙන විදුහල බුද්ධගයාවේ ජපන් විහාරය අසල පිහිටුවා, ධර්මපාලතුමා ඉදිකළගොඩනැගිල්ල බෞද්ධ විහාරයකට පරිවර්තනය කර බුද්ධගයා මහාබෝධිසමිතියේ මූලස්ථානය භාර පැල්වත්තේ සිවලී හිමියන්ගේද සහාය ඇතුව දැනටපවත්වා ගෙන එනු ලැබේ. මහන්තා 1906 දී ධර්මපාලතුමා බුද්ධගයාවෙන් ඉවත්කිරීමට ගයා අධිකරණයේ නඩුවක් පැවරූ අතර ධර්මපාලතුමාද ප්‍රතිවිරුද්ධ නඩුවක්පවරණ ලදී. මෙය හින්දු, බෞද්ධආගම් අරගලයකට තුඩුදෙන බැවින් අධිකරණය මහන්තාට පක්‍ෂව තීන්දුවක් දෙන ලදී. ධර්මපාලතුමාගේඅභියාචනා නඩුව ගැන අධිකරණය කිසිදු තීරණයක් නොදුන්හ. අනගාරිකධර්මපාලතුමා මිලයට ගත් බරණැස සාරානාත් පුදබිම උතුරු කොටසේභූමියේනව මූලගන්ධකුටි විහාරය තනා, එහිබිත්තිවල බුද්ධ චරිත චිත්‍ර එකල සිටි ජපානයේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීකොඑට්සූ නෝසි (KoetsuNosi) ලවාචිත්‍ර සකස් කරවා විහාරය 1931නොවැම්බර් මස 11වැනි දින එකල ඉන්දියානු කොන්ග්‍රසයේ Indian Congress ලේඛකාධිකාරී ශ්‍රී ජවහර්ලාල් නේරුතුමා (පසුවනිදහස් ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය) ලවා විවෘත කරන ලදී. මෙම උත්සවයටනේරුතුමාගේ භාර්යාව වූ කමලා මැතිණියද, ඔහුගේ සොහොයුරියන් දෙදෙනා වූ විජය ලක්‍ෂමිපණඩිට්හු සුබාරු සහභාගි වූවා ය. නේරුතුමා උත්සවයෙන් පසු සාරානාත්කෞතුකාගාරයට ගොස් එහි තැන් පත් කර තිබූ සරානාත් අශෝකතුමාණෝ ධම්මචක්ක්‍රය ඉන්දීය ජාතික කොඩිය මැදට යෙදීමටද සිංහ රූපසතරක් ද රහිත සිංහ මූර්තියද ඉන්දීය ජාතික ලාංඡනය වශයෙන් යෙදීමට 1947 ජූලි මස 22 වැනි දින ආචාර්යරාජේන්ද්‍ර ප්‍රසාද් (පසුවපළමු ජනාධිපති) තුමාගේ සභාපතිත්වයෙන් නවදිල්ලි ව්‍යවස්ථාදායක ශාලාවේරැස් වූ ව්‍යවස්ථාදායක සභාවට දීර්ඝ දේශනයක් කරමින් ඒකඡන්දයෙන් මෙමජාතික සළකුණු පිළිගන්නා ලදී. පසුව 1932 දී තක්‍ෂිලා සහ මිර්පුර, කාස් සින්ඩි හි කැනීම් වලින් ලැබුණුභාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ධාතූන් වහන්සේලාධර්මපාලතුමාට පුරාවිද්‍යා අධිකාරිය භාරදෙන ලද අතර එම ධාතූන් වහන්සේලාද නව මූලගන්ධකුටි විහාරයේ වඩා හිදුවන ලදී.බෝධිසත්ව ගුණෝපේත අනගාරික ධර්මපාලතුමා 69 වියට පත්ව පසුව ශ්‍රී දේවමිත්තවශයෙන් පැවිදිව ඉන්පසු උපසම්පදාවද ලබා 1931 අප්‍රේල් මස 29 දින අපවත් වී වදාළසේක.ආදාහනය සාරානාත්හි සිදු කරන ලදී. බුද්ධගයා ප්‍රශ්නය ධර්මපාලතුමාගේ ජීවිතකාලයේ දී නොවිසඳුනි. 1947 ඉන්දීයාව නිදහස් රාජ්‍යයක් වූ අතරබිහාර් ප්‍රාන්ත රාජ්‍යය බුද්ධගයා පාලන ආඥා පනත් සම්මත කර එමගින්හින්දුන් සතර දෙනෙක් ද, බෞද්ධයන්සතර දෙනෙක් ද සහිත ගයා දිස්ත්‍රික්කයේ ආදායම් පාලක (Gaya Collector)සභාපතිවශයෙන් නිර්මාණය කර එම ආඥා පනත 1948 සිට මේ දක්වා ක්‍රියාත්මක වේ.
BLOG
2014.07.29
http://kalekata-issara.blogspot.com
කොහොමද එතකොට මේක?
අයිතිකාරයා
අයර්ලන්තයේ දී.
BLOG
2014.07.12
http://kalekata-issara.blogspot.com
අයර්ලන්තයට
අයිතිකාරයා
අපි ඔක්කොම අයර්ලන්තේ යනවා. සම්පුරණ ගමනට පැය 18ක්. කොල්ලට මාස 3 යි.කෙල්ලටනම් දැන් ටිකක් තේරෙනවා.එහෙ එක දිගට flight කඩා වැටෙනවා. කොහොමත් පවුලේ ඔක්කොම එක flight එකේ යන්න හොද නෑ. එත් පොඩි උන් ගොඩක් පොඩි වින්ද වෙනම යන්නත් අමාරුයි.මොනවා වෙයිද මන්ද.
BLOG
2014.07.06
http://kalekata-issara.blogspot.com
දැන් පුතා හොදට හිනා වෙනවා
අයිතිකාරයා
.
BLOG
2014.11.14
http://www.viduasalanka.tk
Dynamic Hard Disk එක පහසුවෙන්ම හදාගනිමු.
Üméšh Šämþâth
ආයුබෝවන්. අද ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ වින්ඩෝස් වලදී ඇතිවන ගැටළුවක් ගැන තමයි.මෙය ගොඩක් දුරට ඇතිවෙන්නේ වින්ඩෝස් 7 වලදී . එයාලා රෙකමන්ඩ් කරන්නේ පාර්ටිෂන් 3 යි ඉතින් අපිට ඔය පාර්ටිෂන් ටික මදි වුනාම Computer management වලින් තව පාර්ටිෂන් හදනවනේ. ඒවගේ වෙලාවට බොහෝ දුරට මේ Dynamic ගැටළුව එන්න පුළුවන්. හාර්ඩ් එක මෙහෙම වුණොත් Win 7 නැවත ස්ථාපනය කරන කොටවත් පාර්ටිෂන් ඩිලීට් කරන්න මොනවත් කරන්න බැරි වෙනව. එත් ඉතින් මෙම ගැටළුව පහසුවෙන් ම හදා ගන්න හැටි තමා ඔයාලට අද කියල දෙන්නේ. EaseUS Partition Master කියන software එකෙන් අපිට පුළුවන් පහසුවෙන්ම ගොඩ දාගන්න. මේක ඇත්තටම ගොඩක් වටිනා සොෆ්ට්වෙයාර් එකක්.convert dynamic disk to basic කියන Option එක වගේම තවත් බොහෝ දේ කරගන්න පුළුවන් අපිට. මම ටිකක් පහලින් දානම් කෝ.Resize/Move PartitionCopy PartitionMerge PartitionCheck PartitionWipe PartitionClone Disk Wizard මේ වගේ අපිට අත්‍යවශ්‍ය වන බොහෝ වැඩ ටිකක් පහසුවෙන්ම කරගන්න පුළුවන්. මං ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේවගේ වින්ඩෝස් වලදී ඇතිවන තවත් ගැටළු කිහිපයක් ගැන සහ ඒවා පහසුවෙන්ම නිරාකරණය කරගන්න හැටි පොස්ට් ටිකක් දාන්න. මේ පොස්ට් එක ගැන ගැටළුවක් තිබුනොත් අහන්න. පහලින් සොෆ්ට්වෙයාර් එක අරගන්න.
BLOG
2014.10.31
http://www.viduasalanka.tk
VLC Player එකෙන් Radio අහමුද?
Üméšh Šämþâth
සුභ දවසක් ඔයාලට, ඔන්න අදත් පොඩි වැඩ කෑල්ලක්අරගෙන බ්ලොග් එක පැත්තේ ආවා.VLC Player අපි හැමෝම වගේ සිංදු අහන්න වීඩියෝ බලන්නYoutube Video Stream වලදී වගේ භාවිතා කරනවනේ. අද කියන්නේ VLCඑකෙන් පහසුවෙන් LIVE Radio අහන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයිපොඩි දෙයයි කරන්න තියෙන්නේ. ඉස්රවෙලා VLC Player එක open කරන්න. අහන්න ඕන චැනල්Url එක පහලින් අරගෙන Please enter Network Url කියනතැනට දාලා පහල තියෙන Play කියන බට්න් එක ප්‍රෙස් කරන්න විතරයි තියෙන්නේ.138.75.83:8090 Hiru FM ----> http://188.138.75.83:8010 Neth FM ----> http://66.55.144.164.217.100:7036 Ran FM ----> http://108.61.13.189/;.123.114.30:7130 Sirasa FM ----> http://76.164.217.100:7024 Rhythm FM----> http://192.99.99.195:8030 City FM ----> http://220.247.227.6/live එහෙනම් අපි ගියා .. ඔයාලගේ අදහසත් පහලින් දාගෙනම යමු නේ.
BLOG
2014.10.21
http://www.viduasalanka.tk
Google Chrome වල සිංහල පෙන්වන්නේ නැත්නම් මෙන්න විසදුම.
Üméšh Šämþâth
මේදවස් වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි google Chrome Web Browser එකේ සිංහල පේන්නේ නැති ගැටලුව.මේක නිසා කට්ටිය වෙන බ්‍රව්සර් වලට මාරු වුණා කියලත් ආරංචියි. හරි අපි බලමු කොහොමද මේක ෆික්ස් කරගන්නේ කියල. ඉසරවෙලාChrome Browseඑකේ address bar එකේ chrome://flags/ කියල ටයිප් කරන්න. ඊට පස්සේ එන ලිස්ට් එකෙන් Disable layer squashing - Disable කරන්නDisable DirectWrite - Enable කරන්න දැන් යට තියෙනRelaunch Now කියන එක ප්‍රෙස් කරන්න.ඔය පොඩි වැඩේ කරානම් ආයෙත් සිංහල හොදට වැඩ කරයි.තවත් පෝස්ට් එකකින් නැවත හමුවෙමු .
BLOG
2014.10.17
http://www.viduasalanka.tk
Original Software ගන්න සල්ලි නැත්නම් මෙන්න විසදුම.
Üméšh Šämþâth
සුභ දවසක් ඔයාලා හැමෝටම.අද කියන්න යන්නෙත් ඔයාලට ගොඩක් වැදගත් වන දෙයක් ගැන තමයි. වැඩි කතා නැතුව අපේ මාතෘකාවට එමුකො. අපේ විවිධ කාර්යයන් ඉටුකර ගන්න අපි පරිගණකයට විවිධ සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරනවා නේ. ඒ අතර Open source සහ commercial ඒවත් තියෙනවා.ගොඩක් දෙනෙක් ඉතින් commercial software හැම එකම සල්ලි දීලා ගන්න බැරි නිසා crack එකක් හොයාගෙන තමයි භාවිතා කරන්නේ. crack හදන අය අපේ හොදට ඒවා හදන්නේ නෑ නේ.ඒ වයි තියෙන අතුරු ප්‍රතිඵල අමුතුවෙන් ඔයාලට කියන්න දෙයක් නෑ නේ එකට පොඩි විසදුමක් තමයි අද කියලා දෙන්නේ.netකියන සයිට් එකෙන් අපිට පුළුවන් අපිට අවශ්‍ය commercial software එකේ නම සර්ච් කරාම එම මෘදුකාංගයට සමාන Open source මෘදුකාංගයක් පහසුවෙන් සොයා ගන්න.මේ මගින් ඔයාලට ඔය crack වලින් වන අතුරු ආබාධ වලක්වා ගන්නත් පුළුවන් වේවි.
BLOG
2014.10.14
http://www.viduasalanka.tk
Facebook Name එකට 60 Days Limit එක වැටිලද ?
Üméšh Šämþâth
ඉතින් කොහොමද ඔයාලට. හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා සයිට් එක පැත්තේ ආවේ සතියකින් විතර. මූණු පොතේ නේම් එකට 60 Days Limit එක වැටුනම මාස 2ක් යනකන් කලින් තිබුන නමවත් ගන්න බෑ නේ,අද ඔයාලට කියල දෙන්නේමේකහදාගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි දැන් ඉතින් හැමෝම වගේ මූණු පොතේ ඉන්නවනේ. හරි අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. ක්‍රම දෙකක් තියෙනවා ලිමිට්වුන අය ට්‍රයි කරලා බලන්න කෝ. 01.METHOD මෙලින්ක් එකට මෙතනින් යන්න ඊට පස්සේ ඔයාලට ෆෝම් එකක් ලැබෙයි එක අවශ්‍ය පරිදි ෆිල් කරලා ඔයාලට නම වෙනස් කර ගන්න පුළුවන්.02.METHOD කලින් තිබුණු නම දාගන්න නම් පසුම ක්‍රමය මේක තමයි හබැයි මේක තියෙන්නේ මෙහෙම ලිමිට් වෙලා තියෙන නම් වෙනස් කරන්න නෙමෙයි. facebook එකෙන් අපිට දීල තියෙන security option එකක්. එක ප්‍රයෝජනයට අරන් තමා අපේ වැඩෙත් කරගන්න හදන්නේ ඉසරවෙලා මේ ලින්ක් එකට යන්න මෙතනින් ඊට පස්සේ එන පියවරවල් ටික නිවැරදිව අනුගමනය කරන්න. එක තැනකදී පෙන්නේවි ඔයාල දැනට වෙනස් කරලා තියෙන නම් ලිස්ට් එක එකෙන් ඔයාලට අවශ්‍ය නම තෝරගන්න. තව ටිකක් පැහැදිලි වෙන්න මේ වීඩියෝ එකත් බලන්නකෝ. තවත් අලුත් පෝස්ට් එකකින් හමුවෙමු. ඔයාලගේ අදහසත් කියන්න අමතක කරන්න එපා. ජය වේවා .
BLOG
2014.10.01
http://www.viduasalanka.tk
Skype වලින් වැඩ දාමු.
Üméšh Šämþâth
අද ඔයාලට අරගෙන ආවේ Skype වලින් පොඩි පොඩි වැඩ ගොඩක් කර ගන්න පුළුවන් පුංචි සොෆ්ට්වෙයාර් එකක් හැබැයි ඒ ගැන කියන්න කලින් තව පොඩි දෙයක් ඔයාලට කියන්න තියෙනෝ. Microsoft සමාගමේ ඊළගට නිකුත් කරන්න නියමිත Windows10 වල ටෙක්නිකල් ප්‍රීවිව් එකක් ඔන්න නිකුත් කරලා තියෙනවා. මෙතනින් ඒ ගැන ඔයාලට දැන ගන්න පුළුවන්. හරි ඒ ඇති ඒ ගැන කිව්වා.. අපේ ට්‍රැක් එකට එමුකො දැන්. මේ සොෆ්ට්වෙයාර් එකෙන් කරගන්න පුළුවන් වැඩ. Skype Call රෙකෝඩ් කිරීම Voice Change කිරීම එකවර යහළුවන් හැමෝටම Message කිරීම Fun & Art Message Translate පහසුකම මේවගේ වුවමනා වන පොඩි පොඩි වැඩ ගොඩක් කරගන්න පුළුවන්. එහෙනම් පහලින් සොෆ්ට්වෙයාර් එක ගන්න. ඔයාලගේ අදහසත් කියන්න.
BLOG
2014.09.29
http://www.viduasalanka.tk
Shut down,Restart,Log Off,Hibernate හැමදේම Keyboard එකෙන් කරමුද ?
Üméšh Šämþâth
අද ඔයාල කියල දෙන්නේ Shut down,Restart,Log Off, Hibernateඔක්කම ටික පරිගණකයේ කී බෝර්ඩ් එක හරහා පහසුවෙන් හා ඉතා ඉක්මනින් කර ගන්න හැටි තමයි.සමහර කී බෝර්ඩ් වල නම් Shutdown වලට නම් කී එකක් එනවා එත් කලින් සදහන් කල හැමදේම කර ගන්න බෑ නේ. හරි අපි බලමු මේ ටික කොහොමද කරන්නේ කියලා. ඉස්සරවෙලා ඩෙස්ටොප් එකේ රයිට් ක්ලික් කරලා Shortcut වලට ගිහින් ඔයාලට පහල තියෙන ඒ වයින් හදාගන්න ඕන ෂෝර්ට් කට් කෝඩ් එක ටයිප් කරන්න. නැත්නම් කොපි පේස්ට් කරන්න.dll,SetSuspendState Sleep දැන් Next ක්ලික් කරලා Finish කරන්න.. ඔන්න දැන් ෂෝර්ට් කට් හැදිල්ල ඉවරයි. ඒ කිව්වට ඉවරමත් නෑ තව තියෙනව හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනේ.. එව්වා වැඩක් නෑ මෙන්න මෙහෙමයි ඉතුරු ටික කරන්නේ ෂෝර්ට් කට් එක උඩ රයිට් ක්ලික් කරලා Properties යන්න. දැන් Shortcut key කියන තැනින් ඔයාලට කැමති විදියට key එකක් දෙන්න.ඊටපස්සේ Change Icon වලින් හොද අයිකන් එකකුත් දාගෙනම වැඩේ ෆිනිෂ් කරමුකෝ. දැන් ඉතින් ඔයාල දුන්න ෂෝර්ට්කට් කී ටික ප්‍රෙස් කරලා බලන්නකෝ වැඩේ හොදද කියලා.. අපි ගියා එහෙනම් ජය වේවා .
BLOG
2014.09.28
http://www.viduasalanka.tk
HUAWEI Dongel පහසුවෙන්ම Unlock කරමු.
Üméšh Šämþâth
සුභ දවසක් ඔයාලට, අද පොස්ට් එකෙන් නම් කියන්න යන්නේ ගොඩක් වටින දෙයක් ගැන තමයි. Huawei Dongel එකක් පහසුවෙන් අන්ලොක් කරන හැටි තමයි ඔයාලට අද අරගෙන ආවේ. ඩොන්ගල් එකක් අන්ලොක් කරන්න සමහර තැන් වල Rs. 500/1000 ගන්නවනේ.ඉතින් මොකටද නිකන් සල්ලි දෙන්නේ. අපිටම කරගන්න පුළුවන් වැඩේට කතාව වැඩියි වගේ අපි වැඩේට බහිමු. අන්ලොක් කරන්න පුළුවන් ක්‍රම දෙකක් ඔයාලට කියන්නම් 01.METHOD Huawei Modom Unlocker කියන සොෆ්ට් වෙයාර් එක හරහා unlok කරගන්න පුළුවන් පහසුවෙන්. ඒවගේම මේකෙන් නැවත ඩොන්ගල් එක අවශ්‍ය නම් ලොක් කරන්නත් පුළුවන්.. සොෆ්ට්වෙයාර් එක පහළින් ඩවුන්ලෝඩ් කරගන්න. 02.METHOD මේ ක්‍රමේදි කරන්න තියෙන්නේ ඉස්රවෙලා මේ සයිට් එකට යන්න මෙතනින්. දැන් gmail accountඑකකින් ලොග් වෙලා පහළ තියෙන පින්තූරේ විදියට ඩොන්ගල් එකේ IMEIනම්බර්එකයි Model එකයි දෙන්න. දැන් CALCULATE කියන බට්න් එකක්ලික්කරන්න.. ඉන් පසුඑන පේජ් එකෙන් g+ අයිකන් එක ක්ලික් කරන්නකෝ. දැන් පහළ තියෙනව වගේ ඩොන්ගල් එකේ අන්ලොක්කෝඩ් එක සහ ෆ්ලෑෂ් කෝඩ් ඔයාලට ලැබෙයි.. ඩොන්ගල් එකට වෙන සිම් එකක් දාලා අන්ලොක් කෝඩ් එක දීලා ඩොන්ගල් එක අන්ලොක් කර ගන්න. හැබැයි එක E-mail ලිපිනයකින් ඩොන්ගල් 5ක් වගේ තමයි අන්ලොක් කරන්න පුළුවන්.. එහෙනම් අපි ගියා... තවත් අලුත් පොස්ටුවකින් හමුවෙමු. මේගැන ඔයාලගේ අදහසකුත් දාගෙනම යමු ඒ නම්.
BLOG
2014.09.23
http://www.viduasalanka.tk
FB එකේ privacy දාල තියෙන Pro Pic එක උස්සමු ..
