හත්වැනි පාර්ලිමේන්තුව පළමුවැනි සභාවාරය. පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු රවී කරුණානායක මහතා, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, පසුගිය වර්ෂ විස්සක කාලය තුළ උපාධි අපේක්ෂකයන් සඳහා ලබා දුන් මහපොළ ශිෂ්‍යත්ව සංඛ්‍යාව වාර්ෂික පදනමින් කොපමණද යන්න; ඉහත සඳහන් සංඛ්‍යාව සහ ඉහත සඳහන් කාල සීමාව තුළ එක් එක් වර්ෂයේදී විශ්වවිද්‍යාලවලට ඇතුළත් වූ සම්පූර්ණ ශිෂ්‍ය සංඛ්‍යාව අතර සන්සන්දනය කවරේද යන්න; පසුගිය වර්ෂ හය තුළ ශිෂ්‍යත්වලාභීන්ට දීමනා වශයෙන් ගෙවූ මුදල වාර්ෂික පදනමින් කොපමණද යන්න; පසුගිය වර්ෂ දහය තුළ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට ලැබුණු ආදායම් වාර්ෂික පදනමින් කවරේද යන්න; එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු බුද්ධික පතිරණ මහතා, ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටා ඇති ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද කදුරුවාන තේ කම්හල වර්ෂ හයක් තිස්සේ ප්‍රයෝජනයට නොගෙන අත්හැර දමා ඇති බවත්; ජාතික සම්පතක් වන එම කර්මාන්ත ශාලාව ප්‍රයෝජනයට නොගෙන අත්හැර තිබීමෙන් ජාතික ආර්ථිකයට විශාල පාඩුවක් සිදු වන බවත්; එතුමා දන්නෙහිද? එම තේ කම්හල ඉදිකිරීම සඳහා වැය වූ මුළු මුදල කොපමණද යන්න; එය ප්‍රයෝජනයට නොගෙන අත්හැර දමා තිබීමට හේතු කවරේද යන්න; තේ කම්හලේ නිෂ්පාදන කටයුතු කඩිනමින් ආරම්භ කොට ප්‍රදේශයේ තේ වගාකරුවන්ගේ අමු තේ දළු මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකසන්නේද යන්න; නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්නේ නම්, ඒ සඳහා ගතවන කාලය කවරේද යන්න; එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු අජිත් කුමාර මහතා, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, ජනාධිපතිතුමා යටතේ දැනට සේවය කරන උප්‍රදේශකයින් සංඛ්‍යාව කවරේද යන්න, ඔවුන්ගේ නම්, අධ්‍යාපන සුදුසුකම් සහ වගකීම් කවරේද යන්න; ඔවුන් වෙත ගෙවනු ලබන වැටුප් සහ දීමනා කවරේද යන්න; පසුගිය මාසය සඳහා ගෙවන ලද සියලු දීමනාවල එකතුව කවරේද යන්න; එතුමා සඳහන් කරන්නෙහිද? නිලරථ ලබාදී ඇති උප්‍රදේශකයින්ගේ නම්, ලබාදී ඇති නිලරථ සංඛ්‍යාව සහ ඒවායේ විස්තර කවරේද යන්න; ඔවුන් වෙත ඉන්ධන දීමනා ලබාදෙන්නේ නම්, එක් එක් උප්‍රදේශකවරයාට ලබාදෙන ඉන්ධන දීමනාව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? ඔවුන් වෙත දුරකථන පහසුකම් ලබා දෙන්නේ නම්, මේ වන විට දුරකථන පහසුකම් ලබා දී ඇති උප්‍රදේශකයන්ගේ නම් කවරේද යන්න; දුරකථන දීමනාවක් ගෙවන්නේ නම්, එක් එක් උප්‍රදේශකවරයාට ලබා දී ඇති දීමනාව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න; එතුමා සඳහන් කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු දයාසිරි ජයසේකර මහතා, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට, පුත්තලම දිස්ත්‍රික්කයේ, පාලකුඩා මංසන්ධියේ සිට තලවිල ශාන්ත ආනා දේවස්ථානය දක්වා දිවෙන මාර්ගය පිළිසකර කිරීම සඳහා වර්ෂයේදී වෙන් කළ මුදල කොපමණද යන්න; එම ව්‍යාපෘතිය යටතේ සංවර්ධන කිරීමට ඇස්තමේන්තුගත කර ඇති මාර්ගයේ දිග හා පළල කොපමණද යන්න; එතුමා සඳහන් කරන්නෙහිද? ඉහත මාර්ගය පිළිසකර කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දීමේදී විධිමත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කළේද යන්න; එම මාර්ගය පිළිසකර කළ ආයතනයේ නම, එහි අයිතිකරුගේ නම, ලිපිනය සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ තොරතුරු කවරේද යන්න; මාර්ගය ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් එම සමාගමට ගෙවිය යුතු සියලු ගෙවීම් මේ වන විට ගෙවා අවසන් කර තිබේද යන්න; නොඑසේ නම්, තවදුරටත් ගෙවීමට ඇති මුදල කොපමණද යන්න; එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? පිළිසකර කිරීමෙන් පසුව ඉහත මාර්ගය මත තල් හෝ වෙනත් ශාක වර්ගයක් පැළවී තිබේද; නියමිත ප්‍රමිතියට සකස් කළ විට මාර්ගයක් මත ශාක වර්ග පැළවීමේ හැකියාවක් තිබේද: ඉහත මාර්ගයේ ශාක වර්ග පැළවීමට හේතු කවරේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු රෝසි සේනානායක මහත්මිය, අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, උසස් පෙළ සමත් වූ, පෞද්ගලික සහ පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව; පාසල් අයදුම්කරුවන් ලෙස පෙනී සිටි සිංහල, දෙමළ සහ ඉංගීසි මාධ්‍ය සිසුන් සංඛ්‍යාව; පෞද්ගලික අයදුම්කරුවන් ලෙස පෙනී සිටි සිංහල, දෙමළ සහ ඉංගීසි මාධ්‍ය සිසුන් සංඛ්‍යාව; සිසුන් සංඛ්‍යාව විෂයය ධාරාව අනුව; සිසුන් සංඛ්‍යාව දිස්ත්‍රික් පදනම මත; කොපමණද යන්න වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද? රජයේ පාසල්වල සිටි උසස් පෙළ ගුරුවරුන් සංඛ්‍යාව, එක් එක් විෂයධාරාව අනුව; ජාතික පාසල් සහ පළාත් පාසල් අනුව; භාෂා මාධ්‍යය අනුව; දිස්ත්‍රික්කය අනුව; කොපමණද යන්න වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු සජිත් ප්‍රේමදාස මහතා, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට, මධ්‍යම පාන්තිකයන්ට පහසු මිලට ලබා දීම සඳහා තට්ටු නිවාස ඉදිකිරීම ආරම්භ කළ වර්ෂය කවරේද යන්න; මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති එම තට්ටු නිවාස සංඛ්‍යාව කොපමණද යන්න; එම තට්ටු නිවාස ඉදිකර ඇති ප්‍රදේශ කවරේද යන්න; එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙහි ණය පියවීමට මුල්‍ය සම්පාදනය සඳහා විදේශීය මූලාශයකින් ඇ. එ. ජ. ඩොලර් බිලියන 1ක මුදලක් ලබාගැනීමට නියමිතව තිබේද යන්න; ඉහත කී ගනුදෙනුව හා සම්බන්ධ බවට ප්‍රකාශිත ‘ගෝල්ඩ්මන් සැක්ස්’ ආයෝජන බැංකුව හා එහි දේශීය හෝ විදේශීය නියෝජිතයන් සමග ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පවතින සාකච්ඡාවන්හි විෂයපථය පිළිබඳ විස්තර කවරේද යන්න; එතුමා සඳහන් කරන්නෙහිද? සඳහන් නියෝජිතයන්ට, පිරමිඩ් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්; ශ්‍රී ලංකා වේ හෝ අන් කවර හෝ ස්ථානයක බැංකු හා ව්‍යාපාරික ආයතන සමග ගිවිසුම් හෝ යම් ණය බැඳීම්වලට අදාළව විශ්වාසය කඩකිරීම් සම්බන්ධයෙන්; මහ බැංකුවේ උසස් නිලධාරීන් සමඟ සමීප පෞද්ගලික සබඳතා හා ව්‍යාපාරිකාල පැවතීම සම්බන්ධයෙන් චෝදනා කරනු ලැබ හෝ දෝෂාරෝපණය කරනු ලැබ තිබේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? ඔබගේ ගනුදෙනුකරු හැඳිනගන්න ප්‍රතිපත්තියට අනුකූල වීම සහතික කිරීම හා මෙයට සම්බන්ධ අරමුදල් මුදල් විශුද්ධිකරණය හෝ ත්‍රස්තවාදය හා සම්බන්ධ මූල්‍ය සම්පාදනය මගින් දූෂ්‍ය වූ මුදල් වීමේ අවදානම අවම කිරීම සඳහා නිසි ක්‍රියාමාර්ග අනුගමනය කෙරෙන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු රවී කරුණානායක මහතා, විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට, රට තුළ නොයෙකුත් ප්‍රදේශවල වරින් වර සිදුවූ විදුලි විසන්ධිවීම් විදුලිබල මණ්ඩලයේ දැනුවත් බවින් තොරව සිදු වූයේද; නොඑසේ නම්, ඊට හේතු කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? කැලණිතිස්ස බලාගාරයේ විදුලිබල මණ්ඩලය සතු විදුලි ජනක යන්ත්‍ර සදහා සපයන ලද ඩීසල් ලීටරයකට ජූනි මාසය තුළ ගෙවන ලද මිල කොපමණද; කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනක යන්ත සඳහා සපයන ලද ඩීසල් ලීටරයකට ගෙවන ලද මිල කොපමණද; කැලණිතිස්ස බලාගාරයේ ඉන්ධන ටැංකි පද්ධතියේ ධාරිතාව කොපමණද; දිනවල එම ධාරිතාවය එම ටැංකිවල තිබුනේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සදහා දිනකට අවශ්‍ය ඩීසල් ලීටර සංඛ්‍යාව කොපමණද; ජුලි මස කැලණිතිස්ස බලාගාරයේ සියලුම විදුලි ජනක යන්ත්‍ර ක්‍රියා විරහිතවීමට ඉන්ධන නොමැති වීම හේතු වූයේද. යන්න එතුමා සඳහන් කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු බුද්ධික පතිරණ මහතා, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට, අම්පාර දිස්ත්‍රික්කයේ, ගල්ඔය ව්‍යාපාරය ආරම්භයත් සමග ඉදිකළ අම්පාර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් “ක්ෂේත්‍ර නිවහන” විනාශයට යමින් පවතින බව එතුමා දන්නෙහිද? මෙම ක්ෂේත්‍ර නිවහන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නවාතැන් අවශ්‍යතා ඉටුකර දීමට කටයුතු කරන්නේද; ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබේද; එසේ නම්, ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන දිනය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු දයාසිරි ජයසේකර මහතා, සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට, වර්ෂය සඳහා ලක් සතොස ආයතන වෙත සහල් සපයනු ලැබූ සැපයුම්කරු හෝ සැපයුම්කරුවන්ගේ නම්, ලිපිනයන් හා ව්‍යාපාර නාමයන් කවරේද; එම සැපයුම්කරුවන් තෝරා ගැනීමේදී පිළිගත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර තිබේද; එසේ නම්, එම ටෙන්ඩරය සඳහා මිල ගණන් ඉදිරිපත් කළ අනෙකුත් ඉල්ලුම්කරුවන්ගේ නම් සහ ලිපිනයන් කවරේද; එම ටෙන්ඩරය අනුව සැපයුම්කරුවන් විසින් සහල් සැපයීම සිදුකළ යුතු කාල සීමාව කවරේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු සජිත් ප්‍රේමදාස මහතා, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට, “මහින්ද චින්තන - දිනවමු ශ්‍රී ලංකා ” ප්‍රතිපත්ති මාලාවේ ජනසෙවන වැඩසටහන යටතේ, සෑම ගමකටම වර්ෂයකට නිවාස 25 බැගින් ඉදිකිරීමට පොරොන්දුවක් දී ඇති බව එතුමා දන්නෙහිද? ඉහත පොරොන්දුව පරිදි මේ වන විට ඉදිකිරීම් අවසන් කර, ප්‍රතිලාභීන් පදිංචි කර ඇති සමස්ත නිවාස සංඛ්‍යාව කොපමණද; එම නිවාස පිහිටි ගම්වල නම් කවරේද යන්න; එක් නිවසක් ඉදිකිරීම සඳහා වැය කළ මුදල කොපමණද යන්න; එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු බුද්ධික පතිරණ මහතා, ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට, ලෝක කුසළාන ක්‍රිකට් තරඟාවලියට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකළ වියදම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ විකාශන අයිතිය ලබා දී තිබෙන සමාගමෙහි නම කුමක්ද යන්න; එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන පුද්ගලයා කවුරුන්ද යන්න; එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකාවට ලැබුණු මුදල් සම්භාරයෙන් හම්බන්තොට ක්‍රීඩාංගණය ගොඩනැගීමට සහ අනෙකුත් ක්‍රීඩාංගණ සඳහා වැයකළ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු රවී කරුණානායක මහතා, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, වර්ෂයේ සිට මේ දක්වා වූ කාලය තුළ එක් එක් වර්ෂයේදී රජය විසින් ඉතාලිය සහ මැලේසියාව යන රටවලට රැකියා සඳහා යවන ලද ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව කොපමණද යන්න; ඉතාලියට සහ මැලේසියාවට පුද්ගලයන් යැවීමේදී ඒ සඳහා පාදක කරගත් නිර්ණායකය කවරේද යන්න; එම රටවල රැකියාවක් ලබාදීම සඳහා එක් පුද්ගලයෙකුගෙන් අයකරගත් මුදල කොපමණද යන්න; ඉහත කී රටවලට රජය විසින් යවන ලද පුද්ගලයෙකුගේ රැකියාවට අදාළ ගිවිසුමේ කාලසීමාව කොපමණද යන්න; එම රටවල රැකියාවක නියුතු පුද්ගලයෙකුගේ සාමාන්‍ය වැටුප කොපමණද යන්න; එතුමා ප්‍රකාශ කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු දයාසිරි ජයසේකර මහතා, සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට, වාරියපොල නගරයේ ඉදිකළ වයඹ ආර්ථික මධ්‍යස්ථානයට මුල්ගල තබන ලද දිනය කවරේද; එහි වැඩ නිම කරන ලද දිනය කවරේද; ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල කොපමණද; එහි ඉදිකිරීම් නිම වන විට වැය වූ මුදල කොපමණද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ කටයුතු ආරම්භකරන ලද දිනය කවරේද; මේ වන විට එහි වෙළඳ කටයුතු සිදු නොකරන්නේ නම්, එයට හේතු කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? වාරියපොල ආර්ථික මධ්‍යස්ථානයක් ඇති කිරීම සඳහා බලපෑ හේතු කවරේද; එම මධ්‍යස්ථානය පිහිටි ඉඩමේ අයිතිකරු කවුරුන්ද; ඒ සඳහා මාසිකව හෝ වාර්ෂිකව බදු හෝ කුලී ගෙවීමක් සිදු කරන්නේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු සජිත් ප්‍රේමදාස මහතා, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට, මහින්ද චින්තන - දිනවමු ශ්‍රී ලංකා ප්‍රතිපත්ති මාලාවේ ජනසෙවන වැඩසටහන යටතේ, පළමු වර්ෂ පහේදී පොලිය පමණක් ගෙවීමේ පහසුකම සහිත නිවාස ණය යෝජනා ක්‍රමයක් ඇතිකිරීමට පොරොන්දුවක් දී ඇති බව එතුමා දන්නෙහිද? ඉහත පොරොන්දුව පරිදි එම නිවාස ණය යෝජනා ක්‍රමය ආරම්භ කළ වර්ෂය කවරේද යන්න; මේ වන විට එකී නිවාස ණය ලබා දී ඇති පවුල් සංඛ්‍යාව කොපමණද යන්න; නිවාස ණය ලබාදීමේදී ප්‍රතිලාභීන් තෝරා ගත් පදනම කවරේද යන්න; එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ශෝක ප්‍රකාශ යෝජනා අභාවප්‍රාප්ත ගරු ඒ. එම්. ඩී. රාජන් මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රධාන කටයුතු ආරම්භයේ දී යෝජනා පිළිබඳ දැනුම්දීම පාර්ලිමේන්තුවේ සභානායකතුමා, පාර්ලිමේන්තුවේ රැස්වීම්, ස්ථාවර නියෝග විධිවිධානවල සහ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන්ව තිබුණ ද, අද දින රැස්වීම් පැවැත්වෙන කාල වේලාව අ. භා. 1 සිට අ. භා. 6 දක්වා විය යුතුය. ස්ථාවර නියෝග ක්‍රියාත්මක විය යුතු ය. යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු ගරු රවී කරුණානායක මහතා, පාර්ලිමේන්තුව තුළ ජාතික ගීය වාදනය කිරීම, දිවයින තුළ ජාතික මමත්වයක් වර්ධනය කිරීමට හැකිවනු වස් පාර්ලිමේන්තුවේ රැස්වීම ආරම්භ කිරීමට හා අවසාන කිරීමට පෙරාතුව පාර්ලිමේන්තුව තුළ ජාතික ගීය වාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, බලගතු ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනැගීම, ආණ්ඩුවේ ලිපිලේඛනාදියෙහි යම් කෙනෙකුගේ ජාතිය හා ආගම සඳහන් කිරීම අවශ්‍ය කරුණක් වීම බලගතු ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනැගීමට බාධාවක් හා අවහිරයක් වී ඇති බැවින් එම අවශ්‍යතාවය ඉවත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, වාණිජ අරමුණු සඳහා ආගමික නායකයින්ගේ රූප භාවිතා කිරීම වැළැක්වීම, සියලුම ආගම්වලට සමානව ගරු කළ යුතු අතර කිසිදු වෙළෙඳ දැන්වීමක හෝ වෙනත් ආගමික නොවන භාණ්ඩයක බුදුරජාණන් වහන්සේගේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ, ශිව දෙවියන්ගේ සහ මහම්මත් නබිතුමන්ගේ රූප ඇතුලත් නොකළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, අධිකරණයට අපහාස කිරීම පිළිබඳ කාර්ය පටිපාටිය විධිමත් කිරීමට නව නීති සකස් කිරීම, සියලු දෙනාටම සමාන සාධාරණත්වයක් සහතික කරනු වස් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් සහ උද්දීප්තිමත් නිදහස් මාධ්‍යයක් පවත්වාගෙන යාම සඳහා අධිකරණයට අපහාස කිරීම පිළිබඳ කාර්ය පටිපාටිය විධිමත් කිරීමට නව නීති සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, මහජන යහපත උදෙසා නඩුකරණයට නීති හඳුන්වාදීම, දිළිඳු ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම, රාජ්‍ය ප්‍රතිපත්ති වල අඩංගු දේ හෝ ඒවායේ බලපෑම, පොදු කටයුතු ඉටු කිරීමට නාගරික අධිකාරයන්ට බලපෑම් කිරීම, ආගමික අයිතිවාසිකම් හෝ අනෙකුත් මුලික අයිතිවාසිකම් කඩවීම සහ අධික මහජන ණය හා පුරවැසියන් අතිරේක වගකීම් වලට යොමු කැරෙන දූෂණය යන කරුණු සම්බන්ධයෙන් මහජන යහපත උදෙසා නඩුකරණයට නීති හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, දේශපාලන පක්ෂ විසින් මැතිවරණ කොමිෂන් සභාවට මූල්‍ය විගණන වාර්තාවක් ඉදිරිපත් කිරීම, සියලුම පිළිගත් දේශපාලන පක්ෂ විසින් උපයාගත් ආදායම් හා දැරූ වියදම් විගණනයට භාජනය කළ යුතු හා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් පැමිණවීම, රජයේ උසස් නිලධරයන් තම ස්වාධීන නිලය දේශපාලනීකරණය කරන්නේ නම් හා අයථා ලෙස යොදා ගන්නේ නම්, එයින් වැරදිකරුවන් බව ඔප්පු වූ වහාම ඔවුන්ට දඬුවම් පැමිණවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම, රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු හැටපහ දක්වා වැඩි කළ යුතු යැයිද, ව්‍යවස්ථාදායකය විසින් නිර්දේශ කරනු ලැබුවහොත් විශේෂ කුසලතා ඇති නිලධාරීන් සඳහා එය අවුරුදු හැත්තෑව දක්වා දීර්ඝ කළ හැකි යැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, අධ්‍යාපනය ආරක්ෂා කිරීම සඳහා තත්ත්ව ආරක්ෂණ සභාවක් ස්ථාපිත කිරීම, වගකීමකින් තොරව විශ්වවිද්‍යාල නාමයන් භාවිත කරමින් ශ්‍රී ලංකා ව තුළ විශාල වශයෙන් අධ්‍යාපනික ආයතන බිහිවෙමින් පවතින නිසා, අධ්‍යාපනය අනාගත පරම්පරාව සඳහා ආරක්ෂා කර දීම උදෙසා “තත්ත්ව ආරක්ෂණ සභාවක්” නීතිමය වශයෙන් වහා ස්ථාපිත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, “විශේෂ නඩු පවරන නිලධාරී” නමැති තනතුරක් ඇති කිරීම, රාජ්‍ය සේවය දේශපාලන බලපෑම් වලින් තොර බවට සහතික කරනු වස්, ආයතනවල ගුණාත්මකභාවයට බලපාන ලෙස සිදු කළ අයථා පරිහරණයන්, දූෂණයන් හෝ අකාර්යක්ෂමතාවයන් පිළිබඳ සිද්ධීන්, ස්වාධීන කොමිසම්, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මගින් වාර්තා කළ වහාම ඒ සම්බන්ධ පැමිණිලි මෙහෙයවන, පාර්ලිමේන්තුවට සෘජුවම වාර්තා කරනු ලබන තනතුරක්, “විශේෂ නඩු පවරන නිලධාරී” නමින් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, උද්ධමනයට ගැලපෙන සේ සේවා නියුක්තිකයන්ට දීමනාවක් ගෙවීම, රාජ්‍ය ආයතන විසින් පරිපාලනය කරනු ලබන සේවා නියුක්තිකයන්ගේ අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ගෙවීමේ දී එක් එක් වර්ෂයේ උද්ධමනය ප්‍රමාණයට වඩා දීමනාවක් සේවා නියුක්තිකයන්ට ලබා දීමට සහතික විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, ජේ‍යෂ්ඨ පුරවැසියන්ට නොමිලේ ගමන් පහසුකම් සැලසීම, සියලුම ජේ‍යෂ්ඨ පුරවැසියන්ට පොදු ගමනාගමන සේවාවන්වල නොමිලේ ගමන් පහසුකම් සලසා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, අර්බුද සමථ මධ්‍යස්ථානයක් පිහිටුවීම, සාමය කඩවීම වැනි ජාතික ප්‍රශ්නයක් ඇති ශ්‍රී ලංකාව බහු ජාතික හා බහු ආගමික රටක් වන හෙයින්, ශ්‍රී ලංකා ව තුළ, කලාපය තුළ හා සමස්ත වශයෙන් ලෝකයේම එවැනි ප්‍රශ්න විසදීම සඳහා බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු හා ඉස්ලාම් ආගම්වල ශක්තිය ප්‍රයෝජනයට ගනිමින් අර්බුද සමථ මධ්‍යස්ථානයක් පිහිටු විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, විශ්‍රාමික පාරිතෝෂික මුදල් ප්‍රමාදයකින් තොරව ලබා දීම, මෙතෙක් විශ්‍රාමික පාරිතෝෂික මුදල් ලබා නොදුන් විශ්‍රාමිකයින්ට එම විශ්‍රාමික පාරිතෝෂික මුදල් ප්‍රමාදයකින් තොරව ලබා දීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, ජාතික ප්‍රතිපත්ති සැලසුම් සභාවක් පත් කිරීම, ක්‍රමවත් ජාතික ප්‍රතිපත්ති හා සැලසුම් නිර්මාණය කිරීම සඳහා දේශපාලනඥයන්ගෙන් හා විෂය බද්ධ වෘත්තීයවේදීන්ගෙන් සමන්විත ආණ්ඩු මාරුවීම් අනුව වෙනස් නොවන නිශ්චිත බලයක් සහිතවූත් ජාතික ප්‍රතිපත්ති සැලසුම් සභාවක් පත්කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, විදේශ රැකියා නියුක්තිකයන්ගේ ගැටලු නිරාකරණය කිරීම සඳහා නීතිමය බලතල සහිත ඒකකයක් පිහිටුවීම, විදේශ රැකියාවන්හි නියුක්ත වූවන්ට සිදුවන පහරදීම්, පැහැරගෙන යෑම්, ස්ත්‍රී දූෂණ, ලිංගික අපචාරයෙහි යෙදවීම්, මිනීමැරීම් හා විදේශගත වීමේදී සිදුවන මුදල් වංචා කිරීම් හා විදේශගත වී අනාථ වූවන් නැවත ගෙන්වා ගැනීම හා ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සොයා බැලිය හැකි නීතිමය බලතල ඇති ඒකකයක් පිහිටුවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, නව නිපැයුම්කරුවන් ලෝකයට හඳුන්වා දීම සඳහා ජාතික වැඩ පිළිවෙළක් සකස් කිරීම, නව නිපැයුම්කරුවන් සහ විවිධ දක්ෂතා ඇති පුරවැසියන් ලෝකයට හඳුන්වාදීම සඳහා ද ඔවුන් සතු දක්ෂතා හා එකී නිර්මාණ දියුණු කර ගැනීම සඳහා ද ජාතික වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, දේශීය අමු ද්‍රව්‍ය යොදා ගන්නා කර්මාන්තකරුවන්ට බදු සහන ලබා දීම, සම්පූර්ණයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොල සඳහා ඉලක්ක කර ගනිමින් දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් භාණ්ඩ නිපදවන දේශීය කර්මාන්තකරුවන්ට අවුරුදු දෙකක බදු සහන කාලයක් ලබා යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, වතුකර ජනතාවට පුරවැසිකම් ලබාදීම, වතුකරයේ ශ්‍රී ලංකා පුරවැසිකම නොමැති සියලු ජන කොට්ඨාසවලට ඔවුන්ගේ කැමැත්ත මත පුරවැසිභාවය ලබා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, දිවයිනේ ප්‍රාථමික පාසල් දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක් ලබා දීම, දිවයිනේ සියලු ප්‍රාථමික පාසල් දරුවන්ට උදෑසන නොමිලයේ කිරි වීදුරුවක් ලබා දීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්ති භාරකාර අරමුදල් සතියක් ඇතුළත ඉල්ලුම්කරුවන්ට ලබා දීම, සේවක අර්ථ සාධක අරමුදල් හා සේවා නියුක්ති භාරකාර අරමුදල් සතියක් ඇතුළත ඉල්ලුම්කරුවන්ට ලබා දිය හැකි වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, පාසල් ළමුන් සඳහා නිදහස් වාර ගමන් ප්‍රවේශ පත්‍ර ලබා දීම, පාසල් ළමුන්ට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ බස් රථවල ගමන් කිරීම සඳහා නිදහස් වාර ප්‍රවේශපත් ක්‍රමයක් හඳුන්වාදීමට මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, ක්‍රීඩා පාසල් ඉදිකිරීම හා ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සකස් කිරීම, දිගුකාලීන ඉලක්කයක් සහිත ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් හා වැඩ පිළිවෙළක් සකස් කිරීම උදෙසා මූලික වශයෙන් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක්‍රීඩාගාර, පිට්ටනි, උපකරණ හා ක්‍රීඩා උප්‍රදේශකයන්ගෙන් සමන්විත උසස් ගණයේ ක්‍රීඩා පාසල් ඉදි කිරීමටත් ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සකස් කිරීමටත් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, ජාතික භාෂා අධ්‍යාපන මණ්ඩපයක් පිහිටුවීම, ගුරුවරුන්ට සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම සඳහා ජාතික භාෂා අධ්‍යාපන මණ්ඩපයක් ස්ථාපිත කිරීමට මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, රාජ්‍ය තොරතුරු නිදහස්ව ලබා ගැනීම සඳහා නීති සම්පාදනය කිරීම, රජයේ විනිවිදභාවය පවත්වා ගැනීම සඳහා ද, මහජනතාවට සියලු රාජ්‍ය තොරතුරු නිදහස්ව ලබා ගැනීමේ අයිතිය උදෙසා ද පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, ශ්‍රී ලාංකිකයින්ට වඩා යහපත් සෞඛ්‍ය අවස්ථාවන් සලසා දීම, ජනතාවගෙන් විශාල පිරිසකට හදවත් සැත්කම් කිරීම අවශ්‍යව ඇති හෙයින්, ශ්‍රී ලාංකිකයන්ට වඩා හොඳ සෞඛ්‍ය අවස්ථාවන් සලසා දිය යුතු යැයි ද, ඒ සඳහා පෞද්ගලික අංශයේ සේවකයින්ට සේවක අර්ථසාධක අරමුදල හෝ සේවක භාරකාර අරමුදල හරහා නොමිලයේ පහසුකම් සලසා දිය යුතුයැයි ද, රජයේ සේවකයන් හෝ සේවා වියුක්තිකයන් සඳහා සම්පූර්ණ වියදම රජය විසින් ජනාධිපති අරමුදල හරහා සැපයිය යුතුයැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, ලෝක පරිසරය ආරක්ෂා කිරීම, ශ්‍රී ලංකාව, ලෝක පරිසරය ආරක්ෂා කිරීම කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතු අතරම ගෝලීය උණුසුම වැළැක්වීමට විශේෂයෙන් පියවර ගතයුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, පාර්ලිමේන්තුවේ වැඩකටයුතු විකාශනය කිරීම, රූපවාහිනිය හෝ අන්තර්ජාලය හරහා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සජීවිව හෝ පරීක්ෂිතව විකාශනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, එතෙර ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර දීම, එතෙර ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරි මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, විද්‍යූත් ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් හඳුන්වාදීම, යල්පැන ගිය වර්තමාන ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය වෙනුවට විද්‍යූත් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු අජිත් කුමාර මහතා, ගාලු කොටුව හා ඒ ආශ්‍රිත ඓතිහාසික හා පුරා විද්‍යාත්මක උරුමයන් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම හා නිසි ප්‍රයෝජන ලබා ගැනීමට කටයුතු කිරීම, සංචාරක කර්මාන්තයේ ඉතා වැදගත් මධ්‍යස්ථානයක් වූ ද, ඓතිහාසික හා පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු වූ ද, ලෝක උරුමයක් ලෙස සැලකෙන ගාලු කොටුපවුර, ගාලු කොටුව ඇතුළත හා ගාලු කොටුව ආශ්‍රිතව ඇති ඓතිහාසික හා පුරා විද්‍යාත්මක උරුමයන් ආරක්ෂා කිරීමටත්, ප්‍රවර්ධනය කිරීමටත්, ඒ හා සම්බන්ධ රාජ්‍ය ආයතන හා ජන සහභාගීත්වය ඇතිව විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කරමින් අප රටට මෙම ඓතිහාසික උරුමයේ නිසි ප්‍රයෝජන ලබා ගැනීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, ඡන්ද හිමි නාම ලේඛනය නිරතුරුව යාවත්කාලීන කිරීම, ඡන්ද හිමි නාම ලේඛනය මුළු වර්ෂයෙන්ම දින තිහක කාලයක් සඳහා පමණක් යාවත්කාලීන වන ලයිස්තුවක් නොව නිරතුරුවම යාවත් කාලීන වන විවෘත ලැයිස්තුවක් විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, විදේශ රැකියාවල නියුතු අය සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබාදීම, විදේශ ගතවී ඉතා අපහසුවෙන් උපයාගත් ධනය ශ්‍රි ලංකාවේ ධන සම්පත්තිය වැඩිකිරීම සඳහා එවන විදේශ රැකියාවල නියුතු අය ඇගයීම පිණිස විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබා දීම සඳහා පියවර ගතයුතු බව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, සේවයේ සිටි සන්නද්ධ සේනාවන් සඳහා විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වසර පහක සේවා කාලය සම්පූර්ණවු පසු විශ්‍රාම වැටුප් ලැබීමට සුදුසුකම් ලබන බැවින් සන්නද්ධ සේනාවන්වල කාලය සම්පූර්ණ නොකළද පෙර ක්‍රියාකාරී සේවයේ යෙදී සිටි යුධ සෙබළුන්ට ද විශ්‍රාම වැටුප් ලබා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, දුබල හා එහා මෙහා යා නොහැකි පුද්ගලයන් සඳහා විශේෂ සැලසුම් හදුන්වාදීම, නීතියේ සඳහන් වන පරිදි දුබල හා එහා මෙහා යා නොහැකි පුද්ගලයන්ගේ පහසුව තහවුරු කිරීමට හා ඔවුන් සතු ඵලදායීතාව වර්ධනය කිරීම සඳහාත් ඔවුන් අනවශ්‍ය ලෙස අනුන් මත යැපීම අවම කිරීම සඳහාත් සියලු නව රජයේ ගොඩනැගිලිවල විශේෂිත සැලසුම් ක්‍රමයක් ඇතිකළ යුතු බව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම, ලියාපදිංචිවූවද ඡන්දය ප්‍රකාශකිරීමට අවස්ථාව නොලැබුනු ඡන්දදායකයන් බොහෝ සංඛ්‍යාවක් සිටින බැවින් වයස අවුරුදු දහඅටට වැඩි සියලුම පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දිය යුතු බව සහ ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන්වූ නමුත් ඡන්දය ප්‍රකාශ නොකරන පුද්ගලයන්ගෙන් දඩ මුදලක් අයකළ යුතුබව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, දුෂණයෙන් තොර ලෝකයක් තහවුරු කිරීම. දූෂණය මුලින් උපුටා දැමීම සඳහා ලෝකයේ පාර්ලිමේන්තු සංවිධාන සමඟ එක්වී ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතු බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, මුළාවට ලක්වු තැන්පත්කරුවන්ට තම මුදල් නැවත ගෙවීම, ව්‍යාජ මූල්‍ය ආයතනවල තම මුදල් තැන්පත්කර එමඟින් මුළාවට ලක්වූ බොහෝ දෙනෙක් සිටින බැවින් හා පසුගිය මැතිවරණ ව්‍යපාරයේදී මෙම රජය විසින් තැන්පත්කරුවන් සහ මූල්‍ය ආයතනවලට ඔවුන්ගේ හිඟ මුදල් නැවත ගෙවීමට පොරොන්දුවී ඇති බැවින්, මහ බැංකුව මෙම ආයතනවල භාරකරු හෙයින් වඩා කාර්යක්ෂම ලෙස කටයුතු කළ යුතු බවත්, තැන්පත්කරුවන්ට තම හිඟ මුදල ලබා දීමට රජය ඉදිරිපත් විය යුතු බවත්, මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, සාමවිනිසුරු තනතුරු ලබා දීමේ දී විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම, මුළු මහත් සමාජයම පොදුවේ පිළිගනු ලබන සහ සමාජයට විශාල සේවාවක් සපයනු ලබන තනතුරක් වන සාමවිනිසුරු තනතුරු ලබා දීමේදී ඒ සඳහා සුදුසු නිර්නායක පදනම් කොට ගෙන එම තනතුරු ලබා නොදීම නිසා එම තනතුරෙහි ගෞරවය හා පොදු පිළිගැනීම ක්‍රමයෙන් හීන වන බැවින් ඒ සඳහා පොදුවේ පිලිගත හැකි නිර්නායක පදනම් කර ගන්නා වූ ක්‍රමවේදයක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, සුනාමි ඛේදවාචකයෙන් ඇතිවූ ගැටලු විසඳීම, සුනාමි ඛේදවාචකය හේතුවෙන් කුමන හෝ ආකාරයේ ගැටලුවකට මුහුණ දී මේ වන තෙක් නොවිසඳී පවතින ගැටලු තිබේ නම්, ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් කොට්ඨාස මට්ටමින් සොයා බලා ඔවුන් මුහුණ දී ඇති හා දැනටත් මුහුණ දෙනු ලබන ගැටලු අවම කිරීම සඳහා කාර්යක්ෂම වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, ගෘහස්ථ ශ්‍රමිකයින් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම, ශ්‍රී ලංකාවේ විවිධ රැකියා උත්පාදන ක්ෂේත තුළ විවිධ නිෂ්පාදන කටයුතු කරන දසලක්ෂයකට ආසන්න ගෘහස්ථ ශ්‍රමිකයින් සඳහා දේශපාලන බල අධිකාරිය ඒ සඳහා සබැඳි සියලු ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයින්, උගතුන් හා බුද්ධිමතුන්ගෙන් මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හි ද සහාය ලබා ගනිමින් විධිමත් ජාතික ප්‍රතිපත්තියක්සකස් කොට එය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, වී වගා කළ නොහැකි කුඹුරු ඉඩම් ඵලදායි කටයුතු සඳහා යොදා ගැනීම, කුඹුරු ඉඩම් ගොඩකිරීමේ නීතිය උල්ලංඝනය නොවන පරිදි, විධිමත් අධ්‍යයනයකින් හඳුනා ගැනීමෙන් පසු කිසිසේත්ම වී වගා කළ නොහැකි කුඹුරු ඉඩම්වල ඵලදායී කෘෂි නිෂ්පාදන පමණක් වගා කිරීමටත් ,ඉදිකිරීම් කටයුතු සඳහා කිසිසේත්ම ඉඩ ප්‍රස්ථා නොලැබෙන ආකාරයේ වැඩසටහන් සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, රාජ්‍ය සේවයේ විශ්‍රාමකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම, වැටුප් ප්‍රතිශෝධන චක්‍ර ලේඛයට අනුව දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පරිවර්තනය කිරීම නිසා දිනට පෙර විශ්‍රාම ගිය සහ ඉන්පසු විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් අතර දැඩි වැටුප් විෂමතාවක් පවතින බැවින් එය ඉවත් කිරීමට ජාතික වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, දිස්ත්‍රික් මට්ටමින් තොරතුරු මධ්‍යස්ථාන ඇති කිරීම, භූගෝලීය පිහිටීම, ඓතිහාසික පසුබිම, වගාකරන භෝග වර්ග, මාර්ග පද්ධතිය, රජයේ කාර්යාල, පාසල්, විශ්වවිද්‍යාල, දුම්රිය ස්ථාන සහ බස් නැවතුම් පොළවල් ආදි සියලුම තොරතුරු පරිගණක ගත කරන ලද හා ලේඛන ගත කරන ලද තොරතුරු මධ්‍යස්ථාන ඇති කිරීමටත්, එහි පළමු පියවරේදී පළාත් මට්ටමින්, දෙවැනි පියවර ලෙස දිස්ත්‍රික් මට්ටමින් සහ තෙවැනි පියවර ලෙස ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් මෙම මධ්‍යස්ථාන ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, ශ්‍රී ලංකාවේ දහම් පාසල් අධ්‍යාපනය හා පරිපාලනය විධිමත් කිරීම, ශ්‍රී ලංකාවේ සියලුම ආගම්වල දහම් පාසල් අධ්‍යාපනය හා පරිපාලනය වඩාත් විධිමත් කිරීමට සහ බෞද්ධ දහම් පාසල් තුළ පවත්නා දහම් අවසාන හා ධර්මාචාර්ය විභාග මෙන්ම සියලුම ආගම්වල දහම් පාසල් තුළ පැවැත්වෙන ඒ හා සමාන විභාග සහතික පත්‍ර සඳහා නිසි පිළිගැනීමක් ලබා දීමට, දහම් පාසල් සඳහා අඛණ්ඩව මානව සම්පත් හා භෞතික සම්පත් ලබා දීමෙන් දහම් පාසල් සඳහා පැමිණෙන සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමට කඩිනම් වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, සුනඛයින්, බළලුන් වැනි සුරතල් සතුන් ඇති කිරීම සම්බන්ධ නීති සම්පාදනය, නිවෙස්වල හෝ අලෙවි කිරීම සඳහා ඇති කරන සුනඛයින්, බළලුන් වැනි සුරතල් සතුන් පළාත් පාලන ආයතනවල ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ යුතු අතර, එම සතුන්ගේ පැටවුන් අලෙවි කිරීම නීත්‍යානුකූලව අවසර ලත් මධ්‍යස්ථානවලදී පමණක් සිදු කළ යුතු බවත්, එසේ නොවන ස්ථානවල ඇති කරන ගැහැණු සතුන් අනිවාර්යයෙන්ම වන්ද්‍යාකරණයට ලක් කිරීමටත්, අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, රැකියා වෙළඳපොළට අවශ්‍ය ශ්‍රමිකයින් පුහුණු කිරීම , අනාගත ශ්‍රී ලංකා වේ බිහිවන නව රැකියා අවස්ථා සඳහා අවශ්‍ය ශ්‍රමිකයින් පුහුණු කිරීමේ ක්‍රමවේදයකට මුල පිරීමේ කාර්යය වඩාත් කාර්යක්ෂම ලෙස රට තුළ පවත්නා සියලුම තෘතීක අධ්‍යාපන ආයතන මගින් ආරම්භ කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, රාජ්‍ය පරිපාලන ව්‍යූහය ප්‍රතිසංවිධානයකිරීම, දැනටරාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ග්‍රාම නිලධාරී වසම් යළි සීමා නිර්ණය කිරීම සඳහා කටයුතු කරගෙන යමින් සිටින බැවින් එසේ සීමා නිර්ණය කරනු ලබන ග්‍රාම නිලධාරී වසම් තුළින් නව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සීමා සහ නව දිස්ත්‍රික් සීමා නිර්ණය කළ යුතු බවත්, මෙසේ නිර්ණය කරනු ලබන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය පළාත් පාලන ආයතන බල ප්‍රදේශය බවට පත්කළ යුතු අතර එකී බල ප්‍රදේශයට කොට්ඨාස අධ්‍යාපන බල ප්‍රදේශය, පොලිස් බල ප්‍රදේශය, ගොවිජන සේවා බල ප්‍රදේශය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරී බල ප්‍රදේශය ඇතුළු සියලු රාජ්‍ය ආයතනයන්හි බල ප්‍රදේශ සීමා සංයුක්ත වන පරිදි සමස්ත රාජ්‍ය ව්‍යූහයම ප්‍රතිසංවිධානය විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, නිල්වලා ගඟ ව්‍යාපාරයේ ඉදිරි සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීම, මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ව්‍යාපාරයේ සංවර්ධන කටයුතු අතර මග ඇන හිටීමෙන් එම මිටියාවතේ පෝෂක ප්‍රදේශයන්හි භව භෝග වගා කරන ජනතාවට මුහුණ පෑමට සිදුවී ඇති ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගත යුතු බවත්, නිල්වලා ගඟ ව්‍යාපාරයේ ඉදිරි සංවර්ධන කටයුතු කඩිනමින් යළි ආරම්භ කළ යුතු බවත් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයිනගේ නිල කාලයට පසුද සාමවිනිසුරු පදවිය ලබාදීම, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ට දෙනු ලබන සාමවිනිසුරු තනතුරු ඔවුන්ගේ නිල කාලයට පමණක් සීමාවන බැවින්, නිල කාලයෙන් පසුවත් ඔවුන්ගෙන් එම සේවාව ලබා ගැනීම සඳහා පැමිණෙන විශාල පිරිසක් අපහසුතාවයට පත්වන බැවින්, එම මහජන නියෝජිතයන්ට තම නිල කාලයෙන් පසුවත්, සාම විනිසුරු තනතුරු ලබා දීම සඳහා සුදුසු වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, සියලුම පළාත් සභා ජනතා නියෝජිතයන්ගේ දීමනා හා වරපසාද පිළිබදව නැවත සලකා බැලීම, දිවයිනේ දැනට ක්‍රියාත්මක වන පළාත් සභා හා ඉදිරියේදී විධිමත්ව ක්‍රියාත්මකවීමට නියමිත උතුරු පළාත් සභාවේ ගරු අමාත්‍යවරුන්, සභාපතිවරුන්, උපසභාපතිවරුන්, ආණ්ඩු පාර්ශ්වයේ සංවිධායකවරුන්, සභා නායකවරුන්, විරුද්ධ පාර්ශ්වයේ නායකවරුන්, විරුද්ධ පාර්ශවයේ පධාන සංවිධායකවරුන් සහ ගරු මන්තීවරුන්ගේ දීමනා, වරපසාද හා පහසුකම් ක්‍රමවත් තත්වයක නොපවතින බැවින් මේ පිළිබදව ගැඹුරින් සලකා බලා ඒ සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, පළාත් පාලන ආයතන වල සියලුම මහජන නියෝජිතයින්ගේ දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීම, දිවයිනේ ක්‍රියාත්මක වන හා ඉදිරියේදී ක්‍රියාත්මකවීමට නියමිත සියලුම මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභාවන්හි පුරපතිවරයන්, නගරාධිපතිවරයන්, සහාපතිවරයන්, නියෝජ්‍ය පුරපතිවරයන්, නියෝජ්‍ය නගරාධිපතිවරයන්, උප සභාපතිවරුන්, විපක්ෂනායකවරයන් හා මන්තීවරයන්ගේ දීමනා, වරපසාද සහ අනෙකුත් පහසුකම් ක්‍රමවත් තත්වයක නොපවතින බැවින් මේ පිළිබඳව ගැඹුරින් සලකා බලා ඒ සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, උතුරු නැගෙනහිර අතුරුදහන් වූ දෙමළ ජනතාවට මරණ සහතික ලබා දීම, උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද්ධය පැවති පසුගිය දශක තුනක පමණ කාලය තුළ විවිධ හේතූන් නිසා අතුරුදහන් වී ඇති පුද්ගලයන් මේ වන විට ජීවතුන් අතර සීටී ද නැද්ද යන්න කඩිනමින් පරීක්ෂණ පවත්වා ඔවුන් ජීවතුන් අතර නොමැති නම් ඔවුන් සදහා මරණ සහතික ලබා දිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, ජාතික තරුණ ප්‍රතිපත්තියක් සකස් කිරීම, සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත විශේෂ කාරක සභාවක් පත්කොට ශ්‍රී ලංකාවට යෝග්‍යවූ ජාතික තරුණ ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ කළ යුතුයැයි ද, ඒ සඳහා ඒ හා සබැඳි සියලු ක්ෂේත්‍රයන් නියෝජනය වන පරිදි පවීණයන්, උගතුන් හා බුද්ධිමතුන්ගෙන් මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හි සහාය ලබා ගත යුතුයැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, රජයේ පාසල් හා විශ්වවිද්‍යාල නිවාඩු දිනවලදී එම මධ්‍යස්ථාන අධ්‍යාපන ඒකක සඳහා ලබාදීම, රජයේ පාසල් නිවාඩු කාලයේදී සහ සවස් වරුවලත් විශ්වවිද්‍යාල නිවාඩු දිනවලත් එම මධ්‍යස්ථාන මුල් කොට ගෙන ව්‍යාපාරික ප්‍රජාව, රාජ්‍ය නොවන සංවිධාන, වාණිජ මණ්ඩල, ප්‍රජා මූල සංවිධාන සම්බන්ධ කර ගන්නා වූ පුළුල් වැඩ පිළිවෙළක් වශයෙන් වැඩිහිටි හා නොවිධිමත් අධ්‍යාපන ඒකක සහනදායී ගාස්තු පදනමක් මත ආරම්භකළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, පුරප්පාඩු වන ග්‍රාම නිලධාරී තනතුරු වල වැඩ බැලීමේ පත්වීම් සඳහා කාර්යක්ෂම වැඩ පිළිවෙළක් සකස් කිරීම, ග්‍රාම නිලධාරී තනතුරක පුරප්පාඩු ඇති වූ විට ආසන්න ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයා වැඩ බැලීම සඳහා පත් කරනු ලබන්නේ ඉතා සුළු දීමනාවක් යටතේ බැවින් ද, මෙම වැඩ බැලීමේ පත්වීම් තුළින් ග්‍රාම නිලධාරී වසම් දෙකෙහිම කාර්යක්ෂමතාව බිඳ වැටෙන බැවින්ද, එම තත්වය මග හරවා ගැනීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ග්‍රාම නිලධාරී සංචිතයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ පිහිටුවිය යුතු අතර පුරප්පාඩු සිදුවන වසම සඳහා එකී සංචිතය තුළින් ග්‍රාම නිලධාරීන් පත් කිරීම සහ එම සංචිතය තුළ සිටින ග්‍රාම නිලධාරීන්ට ප්‍රාදේශීය ලේකම් විසින් පවරනු ලබන වෙනත් ඵලදායී ක්ෂේත්‍ර හෝ රාජකාරී සඳහා යෙදවීමේ වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, වර්තමානයේ ක්‍රියාත්මක වන සිවිල් ආරක්ෂක කමිටුවලට නිල පිළිගැනීමක් ලබා දීම, සෑම ග්‍රාම නිලධාරී වසමකම පිහිටා ඇති ආගමික සිද්ධස්ථානයන්හි නායක ස්වාමීන්වහන්සේ, පූජකතුමා, විදුහල්පතිතුමා, ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ සහකාරවරයා, ජන සභා ලේකම්වරු, ප්‍රදේශයේ පොලිස් ස්ථානය නියෝජනය කරන නිලධාරියකු සහ එම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ස්වේච්ඡා සංවිධාන, රාජ්‍ය හා පෞද්ගලික අංශ වල සේවය කරන අදාළ වසමේ පදිංචිව සිටින නියෝජිතයින්ගෙන් සමන්විත සිවිල් ආරක්ෂක කමිටු ගොඩනැගීමට වඩාත් පහසුවීම සඳහා වර්තමාන සිවිල් ආරක්ෂක කමිටුවලට නිල පිළිගැනීමක් ලබා දිය හැකි පරිදි පාර්ලිමේන්තු පනතක් සම්මත කළ යුතු යැයි ද, ඒ තුළින් ග්‍රාම නිලධාරී වසම තුළ සිදුවන අපරාධ හා දුරාචාර, නීති විරෝධී කටයුතු පිළිබද අදාළ අංශ සමඟ මනා සම්බන්ධීකරණයක් ගොඩනැගීමට හැකි වන පරිදි අදාළ නීති සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, දිවයින තුළ දැනට ක්‍රියාත්මක වන යල් පැන ගිය නීති අණපනත් යාවත්කාලීන කිරීම, ශ්‍රී ලංකා වේ මේ වනවිටත් අධිරාජ්‍යවාදී යුගයේදී හඳුන්වාදෙන ලද නීති අණපනත් ක්‍රියාත්මකවන බැවින් එම නීති අණපනත් යළි අධ්‍යනය කිරීමේ කමිටු පත්කර, යල් පැනගිය දඬුවම්, දඩ මුදල් ආදිය යාවත්කාලීන කිරීමේ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, සියලු මැතිවරණ එකම දිනක පැවැත්වීම, ශ්‍රී ලංකාව තුළ සෑම වසරකදීම කිසියම් මැතිවරණයක් පවත්වා ඇති අතර, එසේ මැතිවරණ පැවැත්වීම ජනතා මතය සලකා බැලීම සඳහා වටිනා නිර්ණායකයක් වුවද, මේ තුළින් රටේ ආර්ථිකය, පරිපාලනය ආදි සෑම ක්ෂේත්‍රයකටම දැඩි බලපෑමක් ඇති කරන බැවින් පළාත් පාලන මැතිවරණ, මහා මැතිවරණ සහ ජනාධිපතිවරණය එකම දිනයකදී පැවැත්වීමට හැකි වන පරිදි එකී ආයතනවල නිල කාලය සංශෝධනය කිරීමටත්, ගැලපෙන මැතිවරණ ක්‍රමවේදයක් නිර්මාණය කිරීමටත් සුදුසු පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, පාර්ලිමේන්තු ප්‍රජාතන්තවාදය ශක්තිමත් කිරීමට කටයුතු කිරීම, රට තුළ ප්‍රජාතන්තවාදය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව පාර්ලිමේන්තුව හා පළාත් සභා අතරත්, පළාත් සභා හා පළාත් පාලන ආයතන අතරත් මනා සම්බන්ධීකරණයක් පවත්වා ගෙන යාම අත්‍යාවශ්‍ය වන අතර ඒ සඳහා පළාත් පාලන ආයතන ප්‍රධානීන්, පළාත් සභා තුළ නියෝජනයවීම සහතිකවනු පිණිස ද, පළාත් සභා ප්‍රධානීන් පාර්ලිමේන්තුව තුළ නියෝජනය වීම සහතිකවනු පිණිසද ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, ජාතික ඒකාග්‍රතාව ඇති කිරීමට පියවර ගැනීම, ජාතික ඒකාග්‍රතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දෙමළ භාෂාව කථා කරන ජනතාව ජීවත් වන ප්‍රදේශවල සිංහල භාෂා පුහුණු වැඩ සටහන් ද, සිංහල භාෂාව කථා කරන ජනතාව ජීවත් වන ප්‍රදේශවල දෙමළ භාෂා පුහුණු වැඩසටහන් ද, රාජ්‍ය, රාජ්‍ය නොවන හා පෞද්ගලික ආයතනයන්හි සහයෙන් ක්‍රියාත්මක විය යුතු අතර රාජ්‍ය හා පෞද්ගලික විද්‍යූත් මෙන්ම මුදිත මාධ්‍ය ආයතනවල සහයෝගය ලබාගනිමින් මෙම පුහුණු වැඩ සටහන් ආරම්භ කිරීම සඳහා ජාතික වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, කලත්‍රයාගේ නොමනා කියා නිසා අසරණභාවයට පත්වන පාර්ශවයට සහන සලසා දීම, විවාහක අඹුසැමි යුවලක් එකම වහලක් යට ජීවත්ව සිටින අවස්ථාවලදී පුරුෂයා හෝ බිරිඳ සුරාව, සූදුව සහ වෙනත් අපචාරී කටයුතුවල යෙදෙමින් ඉඩම් හෝ ගේ දොර බඩු මුට්ටු තම පෞද්ගලික අභිමතය පරිදි විකුණමින් හෝ අන් අයට පවරමින් හැසිරීම නිසාවෙන් අනෙක් පාර්ශවයත් සමඟ දරුවන් දැඩි අසරණභාවයට පත් වන අවස්ථාවලදී එම තත්වය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, චර්යා ධර්ම පිළිබඳ කාරක සභා ඇතිකිරීම, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්වාසවන්තභාවය හා ඔවුන් තුළ උසස් ආචාර ධර්ම පවත්වාගෙන යාමේ අවශ්‍යතාව නිසා ඒ පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා චර්යා ධර්ම පිළිබඳ කාරක සභාවක් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, නව ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පතක් නිකුත් කිරීම, පරිපාලනය පහසු කිරිම, අපරාධ මැඩලීම සඳහා හා වෙනත් වංචනික කියාවලට යොමුවීම අවමකිරීම සඳහා අදාළ පුද්ගලයාගේ රුධිර ගණය, බැංකු ගිණුම්, ක්‍රෙඩිට් කාඩ්, අධ්‍යාපන සුදුසුකම්, රියදුරු බලපත්‍ර හා විදේශ ගමන් බලපත්‍ර අංක ආදී වැදගත් හා අවශ්‍ය තොරතුරු ඇතුළත් නව ඉලෙක්ට්‍රොනික අංකයක් සහිත ජාතික හැඳුනුම්පතක් නිකුත් කළ යුතු බවත් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයන්හි ජීවත්වන සියලු දෙනාගේ තොරතුරු ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් පරිගණකගත කිරීම කඩිනමින් කළ යුතු බවත් එම තොරතුරු වරින්වර යාවත්කාලීන කළයුතු බවත් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, කාන්තා පොලිස් නිලධාරීන්ට ද අවුරුදු විස්සක සේවා කාලයකින් පසු විශ්‍රාම යාමට අවස්ථාව ලබාදීම, පොලිස් දෙපාර්තුමේන්තුවේ කාන්තා පොලිස් නිලධාරිනියන් සඳහා වන විසි වසරක සේවා කාලයකින් පසු ස්ව කැමැත්තෙන් විශ්‍රාමයාමේ හැකියාව, පොලිස් නිලධාරීන් සඳහා ද අදාළ වියයුතු යැයි ද ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුයැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, රෙගුලාසි ඉවත් කිරීමේ කාරක සභා ඇති කිරීම , රෙගුලාසි තැනීම මෙන්ම රෙගුලාසි ඉවත් කිරීමද නිතර සිදුවන ක්‍රියාවලියක් බැවින් කල්පැන ගිය රෙගුලාසි ඉවත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා රෙගුලාසි ඉවත් කිරීමේ කාරක සභා ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, සිවිල් ආරක්ෂක බලකායට අයත් නිලධාරීන්/ නිලධාරිනියන් සේවයේ ස්ථිර කිරීම, සිවිල් ආරක්ෂක බලකායට අයත් නිලධාරීන් හා නිලධාරිනියන් සඳහා ද රජයේ අනෙකුත් ආරක්ෂක අංශවල සේවයේ නියුතු නිලධාරීන් හා නිලධාරිනියන්ට මෙන් වැටුප්, දීමනා, ස්ථිර සේවය සහ විශ්‍රාම වැටුප් සහිත රජයේ වෙනත් දෙපාර්තුමේන්තුවල මෙන් පිළිගත් නිල තත්ත්වයක් ලබාදිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, සහතික වීම පිලිබඳ කාරක සභා ඇති කිරීම, පාර්ලිමේන්තුවේ අසන ප්‍රශ්නවලට පිළීතුරු වශයෙන් රජය දෙන සහතික හා රජයේ බැඳීම් ඇතැම් විට කඩ වන අවස්ථා දක්නට ලැබෙන බැවින්, රජය සිය වගකීම් ඉටු කරන බවට සහ ඒවා පිළිබඳව වගකියන බවට සහතික වීම සඳහා සහතික වීම පිලිබඳ කාරක සභා ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු. (අල්හාජ්) ඒ.එච්.එම්. අස්වර් මහතා, තල් ගස් වගාව දිරිමත් කිරීම, “කට්පගතරු” යන නමින් හැඳින්වෙන පොදු ජනතාවට ඉමහත් ප්‍රයෝජනවත් වන තල් ගස් වගාව දිරිමත් කිරීමෙන් තල් ආශ්‍රිත නිෂ්පදන ප්‍රවර්ධනයට සියලු පියවර ගත යුතු බව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, දුම්රිය දෙපාර්තුමේන්තුව සතු ඉඩම්වල ඵලදායීතාව වැඩිකර ගැනීම, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව සතු ඉඩම්වල ඇති අනවසර ඉඳිකිරීම් හා අනවසර පදිංචිකරුවන් කඩිනමින් ඉවත්කර නීත්‍යානුකූල ඉඳිකරීම් සමබන්ධ ගිවිසුම් නැවත සමාලෝචනය කිරීමෙන් දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායම් වර්ධනය කළ යුතු අතර, දෙපාර්තමේන්තුවේ සංවර්ධන කටයුතු සඳහා සෘජුවම බල නොපාන්නා වූ ඉඩම් දිගුකාලීන බදු පදනමක් මත පෞද්ගලික අංශයට ලබාදී එම මුදල් දුම්රිය පද්ධතිය නවීකරණය සදහා යොදා ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, යාචකයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසීම, මේ වන විට යාචකයින්ගේ ජීවිතවලට විශාල ලෙස තර්ජන එල්ල වී තිබෙන බැවින් ඔවුන්ගේ ජීවිතවල සුරක්ෂිතතාව රැකදීම උදෙසා, ඔවුන්ට වගා කිරීම සඳහා ඉඩම් ලබා දී ඉන් ලැබෙන ආදායමෙන් ඔවුන්ගේ ජීවිතවල ආරක්ෂාව හා පෝෂණය සහතික කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, අයාලේ යන සුනඛයින්ගෙන් මිනිස් ජීවිතවලට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා ක්‍රමවේදයක් සැකසීම, අයාලේ යන සුනඛයින්ගෙන් මිනිස් ජීවිතවලට සිදුවන හානිය වළක්වා ගැනීමේ අරමුණින්, රජය මගින් භූමි ප්‍රමාණයක් වෙන්කොට එම ස්ථානයට නිදැල්ලේ යන සුනඛයින් ගෙන ගොස් ඔවුන් රැක බලාගැනීම සඳහා සුදුසු වැඩ පිළිවෙලක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, ළමා අපචාර සිද්ධීන් සඳහා දැඩි දඬුවම් පැනවීම, දිවයින පුරා ළමා අපචාර හා අපයෝජනයන් දිනෙන් දින සීඝයෙන් වර්ධනය වීමේ තත්ත්වයක් ඇති වී තිබෙන බැවින් ඒ සම්බන්ධව දැනට පවත්නා නීති රෙගුලාසි ප්‍රමාණවත් නොවන්නේ නම්, නව නීති රෙගුලාසි අලුතින් සම්මත කොට ඉතා කඩිනමින් මේ සම්බන්ධ නඩු විසඳීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා වෙරළ පිවිසුම් මාර්ග ඇති කිරීම, දිවයිනේ වෙරළබඩ කලාපය තුළ සීඝ්‍රයෙන් සිදුවන ඉදිකිරීම් නිසාවෙන් දේශීය, විදේශීය සංචාරකයන්ට මෙන්ම ධීවරයන්ට ද වෙරළ තීරයට පිවිසීමේදී අවහිරතා ඇතිව තිබීම සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට මෙන්ම ධීවර කර්මාන්තයට ද බාධා ගෙන දෙන බැවින් එම තත්ත්වය වළක්වාලීම සඳහා මෙන්ම මෙම ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව වෙරළ පිවිසුම් මාර්ග පද්ධතියක් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම, විදුහල්පති සේවය, ගුරු අධ්‍යාපන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය යන සේවාවල දැඩි වැටුප් විෂමතාවක් පවතින බැවින්, එම තත්ත්වය මඟ හරවා ඔවුන්ගේ ආත්මාභිමානයට සරිලන වැටුපක් ලැබෙන පරිදි වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, බෞද්ධ භික්ෂු අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම, බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ ධර්ම ඥානය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව උන්වහන්සේලාගේ කථන හැකියා, ශ්‍රවණ හැකියා, පරිගණක, මනෝවිද්‍යාත්මක සහ උපදේශනය පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීම උදෙසා දැනට පවත්නා භික්ෂු අධ්‍යාපන ආයතනවලට පරිබාහිරව මෙම කටයුතු සඳහාම වෙන් වූ භික්ෂු අධ්‍යාපන ආයතන ඇති කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, ශ්‍රී ලංකා ව තුළ දැනට ක්‍රියාත්මක වන නොතාරිස් සේවාව යාවත්කාලීන කිරීම, දිවයින තුළ ක්‍රියාත්මක වන නොතාරිස් සේවය යල්පැන ගිය නීතිවලින් සකස් වී ඇති නිසා ඒ පිළිබඳව යළි සලකා බලා වර්තමානයට ගැලපෙන ලෙස නීති හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, වියළි කලාපීය හේන් ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම, වියළි කලාපීය ප්‍රදේශවල හේන් ගොවීන් විසින් වගා කරනු ලබන වී, කුරක්කන්, මුං, තල වැනි වගාවන්හි අස්වැන්න වැඩි කර ගැනීම සහ නිෂ්පාදන සකස් කිරීම සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම තුළින් උසස් ගුණාත්මක තත්ත්වයෙන් යුතු නිෂ්පාදන සකස් කිරීම සඳහාත්, දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළ තුළ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ පදනම ශක්තිමත් කර ගැනීම සඳහාත් සීමිත සමූපකාර සමාගම් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, ගුරු උපදේශක සේවාවක් ඇති කිරීම, ශ්‍රී ලංකා වේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණ ඇතිව මීට වසර විස්සකට පමණ පෙර සිට ආරම්භ වී ක්‍රියාත්මක වන ගුරු උපදේශක තනතුරු වෙනම ගුරු උපදේශක සේවා ඵ්කකයක් ලෙස ස්ථාපනය කල යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රුවන් රණතුංග මහතා, අතුරු බෙදීම් තහනම් නිකුත්කර ඇති රජයේ දීමනා පත්‍ර ඉඩම්වල අතුරු බෙදීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීම, ජය භූමි, ස්වර්ණ භූමි, රත්න භූමි ආදී රජයේ ඉඩම් දීමනා පත්‍රලාභීන්ගේ ඉඩම්වල අතුරු බෙදීම් තහනම් වුවත්, මුල් ඉඩම්ලාභීන්ගේ දෙවන පරම්පරාවේ අයිතිය තහවුරු කිරීමටත්, ඔවුන්ගේ ගේ දොර වතුපිටිවල සංවර්ධන කටයුතු කිරීමටත් අතුරු බෙදීම් අවශ්‍යතා පැන නැගුණු විට, පළාත් කොමසාරිස්, ඉඩම් කොමසාරිස් සහ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා දැනට ක්‍රියාත්මක වන දීර්ඝ ක්‍රියාවලිය අවම කොට අතුරු බෙදීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමට අවශ්‍ය නීති හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, තිරිඟු පිටි වෙනුවට සහල් පිටි ජනතාව අතර ජනප්‍රිය කරවීම සඳහා නව තාක්ෂණය හඳුන්වා දීම, තිරිඟු පිටි සඳහා විදේශ රටවලට ඇදී යන විශාල ධනස්කන්ධය නවතාලීමේ අරමුණ ඇතිව ආදේශකයක් ලෙස භාවිතා කළ හැකි සහල් පිටිවලින් සැකසූ ආහාර ප්‍රචලිත කිරීම සඳහාත්, කෙඳි සහිත ධාන්‍ය වර්ගයක් වන සහල් වඩාත් සියුම් ලෙස තිරිඟු පිටි මෙන් අඹරා ගැනීම සඳහාත්, තිරිඟු පිටි ඇඹරීමට භාවිතා කරන ආකාරයේ යන්ත සූත්‍ර සහ නව තාක්ෂණය හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, යුද්ධය නිසා ආබාධිතයන් බවට පත්වූවන්ට සහන සලසා දීම, වසර තිහකට ආසන්න කාලයක් පැවැති යුද්ධය හේතුකොට ගෙන එදිනෙදා කුලී වැඩ කොට ජීවත් වූ ජනතාවත් ස්ථිර රැකී රක්ෂා කළ ජනතාවත් අතුරින් සැලකිය යුතු ප්‍රමාණයක් අංගවිකලව ආබාධිතව ජීවන බරින් මහත් පීඩාවට පත් වී අසරණව ජීවත් වන බැවින්, ඔවුන් සඳහා යම් මාසික දීමනාවක් ලබා දීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, සියලුම ප්‍රභූ ආරක්ෂකයින් සඳහා ගමන් වියදම් දීමනාවක් ලබා දීම, ජනාධිපති ආරක්ෂක සහ අගමැති ආරක්ෂක සේවයේ නියුක්ත නිලධාරීන්ට මෙන්ම අනෙකුත් ප්‍රභූ ආරක්ෂක සේවාවල නියුක්ත නිලධාරීන්ට ද සමාන ගමන් වියදම් දීමනාවක් ලබා දීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රුවන් රණතුංග මහතා, රාජ්‍ය බැංකුවල පොලී ගෙවීම සහ පොලී අයකිරීම අතර පවතින පරතරය අඩු කිරීම, රාජ්‍ය බැංකුවල සාමාන්‍ය ඉතුරුම් තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතය 4 % සිට 4.5 % දක්වාද ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතය 8 % පමණ ද වන අතර බැංකු විසින් නිවාස, ව්‍යාපාරික සහ කෘෂිකාර්මික වැනි ණය සඳහා අය කරනු ලබන පොලී අනුපාතය 1 % සිට 3 % ක් ද පමණ වන බැවින් ජනතාවට සහ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට අතදීම සඳහාත් ඔවුන් දිරිගැන්වීම සඳහාත් මෙම අයකරන පොලිය සහ ගෙවන පොලිය අතර පවතින පරතරය අඩුකිරීමට පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රුවන් රණතුංග මහතා, උපාධිධාරී ග්‍රාම නිලධාරීන් අගැයීම සඳහා දීමනාවක් ලබා දීම, රාජ්‍ය සේවය ගම් මට්ටමින් ජනතාවට ලබා දීම සඳහා සේවය කරන ග්‍රාම නිලධාරීන් අ.පො.