Üméšh Šämþâth
ඔන්න අද ඔයාලට අරගෙන ආවේ පොඩි FB Trick එකක් මේගැන කියනවනම් ඉතින් ෆේස් බුක් එකේ සමහර අය ඉතින් ප්‍රෝ පික් එක ඔන්ලි මී කරලනේ තියෙන්නේ.. ඉතින් ඒ වගේ තියෙන ෆොටෝ එකෙක් බලන විදිය තමයි අද කියලා දෙන්නේ. පොඩි දෙයයි කරන්න තියෙන්නේ මේ විදියට කරන්නකෝ 1. අදාල කෙනාගේ ෆේස් බුක් ප්‍රොෆයිල් එකට යන්න 2. ප්‍රෝ පික් එක උඩ රයිට් ක්ලික් කරලා save image as ක්ලික් කරන්න. 3. දැන් image එක save කරන්නද කියලා එන ඩයලොග් බොක්ස් එකේ File Name කියනතැන n අකුරෙන් පස්සේ .JPG කියලා ටයිප් කරන්න. දැන් ඒ ටික කොපි කරගන්න. පහල තියෙන පික් එක බලන්න. [ඉමේජ් එක සේව් කරන්න අවශ්‍ය නැහැ.] 4. දැන් මේ ලින්ක් එකට යන්න මෙතනින් ඊට පස්සේ කලින් කොපි කරගත්ත filename එක ඔය URL එකේ අන්තිමට තියෙන ස්ලෑෂ් එකෙන් පස්සේ පේස්ට් කරලා එන්ටර් කරන්න. ඔය තියෙන්නේ ෆොටෝ එක දිලිසි දිලිසි ... එනම් අපි ගියා.. තවත් පොස්ටුවකින් හමුවෙමු.
BLOG
2014.09.16
http://www.viduasalanka.tk
ඔබේ පරිගණකය ගැන ඔබ දැනුවත් ද ?
Üméšh Šämþâth
අදත් ඔයාලට අරගෙන ආවේ වැදගත් වන කුඩා මෘදුකාංගයක්අපි භාවිතා කරන පරිගණකයේ දෘඩාංග පිලිබඳ දැනුමක් අප සතුව තිබීම ඉතා වැදගත් මොකද මොනවා හරිහාර්ඩ්වෙයාර්ගැටලුවක් අවොත් එය නිවරදි කර ගැනීමට මෙන්ම හාර්ඩ්වෙයාර් අප්ග්‍රේඩ් කිරීමකදී මෙන්ම විවිධ පරිගණක සොෆ්ට්වෙයාර් බාවිතයේදී පරිගණකයේ දෘඩාංග පිලිබඳ යම් දැනුමක් අනිවාර්යයෙන් අප සතුව තිබිය යුතුයි.අලුතෙන්පරිගණකය ක්ගනිපුඅයෙක් නම් ඉතින් මේක ගොඩක් වැදගත් වෙයි. මේ මගින් ඔයාලට පුළුවන් පරිගණකයේ කයේ සියලු දෘඩාංග පිලිබඳ විස්තර බලාගන්නත්. ඒ පිලිබඳ රිපෝට් එකක් අරන් සේව් කරගන්නත් පුළුවන්.මේක ඉන්ස්ටෝල් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ රන් කරන්න විතරයි තියෙන්නේ එහෙනම් ඉතින් ඔයාලත් අරගෙනම බලන්න .
BLOG
2014.11.13
http://www.slstagedrama.blogspot.com
ජර්මන් භාෂාවේ නාමපද වල ලිංග බේදය පහසුවෙන් සොයාගන්නා ආකාරය.. (How to find the gender of a noun in German ) 2
නාට්‍යකාරයා
ඔන්න අද මම අරන් ආවේ එදා අපි නවත්තපු පාඩමේ ඉතුරු ටික අද අපි ඉගෙන ගමු කොහොමද ෆෙමිනි නාමපදයක් හදුනා ගන්නේ කියලා ඒ කියන්නෙ ස්ත්‍රී ලිංග නාමපද හදුනා ගන්නෙ කොහොමද කියලා තමා අද අපි ඉගෙන ගන්නෙ. ඒ වුනාට der Name (name) වගේම der käse (cheese) වගේ නාමපද මේකට අයිතිවෙන්නෙ නෑ.ඒවගේම පහත දැක්වෙන නාමපද කාණ්ඩ ද අපට හදුනා ගන්න පුලුවන් ස්ත්‍රී ලිංග නාමපද හැටියටස්ත්‍රීන් හගවන නාමපද die Mutter, die Tochter අම්මා, දුව යතුරුපැදි සහ නැව් වල නම් die BMW, die Titanic BMW, ටයිටැනික් ගස් සහ මල් වල නම් die Eiche, die Rose ඕක්, රෝසමලඔන්න ඒ වුනාට කෙල්ල යන්න හදුන්වන Mädchen, das Mädchen කියලා තමා අපි හදුන්වන්නෙ. ඒ වගේම වයලට් හදුන්වන Veilchen කියන නාමපදයත් das Veilchen වෙනවා. ඒ කියන්නෙ ඒවා නපුංසක ලිංග.මගෙන් එදා ඇනෝ කෙනෙක් අහලා තිබුනා මොකද -er වලින් ඉවර වෙන Mutter, der Mutter වෙන්නැතුව die mutter වෙන්නෙ කියලා. ඒකට හේතුව තමා ඒක ස්ත්‍රීන් හගවන නාමපදයක් වීම. ඒකියන්නෙ මේක තමා නීතිය අර අපි අවසන් අකුරු වලින් අදුනා ගන්න නාමපද ප්‍රධාන රූල් වලින් ඇමෙන්ඩ් වෙනවා. ඒ කියන්නෙ ප්‍රධාන නීති වලින් වෙනස් වෙනවා. විශේෂ හේතු ඇරුනුකොට. අන්න ඒක තමා ඔය නාමපදේට වෙලා තියෙන්නෙත්. හැබැයි සමහර ඒවා එහෙම නෑ ඒවා තමා මම විශේෂයෙන් සදහන් කරලා තියෙන්නේ ඒවානම් කට පාඩම් කරගන්නම වෙනවා. නැත්තම් පැටලෙනවා. හැබැයි ගොඩාක් වෙලාවට ප්‍රධාන නීතිනම් අග අකුරුවලින් ඇමෙන්ඩ් වෙනවා අඩුයි. ඔය das Mädchen කියන එක das වෙලා තියෙන්නෙ ප්‍රධාන රීතියක් ප්‍රධාන රීතියකින්ම වෙනස් වෙලා. ඒක ඉස්සරහා පාඩමේදී අපිට දැකගන්න පුලුවන්.
BLOG
2014.11.08
http://www.slstagedrama.blogspot.com
ජර්මන් භාෂාවේ නාමපද වල ලිංග බේදය පහසුවෙන් සොයාගන්නා ආකාරය.. (How to find the gender of a noun in German easily)
නාට්‍යකාරයා
අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔගොල්ලො ජර්මන් භාෂාව ඉගෙන ගනිද්දී බොහෝම ගැටලුවකට මූන පාන ගැටලුවක් විසදා ගන්නා ආකාරය. මුලින්ම කියන්නම්කො අපේ සිංහල ඉංග්‍රීසි භාෂා වගේ නෙමේ මේ ජර්මන් භාෂාව එහෙම කියන්නේ මොකද මේ භාෂාවේ නාමපද වල ලිංග බේද තුනක් පහසුවෙන් හදුනා ගන්න පුලුවන් ඒ තමා ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංග හා නපුන්සක ලිංග කියලා. der (Masculine පුරුෂ ලිංග) der Mann, der Tisch the man(මිනිසා) the table(මේසය) die (Feminine ස්ත්‍රී ලිංග) die Frau, die Tür the woman(ගැහැණිය) the door(දොර) das (Neuter නපුන්සක ලිංග) das Kind, das Fenster the child(දරුවා) the window(ජනේලය)මෙහෙම ලිංග බේදයක් අපිට අනිත් භාෂාවල දකින්න ලැබෙන්නෑ මොකද අපි සිංහල භාෂාවෙදි පන නැති දේවල් එකම ලිංග බේදෙකින් තමයි හදුන් වන්නේ. නමුත් මෙහිදී මේසය පුරුෂ ලිංග වශයෙන්ද දොර ස්ත්‍රී ලිංග වශයෙන්ද ජනේලය නපුන්සක ලිංග වශයෙන්ද හදුන්වලා තියෙනවා. ඉතින් මෙහිදී ඕගොල්ලො වගේම ගොඩක් දෙනෙක් ලොකු අමාරුවක වැටෙනවා කොහොමද අපි මේ ලිංග බේදය පැහැදිලිව හදුනා ගන්නෙ නැත්තම් කොහොමද අපි ආර්ටිකල් යොදන්නේ කියලා. ගොඩක් දෙනෙක් මේක නිසාම නාමපදයත් එක්කම ආර්ටිකල් එකත් කටපාඩම් කරනවා. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ බොහොම ලේසි වගේම නිවැරදි ක්‍රමයක් මේ ලිංග බේදය හොයාගන්න ඉතින් අද පාඩම අපි පටන් ගමු.පුරුෂ ලිංග නාමපද හදුනා ගමුපහත අකුරු වලින් අවසන් වෙන නාම පද අපට පුරුෂ ලිංග නාමපද හැටියට හදුනා ගන්න පුලුවන් Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.4pt 0in 5.4pt 0in 5.0pt; font-family:"Calibri",sans-serif; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;} -er der Computer, der Wecker Computer, alarm clock -ig der Honig, der Käfig Honey, cage -ismus der Idealismus, der Kapitalismus Idealism, capitalism -ling der Früling, der Schiling Spring, shilling -or der Motor, der Reaktor Engine, reactor ඒවගේම පහත දැක්වෙන නාමපද කාණ්ඩ ද අපට හදුනා ගන්න පුලුවන් පුරුෂ ලිංග නාමපද හැටියටපුරුෂයන් der Vater, der Shon තාත්තා, පුතා මාස හා දවස් der Montag, der August සදුදා, අගෝස්තු කාර් නිෂ්පාදකයන් der BMW, der jaguar බීඑම්ඩබ්ලිව, ජැගුවාර් ඍතු der Sommer, der Winter ග්‍රීෂ්ම සෘතුව, සිසිර කාලයඇල්කොහොල් වර්ග der Whisky, der Wein විස්කි, වයින්නමුත් මෙතනදී මතක තියා ගන්න තව දෙයක් තියෙනවා ඒ තමා අපි බියර් හදුන්වද්දී විතරක් "das Bier " ලෙස හදුන්වනවා . අදට මම මෙතනින් නවතිනවා ඊලග පාඩමෙන් ස්ත්‍රී ලිංග නාමපද හදුනාගන්නෙ කොහොමද කියලා බලමු.
BLOG
2014.09.20
http://www.slstagedrama.blogspot.com
ලොවීනා ද? පුන්නී ද?
නාට්‍යකාරයා
මොහාන් රාජ් මඩවලයන්ගේ "ලොවීනා" මා ඉතාමත් ආශක්තව කියවූ නවකතාවක් යන වග කීවොත් එය බොරුවක් නොවේ. මන්ද යත් එය රචනා කිරීමට ඔහු යොදා ගත් භාෂාව ඉතා මන බදිනා සුලු වීමය. එය පමනක්ම මාගේ හිත එය තුලට අද්දවා නොගත්තේය ඔහු තෝරා ගත් වස්තු බීජය ඉතාම මන බදනේය. අප අසා තිබූ මවුන්ට් ලැවීනියා පෙම් පුවත ඔහු ඔහුගේම උරුවකට වෙනස්ම ආකාරයෙන් ඉදිරිපත් කර තිබීම එයට තවත් හේතුවක් විය. මම පොත කියවීමට පටන් ගත් වේලාවේ සිටන් මේ මනරම් යුවතිය ලොවීනා සෙවීමි.මා පොතෙන් අඩක් කියවීමි එහෙත් මට ලොවීනා හමු නොවිනි. මා හට හමු වූයේ මුල් බාගයේදී පුන්නා නම් ඒ සොදුරු අද්භූත දැරියවයි. ඉන් පසු ටිකෙන් ටික ශරීරය මෝරා ලස්සන වන එම පුන්නා යෞවනියයි. පසුව පුන්නී නැමැති රොඩී රැහැට පිටමන් කල රොඩී කුල හීන කාන්තාවයි. මේ පුන්නා ගලේ ගසාවත් මැරිය නොහැකි බව පුන්නා ඉපදෙන විට නැකත් රාළ කියයි. ඇත්තම ඇත්තය මෙම පොත කියවා ඉවර වන විටද මෙම පුන්නා පසුව පුන්නී මගේ හිතින් ගලේ ගසාවත් මරන්නට බැරි විය. ඇත්තටම ඈ තවමත් මගේ හිත තුල සක්මන් කරයි. ඇය වීර කාන්තාවකි, අනේක විද දුක්ඛ දෝමනස්සයන්ට මුහුන පාමීන් ඈ අනුන් වෙනුවෙන් මහමෙරක් මෙන් වේදනා උහුලයි. අනෙක් අයගේ සතුට ප්‍රාර්ථනා කරයි. ඇයගේ සතුට අපට හමු නොවන්නේ ඒ නිසාය.එමෙන්ම මේ පුන්නී අද්භූත චරිතයකි මන්ද යත් අප කවදාවත් විස්වාස නොකරන් දෑ ඇයි සිදු කරයි. ඇය වැඩි වියට පත් වන්නේ ලිදක් තුලය, ඈ ඇගේ නැකැත් වෙලාවල් පහුවන තුරු රැදෙන්නේද ලිදේමය, ඇය හුස්ම ගන්නේ ලිදේ පතුලේ වතුර තුල සිටයි. ඇය අඃතපුර කානතාවක් සමයේදී අහාරයට ගන්නේ අමු කහ කොකුන් පොතු සුදු හදුන් මේවාය ඉදින් මැය මඩවලයන් අත්භූත චරිතයක් මැවූ අවස්ථාවකි. නමුත් ඇය එය තුල අප තුල ජීවත් වෙයි. මොහාන් රාජ් මඩවලයන් මේ පුන්නී චරිතය තුලුන් අපට රොඩී රැහැ සමීප කරයි, ඔවුන්ගේ ඇවතුම් පැවතුම් සමීප කරයි, ඒ සමගම ඉතා රසවත් කතාවක් ඉදිරිපත් කරයි. මා හට මෙම නවකතා වේ හමුවන ප්‍රබලම චරිතය පුන්නී චරිතයයි. එසේනම් ඇයි මොහාන් රාජ් මඩවලයන් අපට ලොවීනා කියා පොත හදුන් වන්නේ. ඒ මන්ද පුන්නීගේ දිගුව ලොවීනා වීමයි පුන්නීගේ හිතේ තැන්පත් වී තිබූ සියල්ල ඉටුවන්නේ ලොවීනා තුලිනි, පුන්නීලාට හිමි තැන ඉහලට නංවන්නේ ලොවීනා වීමය, පුන්නීගේ මෝක්ෂය වන්නේ ලොවීනා වීමය. පුන්නීට නොහැකි වූ දෙයක් ලොවීනා කර නිසාය. ඇය ලොවීනාගේ ජීවිතය බේරාගෙන ඇය අන්තිමට තමාගේ වගකීම අවසන් බව හැගී මුහුදට පැන ඇයගේ ජීවීතය ආයාසයෙන් අහවර කර ගනී. ඒ තම අතින් නහය කට වහගෙනය. ඇය ගේ මිනිය රොඩී රැහැට හමු වූ තැනින් කතාව නවතී ලොවීනා ගැන ඉදිරියට නොවේ කතාව පුන්නාගෙන් පටන් ගෙන පුන්නීගෙන් අවසන් වේ... එසේනම් මේ පොත ලොවීනා විය යුතුද පුන්නී විය යුතුද. කියවාම අදහසක් ගන්න මම තාමත් නිරුත්තරයි.
BLOG
2014.08.07
http://www.slstagedrama.blogspot.com
අමනුෂ්‍ය ග්‍රහණයෙන් මිදී සුගතිය කරා
නාට්‍යකාරයා
ගොඩක් කාලෙකින් ආයෙත් මම පොතක් අරගෙන ආවා ඔගොල්ලන්ට මේක එසේ මෙසේ පොතක් නම් නෙමේ ඕන් අපේ බෞද්ධ යාලුවන්ට වගේම අනෙක් අයටත් වැදගත් වෙයි කියලා මම හිතනවා. මේ පොත ලියලා තියෙන්නෙ පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි විසින්. මේ පොත ඔබට දෙවියන් හා අමනුෂ්‍ය වර්ගයා වෙන් කොට හදුනා ගැනීමට මහත් රුකලක් වේවි. මම මේ දවස්වල මගේ අවසන් විභාගය පැවැත්වෙන නිසා මගේ හොදම යහලුවෙක් නැවතී ඉන්න පන්සලක තමා නැවතිලා ඉන්නේ. ඒ ඔබ සමහරවිට දන්නවත් ඇති බේස්ලයින් පාරේ ඤාණසීහාරාමය. ඒ පන්සලේ පොත් ගුලක තිබිලා තමා මට මේ පොත කියවන්න ලැබුනේ. පාඩම් කරන්න කම්මැලි වෙලාවක තමා මේ පොත කියෙව්වෙ. එක හුස්මට පොත කියවලා දැම්මා බිම තියන්න හිතුනෙ නෑ.මම මෙච්චර කල් හොයපු ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබුනා. ඔබත් තාමත් පූජා වට්ටි අරන් එක එක දෙවියන් පස්සෙන් යනවාද. එහෙනම් අනිවාර්යෙන්ම කියවන්න මේ පොත ඔබේ අදහස් වෙනස් වේවි. මෙම පොතේ තැනක මෙම හිමිනම කියනවා" සමහරු පුරුදු වෙලා ඉන්නවා තමන්ග් හතුරන්ගෙන් පළිගැනීම පිණිස දෙවියො ඉස්සරහට ගිහිල්ලා පාතාල මැරයන්ට කොන්ත්‍රාත් භාර දෙනවා වගේ දරුණු අපරාද වැඩ බාර දෙන්න" මෙම හිමි නම මෙයට ප්‍රවේශය අරන් තියෙන්නෙ "දෙවියොයි මැරයොයි පැටලිලා" කියලා ඇත්තටම වටිනා අදහස් ටිකක් ප්‍රකාශ කරලා තියෙනවා දෙවියො කප්පම් ගනීද මිනිස්සුන්ගෙන් දෙවියන්ට වෙන වැඩ නැද්ද හිතන්න...මෙම පොත ලියවෙන්නෙ එකම පොතේ කොටස් දෙකක් විදිහට පලවෙනි කොටසින් මෙම හිමිනම හදුන්වලා දීලා තියෙනවා දෙවියන් කියන්නෙ කවුද. දෙවියන්ගෙ සැබෑ කාර්‍යය භාරය කුමක්ද බුදුරජානන් වහන්සේ කොහොමද දෙවියන් හැදුන්වූයේ.. ඒ වගේම මොන සූත්‍ර වලද ඒවා දැක්වෙන්නේ කියලා.දෙවෙනි පරිච්චේදයේ හදුන්වා තිබෙනවා අමනුෂ්‍යයන් කියන්නෙ කවුද. දේවාල වලට දෙවියන් ඇත්තටම වඩිනවාද. දෙවියෝ පූජා වට්ටිවල තිබෙන පුලුටු පලතුරු යුෂ උරා බීමට දිව්‍ය භෝජන දමා පැමිනෙනවාද යන කරුනු.ඒ වගේම කියනවා මේ රටේ මිනිස්සු බොහෝමයක් අමනුෂ්‍ය ග්‍රහණයට අසුවෙලා දුක් විදිනවා කියලා දෙවියන් වදිනවා කියලා අමනුෂ්‍යයන්ට වදිනවා කියලා ඒකෙ ඇත්තක් තියෙනවා කියලා තේරෙයි ඔබත් මේ පොත කියවලා බැලුවොත්. ඔබ අනිවාර්යෙන්ම මේ පොත අරන් කියවන්න.මෙය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ මහමෙව්නා සදහම් ප්‍රකාශකයෝ මිල සදහන් වෙලා තියෙන්නේ රුපියල් 90 ක් ලෙස. කාටත් පහසු ගානක් ඔය බොරු වැඩ වලට වියදම් කරන පුංචි රුපියල් 100 කින් 90 ක් දීලා මේ පොත ගන්න. ඊටත් මේ පොත අලෙවි කරලා ලැබෙන මුදල් මහමෙව්නාවේ භික්ෂු ගිලන් අරමුදලට බැරකරනවා කියලා මෙම පොතේ සදහන් වෙලා තිබෙනවා. හැකිනම් මිලදී ගන්න ඉතාමත් වටිනවා. ඔබේ දෙවියන් සහ අමනුෂ්‍ය වර්ගයා පිලිබද තිබෙන ආකල්ප වෙනස් කරාවි. මම ලිපිනයයි දුරකථන අංකයයි සදහන් කරන්නම් ඔවුන්ට කතා කරලා .මහමෙව්නා සදහම් ප්‍රකාශනමහමෙව්නා භාවනා අසපුවවඩුවාව, යටිගලොලුවදුර/ෆැක්ස් 037-037-2244602ඊ මේල් [email protected]වෙබ් :www.
BLOG
2014.06.02
http://www.slstagedrama.blogspot.com
කෙල්ලෙක් නිසා කලාකාරයෙකු වීමි The boot i got
නාට්‍යකාරයා
මට ඊයේ අපේ අම්මාගේ රිපෝට් වගයක් සෙවීමට වූ නිසා ගේ ඒමේ අත පෙරලූවෙමි. රිපෝට් එක කෙසේ වෙතත් මාගේ පරන මතකයන් එයි හෑරී ඇවිස්සුනේ මාගේ පරණ පොතක් හමු වූ නිසාය. එනම් මා පාසල් යන සමයේ IT ලියූ පොතයි එහි විෂය කරුණු වලට වඩා ඇත්තේ මා බූට් එකක් ලැබූ සමයේ ලියූ එක එක විකාරයි. මට හැහී යන කරුණක්නම් බූට් එකක් කෑ විට කොල්ලෙක් කලාකරුවෙකු වන බවයි.මගේ බූට් එකක් කීවාට තිබුනේ ඒක පාර්ශවික ආදරයකි. ඒ කාලය ඉතා සුන්දර මෙන්ම කටුක කාලයක්ද විය. ඇයට මම ආදරය කල තරම දන්නේ මා පමණි. ඇය කවදාවත් එය දැන සිටියේ නැත. ඒ කාලයේ පොත් පිරෙන්නට එක එක දේවල් ලියනවා මට මතකය. ඒත් අහම්බයකින් මට එක පොතක ඊයේ දින හමු විනි. ඒ අදහස් ඔබත් කියවා බලන්නඅපි සමහර දේවල් වලට ගොඩක් හීන මවනවා ඒත්..... ඒ හීනමොනතරම් ලස්සන වුනත් අපි ඒ හීනය අත ඇරලා දාන්න කොච්චරඅකමැති වුනත් සමහර ඒව මැකිලා යනවා අපිටත් නොදැනිමඅපිට ඒ හීනය හීනයක්ම විතරයි කියලා හිතෙන කොට අපි ගොඩක් දුරගිහිල්ල ඉවරයි අපි ඒ හීනය ගොඩක් දුරට ජීවත් කරවලා.....ඇත්තටම අපි එ හීනෙ පෝෂණය කරල....සමහර වෙලාවට අපිඅපි විසින්ම මවා ගත් හීන තලලා පොඩි කරලාදාන්න තරම් නපුරු වෙනවා ඒත්....පස්සෙ තමයි තේරෙන්නෙඒ හීනය තිබුනනම් කොච්චර හොදද කියලාසමහර හීන කොච්චර අමතක කරන්න හැදුවත් අමතක වෙන්නෙම නෑඒත් සමහර හීන ඉක්මනට් අමතක වෙලා යනවාඅපේ ජීවිත හරියට හීන සාප්පුවක් වගේඔව් හීන සාප්පුවක්ම තමා......... සමහර වෙලාවට අපිට හිතෙනවඅපේ ජීවිතෙ නාට්‍යයක් කියලඅපි අපි විසින්ම ඒ නාට්‍යයට චරිත එකතු කරගන්නවාඒකෙ හොද චරිතත් තියෙනවා නරක චරිතත් තියෙනවාඒත් අපි ගතානු ගතිකව නාට්‍යයේ ගැටුමක් නිර්මාණය කරන්නමහන්සි වෙන්නෑ බලනකොට ඒක ඉබේටම නිර්මාණය වෙලාසමහර ගැටුම් ඉතා හාස්‍ය ජනකයි මිහිරියි.ඒ වගේම සමහර ඒවා ගොඩක් භයංකාරයිඒවට මූණ දෙන්න තරම් හොද ධෛර්‍යවන්ත වීරයා අපි අපිම කියලා නම් කරගන්නවා.
BLOG
2014.05.22
http://www.slstagedrama.blogspot.com
නිදහස් අධ්‍යාපනයේ මලගම .. ATI පද්ධතියත් පෞද්ගලීකරනයට ලක්වෙයිද?
නාට්‍යකාරයා
මේ යුගය නිදහස් අධ්‍යාපනය බල්ලාට ගිය යුගයක් ලෙස හැදින්විය හැක. ඒ මන්ද යත් දැන් දැන් රජයේ අධ්‍යාපන ආයතන තුල සිසුන් අපහසුතාවයට ලක් කරන අශික්කිත අධම ක්‍රියාකලාපයක් පවතින බැවිනි. 1943 දී C. කන්නන්ගර ශ්‍රීමතානන් ලබාදුන් නිදහස් අධ්‍යාපනය දැන් දැන් වල පල්ලට යමින් තිබේ. එතුමානන් 1942 කොමිටියක් පත් කර 1943 වන විට පහත සදහන් වරප්‍රසාද සිසුන් හට ලබා දෙන ලදිබාලාංශ පංතිවල සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය නොමිලේ ලබාදීම.ප්‍රාථමික පාසල්වල ඉගැන්වීම් මාධ්‍යය මව්භාෂාව විය යුතු වීම.තුන්වන පංතියේ සිට ඉංග්‍රීසි සෑම පාසලකම ඉගැන්වීම.චිත්තවේගයන් පිළිබද අධ්‍යාපනය ප්‍රායෝගික හා බුද්ධිමය අධ්‍යාපනය තරම්ම වැදගත් වවීම.ඔහු ආදර්ශ සම්පන්න අධ්‍යාපන ඇමතිවරයෙක් විය. සිසුන් හට ශිෂ්‍යාධාර ක්‍රමයක්ද හදුන්වා දුන් ඔහු ඇත්තෙන්ම දෙවි කෙනෙක් හා සමාන මහත්මයෙකි. නමුත් වර්තමාන අධ්‍යාපන ඇමතිවරයා හුදෙක් විහිලු සපයන්නෙක් පමනක්ම වී තිබේ. විභාග අසමත් වන පිරිස වැඩි වන විට ඔහු කිවේ විභාගයේ පාස් කරන ලකුනු 30 සිට 15 දක්වා අඩු කරනවා කියාය ඔවු එවිට සංඛ්‍යාවක් ලෙස පාස් වන පිරිස වැඩිවේ. නමුත් ලමුන්ගේ ප්‍රගතියක් දැක ගැනීමට නොහැක ඒ වත්මන් අධ්‍යාපන ඇමති වරයාගේ ප්‍රතිපත්තියයි. මෙය ගෙන ආවේ සාමාන්‍ය පෙල ගණිතය ප්‍රශ්න පත්‍රය සදහායි.වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා ATI පද්ධතියට පැමිණි සෑම අවස්තාවකම කිවූයේ අපි මෙය විශ්වවිද්‍යාල බවට පත් කරන බවයි. ඒ යුනිවසිටි කොලේජ් බවට පත් කිරීමෙන් බව ඔහු පැවසූයේ රෙද්දක්ද ඇදගෙනය. නමුත් යුනිවසිටි කොලේජ් කෙසේ වෙතත් දැන් ATI පද්ධතිය කඩා වැටීමකට ලක්වෙමින් පවතී. ඔවුන් මුලින්ම සිදු කලේ ශිෂ්‍යයන් කප්පාදු කිරීමයි. අන් වසර වලට සාපේක්ෂව මෙම වසර තුල සියලුම පාඨමාලා වලට බදවා ගත් සිසුන් සංඛ්‍යාව අඩුවී තිබේ. දැන් අලුත්ම නාඩගම වී තිබෙන්නේ ප්‍රශ්න පත්‍රයක් නැවත ලිවීම සදහා එනම් රිපීට් කිරීම සදහා ගාස්තුවක් අය කිරීමට කටයුතු සලසා තිබීමයි. එයත් ලේසි පහසු මුදලක් නොව 500 ක මුදලකි. නමුත් සාකච්චා වලින් පසු එය 200 දක්වා අඩු කර තිබේ. සමහර ලමුන් හට විෂයයන් පහ හය රිපීට් කිරීමට වන අවස්තා අනන්තවත් ඇත. එවිට එම ශිෂ්‍යයෙකු රුපියල් 1000 කට වැඩි මුදලක් ගෙවිය යුතු වේ. මේ සිදු කර ඇත්තේ මුල් පියවරක් පමනි මෙම වසරේ මුලදී දෙහිවල ආයතන තුල මෙන්ම අනෙක් ආයතන තුලත් ප්‍රතිසංස්කරන කටයුතු කඩිනමින් සිදුකෙරුනි. පාරවල් පවා තාර දමා ප්‍රතිසංස්කරනය කරන ලදි. අප හට පවතින බියනම් මෙම ආයතන පද්ධතිය අර්ධ රජයේ හෝ පෞද්ගලික කරනය කිරීමට සැරසේදැයි කියායි. මන්ද යත් මෙය විශ්වවිද්‍යාල සිසුන් මර්ධනය කරමින් පෞද්ගලික විශ්වවිද්‍යාල විවෘත කරන සමයක් නිසායි.
BLOG
2014.04.16
http://www.slstagedrama.blogspot.com
සිපිරි ගෙයක වසර හයක්
නාට්‍යකාරයා
හුග කාලෙකින් තමා පොතක් කියන ලේබලය යටතේ ඔගොල්ලන්ව හම්බෙන්න එන්නේ හැබැයි මෙදාපාරනම් මේ පොත ඔගොල්ලන්ට බාගන්න දෙන්න හැටියක් නෑ මොකද මේකෙ ඔන්ලයින් වර්ශන් එකක්වත් පීඩිඑෆ් එකක්වත් මට හම්බුනේ නෑ ඒත් මේ ලිපිය කියවනකොට ඔගොල්ලන්ට තේරෙයි මේ පොත සල්ලි දීලා කියෙව්වත් පාඩුවක් නෑ කියලා මේක ඒ තරම් වටිනා පොතක්. මෙම පොත ලියා ඇත්තේ 'චාල්ස් දයානන්දයන්' විසිනි. මෙම කතුවරයා නවකතා ලියන්නෙකු ලෙස ප්‍රසිද්ධ අයෙකු නොවේ. ඔහු ලියා ඇත්තේ චිත්‍ර කලාවට සම්බන්ධ පොත් දෙක තුනක්‌ පමණි. නමුත් චාල්ස්‌ දයානන්දයන් ගුරු විද්‍යාලයීය කථිකාචාර්යවරයකු ලෙසද කලා මණ්‌ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත. මෙහි ඇති විශේෂත්වයනම් ඔහු මෙම පොත ලියන්නේ තමන්ගේම අද්දැකීම් පාදක කරගෙනය. 71 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධ වී අවුරුදු විස්සක් වැනි තරුන වයසේදී සිරගත වෙයි. එම කාලය තුල ලත් අද්දැකීම් සමුදාය අලලා ලියවුනු කෘතියයි "සිපිරි ගෙයක් වසර හයක්" මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ඔහු මෙම කෘතිය පල කරන්නෙ එයිනුත් වසර 35 කට පසුව වීමයි. නමුත් සජීවී ලෙස ඔහු මෙම කතාව ඉදිරිපත් කරයි. මෙහි ඔහු විසින් සිපිරි ගෙය තුලදී චිත්‍රනය කල සිතුවම් රාශියකුත් ඇතුලත් කර ඇත.චාල්ස් දයානන්දයන් මෙම පොත පිලිගන්වන්නෙ අපූරු ආකාරයකටය" හිරු නොපායන ලොවක සිටදිලිසෙන් දෑසින්...අහස දෙස බලා සිටිනදහසකුත් එකක්අසරණයන් හට....මහත් දයානුකම්පාවෙන් හාභක්තියෙන් යුතුවමෙම සිතුවම්හා සටහන් පිළිගන්වමි ................................ මේ ඔහුගෙ ප්‍රස්තාවනාවේ කොටසකි එතුලින් ඔහුගේ නිර්ව්‍යාජත්වය මනාවට් පැහැදිලි වේ. ඒ මන්ද යත් ඔහු මෙම පොත පිලි ගන්වන්නේ ඔහු දුක් වින්දාක් මෙන් දුක් විදින සිපිරිගෙය තුල සිරවී දුක් විදින හුදු මනුස්වයන්ට වීමයි.ඔහු මෙම කෘතිය තුල සිපිරි ගෙය හැදින් වීමට ඔහුට හැගෙනා පරිදි සුදුසුම වචනය යොදා ගනී. එනම් " හිරු නොපායන සාපලත් ලෝකය" යන වදනයි. එම ව්දන තුල ගැබ්වී ඇති බිහිසුනු අර්තය ඔහුගේ කෘතියේ පලවන පරිච්චේදයෙන් ඔහු මනාවට විස්තර කරයි"අඩි 10*8 සිරකුටියක සිර කරුවන් තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් සිටිති "මේ ඔහු සිර කුටියි විස්තර කරන ආකාරයයි. සෑම සිර කරුවෙකුම පාටියක වැඩ කල යුතුය හිර ගෙදර තුල කිසිම සිරකරුවෙකු නිදහසේ කාලය නොගෙවයි එසේ වැඩ නැත්තේ කන්ඩෙම් ශෙල් වලට දමා සිටිනා මරනීය දන්ඩනයට කැපවුනු සිරකරුවන්ට හා මැගසින් සිරකරුවන්ට පමනි." පාටි වැඩ දහවල් 12.00 ට කෑම සදහා නතර කරනු ලැබේ කෑමට පැයක කාලයක් ලබාදෙන අතර 1.00 ට යලි පාටියට යා යුතුය. මේ කාලය ද හිර කාමරය තුල සිටිය යුතුය ........................ හවස 4.00 ට පාටියේ වැඩ අවසන් වූ .......... "පාටි වල වැඩ කෙරෙන අන්දම ඉතා අපූරුවට මෙම පොතෙහි විස්තර කෙරේ ඇත්තටම සිර කරුවෙකු වීම කෙතරම් අබාග්‍ය දැයි මෙම පොත කියවන විට අපට වැටහේ.මෙම හිර ගෙදර තුල බේත් ලබා දෙන්නේද අමුතුම ආකාරයකටය චාල්ස් දයානන්දයන් පවසන ආකාරයට හැම ලෙඩකටම දීමට ඇත්තේ එකම බේත්‍ ය ඔහු පවසන ආකාර්‍යට් එහි ඇත්තේ 1 සිට 5 දක්වා නම් කරන ලද බේත් වර්ග පහක් පමනි හැම ලෙඩටම ලබා දෙන්නේ මෙම බෙහෙත් පමනි. සිර කරුවන්ට හරි හමනකට බේතක්වත් නොලැබෙන බව චාල්ස් දයානන්දයන් මෙහි පෙන්වා දෙයි. ඔහු හරි අපූරු කතාවක් ගෙන එයි එනම් බේත් දීම පිලිබදව හිර කරුවන් විසින් නිර්මානය කල විහිලු කතාවකි" එක් දිනක් සිරකරුවෙකුට බෙහෙත් නියම කල වෛද්‍යවරයා පහෙන් අවුන්සයයක් දීපං යනුවෙන් කීවේලු. පහ ඉවරයි සර් යනුවෙන් හිරකරු කී විට එහෙනම් දෙකයි තුනයි කලවම් කරලා දීපං යැයි වෛද්‍යවරයා කීවේලු."මේ සිරකරුවන් තුල තමන්ට දෙන බේත් ගැන අවිශ්වාශය ප්‍රකාශ කරන අවස්තාවකි. හිරගෙදර වෛද්‍යවරයා විසින් තම්න්ගෙ උදව්වට තවත් හිරකරුවෙකු යොදාගන්නා බව කතෘ සදහන් කරයිමෙම පොතෙහි සිර කරුවන් තුල පවත්නා මානව දයාව හා මනුස්සත්වයද ඉතා අගනා ලෙස පෙන්වා ඇත. කතෘ අප තුල පමනක් නොව සිර ගෙදර ජීවත් වෙන මනුෂ්‍යයන් තුල අපට වඩා හොද ගති ගුන සමහර විට ඇතිබව පෙන්වා දී ඇත.ඒ ඔහුගේ පොතෙහි පස්වන පරිච්චේදයේ නීචයෝ අධමයෝ හා මනුෂ්‍යයෝ යන්නෙහි ය.ඔහු තවත් තැනක මෙසේ සදහන් කරයි" අපිනම් මේ අවුරුදු දෙක තුනකින් යනවා . මේ මිනිස්සු කොහෙන් කන්නද යන අදහස හිරකරුවෝ කියනු මා කීපවර අසා ඇත."ඒ සිර කරුවන්ගෙ මානුෂීය ආකල්පය ඉස්මතුවන තැනකි. මෙසේ කියා සමහර අය තමන්ට ලැබෙන මස් කෑල්ල අනෙත් අයිට දෙනවාලු. බලන්න අන්න මිනිස්සු.චාල්ස් දයානන්දයන් පවසන් ආකාරයට සිරගෙදරට පැමිණි විට ඕනෑම චන්ඩියෙක් නොන්ඩි වෙයි. ලොකු ලොකු චන්ඩි හිරගෙදරට ගිය විට පාට් දමන්නේ නැත ඔවුන් ඔවුන්ගේ පාඩුවේ වෙනම් සිටින්නේලු. ඔනෑම චන්ඩියෙක් මෙල්ල කරන සාස්තරෙ පෝරියල් එකලු එනම් ජේරල්ලා හතර පස්දෙනෙක් එකතු වී පොලුවලින් අත පය කැඩෙනකන් ගහනවාලු. මෙසේ ගසා සියලු හිරකරුවන් ඉදිරියේ දන ගස්වනු ලබයි."චන්ඩියෙකු දන ගැසූ පසු ඔහුගේ අභිමානය එතැනින් අවසන් වේ. එවන් අයට තව දුරටත් හිරගෙදර චන්ඩිපාට් දැමිය නොහැක නියම චන්ඩින් හිරගෙදරදී ෂේප් එකේ ඉන්න උත්සහ ගන්නා බවත් මුලාදෑනින් ද ඔවුන්ට පාට් නොදමන් බවත් හිර කරුවන්ගේ මතයයි." නමුත් සමහර නොන්ඩින් සිරගෙදර තුලදී චන්ඩින් වෙන අවස්තා ඇති බව කතුවරයා පවසයි. කච කච විමලේගේ සිද්ධිය එවැන්නකි. මෙය කතුවරයා සදහන් කර ඇත්තේ තුන්වන පරිච්චේදයේ චන්ඩි නොන්ඩි වීම හා නොන්ඩි චන්ඩිවීම මැයිනි." ඔහුට මුලු හිර ගෙදරම කියන්නේ කච කච විමලේ කියාය. නැතිනම් කචකචය කියාය මෙම නම ඔහුට ලැබී ඇත්තේ ............ මේ මිනිසා ඉත කෙට්ටු වඩා උස නැති කුඩා පුද්ගලයෙකි "දිනක් මෙම පුද්ගලයා කෑම පෝලිමේදී මෑම බෙදන හිරකරුවන් සමග ආරවුලක් ඇති කරගෙන ඇත්තේ අසාධාරනයක් සම්බන්ධවයි. මුලාදෑනින් ඉන්පසු ඔහුව පෝරියල් දීමට රැගෙන ගොස් තිබේ ඔහුට දන ගැසීමට පැවසූ විට" මම තොපි ඉස්සරහ දණගහන්නේනෑ යකෝ.... තොපිට පුලුවන් දෙයක් කරපන් "කියා පවසා ඇත මුලාදෑනින් ගුටිකාලා නොන්ඩි වෙනවද කියා ඇසූවිට ඔහු නිර්භයව" අඩෝ තොපි මට ගහපියව් මම දණ ගහන්නෙනම් නෑ හැබැයි තොපි දැනගනිව් මට් ගහනවා නම් මාව මරලා දාපල්ලා මාව ජීවතුන අතර ඉතුරු කලොත් තොපෙන් පන්න පන්නා පලිගන්නවා.. තොපි එක එකා වැන් වෙනම් බලාගන්නවා... ගහපියව් දණ ගහන්නේනෑ මැරුවත් දනගහන්නෑ "කියා පවසා සිටි විට මුලාදෑනින් භය වී ගැසීමට කවුරුන්වත් ඉදිරිපත් වුනේ නතිව ඔහුව යවූ බව කතුවරය පවසයි. මේ සිර ගෙදර සිටි නොන්ඩියෙකු චන්ඩියෙකු වූ අවස්තාවයි. කතුවරයා එම පරිච්චේදයේම ඔවුන්ට කෑම පිලියෙල කරන අන්දමද පවසයි. සමහර දින වලට මැල්ලුම් සමග කොහු ලණුද ලැබෙන බව පවසයි. ඒ මිටි බැද තිබූ ලනු සමගම කපා දමා ඇති නිසාය. එමෙන්ම දිනක් මැල්ලුම සමග සර්පයෙකුගේ කොටස් හමුවූ අන්දමද විස්තර කරයි.තවද නීචයෝ අධමයෝ සහ මනුස්සයෝ පරිච්චේදයෙහි මංකොල්ල කරුවන් පිළිබද මනාවට දක්වා ඇත" අපි මංකොල්ලකාරයොනෙ සහෝදරයා.. අපි කවදාවත් මිනී මරන්නෑ ... එතොකොට කේස් එක ඩබල් වෙනවා රොබරියයි මර්ඩර් එකයි කේස් දෙකකට අහුවෙනවා. අනික රොබරියකින් ෂේප් වෙන්න පුලුවන් මර්ඩර් එකකට අහුවුනොත් ටිකක් අමාරුයි. ඒ හින්දා හොරු කවදාවත් මිනී මරන්නෑ.. "තවද කතුවරයා පවසන්නේ සිරගෙදර තුල සිටින විට දෙවියන් ගැන තිබෙනා ආකල්ප තුරන් වී යන බවය අතිමහත් සිර කරුවන් දෙවියන් විශ්වාස කරන්නේ නැති බවද ඔහු පවසයි. ඒ "දෙවියන් පැන දිවූ හතරේ වාට්ටුව" යන පරිච්චේදයෙනි.තවද මියෙම්වා රැකෙම්වා හිරගෙදර විප්ලවය යන පරිච්චේදයෙන් ඔවුන් සාර්ථකව හිර ගෙදර තුල කැරල්ලක් මෙහෙයවූ අන්දම ඉතා ආකර්ශනීය ලෙස දක්වයි. හිර ගෙදර තුල කලා නිර්මාණ හදුන්වන්නේ "කොරති" යන් නමිනි කලාව මුලා කරන කොරතිකාරයෝ යන පරිච්චේදයෙන් සිර කරුවන් නිර්මාණ කරන අන්දම මනාව පෙන්වයි. ඔහු පූසෙකුගේ වලිගයේ අග මයිල් යොදා ගෙන පින්සල් නිර්මාණය කර ගත් අන්දමද මෙහි මනාව දක්වා ඇත.සිර ගෙදර තුල ඇති හැමෝම දන්නා කඩ ගැන ,සූත්ති උරන ආකාරය, බීඩිය කොටස් පහකට කඩා එම කොටස් මස් කෑලි වලට හුවමාරු කරන අන්දම, ඔල්බුරුස් සාදා ගන්නා ආකාරය, හිරගෙදර තුල උම්බලකඩ සාදා ගන්නා ආකාරය, කන්ඩෙම් කාරයෝ ගැන, සුමතිපාල මරුසිරා ආදී ප්‍රසිද්ධ සිර කරුවන් පිළිබදව හා මුලාදෑනින්ගේ කපටි වැඩ හොර වැඩ අදී ඉතා විශාල දැනුම් සම්භාරයක් මෙම පොතෙහි කැටි වී ඇත.ඔබ මෙම පොත කියවා නැතිනම් අදම රැගෙන කියවන්න හිරකරුවන් පිලිබද ඔබ තුල ඇති ආකල්පය මෙම පොත වෙනස් කරවාවි තවත් ඔබ නොදන්නා ගොඩක් දේ ඔබට උගන්නාවි. මෙම පොත ප්‍රකාශයට පත් කර ඇත්තේ අගහස් ප්‍රකාශකයෝය. ඔවුන්ගේ දුරකතන අංකය 0112793671 යි. මෙහි මිල සටහන් වන්නෙ රුපියල් 400ක් ලෙසටයි. මෙම පුන්චි රුපියල් 400 යට ඔබට සාගරයක දැනුම හිමි වෙනු ඇත.
BLOG
2014.04.13
http://www.slstagedrama.blogspot.com
Taking නොtaking කියලා හිතුනි මට
නාට්‍යකාරයා
මේ අපේ ජර්මානුවා පිලිබදවය අප හට සෙනසුරාදා දවස යනු ඉතාමත් වෙහෙසකර දවසකි. මොකද එම දිනට අපේ ජර්මානුවා පැය හතරක දීර්ඝ දේශනයක් පවත්වයි. අන්තිමට බැලූ විට නටපු නැටුමකුත් නැත නමුත් බෙරේ පලුවකුත් ඇත්තේම නැත. ජර්මානුවා කීවාට ඔහු ශුද්ධ සිංහලයෙකි අපට ජර්මන් භාෂාව උගන්වන නිසා අප ඔහුට කියන්නේ ජර්මානුවා කියාය. ඔහු පැමිනෙන්නේ බදුල්ලේ සිටයි. කලින් ජර්මන් උගැන්වූ සර්ටත් මරු නමක් තිබුනි. ඔහු ගෝල්කාරයාය මොකද ඔහු පැමිනියේ ගෝල් දේශයේ සිටයි. ගෝල් දේශය කියන්නේ ගාලු පුරවරයයි. කොහොම උනත් දැන් ජර්මානුවා මාර ෆන් ඩයල් එකය පැය හතරෙන් පැය දෙකක්ම බුල කෙලී ජර්මන් ඇරෙන්න අනෙක් හැම දෙයක්ම ඔහු උගන්වයි. මේත් ඔහු කී එක් කතාවකිHungry වෙලා මම ගිය කල son ගෙ ගෙටMeasure කරලා paddy දුන්නයි මල්ලකටTaking no-taking කියලා සිතුනි මටMeasure කරලද son milk දුන්නේ I U ට.
BLOG
2013.08.05
http://soosthigune.blogspot.com/
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන කතන්දර.
සූස්ති ගුණේ
කතා 1.4pt 0in 5.0pt; font-family:"Times New Roman","serif"; mso-bidi-language:AR-SA;}ඒ රනිල් විකුම්සිහආණ්ඩු සමයයි. ඒ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයා ගැන කතාවකි මේ. වරක් තම පවුලේ හදිසි කටයුත්තක්සඳහා මහනුවර වෙත ගමන් අරඹන මේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට හදිසිය නිසාම කොළඹ-නුවරපාරේ වේග සීමා අමතක වුයේය. එපමණක් නොව තමන්පිටුපසින් එන එකම එස්.ටී.එෆ් රථයද මග හැරිණි. (දැන් ඉන්නා හීනමාන ලේකම් වරුන්ට මෙන්හමුදා රථ දුසිමක් තිබුණේනැත.) එක්තරා මොහොතකදී පොලිස් නිලදරුවන් දෙදෙනෙක් විසින් වේගයෙන්ඇදෙන රථය නවත්වන්නට සංඥාකරණ තුරුම තමන්වේග සීමා බිඳ ඇති බව ලේකම් වරයාට නිනවු වූයේදනැත."ඇයි පුතා නැවත්තුවේ"ලේකම් වරයා ඇසුවේ තම ආරක්ෂක එස්.ටී.එෆ් රථය පිටුපසින් එත්දැයි බලන අතරය."සර් අසූවට ගියේ,වේගේ වැඩියි...ගන්නකෝ බලන්න අයිඩී, ලයිසන්," පොලිස් නිලධාරියෙක්ආචාරශීලිව පැවසුවේය."ආ..අසූවට ගියාද..මට නම් විශ්වාසයි 70කට වඩා ගියේ නැහැ කියල" ලේකම් වරයා සිනාමුසුවපැවසීය."නැහැ සර් අසූවට ගියේ...අර ලේසර් මැෂින් එකෙන් බැලුවේ..අපටදඩකොලයක් ලියන්නෙ වෙනවා සර්, ගන්නකො අයිඩී එක."ආරක්ෂක ලේකම් තම අමත්‍යාංශ හැඳුණුම්පතද, අනිකුත් ලියකියවිලිදඉදිරිපත්කළේය. ඉංගිරිසියෙන් ලියැවී ඇති ඇති ඒ හැඳුනුම්පතේ හඳුනාගත හැකිඑකම සිංහල වැකිය වූයේ "රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය" සහ එහි නිලමුද්‍රාවය."...ස්.සර් ආරක්ෂක අමාත්‍යංසේද..""ඔවු පුතා..කමක් නැහැ ..එහෙනම් ඉක්මනට ලියන්නකෝ දඩකොලේ""ඇහ්..නැහ්..පොඩ්ඩක් ඉන්න සැර්, මම අරයට මේක පෙන්නලඑන්නම්""අරයා"ඉංගිරිසිකියවිය හැකි නිලධාරියෙකි. හැඳුනුම්පතදුටු අරයාට හීන් දාඩිය දැම්මේය."මොකා..අම්මට..හු..යකෝ මේ ආරක්ෂක අමාත්‍යංසේ ලේකම්."තම සගයාට දැනුම් දුන් "අරයා" සගයාවත් ඇදගෙන ලේකම් වරයා ගාවට ආවේය."න්න්නැහ්..සර්..ප්‍රශ්නයක් නැහැ .සර් යන්ඩ.." ගැහෙන අතින්හැඳුණුම්පතද අනෙක් ලියකියවිලිද ආපසු භාර දෙන අතර "අරයා" කිවේය."ආ නැහැ නැහැ පුතා ඒකේ ප්‍රශ්නයක් නැහැ..මම අසූවට ගියානම්ඒක වැරදියි, ලියන්නකෝ දඩ කොලේ, ඕගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේනැහැ." ලේකම් වරයා සිනාමුසුව පැවසුවේ පොලිස් නිළදරුවන්ගේ සැකසාංකා මැඩලමිනි.වදෙන් පොරෙන්අකමැත්තෙන්මෙන් දඩකොළය ලියු පොලිස් නිලදරුවන්දෙදෙනා මහත් වූ ගෞරවයෙන් ඒකත්පස්ව සිට එය ලේකම්වරයාට පිළිගන්වුයේ පිටුපසින් පැමිණ හතිලනඑස්.ටී.එෆ් භටයන්ගේ රැවුම් මධ්‍යයේ මෙවැන්නක් ලංකාවේ සිදුවිය හැකි ද යන විමතියෙන් යුතුවය.මහත්වරු එසේය....කතා 2.පළමු කථාවේ ලේකම්වරයා "හිටපු ලේකම්" බවට පත්වුපසු මෑතකදී සිදුවූවකි. මොන ආරක්ෂක ලේකම් වුවද හාමිනේගේ අණපිළිපැදිය යුතුය. කිරිපිටිනැති බැවින් උඩහමුල්ලේ සිට ජුබිලිකනුවට ආ ලේකම් වරයා කිරිපිටි පෙට්ටියත් සමඟ රථයට ගොඩවන්නටහදනවාත්සමඟ ඒ වෙත ආ පොලිස් නිළදරුවෙකි."සර් මෙතන නවත්තන්ඩ බෑ""ඈ. කෝ. කොහොමද මම දන්නෙ""ඇයි සර් අර බෝඩ් එකක් හිටෝලා තියෙන්නේ" පොලිස් නිලදරුවාකාරය පිටුපසින් ඇති දැන්වීමක් පෙන්වයි. එහි සඳහන් වන්නේ..ජේෂ්ඨ පොලිස් අධිකාරි අණ පරිදි යනුවෙනි."හරි පුතා ලියන්නකෝ දඩකොලේ. හැබයි පුතා පොලිසියට මෙහෙම බෝඩ් දාන්න බලයක් නැහැ""ඒක නම් මම දන්නේ නැහැ සර්" කියු පොලිස් නිලදරුවා"තවත් එකපණ්ඩිතයෙක්" යැයි තමාටම කියාගත්තේය."ඔව් ඒක ඇත්ත. ඔයගොල්ලෝ නෙවෙයි මේවා දාන්නෙ ඉහළ නිලධාරීන්නේ, කමක් නැහැ පුතා මම කතාකරන්නම් කෝ කාට හරි" කියු හිටපු ආරක්ෂක අමාත්‍යාංශලේකම් වරයා දඩකොලයත් සමඟ කිරිපිටිත් රැගෙනගෙදර ගියේය.තේ කෝප්පය තොලගාන අතරතුර පොලිස්පති වෙත ඇමතුමක් ගත් "හිටපු ලේකම් තුමා" කරුණු පැහැදිලි කළේය."මේකයි මිස්ට ***පොලිසියට බලයක් නැහැ බයි ලෝස් දාන්න. ඒකට බලය තියෙන්නෙ මියුනිසිපල් කවුන්සිල් එකට"පොලිස්පතිවරයා සුපුරුදු සම්ප්‍රදාය අනුව යමින් රාජ්‍ය ආරක්ෂකඅමාත්‍යාංශ ලේකම් වරයෙකුට ලැබෙන උපරිම ගෞරවය දී කතාකළේය. "සර් ඕක ගෙවන්න එපා. මම හොයල බලන්නම්කෝ කවුද සර්ට දඩ කොලේලිව්වේ කියලා. පොඩ්ඩක් බලන්න එපැයෑ කවුද කියල නේදසර්..මම ඕකට පර්සනලි මැදිහත් වෙන්නම්"" නැහැ..මිස්ට ***මේක ගෙවන එක නෙවෙයි ප්‍රශ්නේ.. මම කියන්නෙපොලිසියට බලයක් නැහැ බයිලෝස් දාන්න.මම මේක ගෙවන්නම්,ඒක ප්‍රශ්නයක් නෙවෙයි.අනිත් එක කවුද කියල අහල නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැනේ..මම කියන්නේ මේකට බලය තියෙන්නෙ නගරසභාවට විතරයි.""හරි සර්, මමත් හරියට ඕකේ නීතිය දන්නේ නැහැ.මම අපේලීගල් ටීම් එකෙන් අහල කියන්නම් එහෙනම්. ඒත්.." පොලිස්පති වරයා වඩ වඩාත් ආචාරශීලිවෙමින් පවසයි.පැයකින් පමණ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයා අමතන පොලිස්පතිවරයා " සර් හරි, අපෙන් තමයි වැරැද්දක් වෙලා තියෙන්නේ.. සර් ඔය දඩේ ගෙවන්න එපා.මම එවන්නම් මිරිහාන පොලිසියෙන් කවුරු හරි.." "නැහැ මිස්ට, ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම මේක ගෙවනවා..ඒත් මීට පස්සේ මට මේක වුණොත් මට වෙන්නෙ ඔයගොල්ලන්ට විරුද්ධව නඩු දාන්න..සිනහ වෙමින්ලේකම් වරයා පිළිතුරු දෙයි.." ඕ.කේ..සර් දෙන්"මහත්වරු එසේය...මහත්වරු එසේය.... ඊට අමතරව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ලා වැනිදඩ බල්ලෝද,දඩ බල්ලෝ වැනි ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරුද වෙති. උන් ගැන කතන්දර ජුගුප්සාජනකය. උන් යන යන තැන මීනි ඇටසැකිලි, මල මීනි මතුවෙයි.මාතලෙන් හමුවූ සමූහ මිනීවල එවැන්නකි. උන් ලේකම් කමට පත්වන්නේ නැදෑකමේ මහිමයෙනි. ඊටපෙර හමුදාවේ සිටි මෙවැනි "අනාගත ලේකම් වරයෙක්" යුද සමයේ රටෙනුත් පැනයන තරමේබිය සුල්ලෙකි. රටෙන් පැනයන මේකා කැලිෆෝනියාවේ සුද්දන්ට පෙට්‍රල් ගසා බඩ වියත රැකගත්තෙකි.ඌ නිරායුධ මිනිස් ජීවිත බිළිගත්තේ දකුණේ පමණක් නොවේ. සුදු කොඩි රැගෙන එන නිරායුධ දෙමළජනතාවට වෙඩි තියන්නට අණදුන් බවට ජාත්‍යන්තරයෙන් නැගෙන චෝදනාවක්ද වෙයි. රෝශේන් චානුක,ඇන්ටන් වැනි මිනිස්ඝාතන වල අලුත්ම වටය අකිලගෙන් අරඹාතිබේ. වැලිවේරියේදී දඩ බල්ලන් බිලිගත් මුලු ගණන 7ක් තරම් වේයැයිආරංචි පැතිර යයි. පැරෂූට් ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයෙකු සහ සට්ටැඹි-නපුංසක හමුදාවක් සාමාන්‍ය මහ ජනතාවට වැඩ පෙන්වූ හැටි ය ඒ.මහත්වරු එසේය..දඩබල්ලන් මෙසේය.
BLOG
2013.06.28
http://soosthigune.blogspot.com/
මල්ලි! ලෝකෙන්ම හොඳම නළුවා මම..හෙහ්!
සූස්ති ගුණේ
මල්ලි. හෙහ් හෙහ් ඇඬෙනවා නේද බං.උඹලෑ තාත්තා කෝටි ගණන් වියදං කරල"අබා" ජාත්‍යන්තරේට ගෙනිහින්උඹට අරං දෙන්ඩ බැරිවෙච්චි මෙව්ව එක..මේං මේක..ආපෝ. නෙදකිංපෝලිම් පැනපු පර-කුමත් මෙතනබලපංකෝ මුගේ "රැස්පොට්" ලුක් එක.ලැජ්ජයි මූ ගාව ඉන්නත්. කපන්න බැරි අත සූප්පන්න ආපු කුහක හැත්ත. හෙහ්..ඈ. කෑන්ස්. ඔස්කා. ඇකඩමි.. බැෆ්ටා..නෑ ..නෑ මේක මේ නිව්යෝක් පිල්ම් පෙස්ටිවල් මචං..ඈ... ...ආ ෆේස්බුක් එකේ ගොබ්බයොයිඇනෝ බ්ලොක් කරං බ්ලොග් ලියන හරමානිස්ල ටිකයිදාල තිබ්බ තමා ලෝකෙන්ම හොඳම නළුවා කියල..හොහ්..හොහ් හෙහ් හෙහ්ගණන් ගන්ඩ එපා.. ගොන් හැත්ත.
BLOG
2012.09.26
http://soosthigune.blogspot.com/
6% ක්? පුක තමයි!
සූස්ති ගුණේ
අධ්‍යාපනයට 6%ක් ඉල්ලා සරසවි ආචාර්යවරු වර්ජනය කර පා ගමන්, උද්ඝෝෂණ කරද්දීත් අපේ සකල සිරින් පිරි සිරි ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට දිනෙන් දින පත් වෙද්දී, මහා බ්‍රිතාන්‍යයට යුරෝපයේ ආශ්චර්ය විය නොහැක්කේ මන්දැයි ඔබ මොහොතකට සිතුවාද.. මෙන්න ඒ රහස දැන් එළි වූ වගයි.බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරුන්ගේ අධ්‍යාපනයඑඩ්වඩ් හීත්- ඔක්ස්ෆර්ඩ් සරසවිය -දර්ශනය,දේශපාලනය සහ ආර්ථික විද්‍යාව- ප්‍රථම උපාධියහැරල්ඩ් විල්සන්- ඔක්ස්ෆර්ඩ් සරසවිය- දර්ශනය,දේශපාලනය සහ ආර්ථික විද්‍යාව- ප්‍රථම උපාධියජේම්ස් කැලහෑන් - ඔක්ස්ෆර්ඩ් සරසවියට තෙරුන නමුත් සිවිල් සේවා විභාගයෙන් සමත් වී රජයේ ලිපිකරුවෙක් ලෙස පත් වේ.මාගරට් තැචර්- ඔක්ස්ෆර්ඩ් සරසවිය-රසායන විද්‍යාව-ප්‍රථම උපාධිය.ජෝන් මේජර්- ඕ ලෙවල් සහ වරලත් බැංකු විභාග සමත් විය.ටෝනි බ්ලෙයාර්- ඔක්ස්ෆර්ඩ් සරසවිය- නීති න්‍යාය-ප්‍රථම උපාධියගෝඩන් බ්‍රවුන්- එඩින්බර්ග් සරසවිය- ඉතිහාසය-විද්‍යාපති උපාධිය සහ ආචාර්ය උපාධිය.ඩේවිඩ් කැමරන්- ඔක්ස්ෆර්ඩ් සරසවිය- දර්ශනය,දේශපාලනය සහ ආර්ථික විද්‍යාව- ප්‍රථම උපාධියශ්‍රී ලාංකීය රාජ්‍ය නායකයින්ගේ අධ්‍යාපනය.ඩී එස් සේනානායක- ශාන්ත තෝමස් විද්‍යාලයඩඩ්ලි සේනානායක- කේම්බ්‍රිජ් සරසවිය සහ මිඩ්ල් ටෙම්පල් නීති විද්‍යාලයේ හැදෑරීම් කළේය.ජෝන් කොතලාවල- රාජකීය විද්‍යාලය සහ කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත්ව සිටියේය.එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක- ඔක්ස්ෆර්ඩ් සරසවිය-බැරිස්ටර් වරයෙකු ලෙස සුදුසුකම් ලැබීයවිජයානන්ද දහනායක- රිච්මන්ඩ් විද්‍යාලය සිරිමා.ආර්.ඩී බණ්ඩාරනායක-ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය.ජේ.ආර් ජයවර්ධන- රාජකීය විද්‍යාලය, කොළඹ යුනිවසිටි කොලීජිය සහ නීති විද්‍යාලය-නීතිඥයෙක් ලෙස සුදුසු කම් ලැබීය.රණසිංහ ප්‍රේමදාස- ශාන්ත ජෝශප් විද්‍යාලයඩී.බී. විජේතුංග- ශාන්ත ඇන්ඩෘ විද්‍යාලය, ගම්පොළ.චන්ද්‍රිකා බණ්ඩාරනායක- පැරිස් විශ්වවිද්‍යාලය- දේශපාලන විද්‍යාව-ප්‍රථම උපාධියරත්නසිරි වික්‍රමනායක- ආනන්ද විද්‍යාලයරනිල් වික්‍රමසිංහ- කොළඹ විශ්ව විද්‍යාලය සහ නීති විද්‍යාලය- ප්‍රථම උපාධිය දි.මු. ජයරත්න- දොළුව මහා විද්‍යාලය, ගම්පොළමහින්ද රාජපක්ෂ- නීති විද්‍යාලය - නීතිඥයෙක් ලෙස සුදුසුකම් ලබීය.දැන් තේරෙනවා නොවැ ඔය අධ්‍යාපනයෙන් බ්‍රිතාන්‍යයට කෙළ වෙච්චි තරම. මහාචාර්ය සරත්චන්ද්‍රට කානුවෙ දාගෙන ගැහුවා වගේ මුංටත් දීපල්ලා මතක හිටින්න. අනේ මාලක සිල්වා වැනි කොල්ලෙක් අධ්‍යාපන ඇමති වුණොත්.. අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ.
BLOG
2014.06.10
http://sadaru-world.blogspot.com/
මේ දවස් වල - ලංකාවේ දුරින් ඉදන්.......