ස. (උ/පෙළ) විභාගයෙන් පසුව තරඟ විභාග ලකුණු මත බඳවා ගෙන ඇතත්, දැනට සේවයේ යෙදී සිටින ග්‍රාම නිලධාරීන් අතුරින් පිරිසක් උපාධි සුදුසුකම් ලබා ඇති අතර එයට කිසිදු සැලකිල්ලක් මෙතෙක් දක්වා නැති බැවින් උපාධි සුදුසුකම අගැයීම සඳහා උපාධිධාරී ග්‍රාම නිලධාරීන්ට වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබා දීමට අවශ්‍ය පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රුවන් රණතුංග මහතා, ශ්‍රාස්තීය ග්‍රන්ථවල හැර ෛදනික පුවත්පත් සහ වාර සඟරාවල බුද්ධ රූපය පළ කිරීම තහනම් කිරීම, දෛනික පුවත්පත්වල සහ වාර සඟරාවල බුද්ධ රූප සහ ප්‍රතිමා රූප කිසිදු පාලනයකින් තොරව අසීමිතව මුද්‍රණය කෙරෙන අතර එම පත්‍රිකා විවිධ භාණ්ඩ දවටන සහ වෙනත් අයෝග්‍ය කටයුතු සඳහා භාවිතා කිරීම බුදුරජාණන්වහන්සේට අගෞරවයක් වන බැවින් සම්බුද්ධ ජයන්තිය සැමරීම ද සැලකිල්ලට ගෙන මින් ඉදිරියට ශාස්ත්‍රීය ග්‍රන්ථවල හැර දෛනික පුවත්පත්, වාර සඟරා සහ වෙනත් පත්‍රිකාවල බුද්ධ රූප සහ ප්‍රතිමා රූප පළ කිරීම තහනම් කිරීම සඳහා අවශ්‍ය නීති හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා, ත්‍රීභාෂා ශ්‍රී ලංකාවක් සඳහා “සහෝදර පාසල් වැඩසටහනක්” ස්ථාපනය කිරීම, ත්‍රීභාෂා ශ්‍රී ලංකාවක් සඳහා වන දස අවුරුදු ජාතික සැලැස්මක් ඇති කිරීම ජාතික ඒකාබද්ධතාව සහ සමාජ සංහිඳියාව සඳහා ඉතා වැදගත් ක්‍රියා මාර්ගයක් බැවින්, කෙටි කාලීන නිරාවරණ වැඩ සටහන් යටතේ ශිෂ්‍යයන් සහ ගුරුවරුන් හුවමාරුව සඳහා “සහෝදර පාසල් වැඩසටහනක්” මගින් බහුතරයක් සිංහල භාෂාව කථා කරන ප්‍රදේශවල තිබෙන එක් එක් පාසල්, දෙමළ මාධ්‍ය පාසල් සමග සම්බන්ධ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය නැවත නම් කිරීම, නිදහස් අධ්‍යාපනයේ පියා වන දිවංගත ගරු (ආචාර්ය) සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාට ගෞරවයක් වශයෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය එතුමාගේ නමින් නැවත නම් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු අජිත් කුමාර මහතා, පූව්‍ර්‍ ළමා විය අධ්‍යාපනය පිළිබඳව ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීම, අප රට තුළ දරුවන්ගේ අධ්‍යාපනයේ ඉතා වැදගත් අවස්ථාවක් වන පූව්‍ර්‍ ළමා විය අධ්‍යාපනය ලබා දීම (පෙර පාසල් අධ්‍යාපනය) පිළිබඳව ජාතික වැඩපිළිවෙළක් සකස් කළ යුතු අතර පෙර පාසල් පාලිකාවන්ට විධිමත් පුහුණුවක් හා බඳවා ගැනීමේ ක්‍රමයක් සමගින් වැටුප් ක්‍රමයක් ද සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු අජිත් කුමාර මහතා, ගාල්ල දිස්ත්‍රික්කයේ ඓතිහාසික ස්ථාන පිළිබඳ නිබන්ධනයක් සකස් කිරීම, ගාල්ල දිස්ත්‍රික්කයේ ඓතිහාසික, පුරා විද්‍යාත්මක හා සංස්කෘතිකමය වශයෙන් වටිනා ස්ථාන සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදුකර ඒ පිළිබඳව ශාස්ත්‍රීය වශයෙන් වටිනාකමක් ඇති නිබන්ධනයක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, මැතිවරණ ක්‍රියාවලිය සහ මැතිවරණ පැවැත්වීම පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම, මැතිවරණ ක්‍රියා පටිපාටිය සහ මැතිවරණ පැවැත්වීම පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ස්ථිර පදනමකින් පත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, සේවක අර්ථසාධක අරමුදලින් සහ සේවක භාරකාර අරමුදලින් කඩිනමින් මුදල් ගෙවීම, සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ දායකත්වය දරන සියලුම සාමාජිකයින්ට ගෙවිය යුතු මුදල් ක්‍රියාකාරී සේවයෙන් විශ්‍රාම ගෙන එක් මසක් ගතවීමෙන් අනතුරුව ගෙවීම සඳහා විධිවිධාන සැළසිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, රාජ්‍ය මාධ්‍යවල අපක්ෂපාතීත්වය තහවුරු කිරීම, රාජ්‍ය මාධ්‍ය ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පමණක්ම හිමි වූ තනි අයිතිවාසිකමක්වන නිසාත්, රජයේ මාධ්‍ය නිරන්තරවම දේශපාලනීකරණයට ලක්වීමක් සිදුවී තිබෙන නිසාත් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී සිටින සියලුම දේශපාලන පක්ෂවලට රාජ්‍ය මාධ්‍ය තුළින් සමාන ලෙස සැලකීම සහ සමාන ලෙස අවස්ථාවන් ලබාදීම තහවුරු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, රාජ්‍ය සේවයේ භාෂා ප්‍රවීණත්වයේ අවශ්‍යතාව, සියලුම රජයේ සේවකයන්ට සිංහළ, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම වැඩ කටයුතු කිරීමට, ලිපි හුවමාරු කර ගැනීමට සහ කථා කිරීමට හැකි වීම රජය විසින් අනිවාර්ය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කරදීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත, දළ ජාතික නිෂ්පාදිතයෙන් සමාන වූ විමධ්‍යගත අයවැය මුදලක් වාර්ෂිකව වෙන්කළ යුතු බවත් එම වෙන්කිරීමෙන්, ප්‍රාග්ධන වියදම් වශයෙන් උපයෝගීකර ගැනීමටත් ශේෂය රජයේ නිර්ණායක මත පදනම් ව තම ඡන්ද දායකයින් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අභිමතය පරිදි කවර හෝ පදනමකින් උපයෝගී කර ගැනීම සඳහාත් හිමිකම් ලබා දිය යුතු බවත් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, විශ්වවිද්‍යාල මගින් පවත්වාගෙන යන පාඨමාලාවන් රැකියාභිමුඛ පාඨමාලාවන් බවට පත්කිරීම, දිවයිනේ සියලුම රජයේ විශ්වවිද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් පවත්වාගෙන යන ශාස්ත්‍රීය අධ්‍යාපනයම සඳහා වූ උපාධි පාඨමාලාවන් රැකියාභිමුඛ වෘත්තීයමය උපාධි පාඨමාලාවන් බවට පරිවර්තනය කර එමගින් බිහිවන්නා වූ උපාධිධාරීන් වෙත නව රැකියා සපයා දීමේ අරමුණ ඇතිව, සියලුම විශ්වවිද්‍යාල සමඟ රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සම්බන්ධීකරණය සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, පාසල් සිසුන් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථ සඳහා නිසි ප්‍රමිතීන් නියම කිරීම, දිවයින පුරා පවත්වාගෙන යනු ලබන පාසල් සිසු ප්‍රවාහන සේවාවන් නියමිත ප්‍රමිතියෙන් නොපවතින බැවින් සහ ඇතැම් පාසල් වෑන් රථ සේවකයින්ගේ පැවතුම් යහපත් තත්ත්වයෙන් නොපවතිත බැවින්, නිසි ප්‍රමිතියෙන් යුතු වෑන් රථ සේවාවක් පවත්වාගෙන යෑම සඳහාත්, එම සේවාවන් ලබාගන්නා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත්, වෑන් රථ සේවාවන් සඳහා ප්‍රමිතීන් හඳුන්වාදිය යුතුයැයි ද, වෑන් රථ සේවකයින් තුළ යහපත් පැවතුම් පවත්වාගෙන යාම සඳහා විනය නීති මාලාවක් හඳුන්වා දිය යුතුයැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා, පොල් කර්මාන්තයෙහි සහ පොල් සම්පත්වල සංවර්ධනය හා ප්‍රවර්ධනය විධිමත් කිරීම, වානිජමය නිෂ්පාදන අතර ඉතා වැදගත් ස්ථානයක් පොල්වලට හිමි වන හෙයින් පොල් සම්පත් සහ ඒවායේ පරිසරය තිරසාරව පවත්වා ගන්නා අතරම දළ දේශීය නිෂ්පාදිතයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන ලෙස පොල් කර්මාන්තය සහ පොල් සම්පත්වල සංවර්ධනය විධිමත් කොට ප්‍රවර්ධනය කිරීම උදෙසා අර්ථාන්විත පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා, කිතුල් කර්මාන්තය නගා සිටුවීම උදෙසා කිතුල් වගා කිරීම වැඩි කිරීම, ග්‍රාමීය කර්මාන්ත කෙරෙහි කිතුල් මගින් සිදු කරනා සුවිශාල දායකත්වය හේතු කොට ගෙන ග්‍රාමීය කර්මාන්ත සහ ග්‍රාමීය ප්‍රජාව නගා සිටුවිම පිණිස වගාවන් තුළ කිතුල් ගහනය වැඩි කිරීම සඳහා වන අපගේ දිරිය සැලසුමට අනුගතව නව කිතුල් වගාවන් සංඛ්‍යාව වැඩි කිරීම උදෙසා නිසි ක්‍රියාමාර්ග ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා, කජු වගාව වැඩි දියුණු කිරීම උදෙසා කටයුතු ආරම්භ කිරීම. කජු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකැසුම, අලෙවි කිරීම සහ වගා කිරීමට ආධාර කිරීම සහ එමගින් ප්‍රධාන පෙළේ, තත්වයෙන් උසස් සහ වටිනාකම එකතු කළ කජු නිෂ්පාදකයකු සහ අපනයනකරුවකු බවට පත්වීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීම පිණිස කජු වගාව වැඩි දියුණු කිරීම උදෙසා කටයුතු ආරම්භ කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා, සම්ප්‍රදායික කර්මාන්ත සංවර්ධනය කිරීම, අම්පාර දිස්ත්‍රික්කයේ අභාවයට යන සම්ප්‍රදායික කර්මාන්ත වන අත් යන්ත පේෂ කර්මාන්තය, කුඹල් කර්මාන්තය, තල් කොළ හා පන් ගස්වලින් පෙට්ටි, වට්ටි හා පැදුරු විවීම, කොහු කර්මාන්තය හා වේවැල් කර්මාන්තය යනාදිය සංවර්ධනය කර, එම ප්‍රදේශයේ ජනතාවට රැකියා අවස්ථාවන් උදාකර දීමෙන් ඔවුන්ගේ ආදායම නංවාලීමට රජය කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු තිලංග සුමතිපාල මහතා, ආයුධ වෙළඳාම සඳහා විධිමත් පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම, ජාත්‍යන්තර වශයෙන්, කිසිදු පාලනයකින් තොරව ආයුධ වෙළඳාම ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ව වැනි රටවලට ආයුධ ගලා ඒම සහ එම රටවල් තුළ අවිධිමත් ලෙස ආයුධ සංසරණයවීම, ජනසමාජයේ නිදහසට ඉමහත් බාධකයක් ද ප්‍රජාතන්තවාදී ලෙස බලයට පත් රජයකට තර්ජනයක් හා බලපෑමක් මෙන්ම රට තුළ මත්දව්‍ය සහ ගණිකා වෘත්තිය වැනි නීති විරෝධී ක්‍රියාකාරකම් පුළුල් වීම සඳහා හේතුවක්ද වී ඇත. ඉහත තත්ත්වය වළක්වාලමින් විනයගරුක, නීතිගරුක සහ සදාචාර සම්පන්න සමාජයක් ජනිත කිරීම මහින්ද චින්තන ඉදිරි දැක්මෙහි අපේක්ෂාවක් වන බැවින් ද, වර්තමාන ලෝකයේ බලාපොරොත්තුව අවි වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම මගින් සමාජ අරගල අවම කර සමාජ සුභ සාධනය සහතික කිරීම වන බැවින් ද, මෙම විෂමාචාරයන් පිටුදැකීම සඳහා ජාත්‍යන්තර ගිවිසුම්වලට හා ප්‍රඥප්තිවලට අදාළව දේශීය නීති පද්ධතියක් ස්ථාපිත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා, රට ඉඳි වගාව හඳුන්වාදීමේ හැකියාව විමසා බැලීම සඳහා පුළුල් අධ්‍යයනයක් සිදු කිරීම, රට ඉඳි ශාඛය (ෆීනික්ස් ඩැක්ටිලිෆෙරා) අප රටේ වගා කිරීම සම්බන්ධයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩිහි සිදු කරන ලද අත්හදා බැලීමක් සාර්ථක බව පෙනී ගොස් ඇති හෙයින්, අප රටේ ජනතාවට අපේම පොළවේ වවන ලද මෙම රසවත් පළතුර භුක්ති විඳීමට අවස්ථාව සලසනු පිණිස, රට ඉඳි වගාව හඳුන්වා දීමේ හැකියාව විමසා බලන පුළුල් අධ්‍යයනයක් සිදු කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, ගුවන් විදුලි විකාශ නියාමනය කිරීම, ගුවන් විදුලි විකාශ නියාමනය කිරීමේ ස්වාධීන අධිකාරියක් සංස්ථාගත කිරීම සඳහා නීති හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, රූපවාහිනී වැඩසටහන් විකාශය නියාමනය කිරීම, රූපවාහිනී වැඩසටහන් විකාශය නියාමනය කිරීමේ ස්වාධීන අධිකාරියක් සංස්ථාගත කිරීම සඳහා නීති හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, මහ නගර සභාවලට රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභා හඳුන්වා දීම, සෑම මහ නගර සභාවකම රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභා පිහිටුවීම සඳහා නීති හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, හිමිකම් පනත සම්මත කිරීම, මානව අභිමානය, සමානාත්මතාව සහ නිදහස යන ප්‍රජාතන්තවාදී වටිනාකම් තහවුරු කරන දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන හිමිකම් පනත හා සමානව රටේ සියලු ජනතාවගේ හිමිකම් සහතික කරමින් එම පනතේ නිශ්චිතව දැක්වෙන සීමාවන්ට යටත්ව රාජ්‍යය විසින් ඒවා ගරු කළ යුතු, ආරක්ෂා කළ යුතු, ප්‍රවර්ධනය කළ යුතු හා ඉටුකර දිය යුතු බවට විධිවිධාන සලස්වන පනතක් ශ්‍රී ලංකා වේ සම්මත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, පාර්ලිමේන්තු මන්තීවරුන්ට විශේෂ දීමනා ගෙවීම, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ වැටුප් සහ සේවක සංඛ්‍යා කොමිෂන් සභාව විසින් අනුමත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවහොත් හැර කිසිදු අමාත්‍යවරයෙකුට, නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කිසිදු විශේෂ දීමනාවක් නොගෙවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා, වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගය, වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනතේ වගන්තියේ උපවගන්තිය යටතේ, වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය. (අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.) අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත යටතේ තීරණය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ වගන්තිය අනුව එම කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ සහ එහි සාමාජිකයන්ගේ ඉන්ධන දීමනා දින සිට පහත සඳහන් පරිදි විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව තීරණය කරයි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාට මාසිකව පෙට්‍රල් හෝ ඩීසල් ලීටර් 2 ක් සහ එහි සාමාජිකයන්ට මාසිකව පෙට්‍රල් හෝ ඩීසල් ලීටර් 1 ක් සැපයීමට හෝ එම ප්‍රමාණයට සමානව වෙළඳපලේ පවත්නා මිල ගණන්වලට අනුරූපව දීමනාවක් ගෙවීමට කටයුතු කළ යුතුයැයි ද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාට සහ එහි සාමාජිකයන්ට ගෙවිය යුතු ඉන්ධන දීමනා සම්බන්ධයෙන් මීට පෙර පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවන්ගෙන් තීරණය කරන ලද ඉන්ධන දීමනා වෙනුවට මෙම යෝජනාවෙන් තීරණය කරනු ලබන ඉන්ධන දීමනා ආදේශ විය යුතුයැයි ද, මෙම පාර්ලිමේන්තුව තවදුරටත් තීරණය කරයි. අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ. පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත . ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමා, හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග, හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ වගන්ති සමඟ කියවිය යුතු, එකී පනතේ වගන්තිය යටතේ ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය. අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ. අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා, සුරාබදු ආඥාපනත යටතේ නියමය, සුරාබදු ආඥාපනතේ වගන්තිය යටතේ, සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමතිය ලත් හෝටල් තුළ මධ්‍යසාර භාවිතය සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, ඉදිරිපත්කරන ලද නියමය අනුමත කළ යුතු ය. සුරාබදු නිවේදනය. අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ. ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යතුමා, වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ නියමය, වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ වගන්තියේ උපවගන්තිය යටතේ ගොවිජන සේවා හා වනජීවි අමාත්‍යවරයා විසින් සාදන ලදුව, දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, ඉදිරිපත් කළ නියමය අනුමත කළ යුතු ය. ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සලකා බැලීම. රාජ්‍ය සේවක සංවර්ධන මූල්‍ය සංස්ථාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සලකා බැලීම. රණ කලා ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සලකා බැලීම. වාචික පිළිතුරු අපේක්ෂා නොකරන ප්‍රශ්න. ගරු දයාසිරි ජයසේකර මහතා, සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට, ලක් සතොස ආයතන වෙත පරිප්පු සපයනු ලැබූ සැපයුම්කරු හෝ සැපයුම්කරුවන්ගේ නම්, ලිපිනයන් හා ව්‍යාපාර නාමයන් කවරේද; එම සැපයුම්කරුවන් තෝරා ගැනීමේදී පිළිගත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනයකර තිබේද; එසේ නම්, එම ටෙන්ඩරය සඳහා මිල ගණන් ඉදිරිපත් කළ අනෙකුත් ඉල්ලුම්කරුවන්ගේ නම් සහ ලිපිනයන් කවරේද; එම ටෙන්ඩරය අනුව සැපයුම්කරුවන් විසින් පරිප්පු සැපයීම සිදුකළ යුතු කාල සීමාව කවරේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු දයාසිරි ජයසේකර මහතා, සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට, ලක් සතොස ආයතන වෙත සීනි සපයනු ලැබූ සැපයුම්කරු හෝ සැපයුම්කරුවන්ගේ නම්, ලිපිනයන් හා ව්‍යාපාර නාමයන් කවරේද; එම සැපයුම්කරුවන් තෝරා ගැනීමේදී පිළිගත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනයකර තිබේද; එසේ නම්, එම ටෙන්ඩරය සඳහා මිල ගණන් ඉදිරිපත් කළ අනෙකුත් ඉල්ලුම්කරුවන්ගේ නම් සහ ලිපිනයන් කවරේද; එම ටෙන්ඩරය අනුව සැපයුම්කරුවන් විසින් සීනි සැපයීම සිදුකළ යුතු කාල සීමාව කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු දයාසිරි ජයසේකර මහතා, සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට, ලක් සතොස ආයතන වෙත බිත්තර සපයනු ලැබූ සැපයුම්කරු හෝ සැපයුම්කරුවන්ගේ නම්, ලිපිනයන් හා ව්‍යාපාර නාමයන් කවරේද; එම සැපයුම්කරුවන් තෝරා ගැනීමේදී පිළිගත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර තිබේද; එසේ නම්, එම ටෙන්ඩරය සඳහා මිල ගණන් ඉදිරිපත් කළ අනෙකුත් ඉල්ලුම්කරුවන්ගේ නම් සහ ලිපිනයන් කවරේද; එම ටෙන්ඩරය අනුව සැපයුම්කරුවන් විසින් බිත්තර සැපයීම සිදුකළ යුතු කාල සීමාව කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු දයාසිරි ජයසේකර මහතා, සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට, ශ්‍රී ලංකාවේ ලක් සතොස ආයතන පිහිටුවා ඇති ස්ථාන කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? ලක් සතොස ආයතන වෙත කුකුල් මස් සපයනු ලැබූ සැපයුම්කරු හෝ සැපයුම්කරුවන්ගේ නම්, ලිපිනයන් හා ව්‍යාපාර නාමයන් කවරේද; එම සැපයුම්කරුවන් තෝරා ගැනීමේදී පිළිගත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනයකර තිබේද; එසේ නම්, එම ටෙන්ඩරය සඳහා මිල ගණන් ඉදිරිපත් කළ අනෙකුත් ඉල්ලුම්කරුවන්ගේ නම් සහ ලිපිනයන් කවරේද; එම ටෙන්ඩරය අනුව සැපයුම්කරුවන් විසින් කුකුල් මස් සැපයීම සිදුකළ යුතු කාල සීමාව කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ලබා දී ඇති පත්වීම් සංඛ්‍යාව එක් එක් තනතුරු නාමය අනුව, දිස්ත්‍රික් මට්ටමින්, වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? අවසන් වරට සිදුකරන ලද ගුරු වැටුප් සංශෝධනය අනුව ගුරු සේවයේ එක් එක් ශ්‍රේණිය සඳහා හිමි මුලික මාසික වැටුප වෙන් වෙන් වශයෙන් කවරේද; රජයේ ගුරුවරුන්ට මාසික වැටුපට අමතරව හිමිවන වරප්‍රසාද හා දීමනා ගුරු සේවයේ එක් එක් ශ්‍රේණිය අනුව, වෙන් වෙන් වශයෙන් කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, ඩෙංගු වැළදීම, රිය අනතුරු, සියදිවි නසා ගැනීම, ආහාර විෂවීම, කායික හෝ මානසික අතවරයන්ට ලක්වීම යන හේතු මත රෝහල්ගත කළ / මිය ගිය පාසල් ළමුන් සංඛ්‍යාව සහ ඔවුන් අයත් පාසල් වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කවරේද; පසුගිය වර්ෂය තුළ විවිධ වරදවල් යටතේ චෝදනා ලබා ළමා අධිකරණයට යොමු කර ඇති පාසල් සිසුන් සංඛ්‍යාව, ඔවුන් අයත්වන වයස් කාණ්ඩය හා පාසල අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සදහන් කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? හත්වැනි පාර්ලිමේන්තුව. පළමුවැනි සභාවාරය. පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය. 2012 ජූලි මස 06 වැනි සිකුරාදා අ. භා. 1.30 ට. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. ගරු රවී කරුණානායක මහතා, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, පසුගිය වර්ෂ විස්සක කාලය තුළ උපාධි අපේක්ෂකයන් සඳහා ලබා දුන් මහපොළ ශිෂ්‍යත්ව සංඛ්‍යාව වාර්ෂික පදනමින් කොපමණද යන්න; ඉහත සඳහන් සංඛ්‍යාව සහ ඉහත සඳහන් කාල සීමාව තුළ එක් එක් වර්ෂයේදී විශ්වවිද්‍යාලවලට ඇතුළත් වූ සම්පූර්ණ ශිෂ්‍ය සංඛ්‍යාව අතර සන්සන්දනය කවරේද යන්න; පසුගිය වර්ෂ 6 තුළ ශිෂ්‍යත්වලාභීන්ට දීමනා වශයෙන් ගෙවූ මුදල වාර්ෂික පදනමින් කොපමණද යන්න; පසුගිය වර්ෂ 10 තුළ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට ලැබුණු ආදායම් වාර්ෂික පදනමින් කවරේද යන්න; එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු බුද්ධික පතිරණ මහතා, ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටා ඇති ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද කදුරුවාන තේ කම්හල වර්ෂ හයක් තිස්සේ ප්‍රයෝජනයට නොගෙන අත්හැර දමා ඇති බවත්; ජාතික සම්පතක් වන එම කර්මාන්ත ශාලාව ප්‍රයෝජනයට නොගෙන අත්හැර තිබීමෙන් ජාතික ආර්ථිකයට විශාල පාඩුවක් සිදු වන බවත්; එතුමා දන්නෙහිද? එම තේ කම්හල ඉදිකිරීම සඳහා වැය වූ මුළු මුදල කොපමණද යන්න; එය ප්‍රයෝජනයට නොගෙන අත්හැර දමා තිබීමට හේතු කවරේද යන්න; තේ කම්හලේ නිෂ්පාදන කටයුතු කඩිනමින් ආරම්භ කොට ප්‍රදේශයේ තේ වගාකරුවන්ගේ අමු තේ දළු මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකසන්නේද යන්න; නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්නේ නම්, ඒ සඳහා ගතවන කාලය කවරේද යන්න; එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු අජිත් කුමාර මහතා, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, ජනාධිපතිතුමා යටතේ දැනට සේවය කරන උප්‍රදේශකයින් සංඛ්‍යාව කවරේද යන්න, ඔවුන්ගේ නම්, අධ්‍යාපන සුදුසුකම් සහ වගකීම් කවරේද යන්න; ඔවුන් වෙත ගෙවනු ලබන වැටුප් සහ දීමනා කවරේද යන්න; පසුගිය මාසය සඳහා ගෙවන ලද සියලු දීමනාවල එකතුව කවරේද යන්න; එතුමා සඳහන් කරන්නෙහිද? නිලරථ ලබාදී ඇති උප්‍රදේශකයින්ගේ නම්, ලබාදී ඇති නිලරථ සංඛ්‍යාව සහ ඒවායේ විස්තර කවරේද යන්න; ඔවුන් වෙත ඉන්ධන දීමනා ලබාදෙන්නේ නම්, එක් එක් උප්‍රදේශකවරයාට ලබාදෙන ඉන්ධන දීමනාව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? ඔවුන් වෙත දුරකථන පහසුකම් ලබා දෙන්නේ නම්, මේ වන විට දුරකථන පහසුකම් ලබා දී ඇති උප්‍රදේශකයන්ගේ නම් කවරේද යන්න; දුරකථන දීමනාවක් ගෙවන්නේ නම්, එක් එක් උපදේශකවරයාට ලබා දී ඇති දීමනාව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න; එතුමා සඳහන් කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු දයාසිරි ජයසේකර මහතා, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට, පුත්තලම දිස්ත්‍රික්කයේ, පාලකුඩා මංසන්ධියේ සිට තලවිල ශාන්ත ආනා දේවස්ථානය දක්වා දිවෙන මාර්ගය පිළිසකර කිරීම සඳහා 2011 වර්ෂයේදී වෙන් කළ මුදල කොපමණද යන්න; එම ව්‍යාපෘතිය යටතේ සංවර්ධන කිරීමට ඇස්තමේන්තුගත කර ඇති මාර්ගයේ දිග හා පළල කොපමණද යන්න; එතුමා සඳහන් කරන්නෙහිද? ඉහත මාර්ගය පිළිසකර කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දීමේදී විධිමත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කළේද යන්න; එම මාර්ගය පිළිසකර කළ ආයතනයේ නම, එහි අයිතිකරුගේ නම, ලිපිනය සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ තොරතුරු කවරේද යන්න; මාර්ගය ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් එම සමාගමට ගෙවිය යුතු සියලු ගෙවීම් මේ වන විට ගෙවා අවසන් කර තිබේද යන්න; නොඑසේ නම්, තවදුරටත් ගෙවීමට ඇති මුදල කොපමණද යන්න; එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? පිළිසකර කිරීමෙන් පසුව ඉහත මාර්ගය මත තල් හෝ වෙනත් ශාක වර්ගයක් පැළවී තිබේද; නියමිත ප්‍රමිතියට සකස් කළ විට මාර්ගයක් මත ශාක වර්ග පැළවීමේ හැකියාවක් තිබේද: ඉහත මාර්ගයේ ශාක වර්ග පැළවීමට හේතු කවරේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු රෝසි සේනානායක මහත්මිය, අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, වර්ෂ 2005 සිට 2010 දක්වා කාල සීමාවේදී උසස් පෙළ සමත් වූ, පෞද්ගලික සහ පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව; පාසල් අයදුම්කරුවන් ලෙස පෙනී සිටි සිංහල, දෙමළ සහ ඉංගීසි මාධ්‍ය සිසුන් සංඛ්‍යාව; පෞද්ගලික අයදුම්කරුවන් ලෙස පෙනී සිටි සිංහල, දෙමළ සහ ඉංගීසි මාධ්‍ය සිසුන් සංඛ්‍යාව; සිසුන් සංඛ්‍යාව විෂය ධාරාව අනුව; සිසුන් සංඛ්‍යාව දිස්ත්‍රික් පදනම මත; කොපමණද යන්න වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද? වර්ෂ 2005 සිට 2010 දක්වා කාල සීමාව තුළ රජයේ පාසල්වල සිටි උසස් පෙළ ගුරුවරුන් සංඛ්‍යාව, එක් එක් විෂයධාරාව අනුව; ජාතික පාසල් සහ පළාත් පාසල් අනුව; භාෂා මාධ්‍යය අනුව; දිස්ත්‍රික්කය අනුව; කොපමණද යන්න වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු සජිත් ප්‍රේමදාස මහතා, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට, මධ්‍යම පාන්තිකයන්ට පහසු මිලට ලබා දීම සඳහා තට්ටු නිවාස ඉදිකිරීම ආරම්භ කළ වර්ෂය කවරේද යන්න; මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති එම තට්ටු නිවාස සංඛ්‍යාව කොපමණද යන්න; එම තට්ටු නිවාස ඉදිකර ඇති ප්‍රදේශ කවරේද යන්න; එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙහි ණය පියවීමට මුල්‍ය සම්පාදනය සඳහා විදේශීය මූලාශයකින් ඇ. එ. ජ. ඩොලර් බිලියන 1ක මුදලක් ලබාගැනීමට නියමිතව තිබේද යන්න; ඉහත කී ගනුදෙනුව හා සම්බන්ධ බවට ප්‍රකාශිත ගෝල්ඩ්මන් සැක්ස් ආයෝජන බැංකුව හා එහි දේශීය හෝ විදේශීය නියෝජිතයන් සමග ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පවතින සාකච්ඡාවන්හි විෂයපථය පිළිබඳ විස්තර කවරේද යන්න; එතුමා සඳහන් කරන්නෙහිද? එම නියෝජිතයන්ට, පිරමිඩ් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්; ශ්‍රී ලංකාවේ හෝ අන් කවර හෝ ස්ථානයක බැංකු හා ව්‍යාපාරික ආයතන සමග ගිවිසුම් හෝ යම් ණය බැඳීම්වලට අදාළව විශ්වාසය කඩකිරීම් සම්බන්ධයෙන්; මහ බැංකුවේ උසස් නිලධාරීන් සමඟ සමීප පෞද්ගලික සබඳතා පැවතීම සම්බන්ධයෙන්; චෝදනා කරනු ලැබ හෝ දෝෂාරෝපණය කරනු ලැබ තිබේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? ඔබගේ ගනුදෙනුකරු හැඳිනගන්න ප්‍රතිපත්තියට අනුකූල වීම සහතික කිරීම හා මෙයට සම්බන්ධ අරමුදල් මුදල් විශුද්ධිකරණය හෝ ත්‍රස්තවාදය හා සම්බන්ධ මූල්‍ය සම්පාදනය මගින් දූෂ්‍ය වූ මුදල් වීමේ අවදානම අවම කිරීම සඳහා නිසි ක්‍රියාමාර්ග අනුගමනය කෙරෙන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු රවී කරුණානායක මහතා, විදුලි බල හා බල ශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට, රට තුළ නොයෙකුත් ප්‍රදේශවල වරින් වර සිදුවූ විදුලි විසන්ධිවීම් විදුලිබල මණ්ඩලයේ දැනුවත් බවින් තොරව සිදු වූයේද; නොඑසේ නම්, ඊට හේතු කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? කැලණිතිස්ස බලාගාරයේ විදුලිබල මණ්ඩලය සතු විදුලි ජනක යන්ත්‍ර සදහා සපයන ලද ඩීසල් ලීටරයකට 2011 ජූනි මාසය තුළ ගෙවන ලද මිල කොපමණද; කැලණිතිස්ස බලාගාරයේ AES විදුලි ජනක යන්ත්‍ර සඳහා සපයන ලද ඩීසල් ලීටරයකට ගෙවන ලද මිල කොපමණද; කැලණිතිස්ස බලාගාරයේ ඉන්ධන ටැංකි පද්ධතියේ ධාරිතාව කොපමණද; 2011 ජූලි මස 4, 5, 6 සහ 7 දිනවල එම ධාරිතාවය එම ටැංකිවල තිබුනේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සදහා දිනකට අවශ්‍ය ඩීසල් ලීටර සංඛ්‍යාව කොපමණද; 2011 ජුලි මස හත් වන දින කැලණිතිස්ස බලාගාරයේ සියලුම විදුලි ජනක යන්ත්‍ර ක්‍රියා විරහිතවීමට ඉන්ධන නොමැති වීම හේතු වූයේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු බුද්ධික පතිරණ මහතා, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට, අම්පාර දිස්ත්‍රික්කයේ, ගල්ඔය ව්‍යාපාරය ආරම්භයත් සමග ඉදිකළ අම්පාර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ක්ෂේත්‍ර නිවහන විනාශයට යමින් පවතින බව එතුමා දන්නෙහිද? මෙම ක්ෂේත්‍ර නිවහන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නවාතැන් අවශ්‍යතා ඉටුකර දීමට කටයුතු කරන්නේද; ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබේද; එසේ නම්, ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන දිනය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු දයාසිරි ජයසේකර මහතා, සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට, 2011 වර්ෂය සඳහා ලක් සතොස ආයතන වෙත සහල් සපයනු ලැබූ සැපයුම්කරු හෝ සැපයුම්කරුවන්ගේ නම්, ලිපිනයන් හා ව්‍යාපාර නාමයන් කවරේද; එම සැපයුම්කරුවන් තෝරා ගැනීමේදී පිළිගත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර තිබේද; එසේ නම්, එම ටෙන්ඩරය සඳහා මිල ගණන් ඉදිරිපත් කළ අනෙකුත් ඉල්ලුම්කරුවන්ගේ නම් සහ ලිපිනයන් කවරේද; එම ටෙන්ඩරය අනුව සැපයුම්කරුවන් විසින් සහල් සැපයීම සිදුකළ යුතු කාල සීමාව කවරේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු සජිත් ප්‍රේමදාස මහතා, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට, මහින්ද චින්තන - දිනවමු ශ්‍රී ලංකා ප්‍රතිපත්ති මාලාවේ ජනසෙවන වැඩසටහන යටතේ, සෑම ගමකටම වර්ෂයකට නිවාස 25 බැගින් ඉදිකිරීමට පොරොන්දුවක් දී ඇති බව එතුමා දන්නෙහිද? ඉහත පොරොන්දුව පරිදි මේ වන විට ඉදිකිරීම් අවසන් කර, ප්‍රතිලාභීන් පදිංචි කර ඇති සමස්ත නිවාස සංඛ්‍යාව කොපමණද; එම නිවාස පිහිටි ගම්වල නම් කවරේද යන්න; එක් නිවසක් ඉදිකිරීම සඳහා වැය කළ මුදල කොපමණද යන්න; එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු බුද්ධික පතිරණ මහතා, ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට, 2011 ලෝක කුසළාන ක්‍රිකට් තරඟාවලියට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකළ වියදම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ විකාශන අයිතිය ලබා දී තිබෙන සමාගමෙහි නම කුමක්ද යන්න; එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන පුද්ගලයා කවුරුන්ද යන්න; එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකාවට ලැබුණු මුදල් සම්භාරයෙන් හම්බන්තොට ක්‍රීඩාංගණය ගොඩනැගීමට සහ අනෙකුත් ක්‍රීඩාංගණ සඳහා වැයකළ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු රවී කරුණානායක මහතා, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, 2004 වර්ෂයේ සිට මේ දක්වා වූ කාලය තුළ එක් එක් වර්ෂයේදී රජය විසින් ඉතාලිය සහ මැලේසියාව යන රටවලට රැකියා සඳහා යවන ලද ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව කොපමණද යන්න; ඉතාලියට සහ මැලේසියාවට පුද්ගලයන් යැවීමේදී ඒ සඳහා පාදක කරගත් නිර්ණායකය කවරේද යන්න; එම රටවල රැකියාවක් ලබාදීම සඳහා එක් පුද්ගලයෙකුගෙන් අයකරගත් මුදල කොපමණද යන්න; ඉහත කී රටවලට රජය විසින් යවන ලද පුද්ගලයෙකුගේ රැකියාවට අදාළ ගිවිසුමේ කාලසීමාව කොපමණද යන්න; එම රටවල රැකියාවක නියුතු පුද්ගලයෙකුගේ සාමාන්‍ය වැටුප කොපමණද යන්න; එතුමා ප්‍රකාශ කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු දයාසිරි ජයසේකර මහතා, සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට, වාරියපොල නගරයේ ඉදිකළ වයඹ ආර්ථික මධ්‍යස්ථානයට මුල්ගල තබන ලද දිනය කවරේද; එහි වැඩ නිම කරන ලද දිනය කවරේද; ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල කොපමණද; එහි ඉදිකිරීම් නිම වන විට වැය වූ මුදල කොපමණද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ කටයුතු ආරම්භකරන ලද දිනය කවරේද; මේ වන විට එහි වෙළඳ කටයුතු සිදු නොකරන්නේ නම්, එයට හේතු කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? වාරියපොල ආර්ථික මධ්‍යස්ථානයක් ඇති කිරීම සඳහා බලපෑ හේතු කවරේද; එම මධ්‍යස්ථානය පිහිටි ඉඩමේ අයිතිකරු කවුරුන්ද; ඒ සඳහා මාසිකව හෝ වාර්ෂිකව බදු හෝ කුලී ගෙවීමක් සිදු කරන්නේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු සජිත් ප්‍රේමදාස මහතා, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට, මහින්ද චින්තන දිනවමු ශ්‍රී ලංකා ප්‍රතිපත්ති මාලාවේ ජනසෙවන වැඩසටහන යටතේ, පළමු වර්ෂ පහේදී පොලිය පමණක් ගෙවීමේ පහසුකම සහිත නිවාස ණය යෝජනා ක්‍රමයක් ඇතිකිරීමට පොරොන්දුවක් දී ඇති බව එතුමා දන්නෙහිද? ඉහත පොරොන්දුව පරිදි එම නිවාස ණය යෝජනා ක්‍රමය ආරම්භ කළ වර්ෂය කවරේද යන්න; මේ වන විට එකී නිවාස ණය ලබා දී ඇති පවුල් සංඛ්‍යාව කොපමණද යන්න; නිවාස ණය ලබාදීමේදී ප්‍රතිලාභීන් තෝරා ගත් පදනම කවරේද යන්න; එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ශෝක ප්‍රකාශ යෝජනා අභාවප්‍රාප්ත ගරු ඒ. එම්. ඩී. රාජන් මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රධාන කටයුතු ආරම්භයේ දී යෝජනා පිළිබඳ දැනුම්දීම පාර්ලිමේන්තුවේ සභානායකතුමා, පාර්ලිමේන්තුවේ රැස්වීම්, ස්ථාවර නියෝග 7 හි විධිවිධානවල සහ 2011.04.07 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන්ව තිබුණ ද, අද දින රැස්වීම් පැවැත්වෙන කාල වේලාව අ. භා. 1.30 සිට අ. භා. 6.30 දක්වා විය යුතුය. අ. භා. 3.30 ට ස්ථාවර නියෝග 7(5) ක්‍රියාත්මක විය යුතු ය. යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු. ගරු රවී කරුණානායක මහතා, පාර්ලිමේන්තුව තුළ ජාතික ගීය වාදනය කිරීම, දිවයින තුළ ජාතික මමත්වයක් වර්ධනය කිරීමට හැකිවනු වස් පාර්ලිමේන්තුවේ රැස්වීම ආරම්භ කිරීමට හා අවසාන කිරීමට පෙරාතුව පාර්ලිමේන්තුව තුළ ජාතික ගීය වාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, බලගතු ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනැගීම, ආණ්ඩුවේ ලිපි ලේඛනාදියෙහි යම් කෙනෙකුගේ ජාතිය හා ආගම සඳහන් කිරීම අවශ්‍ය කරුණක් වීම බලගතු ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනැගීමට බාධාවක් හා අවහිරයක් වී ඇති බැවින් එම අවශ්‍යතාවය ඉවත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, වාණිජ අරමුණු සඳහා ආගමික නායකයින්ගේ රූප භාවිතා කිරීම වැළැක්වීම, සියලුම ආගම්වලට සමානව ගරු කළ යුතු අතර කිසිදු වෙළෙඳ දැන්වීමක හෝ වෙනත් ආගමික නොවන භාණ්ඩයක බුදුරජාණන් වහන්සේගේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ, ශිව දෙවියන්ගේ සහ මහම්මත් නබිතුමන්ගේ රූප ඇතුලත් නොකළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, අධිකරණයට අපහාස කිරීම පිළිබඳ කාර්ය පටිපාටිය විධිමත් කිරීමට නව නීති සකස් කිරීම, සියලු දෙනාටම සමාන සාධාරණත්වයක් සහතික කරනු වස් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් සහ උද්දීප්තිමත් නිදහස් මාධ්‍යයක් පවත්වාගෙන යාම සඳහා අධිකරණයට අපහාස කිරීම පිළිබඳ කාර්ය පටිපාටිය විධිමත් කිරීමට නව නීති සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, මහජන යහපත උදෙසා නඩුකරණයට නීති හඳුන්වාදීම, දිළිඳු ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම, රාජ්‍ය ප්‍රතිපත්ති වල අඩංගු දේ හෝ ඒවායේ බලපෑම, පොදු කටයුතු ඉටු කිරීමට නාගරික අධිකාරයන්ට බලපෑම් කිරීම, ආගමික අයිතිවාසිකම් හෝ අනෙකුත් මුලික අයිතිවාසිකම් කඩවීම සහ අධික මහජන ණය හා පුරවැසියන් අතිරේක වගකීම් වලට යොමු කැරෙන දූෂණය යන කරුණු සම්බන්ධයෙන් මහජන යහපත උදෙසා නඩුකරණයට නීති හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, දේශපාලන පක්ෂ විසින් මැතිවරණ කොමිෂන් සභාවට මූල්‍ය විගණන වාර්තාවක් ඉදිරිපත් කිරීම, සියලුම පිළිගත් දේශපාලන පක්ෂ විසින් උපයාගත් ආදායම් හා දැරූ වියදම් විගණනයට භාජනය කළ යුතු හා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් පැමිණවීම, රජයේ උසස් නිලධරයන් තම ස්වාධීන නිලය දේශපාලනීකරණය කරන්නේ නම් හා අයථා ලෙස යොදා ගන්නේ නම්, එයින් වැරදිකරුවන් බව ඔප්පු වූ වහාම ඔවුන්ට දඬුවම් පැමිණවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම, රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා වැඩි කළ යුතු යැයිද, ව්‍යවස්ථාදායකය විසින් නිර්දේශ කරනු ලැබුවහොත් විශේෂ කුසලතා ඇති නිලධාරීන් සඳහා එය අවුරුදු 70 දක්වා දීර්ඝ කළ හැකි යැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, අධ්‍යාපනය ආරක්ෂා කිරීම සඳහා තත්ත්ව ආරක්ෂණ සභාවක් ස්ථාපිත කිරීම, වගකීමකින් තොරව විශ්වවිද්‍යාල නාමයන් භාවිත කරමින් ශ්‍රී ලංකාව තුළ විශාල වශයෙන් අධ්‍යාපනික ආයතන බිහිවෙමින් පවතින නිසා, අධ්‍යාපනය අනාගත පරම්පරාව සඳහා ආරක්ෂා කර දීම උදෙසා තත්ත්ව ආරක්ෂණ සභාවක් නීතිමය වශයෙන් වහා ස්ථාපිත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, විශේෂ නඩු පවරන නිලධාරී නමැති තනතුරක් ඇති කිරීම, රාජ්‍ය සේවය දේශපාලන බලපෑම් වලින් තොර බවට සහතික කරනු වස්, ආයතනවල ගුණාත්මකභාවයට බලපාන ලෙස සිදු කළ අයථා පරිහරණයන්, දූෂණයන් හෝ අකාර්යක්ෂමතාවයන් පිළිබඳ සිද්ධීන්, ස්වාධීන කොමිසම්, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මගින් වාර්තා කළ වහාම ඒ සම්බන්ධ පැමිණිලි මෙහෙයවන, පාර්ලිමේන්තුවට සෘජුවම වාර්තා කරනු ලබන තනතුරක්, විශේෂ නඩු පවරන නිලධාරී නමින් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, උද්ධමනයට ගැලපෙන සේ සේවා නියුක්තිකයන්ට 1%ක දීමනාවක් ගෙවීම, රාජ්‍ය ආයතන විසින් පරිපාලනය කරනු ලබන සේවා නියුක්තිකයන්ගේ අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ගෙවීමේ දී එක් එක් වර්ෂයේ උද්ධමනය ප්‍රමාණයට වඩා 1%ක දීමනාවක් සේවා නියුක්තිකයන්ට ලබා දීමට සහතික විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, ජේෂ්ඨ පුරවැසියන්ට නොමිලේ ගමන් පහසුකම් සැලසීම, සියලුම ජේ‍ෂ්ඨ පුරවැසියන්ට පොදු ගමනාගමන සේවාවන්වල නොමිලේ ගමන් පහසුකම් සලසා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, අර්බුද සමථ මධ්‍යස්ථානයක් පිහිටුවීම, සාමය කඩවීම වැනි ජාතික ප්‍රශ්නයක් ඇති ශ්‍රී ලංකාව බහු ජාතික හා බහු ආගමික රටක් වන හෙයින්, ශ්‍රී ලංකාව තුළ, කලාපය තුළ හා සමස්ත වශයෙන් ලෝකයේම එවැනි ප්‍රශ්න විසදීම සඳහා බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු හා ඉස්ලාම් ආගම්වල ශක්තිය ප්‍රයෝජනයට ගනිමින් අර්බුද සමථ මධ්‍යස්ථානයක් පිහිටු විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, විශ්‍රාමික පාරිතෝෂික මුදල් ප්‍රමාදයකින් තොරව ලබා දීම, මෙතෙක් විශ්‍රාමික පාරිතෝෂික මුදල් ලබා නොදුන් විශ්‍රාමිකයින්ට එම විශ්‍රාමික පාරිතෝෂික මුදල් ප්‍රමාදයකින් තොරව ලබා දීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, ජාතික ප්‍රතිපත්ති සැලසුම් සභාවක් පත් කිරීම, ක්‍රමවත් ජාතික