දේවා ගේ අඩවිය
මාස ගානකින් බ්ලොග් පොස්ට් එකක් ලියනවා තියා කියවන්න උනේ නැ.. අභියා ගේ මොකක්ද කෙස් එකක් පත්තරේ ගිහින් තියනවා කියලා දැක්ක නිසා එක බලනකොට පරණ පොස්ට් ටිකක් අබියා ලියලා තිබුන කියවන්න හිතුන නිසා මටත් මතක් උනා බ්ලොග් එකක් තිබුනා නේද කියලා.. තැන්ක්ස් මට මතක් කරල දුන්නට..ලංකාවෙන් ගොඩක් දුර රටක ඉදන් ලියන පලවෙනි පොස්ට් එක. අනික බ්ලොග් අත අරින්න හිතුනත් කොහෙන් හරි මොකක් හරි අත අරින්න බැරි හේතුවක් හැදෙන එක ගැන එක අතකින් සතුටු වෙන්නත් පුළුවන්.මේ දවස් වල මම ගැන කියලා බ්ලොග් වලට ආයේ පොඩි ආරම්බයක් ගත්තා කියලා කියවන්න එන දෙන්නාතුන්දෙනා තරහ වෙන එකක් නැනේ.බ්ලොග්ට්‍රිප් එකක් යන කතාවක් ලංකාවෙන්එන්න කලින් ඇහුනත් එන්න වෙන්නේ නැ කියලා ඒ දවස් වලම කියන්න උනේ ඉතින් රාජකාරි පරිසරයේ වෙනසක් සිද්ද වෙනවා කියන දේ කලින් දන්නා නිසා.ඉතින් එක දෙයක් නම් කියන්නම වෙනවා. මම ටික කාලයකට ගේට් වලට ආවේ නැතිව ඉන්න වුනාට ඒ අර මට එන්න එපා කියලා කියපු අය නිසා නම් නෙමේ ඉතින්. මොකද එහෙම එන්න එපා කියපුවහම ඉතින් මම ඇවිත් ගියානේ.මම ගැන කියන්න යනවා කියලා ආයෙත් විකාරයක් කියවන්න ගත්තා නේද.සාමන්යෙන් අවුරුදු කීපයකට සැරයක් ආයතනයේ සේවයට විදේශ රටවල් වලනියෝජිතයෝ විදිහට කීප දෙනෙකට යන්න වෙන අවස්ථාවක් මටත් ලැබුන නිසා මේ මාසේ පළවෙනිදා මමත් ඉතින් ගුවන් ගත උනා.විවිද ජාතින් ගොඩක් එක්ක වැඩ කරන එකඅමුතුමඅත්දැකීමක්.තාම දින කීපයක් උනත් ගොඩක් හොදින් හැමදේම කරගන්න ලැබුන එකගැන දැනට නම් මම සතුටින්.ටික කාලයක් මේ රටේ මගේ ආයතනේ නියෝජිතයෙක් විදිහට ආයතන වෙනුවෙනුත් මෙහෙ සේවය කරන ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙනුත් මට පුළුවන් උපරිම දේ කරන්න මම බලාපොරොත්තුවක් ඇතිව ඉතින් නොදන්නා රටක නොදන්නා අය එක්ක කලේ ගෙවනවා.වෙනදාට වඩා බ්ලොග් එකත් එක්ක ඉන්න බලාපොරොත්තුවෙන් අපි සමු ගන්නවා අදට.. අමාරුවෙන් කියවූ ඔබට තුති.
BLOG
2014.03.03
http://sadaru-world.blogspot.com/
4ක් ඉවරයි, ඉතින් මට යන්න අවසරයි........ 5 ට.
දේවා ගේ අඩවිය
බ්ලොග් කියන වචනේ මම මුලින්ම ඇහුවේ ජිවිතේ මල් ලියන දිල් අක්කා මගේ බුකියේ යාලුවෙක් උනාට පස්සේ. ගොඩාක් දෙනෙක්ගේ ගුරුතුමි වෙන දිල් අක්කා මගේ බ්ලොග් වලත් ගුරුවරියක්ම උනා. බ්ලොග් පොස්ට් පැය 4.5කට එකක් වැටෙන කාලයක් එක. ලාන්කිය සින්ඩිකෙටරය ආරම්භ උනු කාලේ අතර තිබුනු පරතරය දැන් නම් මතකයෙන් ඇත් වෙලාද කොහෙද.විනාඩි , පැය ගෙවිලා දවස් සති වෙනකොට ගොඩක් බ්ලොග් ලියන කියවන අය වැඩි වෙනකොට සින්ඩිකෙටර එක එක හැදෙනකොට, වතුර ගගහා මැරතන් දුවනකොට. තරගෙට කවි මඩු තියනකොට, සහාභාගිත්වය වැඩි වෙලා දාරා ගන්න බෑරි වෙලා කවි මඩු කරනකොට , ටෙක්නිකල් පොස්ට් , රස කතා, ජිවන අත්දැකිම්, කතන්දර , කවි , නිසදැස් , එකි නොකි මෙකි හැම දෙවල්ම ලියවෙනකොට දවසින් දවස බ්ලොග් ලියන අයගේ ගණන එකින් එක වැඩි වුනා. කියවන අය ගාන වැඩි උනා. තර්ක විතර්ක එක්ක සුන්දර වලි උනත් නොතිබුනා නෙමේ. හැබයි ඉතින් ඒ දෙවල් මොනවා තිබුනත් එකතු වෙලා කරන්න පුලුවන් හැමදෙයකදිම එකට කට්ටිය උන්නු ෆිට් එකක් තිබුනා. කලින් මගේ පොස්ට් එකක ඇනො කෙනෙක්ද කොහෙද දාලා තිබුන කමෙන්ට් එකක මොනවද බ්ලොග් ලියන අය කලෙ එක කට්ටියක් කරලා තියන දෙවල් එක්ක බලනකොට කියලා.ඒ දෙවල් කියවන්න ගත්තොත් කියවන්න ගොඩක් දෙවල් තියෙවි. එත් හැමදෙකම අවසානයක් තියන්නත් ඔනා. සමහර දෙවල් වල අවසානය සදාකාලික අවසනයක් වෙන්න ඔනෙමත් නැනේ. මම මහ ලොකු බ්ලොග් කරුවෙක් නම් නෙමේ. ලියන පොස්ට් වල ගන්න දෙයකුත් නැතිව ඇති. එත් කාලයක් තිස්සේ මමත් ලියාගෙන ආවා. ගොඩාක් පොස්ට් ලියවෙන්නේ ලියන්න ගන්න දෙ ගැනමත් නෙමේ,වෙනම මාතෘකාවකින්. ඒ දවස්වල බ්ලොග් ලියපු ගොඩාක් අය දැන් ලියන්නෙ නැත්තේ ඇයි කියන එකට හෙතු එක එක අයට තියෙන්නේ එක එක දෙවල්නේ.තාමත් ලියන අය ගොඩකුත් ඉන්නවනේ එ අය බ්ලොග් අවකාශයේ මගේ සිනියර්ලා ( බ්ලොග් අවකාශෙ එහෙම අය නැ කියලා කිවත් ඒ කාලේ ඉදන් ලියපු අය මට නම් සිනියර්ස්ලාම තමා )මාරයා , කතාන්දර , වැප් , දුමි , ඔනයා ,බිගුනද , ජිවිතෙ මල් , නෙරන්ජි , දුකා , නදි , දිනෙශ් , වගෙම තවත් ඒ කාලේ උන්නු ගොඩාක් අය මෙ වෙනුවෙන් ගොඩාක් දෙවල් කරලා තියනවා.අලුත් පරම්පරාවෙ ගොඩක් දක්ශ අය ඉන්නවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.එහෙමනම් ඉතින් මේ හැමදෙනාටම සුභ පතලා මම සමුගෙන යනවා..අවුරුදු හතරක් බ්ලොග් අවකශයෙ ඉදලා එ හතරවෙනි උපන්දිනයත් පහු කරලා බ්ලොග් අවකාශයෙ රැදෙන පස්වෙනි අවුරුද්ද ටජය වෙවා... එදා මෙදා තුර ගොඩාක් යාලුවො මුන ගැහුනා. සමහර අය තරහ උනා. සමහර අය නොකියම බ්ලොග් අවකාශය අතඇරලා ගිහින්.මොනවා උනත් එදා ඉදන් උන්නු හැම දෙනෙක්ටම ගොඩාක් තැන්ක්ස්.පසු සටහන : මේ ලිපිය ලියන දෙවාගේ අඩවිය මගේ පලවෙනි බ්ලොග් අඩවියවත් එකම බ්ලොග් අඩවියවත් නොවන හින්දා ආරම්භක දිනය මේ අඩවියෙන් හොයාගන්නත් බැරි වෙයි, 2010 මාර්තු මාසෙ බ්ලොග් ලියන්න පටන් ගත්තත් මෙ බ්ලොග් අඩවිය 2011 අප්‍රියල් 30 වෙනිදා ඉදන් තමයි ලියන්නේමේ වෙනකොට පොස්ට් 238ක් ලියලා සාමන්‍ය නම් පොස්ට් එකකට 1000-1200ක් වගේ අගයක තියගෙන පැමිනි පිරිස මේ වෙනකොට 279000ක විතර අගයක් අරගෙන තියනවා, මගේ ප්‍රතිචාරත් එක්ක (මුල් අවදියෙ නම් රිප්ලයි කරලත් නැ ) පොස්ටුවකට 30-35ක විතර කමෙන්ට් අගයකත් තියගෙන අදවෙනකන් එන්න ලැබුන එක මට සතුටක්.බ්ලොග් , බුකිය කියන්නේ මගෙ ජිවිතේ නොවුනත් බ්ලොග් වලට මම ගොඩාක් ආදරෙයි,.
BLOG
2014.02.26
http://sadaru-world.blogspot.com/
දැයට කිරුල 2014
දේවා ගේ අඩවිය
දැයට කිරුල ප්‍රදර්ශනේ මේ පාර අපේ ගම් පලාතට ආවත් ඉතින් පහුගිය දවස් ටිකෙම එක එක දේවල් එක්ක ගෙවුන නිසා ( ඒ දෙවල් වල ප්‍රථිපල තාම ලැබුනේ නෑ ) ඒ පැත්තේ යන්න උනේ නැති උනත් ඊයේ ඒ පැත්තේ යන්න පුලුවන් උනා. තාම පටන් ගත්තු සමහර සන්වර්ධන වැඩසටහන් ඉවර වෙලා තිබුනේ නැතත් දැයට කිරුල නිසා වයබට ඉක්මන් සන්වර්ධනයක් ලැබිලා නැ කියලා නම් කියන්න බැ.අක්කර එකසිය හැට ගනනක් පුරා දෑයට කිරුල ප්‍රදර්ශනය පැවත්වෙන බැවින් එක දවසකින් බලලා ඉවර කරන්න බැරි වෙන්නත් පුලුවන්. එත් සමහර කුටි ලොකුවට තිබුනට එවගේ ෆොටො කතා විතරක් තියන තැන් නොතිබුනා නෙමේ. දැනුවත් කිරිමේ පිරිස් අඩු නිසා ඒ වගේ කුටි වල එතරම් ජනතා ගැවසිමක් දකින්න ලැබුනෙත් නැ. නගරයේ හැම තැනම වාගේ රථ ගාල් ඉදිකරලා තියන නිසා වාහනයකින් එනවා නම් ඒ පිලිබද ගැටලුවක් ඇති කරගන්න උවමනා වෙන්නේත් නැ. මොකද සමහර රථගාල් දවසටම වාහනයක් දැකලවත් නැ.බොහො ජනතා ආකර්ශනයක් හා ගැවසිමක් දක්නට ලැබෙන්නේ හමුදා ප්‍රදර්ශන කුටි වල වගෙම, කෘෂිකාර්මික ප්‍රදර්ශන ප්‍රදේශ වල නිසා වැඩි කාලයක් ඒ තැන් වල ගත කරන්න වෙනවා.මේ මාසෙ 27 වෙනිදගෙන් අවසන් වෙන්න තිබුනත් මාර්තු 1 දක්වා දිර්ඝ කරලා තියන නිසා ආවෙ නැති අයට මේ පැත්තේ ඇවිත් යන්න එන්න පුලුවන් ඔන්න.හැමදාම හවස 4ට පැරිශුට් සන්දර්ශනයකුත් තියන නිසා ඒ වෙලාවෙත් එතන ඉන්න පුලුවන්නම් වටිනවා. ඒ මොහොතේ විඩියො ගත කලත් ඒකත් මේ බ්ලොග් පොස්ට් එකට එල්ලුවොත් බලන්න බැරි වෙන නිසා එක බුකි ගත කරනම්කො..මේ දවස්වල විවේකයක් තියනවානම් ඇවිත් යන්න එන්න.
BLOG
2014.02.19
http://sadaru-world.blogspot.com/
එක අයුතු යොජනවක් නම් සොරි මචන්, සමාවෙයන්
දේවා ගේ අඩවිය
මුලින්ම කියන්න දෙයක් තියනවා. මේක මගෙ පුද්ගලික පොස්ටුවක් බැවින් අනිත් මේ බ්ලොග් පොස්ට් අප්ඩෙට් වෙන සයිට් එකේ මේක දාන්න එපා... පසුගිය සති කිහිපය මට ගොඩක් මඩ ප්‍රහාර වැදුනත් මම ඒවා මොනවටවත් ගොඩාක් ලොකු උත්තර දෙන්න ගියේ නැ. ඒ වගෙම බුකියේ ඒවට උත්තර දෙන එකත් එක්තරා විදිහට තේරුමක් නොතිබුන දෙයක් විදිහට හිතුනේ මොකද මාත් එක්ක ඉන්න යාලුවන්ගෙන් 5% වත් ඒ ගැන දැනගෙන තිබුනේ නැති නිසා... බ්ලොග් ලියන කියවන පිරිසක් අතරේ පමනක් මේ දෙවල් ප්‍රචාරය වෙලා තිබුන නිසා එකට උත්තර ලියන්න හොදම තැන මෙතන කියලා හිතුන නිසා මෙතන ලියන්න ලියනවා..නොදන්න අයට දැන ගන්න එක්ක කතාවේ මුල ඉදන් එමු. මම ගොඩක් ගෘප් වල ඇක්ටිව් ඉන්නේ නම් නැ. මොකද අපේ සෙට් එකක් හදාගත්තු පුද්ගලික තැනක් අපිට තියන නිසා හැමදේම එතන කතා කරන්න අපිට පුලුවන් නිසා.. බ්ලොග් ලියන අය ගොඩක් ඉන්න තැනක් නිසා මෙතන සික්‍රට් නොවන ගෘප් එකක් හින්දා නමින්ම ගෘප් එක හැදින්වුවොත් වයි ගෘප් එකේ අනිත් ගෘප් වලට වඩා ටිකක් වැඩියෙන් මම ඇක්ටිව් වෙලා උන්නා..ඔහොම ඉන්නකොට එකේ ලොකු බලයක් තියන පුද්ගලයෙක් ස්ටෙසස් එකක් දාල තිබුනා මෙහෙමඔය පොස්ට් එක මට අදාල නැතත් ඔය පුද්ගලා සමග පුද්ගලික ගැටලුවක් ඔය වෙන විට ඇති වි තිබුනේද නැත. 14 වෙනිදා ඔය කියන කාරනය පිලිබදව පුද්ගලික චැටයකින් මා විමසු විට කියා සිටියේ අසනිප තත්වයෙන් පසු වෙන නිසා ස්ටෙටයේ හිමිකරු බැලිමට යන බව බැවින් මම මාව හැලුවේ ඇයි කියන දේ කමෙන්ටුවක් මගින් විමසිමෙන් අනතුරුව කමෙන්ට් හරහා මෙන්ම පුද්ගලික චැටය හරහා එකට කතා ගොඩාක් කියලා එවලා තිබුනා.. හැබැයි ඉතින් මම ඇත්තටම මේ පුද්ගලයාගේ නිවසේ සාදයක් තිබිලා තියනවා. එත් මෙයාගේ යාලුවා අසනිප බලන්න යනවා කියපු නිසා මිසක මට කිසිම උවමනවක් ඔය පාටි වලට එන්න නම් නැ කියලා කියනකොටත් එකට සොරි කියපුවහමත් නොනවත්වා එක එක කතා කියන්න ගත්ත නිසා මම ඉතින් කොහොමත් පැටලෙන්න නොයා උන්නා.. අපි ගොඩාක් ගෘප් වල ඇඩ්මින් කවුද කියලවත් දන්නේ නැ. හැබැයි ඉතින් මේ ගෘප් එකේ එහෙම නැ කියලා දැනෙන වැඩත් ඔන තරම් උනත් එක එයලාගෙ පාඩුවෙ කරගන්න කියල ඉතින් ඒ පැත්තේ නොයා ඉන්නකොට දවසක් එයා මෙහෙම දාන්න මම මොනවද එයාගෙන් හිගා කැවේ කියන එක නම් ප්‍රශ්නයක්" FB එකෙන් මෙච්චර කල් කලේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉදපු උන් අන්ෆ්‍රෙන්ඩ් කරපු එක විතරයි.ඒත් මේ හිගන්නව මම රිමූව් කලේ දැන් සති දෙකකට උඩදි. අද මේ වෙලාව වෙද්දි මූ මගේ එකවුන්ට් එකට ආවේ කොහොමද. "මට තියන ප්‍රශ්නේ ඉතින් මොනවද එයාගෙන් හිගා කන්න ගියේ කියලා එක අහන්න ගියහම ඉතින් එයා එකට සොරිලු. බට් හැබැයි ඉතින් එහෙම කියලා ආයේ විනාඩි ගානකින් එක ස්ටේටස් එකකදිම ඒ වචනේ පාවිච්චි කරන්න තියා ගත්තම ඉතින් ඒ වගේ මිනිස්සු එක්ක කතා කරලා මොකටද කියලා මම ඉතින් නිශ්ශබ්ද වෙලා උන්නා ඇති තරම් කියා ගත්තුවාවේ කියලා...දැනුවත්ව මම කරලා තියන එකම වරද එයාගේ ගෙදර තිබුනු ඉවෙන්ට් එක , එයාගේ යාලුවෙක් කිවේ අසනිප බලන්න යනවා කිව නිසා මම අවට කමක් නැද්ද කියලා අහපු එක විතරයි.... හැබැයි ඉතින් ඒක ඔය තරම් වැරද්දක් නම් මට එකට සමාව ඔනෙත් නැ. ගෘප් එකේ ඊයේ පෙරෙදා කෙනෙක් දාල තිබුනා ඇඩ්මින්ව බ්ලොක් කරලා ගෘප් එකෙ ඉන්නෙ ඇයි කියලා.සමාවෙන්න යාලුවා ගොඩාක් ගෘප් වල ඇක්ටිව් නැති උනාට ඉන්න සමහර ගෘප් වල ඇඩ්මින් කවුද කියලවත් මම දන්නේ නැ. එක වැදගත් කමක් තියනවද කියලා මම දන්නේත් නැ. ඔය ඇයි ගෘප් එකට ඇඩ්මින් කියන පොස්ට් එක හයිලයිට් කරගෙන ඉන්න ඔනේ නම් ඉතින් කවර් ෆොටො එකෙවත් දාන්න ඇඩ්මින් මෙයා කියලා. ගොඩක් හොද අය ඉන්නවා ඒ අය ඉතින් සමහර අය මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් වත් නැ. එ නිසා මම ලිව් නොකර උන්නේ. ඉතින් මට ගෘප් එකක් බදාගෙන ඉන්න ඔන කමකුත් නැ. මම ඉන්නවට අකමති නම් මාව අයින් කරලා දාන්න. කිසිම තරහක් නැ..ගොඩාක් අය අර අසන්ක මොකද ඔය හැටි කැගහන්නේ කියලා අහපු නිසාත් ඊලග කියන්න යන දේට මේක වැදගත් වෙයි කියලා හිතුන නිසා හැබැයි ඉතින් මේ කතාව ගොඩාක් අය දන්නවා. ඊලග එකට යමු...මේ පොස්ට් එක දැම්මට පස්සේ ඉතින් මේක ගැන මගෙන් අහපු බ්ලොග් අවකාශේ අයට මුලින්ම තැන්ක්ස්... ඒ වගෙම ඉතින් මේ කතාවට මුලටම යන්න වෙනවා..බ්ලොග් වල හරි කොහෙ හරි ඉන්න කොට ඔන කෙනෙක්ට මම ගොඩක් ක්ලොස් වෙන එක නොමල් දෙයක්. ලිමිට් නැතිව ඔන දෙයක් කියනවා කියලත් එදා ඉදන් මාත් එක්ක උන්න අය දන්න නිසා කතා කරපු ගොඩක් අය කිව එක දෙයක් ගැන සතුටුයි. මල්ලි උබ ගැන අපි දන්නේ කොයි කාලේ ඉදන්ද අපි මොනවා ගැනද කතා නොකරලා තියෙන්නේ..මගෙන් ගොඩාක් අය ඇත්තටම ගොඩක් සතුටුයි චැට් එකෙවත් මෙක කතා කරන්න දෙයක් නෙමේ බන් කියලා කොල් කරලම අහපු එක ගැන ගොඩාක් සතුටුයි.මේ කියන අයත් එක්ක මගේ ලොකු බැදිමක් තිබුනා ගොඩාක් ලොකු බැදිමක්. (මේ කතාව කියන්නේ කිප දෙනෙක් මගෙන් මේ උබේ කෙල්ල ගැනද කියන්නේ අහපු නිසා ) නැ බන්. මගේ කෙල්ල ගැන නම් නෙමේ. බුකියේ කෙල්ලො දෙතුන් දෙනෙක්ටම මම සමහර වෙලවට ලිමිට් නැතිව එහෙම මැසේජ් කරලා තියනවා කියන එක මගේ හැමදේම දැන ගන්න ඔන යාලුවා දන්න නිසා අවුලක් වෙලත් නැ. හැබැයි ඔය සමහර එහෙම මැසෙජ් කරන අයට පස්සේ මචන් කියලා කතා කරන්න පුලුවන් ලොකු ෆිට් එකකුත් තිබුනා.අදටත් එක තියනවා. හැබැයි ඉතින් මේ කතා නායිකාව එක්ක ඒ අනිත් අයත් එක්ක කතා කරන දෙවල් වලින් 1%ක් කියලවත් නැ මම දන්න විදිහට නම්දැන් ඉතින් කියපුවා මොනවද කියලා බලන්නත් එක්ක මම ආපහු මැසේජ් ටික බලන්න ගත්තා.. අක්කා කෙනෙක්ට නන්ගි කෙනෙක්ට කතා කරන වචන සෙට් එක නම් අඩුවක් නැතිව තිබුනා. පොඩි පොඩි බයිට් එවාත් ඔන තරම් තිබුනා. එයාගේ එක දෙයකට අකමෑත්තක් තිබුන නිසා ඉතින් එක අල්ලගෙන ඔන තරම් කතා කියලා ඇති. හැබැයි ඉතින් ඔක පටන් ගත්තෙ එතකොට තරහ යන නිස. සමහර ඒවට ඉතින් නෙගටිව් නොවුන නිසා දිගටම ඔය එක එක කතා කිවා මිසක් සිරියස් කතා නම් කියන්න ගිහින් නැ. මොකද කියන කරන දෙවල් තව අය බලානනේ ඉන්නේ ඉතින්.හැබැයි ඉතින් සහොදරයො වාගේ ආදරේ කලා මම. ඒක නැ කියන්නේ නම් නැ. ඒ ගැන මට දැනුන විදිහ මේ දෙවල් කියන්න කලින් මම දාපු Status එකක් මොනවා උනත් මේ කලින් මට විරුද්දව දාපු ස්ටේටුස් එක බ්ලොග් බලන කියවන අයට විතරක් පෙනෙන නිසා එක මෙතන පොස්ට් එකක් විදිහට දාන හොදයි කියලා හිතුන නිසා සමහර මම විතරක් දැනගෙන උන්නු දෙවල් කියන්න ඔනද කියලා මම මගෙන්ම ප්‍රශ්න කලා. කියන්න ඔන දෙවල් ගොඩාක් තිබුනත් මාගේ පර්සනල් ලයිෆ් එකට එහෙම මඩ ගැහුවත් ඉතින් මම ඒ තරම් ලොකුවට ගනන් ගන්න දෙයක් නැති නිසා කතා ඔක්කොම නැතිව ටිකක් කියන්නම්. බ්ලොග් ලියන, කියවන කිප දෙනෙක්ම කතාව අහලා ඔක වෙන කොහෙවත් දාන්න එපා බන් බ්ලොග් එකෙම දාපන්. කියලා කිව නිසා විතරයි මෙක දාන්නේ.මේ කියන චරිතය මම ගොඩාක් අදුනන කෙනෙක් නම් නෙමේ මිට මාසෙකට දෙකකට කලින් හැබැයි ඉතින් පස්සේ ගොඩක් ෆිට් උනා පර්සනල් දෙවල් කියන තරමටම. මම කලිනුත් කිවනේ විහිලුවට කියපු දෙයක් සිරියස් අරන් එකට ඔනවට වඩා නෙගටිව් නොවුන නිසා දෙයක් ගැනත් කියවන්න ඔය චැට් කරන ගොඩක් වෙලාවට උනත් හැම වෙලාවකම මම කියපු දෙයක් තිබුනා. මොනවා මම කිවත් එවා හැමදෙම ඇත්ත විදිහටවත් මම කරන කියන දෙවල් එක්ක පටලවා ගන්න එපා කියලා. මොකද මම සමහර දෙවල් කියන එවා එ වෙලවට විතරක් නිසා.මට පුන්චි ප්‍රශ්නයක් තිබුනා මගෙ යාලුවට කියපු කතාවක් ගැන. එහෙ එන්න කලින් මම දෙයක් කිවලු. එහෙම දෙයක් මම කිව නම් කෙනෙක් එන්න කියනවද. එහෙ ඉන්නකොට මම දෙයක් කලා නම් ඉතින් එහෙම උන්නේ මොනවටද කියලා තෙරෙන්නේ නැ. විහිලුවට කරන කියන දෙවල් සිරියස් අරන්ද නැත්නම් තව කෙනෙක්ගෙ උවමනාවට කියවනවද. ගොඩාක් දෙවල් කියන්න පුලුවන් එත් පිලිගන්න පුලුවන් විදිහේ දෙවල් නොවෙන එක ප්‍රශ්නයක් වෙලා මටමොනවද මම ඒ අය වෙනුවෙන් කලේ.මුලින්ම කියන්න ඔනා අර උඩින් දාලා තිබුන එකෙ වගේ ලොකු සල්ලි කාරයෙක් කියන කතාව නම් උබට වැරදිලා මලයා.අනික එහෙම සල්ලි වලට යට කරලා කර ගන්න ඔන දෙයක් නම් මම ඔය වගෙ දෙයක් වෙනුවෙන් කරාවිද කියලාත් හිතපන් බන්.හැබැයි උබට ඉගන ගන්න උදව් කරන්න ලොකු ඔන කමක් තිබුනා මට. එකයි මම කිවෙ උබ ඉගන ගනින් පුලුවන් උදව්වක් කරන්නම් කියලා.අනිත් එක ඔය කියන කෙන එක්කත් ;ලොකු ෆිට් එකකින් උන්න කියල කලින් කිවනෙ. දවසක් කතා කරනකොට ගෙදර සිටුවෙශන් එකක් (කොල් කරපු යාලුවන්ට එ කතාව කිවනෙ මෙතන කියන එක හරි නැ ) කිව නිසා මම කිවා ඉතින් ලොකු දෙයක් කරන්න නම් බරි වෙයි. හැබයි ඉතින් මට පුලුවන් විදිහෙ එකට උදව් කරන්නම් කියල පොඩි උදව්වකුත් කලා. ඒ කිසිම දෙයක් මතු අරමුනු නම් නැ කියන එක මම හැමවෙලවකදිම කියලත් තිබුනා. මොකද මට එහෙම වෙන දෙයක් බලපොරොත්තු වෙන්න මට අඩුපාඩුවක් තිබුනේ නැ මොනවගෙන්වත්ම.දැන් ඔය මලයා දාලා තිබුන පොස්ට් එකේ කමෙන්ට් කරපු අයව ගොඩාක් නම් මම අදුනන අය නෙමේ. අදුනන අය නොවුන්නා නෙමේ. මේක බලලා ලයික් දාපු අය ලයික් දාලා තියෙන්නේ මොකටද බන් කියලා අක්කා කෙනෙක් මගෙන් ඇහුවා ඇත්තටම ඇයි කියලා මමත් හිතනවා. එත් මොනවට මම ඒවා ගැන හිතන්නද. ඔය කමෙන්ට් අතරේ සයිබර් අවකාශය තමන්ගේ ගෘප් එක වගේ කරගත්තු කලින් කතවක් කියපු ගෘප් ඇඩ්මින් මට සයිබර් අවකාශය තහනම් කලාපයක් කරලා තිබුනා.. ඔන්න ඒ නිසා මින් පසුව කිසිම බ්ලොග් ඉවෙන්ට් එකකටවත් ෆෙස්බුක් ඉවෙන්ට් එකක්ටවත් සහබාගි වෙන්නේ නම් නැලු...කෙල්ලෙක්ට විහිලුවක් නොකරන බයිට් එකට නොගන්න ෆෙස් බුකිය මුලු ජිවිතෙම කරගත්තු හතරපොයටම සිල් ගන්න උපාසක මහත්වරු නොනලා මේ බ්ලොග් කියවන හැමොම මෙහෙම හිතනවා ඇතිනේ ඉතින් මට එන්න බැනේ. කමක් නැ ඉතින් ඒ නිසා මම නැවිත් ඉන්නම්කො.හැබැයි සහො මගෙ රියල් වර්ල්ඩ් එක කියන්නේ ෆෙස්බුකියවත් බ්ලොග් කියන එක විදිහටවත් මම කොයි වෙලාවකදිවත් හිතලාත් නැ. හිතන්නෙත් නැ.ඒවා ඔක්කොම හරි එත් දැන් තමයි හොදම හරිය. මල්ලි කියන විදිහට අක්කාගෙන් මම යාලු වෙන්න ඇහුවා නම් කමක් නැලු. එත් අයුතු යොජනාවක් කරන්න ආව එකලු අවුල.විහිලුවට නම් මම ඔය යාලු වෙන කතා කියලා ඇති බන් ඔන තරම්. (පොඩි දෙයක් බ්ලොග් ලියන ගොඩාක් පරන කෙනෙක් මෙ ගැන කියපු දෙයක් කියනව නම්, අපි කරන දෙවල් ඔනෙ නැ කියන දෙවල් මේ කෙල්ල හරි කොල්ලට හරි කිවා නම් මෙලහට *********** වෙලා ඉදිවිලු ) මම මගෙත් එක්ක ඉන්න අයට කියන කතාවලින් එකක්වත් නොකිය මොකක්ද දැන් ඔය කියන අයුතු යොජනාව..අයුතු යොජනාවක් වෙන්න නම් අඩුම තරමේ අඩුම තරමේ මම ෆිල්ම් එකක් බලන්න යන්නවත් කතා කලාද. (ෆිල්ම් වල අයුතු යොජනා නැ තමා ) ඉතින් මම අඩුම තරමේ එහෙම දෙයක් වත් කිවේ නැනේ.හ්ම්ම් මෙහෙම දෙයක් නම් කිවා තමයි. කොල් කරලා හරි චැට් එකකදි හරි මට කිවා මේ දවස් වල මම කොලඹ එනවා කියල. ඉතින් මම කිවා එහෙමනම් ඉතින් කට්ටියට සෙට් වෙන්න පුලුවනේ එන දවස් වලින් ෆ්‍රි මට නම් සිකුරාදා විතරයි එදාට පුලුවන්නම් මිට් වෙමුකො කියලා..මේ මිට් වෙන කතාව මම විතරක් තනියෙන් කියපු කතාවක් නම් නෙමේ. මගෙ යාලුවාත් හොදටම දන්නවා. මොකද එයාට නොකියා කරන වැඩ ගොඩාක් අඩුයි මගෙ ලයිෆ් එකේ. (මගේ යාලුවා = ගොඩක් පුද්ගලිකව ආශ්‍රය කරන අය දන්නවා කවුද කියලා ) ඉතින් එදාට මලයට වැඩ තියෙනව සමහර විට බැරි වෙයි කියලා කිව නිසා මම කිවා පුලුවන්නම් මිට් වෙන්න බැරිනම් ප්‍රශ්නයක් නැ කියලා.කොහොමත් එදා දවස මම ෆ්‍රි උන්න නිසා එහෙම කිවා මිසක් ඔය කියන විදිහෙ අයුතු යොජනවක් තියා තනියම කොහෙදි හරි මුන ගැහෙමු කියලවත් නොකියා මොනවද මම කරපු අයුතු යොජනාවක් නම් දන්නේ නැ.කාලෙකින් මුන නොගැහුනු කෙනෙක් තමන් ඉන්න පැත්තට එනවා කිවහම මිට් වෙන්න පුලුවන්නම් කියපු එක වැරද්දක් නම් එක අයුතු යොජනවක් නම් සොරි මචන්, සමාවෙයන්.හැබැයි මම එහෙම මිට් වෙන්න කියපු එක මගේ යාලුවත් දන්නවා. ගොඩාක් වෙලාවට ඒ යාලුවත් එන්න තිබුනා.තාම මම කසාද බැදපු කොල්ලෙක් නෙමේ,ඉතින් මම දන්නවා මට කරන්න පුලුවන් දෙවල්. යාලුවො මිට් වෙන එක අසාමාන්‍යයි නම් අනෙ මන්දා මම අසාමන්‍ය කොල්ලෙක්, හැබැයි අර ගෘප් ඇඩ්මින් කියන ටයිප් නම් නෙමේ. මොකද එවා නොලැබෙන අය තමයි එහෙම වෙන්න ඔනේ, මම ඉතින් එහෙම නම් නැ. පොස්ට් එක ලියන්න ටිකක් කල් ගිය මොකද මම මෙ දවස් ටිකෙම උන්නේ පුද්ගලික කරානාවක් වෙනුවෙන් මහන්සි වෙන ගමන්.ආයේ ඉතින් බ්ලොග් ගේට් එකක්ටවත් එන්න වෙන්නේ නැති එකේ මෙවා කියලා වැඩකුත් නැ. එත් ඉතින් අවුරුදු ගානක් මාත් එක්ක උන්නු ඒ කාලෙ ඉදන් බ්ලොග් ලියන 10 දෙනෙක් විතර කියපු නිසා පොස්ට් එකක් ලියලා ඉවරයක් කරපන් කතාව ආයේ ඇදගෙන යන්න එපා කියලා කියපු නිසාත් සමහර කිප දෙනෙක් වැරදි අදහසක උන්නු නිසාත් මේක ලිවේ,ප.ලි : මම උපාසකයෙක් නෙමේ. කරන කියන දෙවල් සමහර දෙවල් ඒ වෙලවට විතරයි. එ වගෙම මම කම්ප්ලෙක්ස් මිනිහෙකුත් නෙමේ ජිවිතේ විදවන්න කොහෙත්ම කැමති නැති විදින්න කැමති කෙනෙක්. එත් එක දෙයක් ඔයා කිවා වගේ ඉගන ගත්තා අක්කේ. විහිලු තෙරෙන අයට එවා කරන්න ඔනා. මගෙ කලින් ස්ට්ටුස් එකකත් තිබුනා. මාව බයිට් එකට ගන්න එන අයට ඔන තරම් බයිට් කරන්න කියලා මමත් බයිට් වෙනවා වගේ ඔන තරම් ඉදලා තියනවා. එ වගෙම සමහර අය එවා සිරියස් අරගෙන පස්සේ දගලන හැටි දැකලා හිනා වෙන එක විතරයි මට කරන්න තියෙන්නේ. අන්තිමේ මාව බයිට් එකට අරන් එයාලාම බයිට් වෙලා..එත් ඒ දෙවල් කරන්න දෙන්නත් බැ ආයෙ.මෙකට කමෙන්ට් නම් නොකලාට කමක් නැ. බුකියේ මෙ තරම් කතාවක් දාන්න බැරි නිසා මෙතන දැම්මා විතරයි. මේක ගැන වෙන කිසිම තැනකවත් මෙතනවත් මම ආයේ කතා කරන්න යන්නේ නැ. කලින් කිවා වගේ මෙක කාගෙ හරි බලපැමකට නම් ස්ටෙටුස් එක දැම්මේ තව ගොඩාක් අය ගොඩාක් දෙවල් කියන්න කරන්න පුලුවන්නේ. ඇති තරම් කියවන්න. හැබැයි ඉතින් මට නම් වැඩක් නැ. කොහොමත් ඉතින් දැන් මියුචුවල් අඩුද කියලා මම දන්නේ නැ, මාව බ්ලොක් කලේ එයාම නිසා.කිසිම දෙයකට මේ සම්බන්ද මම රිප්ලයි කරන්නේ නම් නැ....ප.ලි : මම මෙහෙම දෙයක් කලා නම් ඔය කියන ගර්ල් ඔයා නම් කවදාවත් ඔයා මට ආපහු රික්වෙස්ට් එකක් දානවද. එහෙම දානවනම් මොනවගේ දෙයක්ද හිතෙන්නේ. මොකද ආපහු රික්වෙස්ට් දාලා තිබුන නිසා අහන්නේ.
BLOG
2014.02.07
http://sadaru-world.blogspot.com/
ඇත්තටම වැරදි කවුද?... Facebook ද?
දේවා ගේ අඩවිය
2014 උදාවෙලා මාසයකුත් ගෙවිලා ගිහින්.කොහොම උනත් උදා වුනු 2014 වසර බ්ලොග් ලියන කියවන හැමොටම සුභම ශුභ නව වසරක්ම වෙවා... අද උදේම අහන්න ලැබුනේ ෆේස් බුක් එකට බනින පුවතක්. ෆේස් බුක් පලවුනු පින්තුරයක් ගැන ප්‍රශ්න කිරිමක් නිසා 17 හැවරිදි සිසුවියක් සියදිවි නසාගෙන (මෙතන මට ඇහුන විදිහ වැරදි නම් නිවරැදි කරන්න )මෙ වගෙ දෙයක් උන ගමන් සිදුවන මුලම දේ හැමදෙටම පලි ෆෙස් බුක් එක තිබුනේ නැත්නම් මෙහෙම වෙන්නේ නැනේ කියල එකට බනින්න එක තහනම් කරන්න දගලන එකනෙ. ඇත්තටම මෙතන වැරද්ද ෆේස් බුකියෙද එහෙමත් නැත්නම් මිනිස්සුන්ගේ ආකල්පද. පුන්චි වයසට හිතනකොට ලොකුම වැරද්දක් තමන්ට උනා වගේ හැගිමක් දැනෙන එක සාදාරනයි. එත් මෙතරම් දෙයක් දරාගන්න බැරි තරම් හිත් ශක්තිමත් නැ කියලා හිතනකොටත් අනගතේ ප්‍රශ්න ආවොත් කොහොම මුහුන දෙවිද කියලා හිතන්න වෙනවා. පාසලකින් පොතේ පතේ දැනුම විතරක් දිලා විභහගයක් පාස් කරන එක විතරක් කරන්න ඔනා කියලා හිතන තත්වයකට පත් වෙලා නම් එතන මේ සමාජෙට ලොකු වැරද්දක ආරම්භයක් වෙන්න පුලුවන්. ආදරය කරන එක ලමා මනසට ගැලපෙනවා කියලා සාදාරිනකරනය කරන්න බැරි උනත් උගත් , සමාජ දැනුමක් තියන වැඩිහිටි පිරිසක් කරන්න දෙවල් ගොඩක් තියනවා ළමයෙක් වැරද්දක් කරනවා නම්.ෆෙස් බුක් කියන්නේ නරක දෙයක් නෙමේ. නරක දෙවල් ඔන තරම් අන්තර්ජාලෙ තියනවනේ. හැබැයි එකට විසදුම අන්තර්ජාලේ භාවිතා කරන එක තහනම් කරලා ආපහු ගල් යුගයට යන එකත් නෙමේනේ.... ඇත්තටම මට හිතාගන්න බැරි මෙතන වැරදි කවුද කියන එක විතරයි..මේ වැරද්ද කරපු ලමයාද.ෆේස් බුක් එකේ ඒවා බලලා ප්‍රින්සිපල්ට කියපු ගුරුවරියද.ළමයි ගොඩක් ඉස්සරහ අසභ්ය වචනයෙන් ළමයට කතා කරපු ප්‍රින්සිපල්දඑහෙමත් නැත්නම් ළමයාගේ දෙමව්පියන්ද.එහෙමත් නැත්නම් ෆේස්බුක් හදපු මාක් ද.කාලෙකට පස්සෙ ලියන්න පටන් ගත්ත නිසා කතා කරන්න වුවමනා මාතෘකාවක් උනත් දිගට කතා කරන්න ටිකක් අමාරුයි...වි ඩේ එකත් ලග එනවා ඒ කාලේ ලියපු පොස්ට් එකක් මෙතන ඇති..එහෙමනම් ජය වෙවා.
BLOG
2013.12.30
http://sadaru-world.blogspot.com/
සුභ නව වසරක් වේවා - Happy New Year 2014
දේවා ගේ අඩවිය
දවසින්දවස ගෙවිලා 2013 කියන අවුරුද්දත් ඉවර වෙන්න තව දවස් දෙකක් විතරයි අද දවසත් එක්ක තියෙන්නේ...ගෙවෙනඅවුරුද්ද දිහා හැරිලා බලනකොට ලබා ගත්තු දේවල් වගේම ලබාගන්න බැරි උණුදේවලුත් තියනවා නමුත් ඇත්තටම අවුරුද්දක් විදිහට හැරිලා බලනකොට ගොඩාක් පිස්සු කෙලපු අවුරුද්දක්... ජිවිතේ අවුරුද්දක ගිය වැඩිම ට්‍රිප් ගියේ මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ මේ රෙකෝඩ් එක කඩන්න බලාපොරොත්තුවකුත් තියනවා හැබැයි.රැකියා ස්ථානේ පොඩි වෙනසක් එක්ක වගේම කොලබ බෝඩිම් ජිවිතෙකට හුරු උන එකත් එක්ක සමහර සමහර වෙනස් කම් එක්ක ජිවිතේ ගලාගෙන ගිය එකෙත් අමුතුම දෙයක් වෙලානොදන්නා ගොඩාක් දෙනා ගැන දන ගන්න වගේම දැන ගෙන හිටපු අය ගැන වැඩියෙන් දැන ගන්න ඕනවට වඩා අවංක වෙන්න හොද නැ කියන පාඩමත් මම මේ අවුරුද්දේ ඉගන ගත්තා...ජිවිතේ ගොඩක් වෙනස් කම් 2014 අවුරුද්දේ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න නිසා 2013 ට වඩා 2014 ගොඩාක් ලස්සන වේවි කියලා හිතනවා... එත් කවුද දන්නේ ජිවිතේ කොහොම ගෙවෙයිද කියලා....ආයෙමත් පරණ විදිහට 2014 බ්ලොග් ලියන්න පටන් ගන්නවා වගේමඋදාවෙන 2014 බ්ලොග් ලියන කියවන හැමෝටම සුභම සුභ නව වසරක් වේවා කියලා හදවතින්ම සුභ පතනවා.
BLOG
2013.12.22
http://sadaru-world.blogspot.com/
CYBER BEACH PARTY 2013 - 12 -21
දේවා ගේ අඩවිය
සින්හල බොලොග් කරුවන්ගේ තවත් එකමුතු වෙලා කරපු වැඩක් ඔන්න 2013 -12-21 දවස පුරා ගල්කිස්ස ජො ජො මුහුදු වෙරල තිරයේ පවත්වන්න යෙදිලා තියනවා... ඔන්න එකට දේවාත් ගිහින් ලු... ඒ ගියා කියන්න මාසයකට විතර පස්සේ මේකේ අකුරු කිපයක් කොටලා යන්න හිතුනාවෙනදා තරම් මඩ වෙන නම් මම මෙකෙදි නම් දැක්කේ නම් නැ... මඩ නැති බ්ලොග් ගෙට් තියන්න විදිහක් නැති නිසා එවා තියන අයට දාගන්න ඉඩ දිලා අපි ඉතින් මෙවන් අවස්තාවක් උදා කරලා දුන්නු සන්විදායක මන්ඩලෙට ගොඩාක් තැන්කු කියල ආයේ කවදා හරි පොස්ට් එකකින් මුන ගැහැනකන් ජයවෙවා කියන්නම්more photos : on my fb wall.