ප්‍රතිපත්ති හා සැලසුම් නිර්මාණය කිරීම සඳහා දේශපාලනඥයන්ගෙන් හා විෂය බද්ධ වෘත්තීයවේදීන්ගෙන් සමන්විත ආණ්ඩු මාරුවීම් අනුව වෙනස් නොවන නිශ්චිත බලයක් සහිතවූත් ජාතික ප්‍රතිපත්ති සැලසුම් සභාවක් පත්කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, විදේශ රැකියා නියුක්තිකයන්ගේ ගැටලු නිරාකරණය කිරීම සඳහා නීතිමය බලතල සහිත ඒකකයක් පිහිටුවීම, විදේශ රැකියාවන්හි නියුක්ත වූවන්ට සිදුවන පහරදීම්, පැහැරගෙන යෑම්, ස්ත්‍රී දූෂණ, ලිංගික අපචාරයෙහි යෙදවීම්, මිනීමැරීම් හා විදේශගත වීමේදී සිදුවන මුදල් වංචා කිරීම් හා විදේශගත වී අනාථ වූවන් නැවත ගෙන්වා ගැනීම හා ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සොයා බැලිය හැකි නීතිමය බලතල ඇති ඒකකයක් පිහිටුවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, නව නිපැයුම්කරුවන් ලෝකයට හඳුන්වා දීම සඳහා ජාතික වැඩ පිළිවෙළක් සකස් කිරීම, නව නිපැයුම්කරුවන් සහ විවිධ දක්ෂතා ඇති පුරවැසියන් ලෝකයට හඳුන්වාදීම සඳහා ද ඔවුන් සතු දක්ෂතා හා එකී නිර්මාණ දියුණු කර ගැනීම සඳහා ද ජාතික වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, දේශීය අමු ද්‍රව්‍ය යොදා ගන්නා කර්මාන්තකරුවන්ට බදු සහන ලබා දීම, සම්පූර්ණයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොල සඳහා ඉලක්ක කර ගනිමින් 75% කට වඩා දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් භාණ්ඩ නිපදවන දේශීය කර්මාන්තකරුවන්ට අවුරුදු 02ක බදු සහන කාලයක් ලබා යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, වතුකර ජනතාවට පුරවැසිකම් ලබාදීම, වතුකරයේ ශ්‍රී ලංකා පුරවැසිකම නොමැති සියලු ජන කොට්ඨාසවලට ඔවුන්ගේ කැමැත්ත මත පුරවැසිභාවය ලබා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, දිවයිනේ ප්‍රාථමික පාසල් දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක් ලබා දීම, දිවයිනේ සියලු ප්‍රාථමික පාසල් දරුවන්ට උදෑසන නොමිලයේ කිරි වීදුරුවක් ලබා දීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්ති භාරකාර අරමුදල් සතියක් ඇතුළත ඉල්ලුම්කරුවන්ට ලබා දීම, සේවක අර්ථ සාධක අරමුදල් හා සේවා නියුක්ති භාරකාර අරමුදල් සතියක් ඇතුළත ඉල්ලුම්කරුවන්ට ලබා දිය හැකි වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, පාසල් ළමුන් සඳහා නිදහස් වාර ගමන් ප්‍රවේශ පත්‍ර ලබා දීම, පාසල් ළමුන්ට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ බස් රථවල ගමන් කිරීම සඳහා නිදහස් වාර ප්‍රවේශ පත් ක්‍රමයක් හඳුන්වාදීමට මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, ක්‍රීඩා පාසල් ඉදිකිරීම හා ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සකස් කිරීම, දිගු කාලීන ඉලක්කයක් සහිත ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් හා වැඩ පිළිවෙළක් සකස් කිරීම උදෙසා මූලික වශයෙන් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක්‍රීඩාගාර, පිට්ටනි, උපකරණ හා ක්‍රීඩා උප්‍රදේශකයන්ගෙන් සමන්විත උසස් ගණයේ ක්‍රීඩා පාසල් ඉදි කිරීමටත් ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සකස් කිරීමටත් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, ජාතික භාෂා අධ්‍යාපන මණ්ඩපයක් පිහිටුවීම, ගුරුවරුන්ට සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම සඳහා ජාතික භාෂා අධ්‍යාපන මණ්ඩපයක් ස්ථාපිත කිරීමට මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, රාජ්‍ය තොරතුරු නිදහස්ව ලබා ගැනීම සඳහා නීති සම්පාදනය කිරීම, රජයේ විනිවිදභාවය පවත්වා ගැනීම සඳහා ද, මහජනතාවට සියලු රාජ්‍ය තොරතුරු නිදහස්ව ලබා ගැනීමේ අයිතිය උදෙසා ද පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, ශ්‍රී ලාංකිකයින්ට වඩා යහපත් සෞඛ්‍ය අවස්ථාවන් සලසා දීම, ජනතාවගෙන් විශාල පිරිසකට හදවත් සැත්කම් කිරීම අවශ්‍යව ඇති හෙයින්, ශ්‍රී ලාංකිකයන්ට වඩා හොඳ සෞඛ්‍ය අවස්ථාවන් සලසා දිය යුතු යැයි ද, ඒ සඳහා පෞද්ගලික අංශයේ සේවකයින්ට සේවක අර්ථසාධක අරමුදල හෝ සේවක භාරකාර අරමුදල හරහා නොමිලයේ පහසුකම් සලසා දිය යුතුයැයි ද, රජයේ සේවකයන් හෝ සේවා වියුක්තිකයන් සඳහා සම්පූර්ණ වියදම රජය විසින් ජනාධිපති අරමුදල හරහා සැපයිය යුතුයැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, ලෝක පරිසරය ආරක්ෂා කිරීම, ශ්‍රී ලංකාව, ලෝක පරිසරය ආරක්ෂා කිරීම කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතු අතරම ගෝලීය උණුසුම වැළැක්වීමට විශේෂයෙන් පියවර ගතයුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, පාර්ලිමේන්තුවේ වැඩකටයුතු විකාශනය කිරීම, රූපවාහිනිය හෝ අන්තර්ජාලය හරහා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සජීවීව හෝ පරීක්ෂිතව විකාශනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, එතෙර ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර දීම, එතෙර ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරි මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, විද්‍යූත් ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් හඳුන්වාදීම, යල් පැන ගිය වර්තමාන ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය වෙනුවට විද්‍යූත් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු අජිත් කුමාර මහතා, ගාලු කොටුව හා ඒ ආශ්‍රිත ඓතිහාසික හා පුරා විද්‍යාත්මක උරුමයන් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම හා නිසි ප්‍රයෝජන ලබා ගැනීමට කටයුතු කිරීම, සංචාරක කර්මාන්තයේ ඉතා වැදගත් මධ්‍යස්ථානයක් වූ ද, ඓතිහාසික හා පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු වූ ද, ලෝක උරුමයක් ලෙස සැලකෙන ගාලු කොටුපවුර, ගාලු කොටුව ඇතුළත හා ගාලු කොටුව ආශ්‍රිතව ඇති ඓතිහාසික හා පුරා විද්‍යාත්මක උරුමයන් ආරක්ෂා කිරීමටත්, ප්‍රවර්ධනය කිරීමටත්, ඒ හා සම්බන්ධ රාජ්‍ය ආයතන හා ජන සහභාගීත්වය ඇතිව විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කරමින් අප රටට මෙම ඓතිහාසික උරුමයේ නිසි ප්‍රයෝජන ලබා ගැනීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, ඡන්ද හිමි නාම ලේඛනය නිරතුරුව යාවත්කාලීන කිරීම, ඡන්ද හිමි නාම ලේඛනය මුළු වර්ෂයෙන්ම දින තිහක කාලයක් සඳහා පමණක් යාවත්කාලීන වන ලයිස්තුවක් නොව නිරතුරුවම යාවත් කාලීන වන විවෘත ලැයිස්තුවක් විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, විදේශ රැකියාවල නියුතු අය සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබාදීම, විදේශ ගතවී ඉතා අපහසුවෙන් උපයාගත් ධනය ශ්‍රී ලංකාවේ ධන සම්පත්තිය වැඩිකිරීම සඳහා එවන විදේශ රැකියාවල නියුතු අය ඇගයීම පිණිස විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබා දීම සඳහා පියවර ගත යුතු බව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, 2009 මැයි 19 දිනට පෙර සේවයේ සිටි සන්නද්ධ සේනාවන් සඳහා විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වසර පහක සේවා කාලය සම්පූර්ණවු පසු විශ්‍රාම වැටුප් ලැබීමට සුදුසුකම් ලබන බැවින් සන්නද්ධ සේනාවන්වල අවුරුදු 22 ක කාලය සම්පූර්ණ නොකළද 2009 වර්ෂයේ මැයි 19 වන දිනට පෙර ක්‍රියාකාරී සේවයේ යෙදී සිටි යුධ සෙබළුන්ට ද විශ්‍රාම වැටුප් ලබා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, දුබල හා එහා මෙහා යා නොහැකි පුද්ගලයන් සඳහා විශේෂ සැලසුම් හදුන්වාදීම, නීතියේ සඳහන් වන පරිදි දුබල හා එහා මෙහා යා නොහැකි පුද්ගලයන්ගේ පහසුව තහවුරු කිරීමට හා ඔවුන් සතු ඵලදායීතාව වර්ධනය කිරීම සඳහාත් ඔවුන් අනවශ්‍ය ලෙස අනුන් මත යැපීම අවම කිරීම සඳහාත් සියලු නව රජයේ ගොඩනැගිලිවල විශේෂිත සැලසුම් ක්‍රමයක් ඇතිකළ යුතු බව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම, ලියාපදිංචිවූවද ඡන්දය ප්‍රකාශකිරීමට අවස්ථාව නොලැබුනු ඡන්දදායකයන් බොහෝ සංඛ්‍යාවක් සිටින බැවින් වයස අවුරුදු 18 ට වැඩි සියලුම පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දිය යුතු බව සහ ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන්වූ නමුත් ඡන්දය ප්‍රකාශ නොකරන පුද්ගලයන්ගෙන් දඩ මුදලක් අයකළ යුතුබව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, දුෂණයෙන් තොර ලෝකයක් තහවුරු කිරීම, දූෂණය මුලින් උපුටා දැමීම සඳහා ලෝකයේ පාර්ලිමේන්තු සංවිධාන සමඟ එක්වී ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතු බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, මුළාවට ලක්වු තැන්පත්කරුවන්ට තම මුදල් නැවත ගෙවීම, ව්‍යාජ මූල්‍ය ආයතනවල තම මුදල් තැන්පත්කර එමඟින් මුළාවට ලක්වූ බොහෝ දෙනෙක් සිටින බැවින් හා පසුගිය 2009/2010 මැතිවරණ ව්‍යපාරයේදී මෙම රජය විසින් තැන්පත්කරුවන් සහ මූල්‍ය ආයතනවලට ඔවුන්ගේ හිඟ මුදල් නැවත ගෙවීමට පොරොන්දුවී ඇති බැවින්, මහ බැංකුව මෙම ආයතනවල භාරකරු හෙයින් වඩා කාර්යක්ෂම ලෙස කටයුතු කළ යුතු බවත්, තැන්පත්කරුවන්ට තම හිඟ මුදල ලබා දීමට රජය ඉදිරිපත් විය යුතු බවත්, මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, සාමවිනිසුරු තනතුරු ලබා දීමේ දී විධිමත් ක්‍රම වේදයක් සකස් කිරීම, මුළු මහත් සමාජයම පොදුවේ පිළිගනු ලබන සහ සමාජයට විශාල සේවාවක් සපයනු ලබන තනතුරක් වන සාම විනිසුරු තනතුරු ලබා දීමේදී ඒ සඳහා සුදුසු නිර්නායක පදනම් කොට ගෙන එම තනතුරු ලබා නොදීම නිසා එම තනතුරෙහි ගෞරවය හා පොදු පිළිගැනීම ක්‍රමයෙන් හීන වන බැවින් ඒ සඳහා පොදුවේ පිළිගත හැකි නිර්නායක පදනම් කර ගන්නා වූ ක්‍රමවේදයක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, සුනාමි ඛේදවාචකයෙන් ඇතිවූ ගැටලු විසඳීම, සුනාමි ඛේදවාචකය හේතුවෙන් කුමන හෝ ආකාරයේ ගැටලුවකට මුහුණ දී මේ වන තෙක් නොවිසඳී පවතින ගැටලු තිබේ නම්, ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් කොට්ඨාස මට්ටමින් සොයා බලා ඔවුන් මුහුණ දී ඇති හා දැනටත් මුහුණ දෙනු ලබන ගැටලු අවම කිරීම සඳහා කාර්යක්ෂම වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, ගෘහස්ථ ශ්‍රමිකයින් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම, ශ්‍රී ලංකාවේ විවිධ රැකියා උත්පාදන ක්ෂේත්‍ර තුළ විවිධ නිෂ්පාදන කටයුතු කරන දස ලක්ෂයකට ආසන්න ගෘහස්ථ ශ්‍රමිකයින් සඳහා දේශපාලන බල අධිකාරිය ඒ සඳහා සබැඳි සියලු ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයින්, උගතුන් හා බුද්ධිමතුන්ගෙන් මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හි ද සහාය ලබා ගනිමින් විධිමත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කොට එය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, වී වගා කළ නොහැකි කුඹුරු ඉඩම් ඵලදායි කටයුතු සඳහා යොදා ගැනීම, කුඹුරු ඉඩම් ගොඩ කිරීමේ නීතිය උල්ලංඝනය නොවන පරිදි, විධිමත් අධ්‍යයනයකින් හඳුනා ගැනීමෙන් පසු කිසිසේත්ම වී වගා කළ නොහැකි කුඹුරු ඉඩම්වල ඵලදායී කෘෂි නිෂ්පාදන පමණක් වගා කිරීමටත් ,ඉදිකිරීම් කටයුතු සඳහා කිසිසේත්ම ඉඩ ප්‍රස්ථා නොලැබෙන ආකාරයේ වැඩසටහන් සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, රාජ්‍ය සේවයේ විශ්‍රාමකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම, වැටුප් ප්‍රතිශෝධන චක්‍ර ලේඛයට අනුව 2006.06.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පරිවර්තනය කිරීම නිසා 2006.06.01 දිනට පෙර විශ්‍රාම ගිය සහ ඉන්පසු විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් අතර දැඩි වැටුප් විෂමතාවක් පවතින බැවින් එය ඉවත් කිරීමට ජාතික වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, දිස්ත්‍රික් මට්ටමින් තොරතුරු මධ්‍යස්ථාන ඇති කිරීම, භූගෝලීය පිහිටීම, ඓතිහාසික පසුබිම, වගාකරන භෝග වර්ග, මාර්ග පද්ධතිය, රජයේ කාර්යාල, පාසල්, විශ්වවිද්‍යාල, දුම්රිය ස්ථාන සහ බස් නැවතුම් පොළවල් ආදි සියලුම තොරතුරු පරිගණක ගත කරන ලද හා ලේඛන ගත කරන ලද තොරතුරු මධ්‍යස්ථාන ඇති කිරීමටත්, එහි පළමු පියවරේදී පළාත් මට්ටමින්, දෙවැනි පියවර ලෙස දිස්ත්‍රික් මට්ටමින් සහ තෙවැනි පියවර ලෙස ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් මෙම මධ්‍යස්ථාන ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, ශ්‍රී ලංකාවේ දහම් පාසල් අධ්‍යාපනය හා පරිපාලනය විධිමත් කිරීම, ශ්‍රී ලංකාවේ සියලුම ආගම්වල දහම් පාසල් අධ්‍යාපනය හා පරිපාලනය වඩාත් විධිමත් කිරීමට සහ බෞද්ධ දහම් පාසල් තුළ පවත්නා දහම් අවසාන හා ධර්මාචාර්ය විභාග මෙන්ම සියලුම ආගම්වල දහම් පාසල් තුළ පැවැත්වෙන ඒ හා සමාන විභාග සහතික පත්‍ර සඳහා නිසි පිළිගැනීමක් ලබා දීමට, දහම් පාසල් සඳහා අඛණ්ඩව මානව සම්පත් හා භෞතික සම්පත් ලබා දීමෙන් දහම් පාසල් සඳහා පැමිණෙන සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමට කඩිනම් වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, සුනඛයින්, බළලුන් වැනි සුරතල් සතුන් ඇති කිරීම සම්බන්ධ නීති සම්පාදනය, නිවෙස්වල හෝ අලෙවි කිරීම සඳහා ඇති කරන සුනඛයින්, බළලුන් වැනි සුරතල් සතුන් පළාත් පාලන ආයතනවල ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ යුතු අතර, එම සතුන්ගේ පැටවුන් අලෙවි කිරීම නීත්‍යානුකූලව අවසර ලත් මධ්‍යස්ථානවලදී පමණක් සිදු කළ යුතු බවත්, එසේ නොවන ස්ථානවල ඇති කරන ගැහැණු සතුන් අනිවාර්යයෙන්ම වන්ද්‍යාකරණයට ලක් කිරීමටත්, අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, රැකියා වෙළඳපොළට අවශ්‍ය ශමිකයින් පුහුණු කිරීම , අනාගත ශ්‍රී ලංකා වේ බිහිවන නව රැකියා අවස්ථා සඳහා අවශ්‍ය ශ්‍රමිකයින් පුහුණු කිරීමේ ක්‍රමවේදයකට මුල පිරීමේ කාර්යය වඩාත් කාර්යක්ෂම ලෙස රට තුළ පවත්නා සියලුම තෘතීක අධ්‍යාපන ආයතන මගින් ආරම්භ කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, රාජ්‍ය පරිපාලන ව්‍යූහය ප්‍රතිසංවිධානයකිරීම, දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ග්‍රාම නිලධාරී වසම් යළි සීමා නිර්ණය කිරීම සඳහා කටයුතු කරගෙන යමින් සිටින බැවින් එසේ සීමා නිර්ණය කරනු ලබන ග්‍රාම නිලධාරී වසම් තුළින් නව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සීමා සහ නව දිස්ත්‍රික් සීමා නිර්ණය කළ යුතු බවත්, මෙසේ නිර්ණය කරනු ලබන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය පළාත් පාලන ආයතන බල ප්‍රදේශය බවට පත්කළ යුතු අතර එකී බල ප්‍රදේශයට කොට්ඨාස අධ්‍යාපන බල ප්‍රදේශය, පොලිස් බල ප්‍රදේශය, ගොවිජන සේවා බල ප්‍රදේශය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරී බල ප්‍රදේශය ඇතුළු සියලු රාජ්‍ය ආයතනයන්හි බල ප්‍රදේශ සීමා සංයුක්ත වන පරිදි සමස්ත රාජ්‍ය ව්‍යූහයම ප්‍රතිසංවිධානය විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, නිල්වලා ගඟ ව්‍යාපාරයේ ඉදිරි සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීම, මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ව්‍යාපාරයේ සංවර්ධන කටයුතු අතර මග ඇන හිටීමෙන් එම මිටියාවතේ පෝෂක ප්‍රදේශයන්හි භව භෝග වගා කරන ජනතාවට මුහුණ පෑමට සිදුවී ඇති ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගත යුතු බවත්, නිල්වලා ගඟ ව්‍යාපාරයේ ඉදිරි සංවර්ධන කටයුතු කඩිනමින් යළි ආරම්භ කළ යුතු බවත් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයිනගේ නිල කාලයට පසුද සාමවිනිසුරු පදවිය ලබාදීම, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ට දෙනු ලබන සාම විනිසුරු තනතුරු ඔවුන්ගේ නිල කාලයට පමණක් සීමාවන බැවින්, නිල කාලයෙන් පසුවත් ඔවුන්ගෙන් එම සේවාව ලබා ගැනීම සඳහා පැමිණෙන විශාල පිරිසක් අපහසුතාවයට පත්වන බැවින්, එම මහජන නියෝජිතයන්ට තම නිල කාලයෙන් පසුවත්, සාම විනිසුරු තනතුරු ලබා දීම සඳහා සුදුසු වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, පළාත් සභා ජනතා නියෝජිතයන්ගේ දීමනා හා වරප්‍රසාද පිළිබදව නැවත සලකා බැලීම, දිවයිනේ දැනට ක්‍රියාත්මක වන පළාත් සභා හා ඉදිරියේදී විධිමත්ව ක්‍රියාත්මකවීමට නියමිත උතුරු පළාත් සභාවේ ගරු අමාත්‍යවරුන්, සභාපතිවරුන්, උප සභාපතිවරුන්, ආණ්ඩු පාර්ශ්වයේ සංවිධායකවරුන්, සභා නායකවරුන්, විරුද්ධ පාර්ශ්වයේ නායකවරුන්, විරුද්ධ පාර්ශවයේ ප්‍රධාන සංවිධායකවරුන් සහ ගරු මන්ත්‍රීවරුන්ගේ දීමනා, වරප්‍රසාද හා පහසුකම් ක්‍රමවත් තත්වයක නොපවතින බැවින් මේ පිළිබදව ගැඹුරින් සලකා බලා ඒ සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, පළාත් පාලන ආයතන වල සියලුම මහජන නියෝජිතයින්ගේ දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීම, දිවයිනේ ක්‍රියාත්මක වන හා ඉදිරියේදී ක්‍රියාත්මකවීමට නියමිත සියලුම මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභාවන්හි පුරපතිවරයන්, නගරාධිපතිවරයන්, සහාපතිවරයන්, නියෝජ්‍ය පුරපතිවරයන්, නියෝජ්‍ය නගරාධිපතිවරයන්, උප සභාපතිවරුන්, විපක්ෂනායකවරයන් හා මන්ත්‍රීවරයන්ගේ දීමනා, වරප්‍රසාද සහ අනෙකුත් පහසුකම් ක්‍රමවත් තත්වයක නොපවතින බැවින් මේ පිළිබඳව ගැඹුරින් සලකා බලා ඒ සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, උතුරු නැගෙනහිර අතුරුදහන් වූ දෙමළ ජනතාවට මරණ සහතික ලබා දීම, උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද්ධය පැවති පසුගිය දශක තුනක පමණ කාලය තුළ විවිධ හේතූන් නිසා අතුරුදහන් වී ඇති පුද්ගලයන් මේ වන විට ජීවතුන් අතර සීටී ද නැද්ද යන්න කඩිනමින් පරීක්ෂණ පවත්වා ඔවුන් ජීවතුන් අතර නොමැති නම් ඔවුන් සදහා මරණ සහතික ලබා දිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, ජාතික තරුණ ප්‍රතිපත්තියක් සකස් කිරීම, සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත විශේෂ කාරක සභාවක් පත්කර ශ්‍රී ලංකාවට යෝග්‍යවූ ජාතික තරුණ ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ කළ යුතුයැයි ද, ඒ සඳහා ඒ හා සබැඳි සියලු ක්ෂේත්‍රයන් නියෝජනය වන පරිදි ප්‍රවීණයන්, උගතුන් හා බුද්ධිමතුන්ගෙන් මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හි සහාය ලබා ගත යුතුයැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, රජයේ පාසල් හා විශ්වවිද්‍යාල නිවාඩු දිනවලදී එම මධ්‍යස්ථාන අධ්‍යාපන ඒකක සඳහා ලබාදීම, රජයේ පාසල් නිවාඩු කාලයේදී සහ සවස් වරුවලත් විශ්වවිද්‍යාල නිවාඩු දිනවලත් එම මධ්‍යස්ථාන මුල් කොට ගෙන ව්‍යාපාරික ප්‍රජාව, රාජ්‍ය නොවන සංවිධාන, වාණිජ මණ්ඩල, ප්‍රජා මූල සංවිධාන සම්බන්ධ කර ගන්නා වූ පුළුල් වැඩ පිළිවෙළක් වශයෙන් වැඩිහිටි හා නොවිධිමත් අධ්‍යාපන ඒකක සහනදායී ගාස්තු පදනමක් මත ආරම්භකළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, පුරප්පාඩු වන ග්‍රාම නිලධාරී තනතුරු වල වැඩ බැලීමේ පත්වීම් සඳහා කාර්යක්ෂම වැඩ පිළිවෙළක් සකස් කිරීම, ග්‍රාම නිලධාරී තනතුරක පුරප්පාඩු ඇති වූ විට ආසන්න ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයා වැඩ බැලීම සඳහා පත් කරනු ලබන්නේ ඉතා සුළු දීමනාවක් යටතේ බැවින් ද, මෙම වැඩ බැලීමේ පත්වීම් තුළින් ග්‍රාම නිලධාරී වසම් දෙකෙහිම කාර්යක්ෂමතාව බිඳ වැටෙන බැවින්ද, එම තත්වය මග හරවා ගැනීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ග්‍රාම නිලධාරී සංචිතයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ පිහිටුවිය යුතු අතර පුරප්පාඩු සිදුවන වසම සඳහා එකී සංචිතය තුළින් ග්‍රාම නිලධාරීන් පත් කිරීම සහ එම සංචිතය තුළ සිටින ග්‍රාම නිලධාරීන්ට ප්‍රාදේශීය ලේකම් විසින් පවරනු ලබන වෙනත් ඵලදායී ක්ෂේත්‍ර හෝ රාජකාරී සඳහා යෙදවීමේ වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, වර්තමානයේ ක්‍රියාත්මක වන සිවිල් ආරක්ෂක කමිටුවලට නිල පිළිගැනීමක් ලබා දීම, සෑම ග්‍රාම නිලධාරී වසමකම පිහිටා ඇති ආගමික සිද්ධස්ථානයන්හි නායක ස්වාමීන්වහන්සේ, පූජකතුමා, විදුහල්පතිතුමා, ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ සහකාරවරයා, ජන සභා ලේකම්වරු, ප්‍රදේශයේ පොලිස් ස්ථානය නියෝජනය කරන නිලධාරියකු සහ එම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ස්වේච්ඡා සංවිධාන, රාජ්‍ය හා පෞද්ගලික අංශ වල සේවය කරන අදාළ වසමේ පදිංචිව සිටින නියෝජිතයින්ගෙන් සමන්විත සිවිල් ආරක්ෂක කමිටු ගොඩනැගීමට වඩාත් පහසුවීම සඳහා වර්තමාන සිවිල් ආරක්ෂක කමිටුවලට නිල පිළිගැනීමක් ලබා දිය හැකි පරිදි පාර්ලිමේන්තු පනතක් සම්මත කළ යුතු යැයි ද, ඒ තුළින් ග්‍රාම නිලධාරී වසම තුළ සිදුවන අපරාධ හා දුරාචාර, නීති විරෝධී කටයුතු පිළිබද අදාළ අංශ සමඟ මනා සම්බන්ධීකරණයක් ගොඩනැගීමට හැකි වන පරිදි අදාළ නීති සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, දිවයින තුළ දැනට ක්‍රියාත්මක වන යල් පැන ගිය නීති අණපනත් යාවත්කාලීන කිරීම, ශ්‍රී ලංකාවේ මේ වනවිටත් අධිරාජ්‍යවාදී යුගයේදී හඳුන්වාදෙන ලද නීති අණපනත් ක්‍රියාත්මකවන බැවින් එම නීති අණපනත් යළි අධ්‍යනය කිරීමේ කමිටු පත්කර, යල් පැනගිය දඬුවම්, දඩ මුදල් ආදිය යාවත්කාලීන කිරීමේ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, සියලු මැතිවරණ එකම දිනක පැවැත්වීම, ශ්‍රී ලංකාව තුළ 1988සිට 2010දක්වා වසර 22 ක කාලය තුළ වසරවලදී හැර අන් සෑම වසරකදීම කිසියම් මැතිවරණයක් පවත්වා ඇති අතර, එසේ මැතිවරණ පැවැත්වීම ජනතා මතය සලකා බැලීම සඳහා වටිනා නිර්ණායකයක් වුවද, මේ තුළින් රටේ ආර්ථිකය, පරිපාලනය ආදි සෑම ක්ෂේත්‍රයකටම දැඩි බලපෑමක් ඇති කරන බැවින් පළාත් පාලන මැතිවරණ, මහා මැතිවරණ සහ ජනාධිපතිවරණය එකම දිනයකදී පැවැත්වීමට හැකි වන පරිදි එකී ආයතනවල නිල කාලය සංශෝධනය කිරීමටත්, ගැලපෙන මැතිවරණ ක්‍රමවේදයක් නිර්මාණය කිරීමටත් සුදුසු පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට කටයුතු කිරීම, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව පාර්ලිමේන්තුව හා පළාත් සභා අතරත්, පළාත් සභා හා පළාත් පාලන ආයතන අතරත් මනා සම්බන්ධීකරණයක් පවත්වා ගෙන යාම අත්‍යාවශ්‍ය වන අතර ඒ සඳහා පළාත් පාලන ආයතන ප්‍රධානීන්, පළාත් සභා තුළ නියෝජනයවීම සහතිකවනු පිණිස ද, පළාත් සභා ප්‍රධානීන් පාර්ලිමේන්තුව තුළ නියෝජනය වීම සහතිකවනු පිණිසද ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, ජාතික ඒකාග්‍රතාව ඇති කිරීමට පියවර ගැනීම, ජාතික ඒකාග්‍රතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දෙමළ භාෂාව කථා කරන ජනතාව ජීවත් වන ප්‍රදේශවල සිංහල භාෂා පුහුණු වැඩ සටහන් ද, සිංහල භාෂාව කථා කරන ජනතාව ජීවත් වන ප්‍රදේශවල දෙමළ භාෂා පුහුණු වැඩසටහන් ද, රාජ්‍ය, රාජ්‍ය නොවන හා පෞද්ගලික ආයතනයන්හි සහයෙන් ක්‍රියාත්මක විය යුතු අතර රාජ්‍ය හා පෞද්ගලික විද්‍යූත් මෙන්ම මුදිත මාධ්‍ය ආයතනවල සහයෝගය ලබාගනිමින් මෙම පුහුණු වැඩ සටහන් ආරම්භ කිරීම සඳහා ජාතික වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, කලත්‍රයාගේ නොමනා කියා නිසා අසරණභාවයට පත්වන පාර්ශවයට සහන සලසා දීම, විවාහක අඹුසැමි යුවලක් එකම වහලක් යට ජීවත්ව සිටින අවස්ථාවලදී පුරුෂයා හෝ බිරිඳ සුරාව, සූදුව සහ වෙනත් අපචාරී කටයුතුවල යෙදෙමින් ඉඩම් හෝ ගේ දොර බඩු මුට්ටු තම පෞද්ගලික අභිමතය පරිදි විකුණමින් හෝ අන් අයට පවරමින් හැසිරීම නිසාවෙන් අනෙක් පාර්ශවයත් සමඟ දරුවන් දැඩි අසරණභාවයට පත් වන අවස්ථාවලදී එම තත්වය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, චර්යා ධර්ම පිළිබඳ කාරක සභා ඇතිකිරීම, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්වාසවන්තභාවය හා ඔවුන් තුළ උසස් ආචාර ධර්ම පවත්වාගෙන යාමේ අවශ්‍යතාව නිසා ඒ පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා චර්යාධර්ම පිළිබඳ කාරක සභාවක් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, නව ඉලෙකට්‍රොනික් හැඳුනුම්පතක් නිකුත් කිරීම, පරිපාලනය පහසු කිරීම, අපරාධ මැඩලීම සඳහා හා වෙනත් වංචනික ක්‍රියාවලට යොමුවීම අවම කිරීම සඳහා අදාළ පුද්ගලයාගේ රුධිර ගණය, බැංකු ගිණුම්, ක්‍රෙඩිට් කාඩ්, අධ්‍යාපන සුදුසුකම්, රියදුරු බලපත්‍ර හා විදේශ ගමන් බලපත්‍ර අංක ආදී වැදගත් හා අවශ්‍ය තොරතුරු ඇතුළත් නව ඉලෙක්ට්‍රොනික අංකයක් සහිත ජාතික හැඳුනුම්පතක් නිකුත් කළ යුතු බවත් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයන්හි ජීවත්වන සියලු දෙනාගේ තොරතුරු ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් පරිගණක ගත කිරීම කඩිනමින් කළ යුතු බවත් එම තොරතුරු වරින්වර යාවත්කාලීන කළයුතු බවත් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, පොලිස් නිලධාරීන්ට ද අවුරුදු විස්සක සේවා කාලයකින් පසු විශ්‍රාම යාමට අවස්ථාව ලබාදීම, පොලිස් දෙපාර්තුමේන්තුවේ කාන්තා පොලිස් නිලධාරිනියන් සඳහා වන විසි වසරක සේවා කාලයකින් පසු ස්ව කැමැත්තෙන් විශ්‍රාම යාමේ හැකියාව, පොලිස් නිලධාරීන් සඳහා ද අදාළ වියයුතු යැයි ද ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුයැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, රෙගුලාසි ඉවත් කිරීමේ කාරක සභා ඇති කිරීම , රෙගුලාසි තැනීම මෙන්ම රෙගුලාසි ඉවත් කිරීමද නිතර සිදුවන ක්‍රියාවලියක් බැවින් කල් පැන ගිය රෙගුලාසි ඉවත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා රෙගුලාසි ඉවත් කිරීමේ කාරක සභා ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, සිවිල් ආරක්ෂක බලකායට අයත් නිලධාරීන්/ නිලධාරිනියන් සේවයේ ස්ථිර කිරීම, සිවිල් ආරක්ෂක බලකායට අයත් නිලධාරීන් හා නිලධාරිනියන් සඳහා ද රජයේ අනෙකුත් ආරක්ෂක අංශවල සේවයේ නියුතු නිලධාරීන් හා නිලධාරිනියන්ට මෙන් වැටුප්, දීමනා, ස්ථිර සේවය සහ විශ්‍රාම වැටුප් සහිත රජයේ වෙනත් දෙපාර්තුමේන්තුවල මෙන් පිළිගත් නිල තත්ත්වයක් ලබාදිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, සහතික වීම පිලිබඳ කාරක සභා ඇති කිරීම, පාර්ලිමේන්තුවේ අසන ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් රජය දෙන සහතික හා රජයේ බැඳීම් ඇතැම් විට කඩ වන අවස්ථා දක්නට ලැබෙන බැවින්, රජය සිය වගකීම් ඉටු කරන බවට සහ ඒවා පිළිබඳව වග කියන බවට සහතික වීම සඳහා සහතික වීම පිලිබඳ කාරක සභා ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු. (අල්හාජ්) ඒ.එච්.එම්. අස්වර් මහතා, තල් ගස් වගාව දිරිමත් කිරීම, කට්පගතරු යන නමින් හැඳින්වෙන පොදු ජනතාවට ඉමහත් ප්‍රයෝජනවත් වන තල් ගස් වගාව දිරිමත් කිරීමෙන් තල් ආශ්‍රිත නිෂ්පදන ප්‍රවර්ධනයට සියලු පියවර ගත යුතු බව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, දුම්රිය දෙපාර්තුමේන්තුව සතු ඉඩම්වල ඵලදායීතාව වැඩිකර ගැනීම, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව සතු ඉඩම්වල ඇති අනවසර ඉඳිකිරීම් හා අනවසර පදිංචිකරුවන් කඩිනමින් ඉවත් කර නීත්‍යානුකූල ඉදි කිරීම් සම්බන්ධ ගිවිසුම් නැවත සමාලෝචනය කිරීමෙන් දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායම් වර්ධනය කළ යුතු අතර, දෙපාර්තමේන්තුවේ සංවර්ධන කටයුතු සඳහා සෘජුවම බල නොපාන්නා වූ ඉඩම් දිගුකාලීන බදු පදනමක් මත පෞද්ගලික අංශයට ලබාදී එම මුදල් දුම්රිය පද්ධතිය නවීකරණය සදහා යොදා ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, යාචකයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසීම, මේ වන විට යාචකයින්ගේ ජීවිතවලට විශාල ලෙස තර්ජන එල්ල වී තිබෙන බැවින් ඔවුන්ගේ ජීවිතවල සුරක්ෂිතතාව රැකදීම උදෙසා, ඔවුන්ට වගා කිරීම සඳහා ඉඩම් ලබා දී ඉන් ලැබෙන ආදායමෙන් ඔවුන්ගේ ජීවිතවල ආරක්ෂාව හා පෝෂණය සහතික කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, අයාලේ යන සුනඛයින්ගෙන් මිනිස් ජීවිතවලට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා ක්‍රමවේදයක් සැකසීම, අයාලේ යන සුනඛයින්ගෙන් මිනිස් ජීවිතවලට සිදුවන හානිය වළක්වා ගැනීමේ අරමුණින්, රජය මගින් භූමි ප්‍රමාණයක් වෙන්කොට එම ස්ථානයට නිදැල්ලේ යන සුනඛයින් ගෙන ගොස් ඔවුන් රැක බලාගැනීම සඳහා සුදුසු වැඩ පිළිවෙලක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, ළමා අපචාර සිද්ධීන් සඳහා දැඩි දඬුවම් පැනවීම, දිවයින පුරා ළමා අපචාර හා අපයෝජනයන් දිනෙන් දින සීඝ්‍රයෙන් වර්ධනය වීමේ තත්ත්වයක් ඇති වී තිබෙන බැවින් ඒ සම්බන්ධව දැනට පවත්නා නීති රෙගුලාසි ප්‍රමාණවත් නොවන්නේ නම්, නව නීති රෙගුලාසි අලුතින් සම්මත කොට ඉතා කඩිනමින් මේ සම්බන්ධ නඩු විසඳීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා වෙරළ පිවිසුම් මාර්ග ඇති කිරීම, දිවයිනේ වෙරළබඩ කලාපය තුළ සීඝ්‍රයෙන් සිදුවන ඉදිකිරීම් නිසාවෙන් දේශීය, විදේශීය සංචාරකයන්ට මෙන්ම ධීවරයන්ට ද වෙරළ තීරයට පිවිසීමේදී අවහිරතා ඇතිව තිබීම සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට මෙන්ම ධීවර කර්මාන්තයට ද බාධා ගෙන දෙන බැවින් එම තත්ත්වය වළක්වාලීම සඳහා මෙන්ම මෙම ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව වෙරළ පිවිසුම් මාර්ග පද්ධතියක් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම, විදුහල්පති සේවය, ගුරු අධ්‍යාපන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය යන සේවාවල දැඩි වැටුප් විෂමතාවක් පවතින බැවින්, එම තත්ත්වය මඟ හරවා ඔවුන්ගේ ආත්මාභිමානයට සරිලන වැටුපක් ලැබෙන පරිදි වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, බෞද්ධ භික්ෂු අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම, බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ධර්ම ඥානය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව උන්වහන්සේලාගේ කථන හැකියා, ශ්‍රවණ හැකියා, පරිගණක, මනෝ විද්‍යාත්මක සහ උපදේශනය පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීම උදෙසා දැනට පවත්නා භික්ෂු අධ්‍යාපන ආයතනවලට පරිබාහිරව මෙම කටයුතු සඳහාම වෙන් වූ භික්ෂු අධ්‍යාපන ආයතන ඇති කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වන නොතාරිස් සේවාව යාවත්කාලීන කිරීම, දිවයින තුළ ක්‍රියාත්මක වන නොතාරිස් සේවය යල්පැන ගිය නීතිවලින් සකස් වී ඇති නිසා ඒ පිළිබඳව යළි සලකා බලා වර්තමානයට ගැලපෙන ලෙස නීති හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, වියළි කලාපීය හේන් ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම, වියළි කලාපීය ප්‍රදේශවල හේන් ගොවීන් විසින් වගා කරනු ලබන වී, කුරක්කන්, මුං, තල වැනි වගාවන්හි අස්වැන්න වැඩි කර ගැනීම සහ නිෂ්පාදන සකස් කිරීම සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම තුළින් උසස් ගුණාත්මක තත්ත්වයෙන් යුතු නිෂ්පාදන සකස් කිරීම සඳහාත්, දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළ තුළ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ පදනම ශක්තිමත් කර ගැනීම සඳහාත් සීමිත සමූපකාර සමාගම් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, ගුරු උපදේශක සේවාවක් ඇති කිරීම, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණ ඇතිව මීට වසර විස්සකට(20) පමණ පෙර සිට ආරම්භ වී ක්‍රියාත්මක වන ගුරු උපදේශක තනතුරු වෙනම ගුරු උපදේශක සේවා ඵ්කකයක් ලෙස ස්ථාපනය කල යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රුවන් රණතුංග මහතා, අතුරු බෙදීම් තහනම් නිකුත් කර ඇති රජයේ දීමනා පත්‍ර ඉඩම්වල අතුරු බෙදීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීම, ජය භූමි, ස්වර්ණ භූමි, රත්න භූමි ආදී රජයේ ඉඩම් දීමනා පත්‍ර ලාභීන්ගේ ඉඩම්වල අතුරු බෙදීම් තහනම් වුවත්, මුල් ඉඩම්ලාභීන්ගේ දෙවන පරම්පරාවේ අයිතිය තහවුරු කිරීමටත්, ඔවුන්ගේ ගේ දොර වතුපිටිවල සංවර්ධන කටයුතු කිරීමටත් අතුරු බෙදීම් අවශ්‍යතා පැන නැගුණු විට, පළාත් කොමසාරිස්, ඉඩම් කොමසාරිස් සහ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා දැනට ක්‍රියාත්මක වන දීර්ඝ ක්‍රියාවලිය අවම කොට අතුරු බෙදීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමට අවශ්‍ය නීති හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, තිරිඟු පිටි වෙනුවට සහල් පිටි ජනතාව අතර ජනප්‍රිය කරවීම සඳහා නව තාක්ෂණය හඳුන්වා දීම, තිරිඟු පිටි සඳහා විදේශ රටවලට ඇදී යන විශාල ධනස්කන්ධය නවතාලීමේ අරමුණ ඇතිව ආදේශකයක් ලෙස භාවිතා කළ හැකි සහල් පිටිවලින් සැකසූ ආහාර ප්‍රචලිත කිරීම සඳහාත්, කෙඳි සහිත ධාන්‍ය වර්ගයක් වන සහල් වඩාත් සියුම් ලෙස තිරිඟු පිටි මෙන් අඹරා ගැනීම සඳහාත්, තිරිඟු පිටි ඇඹරීමට භාවිතා කරන ආකාරයේ යන්ත්‍ර සූත්‍ර සහ නව තාක්ෂණය හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, යුද්ධය නිසා ආබාධිතයන් බවට පත්වූවන්ට සහන සලසා දීම, වසර 30කට ආසන්න කාලයක් පැවැති යුද්ධය හේතුකොට ගෙන එදිනෙදා කුලී වැඩ කොට ජීවත් වූ ජනතාවත් ස්ථිර රැකී රක්ෂා කළ ජනතාවත් අතුරින් සැලකිය යුතු ප්‍රමාණයක් අංගවිකලව ආබාධිතව ජීවන බරින් මහත් පීඩාවට පත් වී අසරණව ජීවත් වන බැවින්, ඔවුන් සඳහා යම් මාසික දීමනාවක් ලබා දීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, සියලුම ප්‍රභූ ආරක්ෂකයින් සඳහා ගමන් වියදම් දීමනාවක් ලබා දීම, ජනාධිපති ආරක්ෂක සහ අගමැති ආරක්ෂක සේවයේ නියුක්ත නිලධාරීන්ට මෙන්ම අනෙකුත් ප්‍රභූ ආරක්ෂක සේවාවල නියුක්ත නිලධාරීන්ට ද සමාන ගමන් වියදම් දීමනාවක් ලබා දීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රුවන් රණතුංග මහතා, රාජ්‍ය බැංකුවල පොලී ගෙවීම සහ පොලී අයකිරීම අතර පවතින පරතරය අඩු කිරීම, රාජ්‍ය බැංකුවල සාමාන්‍ය ඉතුරුම් තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතය 4 % සිට 4.5 % දක්වාද ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතය 8 % පමණ ද වන අතර බැංකු විසින් නිවාස, ව්‍යාපාරික සහ කෘෂිකාර්මික වැනි ණය සඳහා අය කරනු ලබන පොලී අනුපාතය 12 % සිට 13 % ක් ද පමණ වන බැවින් ජනතාවට සහ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට අතදීම සඳහාත් ඔවුන් දිරිගැන්වීම සඳහාත් මෙම අයකරන පොලිය සහ ගෙවන පොලිය අතර පවතින පරතරය අඩුකිරීමට පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රුවන් රණතුංග මහතා, උපාධිධාරී ග්‍රාම නිලධාරීන් අගැයීම සඳහා දීමනාවක් ලබා දීම, රාජ්‍ය සේවය ගම් මට්ටමින් ජනතාවට ලබා දීම සඳහා සේවය කරන ග්‍රාම නිලධාරීන් අ.පො.