BLOG
2013.11.15
http://sadaru-world.blogspot.com/
දන්න කියන නොදන්නවනම් දැන ගන්න ඕන කරන වයිබර්.. - about viber
දේවා ගේ අඩවිය
ගොඩක් දවසකින් මුකුත්ම ලියන්න උනේ නම් නෑ.... කලෙකට කලින් නම් ඉතින් සතියකට පොස්ට් දෙක තුනක් වත් ලිවනේ දෑන් මාසෙකට එකක් වත් ලියවෙන්නේ නෑ.. බිසි කියලා කියන්න තරම් වැඩක් කරන්නෙත් නෑනේ... මගේ බ්ලොග් එකේ කාලෙකට කලින් ලියපු පොස්ට් වල තාක්ශනික පැත්ත්ට බර උනු පොස්ට් එහෙමත් තිබුනනේ.. මෙක එහෙම එකක් නම් නෙමේ ගොඩාක් දෙනක් පාවිච්වි කරන එකෙනෙක් හරි නොදන්නවා නම් දැන ගන්න කියලා ලියන්න හිතුන දෙයක්...ගොඩාක් අය මොබයිල් බිල් එකට බර ගානක් යට කරනවනේ.. මමත් එහෙමයි... එත් ගොඩක් අය ගොඩක් කල් ඉදන් වයිබර් පාවිච්චි කරනවා නේද එකට ඉතින් හැබයි සිම්බියන් ෆොන් වල නම් මම හිතන්නේ බැ.. ඈන්ඩ්‍රොයිඩ් වත් ෆොන් එකක් ඔනනේ.... ස්කයිප් පාවිච්චි කරනවනම් අපිට ස්කයිප් අයි ඩි එකකටම ගන්න වෙනවනේ ෆොන් එකට උනත් ඉතින් එක අර ඔප්ශන් ම තියෙන්න ඔනනේ... එත් වයිබර් එහෙම නෑනේ... කෙලින්ම මොබයිල් නම්බර් එකට ගන්න පුලුවන් නිසා එකත් ගොඩාක් වටිනවනේ.. මෙ මොන කතා කිවත් බ්ලොගර්ස්ලා ගොඩාක් දෙනෙක් දෑනටමත් වයිබර් පාවිච්චි කරනවා කියලා මම දන්නවා... එහෙම අය මුට පිස්සු ඔවා අපි දන්නේ කොයි තරම් කාලෙක ඉදන්ඩ කියලා නොකියා තවත් එක්තරා බ්ලොග් පොස්ට් එකක් කියලා නොසලකා ඉන්නකො...සාමන්යෙන් වයිබර් තහනමක් මම දන්න විදිහට සයිප්‍රස් වල නම් තියනවා මොකද ලොකල් කොල් වලටත් ගොඩාක් දෙනා වයිබර් පාවිච්චි කරලා දුරකතන සමාගම් වලට පාඩු වෙන නිසා.. ලන්කාවෙත් දවසක එහෙම වෙවිද නම් දන්නේ නෑ.. එත් එතකන් මෙක පාවිච්චි කරන්න පුලුවන්නේ... තාම ඉතින් අයි ඩි ඩි කොල් වලට අවුල් කියලා ස්කයිප් වලට තහනමක් දාලා නෑනේ..වයිබර් විඩියො කොල් පහසුකමක් තියනවා උනාට තාම නම් මට එක කරගන්න විදිහ හොයා ගන්න බැරි උනා.. එත් වොයිස් කොල් වලට නම් මම ගොඩාක් වෙලාවට වයිබර් පාවිච්චි කරනවා එකට හොදම දේ තමා වයිබර් මොබයිල් එකට ඉන්ස්ටොල් කරගෙන පස්සේ එ ගමන්ම ලැප් එකටත් ඉන්ස්ටොල් කර ගන්න එක..එකෙන් ඈත්තටම මොබයිල් එකකට කොල් ගන්න එ වගෙම හරිම ලෙසියෙන් ටෙක්ස්ට් කරන්න ෆොටො ශෙයා කරන්න විඩියො ශෙයා කරන්න හරිම ලෙසියි..තවත් එක වාසියක් තියනවා තාම සමහරු ඉන්නවනේ ඇන්ඩ්‍රොයිඩ් වගේ ෆොන් එකක් නැති අය ඒ අය කරන්න තියෙන්නෙ බොහොම පොඩි දෙයයි... ලැප් එකට වයිබර් සොෆ්ට් එක ඉන්ස්ටොල්ඩ් කරගන්න... යාලුවෙකුගේ වයිබර් තියන ෆොන් එකට ඔයාගෙ සිම් එකක් දාලා එකෙන් වයිබර් ලොග් වෙන්න... ලොග් වෙලා ලැප් එකෙ ඔයගෙ වයිබර් නම්බර් එක විදිහට එක දෙන්න එතකොට එවන කොඩ් එක ලැප් එකෙන් දිලා එක කන්ෆම් කරගන්න දැන් ඉතින් සිම් එක ගලවගෙන යාලුවට ෆොන් එක දෙන්නඔයාටත් ඔයාගෙ ඔනාම වයිබර් ඉන්න යාලුවෙකුට නොමිලේ කොල් කරන්න ටෙක්ස්ට් කරන්න පුලුවන් එතකොට... සරලයි පහසුයි..මෙකට ඩෙටා වියදම් වෙනවා තමා එත් ඉතින් අපි මොබයිල් එකට වියදම් කරන එකෙන් දහයෙන් එකක්වත් එකට නම් යන්නේ නැ එ නිසා පාඩුවක් නැ ට්‍රයි කරලම බලන්න...මෙතනින් යන්න වයිබර් අඩවියට* කොල් කරන අය ඉතින් දැන් කොල් කරන්නකො වයිබර් වලින්ම *.
BLOG
2013.09.16
http://sadaru-world.blogspot.com/
මොබයිල් නම්බර් එක ටොප් සික්‍රට් එකක්ද?
දේවා ගේ අඩවිය
කාලෙකින් මුකුත්ලියන්නත් බැරි උනා... ඇත්තම කිවොත්ඉයන්න දෙයක් හිතට එන්නෙම නැ මේ කාලේ මොකද මන්දා... ලිය වෙන්නේ නැති නිසා බ්ලොග්කියවෙන්නෙත්නැ...හැම මාස 6කටම සැරයක් මමත් ඉතින් ෆේල් වෙන්න එක්සැම් ලියනවනේ...සෝ මේ දවස් වල එකට රේඩිවෙන්න ඕනා... රේඩිවෙන්න කීවට ඔන්න අදයි නොට් එකක් හොයා ගෙනආවේ...සෝ තව ඉතින් සතියක් දෙකක් තියනවනේ ....සාමන්යෙන් මම මුණු පොතට ටිකක් විතර ඇබ්බැහි වෙලා කියන එක මට තේරෙනවා... හැබැයි චැට් කරන්න මල් කඩන්න එහෙමත් නෙමේ.. හැබැයි මම චැට් කරන වනම් පොඩි දේවල් ටිකක් කරනවා.. මොකද මමත් ඕන තරම් ඒ කලේ ෆේක් ඒවා එක්ක සෙල්ලම් කරලා තියනවා... දැන් නම් ෆේක් ඒවා එක්ක ඇත්තෙම නැති තරම්... ( නැ ම කියලා කියන්නත් බැ)මොනවා උනත් මුණු පොතේ ටිකක් ෆ්‍රෙන්ඩ්ෂිප් පරණ වෙලා තියන ගර්ල්ස් බෝයි ඕන කෙනෙක් එක්ක චැට් කරනවා උනත් විශේෂයේනම් මම ඉතින් ඔය ගැනු ළමයි එක්ක චැට් කරනකොට වැඩියෙන්ම ඒ ය එක්ක කතා කරලම තහවුරු කරගන්න ඕනා මේ ඇත්තටම ගැහැණු ළමයෙක්මද කියලා.... මොකද ඉතින් ෆේක් ඒවා වැහි වහලනේ... සෝ එකට ඉතින් මොබයිල් ෆෝන් එක නම් යුස් කරන්නම වෙනවා...මම නම් මුණු පොතේ චැට් කරන්නේ ලව් කරන්න නෙමේ ඇත්තටම ටයිම් පාස් කරන්න විතරයි.. සෝ අනික ඉතින් තාම නම් මම තනිකඩ නිසා එහෙම උනත් කාටවත් වැඩක් නැනේ. සෝ එත් කියනවනේ මොනවා උනත් බුකියෙන් නම් කෙල්ලෙක් කොල්ලෙක් හොයා ගන්න එපා දෙන්නා දෙපැත්තට වෙලා ස්ටේටස් එහෙම දා දා ඉදිවී හැමදාම කියලා..ඉතින් මෙහෙම නම්බර් එක දෙන අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා. හිතන්න එපා මම චැට් කරපු ගමන් අනිත් පැත්තට නම්බර් එක ඉල්ලනවා කියලා එහෙම නම් නැ මටත් හිතට ඇල්ලුවොත් චැට් කරනකොට. චැට් එක ටිකක් දිගට ගියොත් විතරනේ ඔය වැඩේ වෙන්නේ.. ඔහොම දවසක් දෙකකින් නම්බර් එක දෙන්න බැරි ය ඉන්නවනම් ඇත්තටම මම ඒ අය එක්ක චැට් කරන්නේ නැ...මම මේ එක කියන්නම නෙමේ ගියේ.. සමහර අය මොබයිල් නම්බර් එක දෙන්න ගොඩාක් බය අය ඉන්නවා. මට හිතාගන්න බැරි ඇයි කියල.. මොකක්ද එකෙන් වෙන්නේ ඇත්තටම මොනවද මොබයිල් නම්බර් එකෙන් කරන්න පුළුවන්.. කරන්න පුළුවන් කතා කරන එක ටෙක්ස්ට් කරන එකනේ මුලික වශයෙන්ම.. ඉතින් කැමති නම් කතා කරන්න කැමති නම් ටෙක්ස් වාට රිප්ලයි යවන්න පුලුවන්නේ.. කවුරු හරි වදයක් වෙනවනම් ඔය ඕන තරම බ්ලොක් ඇප්ලිකේෂන් තියෙන්නේ එකක් දාගෙන බ්ලොක් කරලා දන්නා පුළුවන්නේ... ඉතින් ඔහොම කරලා දන්නා පුළුවන් වෙනකොට ඉතින් මොබයිල් ෆෝන් නම්බර් එකකට මාත් එක්ක වලියක් දාගන්න ආවා ෆේක් එකවුන්ට් එකක ගලිෂ් බෝයි කෙනෙක් නම රජිත මාධව ලු.. ජපුර කැම්පස් එකේ රිසර්ච් එකක් කරනවලු ෆේස් බුක් එක ගැන.. මට එයා ( ෆේක් එකේ උන්නේ කෙල්ලෙක් නේ ) නම්බර් එක ඉල්ලන කිසිම අවශ්‍යතාවයක් තිබුනේ නැ. මොකද චැට් කලෙත් එදාමනේ...එත් ඕනාවට වඩා බැංකුව ගැන විස්තර අහන්න අව නිසා වැඩ කරන තැන ගැන කියපු දේවල් මම දන්න තරම් වත් නොදන්නා නිසා මගෙන් බෑන්ක් එක ගැන අහපු දෙයකට උත්තර දෙන්න චැට් එකෙන්ම බැරි නිසා මම පුලුවන්නම් මොබයිල් නම්බර් එක දෙන්න පුලුවන්ද අහපුවහම ඉතින් එකට මාර විදිහට කේන්ති අර ගෙන නම්බර් එක ඉල්ලලා විනාඩි 30 කට විතර පස්සේ කියවන්න ගත්තේ නැතිද.මට නම් මොබයිල් නම්බර් එක ලොකු ආරක්ෂා කරගන්න දෙයකුත් නේම්... පස්සේ එයාගේ කියාගත්තු නම්බර් එක දුන්නත් මම ඒ පස්සේකියවන්න ගන්නකන්ම මම කෝල් කලේ නම් නැ මොකද මට නම්බර් එක ඕඅන උනේ අහපු දේට උත්තර දෙන්න ඕන නිසා විතරක් හින්දා.. එහෙම දෙයක් දන ගන්න ඕනේ නැත්නම් ඉතින් මම කතා කරන්න ඕනේ නැනේ...මට නොතේරෙන එකම ප්‍රශ්නේ මොබයිල් නම්බර් එකක් දන ගත්තා කියලා මොනවද කරන්න පුළුවන්... වදයක් වෙනවනම් අර දේත් කරන්න පුලුවන්නම්.
BLOG
2013.08.19
http://sadaru-world.blogspot.com/
ලංකාවේ හිතන්න ඕන දෙයක්
දේවා ගේ අඩවිය
වෙන රටවල් වල කොහොම වෙතත් ලංකාවේ නම් හිතන්න ඕන කියල හිතුන ෆොටෝ එකක් මුණු පොතෙන් ලැබුනා...දන්නා කියන අය බලන්න කියමුකෝ මේ ගැන....හැම කෙස් එකක්ම මතු වෙනවා යට යනවා විසදුම් තියනවද නැද්ද මන්දා.
BLOG
2014.06.08
http://akmadawiya.blogspot.com
සුනිල් හෙට්ටිආරච්චි...
AKM
සුනිල් හෙට්ටිආරච්චි...නම කියූ පමණින්ම ඔහු ගැන නොදන්නා කලා රසිකයෙකු මේ පුංචි රට තුළ සිටීයැයි කිවුවොත් එය අරුමයකි.මුහුණපුරා වැවුනු රැවුලත් තට්ට හිසත් කෙට්ටු සිරුරත් ඔහුගේ නම ඇසූ සැනින් අපේ මනසේ ඇඳී යන්නේ නිරායාසයෙනි.මගේ අදහසට අනුව නම් ඔහු වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ප්‍රතිභාවපූර්ණ නළුවෙකි.බොහෝලෙසම නිරූපණය කළේ හාස්‍ය උත්පාදක රංගනයන් වුවත් ඔහු ඕනෑම චරිතයක් තරම් ඉදිරිපත්කිරීමට හැකියාවැති දක්ෂ නළුවෙකු බව ඔහුගේ රංගන ශෛලිය තුළින්ම අවබෝධ කර ගත හැකිය.ඉතින් මේ අපූරු කලාකරුවා,සොඳුරු මිනිසා දැඩිසේ රෝගාතුරව සිටින බව ජනමාධ්‍ය හා ෆේස්බුක් මගින් අපට අසන්නට ලැබුනේ මීට මාස කිහිපයකට පෙරය.ඔහු වෙනුවෙන් “අපි බැලු චිත්‍රපට - The Great Movies We Watched“ අපේ සමූහය මගින් යමක් කළ යුතු යැයි ඇඩ්මින් Suren Sarathkumara අප වෙත යෝජනා කළේ මීට දින කිහිපයකට කලිනි.සමූහයේ සහෘදයින් වෙතින් ඊට ලැබුනේ යහපත් හා අගය කළ යුතු ප්‍රතිචාරයකි.මේ පිළිබඳව සුරේන් හා මා කළ කතාබහකින් පසු එම වැඩපිළිවෙල ආරම්භකිරීමේ අරමුණින් අද උදෑසන මම සුනිල් හෙට්ටිආරච්චි කලාකරුවාණන්ගේ පුතු නුෂාන් හෙට්ටිආරච්චි මහතාට දුරකතනයෙන් කතාකිරීමෙන් පසුව මා දැන ගත් දෙය නම් “සුනිල් හෙට්ටිආරච්චි මහතා ප්‍රධාන වශයෙන්ම පාකින්සන් රෝගය සහ එම රෝගය නිසා හටගත් වෙනත් රෝගී තත්වයන්ගෙන් පෙළෙන බවත් මේ වන විට ඔහු මාළිගාවත්ත මහල් නිවාසයේ ඔහුගේ ආදරණීය දූ පුතුන්ගේ රැකවරණය ලබමින් සිටින බව මෙන්ම ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ වෙනුවෙන් මාසිකව රුපියල් දහහතර දහසකට ආසන්න වියදමක් යන බවත්ය“පසුව මා සුරේන් සමග කතා කොට අප දෙදෙනාම එකඟත්වයට පැමිණියේ මාස දෙකක හෝ තුනක ප්‍රතිකාර වියදම අප සමූහය හරහා එකතු කොට සමූහයේ සාමාජිකයින් විසින් එතුමාගේ නිවසටම ගොස් පරිත්‍යාගකිරීමට හැකි නම් එය සුනිල් හෙට්ටිආරච්චි මහතාට සමූහයේ සිනමා රසිකයින් විසින් දක්වන මහඟු උපහාරයක් බවය.මේ වෙනුවෙන් ලබාදෙන මූල්‍යමය පරිත්‍යාගයන් හැටන් නැෂනල් බැංකුවේ HNB අලව්ව ශාඛාව B.නිරාජ් ගුණසේකර123020073356 දරණ ගිණුමටබැර කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතරම ඔබගේ නොමසුරු පරිත්‍යාගය මුදලින් රුපියල් පනහක් වුවත් එය ඉතා අගය කරන බවත් ඔබගේ පරිත්‍යාගයන් කිරීම හෝ පරිත්‍යාගය කිරීමට අදහස්කිරීම මෙම පෝස්ටුවේ කමෙන්ට් එකක් වශයෙන් හෝ ෆේස්බුක් පණිවිඩයක් මගින් හෝ මා වෙත දැනුවත් කිරීමක් කරන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.ස්තුතියි .දැනට මා වෙත දැනුම් දුන් පරිත්‍යාග ලැයිස්තුවhttps://docs.com/spreadsheets/d/1U2oj-O8r8TrTYMRcSfI__Mgalza31UvWA3mLwpUFd9o/edit#gid=0----------------------------------------මේලිපියමුහුණුපොතේ "අපි බැලු චිත්‍රපට - The Great Movies We Watched"නමැතිගෘෘප්එකට "Nirosh Gunasekara" සහෝදරයා විසින් ලියන ලද ලිපියකින් උපුටාගන්නක්වනඅතරඑහිලින්ක්එකදීමටතැත් කලත්එයව්‍යවර්ථවූබැවින්මෙලෙසපලකරනලදී.
BLOG
2014.02.14
http://akmadawiya.blogspot.com
වීරයා මැරිල නෑ….
AKM
වීරයා මැරිල නෑ කියලා වේදිකා නාට්‍යයක් තිබුණාකට්ටියට මතක ඇති. නාට්‍ය කීපයක් සීඩී වලින් බලලා ඒ ගැන ඇල්මක් ඇතිවෙලා තිබුණත් තාමත්සැබෑ කරගන්න බැරි උන ආශාවන්ගෙන් එකක් තමයි වේදිකා නාට්‍යයක් බැලිල්ල. රූපවාහිනියටත්සිනමාවටත් වඩා සුළු සම්පත් කීපයක් භාවිතයෙන් නිර්මානාත්මක විදියට ඊටත් වඩා සජීවීව නාට්‍යයක්ඉදිරිපත් කිරීම ඇත්තටම හැබෑම අභියෝගයක්. ඔය නාට්‍ය කරන/කරවන අය ඉන්නව නේද, ඒ ගොල්ලොඑක අතකට බලනකොට අමුතුම අදහස් තියෙන අය. ඒ කියන්නේ නිර්මාණාත්මක පැත්තෙන්. වේදිකා නාට්‍යයකඩබල් ඇක්ටිං කරන්න බෑ කිව්වට විල්සන් ගුණරත්න ඔය යස අගේට චරිත හතක් කලේ. එක පාර රඟනොපෑවට එක දිගට චරිත හතකටම පණ පෙව්වනේ. ඊළඟට වසන්ත මොරගොඩ. එයා වේදිකා නාට්‍ය සම්ප්‍රදායටීවී එකට ගෙනාවා ස්වර්ණවාහිණියේ නේබර් ටෝක්ස් හරහා. මතකද අර නෝවේ රාජ්‍යයේ ඔස්ලෝ නගරේතිබුණ සාම සාකච්ඡා ගැන තිබුණු වැඩසටහන.නෝවේ àNo way à යන එන මං නැති, ඔස්ලෝ à Ox low -àහරක් නීති, සරලව කිව්වොත් යන එන මංනැති උන් දාන හරක් නීති ගැන තියෙන සාකච්ඡාවක් කියලනේ ඒක අර්ථ ගැන්නුවේ. ඔය වචන වලට අමුතු අමුතු අර්ථ දෙන එකත් එක විදියකට නැගලා යන වැඩක්. Etisalat à Itisalat àIt+Is+a+lat මේක කිසිම ආයතනයකට අපහාස කරන්න දාපු දෙයක් නෙවෙයි. මේක මේ විදියට නිර්මාණයකරපු ඒ පුද්ගලයා තුල තිබුණු හැකියාව පෙන්නන්නයි දැම්මෙ. To Let මැදට “I” අකුරක් දාලා Toilet කරලා තියෙන්නේ. මේ ගැන කියනකොට තව ලස්සන වාක්‍යයක් මතක් උණා. ඒ තමයි “Madam Im Adam” ඕක ඉස්සරහට කියෙව්වත් ආපස්සට කියෙව්වත්කියවෙන්නේ ඕකම තමයි. ඔය විදියේ ඉංගිරීසි පද හරඹ ගැන අපේ හෙන්රි මහත්තයා තව දුරටත් කියල දෙයිනේ.හැබෑට කෝ මේ අපේ හෙන්රි අයියා...... අප්පට බොල අද දාහතර වෙනිදනේ.... සලංපෙසං එකත්එක්ක බෝඩ් ලෑල්ලකුත් උස්සගෙන පාරට බැහැලා ඇති. මාත් ඔන්න මට පුළු පුළුවන් විදියටසබරගමුවෙ කියල බැලුවෙ නෑ ඇති හැකි සෑම තැනකම “ලදුදෙ භංග වේවා.” කියල ගහල පොඩිසපෝට් එකක් දුන්නා. ඉතිං ඔය වගේ උදව් අපේ සලංපෙසං සාමාජිකයෝ හොඳට හිතේ ධාරණය කරගෙනඉන්න ඕන. මොකද අපි තාම ඕකෙ යාවජීව සාමාජිකයෝ නොවුණට ඉඳ හිටලා හරි ඇවිත් යන හින්දාඒ වෙලාවටවත් උණුසුම් ප්‍රතිචාරයක් ලැබුණොත් වටිනවනේ. නැද්ද මං අහන්නෙ.ඉතිං එහෙනම් “සලංපෙසං එකට ජයවේවා...”අන්තිමට කියන්න තියෙන්නෙත් ඉතිං “වීරයා මැරිල නෑ” කියලම තමයි.
BLOG
2013.11.26
http://akmadawiya.blogspot.com
එව්ව එහෙම තමයි....
AKM
දමාලා ඉවත මා සිත රැඳී මාන්නයසොයාලා ගියෙම් මම මග හැරුණු කාලයහෙලාලා ඉවත දහතුන් වසරක ශාපයලොවාලා ගතිම් අද උතුමෙකුගෙන් සහතිකයපාස් කලත් අට උන්දැට සරුසාරයිපොතින් පතින් පිරි මගේ ඔලුවත් පුදුම බරයිසත හට සම තැන පොත පතටම බාරයිඇති හැකි උන්දැගේ පස්සට දැන් මං හරි ලෝබයිලෙව්වොත් පස්ස බඩ පිරෙනව ටක්කෙටමඉස්සර එහෙම කිව් උන් හට බනිනවා දැක්කහමකළකම්, ගොන්කම් මතක් වී ඇඬේනව තනි ඇහැටවැල යන අතට මැසි ගහනව බැරි කමට.
BLOG
2013.10.31
http://akmadawiya.blogspot.com
සඳ නැති සඳ සිත් අහසට.......
AKM
සඳනැතිසඳසිත්අහසටතරු නැග සැටි බලන් සබඳ නුඹ නැති සඳ මගෙ ලෝකෙටමා තනිවෙයි තරු කැට මැදඈ ගත සළු නොඇන්දාටආදරේ නුඹටයි ළඳනුඹ මා ළඟ නොසිටියාටආදරේ නුඹටයි ළඳ.
BLOG
2013.10.24
http://akmadawiya.blogspot.com
සඳ නැති සඳ සිත් අහසට..........
AKM
සඳනැතිසඳසිත්අහසටතරු නැග සැටි බලන් සබඳ නුඹ නැති සඳ මගෙ ලෝකෙටමා තනිවෙයි තරු කැට මැදඈ ගත සළු නොඇන්දාටආදරේ නුඹටයි ළඳනුඹ මා ළඟ නොසිටියාටආදරේ නුඹටයි ළඳ.
BLOG
2013.09.27
http://akmadawiya.blogspot.com
null
AKM
නිවාඩුවක්නැතමටනම්අදහෙටහෝඅනිද්දාකියාමගේසගයත්දැන්දුබලනිසාකවදාලැබෙයිදෝමටඅස්වැසිල්ලක්මටඋඩින්ඉන්නඋන්රජසැපවිඳිනබවදන්නවාදවස්තුනහතරකටවරක්පමණක්මහමුවනනිසාහැමදාමහවසටනෑවත්පිච්චිපිච්චිවේලුනත්විඳිනදුක්හින්දාසුදුමැලිඋනත්තරහක්නෑතුවාලඋනත්මටසගයෙක්දෙන්නබැරිතරම්නුඹටඅහේනිබවදන්නවාඋඩින්ඉන්නඋන්ඉන්නේඋඹේතත්තේපෙන්නන්නබවත්මන්දන්නවාදිලිහෙනසපත්තුදෙකදැම්මාමඋඹහැන්ඩිබවයසටපේනවායුවතියක්හමුවේදීගැලවුනොත්කලිසමනුඹනෝන්ඩිබවහොඳටදැනෙනවාකලපින්මදිඋනිදදුප්පත්හාම්පුතෙක්ළඟඅදමාවැජඹෙන්නේඉරුණු .........වීP..........).
BLOG
2013.07.28
http://akmadawiya.blogspot.com
හද සසල වී ගියත් එදා දුටුව හීනයේ....
AKM
සිතඅතරමං වෙලා රුදුරු ගිම්හානයේ......වැහිවලාකුලක් නෑ පෙනෙන තෙක් මානයේ...හදසසල වී ගියත් එදා දුටුව හීනයේ....නෑලතවුලක් මගේ චන්න කින්නරාවියේ.... ඒ1997 අවුරුද්ද විතර වෙන්න ඇති. ඔය කාලේ තමයි මේ ගීතයත් එක්ක තව ගීත පහක් විතරඇතුලත් TDK නයින්ටියක්(TDK 90) හම්බ උණේ. TDK 90කියන්නේ කැසට් එකක්. අපේ භාෂාවෙන් කියනවනම් කැසට් පීස් එකක්. TDK කියන බ්‍රෑන්ඩ්නේම් එකෙන් එන විනාඩි අනූවක් රෙකොර්ඩ් කරන්න පුළුවන් පීස් එකක්. අයියනම් කිව්වේ මේක ඉන්දික ප්‍රසාද්ගෙන් හම්බඋණා කියලා. මටනම් හිතෙන්නේ එහෙම උණත් ඒ ආශ්‍රය දවසකට දෙහෙකට වැඩිය තියෙන්න නැතුවඇති. නැත්නම් ඉතිං මගේ කන් දෙක මේ තරම් හොඳට ඇහේවියැ. කොහොම උණත් ඔය පීස් එක දාගෙනඅපි ඉන්නේ ටිකක් උජාරුවෙන්. මොකද අනික් අය ගාව නැති ඇල්බම් එකක් අපි සතු වෙනවාකියන්නේ ගෙදරට ඉල්ලන් එන අය වැඩිවෙනවා කියන එකනේ. අනික ඔය කාලේ මාත් අයියගේ නැට්ටේඑල්ලිලා කීබෝඩ් පන්ති යන දවස්. ඉතිං කීබෝඩ් එකක් යාන්තම් ටාං ටාං ගාලා කොටාගන්නපුළුවන් කියන්නෙත් ඒ කාලේ හැටියට ලොකු දෙයක්නේ. ඔයකාලේ තමයි අකමා ට්‍රැක් එකෙන් පිට පැන්නේ. ඉස්කෝලේ එපා වුණේ. ඒ වගේම ගෙදරත්.ජීවිතයත්. මැරෙන්න ක්‍රම හොය හොයා හිටපු කාලයක් ඒක. මැරෙන එක, එක පාර මැරෙන්නත්එපායැ. ඉතිං එකක් බැරිනම් එකක් විදියට බැකප් ප්ලෑන්ස් කීපයක්ම තිබුණා. ගහකටිකක් උස අත්තක් යට පිහි ටිකක් උඩ අතට වෙන්න හිටෝලා ඒ ටික වැහෙන්න ගිනි ගොඩක් ගහලාගහේ අත්ත උඩට ගිහින් වහ බෝතලයක් බීලා අරකට පනින එක. එහෙමත් නැත්නම් අපේ ගඟේ මැදතිබුණු ලොකු ගල උඩට නගිනවා අමාරුවෙන් උස්ස ගන්න පුළුවන් ගල් දෙකක් අරගෙන. එකක්කකුල් දෙකේ ගැට ගහ ගන්නවා. අනික බෙල්ලේ එල්ල ගන්නවා. ඊළඟට පිහියෙන් බඩට ඇනගෙනඇනගෙන ගිහින් වතුරට වැටෙනවා. මිනියත් නෑ. :D තවත්ඔය වගේ සිම්පල් ප්ලෑන් කීපයක් තිබුණා. වැදගත්ම දේ තමයි ඔච්චර ප්ලෑන් ගහපු එකාගේවයස 12යි. ඕක ක්‍රියාත්මක කරන්න බැරි උනේ වෙන මුකුත්හින්දා නිසා නෙවෙයි. අවුරුද්දේ මාස දොළහම එක එකා බෙදාගෙන හිටපු නිසයි. මැරෙන්නහදනකොට ඔන්න නංගිගේ බර්ත් ඩේ එක. ඔය අස්සේ මැරුණොත් ආයේ එයාගේ බර්ත්ඩේ වලට පාටිදාන්න වෙන්නෑනේ. දාන පාටි මිසක්. ඊළඟ මාසේ අයියා. මාර්තුවේදී හිතෙනවා අවුරුද්දත්කාලම මැරෙනවා කියලා. අප්‍රේල්නම් කොහොමත් බෑ. ඊළඟට අම්මගේ බර්ත් ඩේ එක...... ඔන්නඔහොමයි මගේ ප්ලෑන් ඔක්කොම වතුරෙ ගියේ. ඔන්නඔය අතරේ දෙසැම්බරයේ දවස් තුනක ට්‍රිප් එකක් ගියා. අපේ බස් එකේ හිටියා ඒලෙවෙල් කරනඅක්කා කෙනෙක්. දෙවෙනි තුන්වෙනි දවස් වෙනකොට අපි දෙන්නා ෆිට්. දැන්නම් එයා අම්මාකෙනෙක්. අනික මෙලෝ රහක් නෑ. ඒත් ඒ දවස්වල මං එයාව දැක්කේ අමුතුම කෝනෙකින්. හප්පේ..එයා තරම් ලස්සන කෙල්ලෙක් මීට කලින් මං දැකලම නෑ. දඟකාරකමත් ඒ වගේමයි. දැන් ඒලෙවෙල්කෙල්ලෝ ඇටිකිච්චියෝ වගේ පෙනුණට එදා කෙට්ටුම කෙට්ටු ඒ අක්කා දිහා බැලුවෙත් පතාකයෝධියෙක් දිහා බලන්නැහේ උඩ බලාගෙන. ඔය කාලේ අතේ බඳින බෑන්ඩ් හදන පිස්සුවක් තිබුණානූල් කැරලි වලින් එකේක නම් මතුවෙන විදියට හදාගෙන. ඔය වැඩේ හැමෝටම කරලා දුන්නත් මංවෙනුවෙන් එකක් හදා ගත්තේ එයාගේ නම දාලා හාර්ට් දෙකකුත් දෙපැත්තෙන් එන විදියට හයිරෙසලුෂන් විදියට. ඒ කිව්වේ පික්සල් ගැන වැඩි කරලා බුදු කට්ටක් කාගෙන. ඕක කරන්නත්ඕනි ගෙදරට හොරෙන් නෙව. පස්සේ බලද්දී ඒකිගේ නම මං කොටපු නමේ රයිමින් එකට යන වෙනත්එකක්. හයියෝ සංසාරේ.......ඕකතමයි මගේ ෆස්ට් ලව් එක. ගෑණියෙක්ගේ අහවල් එක මොන පාටද කියලවත් දන්නැතුව නුහුරු කඳුළුහෙළුවේ ඒකි වෙනුවෙන්. ඊළඟටඔහොම කැරකිලා ගිහින් වැටුනේ වියලි කලාපයේ දුෂ්කර පළාතක ඉස්කෝලෙකට.අපේ පුංචි අම්මාඋගන්නන ඉස්කෝලෙට. එයා හරියට කාලගුණේ වගේ. හරි හොඳයි. හොඳට සලකනවා. කන්න බොන්නදෙනවා. ඒත් හිටපු ගමන්........ කුඩම්මා කියන්නේ ඒකටද මංදා..... අලුත්පන්තියේ තුන් වෙනි පේලියේ දකුණු පැත්තේ කෙරෝලේ පුටුවක් මං වෙනුවෙන් වෙන් උණා.එතනින් පොඩි ස්පේස් එකක්. ඊළඟට කෙල්ලෝ. දුඹුරු පාට දිලිසෙන ඇස් දෙකක් තියෙනකෙල්ලෙක් මට දකුණු පැත්තේ. ඒකිගේ පොතක් බිමට වැටුණා දිග ඇරලා තිබුණු විදියටම. මාත්වැඩිය හිතන්නැතුව එක අර ගත්තා. එතකොට දැක්කේ ඇතුල් පිටු දෙකේ දූවිලි. ඒකත් අතින්පිහ දාන ගමන් මං පොත දුන්නා. ඒක එතැනින්ම ඉවරයි. ඒත් මාස දෙක තුනකට පස්සේ මෙන්නඅපි දෙන්නගේ නම් අල්ලලා.. හයියෝ කියන්නත් ලැජ්ජයි වගේ. ඒකාලේ අපි පුදුම සැහැල්ලුවකින් ජීවත් උණේ. මාත් එක්ක උජියා, සුමියා හොඳටම ෆිට් උණා.නිලූ, මධූ, ස්නේහා ත් එහෙමයි. ඕ ලෙවෙල් අවුට් වෙනකන්ම අපි හය දෙනාගේ ගැන්සියඅවුරුදු තුනක් විතර එහෙම්මම තිබුණා. පන්තිභාර සර්රුත්, ඒ හින්දා එයා උගන්නන ගණිතය විෂයත්, ඒ හින්දා ඉස්කෝලෙත් එපා වෙච්චි මටඅලුත් ඉස්කෝලෙට ඇවිත් හිටපු තරුණ ගුරුතුමියගේ පිහිටෙන් ආසම විෂය බවට ගණිතය පත් කරගන්න පුළුවන් උණා. ඊළඟ පුදුමේ තමයි වාසගම ඇරෙන්න මගේ නමේ පාට් වන්, පාට් ටූ දෙකේමස්ත්‍රීලිංග පදේ තමයි ඒ මිස්ට තිබුණේ. ඕලෙවෙල්වෙනකන් මුළු පන්තියම යාළුවෝ. අපි හය දෙනා අඹ යාළුවෝ. අපි කොල්ලෝ තුන්දෙනාට ඔයඅස්සේ තමයි පියාපත් හම්බ උණේ. ශිෂ්‍ය නායක පදවි. එකොළහ වසරට පා නගන කොට උජියට ලව්මාන්දම. අට වසරේ කෙල්ලෙක් පස්සේ ගියා. අපි ඔක්කොම බොක්කෙන් සපෝර්ට්. කට කතා ඇත්තක්වෙමින් නිලූයි මායි අතරේ සම්බන්දෙ තවත් වැඩි උණා. ඒත් කටින් පිට උණේ නෑ. ගොළුආදරයක්. (හා හා බනින්න එපා. මං කොහොමත් ගොනෙක් තමයි) ඒ කාලේ කරපුවා කියපුවා මෙහෙමසාරාංශ කරලා ලියන්නත් අමාරුයි. ඉස්කෝලේ හවස පන්ති වලට නැවතිලා කරපුවා, ළඟ පන්සලේපෙරහැරවල් සංවිධානය කරපු හැටි, පන්ති කට් කරලා ෆිල්ම් බලපු හැටි, කෙල්ලොත් එක්කකැලේට යටවුණු ගුරු නිවාස අස්සේ කරපුවා........ හැබැයි එක දෙයක්. ඉස්සර ගොන් වැඩ අතඇරලා ඉගෙන ගන්න එකට මුල් තැනක් දුන්න ඒ දවස්වල. ඉස්කෝලේඇරිලා ගිනි කාෂ්ටක අව්වේ ප්‍රධාන පාරට කිලෝමීටර් එක හමාරක් විතර තියෙන දුර එන්නේනිලූයි මායි එක කුඩේ යටින්. පුංචි වැවක් පහු කරන් එන්න තියෙන දුර අපි ආවේ මීටර්සීයක්වත් දුර නැති ගමනක් විදියට. ඔය විදියට ගිහින් ඕලෙවලුත් කළා. මං මාසයක් විතර ඒගෙදර ඉඳලා අපේ ගෙදර ආවා. ආයේ ගියෙ රිසාල්ට් බලන්න. ඒ වෙනකොට නොහිතපු දෙයක් සිද්ධවෙලා තිබුණා. නිලූ ජීවිතය වරද්දගෙන. ඒ කිව්වේ කොල්ලෙක් එක්ක පැනලා ගිහිං. එහෙමසම්බන්ධයක් ඔච්චර යාළුවෝ වෙලා අපිවත් දැනන් හිටියේ නෑ. සමහරවිට මාස දෙක තුනක ලව්එකක් වෙන්න ඇති. හැබැයි නිලූට ගෙදරින් ඉස්සර ඉඳන්ම වැඩි සැලකිල්ලක් නෑ කියන එකනම්අපිටත් තේරිලා තිබුණේ. සමහරවිට ඒක වෙන්නත් ඇති ගෙදරින් යන්නත් හේතුව. දැන්බලනකොට අපි දෙන්නා අතර යාළුකමකට වඩා දුර සම්බන්දෙකට අවශ්‍ය ගැලපීම් වගේමනොගැලපීමුත් තියෙනවා කියලා හිතුනට හිමි උන ආදරේට වඩා අහිමි උන ආදරේ තාමත් හිතපාරවනවා. වෙලාවකට හිතෙනවා කවදාහරි දවසක එයා මං ගාවට ආවොත් කියලත්.හදසසල වී ගියත් එදා දුටුව හීනයේ....නෑලතවුලක් මගේ චන්න කින්නරාවියේ.... තවත්වෙලාවකට හිතෙනවා කොච්චර බහුසෘත කියෙව්වත් මාත් මේ සමාජයේම එක පුද්ගලයෙක් විතරක්නේද කියලත්.
BLOG
2013.07.03
http://akmadawiya.blogspot.com
මී අඹ වනයේ ගී හඬ පතුරා..... (කොල්ලන්ට විශේෂයි)
AKM
"මී අඹ වනයේ ගී හඬ පතුරා කාවද අමතන්නේ......" එකල මා අකමැතිම ගායකයෙකුගේ හඬගුවනේ පැතිරී යමින් තිබිණි. පියාගේ මුවින් ඊට සහාය නාදයක්ද ඇඟිලි තුඩින් දණහිස මතතාල ඇල්ලීමක්ද සිදු වූයේ නිරායාසයෙනි. කීර්ති පැස්කුවෙල්, රූකාන්ත හරහා සන්ෆ්ලවර් රැල්ලටයටවුණු ගායකයන්ගේ හඬටද, BnS හා ඉන් පසුව බොරු පොෂ් ගතියක් මවාගනිමින් රොක් හිපොප්රැප් සංගීත රටාවන්ගෙන් දෙසවන පිරෙන දේශීය විදේශීය ගීත, රේඩියෝ චැනලයෙන් කැසට් පීසයටදපසුව පරිගණකය හරහාද රැව් පිළිරැව් දුන්නේ පෙරකී අසහාය ගායකයාගේ හඬට ඇති තැන අවමකරමිනි. මෙකල ගීතයේ කොටසින් කොටස පටිගත කලද හරියාකාරව ගායනා කරගැනීමට නොහැකි ගායකයින් සිටිද්දී කිසිම පෙරහුරුවකින් තොරව පළමු වතාවෙන්ම නව ගීතයක්පටිගත කිරීම සඳහා හඬ දායකත්වය ලබා දුන් ගායකයාගේ පුරාජේරුව පවසන තාත්තාගේ හඬ ඒකනින් ඇතුල්ව මේ කනින් පිටව ගියේ ඔළු ගෙඩියේ ඇති පුස්ස මොනවට පෙන්වමින්.ගී හඬ නැවතත් පැතිරෙයි...."මී අඹ වනයේ ගී හඬ පතුරා කාවද අමතන්නේ......" දෑස පියා ගතිමි... සිහි වනුයේ ඒ රුවයි. නැවතත්.. නැවතනැවතත් ගී හඬ දෝංකාර දෙයි. සිහි වනුයේ ඇයගේ හඬයි."මී අඹ වනයේ ගී හඬ පතුරා කාවද අමතන්නේ......" දෙසවන පිරී යන්නේ ගී හඬින්ද ඇගේ හඬින්ද යන්න කිසිවිටෙකත් නොහැඟෙයි. පියා ගත් දෑසින් යුතු වත කමලෙහි මද සිනාවක් පිරී යන්නේආඩම්බරයෙනි."ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ..." ලෝකයම පරදා ඇය උරුම කරගත් ආඩම්බරය..... ඒ හා පල නොකෙරෙනතරවටුව..."මිහි බට දෙවඟන ඇවිදින තාලෙට ඔහොමද ඇවිදින්නේ...." කවුරුවත් දකීදෝ’යි නැගෙන නෝක්කාඩු සිත යටින් මගේ කර ගත්ඇගේ ලාලිත්‍යය, ආඩම්බරයෙන් කාට හෝ පෙන්වීමේ උවමනාව..."ලා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නලවන්නේ...." ලොවක් දිනූ පෙම්වතෙකුගේ හඬින් මිමිණෙන පද වැල..... එදා නොරිස්සූ හඬ සමඟ මෙකල දැහැන් ගතවූ අපූරුව...... පලා ගිය නිදිදෙව් දුව වෙනුවට තුරුලට පැමිණි ඇය.
BLOG
2014.05.26
http://androgamehome.blogspot.com/
Sky Gamblers Rise of Glory FULL APK
dileepa sandaruwan
5.
BLOG
2014.05.24
http://androgamehome.blogspot.com/
Wonder Zoo Animal rescue MOD APK+DATA (Unlimited Gold/Peanuts) v1.6.1
dileepa sandaruwan
6.6...
BLOG
2014.05.24
http://androgamehome.blogspot.com/
Zombie Awakening Premium APK+DATA
dileepa sandaruwan
.....
BLOG
2014.05.22
http://androgamehome.blogspot.com/
Gangstar Rio: City of Saints for Android
dileepa sandaruwan
1.
BLOG
2014.05.22
http://androgamehome.blogspot.com/
Heroes and Castles MOD APK+DATA for Android (Unlimited Gems/Heroes Unlocked)
dileepa sandaruwan
00.04.
BLOG
2014.05.18
http://androgamehome.blogspot.com/
Half-Life 2 Android APK+DATA for android
dileepa sandaruwan
null