ස. (උ/පෙළ) විභාගයෙන් පසුව තරඟ විභාග ලකුණු මත බඳවා ගෙන ඇතත්, දැනට සේවයේ යෙදී සිටින ග්‍රාම නිලධාරීන් අතුරින් 30 % ක් 40 % ක් පමණ පිරිසක් උපාධි සුදුසුකම් ලබා ඇති අතර එයට කිසිදු සැලකිල්ලක් මෙතෙක් දක්වා නැති බැවින් උපාධි සුදුසුකම අගැයීම සඳහා උපාධිධාරී ග්‍රාම නිලධාරීන්ට වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබා දීමට අවශ්‍ය පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රුවන් රණතුංග මහතා, ශ්‍රාස්තීය ග්‍රන්ථවල හැර දෛනික පුවත්පත් සහ වාර සඟරාවල බුද්ධ රූපය පළ කිරීම තහනම් කිරීම, දෛනික පුවත්පත්වල සහ වාර සඟරාවල බුද්ධ රූප සහ ප්‍රතිමා රූප කිසිදු පාලනයකින් තොරව අසීමිතව මුද්‍රණය කෙරෙන අතර එම පත්‍රිකා විවිධ භාණ්ඩ දවටන සහ වෙනත් අයෝග්‍ය කටයුතු සඳහා භාවිතා කිරීම බුදුරජාණන්වහන්සේට අගෞරවයක් වන බැවින් 2600 වැනි සම්බුද්ධ ජයන්තිය සැමරීම ද සැලකිල්ලට ගෙන මින් ඉදිරියට ශාස්ත්‍රීය ග්‍රන්ථවල හැර දෛනික පුවත්පත්, වාර සඟරා සහ වෙනත් පත්‍රිකාවල බුද්ධ රූප සහ ප්‍රතිමා රූප පළ කිරීම තහනම් කිරීම සඳහා අවශ්‍ය නීති හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා, ත්‍රීභාෂා ශ්‍රී ලංකාවක් සඳහා සහෝදර පාසල් වැඩසටහනක් ස්ථාපනය කිරීම, ත්‍රීභාෂා ශ්‍රී ලංකාවක් සඳහා වන දස අවුරුදු ජාතික සැලැස්මක් ඇති කිරීම ජාතික ඒකාබද්ධතාව සහ සමාජ සංහිඳියාව සඳහා ඉතා වැදගත් ක්‍රියා මාර්ගයක් බැවින්, කෙටි කාලීන නිරාවරණ වැඩ සටහන් යටතේ ශිෂ්‍යයන් සහ ගුරුවරුන් හුවමාරුව සඳහා සහෝදර පාසල් වැඩසටහනක් මගින් බහුතරයක් සිංහල භාෂාව කථා කරන ප්‍රදේශවල තිබෙන එක් එක් පාසල්, දෙමළ මාධ්‍ය පාසල් සමග සම්බන්ධ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය නැවත නම් කිරීම, නිදහස් අධ්‍යාපනයේ පියා වන දිවංගත ගරු (ආචාර්ය) සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාට ගෞරවයක් වශයෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය එතුමාගේ නමින් නැවත නම් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු අජිත් කුමාර මහතා, පූව්‍ර්‍ ළමා විය අධ්‍යාපනය පිළිබඳව ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීම, අප රට තුළ දරුවන්ගේ අධ්‍යාපනයේ ඉතා වැදගත් අවස්ථාවක් වන පූව්‍ර්‍ ළමා විය අධ්‍යාපනය ලබා දීම (පෙර පාසල් අධ්‍යාපනය) පිළිබඳව ජාතික වැඩපිළිවෙළක් සකස් කළ යුතු අතර පෙර පාසල් පාලිකාවන්ට විධිමත් පුහුණුවක් හා බඳවා ගැනීමේ ක්‍රමයක් සමගින් වැටුප් ක්‍රමයක් ද සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු අජිත් කුමාර මහතා, ගාල්ල දිස්ත්‍රික්කයේ ඓතිහාසික ස්ථාන පිළිබඳ නිබන්ධනයක් සකස් කිරීම, ගාල්ල දිස්ත්‍රික්කයේ ඓතිහාසික, පුරා විද්‍යාත්මක හා සංස්කෘතිකමය වශයෙන් වටිනා ස්ථාන සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදුකර ඒ පිළිබඳව ශාස්ත්‍රීය වශයෙන් වටිනාකමක් ඇති නිබන්ධනයක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, මැතිවරණ ක්‍රියාවලිය සහ මැතිවරණ පැවැත්වීම පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම, මැතිවරණ ක්‍රියා පටිපාටිය සහ මැතිවරණ පැවැත්වීම පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ස්ථිර පදනමකින් පත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, සේවක අර්ථසාධක අරමුදලින් සහ සේවක භාරකාර අරමුදලින් කඩිනමින් මුදල් ගෙවීම, සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ දායකත්වය දරන සියලුම සාමාජිකයින්ට ගෙවිය යුතු මුදල් ක්‍රියාකාරී සේවයෙන් විශ්‍රාම ගෙන එක් මසක් ගතවීමෙන් අනතුරුව ගෙවීම සඳහා විධිවිධාන සැළසිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, රාජ්‍ය මාධ්‍යවල අපක්ෂපාතීත්වය තහවුරු කිරීම, රාජ්‍ය මාධ්‍ය ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පමණක්ම හිමි වූ තනි අයිතිවාසිකමක්වන නිසාත්, රජයේ මාධ්‍ය නිරන්තරවම දේශපාලනීකරණයට ලක්වීමක් සිදුවී තිබෙන නිසාත් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී සිටින සියලුම දේශපාලන පක්ෂවලට රාජ්‍ය මාධ්‍ය තුළින් සමාන ලෙස සැලකීම සහ සමාන ලෙස අවස්ථාවන් ලබාදීම තහවුරු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, රාජ්‍ය සේවයේ භාෂා ප්‍රවීණත්වයේ අවශ්‍යතාව, වර්ෂ 2025 වන විට සියලුම රජයේ සේවකයන්ට සිංහළ, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම වැඩ කටයුතු කිරීමට, ලිපි හුවමාරු කර ගැනීමට සහ කථා කිරීමට හැකි වීම රජය විසින් අනිවාර්ය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කරදීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා වෙත, දළ ජාතික නිෂ්පාදිතයෙන් 1% කට සමාන වූ විමධ්‍යගත අයවැය මුදලක් වාර්ෂිකව වෙන්කළ යුතු බවත් එම වෙන්කිරීමෙන්, 50% ක් ප්‍රාග්ධන වියදම් වශයෙන් උපයෝගීකර ගැනීමටත් ශේෂය රජයේ නිර්ණායක මත පදනම් ව තම ඡන්ද දායකයින් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අභිමතය පරිදි කවර හෝ පදනමකින් උපයෝගී කර ගැනීම සඳහාත් හිමිකම් ලබා දිය යුතු බවත් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, විශ්වවිද්‍යාල මගින් පවත්වාගෙන යන පාඨමාලාවන් රැකියාභිමුඛ පාඨමාලාවන් බවට පත්කිරීම, දිවයිනේ සියලුම රජයේ විශ්ව විද්‍යාල සහ පෞද්ගලික විශ්ව විද්‍යාල මගින් පවත්වාගෙන යන ශාස්ත්‍රීය අධ්‍යාපනයම සඳහා වූ උපාධි පාඨමාලාවන් රැකියාභිමුඛ වෘත්තීයමය උපාධි පාඨමාලාවන් බවට පරිවර්තනය කර එමගින් බිහිවන්නා වූ උපාධිධාරීන් වෙත නව රැකියා සපයා දීමේ අරමුණ ඇතිව, සියලුම විශ්ව විද්‍යාල සමඟ රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සම්බන්ධීකරණය සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු බුද්ධික පතිරණ මහතා, පාසල් සිසුන් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථ සඳහා නිසි ප්‍රමිතීන් නියම කිරීම, දිවයින පුරා පවත්වාගෙන යනු ලබන පාසල් සිසු ප්‍රවාහන සේවාවන් නියමිත ප්‍රමිතියෙන් නොපවතින බැවින් සහ ඇතැම් පාසල් වෑන් රථ සේවකයින්ගේ පැවතුම් යහපත් තත්ත්වයෙන් නොපවතිත බැවින්, නිසි ප්‍රමිතියෙන් යුතු වෑන් රථ සේවාවක් පවත්වාගෙන යෑම සඳහාත්, එම සේවාවන් ලබාගන්නා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත්, වෑන් රථ සේවාවන් සඳහා ප්‍රමිතීන් හඳුන්වාදිය යුතුයැයි ද, වෑන් රථ සේවකයින් තුළ යහපත් පැවතුම් පවත්වාගෙන යාම සඳහා විනය නීති මාලාවක් හඳුන්වා දිය යුතුයැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා, පොල් කර්මාන්තයෙහි සහ පොල් සම්පත්වල සංවර්ධනය හා ප්‍රවර්ධනය විධිමත් කිරීම, වානිජමය නිෂ්පාදන අතර ඉතා වැදගත් ස්ථානයක් පොල්වලට හිමි වන හෙයින් පොල් සම්පත් සහ ඒවායේ පරිසරය තිරසාරව පවත්වා ගන්නා අතරම දළ දේශීය නිෂ්පාදිතයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන ලෙස පොල් කර්මාන්තය සහ පොල් සම්පත්වල සංවර්ධනය විධිමත් කොට ප්‍රවර්ධනය කිරීම උදෙසා අර්ථාන්විත පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා, කිතුල් කර්මාන්තය නගා සිටුවීම උදෙසා කිතුල් වගා කිරීම වැඩි කිරීම, ග්‍රාමීය කර්මාන්ත කෙරෙහි කිතුල් මගින් සිදු කරනා සුවිශාල දායකත්වය හේතු කොට ගෙන ග්‍රාමීය කර්මාන්ත සහ ග්‍රාමීය ප්‍රජාව නගා සිටුවීම පිණිස වගාවන් තුළ කිතුල් ගහනය වැඩි කිරීම සඳහා වන අපගේ දිරිය සැලසුමට අනුගතව නව කිතුල් වගාවන් සංඛ්‍යාව වැඩි කිරීම උදෙසා නිසි ක්‍රියාමාර්ග ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා, කජු වගාව වැඩි දියුණු කිරීම උදෙසා කටයුතු ආරම්භ කිරීම, කජු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකැසුම, අලෙවි කිරීම සහ වගා කිරීමට ආධාර කිරීම සහ එමගින් ප්‍රධාන පෙළේ, තත්වයෙන් උසස් සහ වටිනාකම එකතු කළ කජු නිෂ්පාදකයකු සහ අපනයනකරුවකු බවට පත්වීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීම පිණිස කජු වගාව වැඩි දියුණු කිරීම උදෙසා කටයුතු ආරම්භ කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා, සම්ප්‍රදායික කර්මාන්ත සංවර්ධනය කිරීම, අම්පාර දිස්ත්‍රික්කයේ අභාවයට යන සම්ප්‍රදායික කර්මාන්ත වන අත් යන්ත්‍ර පේෂ කර්මාන්තය, කුඹල් කර්මාන්තය, තල් කොළ හා පන් ගස්වලින් පෙට්ටි, වට්ටි හා පැදුරු විවීම, කොහු කර්මාන්තය හා වේවැල් කර්මාන්තය යනාදිය සංවර්ධනය කර, එම ප්‍රදේශයේ ජනතාවට රැකියා අවස්ථාවන් උදාකර දීමෙන් ඔවුන්ගේ ආදායම නංවාලීමට රජය කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු තිලංග සුමතිපාල මහතා, ආයුධ වෙළඳාම සඳහා විධිමත් පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම, ජාත්‍යන්තර වශයෙන්, කිසිදු පාලනයකින් තොරව ආයුධ වෙළඳාම ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව වැනි රටවලට ආයුධ ගලා ඒම සහ එම රටවල් තුළ අවිධිමත් ලෙස ආයුධ සංසරණයවීම, ජනසමාජයේ නිදහසට ඉමහත් බාධකයක් ද ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පත් රජයකට තර්ජනයක් හා බලපෑමක් මෙන්ම රට තුළ මත්ද්‍රව්‍ය සහ ගණිකා වෘත්තිය වැනි නීති විරෝධී ක්‍රියාකාරකම් පුළුල් වීම සඳහා හේතුවක්ද වී ඇත. ඉහත තත්ත්වය වළක්වාලමින් විනයගරුක, නීතිගරුක සහ සදාචාර සම්පන්න සමාජයක් ජනිත කිරීම මහින්ද චින්තන ඉදිරි දැක්මෙහි අපේක්ෂාවක් වන බැවින් ද, වර්තමාන ලෝකයේ බලාපොරොත්තුව අවි වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම මගින් සමාජ අරගල අවම කර සමාජ සුභ සාධනය සහතික කිරීම වන බැවින් ද, මෙම විෂමාචාරයන් පිටුදැකීම සඳහා ජාත්‍යන්තර ගිවිසුම්වලට හා ප්‍රඥප්තිවලට අදාළව දේශීය නීති පද්ධතියක් ස්ථාපිත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා, රට ඉඳි වගාව හඳුන්වාදීමේ හැකියාව විමසා බැලීම සඳහා පුළුල් අධ්‍යයනයක් සිදු කිරීම, රට ඉඳි ශාඛය (ෆීනික්ස් ඩැක්ටිලිෆෙරා) අප රටේ වගා කිරීම සම්බන්ධයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩිහි සිදු කරන ලද අත්හදා බැලීමක් සාර්ථක බව පෙනී ගොස් ඇති හෙයින්, අප රටේ ජනතාවට අපේම පොළවේ වවන ලද මෙම රසවත් පළතුර භුක්ති විඳීමට අවස්ථාව සලසනු පිණිස, රට ඉඳි වගාව හඳුන්වා දීමේ හැකියාව විමසා බලන පුළුල් අධ්‍යයනයක් සිදු කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, ගුවන් විදුලි විකාශ නියාමනය කිරීම, ගුවන් විදුලි විකාශ නියාමනය කිරීමේ ස්වාධීන අධිකාරියක් සංස්ථාගත කිරීම සඳහා නීති හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, රූපවාහිනී වැඩසටහන් විකාශය නියාමනය කිරීම, රූපවාහිනී වැඩසටහන් විකාශය නියාමනය කිරීමේ ස්වාධීන අධිකාරියක් සංස්ථාගත කිරීම සඳහා නීති හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, මහ නගර සභාවලට රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභා හඳුන්වා දීම, 2013 ජනවාරි මස 01 වැනි දින වන විට සෑම මහ නගර සභාවකම රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභා පිහිටුවීම සඳහා නීති හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, හිමිකම් පනත සම්මත කිරීම, මානව අභිමානය, සමානාත්මතාව සහ නිදහස යන ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් තහවුරු කරන දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන හිමිකම් පනත හා සමානව රටේ සියලු ජනතාවගේ හිමිකම් සහතික කරමින් එම පනතේ නිශ්චිතව දැක්වෙන සීමාවන්ට යටත්ව රාජ්‍යය විසින් ඒවා ගරු කළ යුතු, ආරක්ෂා කළ යුතු, ප්‍රවර්ධනය කළ යුතු හා ඉටුකර දිය යුතු බවට විධිවිධාන සලස්වන පනතක් ශ්‍රී ලංකාවේ සම්මත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු රවී කරුණානායක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ දීමනා ගෙවීම, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ වැටුප් සහ සේවක සංඛ්‍යා කොමිෂන් සභාව විසින් අනුමත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවහොත් හැර කිසිදු අමාත්‍යවරයෙකුට, නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කිසිදු විශේෂ දීමනාවක් නොගෙවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා, වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගය, 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනතේ 3 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය යටතේ, වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2012 මැයි 09 දිනැති අංක 1757/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2012.06.19 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය. අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ. අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත යටතේ තීරණය, 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 2(7) වගන්තිය අනුව එම කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ සහ එහි සාමාජිකයන්ගේ ඉන්ධන දීමනා 2012.05.01 දින සිට පහත සඳහන් පරිදි විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව තීරණය කරයි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාට මාසිකව පෙට්‍රල් හෝ ඩීසල් ලීටර් 225ක් සහ එහි සාමාජිකයන්ට මාසිකව පෙට්‍රල් හෝ ඩීසල් ලීටර් 170ක් සැපයීමට හෝ එම ප්‍රමාණයට සමානව වෙළඳපලේ පවත්නා මිල ගණන්වලට අනුරූපව දීමනාවක් ගෙවීමට කටයුතු කළ යුතුයැයි ද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාට සහ එහි සාමාජිකයන්ට ගෙවිය යුතු ඉන්ධන දීමනා සම්බන්ධයෙන් මීට පෙර පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවන්ගෙන් තීරණය කරන ලද ඉන්ධන දීමනා වෙනුවට මෙම යෝජනාවෙන් තීරණය කරනු ලබන ඉන්ධන දීමනා ආදේශ විය යුතුයැයි ද, මෙම පාර්ලිමේන්තුව තවදුරටත් තීරණය කරයි. අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ. පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත. කාරක සභාව. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත. කාරක සභාව. ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමා, හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග, 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 60 සහ 62 වැනි වගන්ති සමඟ කියවිය යුතු, එකී පනතේ 67 වැනි වගන්තිය යටතේ ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2009 අගෝස්තු 24 දිනැති, අංක 1616/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2010.05.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය. අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ. අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා, සුරාබදු ආඥාපනත යටතේ නියමය, සුරාබදු ආඥාපනතේ 25 වැනි වගන්තිය යටතේ, සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමතිය ලත් හෝටල් තුළ මධ්‍යසාර භාවිතය සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2011 ජනවාරි 21 දිනැති අංක 1689/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2011.02.10 දින ඉදිරිපත්කරන ලද නියමය අනුමත කළ යුතු ය. අංක 935 දරන සුරාබදු නිවේදනය. අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ. ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යතුමා, වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ නියමය, වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තියේ (1) වැනි උපවගන්තිය යටතේ ගොවිජන සේවා හා වනජීවි අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2011 දෙසැම්බර් 06 දිනැති අංක 1735/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2011.12.13 දින ඉදිරිපත් කළ නියමය අනුමත කළ යුතු ය. ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සලකා බැලීම. රාජ්‍ය සේවක සංවර්ධන මූල්‍ය සංස්ථාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සලකා බැලීම. රණ කලා ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සලකා බැලීම. වාචික පිළිතුරු අපේක්ෂා නොකරන ප්‍රශ්න ගරු දයාසිරි ජයසේකර මහතා, සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට, 2011 වර්ෂය සඳහා ලක් සතොස ආයතන වෙත පරිප්පු සපයනු ලැබූ සැපයුම්කරු හෝ සැපයුම්කරුවන්ගේ නම්, ලිපිනයන් හා ව්‍යාපාර නාමයන් කවරේද; එම සැපයුම්කරුවන් තෝරා ගැනීමේදී පිළිගත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනයකර තිබේද; එසේ නම්, එම ටෙන්ඩරය සඳහා මිල ගණන් ඉදිරිපත් කළ අනෙකුත් ඉල්ලුම්කරුවන්ගේ නම් සහ ලිපිනයන් කවරේද; එම ටෙන්ඩරය අනුව සැපයුම්කරුවන් විසින් පරිප්පු සැපයීම සිදුකළ යුතු කාල සීමාව කවරේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු දයාසිරි ජයසේකර මහතා, සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට, 2011 වර්ෂය සඳහා ලක් සතොස ආයතන වෙත සීනි සපයනු ලැබූ සැපයුම්කරු හෝ සැපයුම්කරුවන්ගේ නම්, ලිපිනයන් හා ව්‍යාපාර නාමයන් කවරේද; එම සැපයුම්කරුවන් තෝරා ගැනීමේදී පිළිගත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනයකර තිබේද; එසේ නම්, එම ටෙන්ඩරය සඳහා මිල ගණන් ඉදිරිපත් කළ අනෙකුත් ඉල්ලුම්කරුවන්ගේ නම් සහ ලිපිනයන් කවරේද; එම ටෙන්ඩරය අනුව සැපයුම්කරුවන් විසින් සීනි සැපයීම සිදුකළ යුතු කාල සීමාව කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු දයාසිරි ජයසේකර මහතා, සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට, 2011 වර්ෂය සඳහා ලක් සතොස ආයතන වෙත බිත්තර සපයනු ලැබූ සැපයුම්කරු හෝ සැපයුම්කරුවන්ගේ නම්, ලිපිනයන් හා ව්‍යාපාර නාමයන් කවරේද; එම සැපයුම්කරුවන් තෝරා ගැනීමේදී පිළිගත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර තිබේද; එසේ නම්, එම ටෙන්ඩරය සඳහා මිල ගණන් ඉදිරිපත් කළ අනෙකුත් ඉල්ලුම්කරුවන්ගේ නම් සහ ලිපිනයන් කවරේද; එම ටෙන්ඩරය අනුව සැපයුම්කරුවන් විසින් බිත්තර සැපයීම සිදුකළ යුතු කාල සීමාව කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු දයාසිරි ජයසේකර මහතා, සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට, ශ්‍රී ලංකාවේ ලක් සතොස ආයතන පිහිටුවා ඇති ස්ථාන කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? 2011 වර්ෂය සඳහා ලක් සතොස ආයතන වෙත කුකුල් මස් සපයනු ලැබූ සැපයුම්කරු හෝ සැපයුම්කරුවන්ගේ නම්, ලිපිනයන් හා ව්‍යාපාර නාමයන් කවරේද; එම සැපයුම්කරුවන් තෝරා ගැනීමේදී පිළිගත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනයකර තිබේද; එසේ නම්, එම ටෙන්ඩරය සඳහා මිල ගණන් ඉදිරිපත් කළ අනෙකුත් ඉල්ලුම්කරුවන්ගේ නම් සහ ලිපිනයන් කවරේද; එම ටෙන්ඩරය අනුව සැපයුම්කරුවන් විසින් කුකුල් මස් සැපයීම සිදුකළ යුතු කාල සීමාව කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, වර්ෂ 1990 සිට 2011 දක්වා කාල සීමාව තුළදී අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ලබා දී ඇති පත්වීම් සංඛ්‍යාව එක් එක් තනතුරු නාමය අනුව, දිස්ත්‍රික් මට්ටමින්, වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? අවසන් වරට සිදුකරන ලද ගුරු වැටුප් සංශෝධනය අනුව ගුරු සේවයේ එක් එක් ශ්‍රේණිය සඳහා හිමි මුලික මාසික වැටුප වෙන් වෙන් වශයෙන් කවරේද; රජයේ ගුරුවරුන්ට මාසික වැටුපට අමතරව හිමිවන වරප්‍රසාද හා දීමනා ගුරු සේවයේ එක් එක් ශ්‍රේණිය අනුව, වෙන් වෙන් වශයෙන් කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද? ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, වර්ෂ 1990 සිට 2011 දක්වා කාල සීමාව තුළ ඩෙංගු වැළදීම, රිය අනතුරු, සියදිවි නසා ගැනීම, ආහාර විෂවීම, කායික හෝ මානසික අතවරයන්ට ලක්වීම යන හේතු මත රෝහල් ගත කළ / මිය ගිය පාසල් ළමුන් සංඛ්‍යාව සහ ඔවුන් අයත් පාසල් වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කවරේද; පසුගිය වර්ෂය තුළ විවිධ වරදවල් යටතේ චෝදනා ලබා ළමා අධිකරණයට යොමු කර ඇති පාසල් සිසුන් සංඛ්‍යාව, ඔවුන් අයත්වන වයස් කාණ්ඩය හා පාසල අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සදහන් කරන්නෙහිද? නොඑසේ නම්, ඒ මන්ද?